කැෆේ සංවිධානය නැගෙනහිර ආණ්ඩුකාරවරයාට ලියයි
Posted on February 24th, 2015

කැෆේ සංවිධානය

නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් අමත්‍යවරුන්ගේ බලය සියතට ගැනීම සම්බන්ධයෙන්  කැෆේ සංවිධානය නැගෙනහිර ආණ්ඩුකාර වරයා වෙත ලිපියක් යොමු කර ඇත.  එම පළාත් සභාවේ සියලු බලතල ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඒකරාශී කරගෙන ඇති බවත් මෙය බලය බෙදා හැරීමේ මුලික සිද්ධාන්තය විකෘති කිරීමක් බවත් සංවේදී ජනවාර්ගිය පදනමක් සහිත පලාතක විනිවිද භාවයකින් යුතුව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවෙහි යෙදවීමේ වැදගත්කම  කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙම ලිපිය මඟින් දන්වා තිබේ.

එම ලිපිය මේ සමඟ අමුණා ඇත.

2015 පෙබරවාරි 24 වෙනිදා

 ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා,

ගරු ආණ්ඩුකාරතුමා,

නැගෙනහිර පළාත් සභාව,

පළාත්සභාකාර්යාලය
ත්‍රිකුණාමලය.

 ගරු ආණ්ඩුකාරතුමනි,

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත සියලු අමාත්‍ය බලතල ගොනුවීම සම්බන්ධයෙනි.

නැගෙනහිර පළාත් සභාවේ නව ප්‍රධාන ඇමතිවරයා ලෙස පත්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උප නායක නසීර් අහමඩ් පළාත් සභාවේ සියලුම අමාත්‍යධූර තමන්ගේ යටතේ තබාගනිමින් අනෙක් අමාත්‍යධූර පත් නොකිරීම සම්බන්ධයෙන් ඔබගේ කඩිනම් අවධානය යොමු කරනු කැමැත්තෙමි.

නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමතිවරයා පළාත් සභා පනතේ විධි විධාන අනුව පත් කළ යුතු අමාත්‍යධූර හතර සදහා මහජන නියෝජිතයින් පත් නොකර තමන් යටතේ පළාත් අමාත්‍යාංශ සියල්ලේම බලතල තමා යටතේ පවත්වා ගෙන යයි.  මෙම තත්වය බලය බෙදාහැරීම පිළිබද මූලික නිර්ණායක උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි.

පළාත් සභා පනතට අනුව මහ ඇමතිවරයා හා තවත් ඇමතිවරු හතර දෙනෙක් පත් කිරීමට හැකියාව පවතී.  ලංකා පළාත් සභා ඉතිහාසය පූරාම එය ප්‍රායෝගික ව්‍යවහාරයක් බවට පත් කළේය.    පළාත් සභා ක්‍රමය ඇති කරනු ලැබුවේම බලය බෙදා හැරීමේ සංකල්පය මත පදනම් වෙමිනි. එබැවින්, එක් පුද්ගයෙකු අතට එම බලය පත්වීම පළාත් සභා ක්‍රමයේ විකෘතියක් බවට පත්වේ. 

නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබාගැනීමෙන් පසුව අය වැය ලේඛණය සකස් කරන තෙක් තමන් අනෙක් අමාත්‍යධූර තබාගන්නා බව වත්මන් මහ ඇමතිවරයා ප්‍රකාශ කර තිබූ බව වාර්තා විය.  ජාතික ආණ්ඩු සංකල්පය අනුව යමින් නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යධූර බෙදාදෙන බව මහ ඇමතිවරයා ජනමාධ්‍යයට පවසා ඇති නමුත්, මේ වන තෙක් අනෙක් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර අමාත්‍යධූර ලබාදීමට අවශ්‍ය මූලික පියවරවත් නොගැනීම බරපතල ගැටලු මතුකරන්නකි.  නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබාදීමට මැදිහත්වූ පාර්ශවයන්ද මේ වන විට මෙය බරපතල ලෙස ප්‍රශ්ණ කරයි. 

නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන තිස් හතෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතුවන්නේ මන්ත්‍රී ආසන හතක් පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන දාහතරක් ද දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ආසන එකොළහක් ද හිමිය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතුවන්නේ මන්ත්‍රී ආසන හතක් පමණි. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන හතරක් හා ජාතික නිදහස් පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් හිමිවී තිබේ. මන්ත්‍රී ආසන හතක් පමණක් හිමි පක්ෂයේ එක් පුද්ගලයෙක් පළාත් සභාවේ සම්පූර්ණ විධායක බලය හැසිරවීම බරපතල ප්‍රශ්ණකාරී තත්වයකි.

නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යාංශවලින් හා ආණ්ඩුකාරවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් එක් කරගත් මහ ඇමැතිවරයා එක් මන්ත්‍රීවරයෙක්ට රුපියල් මිලියනයක් බැගින් බෙදාහැරීමට කටයුතු කරමින් සිටී. ආණ්ඩුකාරවරයාගේ වැය ශීර්ෂයෙන් පමණක් රුපියල් මිලියන දෙකක මුදලක් ලබාගෙන ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස මුදල් වෙන් කිරීමටය. මන්ත්‍රීවරුන්ට සන්තෝසමක් ලෙස මෙම මුදල් ලබාදීමට උත්සාහ කරන බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි.  සභාවේ සම්මත වූ අය වැය ප්‍රකාශනයකට පරිබාහිරව අමාත්‍යාංශය සහ ආණ්ඩුකාරවරයාගේ වැය ශිර්ෂයන්ගෙන් ප්‍රධාන අමාත්‍යවරයෙකු මුදල් හුවමාරු කිරීමට උපදෙස් ලබාදී ඇති බව දැන ගැනීමෙන් අප මවිතයට පත්වීමු.

2012 දී පැවති මැතිවරණයෙන් පසුව නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ අතර වසර දෙකහමාරකින් මහ ඇමැතිධූරය හා අමාත්‍යධූර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබාදීමට එකගතාවයක් ඇතිව තිබුණි. එක්සත් ජනතා නිදහස්  සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ජාතික නිදහස් පෙරමුණ එක්ව නැගෙනහිර පළාත් සභාවේ පාලනය පසුගිය වසර දෙකහමාර තුළ මෙහෙයවීය. අබ්දුල් මජීඩ් මහ ඇමැතිවරයා ලෙස එම කාලයේදී කටයුතු කළේය. නව මහ ඇමැතිවරයා පත්වීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අමාත්‍යධුර තුනක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රයටය එක් අමාත්‍යධුරයක්ද හිමිව තිබුණේය.

ජනාධිපතිවරණයෙන් පසුව මතුවූ නව දේශපාලන ප්‍රවනතාවය සමගින් සන්ධාන ආරණ්ඩුව පොරොන්දුවූ පරිදි මහ ඇමැතිධූරය තමන්ට අවශ්‍ය බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කළ අතර ඒ අනුව ප්‍රධාන අමාත්‍යධූරය ඔවුන්ට ලබාදුන්නේය. පළාත් සභාවේ මන්ත්‍රීවරු දිවුරුම් පෙත්සම් ලබාදෙමින් නසීර් අහමඩ්ට මහ ඇමැතිධූරය ලබාදීමට අවශ්‍ය සහාය ලබාදෙන බව පැවසුවේය.  එහෙත් මේ වන තෙක් අමාත්‍යධූර පත් නොකිරීමේ ගැටලුව මතුකරමින් පෙර ලබාදී තිබූ දිවුරුම් පෙත්සම් ඉවත් කරගන්නා බව නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ අනතුරු අගවා තිබේ. 

නැගෙනහිර පළාත් සභාව ජනවාර්ගික සංයුතිය අතින් ද අතිශයින් සංවේදී පළාත කි.  ‘‘යුක්තිය ඉටුවනවා පමණක් නොව යුක්තිය ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතුය‘ යන සංකල්පය අනුව කටයුතු කිරීම ඉතා වැදගත්වන්නේ මේ සංවේදී බව නිසාමය. 

මතුව ඇති තත්වය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ බලය බෙදීමේ මුලික සංකල්ප අනුව යමින් විසදා ගැනීම සදහා මැදිහත්වන ලෙස ඉතාමත් ගෙ රවයෙන් ඉල්ලා සිටිමු. පරිණත සිවිල් පරිපාලකයෙකු ලෙස ලද අත්දැකීම් සහිතව ආණ්ඩුකාර ධූරයේ කටයුතු කරන ඔබතුමන් තරම් හොදින් මෙම කටයුත්තට මැදිහත් විය හැකි වෙනත් අයෙකු නොවන බව අප සංවිධානයේ විශ්වාසය බව ද මෙහිලා සදහන් කරන්නෙමු.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධාකය අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

  1. පිටපත් අතිගරු ජනාධිපතිතුමා
  2. ගරු අග්‍රාමත්‍යතුමා
  3. ගරු ප්‍රධාන අමාත්‍යතුමා/නැගෙනහිර පළාත් සභාව
  4. ගරු නායකතුමා/ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය
  5. ගරු නායකතුමා/ද්‍රවිඩ ජාතික සන්ධානය
  6. නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ලා

February 24, 2015.

 

Hon. Austin Fernando,

Governor,

Eastern Provincial Council,

Provincial Council Secretariat,

Trincomalee.

 

Honourable Governor,

Centralization of power by EPC Chief Minister

The newly appointed Chief Minister of the Eastern Provincial Council (EPC) and Deputy Leader of Sri Lanka Muslim Congress (SLMC) Nazir Ahmad has not appointed any ministers to the EPC and has centralized all the power with him.

I would like to kindly direct your attention on the fact that Mr. Ahmed has not so far appointed the four ministers, as prescribed by the Provincial Councils Act and that this is a violation of the basic principles of the devolution of power.

The Act states that a chief minister and four ministers can be appointed and all PCs in Sri Lanka have four ministers. The PC system was created to decentralize power from the centre and when a Chief Minister does not appoint ministers and keeps all the power to himself, it’s a violation of the objectives in establishing a provincial council.

The current Chief Minister, appointed after the SLMC obtained power at the EPC, stated that he will not appoint ministers until the budget is prepared and that he will divide the ministerial portfolios in a manner similar to a national government. However he has not taken steps to discuss this matter with other political parties and even forces which ensured SLMC obtain power in the EPC are puzzled by this.

SLMC has only seven seats out of the 37 seats of the EPC. UPFA has 14 seats; TNA has 11 seats while UNP and NFF have four and one seats respectively. Given this context it is absurd to have a person representing only seven councillors having complete executive powers of the EPC.

The Chief Minister, who gathered funds from the provincial ministries and governor, is now distributing Rs. 1 million among each councillor. CaFFE believes that this is an attempt to pacify councillors and we are surprised by the fact that the Chief Minister is authorizing transactions outside a budget document passed by the EPC.  We believe that you will remedy this unconstitutional act.

After the 2012 elections the UPFA held the power of the EPC with the agreement that that the Chief Ministerial position and ministerial positions to the SLMC after two and a half years. Thus UPFA, SLMC and NFF held the power of the EPC until a few months ago. Before the new Chief Minister was appointed, the UPFA held three ministerial portfolios while SLMC held one.

After the January 8 presidential election, SLMC again demanded the UPFA to honour its promises and the UPFA acceded. EPC members presented affidavits to the governor saying that they support Ahmed and the SLMC. However as he has not appointed ministers, some councillors like WD Weerasinghe have threatened to withdraw their support.

Eastern Province is a sensitive demographical area and in such a province the implementation of Gordon Hewart’s, dictum that ‘Not only must Justice be done; it must also be seen to be done’ is important.

CaFFE urges the relevant parties to resolve the current crisis adhering to the principles of democracy and devolution and as an experienced administrator and a person respected by all, I believe that you are the best person to mediate and resolve the issue.

Yours sincerely,

 

 

Rajith Keerthi Tennakoon,

Executive Director- CaFFE

 

CC – 1. HE the President

  1. Hon Prime Minister
  2. Hon Chief Minster – EPC
  3. Hon Leader – SLMC
  4. Hon Leader – TNA
  5. All EPC members

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress