රනිල් පික්පොකට් අගමැති කෙනෙක්
Posted on February 25th, 2015

නලින් ද සිල්වා 

 

රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇත්තේ නීත්‍යානුකූල ව නොවේ. ඔහු අගමැතිකම ගැටකැපූ අයෙකු බව පැහැදිලි ය. මේ ආණ්ඩුව නී්‍යානුකූල ද යන මැයෙන් කලින් පළවූ ලිපියක් සුළු සංශෝධන සහිත ව නැවත පළකරන්නේ ඇතැමුන්ගේ ඉල්ලීම පරිදි ය. 

 

අප මේ වෙබ් අඩවියෙහි කිහිප විටක් ම සඳහන් කර ඇත්තේ පසුගිය ජනවාරි 8 වැනි දා පවත්වන ලද්දේ ජනාධිපතිවරණයක් මිස මහා මැතිවරණයක් නොවන බව ය. ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට මිස අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට නො වේ. එහෙත් කිසිවකු, විශේෂයෙන් තමන් සියල්ල දන්නේ යැයි සිතන ඊනියා පක්‍ෂ නායකයන් ඇතුළු ඇතැම් දේශපාලනඥයන්, බියගුළු ඇතැම් නීතිඥයන් ආදීන් අප කියන කරුණු සතපහකටවත් මායිම් නොකරණ බව පැහැදිලි ය. දහදෙනකු සිටින පක්‍ෂයක ඊනියා පක්‍ෂ නායකයන් ද සිතන්නේ තමන් කියන දෙයට සෙසු අය සවන් දිය යුතු බවත් තමන් අප වැන්නන්ට සවන් දීමට අවශ්‍ය නැති බවත් ය. ඔවුන් වෙනුවෙන් මේ වෙබ් අඩවිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැති වුවත් මේ කරුණු ඉතා සුළු පිරිසකට වුවත් වැඩදායක වේ යැයි සිතන බැවින් තව ටික කලකට ලිවීමට අදහස් කරමි. 

 

පහත දැක්වෙන්නේ නීතිඥයකු හෝ දේශපාලනඥයකු හෝ නොවන මට හැඟෙන දේ ය. ඒ වැරදි විය හැකි ය. එහෙත් ඒ අදහස් ගැන සාකච්ඡාවක් නොවීම කණගාටුදායක ය. මේ ලිපිය ලිවීමට නිමිත්ත වූයේ ජෝන් අමරතුංගට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට රනිල් වික්‍රමසිංහ කරන තර්ජනය ය. මම ඇතැම් පඬියන් මෙන්  ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝග ගෙන ආ යුතු යැයි නො කියමි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය ඡන්්ද ප්‍රමාණය නැත. එහෙත් මේ පඬියන් සිතන්නේ ව්‍යවස්ථාව කියවීමට අවශ්‍ය නැති බවත් සාමාන්‍ය බුද්ධියෙන් සියල්ල කරගත හැකි බවත් ය. මේ අයට ඇත්තේ ඉතාමත් සාමාන්‍ය බුද්ධියක් බව පැහැදිලි ය.

 

අද තිබෙන ආණ්ඩුව, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. කැබිනට් මණ්ඩලය පත්කිරීම, විසුරුවා හැරීම ගැන කියැවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 43, 44, 47, 48, 49 වැනි ව්‍යවස්ථාවල ය. කැබිනට් නොවන ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් ගැන 45 හා 46 වැනි ව්‍යවස්ථාවල සඳහන් වෙයි. මේ එක් ව්‍යවස්ථාවකවත් එක් ජනාධිපති කෙනකු නායකත්වය දරණ කැබිනට් මණ්ඩලයක් තිබිය දී  වෙනත් ජනාධිපතිවරයකු පත්වුවහොත් ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි සඳහන් නො වේ. නව ජනාධිපතිවරයකු පත් වූ පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන බව හෝ විසුරුවා හැරෙන බව හෝ ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ. එහෙත් ඉතා පැහැදිලිව 49 (1) ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ අගමැති තම පදවිය දැරීමෙන් ඉවත් වුවහොත් ඒ සමග කැබිනට් මණ්ඩලය ද විසුරුවෙන බව ය. එහෙත් 43 (2) ව්‍යවස්ථාව යටතේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිණි ද ජනාධිපති තම  කාර්යයන්හි නිරත වෙයි. 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එක් ජනාධිපති කෙනකු ඉවත් වී (කෙරී) වෙනත් ජනාධිපතිවරයකු පත්වීමෙන් පසුව කැබිනට් මණ්ඩලය ඉවත්වෙන බව හෝ විසුරුවා හැරෙන බව හෝ සඳහන් නොවීමෙන් කියැවෙන්නේ තිබූ කැබිනට් මණ්ඩලය අගමැති ද සමගින් දිගට ම ක්‍රියාත්මක වන බව ය. ඒ සඳහා වෙනත් අර්ථකථනයක් දිය හැකි යැයි නො සිතමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට හැක්කේ ශ්‍රෙෂ්ඨාධිකරණයට පමණ ය. එහෙත්  එය ඊනියා නිරපේක්‍ෂ වාස්තවික අර්ථනිරූපණයක් නොවන බව පමණක් කිව හැකි ය. ඒ සියල්ල සාපේක්‍ෂ වන බැවිනි. 

 

වත්මන් ජනාධිපති පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය හෝ අගමැති හෝ අස් නො වී ය. එපමණක් නොව ඔවුහු අස්කරනු නො ලැබූහ. එයින් කියැවෙන්නේ වත්මන් ජනාධිපති  දිවුරුම් දීමෙන් පසුව ද  කැබිනට් මණ්ඩලය දිගට ම ක්‍රියාත්මක වූ බව ය. සිදු වූ එකම වෙනස වූයේ කැබිනට් මණ්ඩලයේ නායකත්වයට වෙනත් අයකු පත්වීම පමණ ය. 

 

43 (3) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි යැයි තමා සිතන පුද්ගලයාව අගමැති ලෙස පත්කළ හැකි ය. මම එයට අභියෝග නොකරමි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු නො වේ. එහෙත් එසේ පුද්ගලයකු අගමැති ලෙස පත්කළ හැක්කේ අගමැති ධුරය හිස්ව පවතින්නේ නම් පමණකි. එසේ වුවත් නව ජනාධිපති එම පදවියේ දිවුරුම් දෙන විට (ඒ සියල්ල නීත්‍යානුකූල ව සිදුවිණි යැයි උපකල්පනය කරමින්) අගමැතිවරයෙක් සිටියේ ය. කැබිනට් මණ්ඩලයක් ද ක්‍රියාත්මක විය. එවිට ජනාධිපතිට 43 (3) ව්‍යවසාථාව යටතේ වෙනත් අයකු අගමැති ලෙස පත්කළ නො හැකි ය. කඩිමුඩයේ අගමැති කෙනකු පත්නොකර ජනාධිපති කළ යුතුව තිබුණේ පළමුව 47 (අ) ව්‍යවස්ථාව යටතේ දි මු ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කිරීම ය. එසේ නොකළ බැවින් ඔහු අදටත් නීත්‍යානුකූල අගමැති වන අතර අනෙක් ඇමතිවරු නීත්‍යානුකූල ව තමන් දැරූ තනතුරු දරති. එසේ ඉවත් නොකර පත්කරන ලද අගමැති නී්‍යානුකූල වන්නේ කෙසේ ද?

 

දැන් යමකුට තර්ක කළ හැක්කේ 44 (1) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට කලින් කලට ඇමති ධුර සංඛ්‍යාව නියම කර අමාත්‍යාංශ වෙන්කර ඇමතිවරුන් පත්කිරීමට ප්‍රතිපාදන ඇති බව ය. එහෙත් එසේ කළ හැක්කේ නීත්‍යානුකූල ව පත්කරන ලද අගමැතිවරයකු සිටින විට ය.   ඒ ව්‍යවස්ථාව යටතේ ඇමතිවරුන් පත්කිරීමේ දී  අගමැති විමසුවත් නැතත් අගමැතිවරයකු සිටිය යුතු ය. එහෙත් ජනාධිපති අගමැති ලෙස පිළිගත්තේ නී්‍යානුකූල අගමැති දි මු ජයරත්න නොව ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව පත්කරන ලද පුද්ගලයකු ය. ඒ පිළිගැනීම ම වැරදි ය. එබැවින් ජනාධිපති විසින් පත්කරන ලද ඇමතිවරු ද නීත්‍යානුකූල නැත.

 

ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් නොවන්නට මේ වන විටත් රනිල් සහ අනෙක් ඇමතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඔවුන් ඇමති ධුරවලින් ඉවත්කර සංධාන ආණ්ඩුවක් පිහිටුවා අවසන් ය. 

 

නලින් ද සිල්වා 

 

2005 පෙබරවාරි 25 

12 Responses to “රනිල් පික්පොකට් අගමැති කෙනෙක්”

  1. Wickrama Says:

    Sri Lanka has become the only country to have

    TWO Prime ministers (One legitimate, one illegal),

    TWO oppositions (One FOR the Govt/President, the other for the “Opposition”) and,

    THREE Chief Justices, including one ONE-DAY CJ (influence of one-day cricket ?) and one doing absolutely nothing!

  2. ranjit Says:

    Dear Professor don’t stop writing although there are only few give comments millions are reading your valuable articles in this country and abroad. People who love this country do not have any way of knowing the truth these days therefore people like you must keep on writing atleast people get some valuable information by reading these articles. We appreciate very much of your writings and we know that you are fighting on behalf of the Sinhala Buddhists and not to get famous for your own self. You make us strong and we owe our lives for people like you and others who work tirelessly to wake up the Sinhala Buddhists who fights each other than thinking how to save the country from local and Foreign traitors to the Motherland.

    We know that this Yahapalanaya is the most crooked,most vicious,most ungrateful,most inexperienced,most Christians,and most unpopular Govt we had for a long time. They will never ever save the Sinhala nation from invaders or terrorists but will support and help to destroy the Sinhala Buddhists or divide them and allow them to kill each other. This Yankee backed Christian Govt won’t do any good to Sinhala Buddhists.They already have started to raid temples and worship places and openly threaten Buddhist priests while Christian Bishops and Muslims protests freely against the Sinhalese. Why no one protests against this illegal Govt who appointed themselves as Ministers and Junior Ministers etc. I cannot understand the Sinhala Buddhists although I too is a Sinhala Buddhist. Sad very much about the situation in my beloved country.

  3. Dr.K Says:

    ආචාර්ය නලින්ද සිල්වාට

    ඔබ දැනට විශ්වවිද්‍යාල මහාචාර්ය තනතුරක් නොදරන නිසා එසේ ආමන්ත්‍රණය නොකෙලෙමි . කෙසේ ආමන්ත්‍රණය කලද ඔබ එය සතපහකටවත් ගණන් නොගන්න බව මම දනිමි. ඒ ඔබවිසින් ලංකාවෙබ් අඩවියේ ස්වාදීනව පලකරන සියලුම ලිපි ඇල්මකින් කියවීමේදී මගේ සිත තුල ඔබට දී ඇති තක්සේරුව අනුවය.

    ඔබගේ ලිපි කියවන බොහෝදෙනා සිටින බව මම දනිමි. ඒවා තුල බොරුවට, මුලාවට හා සර්වපිත්තල සැරසිලි කාරයින්ට ඉඩක් නැති බැවින් එකී ගුණවලින් යුත් එවුන් ඒවා කියෙව්වත් නොදැක්කාමෙන් සිටීමට පුරුදුවී ඇත. එය එසේවුවත් එම ලිපි තුලින් ශ්‍රිලාන්කික සමාජයේ කැපෙන තැන් කැපිගොස් ඇබෙරෙන තැන් ඇබරි ගොස් රිදෙන තැන් රිදීගොස් අවසාන වශයෙන් ජනසමාජය ඔපමට්ටම් වන්නේනම් ඔබේ පරමාර්ථය ඉටුවන්නේය. එනිසා නොනවතා ලියන එක කරගෙන යන ලෙස ඉල්ලමි. කොහොම උනත් වෙදාගෙ බෙහෙත් තිත්තයි කියල මිනිස්සු කිවුවට වූවමනා එකා ඒක අමාරුවෙන් හරි බිලා ලෙඩේ සුව කරගත්තොත් ඒක වටිනවනේ.

  4. SenaD Says:

    ranjit Says:
    February 24th, 2015 at 9:35 pm
    “Dear Professor don’t stop writing although there are only few give comments millions are reading your valuable articles in this country and abroad.”

    I totally agree with you.

    On my part I find Professor NdeS’s writings leave nothing to add on the subjects being discussed in addition to their having been written in clear language.

    The last paragraph, “ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් නොවන්නට මේ වන විටත් රනිල් සහ අනෙක් ඇමතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඔවුන් ඇමති ධුරවලින් ඉවත්කර සංධාන ආණ්ඩුවක් පිහිටුවා අවසන් ය.”, says clearly why we still have this govt of RW.

    Everyone who knows anything about how the parliament works knows it and that is the tragedy we are living through now.

  5. Senevirath Says:

    දිගටම ලියන්න අපට ඔබ අවශ්ශය් ඔබ අන්තවාදියෙකය් කියන සුලුපිරිසට බුදුදහමට වඩා බටහිර විද්‍යාව මහාර්ඝය ඔවුන් ඉන් මත්වී ඇත .ගුං යානාවක වත් ඔබ ගොස් අත්තෙදය් සමහරු අසති සසෙක්ස් ගියේ පයින් නොවේ යය ඔවුන්ට තේරෙන්නේ නැතුවා විය හැක. අහසින් එර්දියෙන් යන හැටි තේරුම් ගියදාට ඔවුන් පසු බසිය් මම නම් ඔබගේ ලිපි 90% ක් ම කියවා ඇත . ඇත්තටම මම ජාතිකත්වය තේරුම් ගත්තේ ඔබ නිසය් දිගායු වේවා

  6. Senevirath Says:

    නිවැරදි ”ගුවන් යානයක”’

  7. Raj Says:

    Also I suggest readers to subscribe to his emails and forward to as many people as they can.

  8. Samanthi Says:

    It is great that Prof. Nalin De Silva started writing again very frequently.
    I learnt that many people don’t read Iridha Divaina after his “Dekma” was removed from publishing. Instead, many people now read “Rivira”. If Rivira wants to get a good readership, it must give a prominence place in it to Prof. De Silva’s articles.

  9. Independent Says:

    I believe a lot of readers will be interested in helping Nalin by sending your arguments. I too like to see how the arguments go

    Prof. Nalin de Silva, Bengamuwe Nalaka Thera and the other ‘patriots,’ who are now holding seminars island wide titled ‘Country without Mahinda’, on February 24 challenged prime minister Ranil Wickremesinghe for a public debate on ‘communalism and nationalism.’ De Silva went onto say, “Ranil may be younger to me. I am a small man. No. No. Cannot say that either. Ranil became the prime minister by pick-pocketing the premiership. He is holding meetings and accusing us of being communalists. I publicly challenge Ranil to come for a public debate with me on communalism and nationalism.”

    We do not know what the premier’s response to that would be. Ranil should respond to the charge that he had pick-pocked the premiership. We are smaller men than Ranil and Nalin, but we are prepared for a debate with the professor on ‘communalism and nationalism.’ For that, we will not lay down any precondition. He can choose any print media in Sri Lanka as he wishes, in order to state his opinion. We only request that we be sent with a copy of his article to our email This email address is being protected from spambots. You need JavaScript enabled to view it..”>editor@lankanewsweb.com. We will respond to that.

    The main objective of our effort is to practically resolve the theoretical issue of the intentional complication of communalism and nationalism. Also, our final aim is to open up to the Sri Lankan society the truth behind the empty shell called Mahinda Rajapaksa that has been much hyped by the media. Professor, we are ready. It is your turn now.

  10. Cerberus Says:

    There was plenty of evidence that the Presidential election was rigged. I am surprised that none of the people who are trying to bring back Mahinda thought of filing a court case about the rigged election. There were two articles written by Dirook Kannangara (See below) which showed that that number of voters in Jaffna, Vanni, Nuwara Eliya etc had gone by by almost 91% in some areas compared to the numbers who voted in 2010. I cannot understand why no one has brought this to courts with the proper evidence. If it can be proven in court or by the Election Commissioner that the election was rigged then the whole election is null and void and Mahinda reverts to being the President. Can someone please tell me why this was not done.

    http://www.lankaweb.com/news/items/2015/02/01/astronomical-increase-in-number-of-voters-2010-vs-2015-in-tamil-areas-how-is-it-possible/

    http://www.lankaweb.com/news/items/2015/01/19/did-sirisena-win-by-election-fraud-a-possible-challenge-at-the-supreme-court/

  11. Independent Says:

    Cerberuse,

    I agree with you 100%. This must be investigated.
    Increase for Jaffna and Vanni is 160000+75000 =235 000 which is due to 235 000 double voting by Tamils, voting in Colombo early in the morning and quickly taking Yarl Devi and voting again in Jaffna and Vanni.

    Surely someone organised 23 Yarl Devis on the January 8ht ( each train has a capacity of 429 passengers but we can assume Tamils Sardine Packed themselves for a big cause.
    This is very easy to check, just find out who organised the 23 trains and under whose instructions.

  12. LANKAPUTHRA Says:

    I have a problem with Professor Nalin De Silva. I don’t’ think he reads comments for his articles on Lanka web!. Why can’t he write them in English when he publishes on Lanka web. I have been out of SL for 45 years. I can read and understand Sinhala. But when it comes to writing I cannot do well. I do not have a Sinhala key board.
    1, Cerberus, I agree with you 100%. The comment you added are excellent. Why Can’t we talk about the Election Commissioner? We all agree the election was rigged. Now what are the average Sri Lankan in Sri Lanka can do? May be nothing because Ranil says he is the KING and Obama is the emperor.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress