පහළොවේ දුර්භාග්‍යය
Posted on March 1st, 2015

නලින් ද සිල්වා

1815 මාර්තු දෙවැනි දා අපට නිදහස අහිමි විය. මේ ලිපිය 1815, 1915 හා 2015 ගැන ය. මේ වසර තුන ම සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ දුර්භාග්‍යය සනිටුහන් කළේ ය. ඒ සියල්ල පිටුපස සිටියෝ ඉංගිරිසිහු ය. ඉදිරියටත් මෙවැනි සිද්ධිවලට අපට මුහුණ පෑමට ඇති බැවින් ඉංගිරිසින් ක්‍රියා කරන ආකාරය ගැන යම් දැනුමක් ලබාගෙන තිබිය යුතු ය. 
 
සිංහලේ රජකමට 1798 දී කන්නසාමි පත්වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ය. ඔහු වඩිග හෙවත් නායක්කාර් රජෙකි.  එහෙත් එයින් කියැවෙන්නේ ඔහු සිංහල රජකු නොවූ බව නො වේ. සිංහලේ විවිධ රජවරු රජකළහ. යක්‍ෂ, නාග, අර්ධ නාග, මෞර්ය, ලම්බකර්ණ, පාණ්ඩ්‍ය, කාලිංග ආදී රජවරු අපට සිටියහ. එලෙස ම නායක්කාර් රජවරු ද සිංහලයේ රජවරු වූහ. ගැමුණු කුමරුගෙන් පසුව කවුරුන් රජවුවත් සිංහලයේ සම්මතයක් විය. ඒ රජතුමා සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුද්ධාගම රැකිය යුතු බව ය. නායක්කාර් රජවරු හතරදෙනා ද සිංහල බෞද්ධ සංස්කෘතිය රැකීම රාජ්‍ය බලයෙන් උරුම කරගත් සිංහලේ රජවරු වූහ. ඔවුහු සිංහල සිරිත් විරිත් අනුව දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂකයෝ වූහ. 1815 මාර්තු දෙවැනිදා අත්සන් කරන ලද ගිවිසුමෙන් ඉංගිරිසිහු ද සිංහල සිරිතට රට පාලනය කිරීමට  එකඟ වූහ. ඔවුහු ද දළදා වහන්සේගේ ආරක්‍ෂකයන් බවට පත්වුහ. එහෙත් ඉංගිරිසිහු ගිවිසුම 1817 වන විට කැඩූහ. 1817 නිදහස් සටන එහි ප්‍රතිඵලයක් විය. එක්දහස් අටසිය හතළිස් ගණන්වල ඔවුහු දළදා වහන්සේගේ භාරකාරත්වයෙන් ද මිදුණහ. ඉන්පසු දියවඩන නිළමේට උන්වහන්සේගේ භාරකාරත්වය හිමි විය. 
 
ෆ්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා 1798 දී ලංකාවට පැමිණියේ පෙරදිග වෙළෙඳ සමාගමේ ආණ්ඩුකාරයා ලෙස ය. නෝත්ට  පෙර ලංකාවේ හමුදා ආණ්ඩුකාරවරු සිටියහ. මුහුදබඩ පෙදෙස් ඉංගිරිසි රජුට අයිතිවූයේ 1802 දී ය. නෝත් එතැන් සිට ඉංගිරිසි රජුගේ ආණ්ඩුකාරයා විය. එකල එංගලන්තයේ රජු වූයේ තුන්වැනි ජෝර්ජ් ය. 1803 දී නෝත් සිංහලේ රාජ්‍යය අල්ලා ගැනීම සඳහා මහනුවරට හමුදාවක් යැවී ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උපක්‍රමික ව හඟුරන්කෙතට පළා ගොස් ආපසු පැමිණ ඉංගිරිසි හමුදාව වටකර පහර දුන්නේ ය. නෝත්ගේ හමුදාව හංවැල්ල දක්වා පසුබසින තෙක් ම පහර දුන්නේ ය. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ජනයාගේ ගෞරවයට පාත්‍ර විය. ඉතාමත් ජනප්‍රිය විය.
 
ශ්‍රි වික්‍රම රාජසිංහ රජු යුද්ධයෙන් පරාජය කිරීමට නොහැකි බව ඉංගිරිසිහු තේරුම් ගත්හ. ඔවුහු තමන්ට සුපුරුදු කපටි දේශපාලනයෙහි යෙදුණහ.  කේම්බ්‍රිජ් උපාධිධාරී ජෝන් ඩොයිලි ඉංගිරිසි ඒජන්ත ලෙස කටයුතු කළේ ය. ඔහු සිංහල නායකයන් සමග භික්‍ෂූන් වහන්සේ සමග සම්බන්ධකම් ඇතිකර ගත්තේ ය. ඩොයිලි හා අනෙක් ඉංගිරිසිහු භ්‍රී වික්‍රම රාජසිංහ රජුට මත්පැන් පුරුදු කළහ. ඔවුහු රජතුමා  දුස්ශීලයකු බවට පත්කළහ. රජතුමා සිංහල සිරිතට පටහැණිව රට කරවන තැනකට පත්කරනු ලැබිණි. 
 
ඒ අතර ඉංගිරිසිහු රජතුමා හා සිංහල නායකයන් බිඳවූහ. ඇතැම් නිළමෙලාට රජකම ඇතුලු විවිධ තනතුරු ලබා දෙන බවට පොරොන්දු වූහ. එහි අවසන් ප්‍රතිඵලය අපි කවුරුත් දනිමු. 1815 පෙබරවාරි 18 වැනි දා (නුගේගොඩ රැස්වීමට අවුරුදු දෙසියයකට පෙර) රජතුමා ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. ඉංගිරිසිහු යුද්ධයෙන් අල්ලා ගැනීමට නොහැකි වූ සිංහලේ රාජ්‍යය  ගිවිසුමකින් භාර ගත්හ. එහෙත් 1815 මාර්තු දෙවැනිදා අත්සන් කළ ගිවිසුමෙන් ද සිංහල සිරිතට අනුව රට කරවන බවටත් (සිංහල) බුද්ධාගම සුරකින බවටත් එකල සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා තුන්වැනි ජෝර්ජ් රජු වෙනුවෙන් පොරොන්දු විය. ඉංගිරිසිහු වැඩිකල් නොගොස් ම ගිවිසුම කැඩූහ. රජකම ලැබූ සිංහලයෙක් නො වී ය. කුංකුණාවේ හාමුදුරුවෝ අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ යනුවෙන් කවි ලිවූහ. 
 
ලංකාවට මුස්ලිම් ජනයා ස්ථිර පදිංචිකරුවන් ලෙස පැමිණ ඇත්තේ දහතුන්වැනි සියවසේ පමණ ය. එයට කලින් අරාබි (යෝනක) වෙළෙන්දන් පැමිණියත් ඔවුන් ස්ථිරව පදිංචි වූ බවට සාක්‍ෂි නැත. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි මේ මුස්ලිම් ජනයා දෙමළ කතාකළහ. මුස්ලිම් ජනයා වැඩි දෙනකු දෙමළ කතාකරන්නේ එබැවිනි. අරාබියෙන් පැමිණි වෙළෙන්දන් සිංහල ස්ත්‍රීන් සමග විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට මුස්ලිම් ජනයා ඇතිවිණි යැයි කීිම අරාබි නිසොල්ලාසයට ම අයත් වූවකි. ඒ එසේ නම් මෙරට මුස්ලිම් ජනයාගේ භාෂාව සිංහල විය යතු ය. වැඩිම වුවහොත් අරාබි විය යුතු ය. එහෙත් ඔවුන් ඉතා මෑතක් වන තුරුම කතා කළේ දෙමළ ය. අදත් බොහෝ දෙනා කතා කරන්නේ දෙමළ ය. 
 
මුස්ලිම් ජනයා ලංකාවට පැමිණියේ ඇයි දැයි නො දනිමු. එදා වත්මන් දකුණු ඉන්දියාවේ ඔවුන්ට හිරිහැර ඇති වූ නිසා ලංකාවට පැමිණියේ යැයි සිතිය හැකි ය. සිංහලයෝ මුස්ලිම් ජනයා පිළිගත්හ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය යි. පෘතුගීසීන්ගෙන් මුස්ලිමුන්ට කරදර වන විට ඔවුන් කන්ද උඩරට හා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරවීමට සිංහල රජවරු පියවර ගත්හ. සිංලයන් අතර මුස්ලිම් ජනයාට කරදරයක් නො වී ය. මුස්ලිම්හු මූලික වශයෙන් වෙළෙන්දෝ වූහ. ්්
 
ඉංගිරිසි පාලන සමයෙහි දී දකුණෙන් සිංහලයෝ වෙළෙඳාම පිණිස සිංහලේ, එනම් ශ්‍රී වික්‍රම රාජසිංහගේ පැරණි රාජ්‍යයට, ගියහ.  මුස්ලිම් වෙළෙන්දන් එය නුරුස්සුවාට සැකයක් නැත. ගම්පොළ ප්‍රදේශයෙහි සිංහල බෞද්ධයන් පෙරහැරක් පැවැත්වීම ගැන සිංහල මුස්ලිම් භේදයක් ඇති විය. ඉංගිරිසිහු සිංහලයන්ට එරෙහිව දෙමළ ප්‍රභූන් යොදා ගත් ආකාරයට ම මුස්ලිම් ජනයා ද යොදාගත්හ. එහි ප්‍රතිඵලය වූයේ 1915 සිංහල මුස්ලිම් කෝලාහලය නමින් හඳුන්වනු ලැබූ ගැටුම් ය. 
 
ඉංගිරිසිහු සිංහල නායකයන් සිරභාරයට ගැනීමට ඒ අවසාථාවක් බවට පත්කර ගත්හ. සිංහල ප්‍රාදේශීය නායකයන් අත්අඩංගුවට ගැනුණු අතර මාෂල් හෙවත් යුද්ධ නීතිය යටතේ රට පාලනය කෙරිණි. එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915 ජූලි මස හත්වැනි දා ඉංගිරිසින් විසින් ඝාතනය කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. 
 
වත්මන් උතුරු පළාත් දෙමළ ජනයා මූලික වභයෙන් ලංකාවට ලන්දෙසීන් විසින් ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ගෙන් පැවත එන්නෝ වෙති. ඉංගිරිසිහු ඔවුන්ට වරප්‍රසාද දී වෙල්ලාල නායකයන් සිංහල ජාතිකත්වයට එරෙහිව යොදාගත්හ. අද පවත්නා දෙමළ ජාතිවාදයේ මූලාරම්භය 1833 දී ව්‍යවස්ථා සභාව පිහිටුවීමත් සමග ඇති විය. ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා පොත කියවීමෙන් දෙමළ ජාතිවාදයේ විකාශය දැනගත හැකි ය.
 
දෙමළ ජාතිවාදය කල් යෑමේ දී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව හැත්තෑවේ දී පමණ දෙමළ ත්‍රස්තවාදය බවටත් පත්විය. ඉංගිරිසිහු මේ සියල්ල පිටුපස සිටියහ. ඉංගිරිසින් හා අනෙක් බටහිරයන් දෙමළ ත්‍රස්තවාදයට දුන් මූල්‍යාධාර ගැන කේ පී හෙවත් කුමරන් පද්මනාදන් දන්නා බවට සැකයක් නැත. ඔහු ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වෙයි. කෙසේ වෙතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් අපේ රණවිරුවන්ට හැකි විය.  මහින්ද  රාජපක්‍ෂ මහතා එහි දී ඉංගිරිසින්ට හා අනෙක් බටහිරයන්ට ද ඉන්දියාවට ද අවනත නොවී  රටේ ස්වෛරිභාවය හා ඒකීයභාවය රැක ගත්තේ ය. 
 
බටහිරයෝ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට කටයුතු කළහ. එහි දී ඉන්දියාවේ සහාය ද ඔවුන්ට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා දූෂණ භීෂණ චෝදනා ගෙන ආහ. දැනුත් ගෙනෙති. එහි දී සයිබර් අවකාශය ද යොදා ගැනිණි. රෝ ඔත්තු සේවයට ඊනියා ජාතික ව්‍යාපාරයේ ව්‍යාජ නායකයන් හසුරුවා ගැනීමට හැකි විය. නුතන ඩොයිලිලා තොග පිටින් ලංකාවේ ක්‍රියාත්මක වූහ. ඇතැමුනට ජනාධිපතිකම පොරෙන්දු වූහ. ඔවුහු ඔවුහු සියල්ලෝම එකතු වී දෙමළ හා මුස්ලිම් ඡන්ද ද යොදා ගනිමින් 2015 ජනවාරි අටවැනි දා ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කළහ.  
 
නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා  ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති. අද එය වැළැක්විය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් අරලියගහ මන්දිරයට පැමිණ වීමෙනි.  
 
නලින් ද සිල්වා
 
2015 මාර්තු 01

 

7 Responses to “පහළොවේ දුර්භාග්‍යය”

  1. Independent Says:

    නලින් මැති තුමනි,
    ඔබතුමා කියා ඇති බොහෝ කරුණු ඉතිහාසය ඉගෙනගත් එහෙත් පංතියේ ඉතිහාස විභගයට 100% ලකුණු නොගත් අයත් දනිති.
    ඔබතුමා ඉතාම වැදගත් කරුණක් වසන් කිරීම ගැන මට හිතට දුකක් ඇතිවේ.

    මද්දුම බන් ඩාර මගේ ළමා කල වීරයාය​.
    ඔබතුමා කියන්නේ මද්දුම බන්ඩාරගේ කතාව ඉන් ගිරිසින් ප්‍රචාරය කළ බොරුවක් කියා ද ?
    එහෙත් රාජසිංහගේ කෲර කම් ඔබට බොරුකළ නොහැක​. එයට හේතුව සාක්‍ෂි කරුවන් අත්දුටුවන් ගේ පරම්පරා තවමත් සිරිලක ජීවත්වන නිසා ය​.

    රාජසිංහ පරාජය කළේ ඉන් ගිරිසින් ම නොවේ. මෙවැනි කෲර දමිලයෙක් හෙල ඉතිහාසයේ හිටියේ නැත​. මද්දුම බන්ඩාර සිද්ධියට පෙරද ඔහු කෲර ලෙස රජකළ බවට සාක්‍ෂි ඇත​. ඔහු සිටියානම් අද අපට පවතින බුද්ධාගම වෙනුවට අමුතුම හින්දු ආගමක් පවතිනු ඇත​. සිංහලයා මීටත් වඩා විනාශ වී හමාරය​.

    1815 මහා පාවාදීම කිසිසේත්ම අනුමත නොකරමු. කෲර රජු ඉන් දියාවටම එලවා දැමීමට වෙනත් විකල්පයක් සෙමින් සෙමින් බිහිකරවා ගැනීමට ඉවසිය හැකිව තිබුනානම් , බොහෝ ජීවිත ගනන්ක් රජු නැතිකිරීමට පුදන්නට ලැහැස්ති උනානම් , සිහින යක් ද ?

  2. Christie Says:

    Namaste: Hi Nalin; sometimes you see the Indian imperialists, but suddenly you go back to the island socialists mind who are part of the Indian hegemony and their brainwashing. By 1815 British-Indian Empire has been established in the island. There are plenty of English books on these matters, but they don’t talk about Indians as part of the empire but talk about Indians who came as administrators, Sepoys and coolies. How many of us aware of the fact after wresting the Dutch possessions of the island after the Franco Dutch war the British Indian imperialists brought in administrators from the Malabar Coast of the Indian subcontinent to replace the Dutch administration who were mostly Sinhalese or of mixed Burghers. They were Vellars and the Sinhalese rebelled against them and killed them. British replaced these Vellars with the former Dutch administration. Most of these Tamils settled in Yapa Ptuna which had a Tamil population brought in by the Dutch to grow tobacco. As more and more Sepoys, coolies and administrators came in from the Indian subcontinent they settled in Yapa Patuna. The Sinhalese who were their were reduced to “Sakkiliyas’ and if you heard recent address to journos from Ranil you know who we will end up as. But I am glad you see India as part of the problem. Jai Hind

  3. Hiranthe Says:

    SLFP is going to bring My3 as the Executive PM candidate. MR has no place. Good plan by RAW.

    MR has only one option. Form a new party and declare that the 13A is going to be scrapped if he wins. All grass root level SLFP supporters who are going to lose can be his support base. He need young blood and true patriots in the party. Pledge of joing the party should be to protect the Mother Land and not to misuse public funds and to bring transparency in every action. Udaya will help in setting up this. He is not an opportunist like Champaka.

    Dear MR, You are our Nugegoda man!!

  4. ranjit Says:

    Nugegoda Man will definitely come to stay with the support of millions in our blessed land. Now the duty of the Nugegoda Man is to take this challenge and come forward to lead the country again with a clear determination of Good Governance. He should come forward to serve the Sinhala Buddhists by scraping 13 as soon as possible and do the rest one by one. He must put a full stop for Tamil & Muslim separatism. They have the right to live side by side as Sri Lankans but not separately as they demand. They have to respect our laws,our flag and our national Anthem and live as one nation without demanding more and more concessions like self rule,police & land powers etc.

    We expect him to be a good honest leader to serve all Sri Lankans and give the Sinhala Buddhists the rightful place as the Majority. Now all clear that MY3/Chandrika or Siripala won’t give Mahinda a place at any time soon in their party therefore he should form a third force as millions demand and come forward with the foursome who are more capable and honest than any other politician on both sides. I hope he & the rest in Nugegoda Man’s movement have better plans for the country this time than these Jarapalana rogues. Sri Lankans should unite specially the Sinhalese to send these Jarapalana traitors back to their hideouts for the thirtieth time in the coming elections.

  5. Samanthi Says:

    I toally agree with Hiranthe and Ranjith! A common front should be formed with leaders like MR, GR, WW, UG and Dinesh without further delay. The enemies of the nation know for sure if such a front if formed, there’s no future for Maru Sira and Thoppigala Ranil. That’s why they use all the available weapons to sling mud specially at WW and MR.
    May the true patriots of Mother lanka have the blessings of the Holy Tripple Gems to withstand malicious and false charges against them!

  6. Senevirath Says:

    ශ්‍රී වික්‍රම ””දුස්සීලයකු වූ බවත් සිංහල සිරිතට පටහැනිව ගිය බවත් ”’ නලින් ලිපියේ කියා ඇත . ලිපියෙන් විස්තර කරන කරුණු වලට අදාලව පමණක් රජු ගැන කරුණු දක්වා ඇත . ශ්‍රී වික්‍රම උසස් රජෙක් යය නලින් කියා නැත .

  7. Independent Says:

    Senevi,
    පින් පව් ගනන් නොගන්නා ජාලයේ පමාවී හෝ කියවීම ගැන ඔබට තුති.

    1815 ට පෙර කන්නසාමි තුන් සිංහලයම රජ කළේ නැත​. ඒවගේම ජනයාට ඔහු එපාවී තිබිනි.
    නලින් ගේ මේ ලිපිය එකල තිබූ ඇත්ත තත්වය වසන් කර​, කීපදෙනෙකු එකතුවී රට පාවාදීම රාජපක්‍ෂ පැරදවීම ඊට සමානකොට පෙන්වීම සීලාචාරනැත​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress