මංගලගේ ඉල්ලීම හා නැටීම
Posted on March 2nd, 2015

නලින් ද සිල්වා

මේ දිනවල ජෙනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ සමුළුවේ දී විදේශ කටයුතු පිළිබඳ ඇමති මංගල සමරවීර කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන වාරියපොළ සුමංගල හිමියන් සැමරීමේ රැස්වීමක දී කියා ඇත්තේ ආණ්ඩුව කිසිම විදේශීය රටක් සමග රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බව ය. මේ කතා දෙක අතර ඇති සම්බන්ධය කුමක් ද?
 
එයට පිළිතුරක් ජෙනීවාහි සමුළුවේ දී  ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කර ඇති ප්‍රකාශයෙන් ද ලැබෙයි. 1815 දී ඉංගිරිසින් ලංකාව ඔවුන්ගේ යටතට ගත්තේ ගිවිසුමක් මගිනි. එය ද එක්තරා අයුරකින් ගතහොත් ගැට කැපීමකි, පික් පොකට් ගැසීමකි. මෙරට දේශපාලනයෙහි ගැට කැපීම  ආරම්භ කර අදට (2015 මාර්තු 02) අවුරුදු දෙසියයක් පිරෙයි. ඒ මොහොතේ මෙරට ගැට කැපීමෙන් පත් වූ ආණ්ඩුවක් තිබීම ද ඓතිහාසික කරුණකි. ඉංගිරිසිහු සිංහල නායකයන් මුළා කර ඔවුන්ට රජකම දෙන බවටත් රට සිංහල නීතිය අනුව කරවන බවටත් සිංහල බුද්ධාගම (බුද්ධාගම හා දේවාගම) රකින බවටත්  ගිවිසුමෙන් පොරෙන්දු වී රට භාරයට ගෙන පසුව රට යටත් කර ගත්හ. රට පික්පොකට් ගැසූහ. 
 
අද බටහිරයන්ට අප වැනි රටවල් පාලනය කිරීමට, යටත් කිරීමට, දුර්වල කිරීමට, සූරා කෑමට ගිවිසුම් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඔවුන් සතුව ඇත. ඒ දැනුමෙන් අප ඔවුන්ගේ පාලනය යටතෙහි තබා ගැනීමට අවශ්‍ය දැනුම අපට දී ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් ලැබෙන්නේ ඒ දැනුම ය. බටහිරයන් අපට චචන උගන්වා ඇත. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සාධාරණ සමාජය, දුගී බව තුරන් කිරීම, සමානත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය එම වචන වෙයි. ඒ වචනවලට ඉහළින් ම ගරු කරන ලෙස සුද්දෝ අපට කියති. එහෙත් ඔවුහු ඒවාට සත පහකටවත් ගරු නො කරති.  
 
බටහිරයෝ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අමතර ව ජනමාධ්‍යය ද අප පාලනය කිරීමට යොදා ගනිති. අද තවත් දුර ගොස් ඊනියා සමාජ මාධ්‍යද යොදා ගැනෙයි. අද ගිවිසුම් අවශ්‍ය නැත. සුද්දන්ට අවශ්‍ය කලු සුද්දෝ අධ්‍යාපනය මගින්, මාධ්‍ය මගින්, සමාජ මාධ්‍ය මගින් බිහි කෙරෙති. සුද්දෝ ගිවිසුම් මගින් නොව කලු සුද්දන් මගින් රටවල් පාලනය කරති. මංගල සුද්දන්ට කියා ඇත්තේ මේ ආණ්ඩුවේ පසුගිය ආණ්ඩුවට වඩා හොඳ කලු සුද්දන් සිටින බව ය. 
 
පසුගිය ආණ්ඩුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක් පිහිටුවීය. එය ආණ්ඩුවේ කොමිසමක් පමණක් බව අපට අමතක කරවීමට සුද්දෝ සමත් වූහ. ඒ සුද්දන්ගේ අධ්‍යාපනයේ ස්වභාවය ය. අපට කිසිවක් හරි හැටි කියා දෙනු නො ලැබෙයි. අප ඉගෙන ගන්නේ කියවන්නේ බාගයට ය. උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැත. සුද්දන් කොමිසමක් පත් කරන්නේ ඒ කොමිසමේ වාර්තාව මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට නො වේ. වාර්තාවේ අඩංගු කරුණුවලින් ආණ්ඩුවට ගැලපෙන කරුණු පමණක් ක්‍රියාත්මක කිරීමට සුද්දෝ දනිති. එහෙත් අපට කියන්නේ වෙන කතාවකි.
 
මංගල ජෙනීවාහි දී කියා ඇත්තේ පසුගිය ආණ්ඩුව උගත් පාඩම් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක නොකළ නමුත් තමන් ඒ ක්‍රියාත්මක කරන බව ය. ඔහු ඒ වචනවලින් ම ඒ බව කියා නැත. එහෙත් තමන් ගැන විශ්වාස කරන්න යැයි ඔහු බටහිරයන්ට කියා ඇත. මංගල කියන්නේ කුමක් දැයි සුද්දෝ දනිති. 
 
පසුගිය ආණ්ඩුව පත්කළ පරණගම කොමිසම අතුරුදහන් වූවන් ගැන වාර්තා කිරීමට මිස වෙනත් දෙයකට නො වේ. එහෙත් මේ ආණ්ඩුව පත්කරන්නට යන්නේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන  සෙවීමට පරීක්‍ෂණ මණ්ඩලයකි. ඒ දෙකේ වෙනස නොතේරෙන්නේ මහින්ද රාජපක්‍ෂ සමග වෛරයෙන් පසුවන ජාතිය විකුණා ගෙන කන ව්‍යාජ දේශප්‍රේමීන්ට පමණකි. අභ්‍යන්තර මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තාව අවසානයේ දී නවතින්නේ ජෙනීවා සමුළුවේ ය. 
 
ජෝන් කෙරී අද මියන්මාරයේ හා ශ්‍රී ලංකාවේ ඇති ආණ්ඩු ගැන සතුටට පත්වන බව කියා ඇත. අර ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය අද මියන්මාරයේ හා ලංකාවේ ඇති බව ඔහුගේ මතය වෙයි. එකල මියන්මාරයේ ද ලංකාවේ ද තිබී ඇත්තේ කෙරීට අනුව නම් ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු ය. සුද්දන් අපට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස උගන්වන්නේ බටහිර ගැති බව ය, බටහිරයන් කියන අන්දමට නැටීම ය. මංගල සුද්දන්ට කියන්නේ මේ ආණ්ඩුව හොඳට නටන බැවින් ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය. කෙරී කියන්නේ නැටුම ගැන තමා සතුටු වන බව ය. 
 
මියන්මාරයත් ලංකාවත් ථෙරවාදී බෞද්ධ රටවල් ය. අද බටහිරයන්ට අවශ්‍ය එක් කරුණක් වන්නේ ථෙරවාදී රටවල් තමන්ට අවශ්‍ය  ආකාරයට නැටවීමට ය. අපි කකුළුවා වතුර නටන තුරු නටන ආකාරයට නටමු. 
 
නලින් ද සිල්වා
 
2015 මාර්තු 02

5 Responses to “මංගලගේ ඉල්ලීම හා නැටීම”

  1. Senevirath Says:

    මුළු රටම ගොනාට අන්දවනවා මුන් . ඇමරිකාව ‘ ගේ ” මොන්ගල සමරේ නටන පොන්න නැටුම් හොඳ රනිල් ටමය්
    සිංහලයිනි මුන්ට රවටුනොත් ජාතියම පොන්න වනු ඇත

  2. Geeth Says:

    The situation has become complicated and even funnier because now the dogs glorify their dogness more than anybody else; and even reminds their masters of the worthiness of their “doggility” (a quality of being model dogs) even before the masters telling it to the dogs. In any event of their dogness being even threatened slightly, these dogs are now even prepared to go to war with others to safeguard their dogness. Now masters don’t even have to fight to protect their despicable theories and culture, because dogs fight for them to safeguard master’s theories including Doggocracy and Doggitalism. If anyone comes to challenge the masters and their ideology, dogs are there in the forefront to jump into the thickest of the battle, not only to safeguard gentlemen the masters, but also to bite and even sodomize the opponents leaving even a twelve inch deep wounds in the anuses of the critics of masters. So it is highly advisable to all future critics of the gentlemen to wear iron underwear to safeguard their rear end from these dogs. (I am serious here, literally you got to watch your back especially after the election) This is the pathetic condition of our dogs today.

    Come-on puppy, what’s wrong with you, why can’t you think?

    Puppy! It’s been too long, almost five hundred years now; you’ve got to wake up now! We know you have a long story to tell. We know that you need someone to know your pain, agony, torment and despair; not through your master’s voice but through your own authentic voice.

    Wake up puppy, wake up now!!!! Wake uuuuuuup!!!!

  3. Indrajith Says:

    I always wish our Mangala takes Malaysian Airlne’s flights whenever he travels abroad!

  4. AnuD Says:

    Another very famous case, what ever they agreed, when Reagan and Gorbachev met did not happen the way they agreed. Simply speaking, Reagan’s side had not done what they agreed upon.

    That is their way.

    So, Sri lanka has to be careful.

  5. Indrajith Says:

    මහින්ද සමග රට දිනවමු දෙවැන්න 6 දා මහනුවරදී

    අනුර බාලසූරිය

    “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අනිද්දා (6 දා) පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ.

    මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‌ෂ විසින් මෙම ජනහමු මාලාව සංවිධානය කර තිබේ.

    මහනුවර පැවැත්වෙන ජනහමුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක්‌ සහභාගි වනු ඇතැයි සංවිධායක මණ්‌ඩලය සඳහන්a කරයිs.

    මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර හා පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු තවත් දේශපාලන නායකයන් මෙම රැළිය අමතනු ඇත.

    මෙහි පළමු රැළිය පසුගිය 18 වැනිදා අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් නුගේගොඩ නගරයේදී පැවැත්වුණි.

    හිටපු ජනාධිපති මහිsන්ද රාජපක්‌ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‌ෂක කිරීම සඳහා මහජන බලය ගොඩනැංවීමට මෙම ජනහමු මාලාව රටපුරා දිස්‌ත්‍රිsක්‌ මට්‌ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress