ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට වාරණයක්
Posted on March 3rd, 2015

නලින් ද සිල්වා

ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙනත් පක්‍ෂ සංවිධානය කරන රැස්වීම්වලට සහභාගි නොවන ලෙසටත් තම පෞද්ගලික මත ප්‍රචාරය සඳහා මාධ්‍ය සාකච්ඡා නොපවත්වන ලෙසටත් වාරණයක් පණචා ඇත. මෙයින් කියැවෙන්නේ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරයකුට වෙනත් පක්‍ෂයක් සංවිධානය කරන රැස්වීමක් නැරඹීමට, එහි පැවැත්වෙන කතා ඇසීමට යෑමට තහනම් බව යැයි සිතිය නො හැකි ය. එවැනි ක්‍රියාවක් තහනම් කිරීමට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට අයිතියක් නැත. එය මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික අයිතියකි. මධ්‍යම කාරක සභාවට කළ හැක්කේ මන්ත්‍රීවරයකු වෙනත් පක්‍ෂයක් සංවිධානය කරන රැස්වීමක වේදිකාවට නැගීම, එවැනි රැස්වීමක කතාකිරීම වැළැක්වීම පමණකි.
කෙසේ වෙතත් මේ වාරණය මෛත්‍රිපාල සිරිසේනගේ අවශ්‍යතාවට කළ එකක් බව පැහැදිලි ය. පසුගිය දහඅටවැනි දා පැවති නුගේගොඩ රැස්වීමට සහභාගි වූ මන්ත්‍රින්ට ඔහු දොස් කියූ බව ද ඔවුන් එසේ සහභාගි වීම වැළැක්වීමට කටයුතු නොකිරීම පිලිබඳ පක්‍ෂයේ ලේකම්ට හා ජාතික සංවිධායකට වරද පැටවූ බව ද වාර්තා විය. එහි සහභාගිවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි සඳහන් ව නො තිබිණි. එහෙත් ශ්‍රී ල නි ප මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් නුගේගොඩ රැස්වීමේ වේදිකාවේ වූහ.
මේ වාරණ අවසානයේ දී ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධව ය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු ජනතාවගේ හදවත් තුළ ජයග්‍රහණය කර ඇත. අද මෙරට ජනප්‍රිය ම දේශපාලනඥයා මහින්ද රාජපක්‍ෂ ය. ඒ බව නොතේරෙන්නේ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන වැන්නන්ට ය. තමන්ට නැවතත් දේශපාලනයට පැමිණිය හැකි යැයි සිතූ චන්ද්‍රිකා ආපසු එංගලන්තයට ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ කෙසේ වෙතත් තමන්ට මහින්දට තරගයක් දිය නොහැකි බව ඇය තේරුම් ගන්නට ඇත. 
ඊනියා මහින්ද රෙජිමය පරාජය කිරීමෙන් සෑහීමකට පත් වී නොමැති දේශීය හා විදේශීය විජාතික බලවේග බටහිර හා ඉන්දීය ඔත්තු සේවා ද යොදා ගනිමින් මහින්ද මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරයි. එහි දී වඩාත් උනන්දුවෙන් ක්‍රියා කරන්නන් අතර මෛත්‍රිපාල, රාජිත හා චම්පික වෙති. මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති බලතල කප්පාදු කර ඒ බලතල යම් ප්‍රමාණයක් අගමැතිට පවරා මෛත්‍රිපාල අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට පවා ඔවුන් සූදානම් බව පැහැදිලි ය. එක් පුද්ගලයකු කෙරෙහි මෙතරම් වෛරයකින් සුළු පිරිසක් මෙයට පෙර කටයුතු කර නැත. 
මේ වාරණවලින් ජනතා කැමැත්ත බැඳ තැබිය හැකි නො වේ. වාරණ පනවන්නේ මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීම සඳහා එක්සත් ජනතා සංධානයේ ම පක්‍ෂ කිහිපයක් සංවිධානය කරන රැස්වීම් එල්ල කරගෙන බව පැහැදිලි ය. මේ අනෙක් පක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂය සමග සංසන්දනය කිරීමේ දී කුඩා පක්‍ෂ බව සැබෑ ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ නොමැති ශ්‍රි ල නි පක්‍ෂය අද දවසේ එයටත් වඩා කුඩා පක්‍ෂයක් වනු ඇත. 
අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය ගන්නා අදුරදර්ශී තීරණ හේතුකොට ගෙන යම් අයුරකින් මහින්ද රාජපක්‍ෂ ඒ කුඩා යැයි කියන පක්‍ෂ සමග එකතු වී මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රි ල නි පක්‍ෂයේ නායකත්වයට මැතිවරණයේ දී අන්ත පරාජයක් හිමිවීම වැළැක්විය හැකි නො වේ. ශ්‍රි ල නි ප මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඒ කුඩා යැයි කියන පක්‍ෂවල සංධානයට එකතු වනු ඇත.
නලින් ද සිල්වා
2015 මාර්තු 03

3 Responses to “ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට වාරණයක්”

  1. Christie Says:

    Namaste: Dear Nalin I agree with you, but the question is President’s (Governor’s) executive powers will not be removed. Then Indian imperialists will make sure that no party will have two third majority. This is possible with dividing the Sinhala Buddhists votes, antagonizing the Sinhala Muslims and Sinhala Christians with Buddhist extremists like Bodu Bala Sena and Hela Urumayas. Jai Hind

  2. ranjit Says:

    Prof.let’s see who will stand in his two feet and take a fearless decision to stand with Mahinda on 6 at Kandy. We will come to know who really loves this man and the country because of him only we have this country to call home.

    MY3/Chandrika/Ranil all were Zero value to me and for millions. They won’t be there for ever but MR will be there as he is the most popular President of all time although he lost last time. It was not a clean election as we all know. Western Mafia helped this to happen with their money and planning. Already the Sinhalese have realized their mistake but due to bogus propaganda of the UNP nothing can be predicted.

    I urge all the SLFP MP’S not to think or be greedy for their positions but to attend the Nugegoda Man’s rally on 6th in Kandy. Nobody have the right to stop people going to that meeting. We are living in a democratic country not in North Korea. Why these bunch of idiots afraid of this one man? Just respect him for freeing our nation from that Butcher Prabakarna at-least. What happened to our religion why our people hate each other and trying to kill each other? Where’s MAITRIYA,KARUNAWA,DAYAWA we Sinhalese are famous for. MR has all the good qualities of a person and he is the person whom we can trust more than the western backed MY3/Ranil/Chandrika the evil trio. Just be present to hear the foursome and to give your support to the Nugegoda Man movement which will one day rescue our country from the foreign Mafia and these UNP/S.L.F.P.traitors to the Motherland..

  3. Leela Says:

    අද ශ්‍රිලනිප නායකත්වය ඩැහැ ගෙන තියෙන්නෙ ශ්‍රිලනිපට විරුද්ධව එජාප ටිඑන්එ් මුකො හවුලෙන් චන්දෙ ඉල්ලලා දිනපු ජනාධිපති සිරිසේනයි. සිරිසේන අාදරේ එයා දිනවපු අයටයි, ශ්‍රිලනිප අයට නෙවෙයි. සිරිසේන ශ්‍රිලනිප මත පටවන්න හදන්නෙ ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගෙ මතය නොවෙයි. අැත්තටම සිරිසේන විජාතික පක්කිලියෙක් වෙලා ඉවරයි. එයාට බැහැ එයාට චන්දෙ නොදීපු අයගෙ මත වලට ගරු කරන්න. එ් යතාර්ථය අද ශ්‍රිලනි පාක්‍ෂිකයන් සහ අද ශ්‍රිලනිප මුල් ප්‍රතිපත්ති වලට ගරු කරන අය පිළිගත යුතුයි.

    ලංකාවෙ දේශපාලන පක්‍ෂ වල සාමාජිකයො වෙලා ඉන්නෙ ඉතාම ටික දෙනයි. අපි වගේ වැඩි දෙනෙකුට පක්‍ෂක් නැහැ. එ් කියන්නෙ චන්ද දායකයන්ගෙන් බහුතරයට වැදගත් වෙන්නෙ පක්‍ෂය නෙවෙයි ප්‍රතිපත්තියි. තමන්ගෙ අදහස් වලට ගැලපෙන පක්‍ෂෙකට චන්දෙ දෙන එකයි අද බහුතරය කරන්නෙ. නමුත් පරම්පරා වෙන් පක්‍ෂ බදාගන ඉන්න හරක් වගේ අයත් ඉන්නවා.

    කලින් කිව්ව නියම ශ්‍රි ලංකා කාරයන්ගෙ මතය එ් කියන්නෙ ප්‍රතිපත්ති නියෝජනය කරන්නෙ ශ්‍රිලනිප යෙන් චන්දෙ ඉල්ලා පැරදිච්ච මහින්ද මිසක් දෙමළ සහ හම්බයන්ගෙ චන්දෙන් දිනපු සිරිසේන වෙන්න බැහැ. චන්ද දායකයට පක්‍ෂයක් අවශ්‍ය වෙන්නෙ දිනුම තහවුරු කර ගන්නයි. එන පාර්ලිමෙන්තු චන්දෙදි ‘මහින්ද’ කියන්නෙ දිනුමෙ සංකේතය බව නුගේගොඩ මිනිහා තහවුරු කලා. එය අපි තව තවත් තහවුරු කල යුතුයි. ‘සිරිසේන’ කියන්නෙ දෙමළ සහ හම්බයන්ගෙ ජාතිකත්වයේ සංකේතය බවත් සිංහලයට පෙන්වා දිය යුතුයි. එන පාර්ලිමෙන්තු චන්දෙදි සිරිසේනගෙ පක්‍ෂෙට අැප නැති කරන්න මමත් යනවා නුවර රැස්වීම බලන්න. ඔබත් එන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress