ආණ්ඩුවේ ප්‍රෝඩාවක්
Posted on March 4th, 2015

නලින් ද සිල්වා

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවෙන් කියැවුණේ අවුරුදු හැට ඉක්මවූ පුරවැසියන්ට ස්ථිර තැන්පතු සඳහා 15%ක පොලියක් ගෙවීමට කටයුතු කරන බව ය. එහි දී කිසිම කොන්දේසියක් ගැන නොකියැවුණු අතර බොහෝ දෙනා සිතන්නට ඇත්තේ යම්කිසි දිනකට පසුව සියළු ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා 15% පොලිය ලැබෙන බව ය. එ වන විට පසුගිය ආණ්ඩුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ක්‍රියාත්මක වුණු විශේෂ පොලී ක්‍රමයක් ද විය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට ලක්‍ෂ විසිපහකට අඩු මුදලක් 12% පොලියකට රාජ්‍ය බැංකුවල ස්ථාවර තැන්පත් ගිණුම් ලෙස පවත්වාගෙන ගිය හැකි විය. 

මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ පොරොන්දුවලින් එකක් වූ 15% පොලී ක්‍රමය ද ඇතැමුනට ඔහුට ඡන්දය දෙන්නට හේතුවක් වන්නට ඇත. එය එසේ වූවත් නොවූවත් අද සිදු  වී ඇත්තේ කුමක් ද? ඒ පොරොන්දුව ද බොරු පොරොන්දුවක්, ප්‍රෝඩාවක් බව තම ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නන් අවබොධ කරගැනීම ය. බැංකුවලට ලැබී ඇති උපදෙස් අනුව 15% පොලිය ගෙවන්නේ ඉතා සීමිත පිරිසකට ය.
ආණ්ඩුව පළමුවෙන් ම කළේ පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ක්‍රමය කප්පාදු කිරීම ය. එකල ලක්‍ෂ විසිපහක් දක්වා අලුත් ස්ථාවර තැන්පත් ගිණුම්වලට 12%ක පොලියක් ගෙවනු ලැබිණි. පොලිය අඩුකිරීමකින් තොරව පැරණි ගිණුම් පියවා අලුත් ගිණුම් විවෘත කිරීමේ හැකියාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දී තිබිණි. රනිල් සිරිසේන ආණ්ඩුව එය වෙනස් කර ලක්‍ෂ දහයක ප්‍රමාණයකට පමණක් 12% පොලිය සහිතව ස්ථාවර තැන්පත් ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලබාදුණි. අර්ථ සාධක අරමුදල් ඉතිරි කරගෙන එහි පොලියෙන් පමණක් ජීවත්වන්නන්ට එයින් යම් පහරක් එල්ල විය. 
15% පොලිය ගැන ආණ්ඩුව කියන්නේ ඒ ක්‍රමයට අලුතෙන් ස්ථාවර තැන්පත් ගිණුම් ආරම්භ කළ නොහැකි බව ය. 2015 ජනවාරි 31 වැනි දිනට සියලු බැංකුවල එකතුව ලක්‍ෂ දහයකට අඩු ප්‍රමාණයක ස්ථාවර තැන්පත් ගිණුම් හිමි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් මේ 15% පොලිය හිමිවෙයි. මෙයින් සෙතක් සැලසෙන්නේ ඉතා ටික දෙනකුට පමණ ය.  
බැංකුවල ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා විවිධ පොලී ප්‍රමාණ ගෙවනු ලැබෙයි.  දැනටමත් බොහෝ බැංකුවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අනෙක් ගිනුම් හිමියන්ට වඩා 1%ක පමණ වැඩි පොලියක් ස්ථාවර තැන්පත් ගිණුමිවලට ගෙවනු ලැබෙයි. ඒ අනුව ඇතැම් රාජ්‍ය නොවන බැංකුවක ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 6% – 7%ක පොලියක් ගෙවනු ලැබෙයි. ආණ්ඩුව කර ඇත්තේ ජනවාරි 31 වැනි දිනට සියලු බැංකුවල එකතුව ලක්‍ෂ දහයක හෝ අඩු ප්‍රමාණයක හෝ ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ට පමණක් පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ පොලිය 15% දක්වා වැඩි කිරීම ය. සෙස්සනට ඉන් කිසිම යහපතක් අත් නො වේ.  මෙය ප්‍රෝඩාවක් නොවේ නම් වෙන කුමක් ද?
නලින් ද සිල්වා
2015 මාර්තු 04

6 Responses to “ආණ්ඩුවේ ප්‍රෝඩාවක්”

  1. Podda Says:

    මේ පොරොන්දුව විතරද ප්‍රෝඩාව. ඔය හැම පොරොන්දුවක්ම ප්‍රෝඩාවන් වීමට වැඩි කල් ඉන්න වෙන්නේ නැහැ මහාචාර්ය තුමනි.

  2. Leela Says:

    මේ තියන රනිල්/චන්ද්‍රිකා/සිරිසේන අාණ්ඩුව බලයට ගෙන එන්න පාර කැපුවෙ සෝභිත (මාදුලුවාවේ) උන්නාන්සෙගෙ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය කියලයි මගෙ අදහස. සෝභිත උන්නාන්සෙගෙ යටි අරමුන උනේ ජනාධිපති වෙන්නයි. නමුත් එ් අරමුන හංග ගන ඉඳල එලියට දැම්මෙ 2014 සැප්තැම්ඹර් වලයි. බොරුවෙන් සෝභිත උන්නාන්සෙට රජ වෙන්න බැරි උනේ සිරිසේන රජ කරවන්න විජාතික කුමන්ත්‍රණකාරයො තීරණය කල නිසයි.
    සෝභිත උන්නාන්සෙගෙ මුල්ම ඉල්ලීම වන ‘මාස හයෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ’ අදහස අවංක වෙන්න පුළුවන්. නමුත් එ්ක කිහිප දෙනෙක්ගෙ උවමනාවට නොකල යුතු බවත් සරල දෙයක් නොවන බවත් දින වකවානු දාලා කරන්න බැරි බවත් කැත්තෙන් පොල්ලෙන් කලොත් රට දේශපාලන වශයෙන් අස්තාවර වන බවත් සෝභිත උන්නාන්සෙ නෙදැන හිටියාද?

    උගත්තු කියන කළුසුදු බක්කො සහ එන්ජීඔි කාක්කො ඔය ඉල්ලීමෙ නියම අයිති කාරයයො බව ඉල්ලීම ඉල්ලන හැටියෙන්ම අපට නම් එ් දින වලම වැටහුනා. ඔය ඉල්ලීම යට තිබුනෙ මහින්ද පන්නල දේශපාලන වශයෙන් රට අස්ථාවර කරල ඊලම සහ නසරිස්තානෙ හදන්න විජාතික කුමන්ත්‍රණයයි. පස්සෙ එජාපෙ ටිඑන්එ් මුකො ජප්පො හෙල උරුමෙ උන් ශ්‍රිලනිප න් පැනපු උන් සහ මෙකී නොකී උන් එකතු උනේ සෝභිත උන්නාන්සෙගෙ මුල් ඉල්ලීම ඉටු කරන්න නෙවෙයි තම තමන්ගෙ අවශ්‍යතාවන් ඉටු කර ගන්නයි.

    දින 100න් වැඩ සටහනෙන් දින 50යි ගියෙ පාර්ලිමේන්තුව විසිර වන දිනය ගැන අගමැති සහ ජනපති ඝට්ටනයක. බොරුවෙන් පටන් ගත්ත කැඳහැලි හවුල බොරුවෙන්ම ඉවර වෙන හැඩයි.

    වැඩ බැරි සිරිසේනයෙක් අල්ලගෙන වැඩ කල මහින්දට හොරා හොරා හොරා කියල පච කෙලල අැමරිකාවෙ බකිම්හැම් මාලිගයකින් ගෙනාපු රත්තරන් අස්සයො ගැන කිියල සිංහල මිනිස්සුන්ව ගොනාට අන්දලා වෙෙරයෙන් මුසපත් කරලා දෙමළගෙ හම්බයගෙ චන්ද කුට්ටිය අරගන මහින්දව පරද්දලා බොරුවෙන් සිංහලයව බල්ලා කලා. මහින්දව අගමැති කරන මාර්තු 6 රැලිය බලන්න මම යනවා තව කිහිප කෙනෙක් එක්ක. ඔබත් එන්න.

  3. ranjit Says:

    Leela we will be there on 6th to see the face of a man (even in a poster) who gave us life back. Let’s join millions and raise our fists together to demonstrate our whole hearted support to our great hero His Excellency Mahinda Rajapksa.
    Long live foursome and our great leader. Jayawewa.

  4. Dr.K Says:

    යහපාලන නඩේ ඉදිරිපත්කල මැතිවරණ පොරොන්දු මල්ලේ තිබුණු බොහොමයක් පොරොන්දු අතරින් විස්රාමකයින් රැවටීමට ඉස්තිර තැම්පත්තු සදහා 15% පොලිය දෙනබව කීවා වගේම විස්රාමකයින්ටත් වඩා අසරණව තම කනකර උගස්කර පොලිය ගෙවන අය රැවටීමට ඔවුන්ගේ උගස් බදු නිදහස් කරදෙන බවටද පොරොන්දු විය. උගස්බඩු නිදහස් කරදීම ගැන අදවනවිට කිසිවෙක් කතාකරන්නේ නැත.

  5. Independent Says:

    ලොකුම ප්‍රෝඩාව තමයි UNP කැබිනට් මන් ඩලයක් පත්කිරීම​.
    දිනසීයේ පාටියේ කොහිද තියෙන්නේ UNP කැබිනට් මන් ඩලයක් පත්කරනවා කියා ?
    දිනසීයේ පාටියේ කොහිද තියෙන්නේ රනිල් ට ඕනෑ UNP මහබැංකු අධිපති පත්කල යුතුයි කියා ?
    නුගේගොඩයා රනිලයා සමග උදේපාන් දර සාකච්චාකර කල ප්‍රෝඩාව තමයි මේක​.

    නලින් මේවා සේරමට වරද කියන්නේ මෛත්‍රීට විතරයි.
    අපි කාටත් දැන ගන්න කැමතියි මොකක්ද මේ නීති විරෝධී සාකච්චාව කියලා.
    පහුවදා 10ට -11ට පමණ මෛත්‍රීට සුභ පතා, පසුවදා සියලු වැඩ බාරදී යනු වෙනුවට පැත්ත්ක හිටපු තම හොඳම මිතුරාට පාන් දර 4ට කැඳෙව්වේ ඇයි ? මේක තමයි රට පාවා දීම​.

  6. Christie Says:

    Namaste: Wage increases for workers. Fools ever heard of Indian promises? Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress