විග්නේස්වරන්ට අවශ්‍ය කුමක් ද?
Posted on March 4th, 2015

නලින් ද සිල්වා

උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් දැන් දැන් දිගින් දිගට ම කියා සිටින්නේ ඊනියා ජාත්‍යන්තරය 1948 සිට මෙරට දෙමළ ජනයා සංහාරය කිරීම පිළිබඳ සොයා බැලිය යුතු බව ය. බටහිරින් ලංකාවට එන නියෝජිතයන්ට ඔහු ඒ බව කියයි.  උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගනිමින් ද මේ ඉල්ලීම කර තිබුණේ ය. මේ ඉල්ලීම විසුරුණු දෙමළ ජනයාගෙන් ද ඉදිරිපත් වෙයි. පළාත් සභා මන්ත්‍රිනියක වූ ආනන්දී ද ඒ ඉල්ලයි. ඉතා පැහැදිලිව දෙමළ ජාතිවාදීහු මේ ඉල්ලීම වටා එකතු වී සිටිති. එය විග්නේස්වරන්ගේ ඉල්ලීමක් පමණක් නො වේ.
දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය කුමක් ද?  මෙරට දෙමළ ජාතිවාදයක් ඇති බව කීමට බොහෝ දෙනා මැළිවෙති.  එයට මූලික හේතුව ඔවුන් ලබා ඇති අධ්‍යාපනය යි. ඒ අධ්‍යාපනය අපට ලැබුනේ ද ලැබෙන්නේ ද ඉංගිරිසින්ගෙනි. ඉංගිරිසිහු තමන් අඩුම තරමෙන් 1833 දී ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමත් සමග දේශපාලන වශයෙන් මෙහි ඇතිකළ දෙමළ ජාතිවාදයක් ක්‍රියාත්මක වන බව පිළිගැනීමට අකමැති වෙති. ඔවුහු ඒ වෙනුවට සිංහල ජාතිවාදයක් ගැන ලෝ පුරා ප්‍රචාරය කරති. එය ඊනියා සිංහල බෞද්ධ මතවාදය, බහුතරයේ ආධිපත්‍යය, මහාවංස මානසිකත්වය ආදී වශයෙන් ද හැඳින්වෙයි. 
පසුගිය දා රනිල් වික්‍රමසිංහ පුවත්පත් දෙකකට තර්ජනය කළේ ද සිංහල ජාතිවාදයක් ඇත යන දැඩි උපකල්පනයෙනි. ඒ උපකල්පනය තිබෙන තාක් ඔහුට මැතිවරණයකින් දිනිය හැකි නො වේ. ඔහුට කළ හැක්කේ බලය පික්පොකට් ගැසීම පමණ ය. එහෙත් රනිල්ට ද පසුගිය දා දෙමළ ජාතිවාදයේ රඟ දැනෙන්නට ඇත. දෙමළ ජාතිවාදීන්ට අනුව මෙරට රහස් රඳවා ගැනීමේ කඳවුරු පවත්වා ගෙන යනු ලැබේ. රනිල්ට ඒ එසේ නොවන බවට ප්‍රකාශයක් කිරීමට සිදුවිය. 
එහෙත් රනිල් එතැනින් ඔබ්බට ගොස් දෙමළ ජාතිවාදයට විරුද්ධව කිසිවක් නො කියයි. ඒ ඔහු තමාට ඉංගිරිසින් උගන්වා ඇති ආකාරයට ඇත්තේ දෙමළ ජාතිවාදයක් නොව සිංහල ජාතිවාදයක් යැයි සිතන බැවිනි. ඉංගිරිසින් දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් ආරම්භ කළේ ම තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වූ සිංහල ජාතිකත්වයට එරෙහි ව ය. ඉංගිරිසින්ට විරුද්ධව 1817 සිට ම නිදහස වෙනුවෙන් සැබවින් ම සටන් කළෝ සිංහලයෝ ය. ඒ ජාතික කොංග්‍රසය යනුවෙන් හැඳින්වුණු සංවිධානයෙහි සිටි සිංහලයෝ නො වුහ. කොංග්‍රසයට අවශ්‍ය වූයේ නිදහසක් නොව ඉංගිරිසින් වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන් පාලනය කිරීමේ අවසරය ය. 
දෙමළ ජාතිවාදය හතළිස් ගණන්වල දෙමළ බෙදුම්වාදය බවට ද හැත්තෑගණන්වල දෙමළ ත්‍රස්තවාදය බවට ද පත්විය. හතළිස් ගණන්වල සිට දෙමළ නායකයෝ ඊළමක් පිහිටුවීමට කටයුතු කරති. ඒ සඳහා ඔවුන්ට එදා ඉංගිරිසින්ගේ ද අද බටහිරයන්ගේ ද සහාය ලැබෙයි. අද විග්නේස්වරන්ගේ වෑයම දෙමළ බෙදුම්වාදය පුනරුත්ථාපනය කිරීම ය. ඔහු 1948 සිට කෙරෙන්නේ යැයි කියන දෙමළ සංහාරය ගැන සෙවීමට ඊනියා ජාත්‍යන්තර කොමිසම් පත්කළ යුතු යැයි කියන්නේ දෙමළ ජාතිවාදයට නව ජීවයක් ලබා දීම ඔහුගේ අවශ්‍යතාව වන බැවිනි.  
මෙරට හමුදාව ක්‍රියා කර ඇත්තේ රට ආරක්‍ෂා කිරීමට ය. එහෙත් සිංහලයන් මැරූ පක්‍ෂ දෙකක් මෙරට වෙයි. එකක් අද එ ජා පක්‍ෂයේ ඊනියා තරුණ සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණ ය. අනෙක කොටි සංවිධානය ය. රනිල් හා මෛත්‍රීපාල දේශීය කොමිසම් පත්කළ යුත්තේ ඔවුන් ගැන සෙවීමට මිස හමුදාව ගැන සෙවීමට නො වේ.      
නලින් ද සිල්වා
2015 මාර්තු 04

6 Responses to “විග්නේස්වරන්ට අවශ්‍ය කුමක් ද?”

  1. Indrajith Says:

    මහනුවර මඟුල් මඩුවේදී අප සිංහලයේ කොඩිය ඔසවන්න හදන විට පොලිසිය පැමිණ ඉවක්‌ බවක්‌ නැතිව පහර දුන්නා
    – සිංහල ජාතික පෙරමුණේ සභාපති මැඬිල්ලේ පඤ්Æලෝක හිමි

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    මහනුවර මඟුල් මඩුව අබියස වාරියපොල සුමංගල හාමුදුරුවෝ එසවූ සිංහලයේ කොඩිය වසර 200 ක්‌ පිරෙන වෙලාවේ නැවත සංකේතාත්මකව ඔසවන්න හදපු වෙලාවේ කඩාවැදුණු පොලිස්‌ නිලධාරීන් 100 ක්‌ පමණ දෙනා කිසිම ඉවක්‌ බවක්‌ නැතිව භික්‍ෂුන් වහන්සේලාට පහරදුන් බවත්, මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට ඉදිරියේ දී පැමිණිලි කරන බවත් සිංහල ජාතික පෙරමුණේ සභාපති ශාස්‌ත්‍රපති මැඬිල්ලේ පඤ්Æලෝක හිමිපාණෝ ඊයේ (03 වැනිදා) පස්‌වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

    බොරැල්ල, මරදාන පාරේ පිහිටි එම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ මෙසේද කීහ.

    “උඩරට ගිවිසුමට වසර 200 ක්‌ මාර්තු 02 වැනිදාට පිරුණා. මෙන්න මේ නිසා සිංහල ජාතික පෙරමුණ කොළඹ නිදහස්‌ චතුරස්‍රයේ ඉඳන් මහනුවර දළදා මාළිගාවට රථ පෙරහැරක්‌ ගියා. ඒ ගියේ එදා 1815 දී වාරියපොල සුමංගල හාමුදුරුවෝ ඔසවපු සිංහලයේ කොඩිය සංකේතාත්මකව මොහොතකට ඔසවා තබන්නයි. අපි කොළඹ ඉඳලම සිංහලයේ කොඩි

    රැසක්‌ රැගෙන ගියා. දැන් තියෙන ජාතික කොඩිය තමයි ශ්‍රී ලාංකික කොඩිය. අර වාරියපොල සුමංගල හාමුදුරුවෝ එසවූ සිංහලයේ කොඩිය තමයි නියම කොඩිය වෙන්නේ. අපි සිංහලයේ කොඩිවලින් හැම තැනම සරසලා පසුව ගියා වාරියපොල සුමංගල හාමුදුරුවෝ කොඩිය එසවූ මහනුවර මඟුල් මඬුqව අබියසට. එතැනදී අපි මේ සිංහලයේ කොඩිය ඔසවන්න හදනවාත් සමගම එතැනට පොලිස්‌ නිලධාරීන් සියයකට වැඩි ප්‍රමාණයක්‌ කඩාවැදී බොහෝම අශීලාචාර විදිහට හැසිරෙමින් අපේ භික්‌ෂුන් වහන්සේලාට පහරදෙන්න ගත්තා. ඒ වගේම හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න උත්සාහ ගත්තා. එහිදී උණුසුම් තත්ත්වයක්‌ ඇතිවුණා. එක්‌ හාමුදුරුනමකට තුවාලවෙලා දැන් රෝහලේ. යහපාලන ආණ්‌ඩුව මෙහෙමද හැසිරෙන්නේ…”

    “ජෝන් අමරතුංග යටතේ ඇති පොලිසිය මෙහෙමද හැසිරෙන්නේ. දළදා මාළිගාව කියන්නේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් තැනක්‌. දැන් පොලිසිය කියනවා අපිට ඇතුළු වෙන්න අවසර නැහැලු. මේක මාර කතාවක්‌නෙ. භික්‍ෂුන් වහන්සේලාට මේකට ඇතුළු වෙන්න අවසර නැත්නම් කාටද අවසර තියෙන්නේ. බෞද්ධ භික්‌ෂුන්ට මේ පහර දුන්නේ සිංහල බෞද්ධ පොලිස්‌ නිලධාරීන්. ඉතිං මේ පොලිස්‌ නිලධාරීන්ව මෙහෙය වූවේ යහපාලනයයි. මේවා නින්දිත වැඩ. මේ නිසා අපි ඉදිරියේ දී මේ පොලිස්‌ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්‌පතිතුමාට පැමිණිලි කරනවා…”

    “දැන් මේ ජාතියේ කොඩිය සංකේතාත්මකව මොහොතකට වාරියපොල සුමංගල හාමුදුරුවෝ සිහි කරමින් ඔසවන්න හදනකොට පොලිසියේ නිලධාරීන් අපිට පහර දෙනවා. නමුත් අර උතුරේÊඊළාම් කොඩිය ඔසවනකොට එක පොලිස්‌ නිලධාරියෙක්‌ නැහැ. ඒ අය අත්අඩංගුවට ගන්න. වීඩියෝ කරන්නවත් කෙනෙක්‌ නැහැ…”

  2. Indrajith Says:

    Govt. clears Rakna Arakshaka Lanka and Avant Garde Maritime Services of any wrongdoing
    March 3, 2015, 10:10 pm

    by Saman Indrajith

    The government yesterday cleared the names of Rakna Arakshaka Lanka and Avant Garde Maritime Services. Parliament was told that the setting up of the companies concerned, recruitment of personnel and the payment of taxes and other dues had been done properly.

    Leader of the House Lakshman Kiriella, reading out responses to a series of questions raised by JVP leader Anura Kumara Dissanayake on Rakna Arakshaka Lanka and Avant Garde Maritime Services the previous week, said that the Ministry of Defence had given permission to Rakna Arakshaka Lanka to deploy sea marshals. The organisation came under the purview of the Ministry of Defence. The organisation had recruited retired military officers. As the threat of sea pirates was increasing, the organisation had commenced deploying of sea marshals and it had done so in accordance with the provisions and standards stipulated by the International Maritime Organisation of the UN in the Circular MSC1/Circ/1443.

    Rakna Arakshaka Lanka had been paying taxes due to the government regularly. It had paid more than Rs. 535 million to the government since 2011. In addition it had paid dividends to the Treasury. The amount of dividends paid by Rakna Arakshaka Lanka to the Treasury since 2011 exceeded Rs. 94 million, Minister Kiriella said.

  3. Independent Says:

    “එහෙත් සිංහලයන් මැරූ පක්‍ෂ දෙකක් මෙරට වෙයි. එකක් අද එ ජා පක්‍ෂයේ ඊනියා තරුණ සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණ ය. අනෙක කොටි සංවිධානය ය.”
    – Never heard about JVP being part of UNP. Both JVP and UNP killed Sinhalese in 1989. SLFP killed Sinhalese in 1971. Some of the 1989 JVP killers have joined Nuge-God and God himself was a sympathiser.

  4. ranjit Says:

    JVP & UNP combined together have killed thousands of our youth since 1977 but no Investigations of any wrong doings by them. Big mouth black Golubella Anura Kumara is the Ranil’s best friend now and accusing Mahinda in a very low manner not fit for a decent politician. This guy painted himself as the MR.Clean is going around the country with his big mouth lies and begging to give power to UNP & JVP.What a nonsense. Who will believe these rattle snakes of yesteryear. People don’t give murderers & rowdies like JVP to govern a country. They have become the mouth piece of Ranil now. They change their colors every seconds to hoodwink the people of this country. They should be investigated first before others for their crimes against humanity. Many banks were robbed during 70’s & 80’s by this JVP killers to get money for their killing machine. People should not believe their lies anymore. Ignore them and reject them for ever because they are poison for this country.

  5. Christie Says:

    Namaste; Since 1951 the year Indian Empire started direct involvement with island politics it has been Indian suckers who ran the country except for very short periods until 2005. Now we are part of the Indian Empire and Coolie vent on homage and Emperor is visiting to see the colonist and the subjects. Jai Hind.

  6. Ancient Sinhalaya Says:

    Kallathoni

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress