වත්මන් ආණ්ඩුවේ මහජන නියෝජිතයින් දිවිනැගුම දිරිය සවිය ණය යෝජනා ක්‍රමය දැඩි දේශපාලනීකරණයට ලක්කරයි
Posted on March 5th, 2015

චාමර මද්දුම

ගරු නිවාස හා සමෘද්ධි අමාත්‍ය,
සජිත් ප්‍රේමදාස මැතිතුමා,
නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය,
සෙත්සිරිපාය.
විධිමත් ක්‍රම්‍රමවේදයන් අනුගුගමනය කර අඩු ආදායම් ලාභී ජනතාවට සහනයක් වන දිරියසවිය ණය යෝජ්ජනා ක්‍රම්‍රමය කඩාකප්ප්පල් කිරීිරීමේ උත්ස්සහයෙන් වලකා ලීමීමට මැදිහත් වන
මෙන් ඉල්ලා සිටීිටීම.

විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබතුමාගේ සංකල්පයකට අනුව දිවයිනේ දුගී දුප්පත් අඩු ආදායම්ලාභීජනතාව වෙත දිවයිනේ පිහිටි සියලූම දිවිනැගුම ප්‍රජා මුල බැංකු සංගමයක් මගීන්ම 2% ඉතා සහන දායීපොළී ප්‍රතිශතයකට රු.100000.00(ලක‍ෂයක) ණය මුදලක් කඩිනමින් ලබා දීමට තීරණය කිරීම ඉතා අගයකොට සලකමු.

එහෙත් මෙම ණය නිකුත් කිරීම සම්බන්දයෙන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල්ආර්.ඒ.ඒ.කේ. රණවක මහතාගේ අත්සනින් යුතු 2015.02.25 දිනැති දිවිනැගුම ප්‍රජා මුල බැංකු මගීන් නවසහනාධාරලාභීන් සදහා හදුන්වා දෙනු ලබන රු.100000.00 දිවිනැගුම දිරිය සවිය ණය යෝජනා ක්‍රමය යනහිසින් යුතු DDD/HO/MF/BANK යන යොමු අංකය යටතේ නිකුත් කර ඇති චක්‍රලේඛණයෙන් ගම් මට්ටමින්සේවයේ නියුතු දිවිනැගුම සංවර්ධන නිළධාරීන් මෙන්ම මෙතෙක් මෙම බැංකු මගීන් ණය ලබා ගෙන ඇතිණයලාභීන්ද අසාධාරණයට පත්ව ඇති බව අප ඔබගේ අවධානයට යොමු කරවමු.

01. මෙම ණය ක්‍රමයේ ණය අයදුම් පත්‍රය හා ණය ගිවිසුම මේ වන විටත් නිකුත් කර ඇති අතර එය පලාත් පාලන ආයතන වල වත්මන් ආණ්ඩුවේ මහජන නියෝජිතයින් විසින් එක් ග්‍රාම නිලධාරී වසමක 15 දෙනෙකු බැගින් තෝරා ගෙන ඛෙදා දී ඇති අතර එය මෙතෙක් සමෘද්ධි බැංකු සංගම් මගීන් අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගයට මුඵමනින්ම පටහැනි වන අතර එමගින් මෙම ණය දැඩි දේශපාලනීකරණයට ලක් වී ඇති බව ගම්‍ය වන කරුණකි.

02. මහජන නියෝජිතයින් විසින් ණය අයදුම් පත්‍ර ඛෙදා දීමේදී හිතවත්කම් මත ලැබී ඇති ඇතැම් නුසුදුසු ණය අයදුම්කරුවන් මෙම ණය ලබා ගැනීමට අදාල නිර්දේශය දිවිනැගුම සංවර්ධන නිලධාරීගෙන් ලබා ගැනීමට පැමිණීමේදී ඔවුන් විසින් අදාල නිර්දේශය ලබා නොදීම හේතුවෙන් දේශපාලන බලපෑම්වලට නිලධාරීන් ලක්වීම.

03. තවද මෙතෙක් මෙම බැංකු මගීන් ණය ගත් සියලූ සහනාධාර ලබන අඩු අදායම්ලාභි ජනතාව ඉල්ලූම් කරන ලද ණය මුදලින් 10% ප්‍රමාණයකට යටත්ව රු.100000.00(ලක‍ෂය) ණය සදහා රු.10000.00 කොටස් මුදල් සේ තැන්පත් කර ණය ලබා ගෙන තිබියදී ඔවුනටද උක්ත චක්‍රලේඛණය මගීන් කිසිදු සහනයක් ලබා නොදී සහනාධාර නොලබන අය වෙත රු. 500.00 කොටසකට ඉහත ණය මුදල ලබා දීම තුල මෙතෙක් ණය ලබා ගෙන ඇති සහනාධාර ලබන දුගී දුප්පත් ණය කරුවන් දැඩි අසාධාරණයට ලක්ව තිබීම.

ගරු අමාත්‍යතුමනි,
අඩු ආදායම් ලාභී ජනතාව වෙත වඩාත් ඵලදායී මෙන්ම ඉතා සහනයක් වු මෙම ණය ක්‍රමය අප විසින් ඉහත පෙන්නා දෙන විසදා ගත හැකි ගැටඵ දඩමීමා කර ගනිමින් පසුගිය ආණ්ඩුවට සම්බන්ද ඇතැම් වෘත්තීය සමිතියක් විසින් දේශපාලන උවමනාව මත කඩකප්පල් කිරීමට හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මේ වනවිටත් කටයුතු කරමින් සිටිති.

එමනිසා මෙම තත්වය පිළිබද විශේෂ අවධානය යොමු කර සමස්ථ අඩුආදායම්ලාභී ජනතාවටම සහන ලබා ගැනීම සදහා වු මෙම ණය ක්‍රමය දේශපාලන මැදිහත් වීමකින් තොරව විධිමත් ක්‍රමවේදයකට අනුව නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත් වන මෙන් මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට,
ප්‍රධාන ලේකම්,
චාමර මද්දුම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress