2014දී බොදු බල සේනාව විසින් රාජිත සම්බන්ධව අල්ලස් කොමිසමට කල පැමිණිල්ලට මොකද උනේ?‏
Posted on March 6th, 2015

Apeyrata

බොදු බල සේනාව 2014 අගෝස්තු මසදී එවකට සිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් හා දුෂණ වංචා කොමිසමට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී නැගෙන ප්‍රධාන ප්‍රශ්නය නම් මෙම චෝදනාව විභාග කර ඇත්ද? එසේ නැතිනම් පසුගිය වසරේ ලැබූ එම චෝදනාව පසෙක දමා ඉන්පසුව ලැබී ඇති චෝදනා විභාග කිරීමට ඇති කඩිමුඩිය කුමක්ද?යන්නය. මෙය විභාග කිරීම සඳහා සී.අයි.ඩියට හා අනිකුත් ආයතන වලට යනු ඇත්තේ දින තුනක් පමණක් බවද අපරාධකරුවකු වන ඔහු අමාත්‍ය තනතුර අතහැර බන්ධනාගාරයට යාමට සුදානම් වන ලෙසත් උන්වහන්සේ පවසා ඇත.

මෙම 2014 ලැබුණු පැමිණිලි යට ගසා ඊට පසුව ලැබුණු අලුත් පැමිණිලි විභාග කරන්නේ රාජිත සේනාරත්න යහපාලනයේ යහළුවකු වී ඇති නිසාද? යන්න පොදු මහජනතාවට බරපතල ප්‍රශ්නයක් වී ඇත,

බොදු බල සේනා පැමිණිල්ලේ ඇමතිවරයාට එරෙහි කරුණු වූයේ :-

  • ඇමති රාජිත සේනාරත්න ගේ වන්දි භට්ටයකු වන ඔහුගේ සම්බන්ධිකරණ ලේකම් දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න විසින් බ්ලූ ඕෂන් ෆිෂරිපුද්ගලික සමාගම හරහා රුපියල් මිලියන 600 කට නැව්  8ක් මිලදී ගෙන ඇති අතර බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් පවසා ඇත්තේ එහි කොටස් වලින් 60%ක් අනුරාධ සෙනෙවිරත්න සතු බවද,

  • ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇමතිවරයාට නිවාස කීයක් ඇත්ද? යන බව

  • මේ සඳහා කළු සල්ලිලැබුනේ කොහෙන්ද? යන බව

  • ඇතුල් කෝට්ටේ ධීවර සංස්ථාව සතුව තිබු ගොඩනැගිල්ලක් විකුණා ඇති අතර එහි ලිපිගොනු අන්තර්ධානව ඇති බවත් ඊට මීටර් 100කට එහායින් වෙළඳසලක් කුලියට ගෙන මාළු අලෙවි කිරීමට පටන් ගෙන ඇති බව

  • මුස්ලිම් අන්තවාදීන් සනසමින් බේරුවල කේරල ගංජා ව්‍යාපාරිකයෙකු හා පුත්තලමේ මුහුදු හම්බෙල්ලන් විකුණන්නෙකු ලඟින් ආශ්‍රය කිරීම

  • ධීවර රක්ෂණ නිකුත් කරමින් සිටි ලංකා බැංකුව පසෙක දමා සෙලාන් බැංකුවට එය ලබාදීමේ සැකසහිත බව,

  • වැලිගම සහ මාතර ධීවරයන්ට ධීවර ආම්පන්න සහ උපකරණ ලබාදීමේදී ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම යන්නයි.

ඇමතිවරයා බොදුබල සේනාවට එල්ල කරන චෝදනා වන නොර්වේ රාජ්‍යයෙන් මුදල් ලැබුනා නම්ද,එජාපයේ මන්ත්‍රී රවී කරුණානායකගෙන් උදව් ලැබුනා යයි චෝදනා කරනවා නම්ද  කුමන ගිණුමට,කුමන චෙක් පතෙන්, කුමන විදේශ මුදලින්, කොපමණ ප්‍රමාණයක්, කුමන ආකාරයෙන් මාරුකර කුමන කාර්යයක් සඳහා යෙදුවාද යන්න ඔප්පු කර පෙන්විය යුතු බව උන් වහන්සේ පවසා ඇත..

 එසේම මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි 2015 මාර්තු 03 දා ජාතික නිදහස් පෙරමුණ විසින් කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ආවේ මේ ආණ්ඩුව බිහි කිරීමෙහිලා මූලික වැඩ කොටසක් කරපු වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම, කැබිනට් ප‍්‍රකාශකවරයා ලෙසත් කටයුතු කරන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට. ඔහු ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලේ සිය ධීවර අමාත්‍ය බලය අසාධාරණ හා අයුතු ලෙස පාවිච්චි කරමින් කරමින් මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම පිළිබඳවයි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ. යනුවෙන් ජාතික නිදහස පෙරමුණේ ජාතික සංවිධායක,හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

කියවන්න ……ජාතික නිදහස් පෙරමුන අල්ලස් කොමිසමට මිනී මෝරෙක් ඉදිරිපත් කරයි – PRRA රාජිතට විරුද්ඩ්ව මිලියන 4000 ක පමණ වංචාවක පැමිනිල්ල

3 Responses to “2014දී බොදු බල සේනාව විසින් රාජිත සම්බන්ධව අල්ලස් කොමිසමට කල පැමිණිල්ලට මොකද උනේ?‏”

  1. Independent Says:

    මේක විතරක් නොව​, මීටත් ලොකු තැනක සිටි මහා හොරාත් පලා යන්නට පෙර අල්ලා, දියහැකි උපරිම දඬුවම දිය යුතුය​.

  2. Christie Says:

    Namaste: I will say Bodu Bala Sena is a credible Sinhala organization the day it see what India is up to. Like Sobithaya these men in yellow robes and shaven heads are no more than suckers of Indian colonial parasites, Indian imperialists and vermin. As a Sinhalese I have no qualm with other Sinhalese they be Christians, Muslims or Buddhists. Tamils and Indian imperialists are making billions from our fisheries resources since 1956. That was when the Sinhala fisheries community was making headway and the fishing industry was nationalized with the Fisheries Corporation. That was the end of Sinhala fisher folks and business.Since then Jai Hind

  3. ranjit Says:

    Rajithaya is the No# 1 Hora in this Jarapalanaya.He should be sent to gallows for cheating the public and hiding evidence in cases he has been named as the culprit. He was the coup leader and the Kapu Rala for the marriage between Sira & Ranila. Most corrupt Minister while he was the Fisheries Minister same like Sathosa Hora Ravi when he was the Sathosa Minister. They should be investigated first before they do on others. This is a funny Government.No rules,No laws they passed bills without any proper debate or procedures. Good for some bad for many, Rally behind progressive forces just to kick their ass out.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress