විශ්ව ගවේශකයෝ – (Short Story)
Posted on March 8th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

ක්‍රිස්තු වර්ෂ 2108 දී අඳුරු අභ්‍යවකාශයේ ගමන් කරමින් තිබූ අභ්‍යාවකාශ යානයක අජටාකාශගාමීන් පස් දෙනෙක් පැය දෙසීයක දීර්ග නිද්‍රාවකින් පසුව අවදිවී යානයේ පරිඝණක වල ක්‍රියාකාරීත්වය හා ගමන් මාර්ගයේ නිරවද්‍යතාව පරික්ෂා කරමින් සිටියහ.  ශරීරයේ පරිවෘතීය ක්‍රියා අවම කිරීම සඳහා දීර්ඝ නිද්‍රාවක්  අභ්‍යවකාශ ගමන් වලදී නියමිතව තිබුණි. ඔවුන් විශේෂ පාවෙන කුටියක පැය දෙසීයක් පමණ එක දිගට නිද්‍රාවට ලක් කොට සිටි අතර ශිරාවලට සම්බන්ධ කළ විශේෂ පෝෂ්‍ය දියරයක් මගින් ඔවුන්ගේ ශරීරවල ෙසෙල වලට අවශ්‍ය ශක්තිය සපයනු ලැබීය.

 දීර්ඝ නිද්‍රාවකින් පසු අවදිවන අභ්‍යවකාශගාමීන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කෙරේ. මෙම වෛද්‍ය පරීක්ෂණය පවත්වන ලද්දේ සොක්‍රටීස් – 1 නම් පරිඝණකය විසිනි. ඔවුන්ගේ රුධිර ධාවනය, හෘද රිද්මය, මොළයේ තරංග ස්වභාවය, අක්මාවේ ක්‍රියාකාරීත්වය, වකුගඩු ක්‍රියාකාරීත්වය මෙම පරිඝණකය මගින් පරික්ෂාවට ලක් කරනු ලැබීය. වෛද්‍ය පරික්ෂණයෙන් පසු ඔවුහු යානයේ භෝජනාගාරයේදී ආහාර ගත්හ. පෘථීවියේදී මෙන් ආහාර වේලක් ලැබීම නිසා ඔවුන් උද්ධාමයට පත්වූ බව සහතිකය. ඔවුන්ගේ ආහාරවේල සමන්විත වූයේ කුකුළු සාරය හා බඩඉරිඟ= යෙදූ සූපයක්, අර්තාපල්, බටර් හා කුකුල් මස් මිශ්‍රකොට තැනු තලපයක් හා පළතුරු මිශ්‍ර බීමකිනි. ආහාර ගන්නා අතර කාලයේදී ඔවුන් සාකච්ඡා කරමින් සිටියේ යානයේ ගමන් මාර්ගය පිළිබඳවය.

 ආහාර කිස නිමවූ පසු ඔවුහු තම තමන්ට අයත් කාර්යන් වල නිරත වූහ.—පල්සර්˜-3 නමින් හඳුන්වන ලද මෙම විශාල අජටාකාශ යානය කෙනඩි තුඩුවෙන් ගුවන්ගත වූයේ පෘථීවි කාලයෙන් මීට වසර පහකට පෙරය. පල්සර්-3 යානයේ කපිතාන් ලෙස ක්‍රියා කළේ පළපුරුදු අජටාකාශගාමියෙකු වූ කෙනත් නොට්න්ය. කළු ඇමරිකානු සම්භවයකින් පැවත එන්නෙකු වූ ඔහු උපත ලැබුවේ ඩිට්‍රොයිට් හීදීය. මුල්කාලයේදී ප්‍රහාරක යානා නියමුවෙකු වූ පසුව අභ්‍යාවකාශ ගමන් සඳහා නාසා ආයතනයට බැඳුණි. ප්ලුටෝ ග්‍රහලෝකය පිලිබඳව අධ්‍යන චාරිකා දෙකක් සාර්ථක ව නිම කොට තිබූ ඔහු ඊට අමතරව සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා ගවේෂණ වලටද සහභාගී වී සිටියහ.

 පල්සර් යානාවේ උපනියමුවා වූයේ විතාලි සිදරව්ය. රුසියානු ජාතිකයෙකු වූ ඔහු රුසියානු අභ්‍යාවකාශ ගමන් වලදී කැපී පෙණුන චරිතයක් විය. මදක් විදේශිය උරුවකින් ඉංග්‍රිසි භාෂාව කථාකළ ඔහු නාසා ආයතනය සමග පුරා වසර දහයකට අධික කාලයක් වැඩකරයි.

 අජටාකාශ ගාමීන්ගේ සෞඛ්‍ය කටයුතු හිපොක්‍රටීස් – 1 නම් දියුණු පරිඝණකය මගින් සිදුකළ ද දීර්ඝ කාලීන අභ්‍යාවකාශ ගමන් වලදී පළපුරුදු වෛද්‍යවරයෙකු ගමන් කිරීම අනිවාර්යය. මේ සඳහා තෝරාගනු ලැබුවේ සුප්‍රකට මයෝ සායනයේ සේවය කළ වෛද්‍ය වරියක වූ ජෙනිෆර් කනිංහැම් මෙනවියයි. ඇයට කායික විද්‍යාව මෙන්ම ශෛල්‍ය විද්‍යාව පිළිබඳවද මනා පුහුණුවක් තිබුණි. එසේම තෙවසරක කාලයක් අජටාකාශ වෛද්‍ය විද්‍යාව ඇය හÞරා තිබු‚.

 තෝර් හෙන්රික් ජර්මානු සම්භවයක් තිබූ පරිඝණක විශේෂඥයෙකි. ඔහු යේල් සරසවියේ නිෂ්පාදනයක් වූ අතර පල්සර් යානයේ පරිඝණක ක්‍රියාකාරිත්වය පිළිබඳව වගකීම ඔහු දැරීය.

 මෙම අභ්‍යාවකාශ චාරිකාවේ ප්‍රධාන පර්යේෂක නිලධර ලෙස කටයුතු කරන ලද්දේ ඉන්දීය ජාතික විශ්වනාත් සිං විසිනි. ඔහුගේ රාජකාරි පරාසයන්  අතර අභ්‍යාවකාශ ගවේෂණය, විද්‍යා වාර්තා සැකසීම හා පිටසක්වල ජිවීන් පිළිබඳ පරික්ෂණද විය. කාශ්මීරයේ උපත ලැබූ විශ්වනාත් සිං, කුඩා කාලයේදීම ඔහුගේ පවුල ඇමරිකාවට සංක්‍රමණය විය. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ  කැන්සාස් නගරයේදීය. ඉක්බිති ඔහු  ද්විතියික අධ්‍යාපනය සඳහා මිසූරිද පසුව ශිෂ්‍යත්වයක් ලබා හාර්වඩ් විශ්ව විද්‍යාලයටත් ඇතුළු විය. අභ්‍යාවකාශ ගමන් කෙරෙහි ඔහු තුළ තිබුණේ දැඩි ආශාවකි. එම නිසා ඔහු අඟහරු ග්‍රහයා පිළිබඳ කැරුණු දීර්ඝ කාලීන ගවේෂණ වලදී පර්යේෂක නිළධරියෙකු ලෙස සහභාගිි විය. ඔහු විසින් රච්ත පිටසක්වල ජීවය පිළිබඳ නිබන්ධනය  සඳහා ස්ටීවන් හෝකින්ස් සම්මානයද ලැබීය.

 අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සියළු ග්‍රහලෝක වල ගවේෂණ වලින් පසුව සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට පිහිටා ඇති ග්‍රහලෝක ගවේෂණය කළ යුතුබව නාසා ආයතනය විසින් තීරණය කරන ලදි. අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නව පිහිටා තිඛෙන Epsilon Erdani  ග්‍රහ ලෝකය විමර්ශනය කරනු වස් පල්සර් යෝජනා ක්‍රමය නම් වැඩසටහනක් ක්‍රි.ව. 2102 දී ආරම්භ කෙරිණි. පෘථීවියට ආලෝක වර්ෂ 10.5 ක් එනම් සැතපුම් ටි්‍රලියන 63 ක දුරකින් පිහිටා තිඛෙන මෙම ග්‍රහලේකයේ ජීවය තිබේදැයි සොයා බැලීම පල්සර් යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ විය, මීට අමතරව මනුෂ්‍ය වාසය සඳහා හිතකර තත්ත්වයක් තිබේද යන්න සොයා බැලීමද මෙම අජටාකාශ චාරිකාවේ එක් වගකීමකි.

 ඩොලර් බිලියන 6000 කට අධික මුදලක් වැයවෙන මෙම අභ්‍යාවකාශ ගමන සඳහා ඇමරිකාව, රුසියාව හා අරියානා හෙවත් යුරෝපීය අජටාකාශය සංගමය බරපැන දැරිය මීට අමතරව Epsilon Erdani  ග්‍රහලොවෙන් සොයා ගැනෙන ස්වාභාවික සම්පත් වලින් අයිතියෙන් 3% සඳහා ගිවිසුමක් මත ධනවත් සමාගමක් වූ හාර්කෝන් සමාගමද චාරිකාව සඳහා යන වියදමෙන් කොටසක් දැරීය.

 මෙතෙක් මනුෂ්‍ය වර්ගයා ගමන් නොකරන ලද දුරක් ගමන් කිරීමටද අභ්‍යාවකාශයේ නොදන්නා ප්‍රදේශයක් අනාවරණය කිරීමටද පල්සර් යානාව නිර්මාණය කරන ලදි. දළ වශයෙන් වසර 20 ක් ගතවන මෙම චාරිකාවට යාන්ත්‍රික රොබෝවරු නොව සජීවී මිනිසුන්ව යොදා ගත යුතු බවත් දීර්ඝ අභ්‍යාවකාශ චාරිකා වලදී ඔවුන්ගේ සෞඛ්‍ය කෙරෙහි ඇතිවන බලපෑම තීරණය කළයුතු බවත් තීරණය විය.

 න්‍යෂ්ටික බලයෙන් ගමන්ගත් පල්සර් යානාව වරින් වර අධිවේගී ත්වරණයක් ලබාගන්නේ ප්‍රෝටෝන දැල්වීම මගිනි. ප්‍රෝටෝන දැල්වීම මගින් අධිවේගයක් ජනිතවන අතර එම වේගය නිසා මනුෂ්‍ය ශරීරයේ මතුවන සංකූලතා අවම කිරීම සඳහා අජටාකාශගාමීන් ගුරුත්ව රෝධක මැදිරියක නිද්‍රාවට ලක් කරනු ලැබීය.

 2103 වසරේ අජටාකාශ ගත කෙරුණ පල්සර් යානාවට මේ වනවිට පුරා වසර පහක කාලයක් (පෘථීවි කාලයෙන්) ගතවී තිබූ අතර පෘථීවියේ  සිට කිලෝමීටර් ට්‍රිලියන​ 15 කට ආසන්න දුරක් ගමන් කොට තිබු‚. මිනිසුන් මෙතරම් දුරක් ගමන් කොට තිබුණේ ප්‍රථම වතාවටය. එහෙත් ඔවුන්ට Epsilon Erdani  ග්‍රහලොව කරා යාමට තව බොහෝ දුරක් තිබුණි.

 වසර 5ක් අජටාකාශ යානයක කොටුවී අඳුරු අභ්‍යවකාශයේ ගමන් කිරීම අවදානම් මෙන්ම වෙහෙසකර කාර්යයකි. පල්සර් යානාවේ ගමන්ගත් අභ්‍යවකාශගාමීන් මෙම චාරිකාව සඳහා විශේෂ පුහුණුව ලද්දෝ වෙති. පැය 8ක කාලයක් අවදිව සිටිමින් ඉනික්බිතිව පැය 200 – 600 අතර කාල පරාසයක නිද්‍රාවට පත් වීමෙන් මගින් දීර්ඝ අභ්‍යාවකාශ ගමන් වලදී ඔවුන්ගේ ෙසෙල වලට වන හානිය අඩු කොට තිබි‚. ගුරුත්වය රහිත අවකාශයක ගමන් කරන විට හෘද ස්පන්දනය, රුධිර සංසරණය, වෙනස් වෙයි. මෙම වෙනස් වීම ඇතැම් විට අභ්‍යන්තර රුධිර ගැලීම් දක්වා පීඩාකාරී විය හැක. එසේම ඔවුන්ගේ පේශි තානය දුබල වෙයි. මෙම ගැටලූව වලක්වා ගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත කෘත්‍රීම පරිසරයක් යානාව තුළ ඇති කිරීමක් ශරීරයේ පේෂි ක්ෂය නොවීමට වරින්වර ශාරීරික අභ්‍යාසවල නිරත වීමත් වැදගත් වෙයි.

 පල්සර් යානයේ ගමන්ගත් අභ්‍යාවකාශගාමීන්  අනුගමනය කළේ පොදු කාලසටහනකි. නිද්‍රාව, ව්‍යායාම, යානයේ කටයුතු අධික්ෂණය, පරීක්ෂණ පැවැත්වීම, ආහාර ගැනීම යනාදී සියළු ක්‍රියාවල් සිදුවූයේ සම්මත කාලසටහනන් අනුවය. අවදිවී සිටි සුළු කාලය ඇතුළත ඔවුහු යානයේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරිම, පෘථීවියේ ප්‍රධාන පාලන මැදිරිය සමඟ සබඳතා පවත්වා ගැනීම සිදු කළහ.

 කපිතාන් නෝට්න්ගේ ප්‍රධාන වගකීම වූයේ යානාව ගමන් කරන ඉලක්කය නිරවද්‍යව පවත්වා ගැනීමයි. මේ සඳහා පල්සර් යානාවේ පරිඝණක මූලික වශයෙන් යොදා ගැනුනද පරිඝණකයක් නිසිලෙස ක්‍රියාත්මක වේදැයි, වරින් වර පරික්ෂාවට ලක් කිරීම අන්වාර්යයෙන්ම කළ යුතුව තිබු‚. ඒ මන්දයත් හදිසි පරිඝණක දෝෂයක් නිසා ඔවුන්ව විශ්වයේ අතරමං වීමේ හැකියාවද පැවති හෙයිනි. මේ නිසා කපිතාන් නෝට්න් මුළු සිත කය යෙදවූයේ ගමනාන්තය දක්වා ඇත

 සිතියමේ  කවරස්ථානයක පල්සර් යානාව මේ අවස්ථාවේ ගමන්කරමින් සිටීද යැයි බැලීමටය. යානය නිවැරදි දිශාවට ගමන් කරන බව තහවුරු කරගත් ඔහු උපනියමු විතාලි දෙස බැලූවේ තෘප්තිමත් මුහුණකිනි.

 හදිසියෙන්ම පල්සර් යානාවේ රේඩාර් තිරයේ හඳුනා නොගත් තිතක් සටහන්වුනි. පරිඝණක දත්ත විශ්ලේෂණය අනුව එය ග්‍රහලොවක කොටසක්, ඇස්රෝයිඩයක් හෝ වෙනත් යම් ස්වාභාවික වස්තුවක් නොවන බව පැහැදිලිය. එම නිසා ඔවුන් පල්සර් යානාවට සැතපුම් මිලියන 3.2 ක දුරින් පිහිටා තිබූ වස්තුව වෙත පොලෝනියම් තරංග යැවීමට තීරණය කළහ. වැඩි දියුණූ කරන ලද පොලෝනියම් තරංග ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කරයි. එසේම ඉලක්කයකට එල්ල කළ හැක. ඉලක්කය වෙත වැදී යළි පරාවර්ථනය වන පොලෝනියම් කිරණ පරිගණකය මගින් විශ්ලේශණය කෙරේ එම විශ්ලේශණය මගින් එකී  වස්තුවේ හැඩය සංයුතිය නිර්ණය කළ හැකිය.

 මෙම අරුම පුදුම වස්තුව නිසා පල්සර් යානාවේ අභ්‍යාවකාශගාමීන් තුළ ඇතිවූයේ කුතුහලය මිශ්‍ර උනන්දුවකි. ප්‍රධාන ගමන් මාර්ගයෙන් මඳක් විස්ථාපනය වී මෙම වස්තුව දෙසට ගමන්කළ යුතු බව ප්‍රධාන පර්යේෂණ නිළධාරී විශ්වනාත් සිං යෝජනා කළේය. එහෙත් කපිතාන් නෝට්න් ගමන් මාර්ගය  වෙනස් කිරීමට අකමැති විය. එහෙත් ප්‍රධාන පරිඝණක නිළධාරියා තම උත්සාහය අත්හැරියේ නැත. යම් ලෙසකින් මෙම වස්තුව කෘතීම නිෂ්පාදනයක් නම් එය පිටසක්වල ජීවය පවතින බවට සනාථ කළ හැකි අනගි සාක‍ෂ්‍යයක් නොවන්නේද? ඔහු කපිතාන්ගෙන් ඇසීය.

 —මෙය කෘතීම වස්තුවක්ද යන්න අපි හරිහැටි නොදනිමු. එම නිසා පොලෝනියම් තරංග මගින් එම වස්තුවේ ස්වභාවය අපි සොයා බලමු˜ කපිතාන් නෝට්න් කීවේ සම්මත ගමන් මාර්ගයෙන් ඉවතට පල්සර් යානාව ගැනීම අසීරු නිසාය. එසේම ඔහු මෙම වස්තුව පිළිබඳව පෘථීවි පාලක මැදිරියටද වාර්තා කළේය.

 පොලෝනියම් තරංග මගින් අද්භූත වස්තුව විශ්ලේෂණය කරණ ලද අතර පරිඝණක නිළධාරී කෝර හෙන්රික් එම දත්ත ලබාදෙන ලදි.

 —       එය කෘතී්‍රම වස්තුවක්. බොහෝවිට අභ්‍යවකාශ යානයක් විය හැකියි. හෙන්රික් පැවසුවේ විශ්මයෙනි.˜

 —විශාල පුදුමයක්. මානව වර්ගයා මෙතරම් දුරක් ගමන් කොට නැත. එය වෙනත් ග්‍රහලොවක වාසය කරන ජීවීන්ගේ යානාවක් විය නොහැකිද?˜ උපනියමු විතාලි සිදරොව් ප්‍රශ්ණ කළේය.

 ක්‍රි. ව. 2108 දක්වා තවමත් පිටසක්වල ජීවය පිළිබඳ ස්ථීර සාධක ලැබී තිබුණේ නැත. පිටසක්වල ජීවය පිළිබඳව මෙම අද්භූත යානාව හොඳම උදාහරණයක් වනු ඇතැයි විශ්වනාත් සිං පැවසීය. පිටසක්වල ජීවය පිළිබඳ නොයෙක් කරුනු අධ්‍යානය කොට තිබූ ඔහුට මෙම අවස්ථාව තම වෘත්තියේ විශිෂ්ඨතම අවස්ථාව විය හැක.

 —එම යානය ගමන් කරන්නේ නෑ. පාවෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා.˜ හෙන්රික් පරිඝණක වාර්තා ඇසුරෙන් තම නිගමනයන් දැක්විය.

 —ඔවුන් අභ්‍යාවකාශයේ  අතරමං වූ කණ්ඩායමක් වීමට නොහැකිද? එසේනම් අපගේ යුතුකම ඔවුන් ගලවා ගැනීමයි.˜ විශ්වනාත් සිං කපිතාන් නෝට්න්ගේන් ඇසුවේ පල්සර් යානාව අද්භූත යානය දෙසට ගමන් කළ යුතුමය යන්න සනාථ කිරීම සඳහාය. මේ නිසා කපිතාන් නෝට්න්ගේ පෘථීවි පාලක මැදිරියෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කළේය.

 අද්භූත යානය පිළිබඳ තව දුරටත් සොයා බලන ලෙසටත් යම් ලෙසකින් එම යානාවේ ජීවය පවතී නම් පල්සර් යානය ප්‍රධාන ගමන්  මාර්ගයෙන් ඉවත්්කොට එම යානාව දෙසට පදවන ලෙසත් ප්‍රධාන පාළක මැදිරියෙන් දැනුම් දුන්නේය.

 තෝර් හෙන්රික් අඳුරු අභ්‍යාවකාශයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් යානාව පිළිබඳව තව දුරටත් තොරතුරු පරිඝණක ආශ්‍රයෙන් ලබා ගත්තේය.

 —ලැඛෙන තොරතුරු අනුව මෙම යානයේ සංයුතිය ඇලූමිනියම්, ටයිටේනියම්, හා රන් වලින් යුක්තයි. කිසිදු ප‚විඩ තරංගයක් එම යානයෙන් පිටවන්නේ නැහැ. අප විසින් යැවූ රේඩියෝ තරංග වලට කිසිම ප්‍රතිචාරයක් නැහැ.˜ හෙන්රික් විශාල පරිඝණක තිරය දෙස බලමින් ප්‍රකාශ කළේය.

 —එසේ නම් ජීවීන් විනාශවී ගොසින්ද?…˜ විශ්වනාත් සිං ඇසුවේ බලාපොරෙත්තු කඩවූ විලාශයෙනි.

—මෙම අවස්ථාව මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ඨතම අවස්ථාවටයි. ගින්දර සොයා ගැනීම, රෝදය සොයා ගැනීම වැනි මිනිස් ශිෂ්ටාචාරය  වෙනස් කළ සොයාගැනීම් වලින් පසු උදාවන උත්කර්ෂවත්ම අවස්ථාව මෙය විය හැකියි. පිට සක්වල ජීවය පවතින බවට අපි මෙහිදී සාක‍ෂ්‍යකරුවන් වෙමු˜ ඔහු පැවසුවේ ජීවීන් ගැන තොරතුරු නොවෙතත් මෙම යානය පිටසක්වල ජීවය පවතින බවට හොඳම සාක‍ෂ්‍යයක් වන නිසාය.

 පල්සර් යානාවේ දුරේක්ෂය මගින් ගත් ඡායාරූප අනුව මෙම යානයේ හැඩය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවිය. මේ අතර හෙන්රික් යානාව පිළිබඳව ලබාගත් දත්ත තව දුරටත් විශ්ලේෂණය කරමින් සිටියේය.

 —යානය පිළිබඳ අභිරහස මා සොයාගත්තා,…˜ හෙන්රික් හදිසියේම පැවසුවේ පරිඝණක තිරය දෙසට ඇඟිල්ල දික් කරමි‚.

—කපිතාන් මෙය පිටසක්වල යානයක් නොවේ. පෘථීවියේම නිෂ්පාදනයක් බලන්න යානාවේ හැඩය˜  ඔහු පරිඝණකය මත සටහන් වූ ඡායා රූපය විශාල කළේය.

 —පෘථීවි යානාවක් මෙපමණ දුරක් ගමන් කර තිබුනේද? යන්න පිළිබඳ කිසිම වාර්තාවක් නැහැ. මෙය විශ්මයක්. පල්සර් යානාව තමයි මානව වර්ගයා ගමන් කළ වැඩිම දුර එනම් සැතපුම් ටි්‍රලියන 15 කට වඩා දුරක් ගමන්කොට සිටින්නේ˜ කපිතන් නෝට්න් පැවසුවේ හෙන්රික්ගේ දත්ත පිළිබඳ සැක මතු කරමිණි.

 පරිඝණක තීරයේ අද්භූත යානයේ හැඩය වඩාත් පැහැදිලිව ඇෙඳයි. අභ්‍යවකාශගාමීහු එම තිරය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියහ.

 —මහත්වරුනි මෙම දත්ත අනුව මෙම යානය පෘථීවියේ සිට 1972 මාර්තු 10 වැන දින අභයාවකාශ ගතවූ පයනියර් 10 යානාවයි. මෙම යානය පිටසක්වල ජීවය ගවේෂණය කිරීමටත්, පෘථීවිය පිළිබඳ තොරතුරු පිටසක්වල වාසින්ට ලබාදීමේ අරමුණින් අභ්‍යවකාශයට යැවු මිනිසුන් රහිත යානයක්. එය 1980 දී අපගේ සෞරග්‍රහ මණ්ඩලය පසුකළා. අවසන් වරට එම යානාව පෘථීවියට පණිවුඩයක් නිකුත් කළේ 2003 වසරේ ජනවාරි 22 දින. ඉන්පසු මෙම යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත. මම හිතනවා වසර එකසිය පහකට පසුව පයනියර් -10 යානය පිළිබඳ හෝඩුවාවක් ලැබුණේ අද දිනයේ කියා හෙන්රික් පැවසීය. කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ ඔහුට සවන් දුන්හ.

 —එහෙත් මෙම යානය අභ්‍යවකාශයේ පාවෙමින් මෙතරම් දුරක් පැමිණියේ කෙසේද?˜ වෛද්‍ය ජෙනිෆර් කනිංහැම් මෙනවිය ඇසුවාය.

 හෙන්රික් වෙනුවට පිළිතුරු දුන්නේ විශ්වනාත් සිං ය. පයනියර් 10 යානාව   තාරකා මණ්ඩලය දෙසට ගමන් කරමින් සිටියා. යානාවේ න්‍යෂ්ටික ඉන්ධන අවසන් වීම නිසා එය තරු මණ්ඩලය දෙසට ඇදී යන්නට ඇති.

 පයනියර් 10 යානාව දැන් පැහැදිළි ලෙස පරිඝණක තිරයේ සටහන් වී තිබේ. යල්පැනගිය මොඩලයකට අයත් ශත වර්ෂයකට වඩා පැර‚ මෙම යානාව දෙස අජටාකාශගාමීන් බලාසිටිය් මහළු ඥාතියෙකු දෙස බලන දයාබර බැල්මෙනි.

 අපි එහෙනම් අද්භූත යානය පිළිබඳ රහස අනාවරණය කර ගත්තා. තව විනාඩි විසි තුනකින් අප නිද්‍රාවට පත් විය යුතුයි. කපිතාන් නෝර්ට්න් කණ්ඩායම වෙත නියෝග කළේය.  කපිතාන්ගේ නියේගය අනුව ඔවුහු ගුරුත්ව රෝධක මැදිරිය වෙත පා නැගූහ.

 ඔබ දන්නවාද පයනියර් 10 යානායේ පෘථීවිය පිළිබඳ තොරතුරු අඩංගු බව? හෙන්රික් විශ්වනාත් සිං ගෙන් ඇසීය. ඔව්, පෘථීවියේ පවතින මූලද්‍රව්‍යයන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය මෙන්ම මිනිසෙකුගේ හා ගැහැණියකගේ රූප තිඛෙනවා. රන් ඵලකයක කොටූ මෙම රූප සටහන සකස් කළේ කීර්තිමත් විද්‍යාඥයෙකු වූ කාල් සෙගාන් විසිනුයි. විශ්වනාත් සිං පිළිතුරු වශයෙන් කීය.

 ගුරුත්වාරෝධක මැදිරියේ දී ඔවුහු ඔක්සිජන් හිස්වැසුම් පැළඳූහ. හිපොකි්‍රටීස් – 1 මගින් අභ්‍යවකාශගාමීන්ගේ ශිරාවලට සියුම් බට ඇතුළු කළේ දීර්ඝ නිද්‍රාවේදී අවශ්‍ය ආහාර ශිරා මගින් එන්නත කිරීමටය. මෙවර ඔවුහු පැය 400 ක නින්දකට සූදානම් වූහ. දීර්ඝ නිද්‍රාවේදී ශරීරයේ ක්‍රියාකාරීත්වය පාලනය කළේ හිපොක්‍රටීස් – 1 පරිඝණකය මගිනි.

 අභ්‍යාවකාශගාමීන් පස්දෙනා තම තමන්ට අයත් කුටි වල නිද්‍රාවට පත්කිරීමත් සමගම පල්සර් යානයේ පරිඝණකය යානායේ සම්පූර්ණ පාලනය භාරගනු ලැබිණ.කපිතාන් නෝට්න් විසින් සැකසූ අභ්‍යාවකාශ මාර්ග සිතියමට අනුකූල ලෙස දිශාව අන්තිම කලාව දක්වා නිවැරදි කරනු ලැබීය. ඒ සමගම පල්සර් යානාවේ එන්ජින් කාමරයේ ප්‍රෝටෝන දැල්වීම සිදුකරන ලදි. ප්‍රෝටෝන දැල්වීමත් සමග අධික වේගයකින් යානාව ඉදිරියට ගමන් කළේය. මේ අතර වාරයේ පයනියර් 10 යානය අඳුරු අභ්‍යවකාශයේ තවදුරටත් පාවී යන්නට විය.

 වෛද් රුවන් එම් ජයතුංග

One Response to “විශ්ව ගවේශකයෝ – (Short Story)”

  1. LANKAPUTHRA Says:

    Dr. M. Jayathunga, please publish your article in ENGLISH on Lanka web, so that every one can read it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress