පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි – ඒත් ගෝඨාභය ව ලේසියෙන් අතහරින්නේ නෑ!
Posted on March 10th, 2015

Mahinda.info

පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි – ඒත් ගෝඨාභය ව ලේසියෙන් අතහරින්නේ නෑ! පසුගිය කාලයේ රටේ ආන්දෝලනයට ලක් වූ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ චෝදනාවන් සහ ඒ සමග ගිය මඩ අවලාද ව්‍යාපාරය අවසන් කරමින් ඇවන්ගාඩ් නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කළා. ඒ බව ජාතික පුවත්පත් වල වාර්තා වී තිබුණේ මෙලෙසයි. දිවයින පුවත්පත 2015.03.04. මෙතනින්.
ඊට අමතරව ඇවන්ගාඩ් නාවික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එජාපයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූයේ මෙලෙසයි

කිරිඇල්ල මහතා පැවසූ කරුණු වලින් වැදගත් දෑ කිහිපයක් මෙලෙසයි. 1. රක්නා ලංකා ආරක්ෂක සමාගම රජය සතු සමාගමක් වේ. (රක්නා ලංකා ආරක්ෂක සමාගම ආරම්භ කළ කාලයේ එවකට මහින්ද විරෝධී ජනමාධ්‍ය විසින් එය ගෝඨාභයගේ පුද්ගලික සමාගමක් කියමින් මඩ ගහපු හැටි ඔබට මතකයි නේද?) 2. සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් විසින් පිටරට සමාගම් වෙත අනුයුක්ත කිරීම සඳහා රෙගුලාසි පනවා නොතිබුණ නිසා පෞද්ගලික ආයතන බොහෝමයක් මගින් සාගර ආරක්ෂක නිලධාරීන් යෙදවීම පාලනයකින් තොරව සිදුවිය. මේ නිසා හමුදා වලින් පැන ගිය පුද්ගලයන්ද අපරාධ වාර්තා ඇති අය එම් රැකියා වලට සම්බන්ධ වී ඇති බව නිරීක්ෂණය විය. මෙම තත්ත්වය අඛණ්ඩව සිදුවූවානම් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය ත්‍රාන්ත්‍රික සම්බාධක පැනවීමට ඉඩ තිබුණි. අන්න ඒක වලක්වන්න තමයි රජයටම අයත් රක්නා ලංකා ආරක්ෂක සමාගමටම අනුබද්ධ ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක සමාගමට මහ සයුරේ ආරක්ෂාව ලැබෙන්නේ. ඊටත් අමතරව ඇවන්ගාඩ් වෙත ඒ සඳහා සුදුසුකම් අනිකුත් සමුද්‍ර ආරක්ෂක සමාගම් වලට වඩා තිබෙනවා. ඇවන්ගාඩ් යනු ලෝකයේ පිළිගත් සමුද්‍ර ආරක්ෂක සමාගමක් වීම, විශ්‍රාමික නාවික හමුදාපතිවරුන් පවා සම්බන්ධ වී සිටීම, ආදිය ඊට උදාහරණයි. එසේම රක්නා ලංකා වෙතින් අදාල බදු මුදල්ද නිසි පරිදි ගෙවා ඇති බව කිරිඇල්ල මහතාම පවසනවා. ඇවන්ගාඩ් නීත්‍යානුකූලයැයි රජය පැවසූ බවත් ජනමාධ්‍ය වාර්තා කරනවා.

ඇවන්ගාඩ් නීත්‍යානුකූලනම් ඒ වෙනුවෙන් රජය විසින් පනවා ඇති නඩුවත් ඉල්ලා අස් කරගත යුතුයි. එහෙත් පසුගියදා මහනුවර පැවැත්වූ රැළියෙන් පසුව සිදුවූයේ කවුරුත් නොසිතූ දෙයක්. ඇවන්ගාඩ් හි උපදේශකවරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු නාවික හමුදාපති තුමාගේ ගුවන් ගමන් තහනම් කරනු ලැබුවා.

https://www.youtube.com/watch?v=rCMJEebGlW8

ගෝඨාභය රාජපක්ෂ මහතා වරදක් කළ නිසා හෝ, අඩුම තරමින් වරදක් කළ බවට ඇති සැකයක් නිසා හෝ මෙසේ වූවානම් අපට කනගාටුවක් නෑ. කිරිඇල්ල මහතාම පවසන පරිදි ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමට තිබූ වාතාවරණය වෙනස් කරමින්, එය ආපසු අපගේ වාසියට යොදාගෙන ලෝකයේ අංක එකේ සමුද්‍ර ආරක්ෂන සමගමේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීමේ මාස්ටර් ප්ලෑන් එක සෑදූ විරුවාට අද උසාවි ගානේ බඩගාන්න සිදුවී තියෙනවා. පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි – ඒත් එහි උපදේශකයෙක් වූ ගෝඨාභය රාජපක්ෂව ලේසියෙන් අතහරින්නේ නෑ!”. ඔන්න ඕකයි අපිට වත්මන් ආණ්ඩුවෙන් දෙන පණිවිඩය. ඉහත www.mahinda.info වීඩියෝව අගදී ජෝන් අමරතුංග මහතා පවසනවා පළවෙනි අදියරට එතුමන්ලාගේ පාස්පෝට් තහනම් කළා කියලා. එතකොට දෙවෙනි අදියරේදී වෙන දේ ඔබට හිතාගන්න පුළුවන්…

Read More at www.mahinda.info/2015/03/avantgarde/ © Mahinda.info

 

 

 

 

3 Responses to “පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි – ඒත් ගෝඨාභය ව ලේසියෙන් අතහරින්නේ නෑ!”

  1. Christie Says:

    Namaste: Indian imperialists will lynch them, that is their resolve. Jai Hind

  2. ranjit Says:

    Gota is a respectable Gentleman rather than Yamapalana dogs like Kiriella who told once that any stupid can fight a war if he has a weapon in his hand. These stupids will not survive long. Their life depends on lies. They don’t care about anything except their positions.These shit rascals should be rejected by the people somehow in the next General elections. There are so many useless thieves in both sides as people’s representatives we should get rid of as soon as possible if we need to have a clean Parliament. It’s the duty of the public to send good educated decent people’s reps to solve our problems not drug lords or rowdies like One shot,Mervin,Anura and some of the clowns in both sides.

    We should be proud to have people like Gota as a son of Motherlanka. He is a straight forward fearless worrier who has been responsible for defeating the most ruthless killers of all time from our beloved homeland. People’s prayers are with him and no harm will come to him at any time soon. He is a great leader and I wish him good luck and God bless him.

  3. Podda Says:

    අප රට වෙනුවෙන් ඇප කැප වී කරන ලද ඉමහත් මෙහෙය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ අපේ ආදර වීරෝධාර ලක්මැණිගේ දරුවා සියලු දෙවි දේවතාවන් විසින් ආරක්ෂා කරත්වා. ඔහුට සහ ඔහුගේ පවුලේ සැමට ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress