සෝමාලි මුහුදේ සිට නයිජීරියානු මුහුදට ගිය මේජර් සේනාධිපතිගේ කතාව
Posted on March 14th, 2015

බෲනෝ පාඩිගන්ගේ ප්‍රංශ හඬ ශ්‍රී ලංකාවෙන් ඇහෙන හැටි මේජර් නිශ්ශංක සේනාධිපති පැහැදිලි කරයි  Courtesy Divaina




නයිජිරියාවට විකිණීමට සැලසුම් කර ඇත්තේ
ශ්‍රී ලංකා නාවික හමුදාව නිර්මාණය කළ මෙම බෝට්‌ටු වර්ගයයි

ඔබ නයිජීරියාව ගැන අසා ඇත්තේ කුමක්‌ද….?

කවරෙකු හෝ අනපේක්‍ෂිත ලෙස ඔබගෙන් එම ප්‍රශ්නය අසා සිටියහොත් නිසැකවම ඔබේ මතකයට නැගෙන කරුණු කිහිපයක්‌ම තිබෙන බව මම දනිමි….”

බෝකෝහරාම් නම් ඉස්‌ලාමික අන්තවාදී ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වන රට නයිජීරියාව බව ඔබ පළමුව කියනු ඇත. ඉබෝලා නම් වෛරසයෙන් බිහිවන භයානක වසංගත රෝගයෙන් බහුලව ජනතාව පීඩා විදින රට නයිජීරියාව බව ඔබ දෙවනුව කියනු නිසැකය. බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම්, බිය වැද්දීම්, පැහැරගෙන යැම්, බලහත්කාරකම් ආදී නොයෙකුත් ත්‍රස්‌තවාදී ක්‍රියාවන් අනූන අප්‍රිකාකාරයේ ඇති කලබලකාරීම රට නයිජීරියාව බව කියනුද නිසැකය.

මේ කරුණු සලකා බලන කල ස්‌වභාවික සම්පත් හා ඛනිජ සම්පත් බහුලව පවතින අප්‍රිකාකරයේ ඇති විශාලතම රට වූවත් නයිජීරියාවට කෙනෙකු යන්නේ හෝ එන්නේ ලොකු අවදානමක්‌ අරාගෙනය. සත්තකින්ම ඒ යන්නේa කෙනෙක්‌ නොගොස්‌ම බැරි ගමනකට කිවහොත් එය නිවැරදිය.

එසේ තිබියදීත් පසුගිය කාලයේ අපේ රටේ එක්‌ සුවිශේෂී පුද්ගලයෙක්‌ නයිජීරියාවට 21 වරක්‌ම සංචාරය කළා යෑයි කිවහොත්, ඔබ එය පිළිගන්නවාද….

ඒ සුවිශේෂී පුද්ගලයා අන් කවරෙකුවත් නොව, මේජර් නිශ්ශංක සේනාධිපතිය. පසුගිය දිනවල පාවෙන අවි ගබඩාවක්‌ සම්බන්ධයෙන් හා ඇවන්ට්‌ ගාර්ඩ් මුහුදු ආරක්‍ෂක සේවාව සම්බන්ධයෙන් විවිධ අන්දමේ චෝදනා ලැබ මුලු රටේම අවධානයට ලක්‌ව සිටින නිශ්ශංක සේනාධිපති මට හමුවූයේ අපේ රටේ නමගිය ආරක්‍ෂක විශේෂඥයන් පිරිසක්‌ සමඟ නයිජීරියාවට ගොස්‌ නැවත පැමිණ සිටින අතරවාරයකයි. නයිජීරියානු රජයේ නාවික හමුදා හා එහි ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ ආරක්‍ෂක සේවා රාජකාරි සැපැයීමේ ගිවිසුම් ගණනාවකට අත්සන් තබා යළි මවුබිමට පැමිණි සේනාධිපති එම ගමනේ සුලමුල හා අතීත කතාව විස්‌තර කරමින් අප හා කතා බහකළේ මෙසේය.

ඔහුට රටේ මේ තරම් අභියෝග තිබියදීත් ප්‍රශ්න තිබියදීත් හිටි හැටියේ නයිජීරියාවට යන්නට සිදුවුණේ ඇයිදැයි විස්‌තර කරමින්a නිශ්ශංක සේනාධිපති කතා කළේය….

“මම දැන් අවුරුදු 2 ක ඉදලම නයිජීරියාවට යනවා එනවා. මේ වෙනකොට එම මගේ ආරක්‍ෂක සේවා විශේෂඥයෝ 50 දෙනකු සමඟ 21 වතාවක්‌ නයිජීරියාවට ගොස්‌ තිබෙනවා. මගේම අතේ තියන සල්ලි වියදම් කරගෙන මම එහෙම ගියේ ඇයි… ඒ මොනවටද කියල මේ රටේ ජනතාව දැන ගන්නත් ඕන.

නයිජීරියාව කියන්නේ ආරක්‍ෂාවට පිළිබඳ ප්‍රශ්න කප්පරක්‌ තිබෙන අප්‍රිකානු මහාද්වීපයේ තිබෙන විශාලතම හා ධනවත්ම රට. තෙල් නිධි, රත්තරන් නිධි, තඹ ආකර, දියමන්ති මැණික්‌ ආදී භූගත සම්පත් බහුලයි. ඒ වුණාට ප්‍රශ්න හා කලබලත් බහුලයි.

අන්න ඒ වගේ වාතාවරණයක්‌ තිබියදීත් ඉවෙන්ට්‌ ගාර්ඩ් මැරිටයිම් සර්විසස්‌ නියෝජනය කරමින් නිශ්ශංක සේනාධිපති වන මම යන්නේ විශේෂ හේතුවක්‌ නිසයි.

නයිජීරියාවේ බටහිර වෙරලේ “ගල්ෆ් ඔෆ් ගිනි” කියන ප්‍රදේශයේ පැන නැගෙමින් තිබෙන මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් ලෝකෙටම නැව් ගමනා ගමනය සඳහා ලොකු තර්ජනයක්‌ වෙමින් තිබුණා. නයිජීරියාවට ඊට එරෙහිවෙන්න වැඩපිළිවෙලක්‌ හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න විකල්පයක්‌ තිබුණේ නැහැ.උත්තරයක්‌ තිබුණේවත් නැහැ. අන්න ඒ ප්‍රශ්නය දැනගෙන මුහුදු මංකොල්ලකරුවන්ට උත්තරයක්‌ අරගෙන තමයි මම නයිජීරියාවට ගියේ.

ඒ කියන්නේ ඔබට සෝමාලියානු මුහුදු කලාපයේ තිබෙන වැඩ රාජකාරි මදි වෙලාද නයිජීරියාව පැත්තට ගියේ….
අපේ වීරෝධාර රණවිරවෝ සෝමාලියානු කලාපයේ කරපු මෙහෙයුම් කටයුතු නිසා සෝමාලිමුහුදු කලාපයේ මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් අඩුවෙමින් ගියා. ඒ ක්‍රියාකාරකම් අවසන් වෙමිනුයි තිබුණේ. එම දැනගන්නා මුල් කාලයේදී අපේ කොල්ලෝ වැඩකරපු විදියට සෝමාලියානු කලාපයේ අපට රස්‌සාව තියෙන්නේ තව අවුරුදු 2 යි කියලා. එහෙමනම් අපි අපේ රණවිරුවන්ගේ රැකියා සුරක්‍ෂිත කරගන්න තවත් මේ වගේ ප්‍රශ්න තිබෙන කලාපයකට යා යුතුයි.

නයිජීරියාවටත් “ගල්ෆ් ඔෆ් ගිනි” කලාපයේ මුහුදු කොල්ලකරුවන් මර්දනය කරන්න ලොකු අවශ්‍යතාවයක්‌ තිබුණා. හැබැයි එයාලට ප්‍රශ්නය වුණේ ඒ සඳහා යුද්ධෝපක්‍රම, දියුණු ශිල්පක්‍රම, කුඩා වේග ප්‍රහාරක යාත්‍රා, පුහුණුව වගේ දේවල් ඔවුන්ට නෑ. ඔවුන් ඒ සඳහා ලෝකයේ රට රටවල් වල උපදෙස්‌ පැතුවා. මේකට යන්න කිසිම පුද්ගලික ආරක්‍ෂක සේවයක්‌ ඉදිරිපත් වුණේ නෑ.

ඒ වගේම සෝමාලියානු අති බයානක මුහුදු කොල්ලකරුවන් මඩින්න ලාංකික රණවිරුවෝ හැටියට අපි පාවිච්චි කරපු වැඩපිළිවෙල හා අපේ රටේ හමුදාව ගැන මුහුදේ පතල වෙලා තිබුණ කීර්තිය නයිජීරියාව දැනගෙන හිටියා. ඔවුන් අපි ගැන ලොකු විශ්වාසයකයි පසුවුණේ.

එයාලා අපිට අවස්‌ථාවක්‌ දුන්නා… ගල්ෆ් ඔෆ් ගිනි වල මුහුදු ආරක්‍ෂාව සම්බන්ධයෙන් අපේ යෝජනා ටික, අපේ වැඩපිළිවෙල එයාලගේ ආරක්‍ෂක ප්‍රධානීන් ඉදිරියේ ඉදිරිපත් කරන්න. ඇමරිකාව ප්‍රමුඛ රටවල් 26 ක ආරක්‍ෂක සමාගම් මේ සඳහා අවස්‌ථාවක්‌ ලබාගන්න පැමිණිලා හිටියා.

නමුත් අපේ වැඩපිළිවෙල දැක්‌කට පස්‌සේ නයිජීරියාව අපි කෙරෙහි විශ්වාසය තබලා ඒ වගකීම අපට බාර කළා.

මේ තැනට මේ ව්‍යාපෘතිය අරගෙන එන්න මට අවුරුදු 1 1/2 ගතවුණා. ගමන් වාර 21 ක්‌ ගියා නයිජීරියාවට මේ රටේ ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ මගේ සල්ලි විතරක්‌ මේ ගමන්වලට වැය වුණා රුපියල් මිලියන 291 ක්‌. එහෙම කරලා තමයි පසුගියදා ගිවිසුම අත්සන් කරලා අපි ඒ කොන්ත්‍රාත්තුව ලංකාවට අරගෙන ආවේ.

නිශ්ශංක එසේ පවසන විට ඒ කොන්ත්‍රාත්තුව තුළින් රටට, රජයට, අපේ රටේ රණවිරුවන්ට සැලසෙන ප්‍රතිලාභ කුමක්‌දැයි අසන්නට ද මට සිත්විය.

ඔව්…. මම කියන්නම්. පළමුවෙනි වාසිය, ප්‍රතිලාභය තමයි “ගල්ෆ් ඔෆ් ගිනි” ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන් මඩින්න අපේ රණවිරුවන්ට අවස්‌ථාවක්‌ ලැබීම. එතනදී අපේ රණවිරුවො 4000 කට රැකියා ලැබෙනවා. කෙනෙකුගේ අවම පඩිය ඩොලර් 2500 යි. මේක අපි කරන්නේ තව රටවල් 7 කුත් එක්‌ක එකතු වෙලා. නයිජීරියානු නාවික හමුදාව සමග.

දෙවැනි වාසිය තමයි අපේම නාවුක හමුදාව නිෂ්පාදනය කරන කුඩා ප්‍රමාණයේ අධිවේගී මුහුදු ප්‍රහාරක යාත්‍රා නයිජීරියානු නාවුක හමුදාවට විකුණන්න අපට හැකිවීම. මම ඒ යාත්‍රාව ලෝකෙට හඳුන්වාදීමේ අතරමැදිය විදිහට ඉදිරිපත්ව නයිජීරියානු රජයට කරුණු පහදද්දී ඇමරිකාව බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 26 ක ආරක්‍ෂක නියෝජිතයන් කියන්න පටන් ගත්තා. ඔය විදිහේ යාත්‍රා අපි ළඟත් තියෙනවා… අපෙන් ගන්න කියලා… මම මගේ ව්‍යාපාරික ඥණය හා හැකියාව පාවිච්චි කරලා එකී රටවල් අවි ආයුධ හැදුවාට, යාත්‍රා හැදුවාට, ඒ කිසිම රටක්‌ මෑත කාලයේ යුද්ධයක්‌ ඉවර කරල කිසිම තැනක ජයග්‍රහණයක්‌ ලබල නෑ කියන එක පෙන්නලා දුන්නා. ලංකාව තමයි යුද්ධයක්‌ ඉවරෙටම ඉවර කළේ. ඒ සටන් වලදී මුහුදු ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව කළ මෙහෙයුම් හරිම තීරණාත්මකයි. ඒ මෙහෙයුම් සඳහා මෙන්න මේ යාත්‍රා තමයි නාවික හමුදාව භාවිත කළේ කියන එක මම පෙන්නලා දුන්නා. ඒ වගේම මේ ප්‍රහාරක යාත්‍රා ලංකාවේ නිෂ්පාදනය කළේ සතුරු යාත්‍රා ලුහුබැද හඹාගෙන ගොස්‌ මරාගෙන මැරෙන සතුරන්ට පහර දීමට බව මම පැහැදිලි කළා.

ඔවුන් ඒ අනුව ලංකාවට ආවා. අපේ නාවික හමුදාව හදාපු යාත්‍රා පරීක්‍ෂා කළා. අපේ යාත්‍රා ගැන විශ්වාසයක්‌ ඇතිව නියමු ව්‍යාපෘතිය ලෙස යාත්‍රා 8 ක්‌ ගන්න ඇනවුමක්‌ ලබාදුන්නා. මම මෙවර නයිජීරියාවට ගිහින් ඇනවුම යාත්‍රා 16 දක්‌වා වැඩි කර ගත්තා. හිතන්න…. මේ ඇනවුමට අනුව ලංකාවට ලැබෙනවා ඩොලර් මිලියන 3.5 ක මුදලක්‌.

ඔබ කියනවා ලංකාවට ලැබෙනවා කියලා හරියටම පැහැදිලිව කියන්න. මේ මුදල ලැබෙන්නේ ලංකාවටද… ඔබටද… ආeවන්ටි ගාර්ඩි ආයතනයටද… රක්‌නා ලංකා ආයතනයටද කියලා. හරියට පැහැදිලි නෑ අපට…..

හරි…. මම පැහැදිලි කරන්නම්කෝ..

රටක්‌ හැටියට අපට ඉස්‌සර අපනයන භාණ්‌ඩ විදියට තිබුණේ මොනවද පිටරට යවලා සල්ලි හොයන්න. ඉස්‌සර වෙලාම තේ, රබර්, පොල් තිබ්බා. ඊළඟට මැද පෙරදිගට ශ්‍රමය යෑව්වා. දැන් ඒවා අභියෝගයට ලක්‌වෙලා. අඩු පඩියට ඉදියාවෙන්a ඉන්දුනීසියාවෙන් ශ්‍රමිකයෝ යනවා. පස්‌සේ කලක්‌ ඇඟලුම් ගැන බලාපොරොත්තුවක්‌ තිබුණා. ඒකත් නැතිවෙලා ගියා. ඊට පස්‌සේ ලෝක පරිමාණ වශයෙන් අපට, අපේ රටට වටිනාකමක්‌ ලැබුණේ යුද්ධයක්‌ ඉවර කළ සොල්දාදුවන් නිසයි. මේක කවුරුවත් දන්නේ නැහැ. ඒ වන විට අපි තමයි ලෝකයේ “එක්‌ස්‌ෆර්ට්‌ස්‌ ඔෆ් ආර්ට්‌ ඔෆ් වෝ” (යුධ කලාවේ විශිෂ්ඨයෝ) විදියට නමක්‌ දිනාගෙන හිටියේ.

මට ඕක ගිහින් විස්‌තර කළා නයිජීරියානු ආරක්‍ෂක මණ්‌ඩලයේ නයිජීරියානු නාවික හමුදාවේ. එතනදී ඔවුන් මගෙන් ඇහුවා ඕවා රාජ්‍ය මට්‌ටමින් රටකට කියන්න උඹ කවුද… එක්‌කරගෙන වරෙන් උඹලයි රටේ ආරක්‍ෂක ප්‍රධානීන් කියලා මට කිව්වා.

මම ඒ වෙලාවේ ආපහු ආවා. ඊළඟ වතාවේ මම ගියේ රාජ්‍ය නායකයන් නිලධාරීන් ආරක්‍ෂක නිලධාරීන් ගණනාවක්‌ එක්‌ක. එතන හිටියා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජනරල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ජනරාල් දයා රත්නායක, නාවික හමුදාවේ අද්මිරාල් ජයන්ත පෙරේරා, ජාතික බුද්ධි අංශයේ ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාජ්‍ය නිලධාරීන් අදී ගණනාවක්‌. අපි හැමෝම වෙනුවෙන් මමයි ප්‍රසන්ටේෂන් එක කළේ. දවස්‌ 2 ක්‌ තිබුණා.

ඔන්න ඕක ඒ රටේ පත්තරවල පළවුණා “වී ෆලෝව් ද ශ්‍රී ලන්කන් ස්‌ටැටර්ජි” කියන ශීර්ෂ පාඨයෙන්.

ඔන්න ඔහොම මහන්සිවෙලා තමයි මම මේ බිස්‌නස්‌ එක ලංකාවට ගෙනාවේ. නයිජීරියාවට විතරක්‌ නොවෙයි. මම මේ බෝට්‌ටු හඳුන්නලා දීලා තියෙනවා. ටෝගෝ, සෙනගල්, ඝානා, බෙනින්, කැට්‌රූන්, මොසැම්බික්‌, කෙන්යා වගේ රටවලට ඒ රටවල නාවික හමුදාපතිවරුත් මම ගෙන්නුවා ශ්‍රී ලංකාවට මේ බෝට්‌ටු පෙන්නන්න. ඒ අනුව ඉදිරියේදී බෝට්‌ටු 1000 ක්‌ විකුණන්න වැඩපිළිවෙලක්‌ ලෑස්‌තිකරලයි තියෙන්නේ. ඉන් ඩොලර් මිලියන 380 කට එහා ගිය මුදලක්‌ අපිට ලැබෙනවා.

අපි අහන්නේ… අපට ඒ මුදල ලැබෙනවා කිව්වාට ඔබටද..? ඔබ ආයතනයටද..? රටටද? නාවුක හමුදාවට ද කියලයි.

ලෝකයේ කිසිම රටක්‌ ඉන්නවද රජයක්‌ ගිහින් තවත් රජයකට මේ වගේ ප්‍රහාරක යාත්‍රා, අවි, උපකරණ ආදිය විකුණන ඒවා කරන්නේ ව්‍යාපාරික ආයතන මැදිහත්වයි. ඇවන්ට්‌ ගාර්ඩි මැරිටයිම් සර්ටිසස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් කියල කියන්නේ ඒ වගේ ආරක්‍ෂක සේවාවන් සපයන පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක්‌. ඒක නිසයි මම මේ වැඩේට රජය වෙනුවෙන්, නාවුක හමුදාව වෙනුවෙන් මැදිහත්වුණේ රජයේ අවසර ඇතිව.

ඊළඟ එක මේ මුදල් ලැබෙන්නේ කාටද කියල අහුවානේ. මේ නාවුක යාත්‍රා හදන්නේ මම නොවෙයි. නාවුක හමුදාවයි හදන්නේ. ඒක නිසා මේ මුදලින් ලොකුම කොටස යන්නේ නාවුක හමුදාවට. එම මෙයින් ලාභයක්‌ ලබන බව ඇත්ත. ඒ ලාභයෙන් 10% ක්‌ ගෙවනවා රජයට. ඉතිරි මුදල් යොදවන්නේ මේ සේවය සඳහා සේවාවන් සපයන රණවිරුවන්ට පඩි නඩි හා ගෙවීම් වලට. ඊට අවශ්‍ය අනු සේවාවන් වලට. මේ හැම එකක්‌ම විනිවිද පේන ගනුදෙනු වලින් යුතුයි. ඒ වගේම මුදල් වැයවෙන වැඩ. අනිත් එක මේවා සැලසුම් කරන්න රජය එක තඹ සතයක්‌ වියදම් කරන්නේ නෑ. මමයි වියදම් කරල තියෙන්නෙ.

අපි යමක්‌ කළොත් ඉන් ප්‍රතිලාභ රටටත් ලැබෙයි. නාවුක හමුදාවටත් ලැබෙයි. රණවිරුවන්ටත් ලැබෙයි. අපටත් ලැබෙයි. මුකුත් නොකලොත් මොනවත්ම නැහැනේ.

නාවුක හමුදාවේ බෝට්‌ටු විකිණීමට ඔබ අතර මැදියෙක්‌. ඇයි මේක ඔබට බාරනොදී නාවික හමුදාවටම කරන්න බැරි. එහෙම කළානම් සියලු ලාභ සියළු මුදල් නාවුක හමුදාවට නේද කියලයි මේ රටේ සමහර පිරිසක්‌ තර්ක කරන්නේ. දූෂණ විරෝධී සංවිධාන රටේ දේශපාලනඥයෝ මේ ගැන තර්ක කරනවා.

ඔබ තවමත් වරද්ද ගෙන මගෙන් ඒ කාරණයම අහනවා. මම එක සැරයක්‌ කිව්වනේ. ලොව කිසිම රජයකට, රජයක හමුදාවකට බැහැ රටින් රට ගිහින් ආරක්‍ෂක සේවාවන් ආරක්‍ෂක උපකරණ විකුණන්න. ඒ බිස්‌නස්‌ කරන්නේ හැම රටකම පුද්ගලික අංශය මැදිහත් වෙලයි. මුළු ලෝකෙම අද ඒ සඳහා පුද්ගලික අංශය කෙරෙහි විශ්වාසය තබලයි ඉන්නේ. දන්නවද ඇමරිකානු ගුවන් හමුදාවට ගුවන් යානා හදල තියෙන්නේ කවුද කියලා. ඒවා ලොක්‌හීඩ් මාටින් හා බෝයින් ආයතන විසින් තමයි හදල දෙන්නේ. එහෙනම් කවුරුහරි කියන්න පුළුවන්නේ ඇයි ඇමරිකාවේ ගුවන් හමුදාවට බැරි ආයුධ හදාගන්න කියලා. රජයකට බෑ බිස්‌නස්‌ කරන්න. ඕනනම් මේ සේවාවන්, යාත්‍රා ආධාරයක්‌ හැටියට තවත් රටකට දෙන්න නම් රජයකට පුළුවන්.

සමහරු ඕවා ගැන කතා කරනවා දන්නේ නැති නිසා. බලන්න කියන්න ඔවුන්ට අපේ රට අද කිසිම නිෂ්පාදනයක්‌ හදල රට යවනවද… කාර් එකක්‌… නෑ… අත්ට්‍රැක්‌ටරයක්‌… ඒත් නෑ… එතකොට බයිසිකලයක්‌… එහෙමත් නැත්නම් ෆුට්‌ බයිසිකලයක්‌ යවනවද නෑ… අඩුම තරමින් වීල් බැරෝව් එකක්‌වත් යවනවද…

ඒත් මම අපේ රණවිරුවන් සමඟ ගිහින් රටට ගෙනාවා අලුත් බිස්‌නස්‌ එකක්‌. මට පුළුවන් මේ බිස්‌නස්‌ එක වෙන රටක වෙන කොටි ජාතියකට දීල අතරමැදින් ලාභයක්‌ ගන්න. මම එහෙම කළාද… මම ඒ බිස්‌නස්‌ එක ගෙනාවේ රටට. මුදල් එන්නේ රටට. මේ බෝට්‌ටු හදන්නේ නාවික හමුදාවේ නාවික හමුදාවේ සෙබලු. විශ්‍රාමික සෙබලුත් ඉන්නවා. මුදල් ඒ අයට. රටට රජයට. මගේ සෙබලෙක්‌ මේ ව්‍යාපෘතිsයෙන් ඩොලරයක්‌ හරි ගන්නවා නම් ඒ මුදල එන්නේත් මගේ රටට. ඒවා තමයි විදේශ විනිමය රටට ගේනවා කියන්නේ. ඇයි මේක පිළිනොගන්නේ…. මේ ව්‍යාපෘතිය තුළ බෝට්‌ටු සෑදීමට විතරක්‌ විශ්‍රාමික සෙබලු 200 ක්‌ වැඩ කරනවා මේවා අලුත් රැකියා….

ඔබ කිව්වා නේද ගල්ෆ් ඔෆ් ගිනි මුහුදේ රැකියා අවස්‌ථා 2000 ක්‌ ගැන. අපි කතා කළේ බෝට්‌ටු ගනුදෙනුව ගැන විතරයි.

ඉවර නෑ… ඉවර නෑ.. තව කොච්චර දේවල් තියෙනවද කතා කරන්න. මේ පාර ගියාම බාර දුන්නා නයිජීරියානු නාවික හමුදාව එයාලගේ නාවික හමුදාවේ නැව් ඇතුළු යාත්‍රා හා නාවික අවි ආයුධ නඩත්තු කරන එක අපිට බාරගන්න කියලා. එයාල පුදුම හිතුනා අපි සමඟ ගිය කීර්තිමත් නිලධාරියෝ ටික දැක්‌කාම. ඉහළ නිලධාරීයෝ 25 දෙනෙක්‌ සිටියා. අපි ඔවුන්ගේ ඉල්ලීම අනුව නාවුක හමුදාවේ යාත්‍රා හා අවි නඩත්තු කරන වගකීම බාරගත්තා. ඊළඟට ඔවුන් අපිට බාර දුන්නා ඔවුන්ගේ නාවික හමුදාව මුහුදේ මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව පුහුණු කරන්න. උපදේශන සේවා සපයන්න.

අපි දැන් කොච්චර දේවල් කරනවද මේ ගිවිසුමට අනුව. පසුගිය පෙබරවාරි 17 වන දා අපි එම ගිවිසුම අත්සන් කළා. ඒ අනුව අපි ත්‍රස්‌තවාදය වැලැක්‌වීම මුහුදු කොල්ලකරුවන් අඩපණ කිරීම වැනිs ක්‍රියාකාරකම් වලට නයිජීරියානු නාවුක හමුදාව සමඟ සෘජුව මැදිහත්වෙලා උපදේශන සේවා සපයනවා.

නයිජීරියාවෙන් ඒ රාජකාරි අපි බාර ගත්තාම ඒක තමයි අපි ඒ රස්‌සාව කරන දෙවන රට. අපි තවත් රටක දැන් මේ වගකීමම දරනවා. මම මේවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මොකද මේ රටේ ඉන්නවා සමහර වෙළෙඳ කාක්‌කෝ හා දේශපාලනඥයෝ මේවා තමන්ටත් කරන්න පුළුවන් කියල හිතාගෙන මේ වැඩසටහන කඩාකප්පල් කරන. මේවා ඒ කාටවත් කරන්න බෑ.

මම නිකන්ම නිකන් ආරක්‍ෂක සේවාවක්‌ කරගෙන යන ව්‍යාපාරිකයෙක්‌ නොවෙයි. යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මුල්ම කාලේ හිටපු මේජර් වරයෙක්‌. “නොහැක්‌කක්‌ නොමැත” කියන තේමා පාඨය යටතේ තමයි අපි ටේ්‍රනින් වුණේ. ඒ වගේ පුහුණු වුණ ත්‍රිවිධ හමුදාවේම කීර්තිමත් නිලධාරීන් රාශියක්‌ අද විශ්‍රාම අරන් මා එක්‌ක එකතු වෙලා මෙතන සේවය කරනවා. ඒක නිසාමේ සර්විස්‌ එක ලෝකෙට දෙන්න අපට හැර වෙන කාටවත්ම බෑ. මතක තියාගන්න අපි මේ සම්බන්ධයෙන් දෙවැනි වෙන්නේ ඇමරිකාවේ “බ්ලැක්‌ වෝටර්ස්‌” ආරක්‍ෂක සේවයට විතරයි. ළඟදීම අපි පළමු තැනට එනවා.

බලන්න… අපි හමුදාවේ ඉන්න කාලේ ඉස්‌සර අපි ටේ්‍රනින් වලට ගියේ පිටරට. ඊශ්‍රායලය, පකිස්‌ථානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය එසේ රටවලට අපි ගියා. අද බලන්න වෙනස. අපේ රණවිරුවෝ අද පිටරට ගිහින් ඒවයි හමුදා ටේ්‍රනින් කරවනවා. ඒක කළේ මම. මේවාට ඉරිසියා කරල බෑ. ආඩම්බර වෙන්න.

පුහුණු කිරීම් ගැන කියවුණේ නැහැ. ඔබේ කතාවේදී මොකක්‌ද ඒ ව්‍යාපෘතියේ තත්ත්වය.

නයිජීරියානු හමුදා පුහුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2000 ක්‌ දෙනාට රැකියා ලබාදෙන්න අපට පුළුවන්. මම ඒ රැකියා අවස්‌ථා අරගෙනයි ආවේ. ඉන් පළමු 400 දෙනා තව මාස 3 කින් නයිජීරියාවට යනවා. මේ ව්‍යාපෘතිය යටතේ ඔවුන්ට ඩොලර් 2500 සිට 25000 දක්‌වා පඩි ලැබෙනවා. මේ සඳහා ගිවිසුම නයිජීරියානු උප ජනාධිපති ලංකාවට ඇවිත් අත්සන් කරලත් ඉවරයි. අපි ළඟ විනිවිද පේන ලියවිලි තියෙනවා මේ ගණුදෙනු වල. මෙන්න මේවා තමයි විදේශ විනිමය ලංකාවට ගේනවා කියලා කියන්නේ.

එතකොට “සෙනගල්” වල ඉඳගෙන මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් බේරාගැනීමේ ව්‍යාපෘතියක්‌ අපි සැලසුම් කරල ඉවරයි. දැන් තියෙන්නේ ඒක පටන් ගන්න. ඉන් ඩොලර් මිලියන 500 ක්‌ පමණ ලංකාවට ලැබෙනවා.

හොඳයි…. අපේ රටේ දේශපාලන වාතාවරණය වෙනස්‌වෙලා. අලුත් ආණ්‌ඩුවක්‌ ඇවිල්ලා රට වෙනස්‌ තැනකට රැගෙන යන ව්‍යාපෘතිය තුළ ඔබේ මේ ව්‍යාපෘතියට බාධා එල්ල වෙලා නේද?

නැහැ… කිසිසේත්ම නෑ. රජයට මේක ගැන ප්‍රශ්නයක්‌ නෑ, නමුත් මේ බිස්‌නස්‌ එක, මේ ව්‍යාපෘතිය ගැනනොදන්නා කීප දෙනෙක්‌ දැන් කෑ ගහනවා. සමහර විට මේවා ගැන නොදැන වෙන්න ඇති. මේවා යුධෝපක්‍රම මෙහෙයවීම, ඒවා අයිති හමුදාවන්ට විතරයි. මේවා සිවිලියන්ස්‌ලට මුහුදට ගිහින්, වෙන රටකට ගිහින් කරන්න පුළුවන් දේවල් නොවෙයි. ඒක නොදැන සමහර අය කෑ ගහනවා.

මම නයිජීරියාවට ගියා කියලත් සමහරු කෑ ගහනවා. මම ගියේ රටට සල්ලි ගේන්න. රටට රස්‌සාවල් ගේන්න. රටට ආදායමක්‌ එන ව්‍යාපෘතියක්‌ ගේන්න. ඔය කෑ ගහන්නේ රටට විදේශ විනිමය කියල එක සතයක්‌ ගේන්න පුළුවන් අය නොවෙයි. ලැබෙන්න තියෙන දේත් නැති කරන අය.

මම රජයට රුපියල් මිලියන 3200 ක්‌ ගෙවලා තියෙනවා. බදු හැටියට ගෙව්වත් ඉන් 10% ක්‌ වත් ගෙවන්න ඕන නැහැ. මම නොවෙයි මේවා ගෙනාවේ.. අපේ වීරෝධාර සොල්දාදුවෝ. ඔවුන් තමයි අපේ ධනය. අපේ සම්පත. මම කළේ ඒක පිටරටවලදී කළමනාකරණය කිරීම පමණයි.

ඔබ පසුගියදා නයිජීරියාවට ගිය වේලේ සමහර අය ඔබ ගියේ කොහොමද කියල ප්‍රශ්න කළා. අනවසර අවි ගබඩා පවත්වාගෙන ගියේ යෑයි කියා චෝදනා ලබා පරීක්‍ෂණ හමාර නැතිව තිබියදී ඔබට රට යැමට අවස්‌ථාව දීම ගැන රජයටත් දොස්‌ කිව්වා. දන්නවාද?

දන්නවා දන්නවා. ඇයි ඔවුන් එහෙම කතා කරන්නේ කියලත් දන්නවා. මම මුලදී හිතුවේ මේ ව්‍යාපෘතිය ගැන නොදැන අවංකවම ඔවුන් කරුණු හරි හැටි නොදැන කතා කරනවා කියලයි. නමුත් මට දැන් පැහැදිලියි ඔවුන්ගේ කටවල් ඇරෙන්නේ කොහොමද කියලා.

ලෝකයේ ඉන්නවා මම කරන මේ බිස්‌නස්‌ එකම කරන ධන කුවේරයෙක්‌ බලවතෙක්‌ “බෲනෝ ෆාඩිගන්” කියලා. එයා ප්‍රංශ ජාතිකයෙක්‌. එයා තමයි මට කලින් මේ ව්‍යාපාරයේ හිටපු ලෝක බලවතා. මම මේ ව්‍යාපෘතිය ගැන ඉගෙන ගන්න ඕන වුණා. මම ඉගෙන ගන්න ගියේත් මේ පුද්ගලයා ළගටයි. මම ගිහින් කිව්වා මට මේක ඉගෙන ගන්න ඕන කියලා. මිනිහා මට මේක ඉගැන්නුවේ නෑ ඇත්තටම. දවසක්‌ මට රූ 2.00 ට කතා කරලා කිව්වා උඹට මේක ඉගෙන ගන්න ඕනෑ නම් අර පේන බෝට්‌ටුවේ නැගල පලයන් නැවට කියලා. පුංචි බෝට්‌ටුවක්‌. ලයිෆ් ජැකට්‌වත් නෑ. ඒත් මම ගියා. නෝටිකල් මයිල් 40 ක්‌ ගිහින් මම නැවට නැග්ගා. දවස්‌ 7 ක්‌ නැවේ ඉඳන් ඉගෙන ගත්තා. හැබැයි බෲනෝ හිතුවේ නැහැ මම මේක ඉගෙන ගන්න ඇති කියලා.

මම ඉගෙන ගෙන ලංකාවට ඇවිත් මගේ ආරක්‍ෂක සේවාව සමඟ මේ මුහුදු රස්‌සාවට වැටුණා. ඒ කාලේ මේ බෲනෝ ෆාඩිගන් ලංකාවේ ගාල්ලට නුදුරු මුහුදු සීමාවේ පවත්වාගෙන ගියා ලංකාවේ ඉන්න සමහර තැරැව්කාර කම්පැණිවලට පගාව ගෙවලා හොර ෆ්ලෝටින් ආමරි 2 ක්‌. මම ජාත්‍යන්තර ආරක්‍ෂක අංශ වලටයි ලංකාවේ ආරක්‍ෂක අංශ වලටයි කියලා ඒ හොර ෆ්ලෝටික්‌ ආමරි තහනම් කෙරෙව්වා. ඊට පස්‌සේ තමයි නීත්‍යානුකූලව මම ෆ්ලෝටින් ආමරි මුහුදට දැම්මේ.

මම තමයි ලෝකයේ බෲනෝ ෆාඩිගන්ට තරගයක්‌ දීපු එකම මිනිහා. මම ලාංකිකයෙක්‌. ප්‍රංශකාරයන්ට තරගයක්‌ දීල මේ බිස්‌නස්‌ ඒක කරගෙන ගිහින් ලංකාවේ රණවිරුවන්ට ප්‍රතිලාභ ලබාදීල ලංකාවේ ආණ්‌ඩුවටත් රුපියල් මිලියන 3200 ක්‌ ලබාදීම ගැන රජය, මේ රට කොච්චර ආඩම්බර විය යුතුද…?

දැන් ඔන්න ආයෙත් ඔය බෲනෝ ෆාඩිගන් ලංකාවට බැල්ම හෙලලා, එයාගේ තැරැව් කාරයෝ හරහා සල්ලි විසි කරල මගෙන් මේ බිස්‌නස්‌ එක කඩල අරන් එයා මැදිහත් වෙලා ඉන් ලැබෙන ලාභ ප්‍රංශයට අරන් යන්න ලෑස්‌ති වෙනවා. ඒකයි ඔය සමහර කටවල්වලින් ඇහෙන්න පටන් අරන් තියන ශබ්දවල තේරුම බෲනෝගේ ප්‍රංශ කතා.

මට හිතුවා සමහර දේශපාලනඥයෝ මේ කතා කරන්නේ කරුණු හරිහැටි නොදැන නිසා ඔවුන් මෙය තේරුම් කර දිය යුතුයි කියලා. මම උත්සාහ කළා ඔවුන්ට කතා කරන්න. නමුත් ඔවුන් සූදානම් නැහැ මගේ හඬට ඇහුන්කන් දෙන්න. ඒ කියන්නේ නිසැකවම ඔවුන් මේ කතා කරන්නේ නොදැනුවත්ව නොවෙයි. අනිත් පැත්තේ කතාව දන්නවා. වෙනත් ව්‍යාපෘතිsයක උවමනාවවකට මේ කෑගහන්නේ කියල දැන් මට පැහැදිලියි. වෙනත් ඇජෙන්ඩා එකකට ඔවුන් වැඩ කරනවා.

බෲනෝ ෆාඩිගන් හරිම බලවත් මේක අරගන්න ඔහු පුදුම මහන්සියක්‌ ගන්නවා. ඔහු ලේසියෙන් මේක අතඅරින්නේ නැති බව පැහැදිලියි. මමත් බලවත් මමත් ලේසියෙන් අත අරින්නේ නෑ. මට තියෙන්නේ මේ රටේ යුද්ධයක්‌ දිනාපු රණවිරුවන්ගේ පවුල්වල අම්මල තාත්තල, බිරින්දැවරු, පුංචි දරුවො වගේ අයගේ ප්‍රාර්ථනාවන්වල ශක්‌තියයි. ඒ හයිය මම පාවිච්චි කරනවා ඔවුන්ගේම අනාගත සුබ සිද්ධිය උදෙසා. මා සමග මේ රටේ සුවහසක්‌ රණවිරුවෝ ඉන්න බව පැහැදිලියි. ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් රටේ ජනතාවගේත් ආශිර්වාදය මට තියෙනවා. ඒක නිසා මට බෲතෝ පාඩියන්ට බය නෑ. ඔවුන් වෙනුවෙන් කතාකරන අයටත් බය නෑ.

හොඳයි මේ ව්‍යාපෘති ඔක්‌කොම අද වනවිට අනතුරට ලක්‌වෙලා බව පේනවා. මොකක්‌ද දැන් අලුත්ම තත්ත්වය…?

මම මේ හැම දෙයක්‌ම කළේ මේ රටේ යුද්ධයක්‌ දිනල ඉවර වෙලා විශ්‍රාම ගිහින් ඉන්න රණවිරුවන්ගෙ ශක්‌තිය ගොඩනගන්න. එයින් රටේ රණවිරු පවුල්වලට ඔළුව උස්‌සල ඉන්න පුළුවන් වෙන්න ආර්ථික හයියක්‌ ලැබුණා. ඒ අතින් බලනකොට මේක සේවයක්‌. නමුත් ඒ සේවය සමහරු අවතක්‌සේරුවට ලක්‌කරන බව පේනවා.

දැන් අදවන විට ඇවන්ගාඩ් සමාගමේ සේවය කරන රණවිරුවෝ 365 දෙනෙක්‌ රජයේ බැංකු ආයතනයකින් සේවයෙන් එළියට දාල තියෙනවා. ඒ අය අපේ ආයතනයෙන් එම බැංකුවේ ආරක්‍ෂක කටයුතු කරපු අය. කවුද එයාලගෙ රැකියාවල්වලට වන්දි ගෙවන්නේ. දරු පවුල් කොහොමද කන්නෙ බොන්නේ. නමුත් මම ඒ අයගේ රැකියා සුරක්‍ෂිත කරන්න වෙන කුමක්‌ හෝ පිළියමක්‌ යොදනවා. ඒ වගේම අලුතින් අටව ගත්ත ආරක්‍ෂක සමාගමත් දැන් ඔන්න ලියුමක්‌ යවාගෙන යනවා අපෙන් ආරක්‍ෂක සේවාවන් ලබාගන්න ජාත්‍යන්තර සුප්‍රකට ආයතනවලට. ඒකෙ කියන්නේ අපි නීති විරෝධී අවි තියාගෙන ඉන්න ආයතනයක්‌ කියලයි. දැන් එතනත් රැකියාවන් 200 ක්‌ රණවිරුවන්aට නැතිවෙලා. මුහුදේ අභීතව නෞකාවලට ආරක්‍ෂාව සපයපු සෙබළු. කවුද ඒ රැකියාවලට වගකියන්නේ. දරුපවුල් කොහොමද කන්නෙ බොන්නේ. ඔන්න ඕවා තමයි වෙන්නේ.

මට සිද්ධ වෙනවා මේ විදියට මෙයාලත් එක්‌ක මේ ආරක්‍ෂක කටයුතු කරගෙන යන්න බැරිනම් අපේ රණවිරුවන්ගේ රැකියා ආරක්‍ෂා කරගන්න නයිජීරියාවෙන් අපට ලැබුණු සියලුම කොන්ත්‍රාත්තු පිටරටක ආරක්‍ෂක කොම්පැණියකට භාර දෙන්න. ඒකෙන් මට මගේ මුදල හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ ආයතනවල අපේ රණවිරුවන්ට රස්‌සාවල් දෙන්නත් පුළුවන්. එතකොට රටට ලැබෙන විදේශ විනිමය කොහෙටද යන්නේ. මේ කෑගහන අය ඒවා ගැනත් හිතන්න ඕනා නේද රටට ආදරේ නම්.

බුලිත ප්‍රදීප් කුමාර

One Response to “සෝමාලි මුහුදේ සිට නයිජීරියානු මුහුදට ගිය මේජර් සේනාධිපතිගේ කතාව”

  1. Christie Says:

    Namaste:

    1. Nigeria is not a place that we do not know. It is a country where we send our skilled people to work in the first place during the sixties mostly technical teachers, technicians, engineers and people like that. That was when Shell Oil was extracting oil in Nigeria and making billions. The main agent was a Tamil (Indian colonial parasite) from Colombo and he had his office in Mattakkuliya, if I remember correct. He made billions of rupees from this agency and he had his own plane and helicopters those days. I don’t know what happened to him later. He may have gone back to India and invested all that money there or went to a Western country.

    2. In the early days of the war against the Indian terrorist arm the government imported arms through agents who were Indian colonial parasites and they bought arms for the terrorists at the same time.

    3. There are lots of Indian colonial parasite terrorists who have settled in France and Europe with the help of India and the Socialists of those countries. These terrorists have helped and sponsored significant number of JVP terrorists. May be these terrorists are being used by this Frenchman. Otherwise how can you explain the JVP and Indian colonial parasites attacks on Avon Guard and affiliated institutions and personnel?

    4. These boats did a great job in destroying the boats and ships of the Indian terrorist’s that were awaiting to be used for the transfer of hundreds of thousands of Indian colonial parasites to India who will seek asylum in the West who ever won the war. This is one of the reasons why India and Indian terrorists in the West are trying their best to destroy us.

    5. If Avon Guard was owned and operated by Indian colonial parasites no one would have bothered.

    6. Yes it is time to manufacture our own military hardware and sell them. One of the problems small gun boats have is the recoil from the firing and the handling of the boat. This has been solved by our own tech guys and we should start on developing our own military hardware.

    Thanks Lankaweb for publishing the Divaina article.

    Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress