දහතුනට එහා
Posted on March 15th, 2015

නලින් ද සිල්වා

යාපනයට ගිය මෝදිට උතුරු පළාතේ මහා ඇමති විග්නේස්වරන් කීවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන විසඳුමක් ලබා දෙන ලෙස ය. මෝදී කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක දී ඒ අදහස ම වෙනත් වචනවලින් ප්‍රකාශ කළේ ය. මෝදී ආවේ ලංකාව බලා කියා ගැනීමට නොවන බව පැහැදිලි ය. ඔහු අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේ ය. රුවන්වැලි මහා සෑයට ද වැන්දේ ය. ඒ සියල්ල අපි අගය කරමු. ශ්‍රී මහා බෝධිය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ද රුවන්වැලි මහා සෑය හෙළ බෞද්ධ සංස්කෘතියෙහි ද සකෛ්ත වෙයි. 

සිදුහත් කුමරු උපන්නේ දඹදිව ය. එබැවින් බුදුදහම අපට ලැබුණේ දඹදිවින් යැයි අපි පිළිගනිමු. එහෙත් අපට ඇත්තේ අපේ ම වූ බෞද්ධ සංස්කෘතියකි. අද එය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙයි. මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කිරීමට පෙර මෙරට හෙළ බෞද්ධ සංස්කෘතියක් විය. ගැමුණු කුමරු අතින් හෙළ බෞද්ධ සංස්කෘතිය යම්කිසි ආකාරයකින් පුනරුත්ථාපනය කෙරිණි. එහෙත් නොබෝ කලකින් ම නැවතත් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉස්මතු විය.

ඒ කුමක් වුවත් බුදුදහම යම් ආකාරයකින් හා බෞද්ධ සංස්කෘතියක් රැකුණේ සිංහලයන් අතිනි. බුදුදහම හෝ බෞද්ධ සංස්කෘතිය හෝ රැක ගැනීමට අපි දඹදිවින්, භාරතයෙන්, ඉන්දියාවෙන් ආධාර, උපකාර, පිහිට නො පැතුවෙමු. ඒ අපට අපේ ම වූ බුදුදහමක් හා බෞද්ධ සංස්කෘතියක් ඇති බැවිනි. සිදුහත් කුමර්ැ කොහේ උපන්නත් බුදුන් වහන්සේ අපේ ය. බුදුන් වහන්සේ ගැන කියමින් බුදුදහම රැකගැනීමට යැයි කියමින් අපි දඹදිව පාලකයන් කරා නො ගියෙමු. ඒ අප අපේ රටට ඓන්ද්‍රිය ව බද්ධ වී සිටි බැවින් හා සිටින බැවින් ය. අපි ඒ වෙනුවට ධර්මපාලතුමාගේ නායකත්වයෙන් බුද්ධගයාව බේරා ගැනීමට ඉදිරිපත් වීමු.

අද මෙරට ජීවත්වන දෙමළ ජනයාගේ සම්භවය දහහත්වන සියවසෙන් ඔබ්බට නො යයි. ඔවුන් යාපන අර්ධද්වීපයට පැමිණියේ ලන්දේසීන්ගේ දුම්කොළ වගාවේ කෘෂිකර්ම කම්කරුවන් ලෙස ය. නැගෙනහිර පළාතට දෙමළ ජනයා ගෙන්වන ලද්දේ ඉංගිරිසින් විසිනි. කඳුකරයට දෙමළ ජනයා ආනයනය කරනු ලැබුයේ එයටත් පසුව ය. දෙමළ ජනයාට තවමත් මෙරටට ඓන්ද්‍රීය වශයෙන් බද්ධ වීමට නොහැකි වී ඇත. විශේෂයෙන් ම යාපන අර්ධද්වීපයේ දෙමළ නායකයන්ට නොහැකි වී ඇත. උතුරට දෙමළ ජනයා පැමිණීමට පසුව නැගෙනහිරට හා කඳුකරයට පැමිණි දෙමළ ජනයාට හා ඔවුන්ගේ නායකයන්ට තරම් ලංකාව හා බද්ධ වීමට උතුරේ දෙමළ නායකයන්ට නොහැකී වූයේ ඇයි?

උතුරේ දෙමළ නායකයන් තම ඊනියා ප්‍රශ්න ගැන මෝදිට කියන්නේ ඇයි? අනෙක් අතට මෝදී ඒ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වන්නේ ඇයි? වත්මන් දකුණු ඉන්දියාවේ දෙමළ ජනයාගේ බලපෑම එයට එකම හේතුව ද? මෙහි ඇත්තේ යටත්විජිතවාදී ප්‍රශ්නයකි. ඉන්දියාව නේරුගේ කාලයේ සිට ම උත්සාහ කළේ ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීමට ය. අදත් ඉන්දියාවට අවශ්‍ය ලංකාව තම ග්‍රහණයට ගැනීමට ය. ඒ සඳහා ඉන්දියාව යොදා ගන්නේ උතුරේ දෙමළ නායකයන් ය. අනෙක් අතට උතුරේ දෙමළ වෙල්ලා නායකයන් ඉංගිරිසින් විසින් මෙහෙයවනු ලැබුයේ මුළු ලංකාවේ ම  නායකයන් බවට පත්කිරීමට ය. එය  වැරදී ගියේ සර්වජන ඡන්ද බලය ලංකාවට හිමි කර දීම නිසා ය.

විවාහයෙන් පසුව මනාලිය තම ඊනියා ප්‍රශ්න රැගෙන සෑම විට ම මව වෙත යන්නේ නම් එතැන විවාහයක් නැත. මෙරට දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයක් නැත. නැගෙනහිර හා කඳුකරයේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය කුමක් ද? අනෙක් අතට උතුරු පළාතට බලය බෙදා දීමෙන් බස්නාහිර හා අනෙක් පළාත්වල ජීවත්වන දෙමළ ජනයාගේ ප්‍රශ්න ඇත්නම් ඒ විසඳන්නේ කෙසේ ද? මෙරට ඇත්තේ එකම එක ප්‍රශ්නයක් පමණකි. ඒ ඉංගිරිසින්ගේ සුරතලුන් බවට පත්වූ උතුරේ වෙල්ලාල නායකයන්ට රටේ ම නායකයන් වීමට නොහැකි වීමේ ප්‍රශ්නය ය. වෙනත් චචනවලින් නම් ඉංගිරිසින් උතුරේ දෙමළ නායකයන්ට ඒ බලාපොරෙත්තුව දෙමින් සිංහල ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය යොදා ගැනීමේ ප්‍රශ්නය ය. ඒ ප්‍රශ්නය විසඳීමට මෙරටින් ඓන්ද්‍රීය වූ උතුරු දෙමළ නායකත්වයක් ඇති කර ගත යුතු ය. මෝදිට විසඳීමට මෙරට ප්‍රශ්න නැත.

නලින් ද සිල්වා

2015 මාර්තු 15

   

4 Responses to “දහතුනට එහා”

  1. AnuD Says:

    My opinion is Sinhala buddhists should get together and must defeat UNP govt. We should ask some good people to include in the new nomination list and not the names with lot of accusations.

    I also heard, UNP also doesn’t like Saratha Fonseka coming to the Cabinet.

  2. Independent Says:

    මෝදිට මේ බව කියන්නට කෙනෙක් නැද්ද​?
    මෝදිට තියා ඊට කලින් හිටපු සිං ට වත් කිසිම අවස්තාවකදී කීමට මහින් ද අවුරුදු ගනනාවක් තිස්සේ අවස්තා කීපයක්ම ලැබුනත් කීවාද ?
    ඉන් දියාවට ලඟදී ගිය එවුන් එසේ කීවා ද ?
    මුන් ඔක්කොම එකයි.

  3. ranjit Says:

    Prof Nalin useless analyzing all this to unpatriotic people of this country. We should make people to come to the streets and protest against this unpredictable Govt of MY3/Ranil. We cannot allow ungrateful Tamil leaders to talk,walk and allow to welcome people from foreign country’s who were hostile to our country and for the Sinhalese people. Sinhalese must stand together.Forget the politicians they are there not for us but for themselves so it is time we the people start a people’s power movement and send this Jarapalanaya to hell. Wake up Sinhalese.Don’t sleep and dream nothing while the Tamils & Muslims built their castles with the help of our enemies. NIWATA SINHALUNI NAGITIYAW.

  4. NAK Says:

    My problem is why those sinhala politicians who find succour with them are allowed to freely do their bit. And how come people like,Jehan p,Poikiasothi,Nimalka are free to sell our mother land for their personal benifit and live as if they are engaged in a normal lawful professions? or is it a legal profession to sell one’s country!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress