යක්‍ෂයා ශබ්ද නඟා සිනාසුනේය​
Posted on March 16th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

එක්තරා යුගයක
ආගම් නොමැති කාලයක් තිබුණි
එකල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වූහ 

මෙය දුටු යක්‍ෂයා කිපුනේය​ 
මිනිසුන් සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්  වීම
යක්‍ෂයා දිනෙන් දින දුර්වළ කිරීමක් විය​ 
 මිනිස් වර්ගයාගෙන් මානුශික ගුණාංග අතුරුදහන් කිරීම​ට
යක්‍ෂයා ආගම් නිපදවන ලදි
ඉක්බිති යක්‍ෂයා ආගම් මිනිසුන් වෙත දමා ගැසීය​
ආගම් නිසා දෑස් අන්ධව ගිය මිනිසුන් 
කෝළහාල​ කර ගත්හ  
ආගමේ නාමයෙන් තම අසල්වාසියා 
පරි පීඩනයට ලක් කළහ​
 ආගමේ නාමයෙන් මහාජන සංහාර කළහ​
ආගමේ නාමයෙන්  බෙලි කපා දැමූහ​
ආගමේ නාමයෙන් සමූහ දූෂණ කළහ 
 මේ දුටු යක්‍ෂයා ශබ්ද නඟා සිනාසුනේය​

 

 

2 Responses to “යක්‍ෂයා ශබ්ද නඟා සිනාසුනේය​”

  1. Senevirath Says:

    සියල්ල මවු දෙවියන්වහන්සේ තම ලොකුම මැවීම විනාශ කරණ යක්ෂයාත් මැව්වේ අමුකැ විලද දැන් දෙවියන්වහන්සේ යකා -පස්සෙන් යන්නේය අය්යෝ සර්වබලධාරියාට ගිය කලක්
    යහපාලනය ක් ගෙනයාමට සිටි දෙය්යෝ දැන් යක්ෂයාට යටවී සිටී

  2. Independent Says:

    යක්ශයා ගමමහගේ රවටවා ගෙදර උයන දේ සොරාකෑවේය​. එහෙත් එක්දිනක බඩගින්නේ ඉඳලාම ඇතිවී සිටි ගමරාල ජීවිත ආසාව අත් හැර හදිසියේම් ඇවිත් “යකෙක් කන්න බඩගිනියි” කීය​. යක්ශයාගේ බිය නිසා යක්ශයා පරාජයට පත්වී ගමරාලට වහලෙක් විය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress