සිරිසේන පම්පෝරි ගසන රැජිනගේ අත් පහස
Posted on March 20th, 2015

අපේ රට

අප කුඩා කල අපේ ගෙදෙර සිට Cargills කොම්පැනියට වැඩට ගිය මාමා කෙනෙකු සිහියට නැගෙන්නේ ජනපති සිරිසේන London ගොස් ලංකාවට සපැමිනිව කල සොමි කතාව ඇසීමෙනි.

මට වාසනාව ලැබුණා මහ රැජින එක්ක පැය භාගයක් විතර කතා කරන්න. මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳව. බ්රිතාන්ය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස් ගලවලා.

බ්රිතාන්ය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සේලා දකින්න ඇතිනේ බ්රිතාන්ය අග්රාමාත්ය ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා. නිල නිවසෙන් එළියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්කගෙන ගියේ.” ( මෛත්රීපාල සිරිසේන ශ්රිලනිප මන්ත්රීවරු අමතමින්, දිවයින, 18 මාර්තු 2015)

queenGachchami

අපේ මාමා ගෙදෙර ඇවිත් කියන්නෙත් ඔවැනිම හරක් කතාය. අද Gordon මහත්තයා මගේ පිටට තට්ටු කරලම කතා කෙරුව” කියන්නේ රටක් රාජ්යක් ලැබුවා ලෙසටය. Gordon ගේ පහස ලැබූ පිට, අපේ මාමා බොහෝ කලක් අන්ය පහසක් නොලබාම තබන්නට ඇති වග නම් මට බොහෝ සේ විශ්වාස කල හැක්කකි.

සම්ප්රදානුකුලව රැජින විසින් රාජ්ය නායෙකුට කරන සිරිත සහ බ්රිතානියේ අගමැති සුද්දා විසින්, ලංකාවේ ආදී වාසී (වැදී) ජනතාවත් සුහදව කරන පොදු ආචාරශීලත්වය, රටක් රාජ්යයක් ලැබුවෙකු ලෙස සිරිසේන උන්නැහේ සිය ආදරණිය අඹේනිය වන ජයන්ති පුෂ්ප කුමාරිට, නිදි සයනයේ හොර රහසේ පැවසුවාට අපේ කිසිම විරෝධයක් නොමැත.

නමුත් සිය වහල් දීනත්වය, අධිරාජ්යවාදි විරෝධී නිදහස් මනසක් පුරවැසියන්ට ආරෝපණය කරන්නට පුරෝගාමී වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රී වරුන්ට මහත් ආඩම්බරයෙකින් පැවසීම නම් ඛේදයකි!

ඉස්කෝලේ පහ පාස් නොවූ අපේ මාමා Gordon ගේ පහස ලැබුවේ 1948 ට පෙරාතුවය. මාමා හතේ පන්තියට ගියා නම් ඔවැනි කතා නොකියනු ඇත! සිරිසේන උන්නැහේ අපේ ජනාධිපති වෙන්නේ ලංකාව නිදහස ලබල අවුරුදු හැට හතකට පසුවය. මුන්නැහෙ රනිල් සමාගමයට ගියාට පස්සේ හිතන් ඉන්නේ අපි අවුරුදු 200 යකට ආපස්සට යා යුතු කියාලයි. ඒ කියන්නේ අපේ නිදහස නැති වුනු 1815 ටය.

5 Responses to “සිරිසේන පම්පෝරි ගසන රැජිනගේ අත් පහස”

  1. Geeth Says:

    As the old saying goes… “a little smile of the master is more precious to a hungry slave than a lunch.” As masters who manipulated racism, Queen knows this and Cameron knows this very well. They know how the mental slavery works and how slave’s mind works. The only person who doesn’t know this is the colonized ruler of the old colony. He behaves exactly the same way his former master calculated. The most hilarious part is that our leader (our king) putting down himself at the feet of a Queen of another nation in a public meeting, and describing it in detail as to how and what part made him more delighted like a happy toddler.

    He explains it to the audience as if queen took off her Victoria’s secrets for him. In such a scenario of course he must have a point to be so overwhelmed and delighted to the way he has been flabbergasted now. But however his remarks acknowledge that he thinks he is lesser than the queen therefore taking off her glove is a sign of showing extra respect, which, being a lesser one (as he thinks), he doesn’t deserve. It may be true for himself, but for us, he is our king – king of Sri Lanka therefore we expect him- at least to act like one.

    He has been moved by Queen removing her glove to shake hands with him without knowing that shaking hands with a glove is most dishonorable act one can do to another and the latter (he) reserves the right to decline to shake hand if queen doesn’t remove her glove. He doesn’t even understand the subtle common tricks that white man plays when they deal with, in white terminology, ‘niggers.’ Ayiyoooo Sirisena!

    Alas!! A buffalo does not feel the weight of its own horns, but only we can feel it at the butcher house; that is the next election guys. Take necessary action when the time comes!!! The social categories doesn’t matter. We don’t care about class. But our leader, our king must behave like a king, not like someone’s dog.
    .

  2. Geeth Says:

    එලිසබත් කියන්නෙ එංගලන්තයේ රැජින. සිරිසේන කියන්නෙ ශ්‍රී ලංකාවෙ රජ්ජුරුවො. රටක රජකෙනෙක් තව රටක රැජිනක් හමුවෙනකොට දෙකට නැමිලා පුක බිම ඇනගෙන, බඩගාගෙන හම්බවෙන්ඩ ඕන කියල කවුද දන්නෑ ජනාධිපටි සිරිසේනට මහත්මයට කියල දුන්නේ. මේවා වල ප්රෝටොකොල් protocol කොහොම හදල තියෙනවද කියල අපි දන්නේ නැහැ. අනික ඔය protocol හදල තියෙන්නේ සුද්දෝ මිසක් අපිනේවෙයි නේ. protocol කියල අමුතු වචනයකින් හංගල ගහන්නේ “උඹ අපිට ඕන විදියට හැසිරියන්” කියල සුද්ද කියන විදියනේ.

    රජ කෙනෙක් තව රජකෙනෙක් හමුවෙන විදිය සුද්ද පටන් ගත්ත දෙයක් නෙවෙයි නේ. සුද්දෝ ගල් ගුහා වලයි ගස් උඩයි ජීවත් වෙන කාලෙත් අපිට රජවරු හිටිය. සිරිසේන මහත්තය මේවා දන්නේ නැද්ද? එතුමාට පොත් කියවල ඉගනගන්ඩ බැරි අන්දමේ දුර්වල තාවයක් තියනවා නම් ළඟ අහල පහල කවුරුවත් නැද්ද එතුමාට කොම්පියුටරයක් වත් අරන් දෙන්ඩ? අරන්දීල විකිපීඩියා එකේ තියෙන දේවල් වත් පොඩ්ඩක් කියවන්ඩ ඉගැන්නුවනම් හොඳයි. නැත්නම් ලෝකේ ඉන්න හැමෝම හිතයි ලාංකිකයෝ ඔක්කොමල එතුමාගේ මොඩල් එකේ අය කියල.

    “මට වාසනාව ලැබුණා මහ රැජින එක්ක පැය භාගයක් විතර කතා කරන්න. මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳව. බ්රිතාන්ය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස් ගලවලා.”

    අයියෝ…ඕ….ඕ සිරිසේන මහත්තයෝ… රජකෙනෙක් කියන කතාද මේවා? පොඩිඑකෙක් වගෙයි නේ.

    රැජින අත් මේස් එක ගැලෙව්වා කියල මෙතුමා විස්තර කරන්නේ හරියට ජංගිය ගැලෙව්වා වගේ අහ්ලාදයකින්නේ. රැජිනට ලංකාව අමතක වෙන්නේ කොහොමද, එයා දන්නවනේ එයාගේ ඔටුන්නේ තියෙන්නේ ලංකාවෙන්, විශේෂයෙන්ම නුවර ශ්‍රී වික්‍රම රජුගෙ ඔටුන්නෙන් සහ සිංහාසනෙන් හොරකම් කරපු මැණික් කියල. එයා හිතන්නේ රැජිනට ලංකාව ගැන මතක තිබීම අපිට ලොකු ගෞරවයක් කියල. රැජින ලංකාව ගැන දන්නේ නැත්නම් ඒකෙන් එළිවෙන්නේ එයාගේ නුගත්කම. අපේ රජතුමා හිතනවා ලංකාව කියන්නේ නොවැදගත් දෙයක් එකේ රජු වන තමා හාල්පාරුවෙක්, එනිසා රැජිනට ඒ නොවැදගත් රට මතක තිබීම රටට කල ලොකු ගෞරවයක්, ඒවගේම තමා හාල්පාරුවෙක් නිසාත් ලාදුරු රෝගියෙක් වගේ විසබීජයක් නිසාත් රැජින අත්‍ මේස් ගලවල අතට ඇත දීම තමාටත් රටටත් කල ලොකු ගෞරවයක් කියල. අපේ රජා කියනවා තව රටක රැජින එක්ක පැය බාගයක් කතා කරන්න ලැබීම වාසනාවක්ලු. කාටද දෙයියනේ මේවා කියන්නෙ ඞ්ආ? තමාගේ රටේ සහ තනතුරේ ගෞරවය තියාගෙන කට ඇරලා කිසිදෙයක් කියන්ඩ දන්නේ නැත්නම්, මල් තියල වැඳලා කියන්නම්, දෙයියනේ කියල කටවහගෙන ඉඳ මහත්තයෝ.

  3. helaya Says:

    If the story is true this guy should not be the President of Sri Lanka.

  4. Ratanapala Says:

    This story of course is true. It is in the internet. Manappuwa Colomba awa wage! London pure sriya. London pure sriya – bohoma lassanai London pure sriya!

    When King Porus was brought before Emperor Alexander in chains after he was defeated, the emperor asked the king how he would like to be treated. Even in chains the king stood his grounds and declared – that he would be treated as a king. That is how kings of the past exhibited the peoples.

    When David Miliband and Bernard Kouchner came to force the hand of President Rajapakse, at the closing days of the Eelam War, he had them come to meet him to a kamata and told them from where to leave Sri Lanka.

    Sirisena and his wife has demeaned the people of Sri Lanka by their subservient demeanour in front of white supremacy.

    What can one say – Godayata Magic!

  5. NAK Says:

    It is his inferiority complex,that is the difference between him and Mahinda Rajapakse.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress