1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තිකරු
Posted on March 20th, 2015

වෛද් රුවන් එම් ජයතුංග ගේ. 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්  කෘතිය අැසුරෙනි 

1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තිකරු එස්. වී. ඒ. පියතිලක අද ජීවතුන් අතර නැත. පියතිලකගේ විස්තර සොයා මා ගිය ගමනට විජය උඳුපිටිය මහතාද එකතු වූ අතර වැලිසර නවරත්න බණ්ඩාර මහතාගේ සහාය නිසා පියතිලකගේ බිරිඳට කථා කිරීමට අපට අවකාශ ලැබුණි. පුරාවිද්‍යාව සහ සිංහල විෂයයන් සඳහා ශාස්ත්‍රපති උපාධි ලබා තිඛෙන ඇය විශ්‍රාමික ගුරුවරියකි. සෝමා පියතිලක සමරරත්න වන ඇය, මට මෙසේ පැවසුවාය.

 මට පියතිලක මුණ ගැසුණේ 1979 අවුරුද්දේ. එතකොට එයා කැරැල්ලෙන් නිදහස් වෙලා ඇවිල්ලා. එයා තුළ යම් කළකිරීමක් මතුවෙලා තිබ්බා  කැරැල්ල සම්බන්ධයෙන්, විෙජ්වීර කැරැල්ල පිළිබඳව වගකීම බාර නොගැනීම පිළිබඳව. මම හිතන්නේ 1974- 75 වෙනකොට එයා ව්‍යාපාරයෙන් අයින්වෙලා හිටියේ. හිරෙන්  නිදහස් වෙලා ඇවිල්ලා පියාගේ වෙළඳ ව්‍යාපාරයට අත ගැසුවා. පියතිලක යළිත් දේශපාලනට ගියේ නෑ.

 පියතිලක මාත් එක්ක වැඩිය කැරැල්ල පිළිබඳව කථා කළේ නෑ. එයා හිරේ ඉන්න කොටමයි එයාගේ පියා නැති වුණේ. පියාගේ මරණයට පියතිලකව ගෙනල්ල තියෙන්නේ බන්ධනාගාරේ ඉඳන් මාංචු පිටින්මයි.

පියතිලක වෙළඳ ව්‍යාපාරයේ කටයුතු ලෙස කළේ නැව්වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන එක. විවේක වේලාවලදී පොත්පත් කියෙව්වා. රුසියානු සාහිත්‍යයට ඉතාම කැමතියි. අපට ළමයින් පස් දෙනෙක් ලැබුණා. පිරිමි ළමයින් තුන් දෙනෙක් හා ගැහැණු ළමයින් දෙදෙනෙක්. පියතිලක ළමයින්ට ආදරෙයි. එයාට කලාකාමී මනසක් තිබුණා. චිත්‍ර අඳින්න පුළුවන්. ඉක්මනට තරහ ගියත් ක්ෂණිකව තරහ අඩුවෙනවා.

 එයා නිදහස් වෙලා ඇවිල්ලා ටෙලිනාට්‍ය හා චිත්‍රපටි නිෂ්පාදනයට අත ගැහුවා. zzහිමගිරි අරණZZ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. zzපෙම් රජදහනZZ කියන චිත්‍රපටිය නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපටියේ සාජන් කෙනෙකුගේ චරිතය රඟපෑවා. පියතිලක චිත්‍රපටි බලන්න ආසයි. මාත් එක්ක නොයෙකුත් චිත්‍රපටි ගැන කථා කරනවා. පියතිලක බෞද්ධයෙක් උනත් zzහරි දැක්මZz කියන නත්තල් නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවා. එයා තුළ කිසිම ආගම්වාදී තත්වයන් තිබුණේ නැහැ.

 1995 වසරේ පියතිලකට අයත් ඉඩමක ප්‍රශ්නයක් මුල් කරගෙන කට්ටියක් අසාධාරණ විදිහට පියතිලකට හිරිහැර කළා. ගෙවිය යුතු මුදල් පැහැර හැරියා. ඒ සම්බන්ධයෙන් තිබුණ ගැටුමකදී දවසක් අලූයම් වෙලාවේ පියතිලකට පිහියෙන් ඇන්නා. එයාව රාගම රෝහලට ගෙනිච්චා. ඒ යනකොටත් පියතිලක මැරිලා. පියතිලකගේ මරණය නිසා අපි හැමෝම මානසිකව වැටුණා. මරණයට හැත්තෑ එකේ පැරණි මිතුරන් ගොඩක් ආවා. ලොකු අතුල, පොඩි අතුල, ගාමිණී බාස් එහෙමත් ආවා.

 පියතිලක එයා විශ්වාස කළ දේශපාලන දර්ශනය අනුව 1971 දී සමාජය වෙනස් කරලා සාධාරණ සමාජයක් හදන්න උත්සාහ ගත්තා. ඒකේ හරි වැරදි බව, යුක්ති සහගත බව, අපි දන්නේ නැහැ. ඒත් ඒ වගේ සමාජ පරිවර්තනයක්, සමාජ සාධාරණත්වයක් ඇති කරන්න උත්සාහ ගත්තා. පියතිලකට මරණයේ දී සාධාරණය ඉටු වුණේ නැහැ. එයාගේ මිනීමරුවා අදත් නිදැල්ලේ. සමහර විට මිනීමරුවාට ස්වභාව ධර්මයෙන් ද~ුවම් ලැඛෙයි.

 පියතිලකගේ අකල් මරණය ඛේදයකි. කැරැල්ල තුළ දිවි ගලවාගෙන, සිරද~ුවම් විඳ, නැවත නිදහස් ලෝකයට පැමිණි නමුදු පියතිලකට වියපත්ව ස්වභාවික මරණයක් හිමි නොවූයේ මන්ද?  ලැබුණු තොරතුරු අනුව 1971 අප්‍රේල් 4 දින රාත්‍රියේ පියතිලක යාපනය සිරගෙදරින් විෙජ්වීර මුදාගැනීම සඳහා කණ්ඩායමක් රැගෙන යාපනයට ගොස් තිබේ. ඔහු අනුරාධපුරයේදී යළි එම කණ්ඩායමෙන් වෙන්වී කොළඹ බලා පැමිණ ඇත. කැරැල්ලෙන් පසු පියතිලක කොළඹ ප්‍රදේශයේ කඩයක සැඟවී සිටි අතර 1971 ජූනි මාසයේදී පියතිලක අත් අඩංගුවට පත්විය.

 1971 ජූලි මාසයේදී පියතිලක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට දෙන ලද කට උත්තරය මෙසේය.

 දිනය: 71.7.1 වේලාව: පෙ.ව. 8.00 ස්ථානය: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අංශය. ඉසෙඩ් සී.ඊ. විෙජ්සූරිය, උපාලි සෙනෙවිරත්න හා බී. ඒ. ජෙයනාදන් යන පරීක්ෂකවරුන්ගේ සහාය ඇතිව මා විසින් එස්. වී. ඒ. පියතිලකගෙන් ප්‍රශ්න කරන ලදි. මම දැන් ඔහුගේ ප්‍රකාශය ලේඛණ ගත කිරීමට යමි.

 සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක, අවුරුදු 29 යි. රක්ෂාවක් නොමැත. ක`දාන, මහබාගේ, කෙරඟපොකුණ, වැලිවලසිංහ පාරේ පදිංචි බව ඉදිරිපත් වී කියා සිටී. කොළඹ චැතැම් වීදියේ අංක 39 දරන ස්ථානයේ කාර්යාලයක් ඇති නැව්වලට බඩු සපයන්නෙකු වූ එස්. වී. ඒ. හෙන්රි මගේ පියාය. අප වසන ගෙයට අමතරව ගෙවල් 5ක් ඔහුට හිමිව ඇත. මාගේ මව එච්. එච්. මැගිනෝනා අප සමඟ වසන්නීය. මගේ සොයුරිය එස්. වී. ඒ. ප්‍රේමලතා. මරදාන ජයන්ත වීරසේකර මාවතේ zzපොපියුලර් ක්ලීනර්ස්ZZ හිමි පී. සී. ප්‍රනාන්දු සමඟ විවාහ වී ඇත. මට බාල තවත් සොහොයුරියන් දෙදෙනකු සිටී. ඔවුන් ඉන්ද්‍රාණී මාලනී සහ පද්මා නන්දනී වෙති. නිවුන් සොහොයුරියන් වූ ඔවුන් පාසලෙන් අස්වීමෙන් පසු දැන් ගෙදර සිටිති. මාගේ බාලම මල්ලී එස්. වී. ඒ. ඩොනල්ඩ්. ප්‍රසිද්ධ වැඩ දොපර්තමේන්තුවේ රත්මලාන වැඩපොලේ සේවකයෙකු වශයෙන් වැඩ කරයි. ඔහු විවාහ වී කෙරඟපොකුණේ අපේ ගෙය අසල ගෙයක වාසය කරයි.

 මා දෙවන ප්‍රමාණය දක්වා පළමුවෙන්ම ඉගෙන ගත්තේ දෙමටගොඩ ශාන්ත අන්තෝනිගේ ගැහැණු පාසලෙහිය. ඊට පසු හතර වන ප්‍රමාණය දක්වා මා ඉගෙන ගත්තේ දෙමටගොඩ ශාන්ත ජෝන්ගේ පාසලෙහිය. ඊට පසු ගාල්ලේ ඇතිලිගොඩ රජයේ පාසලෙහි අවුරුද්දක් පමණ මම ඉගෙනීම ලැබුවෙමි. මම ආපසු කොළඹට පැමිණ හයවන ප්‍රමාණය දක්වා මාලිගාකන්දේ ගාමිණී පාසලෙහි ඉගෙනීම කළෙමි. ඊට පසු දැනට නාලන්ද කොලීජිය වශයෙන් හැඳින්වෙන කොළඹ කාර්මික කොලීජියේ ඉගෙනගත් මම වර්ෂ 1964 දී කලා විෂයයන්ගෙන් ජ්‍යෙෂAඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් සමත් වුණෙමි. පසුව මම සැටැෆඩ් කොලීජියට බැඳී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි. වර්ෂ 1966 දී එයින් අස්වී මරදාන විෙද්‍යා්දය පිරිවෙනට ඇතුල් වී උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා ඉගෙන ගත්තේ නමුදු විභාගය සඳහා පෙනී සිටියේ නැත.

 වර්ෂ 1964 රේ මා නාලන්ද කොලීජියේ සිටියදී අපේ ගෙය අසල වාසය කළ මාබෝල හන්දියේ තෙල් මෝලෙහි වැඩකළ සේවකයෙකු මට හඳුනාගන්නට ලැබුණි. මට ඔහුගේ නම මතක නැත. ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් (පීකිං පිල) පාලනය වූ තෙල් මෝල්වල තිබුණු වෘත්තීය සංගමයේ ලේකම්ය. මා ඔහු ඇසුරු කිරීමට පටන් ගැනීමෙන් පසු මාක්ස්වාදයට හා කොමියුනිස්ට්වාදයට සම්බන්ධ පොත් කියවීමට පුරුදු විය. මේ තැනැත්තාගේ ගෙයි පැවැත්වූ සාකච්ඡාවලට මමද සහභාගි වුණෙමි. එහිදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන සාමාජිකයෙකු වන ඒ. ජයසූරිය යන අය හඳුනාගැනීමට මට ලැබිණි. පසුව මේ තැනැත්තා සමඟ යූනියන් පෙදෙසෙහි ඇති ලංකා වෘත්තීය සංගම් සම්මේලනයේ කාර්යාලයට මම ගියෙමි. එහිදී මට මුණගැසුණු ඒ. ජයසූරිය අපේක්ෂක සාමාජිකයෙකු ලෙස පක්ෂයට බැඳීම මට ඒත්තු ගැන්නුවේය. මීට පසුව කොමියුනිස්ට් වාදයට අදාල කරුණු ගැන පුළුල් වශයෙන් මා කියෙව්වේය. පංති සටන අධිරාජ්‍යවාදී පංතිය පෙරළා දැමිය යුත්තේ කෙසේද, ලංකාවේ ධනවාදී ක්‍රමය හා චීන විප්ලවය ගැන ජයසූරිය, ෂන්මුගදාසන්, ජිනේන්ද්‍රපාල විසින් පැවැත්වූ දේශනවලට මාද සහභාගි විය.

 වර්ෂ 1965 දී පක්ෂයේ සාමාජිකයෙකු වූ මා දැඩි උනන්දුවකින් ක්‍රියාකරන්නෙකු බවට පත්විය. මාබෝලේ මිල්ටන් හඳුනා ගැනීමට මට ලැබිණි කොමියුනිස්ට් පක්ෂයට (පීකින්) මා උනන්දුවක් දැක්වූයේ ඔහු මගිනි. මා සමඟ ඔහුද පක්ෂයට බැඳුණේය. පක්ෂයට බැඳීමෙන් පසු මට ඩබ්ලිව්. ටී. කරුණාරත්න, zzඑස්. ඩබ්ලිව්. ඊ.ZZ හි ටී. ඩී. වෝල්ටර්, දෙල්ගොඩ රාජා, සීමාසහිත හේලීස් හි දැදිගම, කතරගම, ලංගම රියැදුරෙකු වන සිරිපාල අබේගුණවර්ධන, ටයර් සංස්ථාවෙහි විමලගුණේ, සතොස හි ඒ. ඊ. ෙජ්මිස් හා තැපැල් දෙපාර්තමේන්තුවේ මදනායක, ඩී. ඒ. ගුණසේකර හා විෙජ්වීර යන අය හඳුනා ගන්නට ලැබිණි.

 විෙජ්වීර මට ප්‍රථමයෙන්ම හඳුනා ගන්නට ලැබුණේ 1965 ඡන්ද ව්‍යාපාරයේදී ෂන්මුගදාසන් මැද කොළඹ තරඟ කරන අවස්ථාවෙහිය. කරුණාරත්න ඒ වනවිට පක්ෂයේ පූර්ණකාලීනයකු වී සිටි විෙජ්වීරට මා හඳුන්වා දුන්නේ එවැනි ඡන්ද ප්‍රචාරක රැස්වීමකදීය. වර්ෂ 1965 ජූලි මාසයෙහිදී පමණ තිඹිරිගස්යායේ ගෙයක පවත්වන ලද සාකච්ඡාවකට දැදිගම විසින් මාව කැඳවන ලදි. එහිදී මට ටී. ඩී. වෝල්ටර්, කරුණාරත්න, දෙල්ගොඩ රාජා, මිල්ටන් හා විෙජ්වීර හමුවිය. මේ සාකච්ඡාවේ මූලාසනය ගත් විෙජ්වීර කීවේ ෂන්මුගදාසන් සුළුජන පංතියකට අයත් නිසා පක්ෂය විප්ලවයක් කරා ගෙන යාම ඔහුට කළ නොහැකි බවය. තවද ඔහු කීවේ ෂන්මුගදාසන් විප්ලවය ගැන කථා කළද, විප්ලවයකට නායකත්වය දැරීමට ඔහු නුසුදුසු බවය. පක්ෂයේ සිටින ශිෂ්‍යයින් හා තරුණයින් අප සංවිධානය කොට, ෂන්මුගදාසන් පැන්නිය යුතුය කියා ඔහු යෝජනා කළේය.

 තරුණ සංවිධානවල රැස්වීම් වාරවලට ප්‍රථම මේ සාකච්ඡාව පවත්වන ලදි. අතුල මේ සාකච්ඡාවට පැමිණි අයගෙන් එක් තැනැත්තෙකි. ඔහුගේ නම නිමලසිරි ජයසිංහය. ස්ටැෆඩ් කොලීජියේ මා සිටියදී zzලොකු අතුලZZ මම හඳුනා ගතිමි. ඔහු මා සමඟ පාසැලෙහි සිටියේය. තිඹිරිගස්යායේ මේ සාකච්ඡාවට ප්‍රථම විෙජ්වීර විසින් ශිෂ්‍යයින් හා තරුණ සංවිධානවල අය විප්ලවකාරී ව්‍යාපාරයක් සඳහා සංවිධානය කරගෙන යන බව මම දැන ගතිමි. මේ විප්ලවකාරී ව්‍යාපාරය පක්ෂය තුළින්ම සෑදීමට ඔහු තැත් කළේය. ලොකු අතුල ස්ටැෆඩ් කොලීජියේදී මට හමුවූයේ මෙන්න මේ අවස්ථාවේදීය. කොමියුනිස්ට් පක්ෂය (පීකිං) ගැන හා විෙජ්වීර ගැන මම ඔහුට කීවෙමි. විෙජ්වීර විප්ලවකාරී ව්‍යාපාරයක් සංවිධානය කිරීමට තැත් කරන බවත්, මාද ඔහුට සහයෝගය දෙන බවත් මම තවදුරටත් ඔහුට කීවෙමි. විෙජ්වීර වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙන් පසු ලූමුම්බාවෙන් ආපසු පැමිණි තැනැත්තෙකු බවත්, මා ඔහුට කීවේය. විෙජ්වීර රුසියාවේදී දේශපාලනමය ආර්ථීක විද්‍යාවක් හැදෑරූ බවද මම දැන සිටියෙමි. විෙජ්වීර මට එසේ කියා තිබුණි. මා ලොකු අතුල පක්ෂයට හඳුන්වාදී, යූනියන් පෙදෙසෙහි ඇති කාර්යාලයට එක්කරගෙන ගියේය. මම පක්ෂය තුළ විෙජ්වීර වෙනුවෙන් ප්‍රචාරක කටයුතු ගෙන ගියෙමි. තරුණ සංවිධාන වාරයන් පැවැත්වූ විට අපේ කණ්ඩායමට වැඩිපුර බලයක් ලැබුණේය.

 තරුණ සංගම් සංවිධානය කිරීමේ කාර්ය ෂන්මුගදාසන් විසින් විෙජ්වීරට භාරදෙන ලදි. මේ අවස්ථාවේදී ගාමිණී යාපා, නිහාල් ඩයස් හා පානදුරේ ටී. බී. සී. ප්‍රනාන්දු යන අය පක්ෂය තුළ වෙනත් කණ්ඩායම් සදමින් සිටියේය. ඔවුන් අපට සහයෝගය දුන්නේ නැත. කෙසේ වුවද, පක්ෂය තුළ අපේ කණ්ඩායමට සාමාජිකයින් බඳවා ගැනීමේ වෑයම අපි දිගටම ගෙන ගියෙමු. මේ කාලයේදී මා විෙජ්වීර සමඟ ඇතිවූ සාකච්ඡාවලින් මට වැටහී ගියේ රටෙහි විප්ලවයක් සංවිධානය කිරීමට විෙජ්වීර තීරණය කොට ඇති බවයි. එය අවිගත් විප්ලවයක් වේය යනුයි, ඔහු කීවේ. දකුණු පළාතේ පහළ කෙළවරෙහි කඳවුරක් ගොඩනැගීම විෙජ්වීර මේ කාලයේදී පවා යෝජනා කළේ එය අප, අප ගැනම සංවිධානය වීමේ පවා ක්‍රියා කිරීමට පුළුවන් බැවිනි. අපේ ව්‍යාපාරයට මුදල් ලබා ගැනීමට හා එවිටම අපේ ක්‍රියාවලට ආවරණයක් ලබා ගැනීමටද, අප ගොවිපොළක් පිහිටුවිය යුතුයයි ඔහු කීවේය.

 වර්ෂ 1965 හේ අග කොටසෙහිදී මා විෙජ්වීරත් සමඟ තිස්සට ගොස් ඛෙනට් වීරසිංහ හමුවීමි. එය මට ඛෙනට් වීරසිංහ මුණගැසුණු පළමුවන අවස්ථාවයි. ඔහු මුදලාලි කෙනෙකි. අපි ඔහු සමඟ කිරින්දේ කැලෑවකට ගියෙමු. එය මුහුද අසල ඇති ස්ථානයකි. විෙජ්වීර මුහුද අසල කැලෑවේ ස්ථානයක් තෝරාගෙන එය සුදුසුයයි කියා කීවේය. මේ ස්ථානය අප තෝරාගත් අවස්ථාවෙහිදී විෙජ්වීර කීවේ පිටරටින් අවි ආයුධ ලබා ගැනීමට සිදුවිනි නම් කිසිවෙකුට නොපෙනෙන පරිදි ඒවා ගොඩබෑමට මෙය උචිත ස්ථානයක් බවයි. අපට කුකුළන් හා එළුවන් ඇති කිරීමට හැකියයි ඔහු යෝජනා කළේය. පසුව විෙජ්වීර විසින් කියා පෙන්වූ පරිදි මා පානදුරේ සේපාලත්, සරික්කාමුල්ලේ බර්ටිත් සමඟ තිස්සට ගොස් විෙජ්වීර හා ඛෙනට් වීරසිංහ මුණ ගැසුනෙමි ඊට පසුව පොල්අතු ටිකක් රැගෙන කිරින්දේ ඇති ස්ථානයට ගියෙමු. අපි කුඩා බිම් කොටසක් ශ=ද්ධ කොට පැලක් සෑදුවෙමු. ඊලඟ දිනයෙහි පල්ලියවර්ධන පානදුරෙන් ටික දෙනෙකුත් සමඟ පැමිණියේය. ඊලඟ දිනයෙහි සනත්, කරුණාරත්න, පානදුරේ චිත්‍රාල්, ලොකු අතුල, සිරිපාල, අබේගුණවර්ධන පැමිණියෝය. මට මතකයි ලොකු අතුල එහි පැමිණියේ අවසානයටය. එය සනත් හඳුනාගැනීමට මට ලැබුණු පළමුවන අවස්ථාවයි. ඔහු අනුරාධපුරේ සිටිය ගුරුවරයෙකි. ලොකු අතුල හා අනෙක් අය පැමිණි දිනට පසුව පැල වටේ කැලෑව එළි කිරීමට අපි පටන් ගතිමු. අක්කර 1/2 ක් පමණ ශ=ද්ධ කළෙමු. සනත්ට පාසල් යාමට තිබුණු නිසා දිනකට වඩා ඔහු නතරවුණේ නැත.

 කැලෑව එළිකරමින් අපි සතියක් පමණ සිටියෙමු. මේ අවස්ථාව වනවිට අපි අක්කර දෙකක් පමණ එළි කළෙමු. සතිය අවසානයේදී සේපාල, විෙජ්වීර හා මා හැරුණුවිට අනෙක් සියලූදෙනාම ගියෝය. විෙජ්වීර අප සමග සතියක් පමණ සිට ගියේය. zzඩිල් ලිටර්ස්ZZ සාදමින් මම සති 4ක් පමණ සිටියෙමි. ඛෙනට් වීරසිංහ කුකුළු පැටවුන් ගෙනාවේය. කුකුළු පැටවුන් 200ක් පමණ සිටියේය. මේ අවස්ථාවෙහිදී සිරිපාල එළුවන් 10ක් පමණ ගොනාවේය.

 මා තරමක් අසනීපයෙන් සිටි නිසා සති 4කට පසුව ගියේය. ගොවිපොළට මා ආපසු පැමිණියේ මාස දෙකකට පමණ පසුවය. මේ වනතුරුත් සේපාල එහි සිටියේය. දැන් කුකුළන් ලොකුය. අපට තවත් කුකුළු පැටවුන් 100ක් පමණ ලැබුණි. එහි එළුවන් 12ක් පමණ සිටියෝය. සිරිපාල එහි පැමිණ ඔහුට උදව් කිරීමට පුරුදු වී සිටි බව සේපාල මට කීවේය. මාගේ යාමෙන් පසු සේපාල ගියේය. මට උදව්වීමට පානදුරෙන් පැමිණි නිමල් මා සමඟ තබා ගත්තේය. තවත් මාසයක් පමණ මම එහි සිටියෙමි. මේ කාලයෙහිදී විෙජ්වීර තෙවරක් ගොවිපොළට පැමිණියේය.

විෙජ්වීර පැමිණි අවස්ථාවලදී ලොකු අතුලත් කුකුල් කෑමත් රැගෙන ගොවිපොළට පැමිණියේය. මේ කාලයේදී තරුණයින් හමුවෙමින් හා ඔහුගේ ව්‍යාපාරයට සහයෝගය තකා ප්‍රචාරක කටයුතු කරමින් කතරගම, වලවේ, තිස්ස යන ස්ථානවලට ගිය බවත් කීවේය. කොමියුනිස්ට් පක්ෂය තුළින් සහයෝගය බලාපොරොත්තු වූයේ නමුදු එය නොලැඛෙන නිසා අපගේ ව්‍යාපාරයට, පක්ෂයට පිටතින්, අලූතෙන් සාමාජිකයින් බඳවා ගැනීමට අපට සිදුවෙන බව විෙජ්වීර කීවේය.

 මාසයක් පමණ ගොවිපොළෙහි සිටීමෙන් පසු සිරිපාලත් කුකුල් කොටුවක් පටන්ගත් නිසා මම ඔහුගේ ගෙදරට ගිෙමි. සති දෙකක් පමණ මම එහි සිටියෙමි. මා කිරින්දේ සිටියදී මිල්ටන් පැමිණ දින තුනක් පමණ එහි සිටි බව මට සඳහන් කිරීමට අමතක විය. කෙටි කාලයක් සිරිපාලගේ ගෙදර සිටීමෙන් පසු මම ආපසු කොළඹට පැමිණියෙමි. ෆ්‍රැන්සිස් නොහොත් පැන්ටිස් ගොවිපොළ භාරව සිටින බව පසුව මම දැන ගතිමි. මේ ගොවිපොළ අවුරුදු එකහමාරකට වඩා පැවතුණේ නැත. මේ ගොවිපොළ විෙජ්වීර විසින් ෂන්මුගදාසන්ට විරුද්ධව ප්‍රචාරයෙහිදී කඳවුරක් වශයෙන් යෙදීමට ඉඩ ඇති බව ඔහු දැන ගැනීමෙන් පසු මෙය පසුව වසන ලදි. ෂන්මුගදාසන් විෙජ්වීර කොමියුනිස්ට් පක්ෂයෙන් (පීකිං) නෙරපන ලද්දේ මෙන්න මේ කාලයේදීය. වර්ෂ 1966 යේ මුල් භාගයේ සිට විෙජ්වීර ෂන්මුගදාසන් හා සමඟ අදහස්වලින් වෙනස්වීම නිසා මෙයට ඔහුගේ පක්ෂයෙන් ඉවතට යාමට බල කිරීමක් වුණි. වර්ෂ 1966 ජනවාරි 8 වෙනි දින පැවැත්වූ පෙළපාලියට විෙජ්වීර සහ දෙල්ගොඩ රාජා සහභාගි වූහ. ෂන්මුගදාසන් මේ ගැන කිපී විෙජ්වීර ජාතිවාදියෙකු ලෙස චෝදනා කළේය.

 වර්ෂ 1966 මුල් භාගයේදී කුමන්ත්‍රණයක් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වූ බව මට මතකයි. කුමන්ත්‍රණයක් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු දැන සිටි බවත්, ඔහු දන්නා නාවික හමුදාවේ පිරිසට කුමන්ත්‍රණයක් කිරීමට මේ අවස්ථාව නොවේය කියා අවවාද කළ බවත්, විෙජ්වීර මේ කාලයේදී මට කීවේය. විෙජ්වීර මේ අවස්ථාවේදී ඔහුගේ ව්‍යාපාරයට අලූතෙන් සාමාජිකයින් බඳවා ගැනීම පිණිස වෑයම් කරමින් නාවික හමුදාව තුළ ක්‍රියා කළේය. නාවික භටයින් සමඟ හමුවීම දැක ඇති, උත්සාහ කළ කුමන්ත්‍රණයට යම්කිසි සම්බන්ධයක් ඇති බවට සැක කළ දොස්තර තිස්ස යන්නෙකුට විරුද්ධව පරීක්ෂණ පැවැත්වූ බව ඔහු කීවේය. තිස්ස කියා හඳුන්වා ඇත්තේ ඔහු බව විෙජ්වීර මට කීවේය. කොළඹ සිටීම ආරක්ෂා රහිත නිසා සැඟවීමට දකුණට යන බව ඔහු කීවේය. විෙජ්වීර අපට නිසලව සිටීමට කියා තුබූ බැවින් විෙජ්වීර සැඟවීමට යාමෙන් පසු අපිද නිශAශබ්ද වීමු.

 විෙජ්වීර සැඟවී සිටියදී මම ඔහු බැලීමට තංගල්ලට ගියෙමි. මම ඔහුගේ ලිපිනය මිල්ටන්ගෙන් ලබා ගතිමි. මා තංගල්ලේ ගෙදරට යනවිට විෙජ්වීර එහි නොසිටියේය. එහි සිටිය ඔහුගේ මාමා මා ගැන බොහෝ සැකකොට මා කවරෙක්ද, විෙජ්වීර හඳුනන්නේ කෙසේද කියා සවිස්තර ලෙසට මාගෙන් ප්‍රශ්න කළේය. මා විෙජ්වීරගේ මිත්‍රයෙකු බව ඔහු ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් පසු ඔහු ගෙයින් පිටතට ගොස් විෙජ්වීර සමඟ ආපසු ආවේය. මා බොරු කීවෙහි නම්, ඔහුගේ මාමා මට වෙඩි තබනු ඇතැයි විෙජ්වීර පසුව මට කීවේය. මේ වනතුරුත් පොලිසිය ඔහු ගැන සොයන්නේදැයි කියා විෙජ්වීර මාගෙන් ඇසුවේය. ඔහු ගැන කිසිම සෙවීමක් නොතිබුණු නිසා ආපස කොළඹට යනලෙසට මම ඔහුට කීවෙමි. විෙජ්වීර පසුව එන බව මට කීවේය. ඔහු කියවීම හා පර්යේෂණ පවත්වමින් සිටින බව කීවේය. විෙජ්වීර දකුණු පළාතේ පහළ කොටසෙහි සිටියදී මා මිල්ටන් ෙජ්මිස් ලොක්කා හා මදනායක, විමලගුණේගේ ගෙදරදී හමුවී අපේ ව්‍යාපාරයේ සාමාජිකත්වය වැඩිකර ගැනීමේ උපක්‍රම ගැන සාකච්ඡා කිරීමට පුරුදුව සිටියේය. මේ වනතුරුත් කොමියුනිස්ට් පක්ෂයේ (පීකිං) සාමාජිකයන්වූ අප ෂන්මුගදාසන් පක්ෂය තුළ අපකීර්තියට පත්කොට අප සිතන ආකාරයට සාමාජිකයන් හරවා ගැනීම සඳහා සාමාන්‍ය වශයෙන්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණි. අපේ ව්‍යාපාරයට වෘත්තීය සමිති සංගම්වලින් සාමාජිකයින් බඳවා ගැනීමට හැකි බව ඔවුන් මට කීවෝය.

 වර්ෂ 1966 දී විෙජ්වීරගේ මාර්ගයෙන් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරුවන්ගේ වෘත්තීය සංගමයේ ෙජ්. පී. පී. ධනපාල හඳුනාගන්නට ලැබුණි. වර්ෂ 1966යේ දී මාස 8ක් පමණ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරුවන්ගේ වෘත්තීය සංගම් කාර්යාලයෙහි ලිපිකරුවෙකු වශයෙන් වැඩ කළෙමි. විෙජ්වීර දකුණු පළාතෙහි පහළ කොටසෙහි සැගවීමට යාමට පෙර වෘත්තීය සංගම් කාර්යාලයට පැමිණ සාමාජිකයන් සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීමට පුරුදුව සිටියේය. මේ කාලයේදී සාමාන්‍ය වශයෙන්ම ඔහු කථා කිරීමට පුරුදුව සිටියේ රටේ ආර්ථීක තත්වය ගොඩනැගීම හා වාමාංශික නායකයින්ට විරුද්ධවය. ඔවුන් අවංක නැති බවය, ඔහු කීවේ.

විප්ලවය මාර්ගයෙන් බලය අල්ලා ගැනීමට කම්කරුවන් ඔවුන්ම සංවිධානය විය යුතුය කියාය තවදුරටත් ඔහු කීමට පුරුදුව සිටියේ. කම්කරුවන්ට බලයට පැමණීමට විවෘතව ඇති වෙනත් මාර්ගයක් ඔවුනට නොමැති බව ඔහු කීවේය.

 වර්ෂ 1967 මැද හරියේ විෙජ්වීර සැඟවී සිටි කාලයෙන් පසු ඔහු කොළඹට ආපසු පැමිණියේය. මේ කාලයෙහිදී විෙජ්වීර ෙජ්මිස් ලොක්කා, මදනායක හෝ විමලගුණේගේ ගෙදර සිටීමට පුරුදුව සිටියේය. මෙන්න මේ අවස්ථාවේදී තමයි, විෙජ්වීර ඔහුගේ ප්‍රසිද්ධ දේශනා පහෙන් 4ක් ඇරඹුවේ. විමලගුණේගේ ගෙදරදී අපි මේ දේශනා ඇසුවෙමු. මේ ප්‍රථම දේශනාවලට පැමිණි අය නම්, විමලගුණේ, ෙජ්මිස් ලොක්කා,මිල්ටන්, ලොකු අතුල, මදනායක, කරුණාරත්න හා මාද වෙති.

 රටේ ආර්ථීක තත්වය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදයේ තර්ජනය හා වාමාංශික ව්‍යාපාරවල ඉතිහාසය ගැන ඔහු අපට දේශන කළේය. විෙජ්වීර ඔහුගේ ප්‍රථම දේශනා කිහිපයෙන් ඔහු දිගට කථා කළේ නැත. එක් මාතෘකාවක් සඳහා ඔහු පැය 1 1/2 ක් පමණ ගත්තේය. මීට පසුව විෙජ්වීර ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් කාර්යාලයේ පංති පැවැත්වීමට පටන් ගත්තේය. මේ දේශනා සංවිධානය කළේ ධනපාල විසිනි. මේ අවස්ථාවේදී විෙජ්වීර විප්ලවයක් ගෙන යායුතු ක්‍රම ගැන කථා කළේ නැත. සාමාජික සිද්ධාන්ත උපදෙස් දීම කෙරෙහි බොහෝ දුරට ඔහු යොමුවී සිටියේය. තවද හැකි පමණ අලූතෙන් සාමාජිකයින් බඳවා ගන්නා ලෙසට ඔහු අපට කීවේය. තවද වර්ෂ 1967 දී. ලොකු අතුල විෙජ්වීරත් සමඟ පේරාදෙණිය සරසවියට ගොස් සරසවියෙහි සරත් විෙජ්සිංහ හා ප්‍රේමසිරි සිරිවර්ධන හමුවී ව්‍යාපාරයට බැඳුණු ශිෂ්‍යයින්ට දැන් පංති පවත්වන බවද ලොකු අතුල මට කීවේය.

 වර්ෂ 1967 දී මා ධනපාල සමඟ කියුබානු තානාපති කාර්යාලයට ගොස් ට්‍රයි කොන්ට් කෙන්ටල් සඟරාවද, ග්‍රැන්මා පුවත්පත හා කියුබානු විප්ලවය ගැන ලියැවී ඇති පොත්ද ලබා ගත්තේය. වර්ෂ 1967 අවසාන භාගයේදී මහබාගේ බණ්ඩාරනායක මාවතේ වාසය කළ ඥානපාල මම හඳුනා ගතිමි. ඒ අවස්ථාවේ ඔහු සිටියේ කොමියුනිස්ට් පක්ෂයේ මොස්කව් පිලෙහිය. කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව්) ශාඛාවක් මහබාගේ පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවෙහි මම ඔහු හඳුනා ගතිමි. මාද එයට ඈ`දා ගැනීමට ඔහු තැත් කළේය. කොමියුනිස්ට් වාදයේ ඇති නොයෙක් ක්‍රම ගැන ඔහු මා සමඟ වාදකොට ඒ අවස්ථාවෙහිම විෙජ්වීර නායකයා වී ඇති අපේ ව්‍යාපාරය ගැන මම ඔහුට කීවෙමි. අවසානයේදී ඔහුට ඒත්තු ගැන්වීමට මට හැකිවූයෙන්, ඔහු විෙජ්වීර හමුවීමෙන් පසුව

අපගේ ව්‍යාපාරයට බැඳීමට ඔහු එකඟ විය. ඥානපාල, මා හා විෙජ්වීර සමඟ සාකච්ඡාවට පැමිණියා විනා වෙනත් පංතිවලට ගියාද කියා කීමට මට මතක නැත.

 වර්ෂ 1967 හි අවසානයේ එක් දිනක මා ෙජ්මිස් ලොක්කාගේ ගෙදර සිටියදී, ඥානපාල ෙජ්. ඒ. පි, ජයකොඩි සමඟ එහි පැමිණියේය. ජයකොඩි ඒ වනවිට කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව්) පාලනය වූ ශිෂ්‍ය සංගමයේ නිලතල දැරුවෙකි. එදින විෙජ්වීර අළුත් සාමාජිකයින් ටික දෙනෙකුට පංතියක් පැවැත්තුවේය. ජයකොඩි මේ පංතියට සහභාගි

විය. ඒ පංතියෙන් පසු ජයකොඩි විෙජ්වීර හා මා සමඟ සාකච්ඡාවක් පවත්වා, අපේ අදහස්වලට එකඟ විය. කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව්) ශිෂ්‍ය සංගමයේ බලවත් තැනැත්තෙකු වන දැනට පක්ෂය  සමඟ වඩා හොඳ නැති ධර්මසේකර යන අය ගැන දන්නා බව ජයකොඩි විෙජ්වීරට කීවේය. ධර්මසේකර අප සමඟ තබාගැනීමට ප්‍රයෝජනවත් පුද්ගලයෙකු වන්නේ යයි ජයකොඩි කීවේය. පසුව, වර්ෂ 1968 ටේ මුලදී දිනක ඥානපාල ඔහුගේ ගෙදර සාකච්ඡාවක් පිළියෙළ කළේය. විෙජ්වීර හා මා එහි ගියෝය. ජයකොඩි හා ඥානපාල සමග ධර්මසේකර මෙහි විය. එය ධර්මසේකර මට හමුවූ පළමුවන අවස්ථාව වේ.

 විප්ලවයක අවශ්‍යතාවය ගැන විෙජ්වීර සමඟ එකඟ වූ ධර්මසේකර, කියුබානු විප්ලව ක්‍රමයට ඔහු කැමති බව කීවේය. කියුබානු විප්ලවයේ මාර්ග අනුව, හොඳ තැනැත්තන් 100කින් වුවද අපට විප්ලවය ඇරඹීමට හැකි බව ඔහු කීවේය. විෙජ්වීර ඔහු සමඟ එකඟ නොවී, ලංකාවේ භූගෝලීය පිහිටීම කල්පනාවට භාජනය කළවිට, එවැනි විප්ලව ක්‍රමයක් ලංකාවට උචිත නොවන බව කීවේය. රටෙහි සෑම කොටසකටම එකවිට පහරදීමේ ක්‍රමයක් ලංකාව සඳහා සංවිධනය කළයුතු බවද කඩිනම් අල්ලාගැනීමක් කළයුතු බවද ඔහු කීවේය. මේ විෂය ගැන දීර්ඝ ලෙසට සාකච්ඡා කිරීමෙන් පසු ධර්මසේකර යම්කිසි ප්‍රමාණයකට විෙජ්වීර හා සමඟ එකඟ විය. එවකට ධර්මසේකර පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනෙහි උගන්වමින් සිටියේය. මාස දෙකකට පමණ පසුව ධර්මසේකර විෙජ්වීරටත් මටත් නුගේගොඩ ඔහු නතරවී සිටින ගෙදර පැවැත්වෙන සාකච්ඡාවකට ආරාධනය කරමින් ඥානපාල මට පණිවුඩයක් ගෙනාවේය. කට්ටිය හන්දිය අසල, නුගේගොඩ සිට සැතපුම් 1 1/2 ක් පමණ දුර ඇති මේ ගෙයට මාත්, විෙජ්වීරත් ගියෝය. එහිදී ධර්මසේකර හා ඔහු සමඟ ඉගෙන ගත්තාය කියන තවත් තිදෙනෙකු අපට මුණගැසිණි. මේ සාකච්ඡාවෙහිදී විෙජ්වීර zzආර්ථීක පරිහානියZZ ගැන කථා කළේය.

 මේ කාලයේදී විප්ලවකාරී කණ්ඩායම් කිහිපයක් තිබුණේය. ඒවායේ නායකත්වය සුමිත් දෙවිනුවර, ගාමිණී යාපා නොහොත් විමල් රණසිංහ, කල්යානන්ද තිරාණගම, නිහාල් ඩයස්, දෙල්කන්දේ ප්‍රේමපාල සහ නිමල් මහරගේ දැරුවෝය. ඔවුන් ගාමිණී යාපාගේ කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. විෙජ්වීර ඔවුන් මුණගැසී ඔහුගේ පැත්තට හරවා ගත්තේය. පළමුවෙනි සාකච්ඡාවට දින තුනකට හතරකට පසුව ධර්මසේකර ඔහුගේ බෝඩිමේ තවත් සාකච්ඡාවක් පැවැත්තුවේය. මෙයට ප්‍රේමපාල සහ නිමල් මහරගේ පැමිණ සිටියෝය. මෙන්න මේ සාකච්ඡාවේදී තමයි විෙජ්වීර ධර්මසේකර සමඟ ඇති සම්බන්ධය, නිමල් හා ප්‍රේමපාල දැනගත්තේ. මේ සාකච්ඡාවට පසු, zzවිප්ලවය ලංකාවේ ඇරඹිය යුත්තේ කෙසේද?ZZ මැයෙන් අවසාන දේශනය සකස් කළ යුතු අන්දම ගැන ඩී. ඒ. ගුණසේකර ගේ ගෙදරදී පැවැත්වූ සාකච්ඡාව ගැන විෙජ්වීර මට කීවේය. ඩී. ඒ. ගුණසේකර චීන විප්ලව ක්‍රමය පිළිගෙන තිබුන අතර, ධර්මසේකර කියුබානු විප්ලව ක්‍රමය පිළිගෙන තිබුනි. අවසානයේදී දෙදෙනාම ධර්මසේකර හා ලැයිස්තු ඉදිරිපත් නොකළ හා පසුවට කල් තබන ලද ඔහුගේ අනුගාමිකයින් සැක කිරීමට පටන් ගත්තේය. මීට පසු

විෙජ්වීර ධර්මසේකර සැක කිරීමට පටන් ගත්තේය. මේ අවස්ථාවෙහිදී විෙජ්වීර හා ධර්මසේකර අතර වූ හැගීම් ආයාස සහගතය. විෙජ්වීර කතරගම සයිමන් අබේගුණවර්ධනගේ ගෙදරදී ධර්මසේකර සාකච්ඡාවකට කැෙඳව්වේය. අනෙක් පැමිණ සිටි අය නම්, ධර්මසේකර, ජයකොඩි, සැන්ඩොල් පෙරේරා, පොඩි ජයසේකර හා මාය. මේ සාකච්ඡාවෙහිදී විෙජ්වීර කීවේ, නොයෙත් කරුණූ නිසා පක්ෂයේ කැඩීයාමක් ඇතිවීමට හේතු තිඛෙන බවත් දිස්ත්‍රික්ක අනුව වැඩ ඛෙදිය යුතු බවත්ය. ධර්මසේකරට කළුතර දිස්ත්‍රික්කය දෙන ලදි. පොඩි ජයසේකරට රත්නපුරය දෙන ලදි. කුරුණෑගල ජයකොඩිටද, මට කොළඹ දිස්ත්‍රික්කයද දෙන ලදි.

 මා කොළඹ පහත දැක්වෙන ස්ථානවල පංති පවත්වන ලදි. විද්‍යාලංකාර, කැළණිය, පෑලියගොඩ, මහබාගේ ගුණපාලගේ ගෙදරදී, මාලිගාකන්දේ, වනාතමුල්ල ඔස්මන්ඩ්ගේ ගෙදරදී හා විෙද්‍යා්දය යන ස්ථාන වේ. සියල්ලම එකතුව කොළඹ දිස්ත්‍රික්කයේ මම අධ්‍යාපනික කඳවුරු දහයක් පමණ පැවැත්තුවෙමි. මෙන්න මේ කාලයේදී තමයි, මට ශිෂ්‍යයින්ගේ අංශය භාර දුන්නේ. නොයෙක් හේතූන් අනුව මා වැඩිපුරම පංති පැවැත්වූයේ විද්‍යෝදයෙහිය. ශිෂ්‍යයින් සඳහා පංති පැවැත්වීම නොකඩවාම කරගෙන ගිය අතර පියාගේ කාර්යාලයෙහි ද වැඩ කළේය.

කාර්යාලයක වැඩ කිරීම හරි නැතැයිද, ව්‍යාපාරය සඳහා මුළු කාලයම වැඩ කළයුතු යයිද කියා මිල්ටන් කී නිසා ටික කලකට පසුව මම පියාගේ කාර්යාලයේ වැඩ කිරීම නතර කළෙමි.

 මේ කාලයේ දී ගුණපාලට වික්ටර් අයිවන් කියා ගාල්ලේ මිතුරකු සිටින නිසා, ඔහු කැටුව ගාල්ලට යාමට අවශ්‍ය බව, ගුණපාල මට කීවේය. මම  

ගාල්ලට ගොස් වික්ටර් අයිවන් මුණගැසුනෙමි. අප එහි ගියේ වික්ටර් අයිවන් අපේ ව්‍යාපාරයට බඳවා ගැනීමටය. මෙදින ඔහු සමඟ මම මේ ව්‍යාපාරය ගැන සාකච්ඡා කළෙමි. ව්‍යාපාරයට බැඳීමට ඔහු එකඟ විය. ගාලූ ගමනින් මාසයකට පමණ පසු, මා නැවත වරක් වික්ටර් අයිවන් හමුවීමට ගොස් ඔහුගේ ගෙදර දින 4ක් පමණ සිටියෙමි. ඔහුගේ මිතුරන් 20 ක් පමණ කණ්ඩායම ව්‍යාපාරයට බැඳීමට, ඔහු සංවිධානය කොට තිබුණි. මම ඔවුන් සමඟ සාකච්ඡා කළෙමි. මා ඔවුන්ට ආර්ථීක පරිහානිය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, ඉන්දියානු ව්‍යාප්තවාදය හා නිදහස දේශනා කළෙමි. මේ පංති පැවැත්වීමෙන් පසු මම කොළඹට පැමිණියෙමි. මා ගාල්ලට ගිය ගමන ගැන, මා විෙජ්වීරට කීවේය. මාගේ ගාල්ලේ ගමනින් පසුව විෙජ්වීර මා පොළොන්නරුවටද,ඉඩම් සංවර්ධන ගෙවල් ඇති ස්ථානයටද ගෙන ගියේය.

 පේරගස්තැන්න නම් තැනැත්තා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකි. පොළොන්නරුවෙහි සිට ව්‍යාපාරය සඳහා වැඩ කරන ලෙස විෙජ්වීර විසින් මට කියන ලදි. මාස 4ක් පමණ මම පොලොන්නරුවෙහි සිටියෙමි. පේරගස්තැන්න කම්කරුවන්ගේ වෘත්තීය සංගමයේ සාමාජිකයෙකි. හිඟ=රක්ගොඩ 4 වන ඇලේ zzසෝමේZZ මට හඳුනාගන්නට ලැබුණි. මේ ප්‍රදේශයෙහි විප්ලවය සංවිධානය කිරීමේ විෙජ්වීරගේ සිද්ධාන්තයට එකඟ වූහ. ධර්මසේකර ව්‍යාපාරය තුළ ඉතාමත් උද්යෝගයෙන් වැඩ කළ පහත දැක්වෙන අය ලේඛනගත කළේය. කලවානේ ලාල් පරාක්‍රම, රත්නපුරේ පොඩි ජයසේකර, වැල්ලවත්තේ රුවන් පතිරණ, අඟ=රුවාතොට සැන්ඩාල් පෙරේරා, කඩවත රොසන්ටල්, කැළණියේ ලක්ෂ්මන්, කුලියාපිටියේ ප්‍රනාන්දු, විද්‍යාලංකාරයේ උපාධිධරයකු වූ කරුණාරත්න, සහ තවත් අය.

 මට විද්‍යාලංකාරයේ වැඩ කිරීමට විෙජ්වීර කියන ලදි. අක්මීමන කරුණාරත්නගේ ගෙදර පැවැත්වූ කඳවුරු දෙක ගැන මට දැනගන්නට ලැබුණි. ඔවුන් මට කථා නොකළේ විෙජ්වීර සමඟ සෑම විටම වාගේ තර්ක කිරීමට මා පුරුදුව සිටි නිසා, ඔහු මා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා නොතිබුණ බැවින්ය.

 පුහුණු වීමේ කඳවුරට මා ගියේ තණමල්විලය. එය පවත්වන ලද්දේ 1969 යේ මැද භාගයට කිට්ටුවය. තිස්ස මාර්කට් එකේ ඛෙනට් වීරසිංහගේ බුලත් කඩයට යන ලෙස මට කියන ලදි. එහිදී ඛෙනට් වීරසිංහත් සිරිපාල අබේගුණවර්ධනත් තවත් නාඳුනන තැනැත්තෙකුත් මට මුණ ගැසුණේය. ඒ තිදෙනා මා සමඟ බස්රියෙන් තණමල්විලට ගොස් එහි සිට සැතපුම් 1/4 ක් පමණ දුරක් පයින් ගොස් ගඟක් හරහා ගියෝය. මේ ස්ථානයෙහි කුකුළන්, එළුවන් ආදීන් ඇති කරන ගොවිපොළක් තිබුණේය. පොල් අතුවලින් සාදන ලද පැලක් එහි විය. දේශනා පැවැත්.=වේ මෙහිය. කඳවුර දින 5ක් පැවැත්වුණි. කඳවුරෙහිදී විෙජ්වීර විසින් දේශනා පහක් පවත්වන ලදි. අනෙක් පැමණ සිටි අය නම්, කුමානායක, නයනානන්ද, ලොකු අතුල, උයන්ගොඩ, හෙන්රි හා තවත් අය. ඔවුන්ගේ නම් මට මතක නැත. සියලූ දෙනාම ඇතුළුව 8ක් පමණ මේ කඳවුරට පැමිණ සිටියෝය. නාවික හමුදාවේ නිලදරුවකු වූ උපාලි කුරේ තුවක්කු පාවිච්චි කිරීම, පෙළපාලි පැවැත්වීම හා ශාරීරික අභ්‍යාස යනාදිය ගැන පුහුණුවක් අපට දුන්නේය. දේශනා පහට අමතරව, විෙජ්වීර ද්වන්දාත්මක භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය, ලංකාවට බලපාන අනෙක් ලෝක බලය හා වෙනත් මාතෘකා කිහිපයක් යටතේ කථා කළේය.

 කඳවුරට පැමිණ සිටි නීලමුනි නමැත්තෙක් මැලේසියාවේ ගරිල්ලා සටන්වලදී ඔහු ලබා ඇති අත්දැකීම් විස්තර කළේය. විෙජ්වීර විප්ලවය ඇරඹිය යුත්තේ කෙසේද යන අයුරු ගැන අපට උපදෙස් දුන්නේය. තවද සොරකම් කිරීමෙන් තුවක්කු එක්රැස් කළයුතු අයුරු, බෝම්බ සෑදීම, පොලිස් ස්ථාන වලට පහරදීමේ අරමුණ හා ප්‍රථමයෙන් පොලිස් ස්ථාන අල්ලා ගැනීම හා පොලිස් ස්ථානවල තිඛෙන තුවක්කු ගැනීම යන ක්‍රම වේ. මේ අවස්ථාවෙහිදී ධර්මසේකරට බොහෝ ජනප්‍රියත්වයට පත්වෙන බවත්, ඔහුට වෙන්කොට දී තිඛෙන ප්‍රදේශවලින් පිටත වැඩ කරන බවත්, විෙජ්වීර සොයා ගත්තේය. මේ අවස්ථාවේදී ධර්මසේකරට දී තිබුණේ කළුතර දිස්ත්‍රික්කය පමණය. තවද විෙජ්වීර දිස්ත්‍රික් නායකයන්ට සෑම දිස්ත්‍රික්කයකම ඔහුට ඇති සාමාජිකයන්ගේ ලැයිස්තුවක් පිළියෙළ කොට ඉදිරිපත් කිරීමට උපදෙස් දුන්නේය. නමුත්

ධර්මසේකර සහ ඔහුගේ අනුගාමිකයින් ලැයිස්තුවක් පිලියෙළ කොට ඉදිරිපත් නොකළෝය. ඔවුන් එය පසුවට කල්දමන ලදි. මෙයට පසු විෙජ්වීර ජාතික විමුක්ති පෙරමුණෙහි නායකයා වූයේ ඔහුය. හුණුකඩේ zzසෝමේZZ නමැති තවත් අයෙකුද හිඟ=රක්ගොඩ පන්සලගොඩැල්ලේ බණ්ඩාරද මට හඳුනාගන්නටලැබුණි.ඔවුන් ව්‍යාපාරය සමග උද්යෝගීමත් අන්දමින් වැඩකළ තවත් සමහරෙකි. මම ඔවුන් හා පංති පැවැත්වූයෙමි. මෙය 1968 අවසානයට කිට්ටුවය. ඊට පසුව මම කොළඹට ආපසු පැමිණියෙමි.

 මා පොළොන්නරුවෙහි සිටියදී සුසිල් නමැත්තෙකු සහ ඔහුගේ නම මට මතක නැති තවත් තැනැත්තෙකු ඒ ප්‍රදේශයෙහි වැඩ කිරීම සඳහා විෙජ්වීර එවන ලදි. මා පොලොන්නරුවෙහි සිටියදී විෙජ්වීරද එක් අවස්ථාවක එහි පැමිණි නමුත්, මට ඔහු හමුවුණේ නැත. මා කොළඹට පැමිණීමෙන් පසු මධ්‍යම කොමිටියේ රැස්වීමක් ඌරුබොක්කේදී පවත්වන ලදි. මේ රැස්වීම කැඳවා තිබුණේ විෙජ්වීර විසිනි. මේ රැස්වීමට පහත දැක්වෙන අය පැමිණ සිටියෝය. සයිමන් අබේගුණවර්ධන, ඛෙනට් වීරසිංහ, ලොකු අතුල, ටී. ඩී. සිල්වා, සනත් හා තවත් අය. දැන් ඔවුන්ගේ නම් මට මතක නැත. ධනපාලද පැමිණ සිටියේය. මේ සාකච්ඡාව තිබුණේ 1969 ආරම්භයට කිට්ටුවය. මේ සාකච්ඡාවෙහිදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒකාධිපතිත්වයට හැරෙන්නට ඉඩ තිඛෙන නිසා අපට තුවක්කු එකතු කරන්නට කියා විෙජ්වීර උපදෙස් දුන්නේය. සාකච්ඡාව දින දෙකක් පැවැත්වුණි.

 මා කොළඹට පැමිණ ශිෂ්‍යයින්ගේ අංශයෙහි වැඩ කිරීමට පටන් ගත්තේය. මේ අවස්ථාවෙහි කොළඹ අංශයෙහි දිස්ත්‍රික් කාරක සභාවේ රැස්වීමක් පැවතුණේය. මේ කාරක සභාවේ ලේකම් ටී. ඩී. වූ අතර, මම උප ලේකම් වූයෙමි. අනෙක් කාරක සභිකයින් නම් මෙරිල් ධනපාල, උයන්ගොඩ, ඔස්මන්ඩ්, පොඩි විෙජ්රත්න හා කරුණාරත්නය. මේ කාරක සභාව ටී. ඩී. ගේ ගෙදරදී නිරතුරුවම රැස්වී වැඩ ගැන හා කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධානය ගැන සාකච්ඡා කළේය. කොළඹ දිස්ත්‍රික්කයට පහත දැක්වෙන ප්‍රදේශයන් ඇතුළත් වී තිබුණි. මහනුවර පාරේ වරකාපොල දක්වා, හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල දක්වා, මීගමු පාරේ මීගමුව දක්වා, ගාලූ පාරේ මොරටුව දක්වා හා මැද කොළම, කොළඹ නගර සභා ප්‍රදේශයද ඇතුළුව සෑම ප්‍රදේශයක්ම දිස්ත්‍රික් ලේකම් කෙනෙකු භාරයේ  තිබුණ අතර, පහත දැක්වෙන අය ඔවුන් වේ. මීගමු පාර – මිල්ටන්, මහනුවර පාර – ප්‍රේමසිරි, ගාලූපාර – වසන්ත, හයිලෙවල් පාර – නිමල් මහරගේ, මැද කොළම – ඔස්මන්ඩ් හා ටී. ඩී. සහ වෘත්තීය සංගම් අංශය ධනපාල භාරයේය. පොඩි අතුලත් වෘත්තීය සංගම් අංශයෙහි සිටින ධනපාලට උපකාර කිරීම පිණිස තෝරා ගත්තේය.

 ශිෂ්‍යයින්ගේ අංශයෙහි මා වැඩ කරද්දී ඥානපාලගේ මාර්ගයෙන් පියසිරි නොහොත් කුලරත්න බණ්ඩා හඳුනාගන්නට මට ලැබුණි. මට ඔහු හමු වුණේ ඉඩම් සංවර්ධන වෘත්තීය සංගම් කාර්යාලයෙහිදීය. මේ කාලයේදී පෑලියගොඩ ධර්මාලෝක, ශ්‍රී ලංකා විද්‍යාලය, මරදාන, ධර්මපාල විද්‍යාලය, කෝට්ටේ ආනන්ද කොලීජිය, කොළඹ යන පාසල්වල පංති පවත්වන ලදි. විෙද්‍යා්දයෙහි ද මම පංති පැවැත්තුවෙමි. මෙන්න මේ පංතිවලට පසුව තමයි කතරගම සයිමන් අබේගුණවර්ධනගේ ගෙදර කඳවුරක් පැවැත්වූයේ. විෙද්‍යා්දයෙන් පහත දැක්වෙන අය මේ කඳවුරට පැමිණියෝය. ගරු කොටවිල දේවසිරි, සුනිල්, ගරු භද්දිය, නිමල් මහරගේ, ප්‍රේමපාල හා මම ද මේ කඳවුර සඳහා ගියෙමු. මොවුනට අතිරේකව දින හයක් පැවැත්වුණු මේ කඳවුරට තවත් බොහෝ දෙනෙක් පැමිණ සිටියෝය. විෙජ්වීර පංති පැවැත්තුවේය. මෙය අධ්‍යාපනික කඳවුරක් විය. බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ආපසු පැමිණීමෙන් පසු මැලේරියාව සෑදුණි. මේ කඳවුරට පසු සුනිල් හා ගරු දේවසිරි ව්‍යාපාරය සඳහා උද්යෝගයෙන් වැඩ කරනන්ට පටන් ගති. මාසයකට පමණ පසු

සනත් ටී. ඩී. ගේ ගෙදර කොළඹ දිස්ත්‍රික් සාමාජිකයේ සාමාජිකයන්ගේ රැස්වීමක් කැෙඳව්වේය. පහත දැක්වෙන අය පැමිණ සිටියහ. ටී. ඩී., ධනපාල, මිල්ටන්, ඔස්මන්ඩ්, වසන්තා, ප්‍රේමසිරි, පොඩි අතුල පොඩි විෙජ්, මෙරිල් සහ කරූ වෙති.

 මේ සාකච්ඡාවෙහිදී අපට තුවක්කු, බෝම්බ, නිලඇඳුම්, ඇසිඩ් වර්ග, විදුලි බුබුළු යනාදිය රැස් කිරීමට කියන ලදි. ලොකු අතුල හා පොඩි අතුල තුවක්කු එක්කාසු කිරීම, බෝම්බ සෑදීම යනාදිය භාරව සිටියෝය. මම විද්‍යෝදයෙහි අධ්‍යාපනික කඳවුරු පැවැත්වීමේ වැඩ දිගටම කරගෙන ගියෙමි. සාමාජිකයින් සඳහා මා පංති පවත්වන සෑම අවස්ථාවකම තුවක්කු හා පුපුරන ද්‍රව්‍ය එක්රැස් කිරීම හා අප ඇරඹීමට අදහස් කොට ඇති විප්ලවයට සූදානම් වෙන ලෙසට හා ඒවායේ අවශ්‍යතාවය මා ඔවුනට කීවේය.

 වර්ෂ 1969 යේ අවසානයට කිට්ටුව ටී. ඩී. සිල්වාගේ ගෙදර සාකච්ඡාවක් තිබුණි. පැමිණ සිටි අය නම්, ටී. ඩී., ධනපාල, කරුණාරත්න, ඔස්මන්ඩ්, ප්‍රේමසිරි, මෙරිල් ජයසිරි, මිල්ටන්, විමලගුණේ හා පොඩි අතුල වෙති. විෙජ්වීර මහ මැතිවරණය කල් තැබීමට ඉඩ ඇති බවට බියක් පළ කළේය. අමතරව එක්සත් ජාතික පක්ෂය තිර වශයන්ම මැතිවරණයේදී පරදින බවත්, ඔවුන් ආණ්ඩුව භාර නොදීමට ඉඩ ඇති බවත්, ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ඇති බවත් විෙජ්වීර කීවේය. එවැනි සිදුවීමක්

සඳහා අප සූදානම් විය යුතු බව විෙජ්වීර කීවේය. අමතරව විෙජ්වීර කීවේ සමගි පෙරමුණට අප සහයෝගය දිය යුතුය. ඉඩ ඇති සෑම අවස්ථාවකම ඔවුන් සමඟ ඡන්ද කොට්ඨාශවල වැඩ කළ යුතුය, යන්නය. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියහොත් අපට දිගටම වැඩ කරගෙන යාමට අපහසු වන්නේයයි ඔහු කීවේය. සමගි පෙරමුණ බලයට පැමිණියේ නම්, වැඩ කරගෙන යාමට පහසු වෙන බවත්, විප්ලවයක් ඇරඹීමේ අපට ඇති ඉඩ ප්‍රස්ථා ඉතාමත් හොඳවෙන බවත්, ඔහු කීවේය. සාමාජිකයින්ට ඉතා ඕනෑකමින් කියා පුපුරන ද්‍රව්‍ය, තුවක්කු එක්රැස් කිරීම හා නිල ඇඳුම් සූදානම් කිරීම ඉක්මන් කරන ලෙසට ඔහු කීවේය. අනෙක් දිස්ත්‍රික්ක නායකයන් හමුවුණු බවත්, මේ පිළිවෙළටම ඔවුන්ටද සූදානම් වීමට කී බවත්, ඔහු අපට කීවේය. පෙර කඳවුරුවලදී ඔහු විසින් නියමිත කොට ඇති පරිදි, අපට අවශ්‍ය දේවල් ලබා ගැනීමට ඔහු අමතරව අපට කිවේය.

 මා විසින් ඉහත දී සඳහන් කරන ලද ඌරුබොක්කේ පැවැත්වූ සාකච්ඡාවෙහිදී විප්ලවයකට අවශ්‍ය ඒකීය දේවල් ගැන පළමුවෙන්ම මට දැනගන්නට ලැබුණි. ඒ සාකච්ඡාවෙහි දී සෑම සාමාජිකයෙකුම නිල්පාට නිල ඇඳුම් කට්ටලයක් පිළියෙළ කොට ගතයුතු බව විෙජ්වීර කීවේය. කමිසයට සාක්කු දෙකක් තිබිය යුතු අතර කරපටි නොතිබිය යුතුය. අත් දිගට තිබිය යුතු අතර වාටි මසා නොතිබිය යුතුය. කලිසම් වල ඉදිරිපස හා පසුපස උඩින් අල්ලන ලද සාක්කු තිබිය යුතුය. බූට්ස් කුට්ටමක්, පිහියක්, බඩු මල්ලක්, රණ මලූ, හමුදා පටියක්, යකඩ තොප්පියක්, විදුලි පන්දමක්, වතුර බෝතලයක්, කෙටි කඩුවක්, කැන්වස් රෙදි,  දිග මේස්, පහසු නම් තුවක්කුවක් හෝ පිස්තෝලයක්, ප්‍රථමාධාර බෑගයක් හා මැලේරියා මර්ධන පෙති තිබිය යුතුය. මේ ලැයිස්තුව සෑම සාමාජිකයෙකුටම දුන්නේ නැත. දේශන පහක් පැවැත්වීමෙන් පසුව ඔවුන්ගෙන් විශ්වාස කළ හැකි පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ට නිල ඇඳුම් හා අවි ආයුධ සූදානම් කර ගැනීමට කියන ලදි. අනෙක් අය ගැන කාලයක් පරීක්ෂාවන් සිට විශ්වාස කළ හැකි තත්වයට පැමිණ තිඛෙන බව පෙනුණි නම් ඔවුන්ගෙන් සෑම අයෙකුටම අවශ්‍ය දේවල් ගැන වෙන වෙනම කියන ලදි. සාමාන්‍ය වශයෙන්ම මේ අවශ්‍ය දේවල් ගැන කඳවුරුවලදී සඳහන් කරනු ලැබේ. මේ සාකච්ඡාවට පසු සාමාජික සංඛ්‍යාව වැඩි කරගෙන ඔවුනට අපේ ප්‍රතිපත්ති ගැන හොඳ දැනුමක් දීම සඳහා අපි තද වෙහෙසක් ගෙන වැඩ කිරීමට පටන් ගතිමු.

 මේ කාලයේ සිට මැතිවරණ කාලය දක්වා මා පැවැත්තුවේ අධ්‍යාපනික කඳවුරු දෙකක් පමණක් ය. පළමු එක පැවැත්තුවේ අඹේපුස්සේය. දෙවැන්න දිවුලපිටිය ප්‍රදේශයෙහි පූර්ණ කාලීනයකු වූ වනසිංහගේ ගෙදරය. වනසිංහ විසින් සංවිධානය කරන ලද මේ කඳවුරට සාමාජිකයින් 15 ක් පමණ පැමිණ සිටියහ. මේ කඳවුරෙහිදී දින තුනක කාලය ඇතුළත මා විෂයයන් 5ම දේශනා කළේය. මා අනෙක් අධ්‍යාපනික කඳවුර පැවැත්තුවේ විද්‍යෝදයෙහිය. විශ්වවිද්‍යාලය පිටුපස බෝඩිමකය. සුනිල් මේ කඳවුර පිළියෙළ කළේය. දින 3ක් පැවැත්වුණු මේ කඳවුරට විෙද්‍යා්දයෙන් 15 ක් පමණ පැමිණ සිටියහ. මෙහිදී මා දේශනා 5 පැවැත්තුවේය.

 1969 යේ දෙසැම්බර් මාසයේදී පමණ ආණ්ඩුවට අපේ ව්‍යාපාරය ගැන දැනගන්නට ලැබී ඔහු සොයන බව විෙජ්වීර අපට කීවේය. ඊලඟට ඔහු දකුණු පළාතට ගොස් 1970 මැයි මාසයේදී හිර භාරයට ගන්නා තුරුම එහි සිටියේය. විෙජ්වීර කොළඹ නැතිවීමත්, මුදල් සීමාවීමක් නිසා අපට වැඩ කරගෙන යාමට අමාරු බව පෙනෙන්ට තිබුණි. අමතරව මේ අවස්ථාවේදී අපේ තවත් සාමාජිකයින් සමූහයක් හිර භාරයට ගන්නා ලදි. සිතියම් හා පතරොම් තබා ගැනීම ගැන ගල්කිස්සේදී වසන්තා කරුණාරත්න හිරභාරයට ගැනීම මට මතකය. මීට පසුව තුවක්කුවක් හා පුපුරණ ද්‍රව්‍ය තබා ගැනීම ගැන විෙද්‍යා්දයෙහි ගුණරත්න වීරකෝන් කළුතරදීත්, ප්‍රේමසිරි සිරිවර්ධන රංගලදීත් සිරභාරයට ගත්තෝය. අපි බියවී නිසලව සිටීමට තීරණය කරගතිමු.

 එක්සත් ජාතික පක්ෂයෙන් ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීමට ඇති වැඩ පිළිවෙළ ගැන අප කථා කළේ නමුදු මෙයට එරෙහිව නැගී සිටීම සඳහා සූදානම් වීමට ඇති අවශ්‍යතාවයන් හා මේ ක්‍රියාවලට ප්‍රති ප්‍රහාරය දීම සඳහා කිසිවක් අප කළේ නැත. එක්සත් ජාතික පක්ෂයෙන් ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීමට තැත් කළේ නම්, එවැන්නකට ප්‍රති ප්‍රහාර දීමට ඒ අවස්ථාවෙහි ඇත්තවශයෙන්ම අපට ශක්තියක් තිබුණේ නැත. විෙජ්වීර හිරභාරයට ගැනීමෙන් පසු සනත් කොළඹට පැමිණ කොළඹ නායකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්තුවේය. නඩුවට අප මුදල් එකතු කළ යුතු යයි කියා ඔහු කීවේය. පෙරකදෝරුවන් ලබා ගැනීමට යාමට ටී. ඩී. සිල්වා, කරුණාරත්න, ඔස්මන්ඩ්ගේ මව හා සනත් භාරගති. නඩුවට මුදල් කෙසේ එකතු කළාද කියා මම නොදනිමි. මා සිතන්නේ සනත් හා සිසිල්චන්ද්‍ර මෙයට නිරත වූ බවය. මැතිවරණයට පෙර විෙජ්වීර නිදහස් කිරීමට ප්‍රථම විෙජ්වීර නිදහස් කරන ලෙසට ඉල්ලමින් ප්‍රසිද්ධ ස්ථානවල විශාල දැන්වීම් ගසන ලෙසට, සනත් අපට උපදෙස් දුන්නේය. මේ විශාල දැන්වීම් සඳහා අඩංගු වියයුතු කොටස් සනත් අපට දුන් අතර, නොයෙක් දිස්ත්‍රික්ක නායකයින් විසින් දැන්වීම් කොළ පිලියෙළ කළෝය. පියසිරි හා මිල්ටන්ගේ සහාය ඇතිව මුනිදාස රාජාගේ ගෙදරදී මම ලොකු දැන්වීම් 100ක් පිළියෙළ කළෙමි. පියසිරි හා මාබෝලේ රෙක්සි ප්‍රනාන්දු හා මා මේ ලොකු දැන්වීම් මාබෝලේ ගැසුවෝය.

 මැතිවරණයෙන් පසු විෙජ්වීර නිදහස් කරන ලදි. විෙජ්වීර නිදහස් කළ දින මම නුවරඑළිය උසාවියට ගියෙමි. මා ගමන් කළේ විෙද්‍යා්දයේ සුනිල්, ඩැනියෙල්, මහින්ද විෙජ්සේකර හා විෙද්‍යා්දයෙන් පැමිණි තවත් අය සමඟය. අප සමඟ ගිය තවත් බොහෝ අය වූහ. එකතුව 50 ක් පමණ සිටියෝය. විෙජ්වීර නිදහස් කිරීමෙන් පසු නුවරඑළියේ දුම්රිය ස්ථානයට පැමිණි විට දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් ඔහු පිළිගෙන මල්මාලාවක් දමන ලදි. ඔහු කෙටි කථාවක් කොට කරුණාරත්න, අනුර, දෙල්ගොඩ රාජා, ලොකු අතුල, සිසිල්චන්ද්‍ර සමඟ මොටෝරථ දෙකකින් ගියෝය. අනෙක් අය සමඟ මම ආපසු කොළඹට පැමිණියෙමු. ධර්මසේකර පක්ෂයෙන් පැන්නීමෙන් පසු විෙජ්වීර හා අනෙක් අය විසින් මා කෙරෙහි අවිශ්වාස සහගත හැඟීම් ඇති කර ගන්නා ලදි. මේ කාලයෙහි විෙජ්වීරගේ විශ්වාසදායී  සහායකයින් වූයේ ලොකු අතුල, සිසිල්චන්ද්‍ර, සනත් හා සුනන්ද දේශපි්‍රය යන අය ය.

 වර්ෂ 1971 පටන් ගැනීමේදී පමණ, විෙජ්වීර අනෙක් අයට වඩා මා කෙරෙහි විශ්වාසයක් තැබීමට පටන් ගත්තේ, වර්ෂ 1970 ජූලි මාසයේ විෙද්‍යා්දයෙහිදී පැවැත්වූ රැස්වීමට පෙරාතුව විෙජ්වීර හා සනත්ගෙන් ඔවුන් පුවත්පතක් පිට කිරීමට යන බව මම දැන ගතිමි. පත්‍රය ප්‍රසිද්ධ කිරීමට මා ඇතුළත් කරගත්තේ නැත. මේ කාරිය පැවරුවේ පොඩි ලකී, සිසිල්චන්ද්‍ර හා සුභසීල කොඩිකාර යන අයටය. ජනතා විමුක්ති පුවත්පතට මා කිසිම ලිපියක් සපයා නැත. පුවත්පතේ පිටපත් 500ක් පමණ මට ලැබීමත්, ඒවා ශිෂ්‍ය සාමාජිකයින් අතර විකිණීමටත් මම පුරුදුව සිටියෙමි. වර්ෂ 1970 ජූලි මාසයේදී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි රැස්වීමක් පැවැත්වීමටත්, විෙජ්වීර එහිදී ප්‍රසිද්ධියේ පෙනී සිටීමත්, මහින්ද විෙජ්සේකර යෝජනා කළේය. මේ රැස්වීම පැවැත්වීමේ අරමුණ නම් සමාජවාදී සංගමයට සාමාජිකයින් ඇද ගැනීමය. එය පිහිටුවීමට තිබුණේ

විෙද්‍යා්දයෙහිය. මේ කාලයේද සෝමසිරි කුමානායක විසින් පාලනය කරන ලද සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශාඛාවක් පේරාදෙණිය සරසවියෙහි තිබුණේය. සරසවිවලින් ශිෂ්‍යයින් ජනතා විමුක්ති පෙරමුණට ඇද ගැනීමට අප පාවිච්චි කළ එක උපක්‍රමයකි මේ.

 විද්‍යා්දයෙහි පැවැත්වූ මේ රැස්වීම සංවිධානය කළ අය නම් සුනිල්, මහින්ද හා මාය. මේ රැස්වීමෙන් සති දෙකකට පසුව, විෙජ්වීර ටී. ඩී. සිල්වාගේ ගෙදරට සාකච්ඡාවක් සඳහා කැෙඳව්වේය. මේ සාකච්ඡාවට පහත දැක්වෙන අය පැමිණ සිටියහ. විෙජ්වීර, සුනිල් රත්නසිරි, මහින්ද විෙජ්සේකර, බමුණුසිංහ, මැදගම පියසීල, විද්‍යාලංකාරයේ වසන්ත, කොළඹ විශ්වවිද්‍යාලයේ සුමනරත්න අම්බලන්ගොඩ, කිත්සිරි, පියසිරි නොහොත් කුලරත්න බණ්ඩා, කොළඹ විශ්ව විශ්වවිද්‍යාලයෙහි ධර්මසේන කැළණියේ සිසිර, විමලගුණේ, ටී. ඩී. සිල්වා, මිල්ටන්, ලක්ෂ්මන් මාදුවගේ, ආනන්ද කොලීජියේ නාලක හා මාද වෙත්. මේ සාකච්ඡාව කැඳවා තිබුණේ දේශප්‍රේමී ශිෂ්‍ය පෙරමුණ පිහිටුවීම සඳහාය. මහින්ද විෙජ්සේකර සභාපති පදවියටද, කුමානායක ලේකම් පදවියටද පත්කර ගන්නා ලදි. මේ අය කැඳවා විෙජ්වීර විසින් ඔවුන්ට ඒ ඒ ප්‍රදේශවල ශිෂ්‍යයින් සමඟ එකට වැඩ කිරීම අපේ මූලික අරමුණ යයි කියන ලදි.

 ශිෂ්‍ය සංගමය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වීමට තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙහිය. පියසිරි මාගේ සහායක  වශයෙන් තබා ශිෂ්‍යයින්ගේ වැඩ මට භාර දෙන ලදි. තවදුරටත් කොළම දිස්ත්‍රික්කය කොටස් පහකට ඛෙදන ලදි. කොළඹ සිට මහනුවර පාර ඔස්සේ වරකාපොල දක්වා සිසිර හා කැළණියේ ජයවික්‍රමට පවරන ලදි. පෑලියගොඩ සිට මීගමුව දක්වා රෙක්ෂි ප්‍රනාන්දුට හා මාබෝලේ මාරියස්ට පවරන ලදි. දකුණු කොළඹ මුනිදාස රාජා හා නාලකට පවරන ලදි. මැද කොළඹ පියසිරි නොහොත් කුලරත්න බණ්ඩාට පවරන ලදි. කොළඹ හයිලෙවල් පාර ඔස්සේ හංවැල්ල දක්වා සුනිල් රත්නසිරි හා රංජිත් නොහොත් කලූ රංජිත්ට පවරන ලදි. මට ඒ සියල්ලටම නිසැක භාරයක් තිබුණි. මේ නායකයින් ඒ පෙදෙස්වල ඇති පාසැල්වලින් නව සාමාජිකයින් බඳවාගෙන සාමාජිකත්වය පුළුල් කරමින් වැඩ කිරීමට පටන් ගත්තෝය.

 මැද කොළඹ උද්යෝගීමත් සාමාජිකයින් වූයේ කපිල, එෙ`ඩ්රමුල්ලේ සුදු සරත්, අක්බාර් නගරයේ නිමල්, වැල්ලම්පිටියේ බන්දුල, වේයන්ගොඩ ලාල් හා පියසිරි යන අයය. 71.4.5 වෙනි දින සුදු සරත්, ලාල් හා නිමල් සිර භාරයට ගන්නා ලදි. දකුණු කොළඹ උද්යෝගීමත් සාමාජිකයින් වූයේ රාජා, මුනිදාස, දෙහිවල උපාලි, දෙහිවල මහේන්ද්‍ර හා දෙහිවල යම්කිසි ස්ථානයක නතරවී සිටි මැද වේයන්ගොඩ බන්දුල යන අයය. හයිලෙවල් පාරේ උද්යෝගීමත් සාමාජිකයින් වූයේ සුනිල් රත්නසිරි, zzරතු බලයZZ ප්‍රකාශක රිචඩ්, කලූ රංජිත්, පොඩි විතාන හා ඩැනියෙල්ය. මහනුවර පාරේ උද්යෝගීමත් සාමාජිකයින් වූයේ සිරිසේන, ජයවික්‍රම, කිරලවැල්ලේ සේමසිරි, විෙද්‍යා්දයේ ගමගේ හා අජිත්ය. මීගමු පාරේ වූයේ රෙක්ෂි ප්‍රනාන්දු, විෙද්‍යා්දයේ කොතලාවල, දිවුලපිටියේ විෙජ්රත්න, කෙහෙල්ලෙල්ලේ රංජිත් ය. මේ අය ශිෂ්‍ය අංශයේ උද්යෝගීමත් සාමාජිකයින් වේ. (විභාගය කල්දමන ලදි)

 දිනය: 71.7.2 වේලාව: පෙ.ව. 9.00 ස්ථානය: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුවේ පරීක්ෂණ අංශය. සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක නැවත අ~ ගැසීමෙන් පසු මෙසේ කියා සිටී.

 70.8.10 වෙනි දින හයිඩ් පාක් එකේ පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමේදී මාගේ කාණ්ඩයට රැස්වීම්වල ආරක්ෂාව සංවිධානය කිරීමේ කාරිය පවරන ලදි. රැස්වීම්වල ආරක්ෂාව මා සංවිධානය කළ යුතුය කියා සනත් මට කීවේය. ශිෂ්‍ය අංශවල දිස්ත්‍රික්ක නායකයින්ගේ මාර්ගයෙන් මා ශිෂ්‍ය අංශයෙන් සාමාජිකයින් 50ක් පමණ හයිඩ් පාක් එකට කැෙඳව්වේය. මට ඔවුන් මුණ ගැසුණේ ප.ව. 4.00 ට පමණය. මෙයට ප්‍රථම ඔවුන් කාණ්ඩ වශයෙන් වේදිකාව අසලත්, ඉදිරිපසත්, පසුපසත්, පිට්ටනිය ඇතුළතත්, පිට්ටනියට ඇති ගේට්ටු අසලත් නතරකර තබන ලෙසට මම නායකයින්ට කීවෙමි. හඳුනාගැනීමේ සලකුණක් වශයෙන් ඔවුන්ගේ කමිසවල ඉදිරිපස ආයකටු දෙකක් පැළඳ ගැනීමට මම ඔවුන්ට උපදෙස් දුනිමි. ධර්මසේකරගෙන් අප කරදර බලාපොරොත්තු වූ අතර ඔවුන් ගැන බලන ලෙසටත්, ඔවුන් ගැන පරීක්ෂාවෙන් සිටින ලෙසටත් කියා අපි ඔවුන්ට උපදෙස් දුනිමු.

 මා ශිෂ්‍ය අංශය භාරව සිටියදී, නව සාමාජිකයින් බඳවා ගැනීමේ කාරියත්, තුවක්කු හා පුපුරන ද්‍රව්‍ය එකතු කිරීම සංවිධානය කිරීමත්, ගැන පියසිරිට උපදෙස් දුන්නේය. සමාජිකයින් සඳහා අධ්‍යාපනික කඳවුරු පැවැත්වීම ගැන මා යොමුවී සිටියේය. එවැනි අධ්‍යාපනික කඳවුරු 12ක් පමණ මා පැවැත්තුවේය. සමහරවිට ශිෂ්‍ය අංශයේ සාමාජිකයින්ට අමතරව දිස්ත්‍රික්ක නායකයන්ද ඔවුන්ගේ සාමාජිකයින් දේශනාවලට පිටත් කළෝය. පහත දැක්වෙන ස්ථානවල මම කඳවුරු පැවැත්තුවෙමි. විෙද්‍යා්දයේ තුනකි. එයින් එකක් විශෙAෂයෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා සඳහාය. විෙද්‍යා්දයේ සංඝාරාමයෙහි තවත් කඳවුරු

දෙකක් පැවැත්තුවෙමි. මීරිගමදී පියසිරි විසින් සූදානම් කරන ලද එකකි. බැලූම්මහර දෙකකි. ගැහැණු ළමයි 20 ක් සඳහා හෝමාගම එකකි. ඇරැව්වල ලීලාගේ ගෙදර එකකි. ශිෂ්‍ය අංශ සඳහා මා පැවැත්වූ කඳවුරු මෙපමණකි. ගැහැණු ළමයි 15 ක් සඳහා ටී. ඩී. සිල්වාගේ ගෙදර මා අධ්‍යාපනික කඳවුරක් පැවැත්තුවාය කියා සඳහන් කරන්නට මට අමතක විය. මේ සියලූම කඳවුරු පැවැත්තුවේ දින 5 හේ කාලසීමා ඇතිවය. මේ දේශනා 5ට අතිරේකව මේ කඳවුරුවලදී ඓතිහාසික භෞතිකවාදය, ද්වන්දාත්මක භෞතිකවාදය සහ ලංකාව හා එහි සමාජය ගැනද මා දේශනා කරන ලදි.

 ජනතා විමුක්ති පෙරමුණ මගින් මහනුවර හා අම්බලන්ගොඩ පවත්වන ලද මහජන රැස්වීම්වලට පමණක් මම සහභාගි වුණෙමි. මහනුවර රැස්වීමට පසුව අපේ සාමාජිකයින් 200ක් පමණ ඇතිව, මා දුම්රියෙන් ආපසු එමින් සිටියෙමි. වැඩි දෙනෙක් ගමන් කළේ ප්‍රවේශ පත්‍ර නොමැතිවය. මහනුවර දුම්රිය ස්ථානයේදී අපේ සාමාජිකයින් කණ්ඩායමක් හා ඉන්දියාවෙන් එන සංචාරකයන් කණ්ඩායමක් අතර විවාදයක් ඇති විය. මේ ඉන්දියානුවන් ආසනවල හාන්සි වී සිටි අතර, අපේ සාමාජිකයින් ඔවුන්ට වාඩිවීමට ඉඩ දෙන ලෙස කීමෙන් පසු මේ තර්කය ඇති විය. මේ අමුත්තන් හා අපේ සාමාජිකයින් ගුටි ගසා ගැනීමට වූයෙන් මම ඉදිරිපත් වුණෙමි. මෙයින් එක් ඉන්දියානුවකුගේ ඔලූව දොරක හැපීම නිසා තුවාල විය.

 පොලිස් නිලධාරීන් ලඟා වනවිට මා ඔවුන් වෙන් කිරීමට උත්සාහ දරමින් සිටියෙමි. පොලිස් නිලධාරීන් පැමිණීමෙන් පසු එක් ඉන්දියානුවෙකු ඔවුන්ට ගැසූ අයගෙන් එක් කෙනෙකු වශයෙන් මා පෙන්නුවේය. මා හිරභාරයට ගෙන බොනිපස් හා තවත් දෙදෙනෙකු සමඟ මහනුවර පොලිස් ස්ථානයට ගෙන ගියෝය. පොලිස් ස්ථානයෙහිදී අප හිරකොට තැබුවේන් ඊට පසු දින කුමානායක විසින් අපට ඇපදී ඉවතට ගන්නා ලදි. අපට විරුද්ධව උසාවියේ නඩු පැවරුවේ නමුදු තුවාලය සිදුවී ඇත්තේ අත්වැරදීමකින්ය යන වෛද්‍ය වාර්තාව උඩ අපව නිදහස් කරන ලදි. රු. 10/} ක ගාස්තුවක් ගෙවීමෙන් පසු කුමානායක අප වෙනුවෙන් පෙරකදෝරුවෙකු ලබා ගත්තේය.

 වර්ෂ 1969 අවසානයට කිට්ටුව රජයේ දෙපාර්තමේන්තුවක උසස් තනතුරක් උසුලන ඔහුගේ මිතුරෙක් අපේ ව්‍යාපාරය ගැන සාකච්ඡා කිරීමට කැමතිව සිටිනවා යයි කියා පොඩි ලකී මට කීවේය. ඔහු පිළියෙළ කරන ලද දිනයෙහිදී පොඩි ලකී විසින් දෙල්කන්දේ ප්‍රේමපාලගේ නිවසට එක්ක එන ලද මේ තැනැත්තා මට මුණගැසුණි. සුසිල් සිරිවර්ධන වශයෙන් මම ඔහු හඳුනාගතිමි. එදින සාකච්ඡාවට නිමල් මහරගේ, ප්‍රේමපාල හා පොඩි ලකී පැමිණ සිටියෝය. අපේ දේශනා 5හේ අන්තර්ගත කරුණු ලූහු~ු කොට මා ඔහු සමඟ සාකච්ඡාවක් පැවැත්තුවේය. අපි අපගේ නායකයා හමුවී තවදුරටත් සාකච්ඡා කරමු යයි සුසිල්  කීවේය. මේ අවස්ථාවේදී විෙජ්වීර කතරගම සැඟවී සිටියේය. රජයේ උසස් නිලධාරියෙකු වන සුසිල් සිරිවර්ධන මුණගැසුණු බවත්, ඔහු හමුවීමට හා අපේ ව්‍යාපාරය ගැන සාකච්ඡා කිරීමට ඉතා ආශාවෙන් සිටින බවත්, ඔහු අපට ප්‍රයෝජනවත් වියහැකි

පුද්ගලයෙකු බවත් කියා මා පොඩි ලකීගේ මාර්ගයෙන් විෙජ්වීරට පණිවුඩයක් යැව්වේය. පොඩිලකීගේ මාර්ගයෙන් පණිවුඩය යැව්වාය කියා කීමෙන් මා වරදක් කළේය. ඇත්තවශයෙන්ම විෙජ්වීරට දැන්වීම සඳහා මම යැව්වේ නිමල් මහරගේය. නිමල් මහරගේ ගේ මගින් විෙජ්වීර ඔහු හමුවීමට මට සුසිල් එවිය හැකි දිනය සඳහන් කොට පණිවුඩයක් එවා තිබුණේය. මා සුසිල් සිරිවර්ධන හා සමඟ පළමුවන සාකච්ඡාව පැවැත්වීමෙන් පසු පොඩි ලකී සහ උයන්ගොඩ සමඟ සුසිල් හමුවීමට ඔහුගේ බම්බලපිටියේ ගෙදරට ගියෙමි. තවදුරටත් අපි ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කළෙමු. වැඩිදුරටත් ව්‍යාපාරය ගැන දැනගැනීමට සුසිල්ගේ යහළුවන් කණ්ඩායමක් ඉතා කැමැත්තෙන් සිටි බව ඔහු කීවේය. විෙජ්වීර හමුවිය හැකි දිනය දන්වමින් මා සුසිල්ට පොඩිලකීගේ මාර්ගයෙන් පණිවුඩයක් යැව්වේය.

 නිමල් මහරගේ සුසිල් සමග යැවීමට සිටිය නමුදු අවසාන මොහොතේදී සුසිල් සමඟ ටී. ඩී. යැවීමට මා තීරණය කර ගත්තේය. ටී. ඩී. ට මා මේ ගැන කීමෙන් පසු ඔහු යාමට එකඟ විය. මා ටී. ඩී. සුසිල් ගේ ගෙදරට එක්ක ගොස් ටී. ඩී. සමඟ එහි යන ලෙසට මම ඔහුට කීවෙමි. ඔහු කතරගමට එක්කරගෙන යාමෙන් පසු ඔහුට විෙජ්වීර හමුවීමට හැකියයිද කියා මම කීවෙමි.

 ඊලඟට මට සුසිල් හමුවුණේ 1970 ජූලි මාසයේ විෙද්‍යා්දය විශ්වවිද්‍යාලයෙහි පැවැත්වූ රැස්වීමේදීය. ඊට පසු මට ඔහු හමු වුණේ නැත. 1970 අගෝස්තු මාසයේහිදී පියසිරි හා මා සීදුව අධ්‍යාපනික කඳවුරක් පැවැත්වීමට තීරණය කළෝය. අප කඳවුර පැවැත්වීමට පිළියෙළ කරගත් දිනයට පුළුවන් පමණ සීදූවට එවන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන් වැඩිදෙනෙකුට අපි දැන්නුවෙමු. පියසිරි, නවරත්න, සිසිර, ජයවික්‍රම හා සුනිල්ට කැළණියේ  දුම්රිය ස්ථානයෙහිදී ඔවුන් හමුවී සීදූවට කැඳවාගෙන එන ලෙසට මා විසින් උපදෙස් දෙන ලදි.

 කැළණියේ සෝමදාසත් සමඟ මා එදින රාත්‍රියෙහි සීදූවට ගියේය. මේ කඳවුරට යාමට පැමිණි බොහෝ දෙනෙක් සීදූව පොලිසිය විසින් සිරභාරයට ගෙන ඇති බව මා දැන ගත්තේය. ඊලඟට මම කොළඹට ආපසු ගියෙමි. සීදූව පොලිසිය මගින් 63 දෙනෙකු සිරභාරයට ගෙන තිබුණි. මේ ගැන විෙජ්වීර තදින්ම අමනාප වී කොළඹට කිට්ටුව කඳවුරක් සඳහා එවැනි විශාල පිරිසක් සංවිධානය කිරීම ගැන මට දොස් කීවේය. සිරභාරයට ගැනීමට තුඩුදීමකට අපේ සාමාජිකයින් එපමණ සංඛ්‍යාවක් ලබා ගැනීම ගැන මා සමඟ දෝෂාරෝපණයට ලක්වූ අනෙක් අය නම් ටී. ඩී., සනත්, මිල්ටන් හා කරුණාරත්න යන අයය.

 මා විශාල කඳවුරු පැවැත්වීම ගැන අධෛර්යයට පත්වූයේ නමුදු, කොළඹ ප්‍රදේශයෙහි පංති පවත්වාගෙන යාම මා දිගටම කරගෙන ගියේය. 1968 න් පසුව ටී. ඩී. සිල්වා කොළඹ ප්‍රදේශයේ භාරකාරත්වයේ තබන ලදි. වැඩිපුර පංති නොපවත්වන ලෙසට ඔහු මට කීමට පුරුදුව සිටියේය. ඔහුගේ කථාවෙන් හා අනෙක් අයගෙන් මා ඇසූ දේවල් අනුවත්, කොළඹ දිස්ත්‍රික්කයේ සාමාජිකයින් වැඩි දෙනෙක් මා ගැන දන්නා නිසාත්, ටී. ඩී. යම්කිසි ප්‍රමාණයකට මා සමඟ ඊර්ෂ්‍යාවෙන් සිටි බව මට හැගුණේය.

 1970 ඔක්තෝබර් මාසයේදී සනත් මට ඔහුගේ ගෙදර සාකච්ඡාවකට එන්ටය කියා පණිවුඩයක් එව්වේය. මා ටී. ඩී., කරුණාරත්න හා උයන්ගොඩ කැටුව සනත්ගේ ගෙදරට ගියා. අප එහි ගියවිට සනත් එහි නොසිටි අතර එහි සිටි තැනැත්තෙකු බටපොල ධර්මදාස ජයසිංහගේ ගෙදර සාකච්ඡාව පැවැත්වෙන බව ඔහු අපට කීවේය. එහි සිටි මේ තැනැත්තා අප ජයසිංහගේ ගෙදරට එක්කරගෙන ගියේය. එහිදී මට විෙජ්වීර, සනත්, ධනපාල, සුසිල්, වික්‍රම, පොළොන්නරුවේ සුසිල්, ධර්මදාස ජයසිංහ හා අනුරාධපුරේ ජයසිංහ මුණගැසුණි. කුරුඳුගහහැතැප්මේ ගුරුවරයෙකුවූ ජයසිංහ මට මුණගැසුණු පළමුවන අවස්ථාවයි මේ. ඔහු සාකච්ඡාවට සහභාගි වූයේ නැත. ප්‍රදේශවල අපගේ කටයුතු පුළුල් කළයුතු බව විෙජ්වීර කීවේය. රට මුළුල්ලේම කටයුතු සංවිධානය කිරීමේ කාරිය කරුණාරත්න හා සනත්ට ඔහු භාර දුන්නේය. අනුරාධපුර පොලොන්නරුව, වවුනියා හා පුත්තලම යන ප්‍රදේශවල කටයුතුවල භාරය කරුණාරත්නට දුන්නේය. ඉතිරිවා බැලිය යුතුව තිබුණේ සනත් විසින්ය.

 වෘත්තීය සංගම් අංශවල අප ලබා ඇති දියුණුව සම්පූර්ණයෙන්ම සතුටුදායක නොවන බව විෙජ්වීර කීවේය. වෘත්තීය සංගම්වල සහයෝගය තව තවත් ලබා ගැනීමට මහන්සි වී වැඩ කරන ලෙසට විෙජ්වීර ටී. ඩී. හා ධනපාලට කීවේය. ශිෂ්‍ය අංශයේ දියුණුව ගැන විෙජ්වීර මගෙන් ප්‍රශ්න කළේය. අප ලබා ඇති දියුණුව මම ඔහුට කීවෙමි. අපේ වැඩ ගැන ඔහු සෑහීමකට පත්වී ඇති බව පෙනුණේය. ලොකු දැන්වීම් ගසන අවස්ථාවලදී අපේ සාමාජිකයන් හිරභාරයට ගැනීම ගැන විෙජ්වීර වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. අප බොහෝ ප්‍රවේශම් විය යුතු යයිද, මේ හිරභාරයට ගැනීම්වල ප්‍රතිඵලය නම් නිසි අයුරු සකස් නොවීම යයිද කියා ඔහු කීවේය. තවද අපේ නිල ඇඳුම් ගැන අප ඉක්මන් විය යුතු යිද, ලොකු අතුලට තුවක්කු හා පුපුරන ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමට සහයෝගය දිය යුතු යයිද, කියා විෙජ්වීර කීවේය.

 අප ජයසිංහලාගේ ගෙදරට ගිය දින සාකච්ඡාව ආරම්භ කළේ නැත. රාත්‍රියෙහි එහි ගිය අප එහිදී රෑ ආහාර ගෙන සාකච්ඡාව ආරම්භ කළේ ඊට පසුදින උදෑසනයි. දහවල් ආහාරයෙන් පසු සාකච්ඡාව අවසන් විය. මේ සාකච්ඡාව පැවැත්වූ කාලයෙහිදී විෙජ්වීර සිටියේ අම්බලන්ගොඩය. ඔක්තෝබර් මාසයෙන් පසුව විෙජ්වීර අම්බලන්ගොඩ සිටිය බව මට දැන ගන්නට ලැබුණි. ඒ කාලයෙහිදී ඔහු සිටියේ කා සමඟද කියා මම නොදනිමි. සිසිල්චන්ද්‍ර විෙජ්වීර සමඟ යාමට පුරුදුව සිටි බවත් මම දනිමි. සිසිල්චන්ද්‍ර ආරක්ෂකනිලධාරියෙකු වශයෙන් විෙජ්වීර හා සමඟ යන බව ලක්ෂ්මන් මාදුවගේ මට කීවේය.

 1970 නොවැම්බර් මාසයේ එක් සන්ධ්‍යාවක මා සිටියේ ටී. ඩී. ගේ ගෙදරය. එදින ටී. ඩී. ගේ භාර්යාවත්, දුව මලීත්, අම්බලන්ගොඩ ගොසින් ආපසු ගෙදර පැමිණියෝය. ඔවුන් සිසිල්චන්ද්‍රගේ ගෙදරට ගිය බව කීවෝය. තවද, විෙජ්වීර එහි සිටින බවද කීවෝය. සිසිල්චන්ද්‍රගේ ගෙදරට යාම ගැන විෙජ්වීර ඇයට දෝෂාරෝපණය කළ බව ටී. ඩී. ගේ

භාර්යාව ටී. ඩී. ට කීවාය. පවුල් කටයුතු ගැන මැදිහත් නොවන ලෙසට ඔහු ඇයට කීවේය. විෙජ්වීර ඇය සමඟ අමනාප වී, ඇත්තේ ටික කලකට ඉහත ඇයගේ දුව මලී සිසිල්චන්ද්‍රගේ ගෙදරට ගිය අවස්ථාවක විෙජ්වීර සිසිල්චන්ද්‍රගේ සොහායුරියවූ යසෝමාව සිඹිනවා මලී දැක තිබීම නිසායෙන් යැයි ටී. ඩී. ගේ භාර්යාව කීවාය. මා මෙය විශ්වාස නොකළේ අපේ ව්‍යාපාරය පළමුවෙන්ම පටන්ගන්නා අවස්ථාවෙහි විෙජ්වීරම  අපේ ව්‍යාපාරයේ ඇතුළත වැඩ ගැන බලපාන නිසා ගැහැණු ළමයි ඇසුරු නොකරන ලෙස අපට කීවේ. මා පෙර මෙය අසා නොතිබුණු නිසා ටී. ඩී. ගේ භාර්යාව විෙජ්වීරට අපහාස කිරීමට තැත් කරනවාය කියා මා සිතුවේය.

 ටික කලකට පසුව ටී. ඩී. ගේ ගෙදරදී මට විෙජ්වීර මුණගැසුණි. ඔහු පසකට මා කැඳවා ටී. ඩී. ගේ භාර්යාව ඇයගේ වැඩිමහල් දුව ඔහුට දීමට යෝජනා කොට ඇති බවත්, ඒ ගැන මා සිතා ඇත්තේ මොනවාදැයි කියා මගෙන් ඇසුවේය. මේ ගැහැණු ළමයා හා ලොකු අතුල සමඟ සම්බන්ධයක් ඇතැයි මා සිතූ බව මම විෙජ්වීරට කීවෙමි. කෙසේ වුවද ටී. ඩී. ගේ භාර්යාව ඇයගේ දුව, විෙජ්වීර බඳිනවාට හරිම කැමතියයි කියා, විෙජ්වීර කීවේය. ඊලඟට මා ඔහු සිසිල්චන්ද්‍රගේ සහෝදරියත් සමඟ ආදරයෙන් පසුවෙන බව ඇසූ බව මම විෙජ්වීරට කීවෙමි. මෙවැනි පෙම් සබඳකමක් තිබුණේ නැතැයි කියා විෙජ්වීර කීවේය. මේ කථාව මට ඇසීමට ලැබුණේ කෙසේදැයි කියා විෙජ්වීර මාගෙන් ඇසුවේය. මෙය ටී. ඩී. ගේ භාර්යාව මට කී බව මම ඔහුට කීවෙමි. ඊට පසු ඔහු මේ ගැන කථා කළේ නැත.

 නැවතත් අවස්ථාවක ටී. ඩී. ගේ ගෙදරදී විෙජ්වීර මට මුණ ගැසිණි. පැමිණ සිටි අනෙක් අය නම් කරුණාරත්න, උයන්ගොඩ, මිල්ටන්, සනත් හා ටී. ඩී. සිල්වාය. ටී. ඩී. ගේ භාර්යාව විසින් ඇයගේ දුව විෙජ්වීරට යෝජනා කිරීමට තැත් කළාය කියන කථාවක් පැතිර තිඛෙන බව ටී. ඩී. ගේ භාර්යාව කීවාය. ඇයට එවැනි අදහසක් නොතිබුණ බව ඇය කීවාය. මෙවැනි ඕපදූප කථා පක්ෂයේ හොඳනමට සුදුුසු නැති නිසා ඒවා නතර කළ යුතුයයි විෙජ්වීර කීවේය. විෙජ්වීර විසින් යසෝමා සිඹිනවා ඇයගේ දුව මලී දැක තිබේ යයි කියා ටී. ඩී. ගේ භාර්යාව අමතරව කීවාය. මේ ආකාරයට හැසිරීම නායකයාගේ හොඳනමට උචිත

නොවේයයි කියා ඇය කීවාය. යසෝමා සිම්ඹේ නැතැයි කියා විෙජ්වීර කීවේය. යසෝමා සමඟ ප්‍රේම සම්බන්ධයක් නොතිබුණ බව ඔහු කීවේය. පක්ෂයේ වැඩකැරීම් වලට බලපාන නිසා මෙවැනි වෙනස් කම් අප වැඩි දියුණු නොකළ යුතුයැයි විෙජ්වීර කීවේය.

 කෙසේවුවද, අතුල ටී. ඩී. ගේ දුව සමඟ ආදර සම්බන්ධයක් ඇතිකර ගැනීම ගැන විරුද්ධතාවක් නැතැයි අමතරව ඔහු කීවේය. විෙජ්වීර සිසිල්චන්ද්‍රගේ සොහොයුරිය සමඟ ආදරයෙන් පසුවෙන බව මම දැන ගතිමි. අතුලගේ ප්‍රේම සම්බන්ධයටද විෙජ්වීර විරුද්ධතාවක් ප්‍රකාශ නොකළ බව ඊලඟට මම වටහා ගතිමි. මක්නිසාද යත්, ඔහුගේ සම්බන්ධය හෙළිවූවිට විරුද්ධතාවක් පැන නොනැගීමට මග පාදා ගැනීමට ඔහුට අවශ්‍ය වූ හෙයිනි.

 1971 මුල් භාගයේදී බලපත්‍ර නොමැති රිවෝල්වරයක් ළඟ තබා ගැනීම ගැන උසාවි යාමට තිබූ හෙයින් මම විෙජ්වීර සමඟ හම්බන්තොට ගියෙමි. උසාවියෙහිදී මට මුණගැසුණු අනෙක් අය නම් ගරු භද්දිය, සිසිල්චන්ද්‍ර, ලක්ෂ්මන් මාදුවගේ, සුසිල් වික්‍රම හා පැන්ටිස්ය. නඩුවෙන් පසු තංගල්ලේ විෙජ්වීරගේ නැන්දාගේ නිවසට අපි ගියෙමු. දහවල් ආහාරයෙන් පසු සුසිල් සමඟ ඛෙලිඅත්තේ නිවසකට අපි ගියෙමු. පැමිණ සිටි අය නම් විෙජ්වීර, ඛෙනට් වීරසිංහ, පැන්ටිස්, සුසිල් හා මාය. මෙහිදී සුසිල්, සනත් ප්‍රදේශයට නොපැමිණි බවත්, කිසිකලෙක ක්‍රියාශීලී වී නැති බවත් පැමිණිලි කළේය. තවද විෙජ්වීර සිසිල්චන්ද්‍රගේ සොහොයුරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා කියා බොහෝ කටකථා ඇති බවද කීවේය. යසෝමා සමඟ කිසිම සම්බන්ධයක් නැති බව කී විෙජ්වීර ඔහු අපකීර්තියට පත්කොට නායකත්වය ලබාගැනීම සඳහා මේ අරංචිය සනත් විසින් පතුරවනවා වියයුතු යයි කියන ලදි.

 විෙජ්වීර,සුසිල්, පැන්ටිස් හා ඛෙනට්ට පක්ෂයට අදාල වැඩ කටයුතු අනුව ප්‍රදේශය මනාසේ දියුණුවී නැති නිසා ප්‍රදේශයෙහි වෙහෙස මහන්සිවී වැඩ කරන ලෙසට කීවේය. සාකච්ඡාවට පසුව එහිදී රෑ ආහාර

ගත් අප එම ගෙයිහිම රෑ සිටියෝය. ඊලඟ උදෑසන සුසිල්, විෙජ්වීරත්, මාත් කෝට්ටේගොඩ ගෙයකට එක්කරගෙන ගියේය. එහිදී ඔහු නව සාමාජිකයින් සමූහයකට කථා කිරීමට විෙජ්වීරව පිළියෙළ කොට තිබුණේය. අප ගිය ගෙය ගුරුවරයකුගේ නිවසකි. එහි පැමිණ සිටි තරුණයන් 15 දෙනෙකුට පමණ විෙජ්වීර ඔහුගේ සුපුරුදු හැඳින්වීමේ කථාව දුන්නේය.

 මෙහි සිට සුසිල් විසින් අපව ඛෙලිඅත්තේ ගෙයකට ගෙන ගියේය. එහිදී අප දහවල් ආහාර ගන්නා ලදි. දහවල් අහරින් පසු විෙජ්වීර ප්‍රදේශයෙහි ක්‍රියාකාරී සාමාජිකයින් 10 දෙනෙක් පමණ හා සමඟ සාකච්ඡාවක් පැවැත්තුවේය. තව තවත් නව සාමාජිකයින් බඳවා ගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන ලෙසටත්, තවද ඒ ප්‍රදේශයෙහි ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙසටත්, විෙජ්වීර ඔවුන්ට කීවේය. අපි පැය දෙකක් පමණ එහි සිටියෙමු. එහි සිට අපි දෙවිනුවර මහින්ද විෙජ්සේකරගේ ගෙදරට ගියෙමු. මහින්ද අසනීපයෙන් පසුවිය. ටික වේලාවක් සිට අපි ඊට පසුව අම්බලන්ගොඩ කිත්සිරිගේ නිවසට ගියෙමු. අපි එහි රෑ සිටියෙමු. මේ ගෙය ඇත්තේ සිසිල්චන්ද්‍රගේ නිවසේ සිට සැතපුමක් පමණ ඈතින්ය. ඊලඟ උදෑසන මා විෙජ්වීර හා දෙල්ගොඩ රාජා සමඟ ඇට්ලස් බණ්ඩාරගේ මොටෝ රියෙන් කොළඹට ආපසු පැමිණියෝය.

 නඩුව සඳහා අප හම්බන්තොට යනවිටද අප ගියේ මේ මෝටර් රථයෙනි. ආපසු එන ගමනේදී , සාමාජිකත්වය ඇද ගැනීමට විෙජ්වීර තමාව පඹයෙකු ලෙස පාවිච්චි කොට සනත්ට පක්ෂයේ පාලනය ලබා ගැනීමට හැකිවන පරිදි, ලොකු අතුලත්, සනතුත් විෙජ්වීරට විරුද්ධ කරවීමේ ව්‍යාපාරයක් ගෙනයන බව, ඔහුට හැඟ=ණු බව විෙජ්වීර කීවේය. මේ වනවිටත් අම්බලන්ගොඩ හා දකුණු පළාතේ පෙදෙස්වල මෙවැනි ව්‍යාපාරයක් අරඹා ඇති බවත්, ලොකු අතුලට එහි බලපෑම් කිරීමට හැකියාවක් ඇති නිසා කෑගල්ල හා කුරුණෑගලද මෙවැනි කටකථා ඇරඹීමට ඉඩ ඇති බවත් විෙජ්වීර කීවේය.

 ටී. ඩී. ගේ භාර්යාව අංජනම් එළිකාරයකු හමුවූ බවත්, ජාතික විමුක්ති පෙරමුණේ නායකයා නව තැනැත්තෙකු වන බව අංජනම් එළිකාරයා ප්‍රකාශ කළ බවත් ජනවාරි මාසයෙහිදී හෝ පෙබරවාරි මාසයෙහිදී මම මිල්ටන්ගෙන් දැනගතිමි. විස්තරය අනුව නව නායකයා ලොකු අතුලට සමාන වෙන බව පෙනුණි. විමලගුණේ විෙජ්වීරට අංජනම් එළිකාරයා හමුවීම ගැන කීවේය. මේ ගැන විෙජ්වීර තදින්ම කිපුනේය.

 එක් දිනක් මට ධනපාල හමුවිය. ඔහු ප්‍රේම සම්බන්ධයට  තදින් සිටින  බවත් විෙජ්වීර ඉවතට දැමිය යුත්තෙකු සේ පෙනෙන බවත්, එවැන්නෙකු පක්ෂයේ නායකයා වශයෙන් නොගැලපෙන බවත්, ඔහු මට කීවේය. තවද දෙල්ගොඩ රාජාගේ නිවසෙහිදී සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහි විෙජ්වීර පැමිණ සිටි බවත්, විෙජ්වීරගේ හැසිරීම ඔවුන් විවේචනය කළ බවත් ඔහු කීවේය. තවද සුනන්ද. විෙජ්වීරගේ හැසිරීමට විරුද්ධව අදහස්

ප්‍රකාශ කළ බවද ඔහු කීවේය. ධනපාල මට කිවූ දේවල් මම විෙජ්වීරට කීවෙමි. විෙජ්වීර ටී. ඩී. ගේ ගෙදරට ධනපාල කැඳවා ඔහු ගැන බොරු කථා පැතිරවීම ගැන ඔහුට දෝෂාරෝපණය කළේය.

 ජනවාරි මාසය අවසානයේදී දකුණු පළාතේ වැඩ ගැන පරීක්ෂා කිරීම සඳහා ඔහු සමඟ එහි යාමට විෙජ්වීර මට කථා කළේය. සවස ඇට්ලස් බණ්ඩාරගේ පියට් මොටෝ රථයෙන් අපි පිටත් වුණෙමු. ලයියා හා දෙල්ගොඩ රාජා අප සමඟ පැමිණියෝය. රාත්‍රිය සඳහා අපි කිත්සිරිගේ ගෙදර නතර කළෙමු. රාත්‍රි මාත් කිත්සිරිත් ගෙයකට ගියෝය. එහිදී කිත්සිරි එහි සිටි තැනැත්තෙකුට කථාකොට පිට පිට වෙඩි තැබිය හැකි පතරොම් තුවක්කුවක් ලබා ගත්තේය. අපි තුවක්කුව ගෙනවිත් විෙජ්වීරට දුනිමු. මේ ගෙය ඇත්තේ කිත්සිරිගේ නිවසේ සිට යාර 200 ක් පමණ ඈතින්ය. තුවක්කුව විෙජ්වීරට පෙන්වීමෙන් පසු ඔහු එය පරීක්ෂා කොට

බැලූවේය. මේ තුවක්කුව ඔහුට ලැබුණු තුවක්කුවම යයි කියා විෙජ්වීර කීවේය. එම රාත්‍රියෙහිම අපි තුවක්කුව ලබා ගත් තැනැත්තාටම එය ආපසු භාර දුනිමු.

 ඊලඟ දින අපි මහින්ද විෙජ්සේකරගේ නිවසට ගියෙමු. මහින්ද අසනීපයෙන් සිටියේය. ඔහු බැලීමෙන් පසු කතරගම ගාමිණී බාස්ගේ ගෙදරට අපි ගියෙමු. යන අතරමග කඩයකින් අපි දහවල් ආහාරය ගතිමු. පැය දෙකක් පමණ ගාමිණී බාස්ගේ ගෙදර අපි සිටියෙමු. එහි සිටි තංගල්ලේ විෙජ්වීරගේ නැන්දාගේ ගෙදරට අපි ආපසු පැමිණියෙමු. ඔහුගේ නැන්දාගේ ගෙදර රාත්‍රිය ගතකොට ඊට පසුදින මාතර මහින්ද විෙජ්සේකරගේ නිවසට අපි ගියෙමු. එහි සුසිල් වික්‍රම, රංජිත් විෙජ්සේකර හා තවත් 6 දෙනෙක් සිටියෝය. විෙජ්වීර ඔවුන් සමඟ සාකච්ඡාවක් පවත්වා රාත්‍රියෙහි ඒ අසල සූදානම් කරගත් ගෙයකදී හමුවුනේය. මාතර දිස්ත්‍රික්කයේ නායකයන් ද පැමිණ සිටියෝය. මා දැන සිටියේ සුසිල් හා රංජිත් විෙජ්සේකර පමණි.විෙජ්වීර ඔවුන්ට ඔවුන් විසින් සූදානම් කරන ලද නිල ඇඳුම් ප්‍රවේශම් කිරීමටත් ඒවා පොලිසියට සොයා ගැනීමට ඉඩ නොතබන ලෙසත් කීවේය. රත්නපුර මනාසේ ක්‍රියාශීලී වී නොමැති බව විෙජ්වීර සුසිල්ට කීවේය. රත්නපුරයට ගොස් එහි වැඩ කිරීමට කෙනෙකු පිළියෙළ කරන ලෙසටද සුසිල්ට කීවේය. අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය මිලයට ගැනීමට මුදල් අවශ්‍යව ඇති නිසා දායක මුදල් එකතු කිරීමට පියවර ගන්නා ලෙසට විෙජ්වීර ඔවුන්ට කීවේය.

 එදින රෑ අපි ඒ නිවසෙහි නිදා ගතිමු. පස ුදින උදෑසන අම්බලන්ගොඩ කිත්සිරිගේ නිවසට ගියෙමු. දහවල් ආහාරයට ප්‍රථම නෑම සඳහා අපි දොලකට ගියෙමු. මේ දොලපාර ඇති ස්ථානයට යාමට අපට සිසිල්චන්ද්‍රගේ ගෙය පසුකොට යාමට සිදුවුණි. විෙජ්වීර ඔහුගේ නෑම කලින්ම අවසන් කොට සිසිල්චන්ද්‍රගේ ගෙදරට ගියේය. අප නෑමෙන් පසු ආපසු එනවිට විෙජ්වීර ගේ ඇතුලෙහි යසෝමා සමඟ කථා කරමින් සිටියේය. විෙජ්වීරගේ කථාව අවසන් කරන තුරු අපි පිටතටවී සිටියෙමු. නෑමෙන් පසු අපි ආපසු කොළඹට පැමිණියෙමු. අම්බලන්ගොඩ නගරයේ හෝටලයකින් අපි දහවල් ආහාරය ගතිමු. අප මාතරින් පිටත්වෙනවිට රංජිත් විෙජ්සේකර විසින් අපට දෙන ලද ඌරෙකු අප සමඟ ගෙනාවේය, යන්න කීමට මට අමතක විය. (දැන් වේලාව ප.ව. 5.00 යි. විභාගය කල් දමන ලදි)

 71.7.3. ප.ව. 2.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අංශය

සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක නැවත පැමිණීමෙන් පසු මෙසේ කියා සිටී. ව්‍යාපාරය සඳහා තුවක්කු ලබාගැනීම හා ඊට අමතරව බෝම්බ නිෂ්පාදනය හා පුපුරණ ද්‍රව්‍ය එකතු කිරීම භාරව සිටියේ ලොකු අතුල හා පොඩි අතුල යන අය බව මම දනිමි. උපසේන විසින් ඔක්කම්පිටිය බැංකුවෙන් කරන ලද මුදල් වංචාව ගැනද ආරියපාල විසින් අම්බලන්ගොඩ බැංකුවෙන් කරන ලද මුදල් වංචාව ගැනද, තුවක්කු මිලයට ගැනීම හා පුපුරණ ද්‍රව්‍ය මිලයට ගැනීමට ඔහුට හැකිවෙන අයුරු ඒවා ලොකු අතුලට ගිය බවද මම දනිමි. ලොකු අතුල විෙජ්පාල හා ඇලඩින් බෝම්බ නිෂ්පාදනය කරමින් සිටි බවද මම දනිමි. පොඩි අතුල ගාලූ ප්‍රදේශයෙහි බෝම්බ නිෂ්පාදනය කරමින් සිටියදී හදිසි අනතුරකට භාජනය වූයෙන් දෙසැම්බර් මාසයේ පමණ සිට 1971 පෙබරවාරි මාසය දක්වා ඔහු දර්ශනපථයෙන් ඉවත්වී සිටියේය.

 විෙජ්වීර හා සනත් අතර මේ මතභේද වැඩිදියුණු වූ විට විෙජ්වීර ශිෂ්‍ය අංශයට  බෝම්බ නිකුත් කොට ඇත්දැයි කියා මාගෙන් ඇසුවේය. නැත.

කියා මම ඔහුට කීවෙමි. සනත් හා ලොකු අතුල ඔවුන්ට හිතැති අයට බෝම්බ ඛෙදමින් සිටින බවද අනිත් අයට ඒවා නොලැඛෙන බවද ඔහු කීවේය. එක් දිනක් විෙජ්වීර ක`දානේ පොඩි අතුලගේ නිවසට මා එක්කරගෙන ගියේය. මෙයට පෙරාතුව මාද පොඩි අතුල බැලීමට ක`දානේ ඔහුගේ ගෙදරට ගොස් තිබුණි. අප එහි යනවිට කලූ ලකී, චුකී සමඟ පැමිණ සිටියේය. ලොකු අතුල හා සනත් විසින් පක්ෂයේ පාලනය අල්ලා ගැනීමට ගෙන යන ව්‍යාපාරය ගැන විෙජ්වීර සාකච්ඡා කළේය. ලොකු අතුල විසින් බෝම්බ ඛෙදා ඇත්තේ ඔහුට පක්ෂපාතී අයට පමණක් යයි කියා ඔහු කීවේය. ලොකු අතුලගෙන් වෙන්ව අපද වෙනම බෝම්බ නිෂ්පාදනය කළයුතු යයි කියා විෙජ්වීර කීවේය. දැනටමත් ඛෙදා ඇති බෝම්බ ආපසු පවරා ගැනීමට හැකි යයිද විෙජ්වීරට පක්ෂපාතී අයට ඒවා දීමට හැකියයිද කියා පොඩි අතුල යෝජනා කළේය. තවද, ලොකු= අතුල නොමැතිව ස්වාධීනව අපට බෝම්බ නිස්පාදනය කිරීමට හා තුවක්කු මිලයට ගැනීමට අපට මුදල් අවශ්‍ය වන බව පොඩි අතුල කීවේය.

 විෙජ්වීර මේ ගැන උත්සාහ කිරීමට හා මුදල් සංවිධානය කිරීමට මට කීවේය. සාකච්ඡාවට පසු මට ලයියා මුණ ගැසුණි. ඔහුටද පක්ෂයේ ඇති වර්තමාන තත්ත්වය ගැන මම කීවෙමි. අවශ්‍ය තුවක්කු මිලයට ගැනීමට හා බෝම්බ නිෂ්පාදනය කිරීමට ඉක්මනටම අපට මුදල් අවශ්‍ය වෙන බවද කීවෙමි. අපේ සාමාජිකයෙකු වන බැංකු ලිපිකරුවෙක් ගැනද දන්නා බව ඔහු මට කීවේය. අප වෙනුවෙන් මුදල් ටිකක් ඔහුට කියා සොරකම් කොට ගත හැකි යයි කියා ඔහු යෝජනා කළේය. එක් දිනක් ලයියා කොල්වින් හමුවීම සඳහා ලංකා බැංකුවේ යෝක් වීදියේ ශාඛාවට මා එක්කරගෙන ගියේය. කොල්වින් ජයසිංහ නමැති බැංකු ලිපිකරු එහි සිටියේ නැත. මම ඊලඟ දිනයෙහි ලයියාගෙන් ලිපියක්ද රැගෙන කොල්වින් හමුවීමට බැංකුවට ගියෙමි.මා ඔහුට ලියුම දී, මා ගැන හැඳින්වීමක් කොට ඉතාම වැදගත් දෙයක් ඔහු හා සමඟ සාකච්ඡා කිරීමට ඇති බව මම කීවෙමි. පසුදින එන ලෙසට ඔහු මට කීවේය. ඊලඟ දිනයෙහි මා ඔහු හමුවීමට ගියවිට සවස ගාලූ මුවදොර පිට්ටනියේදී ඔහු හමුවෙන ලෙසට ඔහු මට කීවේය.

 මා ගාලූමුවදොරට පිට්ටනියට ගොස්  කොල්වින් මට එක්කාසු වෙනතුරුම මම එහි පසුවුණෙමි. ව්‍යාපාරයට මුදල් අවශ්‍යවී ඇති බව හා ඔහුගේ ආධාරය අවශ්‍ය වී ඇති බව මම ඔහුට කීවෙමි. ටික වේලාවක් ඔහු කල්පනාකොට ව්‍යාපාරය සඳහා ඕනෑම දෙයක් ඔහු කරන්නේ යයි කියා කීවේය. ඔහුට බැංකුවෙන් මුදල් ගැනීමට පුළුවන් බව ඔහු මට කීවේය. පොහොයට පසු පළමුවෙනි දින විශාල තැන්පත් කිරීම් කරන දිනයක් නිසා එදින හැකියයි ඔහු යෝජනා කළේය. ඔහු සූදානම් වූ විට වැඩ පිළිවෙළ සකස් කර ගැනීමට හැකියයි කියා මම ඔහුට කීවෙමි. වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔහුට කැෂියර් කවුන්ටරයේ සිටීමට සිදුවන්නේ යයි කියා ඔහු මට කීවේය.

 මුදල් ගැනීමෙන් පසු ඔහුට සැඟවී සිටීම සඳහා පිළිවෙළක් මා සකස් කරන්නේ යයි කියා මම ඔහුට කීවෙමි. ලයියාද ඔහුව හමුවී මුදල්වල අවශ්‍යතාවය ඔහුට කී බව කොල්වින් මට කීවේය. හලාවත පන්සලෙන් අපේ සාමාජිකයන්ගෙන් කෙනෙකු වන ආරියරත්න තෙර ලියා ගෙන්වා ගැනීමට මම කොටවිල දේවසිරි හමුවුනෙමි. මාගේ බලාපොරොත්තුව වූයේ සොරකමෙන් පසු කොල්වින්ට සිවුරු පොරවා පන්සලක සැඟවී සිටීමට සැලසීමය. ටික දිනකට පසුව මා ලයියා සමඟ සංඝාරාමයේ සිටියදී කොල්වින් තවත් අයකු සමඟ එහි පැමිණියේය. මේ තැනැත්තා වැන්ඩබෝනා බව පසුව මම දැන ගතිමි.  

 අපේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔහු සූදානම් යයි කියා කොල්වින් මට කීවේය. පොහොයකට පසු දිනය ඔහු යෝජනා කළේය. දහවල් ආහාර විවේක වේලාවේදී මුදල් රැගෙන පිටතට පැමිණ තැප්‍රොබේන් හෝටලය අසලදී මා හමුවන ලෙසට මම කොල්වින්ට කීවෙමි. මේ අනුව එකඟවූ දින ප.ව. 1.00ට පමණ මම තැප්‍රොබේන් හෝටලය අසල පසුවුණෙමි. කොල්වින් එල්ලාගෙන යන බෑගයක් රැගෙන එහි පැමිණ ඔහු ළඟ මුදල් ඇති බව මට කීවේය. ඊලඟට මම කුලී රථයක් ගෙන කොල්වින් බම්බලපිටියට ගෙන ගියෙමි.

 බම්බලපිටියේදී අපි බැස කුලීරථ මාරුකොට ගතිමු. එහි සිට අප නුගේගොඩට ගොසින් වෙනත් කුලී රථයකට මාරුවී දෙල්කඳට ගොස් චන්ද්‍රක්කාගේ නිවසට යාර 150ක් පමණ ඈතින් බැස්සෙමු. අපි චන්ද්‍රක්කාගේ නිවසට ගොස් බෑගය චන්ද්‍රක්කාගේ භාරයේ තැබුවෙමු. එහි බෝම්බ අඩංගු නිසා එයින් ප්‍රවේශම් වෙන ලෙසට මම ඇයට කීවෙමි. එහි සිට මම කොල්වින් සංඝාරාමයට එක්කරගෙන ගියෙමි. එහිදී ගරු සෝභිතගේ සහයෝගය ඇතිව කොල්වින්ගේ හිස බූගා, සිවුරු අන්දවන ලදි. ඔහු ඔහුගේ කලිසම් මාරු කරනවිට කොල්වින් ඔහුගේ සාක්කුවල තිබුණු රු. 1,000/} ක් මට දුන්නේය. මේ රු. 1,000/} න් රු. 500/} ක් මම කොල්වින්ට දුනිමි. මා කොල්වින් ගරු ආරියරත්න තෙරට හඳුන්වා දී හාමුදුරුවන් ඔහු හලාවතට එක්ක ගොස් එහි සඟවා තබා ගනීවි යයි කියා මම කොල්වින්ට කීවෙමි. අප විප්ලවය පටන්ගත් විට අප ඔහු සඳහා එන්නේයයි කියා මම කොල්වින්ට කීවෙමි. ඊලඟට මම චන්ද්‍රක්කාගේ නිවසට ගොස් බෑගය ලබාගෙන එය සංඝාරාමයට ගෙනවිත් කාමරයට වී තනිවම මුදල් ගණන් කළෙමි. එහි රු. 57,000/} ක් විය. මම කාමරයේ තිබුණු කබඩ් එකක මුදල් දමා කාමරය වසා විෙජ්වීර එනතුරු බලා සිටියෙමි.

 ඊලඟට විෙජ්වීර පැමිණියේය. මා ළඟ තිබුණු මුදල් ගැන ඔහුට කීවෙමි. නුවරඑළියේ කපිලට ප්‍රවේශම්ව තබා ගැනීම සඳහා රු. 10,000/} ක් දීමට හා අනුර කුරුකුලසූරියට රු. 2,000/} ක් දීමට විෙජ්වීර මට කීවේය. විද්‍යෝදයෙහි ඉගෙනගන්නා විෙජ්වීරගේ ඥාති සොහොයුරෙකු වූ පර්සි විෙජ්වීර මා විසින් කැඳවන ලදි. ප්‍රවේශම්ව තබා ගැනීම සඳහා මම පර්සිට රු. 5,000/} ක් දුනිමි. තුවක්කු මිලයට ගැනීමට හා බෝම්බ සෑදීම සඳහා පොඩි අතුලට ඔහුට අවශ්‍ය කරන ප්‍රමාණයක් මුදල් දෙන ලෙස ඔහු මට කීවේය. මේ මුදල්වලින් සුසිල් වික්‍රමරත්නට රු. 1,000/} ක්ද, පොඩි අතුලට රු. 30,000/} ක පමණද පියසිරිට රු. 8,000/} ක් ද මම දුනිමි. පොඩි අතුලට දෙන ලද රු. 30,000/} දුන්නේ රු. 2,000/} සමහරවිට රු. 3,000/} යන කොටස් ගෙවීම්වලිනි. ලොකු අතුලටද මම රු. 500/} ක් දුනිමි. බැංකුවෙන් මුදල් සොරකම් කිරීමට පෙර 1971 ජනවාරි මාසයේ දිනකදී ලොකු අතුල මට රයිපල් තුවක්කු දෙකක් දුන්නේය. මේ රයිපල් තුවක්කු මා මුනිදාස රාජාගේ ගෙදර තබන ලදි. මාර්තු මාසයේ දිනක ලොකු අතුලගේ උපදෙස් පිට මිල්ටන් පැමිණ රයිපල් තුවක්කු දෙක ගෙන ගියේය. එක රයිපල් තුවක්කුවක් සනත්ටද අනෙක ඔස්මන්ඩ්ටද අතුල දුන් බව මම පසුව දැන ගතිමි.

 අප නොකඩවාම සංඝාරාමයෙහි රැස්වීමට පුරුදුව සිටියෝය. එනම් විෙජ්වීර, උයන්ගොඩ, ලයියා, පොඩි අතුල, හා මාය. ඉක්මනින්ම ආණ්ඩුව අපව මැඩපැවැත්වීමට දැඩි පියවරවල් ගැනීමේ ක්‍රම සකසාගෙන යන බව විෙජ්වීරගේ අදහස විය. අප විප්ලවය සඳහා සූදානම් විය යුතු බව ඔහු කීවේය. විප්ලවය ඇරඹීමට අප්‍රේල් මාසය හොඳ මාසයක් වන්නේ යයි ඔහු කීවේය. පසුව රටෙහි සෑම තැනම සාමාජිකයින් සිරභාරයට ගැනීම් පටන් ගත් අවස්ථාවෙහිදී ඉක්මනින්ම විප්ලවය දියත් කළ යුතු බව විෙජ්වීර තීරණය කළේය. එක් දිනක් පොඩි අතුලගේ නිවසට ගිය විටෙක උත්සාහ කොට වෙඩි නොවදින සැට්ටය ඔහුට ලබා දෙන ලෙසට විෙජ්වීර ඔහුට කීවේය.

 1971 මාර්තු මාසයේ දිනක 5 වෙනිදා විය යුතුය. ඔස්මන්ඩ්ගේ ගෙදරදී මට විෙජ්වීර හමුවිය. ලොකු අතුල ඔහුගේම කැමැත්ත පිට දිස්ත්‍රික් ලේකම්වරු කන්ඩායමක් විෙජ්වීරගේ අවසරය නොමැතිව රැස්වීමකට කැඳවා, විෙජ්වීරගෙ ප්‍රේම සම්බන්ධය ගැන සාකච්ඡා කිරීමට උවමනා වූ බව, ඔහු මට කීවේය. ඒ අය නම්, පොලොන්නරුවේ සුසිල්, ලක්ෂ්මන් මාදුවගේ, සිසිල්චන්ද්‍ර, හා අනුරය. මේ රැස්වීමට විෙජ්වීර විරුද්ධතාවය දැක්වූ බවත්, ඊලඟ දිනයට සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවන ලෙසට අතුලට කී බවත් විෙජ්වීර මට කීවේය. මටද පැමිණෙන ලෙසට විෙජ්වීර කීවේය.

 ඊලඟ දින මම ඔස්මන්ඩ්ගේ නිවසට ගියෙමි. එහි ලොකු අතුල, සනත්, කරුණාරත්න, උයන්ගොඩ, ලක්ෂ්මන් මාදුවගේ, සුනන්ද, අනුර, නයනානන්ද, වසන්ත, ඔස්මන්ඩ්, ලයියා, සුසිල් වික්‍රම, ටී. ඩී. සිල්වා හා ධනපාල පැමිණ සිටියෝය. සාකච්ඡාව ආරම්භ කළේ උදෑසනය. විෙජ්වීර ඔහුට විරුද්ධවූ සෑම කෙනෙකුටම දොස් පැවරීමට පටන් ගත්තේය. සනත් හා ලොකු අතුල පක්ෂයේ ඛෙදීමක් ඇති කිරීමට තැත් කරන බව ඔහු කීවේය. කුමානායක විසින් මුදල් වංචාකිරීමත්, අතුල විසින් ටී. ඩී. ගේ දුවණිය ඇසුරු කිරීමත්, කුමානායක විසින් අතුලගේ සොයුරිය ඇසුරු කිරීමත් හා සනත්ගේ අකාර්යක්ෂමතාවත් ගැන ඔහු චෝදනා කළේය. විෙජ්වීර කිසිවෙකුටත් කථා කරන්නට ඉඩ නොදී දොස් ඇති සෑම කෙනෙකුටම චෝදනා කරමින් ගිය අතර, ප.ව. 7.00 ට

පමණ මේ ස්ථානයට පොලිසිය කඩා පැනීම නිසා අප ඉවතට දිව ගියෝය. වසන්ත හා ඔස්මන්ඩ් සිරභාරයට ගන්නා ලදි.

 මේ සාකච්ඡාවට පෙරාතුව අම්බලන්ගොඩ සාමාජිකයින් අකාර්යක්ෂම

බවත් ලොකු දැන්වීම නොගසන බවත්, පුවත්පත නොවිකුණන බවත්, විෙජ්වීර මට කී බව මට මතකයි. මට සුනිල් රත්නසිරි, මංජු, කෙහෙල්ලෙල්ලේ රංජිත්, මහරගම චන්ද්‍රසිරි හා කෙහෙල්ලෙල්ලේ විෙජ්රත්න හා සමඟ අම්බලන්ගොඩට ගොස් එහි පෝස්ටර් ගසන ලෙසට ඔහු මට උපදෙස් දුන්නේය. මුනිදාස රාජාගේ නිවසෙහිදී අපි පෝස්ටර් 15ක් පමණ පිළියෙළ කර ගතිමු. ඒවා රැගෙන බස්රියෙන් අම්බලන්ගොඩ සුනිල් රත්නසිරිගේ නිවසට ගියෙමු. එදින රෑ අම්බලන්ගොඩ නගරයෙහි මේ පෝස්ටර් අපි ගැසුවෙමු. අම්බලන්ගොඩ සාමාජිකයින්ට මේ ගැන අප කීවේ නැත. ඊට පසුදින උදයේ අපි ගෙදර පැමිණියෙමු. සනත් හා අනෙක් අය මේ ගැන අමනාප වූවෝය.

 පෝස්ටර් එකක තිබුණු පහත දැක්වෙන පාඨය මට මතකයි. zzපක්ෂය ඇතුළත ද්‍රෝහීන් සිටින්නට පුළුවනි. ප්‍රවේශම් වී ඔවුන්ට අප පක්ෂය කැඩීමට ඉඩ නොතබන්න.ZZ මෙය අත්සන් කොට තිබුණේ zzරෝහණ විෙජ්වීර – ජනතා විමුක්ති පෙරමුණZZ කියාය. පසුව යමෙකු විසින් පෝස්ටර්වල රෝහණ විෙජ්වීරගේ නමට කෙලින් ඇම්. කේ. ආර්. යන අකුරු ලියා තිබුණු බව අපි දැන ගතිමු. මං දන්නා තරමට ඇම්. කේ. ආර්. යන අකුරු zzමෝඩයාට කිම්බ රත්‍රංZZ යන්න ලිවීමේ කෙටි ක්‍රමයයි. (අදහස නම් කතකගේ රහස් අවයව අඥානයාට රත්‍රං වේයZZ) පෝස්ටර්වල ඇම්. කේ. ආර්. යන අකුරු ලියා ඇති බව මට කීවේ විෙජ්වීරය. මෙය සනත්ගේ වැඩක් වන්නේ යයි කියා ඔහු සැක කළේය.

 එසේම අම්බලන්ගොඩට යවන ලද පුවත්පත් නොවිකුණා ඇති බවද සොයා ගත්තේය. ඊලඟට විෙජ්වීරත්, මාත්, අම්බලන්ගොඩට බස්රියෙන් ගියෝය. සුභශීල කොඩිකාරගේ නිවස අසල ඇති ගෙයට අපි ගියෙමු. එහි කාමරයක් ජාතික විමුක්ති පෙරමුණේ කාර්යාලය ලෙස පාවිච්චි කළේය. අප එහි යනවිට කාමරය වසා තිබුණේය. ඊලඟට අපි අම්බලන්ගොඩ නගරයට ගොස් අපේ සාමාජිකයන් සමහරෙක් මුණ ගැසුණෙමු. ඔවුන් නොවිකුණන නිසා පුවත්පත් ගැනීම සඳහා විෙජ්වීර

ඔවුන්ගෙන් යතුරු ඉල්ලූවේය. යතුර ගෙනාවේය. අපි කාමරයට ගියෙමු. විකුණන්නේ නැතිව පුවත්පත් ගොඩගසා තිබුණු බව අපි සොයා ගතිමු. විෙජ්වීරට පත්තර ගෙනයාමට අවශ්‍ය විය. අම්බලන්ගොඩ සාමාජිකයින් එයට විරුද්ධ වී ඉක්මනින්ම ඔවුන් පත්තර විකුණන්නේ යයි කියා කීවෝය.

 එහි සිට අපි සිසිල්චන්ද්‍රගේ මාමාගේ නිවසට ගියෙමු. එහිදී අපට සනත්, සිසිල්චන්ද්‍ර, ලක්ෂAමන් මාදුවගේ, අමරදාස හා සිසිල්චන්ද්‍රගේ මාමා මුණ ගැසුණි. අප එහි යනවිට ඔවුහු යමක් සාකච්ඡා කරමින් සිටියෝය. විෙජ්වීර ඔවුන්ට බැනවැදී ඔවුන් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් සිටින බවක් පෙනෙන්නට ඇතැයි කියා කීවේය. ඔවුන් එවැනි කිසිවකට නැතැයි කියා සනත් කීවේය. පුවත්පත් නොවිකිණීම ගැන විෙජ්වීර ඔවුන්ට දෝෂාරෝපණය කළේය. ඔවුන්ද විෙජ්වීරට දොස් කියා පක්ෂයේ කැඩීයාමක් ඇති කිරීම ගැන ඔහුට චෝදනා කළෝය. එහි වැඩි වේලාවක් නතර නොවී අපි ආපසු කොළඹට පැමිණියෙමු.

 විෙජ්වීර පෙබරවාරි මාසයේ මැද හරියේදී දෙල්කන්දේ සිටි ප්‍රේමපාලගේ ගෙදර සාකච්ඡාවක් කැෙඳව්වේය. ටී. ඩී. සිල්වා, ප්‍රේමපාල, නිමල් මහරගේ, මෙරිල් ජයසිරි, උයන්ගොඩ, ධනපාල, වසන්ත, කණකරත්න, පියසිරි, ඔස්මන්ඩ් සිල්වා, පොඩි විෙජ්, චුකී හා මා පැමිණ සිටි අය වෙත්. ඔවුන් ඔවුන්ගේ සාමාජිකයනට කියා ඔවුන්ගේ නිල ඇඳුම් සූදානම් කර ගැනීමට ඉක්මන් කරවීම හා හැකි පමණ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කරවීම කළයුතු බව විෙජ්වීර ඔවුනට කීවේය. එසේම 1971 පෙබරවාරි මාසයේ අප සංඝාරාමයේ පැවැත්වූ සාකච්ඡාවකදී සැඟවිය හැකි ස්ථානයක් සූදානම් කිරීම සඳහා උත්සාහකොට මාතලෙන් තැනක් සෙවිය යුතු බව විෙජ්වීර ලයියාට කීවේය. මෙයට අදාලව වියහියදම් සඳහා රු. 5,000/} ක් ලයියාට දෙන ලෙසට විෙජ්වීර මට කීවේය.

 ලයියා ස්ථානයක් සොයා ගෙන මංජු, විෙජ්රත්න, චන්ද්‍රසිරි, පොඩි කොතලාවල හා උපාලි එහි එක්ක ගියෝය. කැලේ පොලොව යට ආරක්ෂිත ස්ථානයක් හාරමින් ඔව්හු එහි වැඩ කළෝය. ඔවුන් ගැන ගම්මුන් මවිතවී ඇති බව මංජු කීවෙන් විෙජ්වීර සිරභාරයට ගැනීමෙන් පසුව එය අත්හැර දමන ලදි. මේ ගමන සඳහා මිලයට ගතයුතු දෑවලට මම ලයියාට රු. 300/} ක් පමණ දී තිබුණි. ඔවුන් මාතලේට ගියවිට, පියසිරිට අයත් තුවක්කුවක්ද ඔවුන් ගෙනගොස් තිබුණි. එසේම පෙබරවාරි මාසයේදී ඔහු ට්‍රාන්ස්මීටරයක් තනාගත් බව පොඩි අතුල විෙජ්වීරට සංඝාරාමයේදී කී බව මට මතකයි. තවත් ට්‍රාන්ස්මීටර් දෙකක් තනන ලෙසට විෙජ්වීර ඔහුට කීවේය. 

 මේ කාලයේදී මාතලේ සැඟවිය හැකි ස්ථානයක් පිළියෙළ කිරීමේ කටයුතුවල ලයියා යෙදී සිටියේය. මේ ස්ථානය ගුවන් විදුලි පණිවුඩ ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයක් සෑදීමට පාවිච්චි කළ හැකියයි කියා විෙජ්වීර පොඩි අතුලට කීවේය. මේ ට්‍රාන්ස්මීටර් මා දැක තිබුණේ නැත. නමුත් පොඩි අතුල හා තවත් සතර දෙනෙක් ට්‍රාන්ස්මීටර් සමඟ ක`දානේදී පොලිසියෙන් සිරභාරයට ගත් බව බව පසුව මම දැනගතිමි. පොඩි අතුලගේ නිවසේදී ට්‍රාන්ස්මීටරය සාදපු තැනැත්තා මා දැක තිබුණි ඔහු ගම්පහ තැනැත්තෙක්ය. ඔහුට ගුවන්විදුලි යන්ත්‍ර ගැන මනා දැනුමක් තිඛෙනවාය ඔහු අපට ට්‍රාන්ස්මීටර් සාදා දෙනවාය කියා පොඩි අතුල මට කීවේය.

 මෙරිල් ජයසිරිට අපට විරුද්ධ අයට අදාලව රහස් ඔත්තු සෙවීමේ කාරිය පවරා තිබුණු බව මම දනිමි. පෙබරවාරි මාසයේ අවසානයට කිට්ටුව මෙරිල් සංඝාරාමයට පැමිණ විෙජ්වීර හමුවිය. දෙදෙනා අතර සාකච්ඡාවක් පැවතුණි. පසුව විෙජ්වීර මට කථාකොට ශිෂ්‍ය අංශයේ සිටින සාමාජිකයන්ගෙන් යම්කිසි උපකාරයක් මෙරිල්ට ලබා දෙන ලෙසට ඔහු මට කීවේය. සතර දෙනෙකු- සෑහෙන බව මෙරිල් මට කීවේය. මම පියසිරි විසින් තෝරාගත් විද්‍යාලංකාරයේ සේනාරත්න බණ්ඩාර යැව්වෙමි. සුනිල් රත්නසිරි විෙද්‍යා්දයේ අපේ සාමාජිකයන්ගෙන් කෙනෙකු යැව්වේය. ඔවුන් යුධ හමුදාවලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවෙත්, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවලත් සිටි අපට විරුද්ධකම් පාන විප්ලවය අවස්ථාවෙහිදී අප විසින් සිරභාරයට ගතයුතු අයගේ ලැයිස්තු පිළියෙළ කරමින් සිටි බව මම දැන සිටියෙමි. මේ ලැයිස්තු මා දැක නැත.

 රැස්වීම සඳහා විෙජ්වීරගේ පිංතූරයක් අච්චු ගස්වා පෙබරවාරි මස 27 වෙනි දින පැවැත්වෙන රැස්වීමේදී විකිණීමට පියසිරි විෙද්‍යා්දයෙහි විලී හා මා තීරණය කර ගත්තෝය. මම අපේ යෝජනාව ගැන විෙජ්වීරට කීවෙමි. එයට ඔහුගේ විරුද්ධතාවයක් තිබුණේ නැත. මේ පිංතූර ශිෂ්‍ය අංශය විසින් රැස්වීම් පැවැත්වෙන ස්ථානයෙහිදී විකුණන ලදි. විෙජ්වීර එයට විරුද්ධ නිසා ඒවා විකුණන අයට විකිීනිම නතර කරන ලෙසට කුමානායක කියන ලදි. මේ පිංතූරය ගැන විෙජ්වීර දන්නා නිසා මෙය කුමානායකගේ බොරුවක් බව මම දැනගතිමි. කුමානායක හා දෙල්ගොඩ රාජා රැස්වීමේදී මා හමුවී ඔහුගේ පිංතූරය විකිණීමෙන් පක්ෂය තුළ කිසිම විශෙAෂ පුද්ගලයෙකු කැපී පෙනෙන තත්වයකට ගෙන ඊම වැරදියයි කියා කීවෝය. විෙජ්වීර පක්ෂයේ නායකයා බවත්, ප්‍රචාරය කිරීමේ කිසිම වරදක් නැති බවත්, මම ඔවුන්ට කීවෙමි.

 රැස්වීමෙන් පසු විෙජ්වීර නිරතුරුවම සංඝාරාමයට පුරුදුව සිටියේය. උයන්ගොඩ,පොඩි අතුල, ලයිය හා මා ඔහු හමුවී පක්ෂයට අදාල කරුණු සාකච්ඡා කිරීමට පුරුදුව සිටියෝය. (දැන් වේලාව ප.ව. 5.00 යි.විභාගය කල් දමන ලදි.)

 71.7.4. පෙ.ව. 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අංශය පරීක්ෂණය නැවත අරඹන ලදි. සමරරත්න විතාන ආරච්චිගේ පියතිලකට නැවත කථා කරන ලදි. පැමිණ මෙසේ කියා සිටී. මේ සාකච්ඡාවෙන් විෙජ්වීර ආණ්ඩුවෙන් කරදර බලාපොරොත්තු වූ බව හා විප්ලවය ඉක්මනින්ම ඇරඹීමට තීරණය කර ඇති බව මට හැඟ=ණි. එසේම නායකත්වයේ දෙදරීමක් ගැනද ලොකු අතුල ඔහුට පක්ෂපාතිය කියා හැඟ=ණු අයට බෝම්බ ඛෙදීම ගැනද ඔහු සඳහන් කළේය. මේ බෝම්බ කොයි ස්ථානයට යවන ලද්දේද කියා සොයාගැනීමට, උත්සාහකොට ඒවා එක්රැස්කරගෙන කපිල මෝටර්ස් යන ස්ථානයෙහි තබා ඊට පසුව ශිෂ්‍ය අංශයට ඒවා ඛෙදා දෙන ලෙසට විෙජ්වීර පොඩි අතුලට උපදෙස් දුන්නේය.

 මාර්තු මාසයේදී පමණ ලොකු අතුල, පොඩි අතුල හා විෙජ්පාල විසින් සාදන ලද කුඩා බෝම්බ අනුරාධපුරයට හා බදුල්ලට ඛෙදා දෙන ලදි. අනුරාධපුරයට 1000ක්ද, බදුල්ලට 500ක්ද යවන ලදි. ඉතිරි 1500 කොළඹ සඳහා තබා ගන්නා ලදි. කොළඹට අඩු වශයෙන් බෝමබ 10,000 ක් තිබිය යුතු බව විෙජ්වීර තදින්ම කීවේය.

 ඔහුගේ ඉලක්කය වූයේ මුළු රටටම බෝම්බ 35,000ක් සෑහේය යනුයි. මාර්තු මාසයේදී පොලිසිය රටපුරාම අපේ සාමාජිකයින් සිරභාරයට ගැනීම හා බෝම්බ අල්ලා ගැනීම ආරම්භ කළේය. මේ අවස්ථාවේදී විෙජ්වීර නොඉවසන තත්වයකට පත්විය. අපට කියා අපේ නිල ඇඳුම් සූදානම් කරවීම ඉක්මන් කරවීමට ඔහු උත්සාහ කිරීමෙනුත්, පොඩි අතුලට කියා බෝම්බ නිෂ්පාදනය කිරීම කඩිනම් කිරීමට බල කිරීමෙනුත් ඉක්මනට විෙජ්වීර යම්කිසි ප්‍රහාරයකට ක්‍රම සකසාගෙන යන බවට ලකුණු මට පෙනුණි.

 මේ කාලයෙහිදී බාලා තම්පෝ සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව හා මහ වැඩවර්ජනයක් සංවිධානය කිරීමට ඔහුට හැකි බව විශ්වාස යයිද කියා ඔහු මට කීවේය. වැඩවර්ජන සංවිධානය කිරීමෙන් තම්පෝ විසින් අපට සහයෝගය දීමට පොරොන්දු වූ බව ඔහු කීවේය. 1971 මුල් භාගයේ යම්කිසි දිනක හතරවන ජාත්‍යන්තර සංවිධානයෙන් විදේශිකයින් කණ්ඩායමක් ලංකාවට පැමිණ බාලාතම්පෝ හමුවූහ. ඒ අවස්ථාවෙහිදී මේ විදේශිකයන් හමුවීමට දිනයක් ලබාගත් බව විෙජ්වීර මට කීවේය. අපි දෙදෙනා පමණක් ගොස් කොටුවෙහිදී බාලාතම්පෝ හමුවුණෙමු. ඔහු අප ඔහුගේ මොටෝරථයෙන් ඇස්රෝහල හන්දිය අසල ඇති නිවසකට එක්කරගෙන ගියේය. එහිදී අපට අමුත්තන් දෙදෙනා මුණ ගැසුණෝය. ඔවුන්ගෙන් එක් අයෙකු ගැහැණියකි. බාලාතම්පෝ අපව ඔවුන්ට හඳුන්වා දී ඔහු යන්ට ගියේය.

 විෙජ්වීර ඔවුන් සමඟ ඉංග්‍රීසියෙන් කථා කළේය. ඔවුහු අප සමඟ අපගේ ව්‍යාපාරය ගැන සාකච්ඡා කළෝය. අප මනාසේ සංවිධානයවී ඇති බවත්, වෘත්තීය සංගම්වලත්, ශිෂ්‍යයින් අතරත් අපට සහයෝගය ලැබී ඇති බවත් විෙජ්වීර ඔවුන්ට කීවේය. අපි ඔවුන් සමඟ පැය 1 1/2 ක් පමණ සිටියෙමු. සාකච්ඡාවේ වැඩි කොටසක් වටහා ගැනීමට මට නුපුළුවන් විය. (ටී. ඩී. සිල්වා පක්ෂයේ වෘත්තීය සංගම් අංශයේ සිටි නිසා හා ටී. ඩී. ලංකා වෙළඳ සංගමයේ සාමාජිකයෙකු වශයෙන් තම්පෝ දැන සිටිය නිසා බව මම දනිමි).

 මාර්තු මාසයේ පළමුවන සතියෙහි දිස්ත්‍රික්කවල චාරිකා කොට නායකයින් හමුවී, ඔවුන්ට මහන්සි වී වැඩ කරන ලෙසට කීමට යන බව විෙජ්වීර මට කීවේය. 71.3.10 වෙනි දින විෙජ්වීර මා මහනුවරට එක්කරගෙන ගියේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සංඝාරාමයට අපි බස්රියෙන් ගියෙමු. එහිදී අනුර කුරුකුලසූරිය, සුනන්ද හා නුවරඑළියේ කපිල අපට මුණගැසුණෝය. විෙජ්වීර ඔවුන්ට කථාකොට සාමාජිකයින් ලවා ඔවුන්ගේ නිල ඇඳුම් සූදානම් කරවීමට ඔවුන් කටයුතු කළේදැයි කියා ඇසුවේය. වැඩි දෙනෙකුට ඔවුන්ගේ නිල ඇඳුම් ඇතැයිද, එසේම බෝම්බ විශාල ප්‍රමාණයක් ඔවුන් නිෂ්පාදනය කොට ඇතැයිද, කියා අනුර විෙජ්වීරට කීවේය. එසේම ඔවුන්ට තුවක්කු ටිකකුත් තියෙන බද ඔහු කීවේය.

 මෙහි සිට විෙජ්වීර කපිල හා මාද තෙල්දෙණියේ කපිලගේ නිවසට ගියෙමු. මෙහිදී අපි රාත්‍රී ආහාරය ගෙන රාත්‍රිය එහි ගත කළෙමු. පසුදින අපි පේරාදෙණියේ සංඝාරාමයට ආපසු ගොස් ශිෂ්‍ය සාමාජිකයින් කොටසක් හා අනුර හමුවුනෙමු. අප එහි සිටියදී කැගල්ල ප්‍රදේශයේ සාමාජිකයෙකු එහි පැමිණ බෝම්බ නිෂ්පාදනය කරමින් සිටිනවිට කෑගල්ලේ සාමාජිකයින් දෙදෙනකු මැරුණු බව ඔහු අපට කීවේය. එසේම තුවාල වූ තවත් තිදෙනෙකු රෝහලට ගෙන ගිය බවද ඔහු කීවේය. එහි සිටි බැංකු ලිපිකරුවෙකු වූ උපසේන සුළු තුවාල ඇතුව බේරුණු බව ඔහු කීවේය. තුවාලකරුවන් මහනුවර රෝහලෙහි පසුවෙන බව මේ තනැත්තා විසින් අපට කීවේ යයි කියා මම සිතමි.

 තුවාලකරුවන් බැලීමට අපි නොගියෙමු. ඔහු භූමදානවලට පැමිණීමට උත්සාහ කරන බවට කෑගල්ලෙන් පැමිණි මේ සාමාජිකයාට විෙජ්වීර කීවේය. සංඝාරාමයෙහි සිට අපි මාතලේ නිවසකට ගියෙමු. අප එහි එක්කරගෙන ගියේ අනුරය. එහි වෙනත් අය 7 දෙනෙක් හෝ 8 දෙනෙක් සිටියෝය. මේ නිවසෙහිදී මාතලේ ප්‍රදේශය දැක්වෙන විශාල සිතියමක් හැදෑරුවෝය. විෙජ්වීර නකල්ස් කඳුවල සමහර ප්‍රදේශ පෙන්වා මේවා සැඟවිය හැකි ආරක්ෂිත ස්ථාන පිහිටුවීමට උචිත පෙදෙස්යයි කියා යෝජනා කළේය. මේ ප්‍රදේශය මධ්‍යම කඳවුරු ප්‍රදේශයක් පිහිටුවීමට ඉතාම උචිත යයි කියා ඔහු කීවේය. පැමිණ සිටි අයට විප්ලවය ඉතාම ලඟ යයි විෙජ්වීර කීවේය. කවදා එය කළයුතු වන්නේද කියා ඔහු සඳහන් නොකළේය. ඔවුන්ගේ නිල ඇඳුම් හා අවිආයුධ ඉක්මනින් සූදානම් කර ගැනීමට ඔහු ඔවුන්ට කීවේය.

 එහි දී අපි දහවල් ආහාරය ගතිමු. ඊට පසුව සාකච්ඡාවක් පැවැත්තුවෙමු. ලංකාතිලකට නකල්ස් ප්‍රදේශයට ගොස් සැඟවිය හැකි ආරක්ෂිත ස්ථාන පිහිටුවීම සඳහා සුදුසු බිම් පෙදෙස් තෝරා ගන්නා ලෙසට විෙජ්වීර කීවේය. බිංගෙවල් හා පොලොව යට ආරක්ෂිත ස්ථාන මේ පෙදෙස්වල සෑදිය යුතුයයි කියා කීවේය. එසේම ගුවන්විදුලි පණිවුඩ හුවමාරු කරගැනීමේ ස්ථානය මේ ප්‍රදේශයෙහි පිහිටුවිය හැකියයි කියා ඔහු කීවේය. සාකච්ඡාව පැවතෙද්දී ඔවුන්ට සිටින සාමාජික සංඛ්‍යාවට අදාලව හා කොපමණ ප්‍රමාණයකට ඔවුන් සූදානම්ද කියා විෙජ්වීර ලංකාතිලක හා අනෙක් අයගෙන් ප්‍රශ්න කළේය. ඔවුන් ඉතාමත් ශක්තිමත් බවද, බොම්බ හා සොරකම් කරනලද තුවක්කු ටිකක් දී ඇති බවද, ලංකාතිලක කීවේය.

 සාකච්ඡාවට පසු කවටයමුණේ ලංකාතිලකගේ නිවසට අපි ගියෙමු. අපි එහි රාත්‍රිය ගත කළෙමු. ලංකාතිලකගේ නිවසෙහි ඉදිරි කාමරයෙහි බිත්ති අල්මාරියක් තිබුණේය. බිත්ති අල්මාරියේ ඇති පැති බිත්තියක රහස් කාමරයකට පිවිසෙන දොරටුවක් තිබුණි. ලංකාතිලක මේ ඔහුගේ රහස් කාමරයෙන් කානු දෙකේ රයිපල් තුවක්කුවක්ද, තනි කානුවේ රයිපල් තුවක්කුවක්ද, අත් තුවක්කුවක් හා පතරොම් ටිකක්ද ගත්තේය. ලංකාතිලකගේ සූදානම් කිරීම් ගැන විෙජ්වීර බොහෝ සතුටු විය.

 ඊට පසුදින උදෑසන (71.3.12) අපි දඹුල්ලට යාමට පිටත්වුණෙමු. අප සමඟ මාතලේ සාකච්චාවට සහභාගිවූ මහත තැනැත්තෙකු අප සමගz ගියේය. දඹුල්ල බස් නැවතුම්පොලේදී අපට කෙලී සේනානායක මුණගැසුණි. එහි අප සිටියදී මහත තැනැත්තා ගියේය. දඹුල්ලේ සිට පොළොන්නරුවේ හිඟ=රක්ගොඩ zzසෝමේZZ ගේ නිවසට අපි ගියෙමු. එහිදී අපට zzසෝමේZZ අම්පාරේ නිශAශංක, පොළොන්නරුවේ සුසිල් හා හුනුකඩේ zzසෝමේZZ හා තවත් 15ක් පමණ මුණගැසුණි. පැමිණ සිටි අය සමඟ විෙජ්වීර සාකච්ඡාවක් පැවැත්තුවේය. අමුත්තන් ගැන පරීක්ෂාවෙන් සිටීම සඳහා මා පිටතට වී සිටි නිසා මා සාකච්ඡාවට සහභාගි වූයේ නැත.

 මේ ගෙදරදී පාන් සහ වෑංජන අඩංගු දහවල් ආහාරයක් අපි ගතිමු. දහවල් අහරින් පසු විෙජ්වීර මට ආපසු යන ලෙසටත්, ඔහු කෙලී සේනානායක හා නිශAශංක සමඟ අම්පාරේ යන බවත් කීවේය. සවස මා බස්රියෙන් හිඟ=රක්ගොඩ සිට පැමිණියේය. පසුවදා උදෑසන කොළඹට ලඟාවුණි. දින දෙකකට පමණ පසුව විෙජ්වීර සිරභාරයට ගැනීම පුවත්පත් මගින් මම කියවූයෙමි.

 (වේලාව ප.ව. 2.00 ය) රිමාන්ඩ් සිරභාරයේ තැබීම සඳහා පියතිලක මහේස්ත්‍රාත් තුමා ඉදිරියට පමුණුවන ලදි. සිරගෙදර බලධාරින්ගෙන් ඔහු ඉවතට ගෙන ආපසු කැඳවා ඔහුගේ ප්‍රකාශයේ ඉතිරි කොටස ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබේ)

 71.7.5 පෙ. ව. 9.00 ට. අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ පරීක්ෂණ අංශය පියතිලක සිරගෙදරින් ආපසු ගෙන අවුත් දැන් මම ඔහුගේ ප්‍රකාශයේ ඉතිරි කොටස වාර්තාකර ගෙන යමි. සමරත්න විතාන ආරච්චිගේ පියතිලක නැවත අ`ඩගසා පැමිණීමෙන් පසු මෙසේ කියා සිටී.

 විෙජ්වීර සිරභාරයට ගැනීමට පෙරාතුවට කිට්ටුම කාලයෙහි විප්ලවය දියත් කළවිට, පහරදීම කෙසේ කළයුතුද කියා පොඩි අතුල උයන්ගොඩ, ලයියා හා මා සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබුණි. අපට තිබුණේ එකවිටම රටෙහි ඇති පොලිස් ස්ථානවලට හා එසේම යුධ හමුදා කඳවුරුවලට පහරදීම හා ඔවුන්ගේ අවිආයුධ අල්ලා ගැනීම යයි ඔහු කීවේය. එසේම අගමැති, සමහර වැදගත් ඇමැතිවරුන් හා අමාත්‍යංශවල ස්ථීර ලේකම්වරුන් අපට සිරභාරයට ගතයුතුව තිබුණේ යයිද ඔහු කීවේය. මේ අනුව පහරදීම් අවස්ථාව වනවිට පරිපාලනය අඩපනවී අණදීමට කිසිවෙකුත් එහි නොසිටින බවද ඔහු කීවේ්ය. එසේම හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිද සිරභාරයට ගතයුතුව තිබුණේයයිද කියා ඔහු කීවේය.

 එසේම අපේ කොළඹට පහරදීම් අසතුටුදායක වීමේ අවස්ථාවකට පත්වූයේ නම්, වඩා දීර්ඝ කරන ලද පහරදීමට සූදානම් විය යුතු බවද ඔහු කීවේය. කොළඹට පහරදීම අසාර්ථකවූයේ නම්, උතුරු කොළඹ කණ්ඩායම් විල්පත්තුවට පසුබැසිය යුතුය. දකුණු කොළඹ කණ්ඩායම් දකුණු පළාතට පසුබැස සිංහරාජ අඩවියට යායුතුය. මැද කොළඹ හා මහනුවර පාරේ කණ්ඩායම් කෑගල්ල දිස්ත්‍රික්කයට පසුබැසිය යුතුය. එහි සිටීමටද නොහැකි වූයේ නම් ඔවුන් විල්පත්තුවට පසුබැසිය යුතුය. කෝට්ටේ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් රත්නපුරයට පසුබැස එහි සිට සිංහරාජ අඩවියට යායුතුය. මධ්‍යම පළාතේ කණ්ඩායම් මාතලේ කඳුවැටිවලට හා බදුල්ලේ කඳුවැටිවලට පසුබැසිය යුතුය.

 අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාරේ හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රදේශවලටම වී සටන දිගටම කරගෙන යායුතුය. එසේම අප විෙජ්වීරත් සමඟ සංඝාරාමයෙහි සිට දිනෙක අතුල (ලොකු) හා සනත් කෑගල්ලෙන් හා  අනුරාධපුරයෙන් ඔවුන් විසින්ම විප්ලවය ඇරඹීමට වැඩ පිළිවෙළ සකසමින් සිටින බවත්, ප්‍රධාන කඳවුරු වශයෙන් මේ ප්‍රදේශ දෙක පාවිච්චි කිරීමට යන බවත්, කේ. කේ. ට ආරංචි ලැබුණු බව උයන්ගොඩ විසින් ඔහුට දන්වා ඇති බව, විෙජ්වීර මට කී බව, මට මතකය. මෙය සිදුවුවහොත් එයම අපේ ව්‍යාපාරයේ අවසානයම විය හැකි බව විෙජ්වීර කීවේය.

 විෙජ්වීර සිරභාරයට ගැනීමෙන් පසු ඔහු අම්පාරේ සිට කොළඹ සිරගෙදරට ගෙනෙන ලදි. ඔහු බැලීමට මා ගියෙ ්නැත. කුමානායක හා ඔස්මන්ඩ්ගේ මව ඔහු බැලීමට ගොස් තිබුණි. පසුව කුමානායක සංඝාරාමයට පැමිණ ඔහු විෙජ්වීර බැලීමට ගිය බව මට කියන ලදි. විෙජ්වීරට මා සනත් සමඟ වැඩ කිරීම අවශ්‍ය වී ඇති බව ඔහු මට කීවේය. එසේම දේශපාලන කාර්යාලයට ඔස්මනුත්, මාත් එක්කරගෙන ගොස් අපේ වැඩ දිගටම කරගෙන යන ලෙසටද, ඔහු උපදෙස් දී තිබිණි. ඊට පසුව උයන්ගොඩ හා මට එඩ්මන්ඩ් සමරක්කොඩි මහතා බැලීමට ගියෙමු. අපි එහි ගියවිට ඔස්මන්ඩ්ගේ මව අපට මුණගැසුණි. විෙජ්වීර ඔහුට නිදහස් කරගත හැක්කේ කෙසේද කියා අපි සමරක්කොඩි මහතාගෙන් ඇසුවෙමු. ඉක්මනටම ඇපදී එළියට ගැනීමට ඔහු සෑම උත්සාහයක්ම දරන බව ඔහු කීවේය. පසුව විෙජ්වීර යාපනයේ සිරගෙදරට ගෙන ගොස් ඇති බව මම දැනගතිමි. ඔහු යාපනයට මාරු කිරීමෙන් පසු අප ඊලඟට කළයුතු වැඩ පිළිවෙළ සකස්කර ගැනීම සඳහා අනෙක් අය හමුවීමට මම පුරුදුව සිටියෙමි. පොඩි අතුල, උයන්ගොඩ, ඇලඩින්, පියසිරි හා ලයියා හමුව්ීමට මම පුරුදු ව සිටියෙමි.

 මේ කාලයේදී පොඩි අතුල විසින් සිතන ලද වැඩ පිළිවෙළක් ගැන ඔහු මට කීවේය. ඒ අනුව දුම්රියෙන් අපේ සාමාජිකයන්ගෙන් කෙනෙකු යාපනයට යැවීමට පුළුවනි. ඔහු යාපනයට ලඟාවෙන විට ඔහුගේ ප්‍රවේශ පත්‍රය විනාශ කොට, සිරභාරයට ගැනීමට ඉඩදීම හා යාපනයේ සිරගෙදර රිමාන්ඩ් භාරයට යාම ඔහුට කළ හැකිය. මේ හේතුවෙන් ඔහුට උත්සාහ කොට විෙජ්වීර හමුවීමට පුළුවනි. විෙජ්වීරට කිරීමට අවශ්‍ය වී ඇති දේවල් මොනවාද කියා සොයා ගැනීමට පුළුවනි. පසුව මේ කාරිය කිරීමට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි බව පොඩි අතුල මට කීවේය. එසේම අපද මේ වනවිට විෙජ්වීර ගලවා ගැනීමට තීරණය කොට තිබුණු නිසා මේ වැඩපිළිවෙළ අත්හැර දැමුවෙමු.

 ටික කලකට ඉහතදී උත්සාහ කොට එස්. ඩී. බණ්ඩාරනායකගේ මොටෝරථය ඉල්ලා ගන්නා ලෙසට විෙජ්වීර පොඩි අතුලට කීවේය. මාර්තු මාසයේ 17 වෙනිදා හෝ 18 වෙනිදා පමණ එස්. ඩී. බණ්ඩාරනායකගේ මොටෝ රථය ඔහුට ඉල්ලා ගැනීමට හැකි වූ බව පොඩි අතුල මට කීවේය. 

 මාර්තු මාසයේ 20 වෙනිදා පමණ අනුරාධපුරයෙහි ජයසිංහ, පොලොන්නරුවෙහි සුසිල් සුනන්ද හා අනුර මා බැලීමට සංඝාරාමයට පැමිණියෝය. සුසිල් හා ජයසිංහ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇති බවත්, පුපුරණ ද්‍රව්‍ය පොලිසිය විසින් අල්ලාගෙන ඇති බවත්, මට කීවෝය. ඔවුන් තවත් කාලයක් නිශ්ශබ්දව සිටියොත් ඔවුන්ගේ අවිආයුධ නැතිවීමට ඉඩ ඇති බව ඔවුහු කීවෝය. මේ නිසා අප පහරදීම ඇරඹිය යුතු යයි ඔවුහු කීවෝය. ඉවසීමෙන් හා කලබල කරන්නේ නැතිව සිටින ලෙසට මම ඔවුන්ට කීවෙමි. විෙජ්වීර හමුවී උපදෙස් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව මම ඔවුන්ට කීවෙමි එසේම අප යම්කිසි තීරණයක් ගැනීමට පෙර අප සනත්ද හමුවිය යුතු වන්නේය. ඔව්හු යන්නට ගියෝය. කෙසේ වුවද මාර්තු මාසයේ 28 ෙවිනිදා පමණ සුනන්ද හා අනුර පැමිණ, ඔවුන්ගේ සාමාජිකයින් නොඉවසිලිමත් වී ඇති බවත්, ක්‍රියාකාරී වීමක් ඉල්ලන බවත් මට කීවෝය. මාසයේ අවසානයේදී පමණ ඔවුන්ගේ පෙදෙස්වලින් පහරදීම ආරම්භ කිරීමට ඔවුන් තීරණය කොට ඇති බව ඔවුහු කීවෝය.

 මා සනත් හමුවී දිනය තීරණය කරගෙන ඔවුන්ට දන්වන තුරු සුළු කාලයක් නිසලව ඉන්නා ලෙසට මම ඔවුන් අස්වැසුවෙමි. ඔවුන්ට ඕනෑ විදියට කිසිවක් නොකරන ලෙසට මා ඔවුන්ට කීවෙමි. අපට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් එය සාමූහික ප්‍රයත්නයක් විය යුතු බව මා කීවේය මාර්තු මාසේ 24 වෙනි දින පමණ විෙජ්වීර සමඟ අම්පාරෙහිදී අත් අඩංගුට ගනු ලැබූ තැනැත්තෙ= වන අම්පාරේ ප්‍රේමරත්න මා බැලීමට සංඝාරාමයට පැමිණියේය. කවරෙක්ද? කියා හඳුන්වමින් ඔහු විෙජ්වීරගෙන් ලියුමක් ගෙනත් තිබුණේය. හැකිනම් ඉවසීමෙන් සිටීමට හා තවදුරටත් දරාගෙන සිටීමට අපහසු නම් අප පහරදීම ආරම්භ කරනවාට ඔහුගේ විරුද්ධතාවක් නොමැති බව කියන පණිවුඩය භාරදීමට විෙජ්වීරට අවශ්‍ය වී ඇති බව ප්‍රේමරත්න මට කීවේය. අප විප්ලවය ඇරඹිමට තීරණය කරන්නේ නම්, ඔහු බේරා ගැනීම සඳහා ශිෂ්‍ය අංශයෙන් අපේ සාමාජිකයන්ගෙන් 500 අප යාපනයට යැවිය යුතු බවද ඔහු කීවේය. විෙජ්වීරගේ පණිවුඩය ගැන මම උයන්ගොඩට හා ලයියාට කීවෙමි.

 විෙජ්වීරගේ සිර මැදිරිය තිබුණේ සිරගෙදර මිදුලෙහි වූ විශාල ලිඳක් අසල වූ ගොඩනැගිල්ලකය. ලිඳේ සිට 8 වන සිරමැදිරියෙහි ඔහු සිටින බව ඔහු කීවේය. සිරගෙදර පිටත ආරක්ෂක නිලධාරීන් සිටින බව ඔහු කීවේය. ප්‍රේමරත්න ඔහු හා සමඟ නිදහස් කරනලද අනෙක් තැනැත්තා ප්‍රේමසිරි මෙම පණිවුඩය විෙජ්වීරගෙන් සනත්ට ගෙන ගිය බව කීවේය. මාර්තු 20 වෙනි දින පමණ මට මතකයි.

 පොඩි අතුල යාපනයට ගොස් සිරගෙදර සමඟ සම්බන්ධයක් ඇතිකර ගැනීමට ඔහු උත්සාහ කරන බව කීවේය. කොළඹ සිටින සිරගෙදර නිලධාරියෙකු වූ දේවේන්ද්‍ර යන අය ඔහු දන්නා බව හා ඔහුට යාපනයේ සිටින සිරගෙදර නිලධාරියෙකු වූ ජයසේකර නමැත්තෙකු සිටි බව හා ඔහුට ඔහු හමුවිය හැකි බවද ඔහු මට කීවේය. මම ඔහුට යන ලෙස කීවෙමි. එස්. ඩී. බණ්ඩාරනායකගේ මොටෝරථයෙන් ඔහු ඇලඩින් හා උයන්ගොඩ සමඟ ගියේය. උයන්ගොඩ නාවික හමුදාවේ තිලක් ඔහුට හමුවීමට හැකියයිද, කරෙයිනගර්වල නතරවී සිටි ඔහුගෙන් විෙජ්වීර මුදවා ගැනීමට අප තීරණය කළවිට ඔහුට අපට දිය හැකි සහයෝගය කුමක්දැයි සොයා ගැනීමට හැකියයිද කියා කීවේය. ඔව්හු පසුදින ආපසු පැමිණියෝය. පොඩිඅතුල සිරගෙදර නිලධාරියෙකු වූ ජයසේකර හමුවූ බව මට කීවේය. ජයසේකර බියවී සිටින නිසා අපට උදව් කිරීමට අකැමැති බව ඔහු කීවේය. කෙසේවුවද විෙජ්වීර හොඳ සනීපයෙන් පසුවෙන බව ජයසේකර කී බව ඔහු කීවේය. උයන්ගොඩ ඔහු කරෙයිනගර්වලට ගිය බවත්, ඔහුට තිලක් මුණගැසුණු බවත් මට කීවේය. තිලක් බීමත්ව සිටි නිසා ඔහුට කිසිවක් සාකච්ඡා කර ගැනීමට නුපුළුවන් වූ බව ඔහු කීවේය.

 71.3.24 වෙනි දින තලවතුගොඩ සෑම් නමැති සුළු නිලධාරියකුගේ නිවසට මා උයන්ගොඩ හා ඇලඩින් සමඟ එස්. ඩී. ගේ මොටෝරථයෙන් ගියෝය. යාපනයේ සිටින නාවික හමුදාවේ අයගෙන් සහයෝගය ලබා ගැනීම ඔහුට සංවිධානය කිරීමට හෝ කිසිම කරදරයක් නොමැතිව විෙජ්වීර එළියට ගත හැකි වනසේ යාපනේ සිරගෙදර ඔහුගේ මිනිසුන් ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා යෙදීමට ඔහුට හැකිදැයි කියා අපි ඇසුවෙමු. උසස් නිලධාරින් විසින් ආරක්ෂක නිලධාරින් යෙදවීම කරන නිසා එය පිළියෙළ කිරීම ඔහුට අමාරු කාරියක් යයි කියා ඔහු කීවේය.

 ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා ඔහුගේ මිනිසුන් යෙදවීම පිළියෙළ කිරීමට ඔහුට හැකිදැයි මා ඔහුගෙන් ඇසුවේය. එයද අපහසු යයි කියා ඔහු කීවේය. කෙසේවුවද අප කරෙයිනගර්වල සිටින තිලකරත්න හමුවිය යුතුයිද, හමුවී ඔහුගෙන් සහයෝගය ලබා ගැනීමට පිළියෙළ කරගත යුතු යයිද කියා ඔහු යෝජනා කලේය. ඊලඟට උයන්ගොඩ හිටපු නාවික හමුදාවෙහි තැනැත්තෙකුවූ වැලිසර පදිංචි රංජිත් වීරසිංහ අපි හමුවෙමු යයි කියා යෝජනා කළේය. ඊලඟට අපි වැලිසරට ගොස් විෙජ්වීර ගලවා ගැනීමට නාවික හමුදාවෙන් සහයෝගය ලබා ගැනීමට ඇති පහසුකම් ගැන ඔහු සමඟ සාකච්ඡා කළෙමු. අපට කිසිම සහයෝගයක් දීමට ඔහුට හැකි වූයේ නැත.

 මම සංඝාරාමයට ආපසු පැමිණියෙමි. එදින සවස මංජුට යාපනයට ගොස් සිරගෙදර හා පොලිස් ස්ථානය යන ප්‍රදේශ සමීක්ෂණය කරගෙන එන ලෙසට උපදෙස් දෙන ලදි. ඒ කාලයෙහිදී විෙද්‍යා්දයෙහි ඉගෙන ගත් ගරු දයාවාසගෙන් නාග විහාරයෙහි හාමුදුරුවන්ට ලියුමක් ගැනීමට මම දේවසිරි යෙදෙව්වෙමි. මංජු යාපනයට යාමට ගියේය. පසුදින මා උයන්ගොඩ, පොඩි ලකී හා ඔස්මන්ඩ්ගේ මව සමඟ එඩ්මන්ඩ් සමරක්කොඩි හමුවී විෙජ්වීර හිරෙන් නිදහස් කරගැනීමට ඔහුට කළ හැක්කේ කුමක්ද කියා සොයා ගැනීම පිණිස ගියෙමි.

 හදිසි රෙගුලාසි යටතේ ඔහු නවතා තබාගෙන ඇති නිසා කිසිවක් කිරීමට අමාරුයයි කියා සමරක්කොඩි කීවේය. නමුත් උත්සාහ කිරීමට ඔහු පොරොන්දු විය. අප එහි සිටියදී සනත්, සිසිල්චන්ද්‍ර හා ලක්ෂ්මන් මාදුවගේ එහි පැමිණියෝය. අපගේ සමාජිකයින් බොහෝ දෙනෙක් සිරභාරයට ගැනීම නිසා පක්ෂයෙහි දැනට තත්වය සතුටුදායක නොවන බව මම සනත්ට කීවෙමි. මෙය ඉක්මනින්ම අප සාකච්ඡා කළයුතු යයි කියා මම ඔහුට කීවෙමි. පසුදින ප.ව. 4.00 ට ගල්කිස්ස මුහුදු වෙරළේ දුම්රිය ස්ථානය අසලදී ඔහු හමුවෙන ලෙසට ඔහු මට කීවේය. පසුදින මම එහි ගියෙමි. නමුත් මට ඔහු මුණගැසුණේ නැත.

 මාර්තු 25 වෙනි දින පමණදී ගරු සුමණ යාපනේ පොලිස් ස්ථානය සමග සම්බන්ධකම් ඇති කරගෙන තිඛෙන බව පියසිරි මට කීවේය. ඔහුට කළ හැක්කේ කුමක්ද කියා සෙවීමට අපි ඔහු පිටත් කරමුයි කියා ඔහු කීවේය. සුමනට යාපනයට ගොස් නාග විහාරයෙහි සිට එවිටම ඔහුගේ සම්බන්ධිතයින් හමුවී පොලිසියෙන් සහයෝගය ලබා ගැනීමට උත්සාහ කරන ලෙසටද මට උපදෙස් දුන්නේය. මාර්තු මාසයේ 27 වෙනි දින උදෑසන මා අසනීපයෙන් සිටි බැවින් චන්ද්‍රක්කාගේ නිවසෙහි පසුවෙද්දී සනත් හා ලයියා එහි පැමිණියෝය. අපි වර්තමාන තත්වය ගැන සාකච්ඡා කලෙමු. මාසය අවසානයෙහිදී බදුල්ලේ සාමාජිකයින් පහරදීම් ඇරඹීමට කටයුතු සලසාගෙන යන බවට මට ආරංචි ලැබී ඇති බව මම ඔහුට කීවෙමි. මෙය නරක පටන් ගැනීමක් වන්නේයයි කියා අපි තීරණය කලෙමු.

 සනත්ට බදුල්ලට ගොස් ඔවුන්ට කියා එය නතර කිරීමට උත්සාහ කරන ලෙසට මම සනත්ට කීවෙමි. එසේම උපදෙස් දීමට විෙජ්වීර එහි නොසිටි නිසා කරු, සනත් හා මාද ඇතිව කාරක සභාවක් පිහිටුවීමට අපි තීරණය කළෙමු. එසේම කුමානායකත්, ටී. ඩී. ත් දේශපාලන කාර්යාලයෙන් ඉවතට ගෙන මාතර සුසිල් හා ලයියා එහි තැබිය යුතුයයි කියා මම යේජනා කළෙමි. සනත් මෙයට එකඟ විය. සනත්, සිරිපාල අබේගුණවර්ධනත් සමඟ බදුල්ලට යනබව කියමින් යන්නට ගියේය. 71. 3. 27 වෙනි දින මංජු හා එස්. ඩී. සෝමරත්න අපට යාපනෙන් කුමන සහයෝගයක් සංවිධානය කර ගැනීමට හැකිදැයි කියා එස්. ඩී. බණ්ඩාරනායක හමුවී ඔහුගෙන් සොයා ගැනීම පිණිස මම ඔවුන් ඔහු කරා යැව්වෙමි. පසුව මංජු එස්. ඩී. බණ්ඩාරනායක 71. 3. 28 වෙනි දින යාපනයට ගොස් අප වෙනුවෙන් ඔහුට කළ හැක්කේ කුමක්දැයි සොයා බලන බව ඔහු කීවේ යයි කියා කීවේය. මංජුට තිස්ස ගාමිණීත් සමඟ යාපනයට ගොස් එස්. ඩී. බී. හමුවෙන ලෙසට මම කීවෙමි. එසේම යාපනයේ සිටින රේගු පරීක්ෂක නිලධාරියෙකුට වින්ති මහත්තයාගෙන් ලියුමක් ලබාගන්නා ලෙසට මම පොඩි නිමල්ට කීවෙමි. මේ ලිපිය ඔහු ලබා ගත්තේය. මංජුට යාපනයට යනවිට ගෙනයාම පිනිස මම එය ඔහුට දුන්නෙමි. 71. 3. 28 වෙනි දින බර්ටි රංජිත් නන්දන මාරසිංහ හා සැම්සන් යන අය විෙජ්වීර ගලවා ගැනීමට වැඩ පිළිවෙළක් සාකච්ඡා කළෝය.

 යාපනයට කණ්ඩායම් දෙකක් යැවීමට අපි තීරණය කළෙමු. සිරගෙදරට පහරදී විෙජ්වීර මුදවා ගැනීම පිණිස බර්ටි රංජිත් හා මංජු විසින් නායකත්වය දරන කණ්ඩායමක්ද, මේ අතර පොලිසියට පහරදීමට සැම්සන් සිරිපාල හා නන්දන මාරසිංහ විසින් නායකත්වය දරන ලද තවත් කණ්ඩායමක්ද යන කණ්ඩායම් දෙකය. යාපනයට යාම සඳහා පෞද්ගලික බස්රියක් සොයන ලෙසට මම කළු රංජිත්ට කීවෙමි. අප පෞද්ගලික බස් රථයකින්ද සමහරෙක් දුම්රියෙන්ද සමහරෙක් ලංගම බස්රියෙන්ද යායුතු යයි කියා අපි තීරණය කළෙමු. එසේම දුම්රියෙන් යන කණ්ඩායමට සූට්කේස්වල දමා බෝම්බ දෙසීයක් පමණ ගෙනයාමට හැකියයි කියාද, අපි තීරණය කළෙමු.

 සැම්සන් පිස්තෝලයක් ඉල්ලන ලදුව පියසිරිගෙන් එකක් ලබා ගැනීමට උත්සාහ කරන ලෙසට මම ඔහුට කීවෙමි. අපේ වැඩ පිළිවෙළ වූයේ විෙජ්වීර එළියට ගෙන ඔහු මාතලේට ගෙනයාමය. අප මේ ගලවා ගැනීමේ ක්‍රමය සූදානම් කරද්දී රටපුරාම අනෙක් පහරදීම ඇරඹීමේ අදහසක් අප තුළ නොවීය. පසුව කළු රංජිත් ගමන සඳහා ඊබට් සිල්වාගේ බස්රියක් ලබා ගැනීමට හැකි බව මට කීවේය. තැන්පත් මුදල බැඳීම සඳහා මම ඔහුට රුපියල් 300 ක් පමණ දුනිමි. ඒ අස්ථාවෙහිදී මුදා ගැනීමේ දිනය ගැන අපි තීරණය කරගෙන නොතිබුණෙමු.

 මාර්තු මාසයේ 29 වෙනි දින පමණ සිංහල මහා විද්‍යාලයේ අයෙක් ඔහු හඳුනන බව උපාලි සෝමසිරි මට කීවේය. ඔහුට එහි ගොස් අප වෙනුවෙන් යම්කිසි උපකාරයක් ලබා ගැනීමට උත්සාහ කළ හැකියයි කියා ඔහු යෝජනා කළේය. මම ඔහුට මුදල් ටිකක් දී ඔහුව පිටත් කළෙමි. මංජු හා තිස්ස ගාමිණී යාපනයේ සිටින බවත්, උත්සාහ කොට ඔවුන්ව හමුවෙන ලෙසටත් මම ඔහුට කීවෙමි. ඔහුට එස්. ඩී. බණ්ඩාරනායක මුණ ගැසුණු බව ඔහු කීවේය. යාපනයෙහි වැදගත් පුද්ගලයෙකු සේ පෙනුණු බාස්කරන් නමැත්තෙකු ඇස්. ඩී. ඔහුට හඳුන්වා දුන් බවද ඔහු කීවේය. එස්. ඩී. බණ්ඩාරනායක විසින් ඉල්ලා තිබුණු පරිදි එහි අප ව්‍යාපාරයට බැඳීමට තරුණයින් සංවිධානය කරන

බවට බාස්කරන් පොරොන්දු වී ඇති බවද ඔහු කීවේය. එසේම එස්. ඩී. බණ්ඩාරනායක සිරගෙදර දී විෙජ්වීර දකින්නේයයි කියාද ඔහු මට කීවේය. ඔහු රේගු ආරක්ෂක නිලධාරියා හමුවී ඔහු සමඟ කොටුව අවටත්, පොලිස් ස්ථානය අවට පෙදෙස්වලත් ගිය බව ඔහු මට කීවේය. කලපුව පැත්තේ සිට සිරගෙදරට පහරදීමට පහසුවන්නේ යයි කියා ඔහු කීවේය. කොටු දොරකොඩ හා සිරගෙදර ආරක්ෂක නිලධාරීන් සිටිය බව ඔහු කීවේය. එසේම පොලිසිය වටා කඩා වැටුණු වැටවල් තිබුණු නිසා පොලිස් ස්ථානයට පහරදීම ඉතාමත් පහසු වන්නේයයි කියා ඔහු කීවේය. එසේම බාස්කරන් විසින් සංවිධානය කරනලද තරුණයන්ට දේශනා පැවැත්වීමට දේශකයෙකු අප සමඟ එක්කරගෙන යායුතු බව මංජු යෝජනා කළේය. මා ඒ ගැන නැවත සිතා බලන්නේයයි කියා මම ඔහුට කීවෙමි.

 මංජු සිරගෙදර ප්‍රදේශයෙහි විෙජ්වීර සිරකොට තබනවා ඉඩ ඇති වතුර ටැංකිය අසල ගොඩනැගිල්ලෙහි සිරමැදිරිය පෙන්නුම් කරන සිතියමක කටු සටහන් මා වෙනුවෙන් ඇන්දේය. උපාලි සෝමසිරිද යාපනයේ සිට ආපසු පැමිණ සංඝාරාමයෙහිදී මා හමු විය. සිංහල මහා විද්‍යාලයෙහි සිටින ඔහුගේ මිතුරෙකු වන අයෙකු සමඟ අපේ සාමාජිකයින් ටිකකට සිටීමට පිලියෙළ කිරීමට ඔහුට හැකියයි කියා ඔහු මට කීවේය. එදින සවස බර්ටි රංජිත්, පියුමසේන, හා වත්තල මිල්ටන් එහි සිටියෝය. මාර්තු මාසයේ 31 වෙනි දින බර්ටි රංජිත්, පියුමසේන හා මිල්ටන් සමඟ ආපසු යාපනයට ගොස් කොටුව හා පොලිස් ස්ථාන ප්‍රදේශය සමීක්ෂණය කරන ලෙසට මම උපාලිට කීවෙමි.

 රංජිත් කොටුවට පහරදීමේදී නායකත්වය ගත යුතුව තිබුණු නිසා ඔහු යාම ගැන මාගේ උනන්දුවක් තිබිණි. 31 වෙනි දින සනත් හා සිරිපාල හා හමුවුණෝය. සනත් බදුල්ලට ගිය බවත්, එහිදී සාමාජිකයින් හමුවී ඔවුන්ට ඉවසිල්ලෙන් සිටීම ඒත්තු ගැන්වීමට උත්සාහ කළ බවත්, ඔහු මට කීවේය. සාමාජිකයින් නොඉවසිලිවන්තවී ඇති බව හා පුපුරන තත්වයක් උද්ගත වී ඇති බව ඔහු කීවේය. අපට ඉක්මනින්ම සටන් කිරීමට සිදුවන්නේයයිද නැතහොත් එයින් කරදර ඇතිවන්නේ යයිද, කියා ඔහු කීවේය. 71. 4. 2. වෙනි දින උදෑසන දෙල්ක`ද හන්දියේදී මා හමුවෙන ලෙස මම සනත්ට කීවෙමි. මා අනෙක් අයද එකතුකොට, අප ගත යුත්තේ කුමන පියවරක්ද කියා තීරණය කරන්නේ යයි කියාද කීවෙමි. එදින සවසම උයන්ගොඩ දෙල්ක`ද හන්දියේදී 71. 4. 2 වෙනි දින උදේ මා අනෙක් අයද එකතු කරගෙන අප ගතයුත්තේ කුමන පියවරක්දැයි කියා තීරණය කරන බව කීවේය. එදින සවස එස්. ඩී. බණ්ඩාරනායකට විෙජ්වීර හමුවීමට නුපුළුවන් වූ බව උයන්ගොඩ සංඝාරාමයේදී මට කීවේය. ඊලඟට මා පසුදින යාපනයට ගොස් සිරගෙදර ආදියෙහි පිහිටි තත්වය මා විසින්ම දැන ගැනීමට මා තීරණය කළේය. මේ අවස්ථාවෙහිදී මම මැලේරියාවෙන් පෙලූනෙමි.

 1 වෙනි දින උදෑසන මා උයන්ගොඩ, සිරිපාල අබේගුණවර්ධන, සිසිර බණ්ඩාර හා ඇට්ලස් බන්ඩාර සමඟ ඇට්ලස් බණ්ඩාරගේ ෆියට් රථයෙන් පිටත්වූවෝය. අප යාපනයට ළඟාවෙනවිට මට තද අසනීප ගතියක් දැනුණේය. සිටි බේකරිය අසල නතරකොට තිබූ මොටෝ රථයෙහි මා නතරවී සිටි අතර උයන්ගොඩ හා සිසිර කුලී රථයකින් නාවික හමුදාවේ තිලක් හමුවීමට කරෙයිනගර්වලට ගියෝය. උයන්ගොඩ ආපසු පැමිණ යාපනයට පහරදෙන දිනයෙහිදී තිලක් අපට සහයෝගය දීමට පොරොන්දු වූ බව කීවේය. එදින රාත්‍රියෙහිම අප යාපනයේ සිට ආපසු පැමිණ, උදෑසනම නුගේගොඩට ලඟාවී මට තද අසනීප ගතියක් දැනුණු නිසා බුලත්සිංහලගේ ගෙදර සිටියෙමු. එදින උදෑසන අපට හමුවීමට තිබුණි.

 මේ කාලයෙහිදී මාතර සුසිල් මහරගම ගෙදර සිටි බවත්, 2 වෙනි දින අප පැවැත්වීමට යොදාගෙන තිබුණු රැස්වීම ගැන ඔහුට කී බවත් සඳහන් කිරීමට මට අමතක විය. 71. 4. 2 වෙනි දින උදෑසන සුසිල් හා ලයියා මට සංඝාරාමයේදී මුණගැසිණ. දෙල්ක`ද හන්දියේදී සනත් හමුවී උයන්ගොඩ විසින් හෝමාගම යම්කිසි ස්ථානයක පිළියෙළ කොට තිබුණු ගෙයකට ඔවුන් කැඳවාගෙන යාම පිණිස, මම ලයියා පිටත් කළෙමි. උයන්ගොඩ එහි පැමිණෙනවිට මා සංඝාරාමයෙහි සිටියේය. හෝමාගම ගෙය නොලැබුණු බව ඔහු මට කීවේය. පිලියන්දල පරණවිතාරනගේ නිවසට අපි යමුයි කියා ඔහු යෝජනා කළේය. සනත් හා අනෙක් අය ලයියා සමඟ මුණගැසුණු බවද, පිලියන්දල බස් නැවතුම්පොලට ගොස් එහි අප එනතුරු බලාසිටින ලෙසටද, කියා කී බව ඔහු කීවේය. අපි මොටෝරථයක් ගෙන පරණවිතාරනගේ නිවසට ගියෙමු. පරණවිතාරන එහි නොසිටියේය. ඊලඟට මා උයන්ගොඩ හා සුසිල් සමඟ පිලියන්දල බස් නැවතුම්පොලට ගොස් සනත්, ලොකු අතුල ලයිය, අනුර, සුනන්ද හා කරුණාරත්න හමුවී විද්‍යෝදයෙහි සංඝාරාමයට යන ලෙසට ඔවුන්ට කියන ලදි. අපි මොටෝරථ දෙකකට නැගී සංඝාරාමයට ගියෙමු.

  (දැන් වේලාව ප.ව. 4. 30 යි. විභාගය හෙට වෙනතුරු කල්දමන ලදි.)

 දිනය: 71. 7. 6 වේලාව: පෙ. ව. 9. 00 ස්ථානය: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අංශය විභාගය නැවත පටන් ගන්නා ලදි. සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක නැවත කැඳවා පැමිණීමෙන් පසු මෙසේ කියා සිටී.

 බුලත්සිංහලගේ නිවසින් සංඝාරාමයට පැමිණිවිට එනම් පිලියන්දලට යාමට පෙරාතුව සංඝාරාමයෙහිදී මට මංජු මුණගැසීම සඳහන් කිරීමට අමතක විය. මංජුට ගරු රන්ගන විමලවංශ සමඟ ආපසු යාපනයට ගොස් ඔහු බාස්කරන්ට හඳුන්වාදී දේශනා ආරම්භ කිරීමට ඔහුට කියන ලෙස මම කීවෙමි. එසේම මංජුට කරෙයිනගර්වලට ගොස් ප. ව. 3. 00 ට නාවික කඳවුරේ ගේට්ටුවෙහි ආරක්ෂක රාජකාරිවල යෙදෙන තිලක් නමැත්තා හමුවන ලෙසට මම කීවෙමි. මම මේ ආරක්ෂක රාජකාරි කටයුතු ගැන උයන්ගොඩගෙන් දැන සිටියෙමි. උයන්ගොඩ මංජුට ඔහුගේ නම උපාලි යයි කියා කියන ලෙසට හා එවිට තිලක් ඔහු අප විසින් යවා ඇති බව දැනගන්නා බවද කීවේය. අප යම් කිසිවෙකු තිලක්ට හඳුන්වා දියයුතු බව හා එවිට හදිසියකදී අපට පනිවුඩයක් යැවිය හැකි බවද කියා යෝජනා කළ තැනැත්තා උයන්ගොඩ යන අයයි.

 නාග විහාරයෙහි සිටි ගරු සුමනට දෙන්නටය කියා මා රු. 20/} ක් මංජුට දුන් බව මට මතකයි. දැන් සංඝාරාමයෙහි සාකච්ඡාවට ආපසු පැමිණ ඇත. 71. 4. 2 වෙනි දින අප එය පැවැත්වූයේය. සාකච්ඡාවට පැමිණ සිටිය අය නම් සනත්, ලොකු අතුල, ලයියා, උයන්ගොඩ, කරුණාරත්න, සුනන්ද, අනුර, මාතර සුසිල් හා මාද වෙති. සාමාජිකයන් ඉතාමත් නොඉවසිල්ලෙන පසුවෙන බව හා යම්කිසි ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වී ඇති බවද සුනන්ද, අනුර හා සුසිල් යන අය කීවෝය. අපේ සාමාජිකයන් සිරභාරයට ගැනීම හා ඔවුන්ගේ තුවක්කු හා බෝම්බ නැතිවීම ගැනද ඔව්හු කලබල වී සිටියෝය. 7 වෙනිදා යුධ හමුදාව පොලිසියේ උදව්වට යොදවා ඔවුන්ගේ සාමාජිකයන් අල්ලා ගැනීමට කඩා පැනීමක් කරන බවට සුනන්දට ආරංචි ලැබී ඇති බව ඔහු කීවේය. ඊලඟට අප ක්‍රියාකාරී වන්නෙහි නම්, අප්‍රේල් 7 වෙනිදාට පෙර එය විය යුතු බවට සියලූදෙනාම එකඟ වූහ. අවසානයේදී බොහෝ තර්ක කිරීමෙන් පසු 5 වෙනි දින ප. ව. 11. 30 ට විප්ලවය දියත් කළයුතු බව තීරණය කලෙමු. එසේම යාපනයේ සිරගෙදරට හා පොලිසියට පහරදී විෙජ්වීර මුදාගැනීමට නිරතවීම සඳහා මා වග කිවයුතු යයි කියාද, තීරණය කළෝය.

 උයන්ගොඩ ලයියා හා පියසිරිට කොළඹට පහරදීම හා කොළඹ ප්‍රදේශයෙහිදී දිස්ත්‍රික් නායකයින්ට දැනුම්දීමට භාරව තිබුනේය. කරුණාරත්නට අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා පුත්තලම යන ප්‍රදේශවල පහරදීම සංවිධානය කිරීමට තිබුණේය. ලොකු අතුලට කෑගල්ලට හා කුරුණෑගලට පණිවුඩය දී එහි පහරදීම් සංවිධානය කිරීමට තිබුනේය. සනත්ට ගාල්ල, අම්පාරේ, වැල්ලවාය හා මොණරාගල යන ප්‍රදේශවල නිරතවීමට තිබුණේය. සුසිල්ට මාතර, තිස්ස හා හම්බන්තොට යන ප්‍රදේශවල පහරදීම් සංවිධානය කිරීමට තිබුනේය. විෙජ්වීර එළියට ගැනීමෙන් පසු ඔහු නොච්චියාගමට ගෙන යායුතු බවද

තීරණය කොට තිබුණි. ඒ මක්නිසාද යත්, මේ වනවිට එම ප්‍රදේශය පහරදීමට යටවී ඇති හෙයින්ය. විෙජ්වීර පාලනය භාරගෙන ඊටපසු ක්‍රියාකිරීම ගැන යොමු කිරීම අප බලාපොරොත්තු වූ නිසා අපි වැඩිදුරටත් ක්‍රම සකස් නොකළෙමු.  

 ටී. ඩී. සිල්වා සී. අයි. ඒ. සංවිධානයෙහි නියෝජිතයෙකු බවට ඔහු සැකකළ නිසා මේ වැඩපිළිවෙළවල් ගැන කිසිවෙක් ඔහුට හෙළි නොකරන ලෙසට මම තදින් කීවෙමි. මම නයනානන්ද සඳහා පණිවුඩයක් යැව්වෙමි. ඔහු පැමිණීමෙන් පසු කලූතර දිස්ත්‍රික්කයෙහි පහරදීම් සංවිධානය කරන ලෙසට මම ඔහුට කීවෙමි. එසේම ධනසිරි හා තවත් 10 ක් එක්කරගෙන කිලිනොච්චියේ ට්‍රැක්ටර් මධ්‍යසථානයෙහි සිටින ඔහුගේ මාමා කරාගොස් එලිෆන්ට්පාස් මුරපොලට පහරදීමට ඔවුන්ට උපදෙස් දෙන ලෙසට මම ඔහුට කීවෙමි. මේ අය කිලිනොච්චියෙහි නතරකොට කළුතරට ආපසු යන ලෙසට මම නයනානන්දට කීවෙමි. විෙජ්පාලගෙන් බෝම්බ 50ක් පමණ ලබාගෙන ඒවා සූට්කේස් එකක දමාගෙන යන ලෙස මම ධනසිරිට කීවෙමි.

 මාර්තු 28 වෙනි දින බස්රිය වෙන්කර ගැනීමට මා කලූ රංජිත්ට කී අවස්ථාවෙහි සතියකින් යාපනයට විනෝද ගමනක් යාමට බස්රිය වෙන්කර ගන්නා ලෙසට මම ඔහුට කීවෙමි. කලූ රංජිත් වෙන්කිරීම කරන අවස්ථාවෙහි ඔහු අප්‍රේල් 5 වෙනිදාට ආසන්න දිනයක් දෙන්නට ඉඩ ඇත. අප්‍රේල් 5 වෙනිදා උදෑසනට අපට බස්රිය අවශ්‍ය වන්නේයයි කියා මා කලූ රංජි්ත්ට කීවේ අප තීරණය ගැනීමෙන් පසුවයි.

 අප්‍රේල් 5 වෙනි දින යාපනයට යාමට 25 ක කණ්ඩායමක් සැපයීමට සුනිල් මම රත්නසිරිට කීවෙමි. ඔහු විසින් පිලියන්දල ප්‍රදේශයෙන් තෝරා ගන්නා ලද 25 ක්වූ කණ්ඩායමේ නායකත්වය දැරීම ගැන සුනිල් විසින් ඩැනියෙල්ට උපදෙස් දී ඇති බව මම පසුව දැන ගතිමි. එසේම කොටවිල දේවසිරි හා භද්දිය තෙරුන්ට කලිසම් හැඳගෙන ළමයින් කැටුව යාපනයට යාමට මම කීවෙමි. ගරු කොටවිල දේවසිරිට ඔවුන් සමඟ යාපනයට යාමට අපේ සාමාජිකයින් වන අයගෙන් තරුණයින් තෝරා ගැනීමට මා කීවේය. අප්‍රේල් 5 වෙනි දින පහරදීම් ඇරඹීමේ අපේ තීරණය ගැන කොටවිල දේවසිරිට හා භද්දියට මම කීවෙමි. මා සැම්සන් සිරිපාල ගෙන්වා මේ වැඩ පිළිවෙළ ගැන ඔහුට කියා බස්රියෙන් යන කණ්ඩායමේ නායකත්වය ඔහුට දැරීමට සිදුවන බව කීවෙමි.

 3 වෙනි දින බර්ටි රංජිත් යාපනයේ සිට ආපසු පැමිණියේය. අපගේ වැඩපිළිවෙළ ගැන මම ඔහුට කීවෙමි. බර්ටි විසින් කොටුව හා පොලිස් ස්ථාන ප්‍රදේශය සමීක්ෂණය කළ බව හා විෙජ්වීර ගලවා ගැනීමට ඔවුන්ට හැකි බව විශ්වාසයයිද කියා ඔහු කීවේය.

 සංඝාරාමයට පැමිණි නන්දන මාරසිංහ මට මුණ ගැසුණේය. යාපනයට යාමට හා සිරගෙදර හා පොලිස් ස්ථානයට පහරදීමේදී උදව්වට පදවියෙන් සාමාජිකයින් 100ක් පමණ සූදානම් කර ගන්නා ලෙසට මම ඔහුට කීවෙමි. 5 වෙනි දින විප්ලවය ඇරඹීමේ අපේ තීරණය ගැන මම මාරසිංහට කීවෙමි. මාරසිංහ පදවියෙන් උදව් පිළියෙළ කරන බව ඔහු මට කීවේය. සැම්සන් සිරිපාලට යාපනයට යන විට අනුරාධපුරයෙහිදී ඔහු හමුවන ලෙසටද කීවේය. බර්ටි රංජිත්ට අපේ සාමාජිකයින් 5 දෙනෙක් පමණ ඔවුන් සමඟ දුම්රියෙන් යාපනයට යාම පිණිස සූදානම් කරන ලෙසට මම කීවෙමි. සූට්කේස්වල දමා බෝම්බ 250 ක් පමණ ගෙනයාමට හා ඔවුන්ට දුම්රියෙන් යන ලෙසටද මම කීවෙමි. 5 වෙනි දින උදේ දුම්රියෙන් ගමන්කොට නාග විහාරයෙහිදී අනෙක් අය හමුවෙන ලෙස මම ඔවුන්ට කීවෙමි. සැම්සන් කණ්ඩායමක් සමඟ පෞද්ගලික බස්රියකින් පැමිණෙන්නේ යයිද, ඔහු එහිදී හමුවිය යුතුයයි ද කියා මම බර්ටිට කීවෙමි.

 බර්ටි සිරගෙදරට පහරදීමේ නායකත්වය දැරූ අතර සැම්සන් පොලිස් ස්ථානයට පහරදීමේ නායකත්වය දැරුවේය. කොළඹට පහරදීමේදී අප අංශයෙහි ශිෂ්‍යයින් දිස්ත්‍රික්ක අංශවලට එකතුවීමට කටයුතු සලසන ලෙස මම පියසිරිට කීවෙමි. කොළඹට පහරදීම පිළියෙළ කරනවිට ඔහු උයන්ගොඩ සමඟ සාකච්ඡා පැවැත්විය යුතු බව මම ඔහුට කීවෙමි. මේ කාලයේදී නිමල් මහරගේ අසනීපයෙන් පසුවිය. කලූ ලක්ෂ්මන් සංඝාරාමයට පැමිණිවිට මා ඔහුට අපේ වැඩ පිළිවෙළ ගැන කියා උයන්ගොඩ හමුවී පනාගොඩ යුද හමුදා කඳවුරට පහරදීමේ වැඩ පිළිවෙළ අවසන් කරන ලෙසට කී බව මට මතකයි. එසේම පනාගොඩ යුද්ධ හමුදා කඳවුරට පහරදීමේදී කැළණි මිටියාවතෙහි ශිෂ්‍ය සාමාජිකයින් සම්බන්ධ කරගන්නා ලෙසට මම පියසිරිට කීවෙමි. සුනිල්ටද මේ වැඩ පිළිවෙළ ගැන මම කීවෙමි. උයන්ගොඩ හමුවී වැඩපිළිවෙලවල් අවසාන කරගන්නා ලෙසටද කීවෙමි. එසේම උතුරු කොළඹ ශිෂ්‍ය සාමාජිකයින් චුකීට ඇති බව හා දකුණු කොළඹ ශිෂ්‍ය සාමාජිකයින් වසන්ත කරුණාරත්නට ඇති බවද මම පියසිරිට කීවෙමි.

 3 වෙනිදා පමණ විෙජ්පාල මා හමුවී මොරටුවෙන් කුඩා පුපුරන වෙඩි 300 ක් පමණ එකතුකර ගැනීමට ඇති බව කීවේය. එවිට විෙජ්පාල සමඟ ගොස් ඒවා ගෙනයාමට උපකාර කරන ලෙසට සිසිර බණ්ඩාරට මම කීවෙමි. මහරගම ප්‍රදේශයට බෝම්බ අවශ්‍ය වී ඇති බව විෙජ්පාල මට කී බව මට මතකයි. ඇට්ලස් බණ්ඩාරට පියට් එක යාපනයට ගෙන යන ලෙස මම කීවෙමි. යාපනයට දෙදෙනෙකු ගෙනයන ලෙසටත් 5 වෙනි දින රාත්‍රි යාපනේ සිටි බේකරියෙහි දී තිලකසිරි හමුවෙන ලෙසටත් මම ඔහුට කීවෙමි. මා තිලකසිරි ඇට්ලස් බණ්ඩාරට හඳුන්වා දුන්නේය. එසේම තිලකසිරිට මොටෝරථය හඳුනාගැනීමට පහසුවන ලෙස මොටෝරථයෙහි බොනට් එකේ හා ඩිකියේ සුදු ඉරි දෙකක් සායම් කර ගන්නා ලෙසට මම ඇට්ලස් බණ්ඩාරට කීවෙමි. මම ඇට්ලස්ට රු. 200/} ක් දුනිමි. ඇට්ලස් සමඟ යාමට සිටි දෙදෙනා නම් පියසිරි විසින් මට දෙන ලද තරුණයින් දෙදෙනාය.

 අප්‍රේල් 3 වෙනි දින හ 4 වෙනි දිනවල මෙම උපදෙස් සැම්සන්, පියසිරි, බර්ටි රංජිත්, සුනිල්, කලූ ලකී හා ඇට්ලස්ට දෙන ලදි. අම්පාරේ ප්‍රෙමරත්න විෙජ්වීරගේ පණිවුඩය මට දීමෙන් පසු, අප විෙජ්වීර ගලවා ගැනීමට තීරණය කළවිට මට ලාල් සෝමසිරි හෝ ඔහු අවශ්‍යවෙන බව මා ඔහුට කී බව මට මතකයි. ප්‍රේමරත්න ඔහුට වැඩ වගයක් තිඛෙන බව මට කීවේය. සෝමසිරි මා හමුවීමට එවන බවද ඔහු කීවේය.

 අප්‍රෙAල් 4 වෙනි දින සවස විෙජ්වීර සමඟ සිරභාරයට ගනු ලැබූ ලාල් සෝමසිරි මා බැලීමට පැමිණ ප්‍රේමරත්න මා හමුවෙන ලෙසට ඔහුට කී බව ඔහු මට කීවේය. ප්‍රේමරත්නගෙන් හැඳින්වීමේ ලිපියක් ඔහු ගෙනාවේ නැත. මා ඔහු පළමුවන අවස්ථාවට දුටු නිසා අමුත්තෙකු මා කරා එවීමේදී ප්‍රේමරත්න විසින් කිසිම ආරක්ෂිත විධිවිධානයක් නොගැනීම ගැන මා තද කෝපයට පත්වූයේය. ඔහු ඇත්ත වශයෙන්ම ප්‍රේමරත්න විසින් එවන ලද්දේද කියා මා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පෙර මම ඔහුගෙන් නැවත සිරභාරයට ගැනීම ආදිය ගැන ප්‍රශ්න කළෙමි.

 සෝමසිරි කී පරිදි විෙජ්වීර සිටියේ වතුර ටැංකිය අසල ගොඩනැගිල්ලේ 16 වන සිරමැදිරියෙහිය. විෙජ්වීර මුදා ගැනීමට අප තීරණයක් ගෙන ඇති බව මම ඔහුට කීවෙමි. යාපනයට යන කණ්ඩායම සමඟ ගොස් සිරගෙදරට පහරදීමට උපකාර කරන ලෙසට හා විෙජ්වීර තබා ඇති සිරමැදිරිය පෙන්වීමට ඔහුට සිදුවන්නේයයි කියා මම ඔහුට කීවෙමි. ඔහු යාපනයට යාමට එකඟ විය. ඊලඟට මම විද්‍යෝදයෙහි අප සාමාජිකයෙකුට කථා කළෙමි. ඔහු කවරෙක්ද කියා මට මතක නැත. මා ඔහුට සෝමසිරි අසල බෝඩිමක රඳවා තබාගෙන 5 වෙනි දින උදේ පෞද්ගලික බස්රියෙන් යාපනයට යන කණ්ඩායමට එකතුවීම සඳහා ඔහු විෙජ්රාම හන්දියට එක්කරගෙන ඒමට කටයුතු බලා ගන්නයි කීවෙමි.

 එදින සවස මංජු යාපනයේ සිට ආපසු පැමිණියේය. ඔහුට තිලකරත්න කරෙයිනගර්වලදී මුණ ගැසුණ බව හා කඳවුරට පහරදී එය අල්ලා ගැනීමට තිලකරත්නට අවශ්‍ය වන්නේ 10 දෙනෙක් පමණ යයිද කියා ඔහු කීවේය. තිලකරත්න ඔවුන් පිහියා ඇතිව සූදානම් වී ඒම ඔහුට අවශ්‍ය වී ඇතැයි කියා කීවේය. එසේම තිලකරත්නට කඳවුරෙහි බොන වතුර වලට දැමීමට නිදිපෙති ටිකක් අවශ්‍ය වී ඇතැයිද මංජු මට කීවේය. ඒ අවස්ථාවෙහි උයන්ගොඩ එහි සිටියේය. නිදිපෙති අඩංගු බෝතල 25 ක් පමණ මිලයට ගැනීමට මම රු. 150/} ක් සිසිර බණ්ඩාරට දුනිමි. එසේම රන්ගන යාපනයෙහි නැවැත්වූ බව හා ඔහුට පංති පැවැත්වීම සඳහා බාස්කරන් පිළියෙළ කරදුන් බවද ඔහු මට කීවේය. එසේම බාස්කරන් විසින් ඔහු අත්බෝම්බ සාදන මිනිසෙකුට ඔහුව හඳුන්වා දුන් බව හා ඔහුගෙන් එහිදී බෝම්බ සෑදීමට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය අපට ලබාගැනීමට හැකියයිද කියා ඔහු කීවේය. එසේම මේ මිනිසාට තුවක්කු සැපයීමට හැකි බවද මංජු මට කීවේය.

 5 වෙනි දින රාත්‍රියෙහි පහරදීමට අප තීරණයක් ගෙන ඇති බව මම මංජුට කීවෙමි. ආපසු යාපනයට ගොස් තිලකරත්න හමුවී යාපනයෙහිදී කරන මුදාගැනීම හා පහරදීම සඳහා ඔහුගේ සහයෝගය ඉල්ලන ලෙසට මම ඔහුට කීවෙමි. එසේම, ගොස් බාස්කරන් හමුවී අපේ තීරණය ගැන ඔහුට කියා යාපනයෙන් අපට ලබාදිය හැකි සහයෝගය කුමක්ද කියා සොයා ගන්නා ලෙසටද, මම ඔහුට කීවෙමි. එස්. ඩී. සෝමරත්න හා තවත් 8 දෙනෙක් පමණ නාවික කඳවුරට පහරදීම සඳහා සහභාගිවීමට යාපනයට එවන ලෙස මම සුනිල්ට කීවෙමි. එස්. ඩී. සෝමරත්න එක්ක ගොස් ඔහු තිලකරත්නට හඳුන්වා දෙන ලෙසට මම මංජුට කීවෙමි. තිලකරත්නගේ උපදෙස් පිට ඔහුට ක්‍රියා කිරීමට සිදුවන්නේ යයි කියා එස්. ඩී. සෝමරත්නටද කීවෙමි. මම මංජුට එස්. ඩී. සෝමරත්න හා සුනිල් විසින් ඔහුට දෙනු ලබන අනෙක් අය සමඟ එදින රාත්‍රියෙහිම දුම්රියෙන් යාපනයට යන ලෙසට කීවෙමි.

 රාත්‍රි 7.00 ට පමණ ලයියා තවත් දෙදෙනකු සමඟ සංඝාරාමයට පැමිණ මා මුණගැසුණි. ඔවුන්ගෙන් එක් අයෙකු තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙකි. වෘත්තීය සංගම් අංශයෙහි සාමාජිකයින් 5 වෙනි දින පහරදීමේ අප තීරණයට විරුද්ධ යැයි කියා ලයියා මට කීවේය. එසේම ලයියා සමඟ පැමිණි මේ දෙදෙනාද එම මතයම පළ කළේය. මෙය මාගේ තීරණයක් නොවේයයිද, අනෙක් ප්‍රදේශවල සිටින නායකයින් විසින් ගන්නා ලද තීරණයක් යයිද, එය වැලැක්වීමට මට කළහැකි කිසිවක් නැතැයිද කියා මම ඔවුන්ට කීවෙමි. වෘත්තීය සංගම් අංශය භාරව සිටි විෙජ්වර්ධන හමුවීමට ඔවුන්ට නුපුළුවන් වූ බව ඔව්හු මට කීවෝය. මේ තීරණය සම්පූර්ණයෙන්ම වැරදි බව ඔව්හු මට කීවෝය. ඔවුන්ට සම්බන්ධවීමට නොහැකි බව ඔවුහු කීවෝය.

 ගරු විලච්චිය අනොමදස්සි හා අනුරාධපුරේ ගාමිණී සමරනායක සමඟ මා සංඝාරාමයෙන් පිටවී යනවිට ඔව්හු ලයියා සමඟ එහි සිටියෝය. ප.ව. 10.00 ට පමණ මම කොටුවේ බස් නැවතුම්පොලට ගියෙමි. පෙ. ව. 1.00 ට අනුරාධපුරයට යන බස්රියට නැගුණෙමි. පුලියන්කුලමට සැතපුම් සතරක් පමණ තිබියදී බස්රථය මඩෙහි එරුණේය. අප බස් රියෙන් බැස පයින්ම සැතපුම් 2 1/2 ක් පමණ පුලියන්කුලම දිශාවට ගියෙමු. එලිවේගන එන නිසා අපි කැලයට ගියෙමු. අනෝමදස්සී ඔහු ලඟ තිබුණු කොණ්ඩා කපන කතුරෙන් මාගේ හිස බූ ගෑවේය.එසේම ඔහු ලඟ සිවුරුද තිබුණේය. මා ඒවා හැඳගෙන මගේ සරම හා කමිසය බෑග් එකට දැම්මේය. අපි මාර්ගයට පැමිණ බස්රියකට ගොඩවී පුලියන්කුලමට ගියෙමු.

 අපි පුලියන්කුලමෙහි බැස වැලිමලූ විහාරයට ගියෙමු. මෙය අනෝමදස්සිගේ ගුරුවරයා වන ගරු අත්තදස්සිට අයිතිව තිබුණු පන්සල්වලින් එකකි. එහි එක් මහළු හාමුදුරු කෙනෙක් පමණක් සිටියේය. මානසික විකෘතිතාවයකින් පෙලූණු තවත් හාමුදුරු කෙනෙක්ද එහි සිටියේය. මේ පන්සලෙහි අප තිදෙනා සිටියෝය. දින දෙකකට පමණ පසුව ගාමිණී සමරනායක අනුරාධපුරයට ගොස් දින තුනකට පමණ පසුව ආපසු එහි පැමිණියේය. අප සමඟ කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුණේය. අපේ පහරදීම් අරඹා ඇති බව ප්‍රවෘත්තිවලින් අප දැනගතිමු. අප ජය ගන්නේ යයි කියා විශ්වාසයක් මට තිබුණි. ගාමිණී ඔහු ආපසු පැමිණි අවස්ථාවෙහි අනුරාධපුර පෙදෙස්වල අපේ සාමාජිකයින් හොඳින් ක්‍රියාකරගෙන යන බව කීවේය. ඔහු රාත්‍රිය අප සමඟ ගතකොට පසුදින ගරු අනෝමදස්සි සමඟ ගියේය. ගරු අනෝමදස්සි දින තුනකට පමණ පසුව ආපසු පැමිණ අනුරාධපුර පෙදෙස්වල අපට සිටියහැකි පන්සල් ගණනාවක් ඔහු සොයා ගත් බව කීවේය. සටන් තවමත් පැවතුණේ නමුදු අප විසින් තවමත් අනුරාධපුර නගරය අල්ලා නොගත් බව කියන ලදි. රාජාංගන පෙදෙස්වල අපේ අණසක පවතින බව ඔහු කීවේය.

 අප්‍රේල් 15 වෙනිදා වෙනතුරුම අපි පන්සල්වල සිටියෙමු. ඊට පසු අපි කුරුණෑගල තිත්තවැල්ල සිට උඩමලූ විහාරයට ගියෙමු. ගරු වලස්වැවේ ඥානානන්ද මේ පන්සලෙහි ලොකු හාමුදුරුවන් වූවෝය. අනෝමදස්සි විසින් ඔහු මට හඳුන්වා දෙන ලදි. අප්‍රේල් 20 වෙනි දින පමණ අනෝමදස්සි කොළඹට ගොස් තත්වය සොයාගැනීම පිණිස යන බව කියමින් යන්නට ගියේය. ඔහු ආපසු පැමිණියේ නැත. මෙම පන්සල අසල ක්‍රියා කිසිවක් තිබුණේ නැත. ගුවන්විදුලියෙන් ප්‍රචාරය කළ පරිදි පහරදීම් අසාර්ථක වී ඇති බව මම වටහා ගතිමි. ගරු ඥානානන්ද සමඟ ඇතිවූ සාකච්ඡාවෙන් ඔහු ජනතා විමුක්ති පෙරමුණට අනුකම්පාව දක්වන බවට හැඟීමක් මට ඇතිවිය. මා වෙස්මාරු කරගෙන සිටින බව, ඔහු දැන නොසිටියේය.

 ගරු ඥානානන්ද විද්‍යෝදයෙහි ශිෂ්‍යයෙකු බව හා ඔහු සංඝාරාමයට පිටත බෝඩිමක විසූ බවද, මම අනොමදස්ස්ිගෙන් දැන ගතිමි. ඉහතදී මා ඔහු දැක තිබුණේ නැත. අප්‍රේල් 25 වෙනි දින පමණ පොලිසියෙන් පැමිණ ගරු ඥානානන්ද සිරභාරයට ගත්තේය. ඔහු අප්‍රේල් 6 වෙනි දින විද්‍යෝදයෙහි සිට කුරුණැගලට යන ගමනේදී දොම්පේ නිවසක තබන ලද ඔහුගේ බෑගයක් පොලිසියෙන් සොයා ගැනීම නිසා මේ සිරභාරයට ගැනීම සිදුවිය. පොලිසිය මගෙන් ප්‍රශ්න කළේය. මා අර පන්සලේ ගරු පහලගම ධම්මානන්ද යයි කියා මම ඔවුන්ට කීවෙමි. ඔවුන් මට කරදර නොකොට ගරු ඥානානන්ද සමඟ සිටීමට ඉඩ හැරියෝය. එහි සිටි තවත් භික්ෂුවක් වූ ගරු ගල්ගමුවේ ධර්මාරාම මා පංති පැවැත්වීම ගැන පොලිසිය විසින් සොයන ලද ගම්පහ විද්‍යාරවින්ද පිරුවනෙහි භික්ෂුවක බව ඔහු විසින් කියා තිබුණි.

 මැයි මාසයේ 20 වෙනි දින පමණ ගරු ධර්මාරාම අනුරාධපුරායහිදී ගරු අනෝමදස්සි සිරභාරයට ගත් බව කියන ලිපියක් ලද බව මට කීවේය. ජූනි 5 වෙනි දින දක්වා මම මේ පන්සලෙහි සිටියෙමි. ජූනි මස 4 වෙනි දින පන්සලෙහි වැඩ කළ පිරිමි ළමයෙකුවූ මැණික් ලවා සරමක් මිලයට ගෙන්වාගෙන ඔහුගේ උදව්ව ඇතිව දෙපසවූ කෙස් මා කොටවෙන්නට කපාගෙන 5 වෙනි දින උදේ කුරුණෑගලින් බස්රියට නැගුණෙමි. මම මැණික් සමඟ ඔහුගේ සයිකලයෙන් කුරුණෑගල බස් නැවතුම්පොලට පැමිණියෙමි.

 මම පොල්ගහවෙලට බස්රියෙන් පැමිණ එහි සිට කොළඹට යන දුම්රියට නැගී කැළණියෙන් බැස ටයර් සංස්ථාව අසල වසන මාගේ සොහොයුරියවූ එස්. වී. ඒ. ප්‍රේමලතාගේ ගෙදරට ගියෙමි. ඇය පී. සී. ප්‍රනාන්දු සමඟ විවාහ වී සිටී. මගේ සොහොයුරිය බියවී එහි නොසිටින ලෙස මට කීවාය. පසුදින හැඳල ඇල්ලකන්දේ පියසිරිගේ නිවසට මම ගියෙමි. පියසිරි, ඔහුේ සොහොයුරාවූ නවරත්න හා ශිෂ්‍ය අංශයෙහි තවත් අයෙකු සමඟ සිටියේය. මට ඔහුගේ නම මතක නැත. කොළඹට පහරදීම මුළුමනින්ම අසාර්ථකවූ බව හා දැන් පොලිසිය විසින් ඔවුන් සොයන බවද පියසිරි මට කීවේය. එදින රාත්‍රි මා පියසිරිගේ නිවසෙහි සිට පසුදින උදෑසන පියසිරි හා මා කොළඹට ගොස් ඊලඟට කොට්ටාව හන්දියෙන් එපිට ඇති අතුරුපාරක වසන කොට්ටාව රංජිත්ගේ නිවසට ගියෝය. එය මට රංජිත් මුණගැසුණු පළමුවන අවස්ථාවයි. පියසිරි විසින් මා ව්‍යාපාරයෙහි සාමාජිකයෙකු ලෙස හඳුන්වා දෙන ලදි. නැවත නැවතත් පැමිණ ඔහුගේ නිවසෙහි මට සිටිය හැකියයි කියා ඔහු කීවේය. එදින සවස පියසිරි මා රුවන් පතිරණ ස්ටෝර්ස් නම් ස්ථානයට කැඳවාගෙන ගියේය. එහි අයිතිකරුවූ නන්දට මා හඳුන්වා දී මා ගැන පොලිසියෙන් සොයන නිසා එහි සිටීමට ඉඩදෙන ලෙස ඔහුට කීවේය. මා සිරභාරයට ගන්නා තුරුම මම මේ ස්ටෝර්ස් හි සිටියෙමි.

 ජූනි මාසයේ 16 වෙනි දින පමණ කොට්ටාවේ රංජිත් බැලීමට මම ගියෙමි. සුමනරත්න නොහොත් ගලතර ලොකු විතානේ, පොතුවිල වෙද මහත්තයාගේ නිවසෙහි කැඩුම් බිඳුම් වගයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බව ඔහු මට කීවේය. පසුව පොලිසිය විසින් රංජිත් සිරභාරයට ගන්නා ලදි. මේ නිසා මා පොතුවිලට ගොස් සුමනරත්න හමුවී ඔහු රුවන් පතිරණ ස්ටෝර්ස් නම් ස්ථානයට එක්කරගෙන යන ලදි. වෙඩි පහරවල් වැදීමෙන් ඇතිවූ කැඩුම් බිඳුම් ඔහුට තිබුණේය. ඔහු මා සමඟ දින තුනක් පමණ සිට රත්නපුරයට යන බව පවසමින් ඔහු යන්නට ගියේය. රත්නපුර පොලිසිය විසින් ඔහු සිරභාරයට ගත් බව පසුව මම දැන ගතිමි. මිරිහාන ප්‍රදේශයේ පොලිසියකට පහරදීමට ඔහු ගිය අවස්ථාවෙහි ඔහුට වෙඩි වැදුණු බව ඔහු මට කීවේය. එය මොන පොලිසියද කියා කීමට මට මතක නැත. මා රුවන් පතිරණ ස්ටෝර්ස් නම් ස්ථානයෙහි සිටියදී අවස්ථා දෙකක් පමණ පියසිරිගේ නිවසට ගියෙමි. පියසිරි රුවන් පතිරණ ස්ටෝර්ස් නම් ස්ථානයෙහිදී නැවත නැවතත් මා හමුවීමට පුරුදුව සිටියේය.

 ජූනි 16 වෙනි දින උයන්ගොඩ හා මෙරිල් ජයසිරි මා බැලීමට පැමිණියෝය. මා කොහි සිටිනවාද කියා නවරත්න ඔවුන්ට කියා තිබුණි. ජා ඇල යම්කිසි ස්ථානයක උයන්ගොඩ සිටින බව ඔහු මට කීවේය. ලිපිනය ඔහු මට කීවේ නැත. මා ඔහුගෙන් ලිපිනය ඉල්ලුවිට ඔහු පැමිණ මා හමුවන්නැයි කියා කීවේය. මෙරිල් ඔහුට සිටීමට ස්ථානයක් සොයා දෙන ලෙසට මට කීවේය. ඔවුන් කොහි සිටිනවාදැයි කියා මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ඔවුන් බොහෝ කොට සඟවන ලීලාවක් දැක්වූ අතර ස්ථීර ස්ථානයක් නැති බව හා නොයෙක් ස්ථානවල ඉන්නා බවද ඔව්හු කීවෝය. ඔවුන්ගේ උපක්‍රම සියල්ලම අසාර්ථක වූ බව හා දැන් ඔවුන් ඔවුන්ගේ ජීවිත ගලවා ගතයුතු බවද ඔව්හු මට කීවෝය. යටත්වීම වැරදිය කියා ඔව්හු කීවෝය. සැඟවී සිටීමට හොඳම ස්ථානය කොළඹ වන බව මම ඔවුන්ට කීවෙමි.

 මෙදිනට පසු උයන්ගොඩ හා මෙරිල් මා දැක නැත. ජූනි මාසයේ 20 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මා සිරභාරයට ගන්නා ලදි. දිවුලපිටියේ ඇනෙස්ලි මම දනිමි. ඔහු හංවැල්ල ප්‍රදේශයෙහි වැඩ කරන අපේ පූර්ණකාලීනයෙකි. හංවැල්ලෙහි මා පැවැත්වූ කඳවුරකට ඔහු පැමිණි බව මට මතකයි. 1970 දෙසැම්බර් මාසයේ පැවැත්වූ මේ කඳවුර සංවිධානය කළේ රිචඩ් නම් අය විසිනි. අපේ පැමිණීම අසල්වැසි ජනයා දැන ගැනීම නිසා දින දෙකකට පසුව මේ කඳවුර අත්හැර දමන ලදි. එසේම මීරිගම පැවැත්වූ අධ්‍යාපන කඳවුර මට මතකයි. මෙය සංවිධානය කළේ පියසිරි විසිනි. ඇනෙස්ලි හා පියසිරි විසිනි. ඇනෙස්ලි මා ඉදිරියට කැඳවා ඔහු හොඳට වැඩ නොකරන බවට පැමිණිලි කළේය. ඇනෙස්ලිට මීට වඩා උද්යෝගීමත් වන ලෙසට මම අවවාද කළෙමි.

 1971 මාර්තු මාසයේ දිනෙක විද්‍යෝදයෙහි වූ සංඝාරාමයේදී ශිෂ්‍ය අංශයේ සාමාජිකයින් 30 කට පමණ කථාවක් පැවැත්වීමට විෙජ්වීරට තිබුණේය. ඔහු එයට පැමිණියේ නැත. මම සාකච්ඡාව පැවැත්තුවෙමි. මෙහිදී ශිෂ්‍යයින්ට බෝම්බ නිෂ්පාදනය කිරීම පිණිස හිස් ටිං, ඇණ හා වෙඩි ඛෙහෙත් එකතු කරන ලෙසට උපදෙස් දුනිමි. මැද කොළඹ ප්‍රදේශයෙහි පූර්ණකාලීනයෙකු වූ ජයතිලක මම දනිමි. වර්ෂ 1970 සීදූවෙහිදී සිරභාරයට ගත් 63 දෙනාගෙන් ඔහු එක් අයෙකි.

 ජයතිලකට රාජකීය ලංකා ගුවන් හමුදාවෙහි සොහොයුරෙකු සිටිය බව මම දනිමි. මේ සොහොයුරා මට ගුවන් හමුදාවෙහිදී මුණගැසී ඇත. පනාගොඩ යුධ හමුදා කඳවුරෙහි නිලධාරියෙකු වූ පෙරේරා නම් අය නිමල් මහරගේ දැන සිටිය බව ඔහු මට කීවේය. මේ පෙරේරා මට මුණගැසී නැත. නාවික හමුදාවෙහි තිලකරත්න, සුළු නිලධාරි සෑම් හා මහබාගේ රංජිත් වීරසිංහ මම දැන සිටියෙමි. පොලීසියෙහි පොඩි අතුලගේ නිවසෙහිදී මුණ ගැසී ඇති කොස්තාපල් දයානන්ද මම දැන සිටියෙමි. ඔහු අපේ සාමාජිකයන්ගෙන් කෙනෙකු බව මට කියන ලදි.

 මේ අවුරුද්දේ මාර්තු මාසයේදී නවරත්න බණ්ඩා ඔවුන්ට අච්චු කන්තෝරුව ලැබුණු බව හා අප විප්ලවය ආරම්භ කළවිට එය පත්‍රිකා අච්චු ගැසීම සඳහා පාවිච්චි කිරීමට හැකියයි කියා ඔහු මට කීවේය. මේ අච්චු කන්තෝරුව කොහි තිබුනේද කියා ඔහු මට නොකීවේය.

 මෙපමණයි

නැවත කියවීමෙන් පසු නිවැරදි බවට පිළිගන්නා ලදි. හදිසි ව්‍යවස්ථා යටතේ ප්‍රකාශයක් වාර්තා කරගැනීමට හා විභාග පැැත්වීමට මට බලය ලැබී ඇති බව මම සැකකරුට පැහැදිලි කර දුනිමි. තවදුරටත් නඩු විභාගයක් පවත්වන අවස්ථාවෙහිදී මේ ප්‍රකාශය ඔහුට විරුද්ධව හා ප්‍රකශයෙහි සඳහන් කරනලද පුද්ගලයන්ට විරුද්ධව පාවිච්චි කිරීමටද හැකි බව මම ඔහුට දැනුම් දුනිමි. තවදුරටත් ප්‍රකාශයක් කිරීමේ භාරධූරත්වය ඔහු වටහාගත් බව හා ඒ ගැන සෑහීමකට පත්වෙමි. ඔහු ඒ ප්‍රකාශය සිය කැමැත්තෙන්ම කලේය. මම දැන් ඔහුගේ අත්සන ගනිමි.

වෛද් රුවන් එම් ජයතුංග ගේ. 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්  කෘතිය අැසුරෙනි 

One Response to “1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තිකරු”

  1. Christie Says:

    Namste: Another Indian Imperialist job that killed Sinhalese youth. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress