හස්තෝ පස්ස කතා වස්තුව​
Posted on March 21st, 2015

(උපුටා ගැනිමකි)

දඹදිව ට නුදුරු එක නිවට කොදෙව්වක අසුඹු ලෙස රාජ්‍යත්වයට පත් ගම් වැසියකු දැහැමෙන් සෙමෙන් මෙන් රාජ්‍ය විචාරන සමයේ දී හිරු නොබසින අධිරාජ්‍යයේ මහා තේජවන්ත වූද අති උත්තම වූද නෛක ශ්‍රීං විරාජ මාන වූ ඇලිසබෙත් අප මහා රාජිනී තොමෝ ඉන්ගලාන්තයේ බකිං හැම් මාලිගාත්‍යන්තයේදී සිය හස්තාවරනද ඉවත් කොට ස්වකීය ශ්‍රී හස්තය ස්පර්ශ කරලීමට ඉඩ දීමේ අති දුර්ලභ වූ මහා වාසනා මහිමය ලැබීම හේතු කොට ගෙනද,
ඉන්ගලාන්තයේ බ්‍රවිනිං වීදියේ අඞ 10 මාලිගයේ වැඩ වසන දේවිද් කැමරෝන් මහෝත්තමයාණන් වහන්සේ සිය මාලිගයෙන් බැස පයින් ම ඇවිද විත් රථද්වාරය විවර වෙත්ම සිය ශ්‍රී හස්තය දිගුකොට පිලිගනු ලැබීමේ මහා භාග්‍යය ලැබීම හේතුකොට ගෙනද,
අද වන විට නිවට කොදෙව්වට පෙර කිසි දිනෙක නොතිබූ ලෙස ලැබී ඇති මහානුභාව අන්තර්ජාතික පෘඩත්වය සමරනු වස්
නිවට කොදෙව් වැසි සියලු දනා විසින් සතියක් පුරා තොරන් බැඳ සැනකෙලි , සුරා සූදු කෙලි පවත්වා, කැමති කැමති ලෙස කාම සම් භෝග පවත්වා රිසි රිසි සේ රතී කෙලි පවත්වා මහා ජය ගෝසා නැගිය යුතු යැයි මහා රාජෝත්තමියගේ නිවට කොදෙව්ව බාර අතවැස්සන් විසින් දන්වා සිටින වග එම කොදෙව් වැසි චින් වියා නම් කොල තෙල්ලකු විසින් මෙසේ සනිටු හන් කොට තබන්නේ නිවට කොදෙව්වේ වත්මනේ හා අනාගත වැසි සියලු ජිනී ජනයා ගේ දැන ගැනීම සඳහාය​.

හස්ත – අත​
පස්ස – ස්පර්ශය (පාලි)

 

2 Responses to “හස්තෝ පස්ස කතා වස්තුව​”

  1. Hiranthe Says:

    Classic!!

    Next is to lick their boots for ever!!

  2. Ratanapala Says:

    Udu Rawana II goes to meet the Queen!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress