මළත් මේ රට දාල යන්නේ නෑ.. මගේ ජීවිතය අනතුරේ.. ජීවිත ආරක්‍ෂාව පතා දේශපාලනයට එන්න වෙනවා..
Posted on March 22nd, 2015

– දේශය පුවත්පතිනි

මළත් මේ රට දාල යන්නේ නෑ.. මගේ ජීවිතය අනතුරේ.. ජීවිත ආරක්‍ෂාව පතා දේශපාලනයට එන්න වෙනවා..හිටපු ආරක්ෂක ලේකම්තුමනි මොකද්ද මේ ආන්දෝලනයකට තුඩු  දුන් ඇවන්ගාඞ් පාවෙන අවි  ගබඩාව?

ලංකාවේ පිහිටීම අනුව අප සිටින්නේ ජාත්‍යන්තර අධිආරක්ෂිත කලාපය ලෙස හදින්වූ මුහුදු සීමාවේ කෙළවර.  මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රශ්නය දරුණු වීමත් සමග සෑම වාණිජ නැවකටම ආරක්ෂාව සපයන්න මුළු ලෝකයේම විවිධ රටවල්වල සිටින සමාගම් සක‍්‍රීය වුණා. මෙය ජාත්‍යන්තරව ඇති කරගත් සම්මුතියක්.  ලංකාවේ පිහිටීම අනුව ශ‍්‍රී ලංකාවේ ගාලූ වරාය මීට සුදුසුම ස්ථානයක් ලෙස ජාත්‍යන්තරය දුටුවා.  මේ සදහා විවිධ රටවල තානාපතිවරුන් හරහා ආරක්ෂක සමාගම් හරහා අපෙන් ඉල්ලා සිටියා මේ අවස්ථාව ලබා දෙන්න කියලා. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක්. ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ තියෙන වගකීම ඒ වගේම මුහුදු කොල්ලකරුවන් පාලනය කිරීම සදහා අපට තියෙන වගකීම ලෝක ආර්ථිකයට අපේ තියෙන වගකීම යන සෑම දෙයක්ම සලකා බලා අපි තීරණය කළා මේ පාවෙන අවි ගබඩාව ස්ථාපිත කරන්න ඉඩදෙන්න.  මෙය ජාත්‍යන්තර දැනුවත්ව නීත්‍යානුකූලව ස්ථාපිත කළ දෙයක්.  මේ තමයි පාවෙන අවි ගබඩාව ස්ථාපිත වීමට බලපෑ පදනම.  ගොඩබිම අවි ගබඩා රටේ ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්නයක් විය හැකි බව අප කල්පනා කළා. ඒ බව ජාත්‍යන්තර සමාගම් වලට දැන්වුවා.  ඒ දැනුම්දිමෙන් ඒ සමාගම් කලබල වුණා. ඒ සමාගම් වල නියෝජිතයන් තානාපතිවරුන් ඊටපසුව අපි හමුවීමට ආවා. ඔවුන්ගේ ඉල්ලීම අනුව අපි අවසානයේ තීරණය කළා අපේ රට තුළ අවි ගබඩා නැතුව මුහුදු අවි ගබඩාවක් ස්ථාපිත කරන්න.  මෙන්න එහෙම තමයි පාවෙන අවි ගබඩාව නිර්මාණය වුණේ.

ඇවර්න්ගාර්ඞ් කියන්නේ පෞද්ගලික සමාගමක්.  ඇයි ඒක නාවික හමුදාවට බාර නොදී පෞද්ගලික සමාගමකට පැවරුවේ. එම සමාගම තෝරාගත් පදනම කුමක්ද?

මේක අලූත් දෙයක්. ඒ නිසා බඩුවක් ගන්නවා වගේ ටෙන්ඩර් කරලා කරන්න පුළුවන් වුණේ නෑ.  ඇවන්ගාඞ් ගාර්ඞ් කියන්නේ අවි ගබඩා පවත්වාගෙන යාම සදහා පලපුරුද්දක් ඇති ලංකාවේ එකම සමාගම. ඒ සමාගම  ඕමාන් හා ගල්ෆ් මුහුදේ  මේ වෙද්දිත් පාවෙන අවි ගබඩා දෙකක් ස්ථාපිත කරලා තියෙනවා.  මෙය නාවික හමුදාවටත් ප‍්‍රායෝගිකව  කළ නොහැකි කාර්යයක්. එහෙම වුණාම ඒ ආයුද නැති වුණාම වෙනත් ප‍්‍රශ්නයක් ඇති වුණාම අපි වගකියන්න  ඕනෑ. එවන් වගකීමක් අපිට ගන්න නොහැකි නිසයි මෙය පෞද්ගලික සමාගමකට පැවරුවේ.  ආරක්ෂක අමාත්‍යංශය තීරණයක් ගත්තා අපට මෙහි වගකීම බාරගන්න බෑ කියලා. ඒකයි මේක නාවික හමුදාවට භාරනොදුන්නේ.  නාවික හමුදාව පරීක්ෂා කිරීමේ කටයුතුත් රක්නාලංකා සමාගම මෙයට ආරක්ෂාවත් ලබාදුන්නා. ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව අපි නීතිමය පද්දතියකට යටත් කර ගත්තා.

පාවෙන අවි ගබඩාවේ අවි තුන්දහසක් තිබුණු බව කීවා. මෙතරම් අවි තොගයක් තබා ගැනීමට හැකිවීම නීත්‍යානුකූලද?

අවි 3000ක් නොවෙයි 5000ක් 10000ක් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ එන අවි සංඛ්‍යාව අනුව.  තුන්දාහක් තිබුණා නම් ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්නේ පාවෙන අවි ගබඩාවක තියෙන වැදගත්කම. මේවා හොර ආයුධ නොවෙයි.  ඒවා සමාගම්වලට අයිති ආයුධ.

ඇවන්ගාර්ඞ් පාවෙන අවි ගබඩාවට ලැබුණු විදේශ විනිමයට මොකද වුණේ?   

ඒවා ඒගොල්ලන්ගෙන් අහන්න  ඕනෑ. ඒක මගේ කාර්යයක් නොවේ.

එතකොට මේ ක‍්‍රියාන්විතයෙන් රජයට විදේශ විනිමය ලැබුණේ නැද්ද?

ලැබුණා.  ඒකගැන බලධාරියා වුණේ මම නොවේ. ඇවන්ගාර්ඞ් කියන්නේ කොම්පැණියක්. ඒ කොම්පැණිය මගේ යටතට එන්නේ නෑ. විදේශ විනිමය පාලනය කළේ මම නොවෙයි. ඒ ගනුදෙනු මට අදාළ නෑ.  නාවික හමුදාව මේකට යෙදවීමෙන් දිය යුතු මුදල් පමණයි මට අදාළ වුණේ.

නමුත් ඇවන්ගාර්ඞ් ගණුදෙනු සම්බන්ධයෙන් සී.අයි.ඞීය  වාර ගණනාවක් ඔබෙන් ප‍්‍රශ්ණ කළා. මේ සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක්  විභාග වන බව ඔබ දැන සිටියද?

නඩුවක් තිබෙන බව දන්නවා. ඒත් ඒ නඩුවේ මොනවද ඇහෙන්නේ මම දැනන් හිටියේ නෑ. මගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කළා විතරයි. ඒ ප‍්‍රශ්න කිරීමේදී මම ඔබ සමග පැවසුවාටත් වඩා සවිස්තරව පාවෙන අවි ගබඩාව ඇතිවීමේ පදනම විස්තර කර දුන්නා.

කොළඹ  ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පැවසුවා ඇවන්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීමේ බලය තියෙන්නේ ගාල්ල මහේස්ත‍්‍රාත්වරයාට නොවෙයි. කොළඹ  ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාට කියලා.  මේ ගැන ඔබ මොකද කියන්නේ?

ඒ ගැන මම දන්නේ නෑ.  නීතිය සම්බන්ධයෙ ක‍්‍රියාත්මක දේවල් මම දන්නේ නෑ. මම හොයන්නෙත් නෑ.

කතානායක ලක්ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා ඇවන්ගාර්ඞ් පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි කියලා. එහෙනම් මොකද්ද ප‍්‍රශ්නෙ?

මම සදහන් කළ කාරණා උඩම තමයි එතුමා එය නීත්‍යානුකූල  බව ප‍්‍රකාශ කළේ.

පාර්ලිමේන්තුවේදීත් එවන් ප‍්‍රකාශයක් කර තිබියෙදීත් නීත්‍යානුකූල බව ඔප්පු කරන්න සාධක තියෙනවා නම් ඇයි මේ රජය පාවෙන අවි ගබඩාව වැරැද්දක් බවට චෝදනා කරන්නේ? ඒක ඔබ අදාළ පාර්ශවයෙන් විමසුවේ නැද්ද?

මගේ සාක්ෂිය මම පැහැදිලිව සීඅයිඞීයට දුන්නා. ඒගොල්ලන්ගේ වගකීම තමයි මේකේ හරි පැත්ත බලලා කටයුතු කිරීම.  මට තේරෙන්නේ නෑ මේක වරදක් බවට පත් කරන්න හේතුව මොකද්ද කියලා.

ඔබ පොලිස්පත්තුමාට මේ ගැන කිවුවේ නැද්ද?

කීවා. මම මේ ගැන දැනගත්තාම පොලිස්පතිතුමාට  කිවුවා.  මේක තවත් අතකින් මගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. එතුමා කිවුවා මම මේ ගැන දන්නේ නෑ කියලා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහුවත් එයාල මේ ගැන දන්නේ නෑ කිවුවා. ඉතින් සාමාන්‍ය රටවැසියන් හැටියට අපි මොකද කරන්නේ.  පස්සේ කතා කරන්නම් කියලා එයාලා ෆෝන් එක තිබ්බා.  පස්සේ කතා කළේ නෑ.

හොදයි ඊළගට ඔබ මොකද කරන්න යන්නේ?

මොකද්ද මේ රටේ නීතිය. මම මගේ නීතිඥ  මහත්වරුන්ට කිවුවා මේ ගැන උසාවියෙන් විමසන්න කියලා.  නීතිපතිවරයාගෙන් විමසන්න කියලා. මම කිසිම නීතියක් උල්ලංඝණය කරලා නෑ. මම මිනී මරලා නෑ.  කුඩු විකුණලා නෑ. ආරක්ෂක ලේකම්වරයා හැටියට මම කිසිම නීතිවිරෝධී දෙයක් කරලා නෑ.  පාවෙන අවි ගබඩාව කියන්නේ මම නීත්‍යානුකූලව ගත් යම් ප‍්‍රතිපත්තිමය තීරණයක්. කවුරු හරි හිතනවා නම් මේ ක‍්‍රමවේදය වැරදියි කියලා ඒක අලූත් කරන එක විතරයි කරන්න තියෙන්නේ. මෙතන මම කිසිම හොරකමක් අක‍්‍රමිකතාවක් කරලා නෑ.  ගනුදෙන්නු යට වෙන වෙන ඞීල් තිබුණේ නෑ.

ඔබ කියන්නේ ඔබේ දෑත් පිරිසිදුයි කියලා. එහෙනම් මොකද්ද මේ අර්බුදය?

මේ රටේ කුඩු කාරයෝ ඉන්නවා. මුදල් වංචා කරපු මිනිස්සු ඉන්නවා. කප්පන් ගත්ත මිනිස්සු ඉන්නවා. මේ අය කිසිම කරදරයක් නැතිව නිරුපද්‍රිතව ඉන්නවා. මම ආරක්ෂක ලේකම්වරයා හැටියට මේ රටට විශාල සේවයක් කළා  කියන එක හෘද සාක්ෂියක් ඇති මේ රටේ හැම මනුස්සයෙක්ම පිළිගන්නවා. මේ රටේ අවුරුදු 30ක් තිබුණ යුද්ධය මම ඉවර කළා. දැන් හැම එක්කෙනාම  කෑ ගැහුවට මම එනකන් ඉන්නේ නැතුව යුද්ද ඉවර කරන්න තිබුණනේ.  මට බය නැතුව කියන්න පුළුවන් මම හින්දා තමයි මේ යුද්දෙ නැවතුනේ.

කොහොමද යුද්ධය මෙහෙයවීමේ ගෞරවය ඔබ විතරක් ගන්න යන්නේ?

මම තමයි යුද්ධ කළේ කියලා පම්පෝරි ගහන අයට එහෙනම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එන්න ඉස්සර යුද්ධෙ ඉවර කරන්න තිබුණනේ.  මහ ලොකුවට කයිවාරු ගහන අය හමුදාවේ ඉද්දිනේ අලිමංකඩ මුලතිව් වව්නියාව පූනරීන් වැටුනේ. යාපනය තව ඩිංගෙන් වැටෙනවා.  මම තමයි මේවා නවත්තලා ක‍්‍රමවේදයක් ඇති කරලා යුද්ධය දිනුවේ. ඒ අය ඒ කාලේ හමුදාවේ පොල් ගෑවද?  මොකටද එහෙනම් සාම ගිවිසූම් අත්සන් කරන්න දුන්නේ. ඇයි ත‍්‍රස්තවාදීන් එක්ක සාකච්ජාවලට ගියේ?  මම යුද්ධය දිනවලා දුන්නට පස්සේ ප්‍රොමෝෂන් ගන්න පුළුවන්. මම මේවා මෙච්චර කල් කතා කළේ නෑ. ඒත් දැන් මම ආරක්ෂක ලේකම් නොවෙයි නිසා මේවා කතා කරනවා. ඒ දවස්වල අපි හමුදාවට ක්‍රෙඩිට් එක දීලා හිටියා. ඔය ප්‍රොමෝෂන් දෙන්න  ඕනෑ ඒගොල්ලන්ට නොවෙයි.  මට. දැන් අපිට මඩ චෝදනා කරනවා.

අලූත් ආණ්ඩුව හොරුන්ව වංචනිකයන්ව කොටු කරන්න ගෙනයන වැඩපිළිවෙල ගැන ඔබට කුමන ආකල්පයක්ද තියෙන්නේ?

මම මේ රටේ කප්පන්කාරයෝ කුඩු කාරයෝ නැතිකළා. ඔය වෙලේසුදා අල්ලන්න මූලික ක‍්‍රියාදාමය කළේ මම. මම බලයේ ඉද්දි තමයි වෙලේසුදා ඇල්ලූවේ. ඒවා අහන්න පුළුවන් පාකිස්තානයෙන්. පාකිස්තානයත් එක්ක සාක්ච්ජා කළේ මම. හැම කුඩුකාරයෙක් ගැනම ඉන්දියාවට පාකිස්තානයට ඩුබායිවලට දැනුම්දීලයි තිබුණේ. වෙලේසුදා අල්ලලා ගේන්න විතරයි තිබුණේ. ජන්දය තිබුණ නිසයි ගෙනාවේ නැත්තේ.  පාකිස්තානය වෙලේසුදා ඇල්ලූ බවට දැන් වූ තොරතුරු තියෙනවා.  දැන් මේ අලූත් ආණ්ඩුව ක්‍රෙඩිට් දාගත්තට වෙලේසුදා අල්ලපු ඔපරේශන් එක කළේ අපි. මේක අපේ බුද්ධි අංශ කළ ක‍්‍රියාදාමයක්.  අද වෙලේසුදා වමාරන කුඩුකාරයෝ නිදැල්ලේ ඉන්නවා. කප්පන් ගත්ත අය ටීවී වලට ගිහින් මහ ලොකුවට කෑ ගහනවා. අපි කුඩු කරන්න යනවා.

ඇයි මේ ගැන කලින් විවෘතව නොකීවේ?

වෙලාවටයි කියන්න  ඕනෑ. කප්පන්කාරයෝ කුඩුකාරයෝ ගැන විධිමත් පරීක්ෂණ  පවත්වන්නේ නැතුව මේ රටට විදේශ විනිමය ලැබුණු මේ රටට විශාල රැකියා අවස්ථා ලැබුණු නිශ්චිත ක‍්‍රමවේදයකට ගෙන ගිය අවන්ගාර්ඞ් සම්බන්ධව කෑ ගහනවා.  බොරුවට මට මඩ ගහන්න කරන ක‍්‍රියාදාමයක් මේක.

මේවා හරියට  කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.  සමහර දේශපාලනඥයන් තමයි කෑ ගහන්නේ අරයව අත්අඩංගුවට ගන්න පාස්පෝට් එක  ගන්න කියලා. පොලීසය උසාවිය නොවෙයි කරන්න  ඕනෑ වැඩ කරන්නේ.  දේශපලනඥයන්. ඒත් ඒවා කරන්න  ඕනෑ නීත්‍යානුකූලව. ඒකනේ යහපාලනේ කියන්නේ. නැත්නම් මොකද්ද යහපාලනේ.  සීඅයිඞීය තියෙද්දී නීතිපති දෙපාර්තමේන්තුව තියෙද්දී මේගොල්ලන්ට හිතුමතේට කරනවා නම් වැරදියි.  එයාලට  ඕනෑ  ඕනෑ අය හිරේට ගන්න එක යහපාලනයවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයවත් නොවෙයි.

රාජපක්ෂ ආණ්ඩුවට සල්ලි ගසාකෑම් ගැන චෝදනා එල්ල වුණාx ඥාති සංග‍්‍රහය ඇත්තක් බව බැලූ බැල්මට පෙනුණා. මේ චෝදනාවලට ඔබදෙන උත්තරය මොකද්ද?

ඒවා තිබුණා නම් ඒවා ගැන සොයා බලන්න. ඒත් මම තිබුණු මගේ අමාත්‍යංශය ගැන  ඕනෑ කෙනෙකුට මට අභියෝග කරන්න පුළුවන්. මගේ අමාත්‍යංශය තරම් විනිවිද ස්වභාවයකින් නියම ආකාරයෙන් පවත්වාගෙන ගිය එකම අමාත්‍යංශයක්වත් නෑ කියලා. හැමදේම කළේ හේතුවක් ඇතුව.

මම දන්න විදියට රාජපක්ෂවරු වැඩිදෙනෙක් ජනතා ජන්දයෙන් පත්වී ආපු අය. වැරදි තියෙන්න පුළුවන්. ඒත් මම කියන්නේ ආරක්ෂක ලේකම් විදියට මම මගේ කාර්යයභාරය කළා. නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විදියට මම කවුරුත් නොකළ වැඩකොටසක් කළා. මම මහින්ද රාජපක්ෂගේ සහෝදරයා විදියට තනතුරු වලට පත් කරලා මට දීපු  වැඩකොටස පැහැර හැරියානම් මට බැන්නට කමක් නෑ.

නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස බලහත්කාරයෙන් ජනතාවගේ ඉඩම් පැහැර ගත් බවට ඔබට චෝදනා නැගුනා…

මම කාගේ මොන ඉඩමද පැහැර ගත්තේ?  රජයට අයිති ඉඩම්වල අනවසරයෙන් පදිංචි වුණාම අපි රජයක් හැටියට ඊට උත්තර දිය යුතු නැද්ද?  රජයට අයිති දේපලක් ආරක්ෂා කරන්න අපිට වගකීමක් නැද්ද?  මම කිසිම පැහැරගැනීමක් කරලා නෑ.  අපි නිකන් මිනිස්සු එලෙවුවේ පාරට දැම්මේ නෑ. තට්ටු නිවාස ඇතිකරලා මිනිස්සු පදිංචි කළා. මොකද්ද එකේ වැරැද්ද?

දෙමටගොඩ මිනිස්සු උද්ඝෝෂණය කළා හමුදාව ඇවිත් ඔවුන් බලෙන් පැන්නුවා කියලා…

නෑ. එහෙම කිසිම බලෙන් පැන්නීමක් කළේ නෑ. කළේ අනවසර පදිංචිකරුවන් ඉවත් කර ඔවුන් පදිංචි කිරීම පමණයි. මීට ඉස්සර ආණ්ඩුවත් මේ දේ කරන්න උත්සාහා කළා. ඒත් ඔවුන්ට එය කරන්න බැරු වුණා.

ඔබ කියලා තිබුණා අපි බයේ රටින් පැනලා යන උදවිය  නොවෙයි කියලා. ඔබේ ගුවන්ගමන් බලපත‍්‍ර තහනම ගැන මොකද්ද ගන්න නීතිමය පියවර?

මගේ පාස්පෝට් එක ගැන අම නීතිමය ඉයවර ගන්නවා. ඒක මම නිවේදනයකින් දැනුම්දීලා තියෙන්නේ. මුලින් තහනම අවලංගු කරන්න පියවර අරගෙන ඊළගට ගිහින් නීතිපතිතුමා හමුවෙනවා. ඊළගට මගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන නඩුවක් දානවා.

ඔබට දැන් දී ඇති ආරක්ෂාව ප‍්‍රමාණවත්ද?

ඔව්. මට ආරක්ෂාවක් දී තිබෙනවා. මම ඉල්ලූ ප‍්‍රමාණයට මට ආරක්ෂාව දුන්නා. මම ඒ ගැන ස්තූතිවන්ත වෙනවා.

ආරක්ෂාව ප‍්‍රමාණවත් කිවුවට ඔබ සිටින මේ පරිසරය තුළ හිදැස් පවතින බව බැලූ බැල්මට පෙනෙනවා..

මීට වඩා ආරක්ෂාවක් ඉල්ලන්න මට පුළුවන්කමක් නැ. මේ තරමටවත් ආරක්ෂාව දීම වැදගත් වෙනවා.

ඔබ අත්අඩංගුවට ගන්න යනබව කියනවා. එහෙම  වුණොත් ඔබ මොකද කරන්නේ?

අත්අඩංගුවට ගත්තොත් ඊට පසු නීතිමය පියවර ගන්න වෙනවා. ඒ අසාධාරණ වැඩවලට  අවසානයේ ජනතාව  උත්තරයක් දෙයි.

ඒත් රජයට ජනමතය දැඩිව පාලනය කරන්න පුළුවන් නේද?

යහපාලනයක් ඇති කරන්නලූනේ නේද ආවෙ.  වෙනදා මෙහෙම දේවල් වෙද්දී ජාත්‍යන්තරය කෑ ගැහුවා. මානව හිමිකම් කට්ටිය කෑ ගැහුවා. එන්.ජී.ඕ. කෑ ගැහුවා.  අද  සාධාරණ සමාජයක් සදහා කතා කරපු අය කතා කරන්නෙත් නෑ. එයාලා කෑ ගහලා තියෙන්නේ එයාලගේ අරමුණු වෙනුවෙන්.

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ යුගයේදී කීවා ඔබට දේශපලනට එන්න අදහසක්  තියෙනවා කියලා. ඒ අදහස තාම තියෙනවද?

දේශපාලනට එන්න අදහස්ක් නම් නෑ. ඒත් මේ කරන දේවල් අනුව ඒ ගොල්ලෝ ඉබේම මාව දේශපාලනයට තල්ලූ කරන්න හදනවා. දැන් නීතියේ ආරක්ෂාවක් නෑ අපිට. දේශපාලනයට ආවොත්  ජනතාව මගේ ආරක්ෂකයා වෙයිනේ. අන්තිමට මට වෙන්නෙ ජනතාවගේ ආරක්ෂාව පතන්න. අවසානයේ වෙන්නේ මේ අය මාව දේශපාලනයට තල්ලූ කරන එක තමයි.

ඔබට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තිබෙනවාද?

නෑ. කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවෙයි.

ඔබ දේශපාලනයට එනවා නම් එන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද නැත්නම් වෙනත් පක්ෂයකින්ද?

එහෙම තීරණයක් කරලා නෑ. හැබැයි මේ විදියට ගියොත් මොකකින් හරි එන්න වෙනවා. මම කීවේ මාව දේශපාලනයට තල්ලූ කරන්න  හදනවා කියලා විතරයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අගමැති කරන්න පිරිසක්  දරන ප‍්‍රයත්නය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒ ගැන මම දන්නේ නෑ. ඒ ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් අහන්න  ඕනෑ.

ජනවාරි 8 වෙනිදායින් පසුව ඔබට හිටපු ජනාධිපති මුණුගැහෙන්න ඇතිනේ. ඔහු මොනවද ඔබ සමග දේශපාලනය ගැන කතා කලේ?

වරක් දෙවරක් මුල් දවස්වල හම්බවුණා. ඇත්තටම ඊට පසු හම්බුණේ නෑ. හැබැයි මම දන්නවා එතුමාට ජනතාවගේ ලොකු ඉල්ලීමක් තිබෙන බව. මටත් මිනිස්සු හුගක් අය කතා කරනවාx  ඒ හැමෝම කියන්නේ මහින්ද රාජපක්ෂ ආයේ එන්න  ඕනෑ කියලා.

හිටපු ජනපතිට නගන චෝදනා ගැන ඔබ මොකද්ද දෙන පිළිතුර?

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ලැබුණේ පැහැදිලි සිංහල ජන්ද.  වෙන වෙන හේතු  නිසා දෙමළ මුස්ලිම් ජන්ද ලැබුණේ නෑ.  නගරබදව ජන්ද අඩුවූ බව පැහැදිලියි. නමුත් ජන්ද නොදුන් සිංහල අයත් අකමැති ඇති ආයෙත් රට බෙදෙනවට.  ත‍්‍රස්තවාදය හිස ඔසවනවට.  කවුරු මොනවා කිවුවත් රටේ ස්වෛරී බව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ කරපු සේවය කවදාවත් කාටවත් අමතක වෙන එකක් නෑ.  මම කියන්නේ නෑ වැරදි නොතිබුණා කියලා. ඒ වැරදි හරගස්සගන්න  ඕනෑ.  හැබැයි වැරැද්දක් කළා නම් ඒ කරපු වැරදි වලට වඩා එතුමා කළ සේවය අතිමහත්.

දැනට බලයේ ඉන්න අය වුණත් තේරුම් ගන්න  ඕනෑ එතුමා රටට කල සේවය. දැන් ජනපති වුණත් එතුමා කළ සේවය බලයට න්න පෙර කාලයේ අගය කරලා තියෙනවා.  මහින්ද රාජපක්ෂ මහතා මේ රටට කළ සේවය අමතක කරලා හොරෙක් වංචාකාරයෙක් වගේ නිග‍්‍රහ කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි.  ජනතාවත් ඒක ප‍්‍රතික්ෂේප කරනවා.  අද වෙද්දී එතුමාට විශාල ජනමතයක් හිමි වී තිබෙන්නේ. එතුමාට ජන්දය නොදුන් අය පවා අද පසුතැවීමෙන් කතා කරනවා.  වැරදි කළා නම් දඩුවම් කරන්න ඒත් දැන් කරන්නේ පළි ගැනීමක්.  වැරදි කරපු අය අළුත් ආණ්ඩුව ඇතුළේ නිදැල්ලේ. අපි පස්සේ එලව එලවා වද දෙනවා. මේකද මේ යහපාලනය?

මර්වින් සිල්වා හිටපු ඇමතිතුමා සුදුවෑන් සංස්කෘතිය ඇතිකිරීම ඇතුළු චෝදනා තුනක් ඔබට ඝෘජුවම එල්ල කළා.  මේ චෝදනා වලට ඔබදෙන උත්තරය කුමක්ද?

මම ඇතිකරපු සුදු වෑන් සංස්කෘතියක් නෑ. බුද්ධි අංශය හොරු අල්ලන්න මොනපාට වෑන් එකක් පාවිච්චි කළත් ඒකේ වරදක් නෑ. මර්වින් සිල්වා ඔය කෑ ගහන්නේ එයාගේ හොරු අල්ලපු නිසයි.

රාජපක්ෂ ආණ්ඩුවට බොහොම හිතවත්ව සිටි මර්වින් සිල්වාට  රාජපක්ෂලාත් එක්ක ඇතිවුණ මේ විරසකයට හේතු මොනවද?

මට ඝෘජුවම මර්වින් සිල්වා චෝදනා කරන්නේ එයාගේ හොරවැඩ අල්ලපු නිසයි. එයාගේ කප්පන් ගැහිලි මං නැවැත්තුවා.  වරායේ කිසිම වෙන්දේසියක් කරන්න දුන්නේ නෑ. එයාගේ ගෝලයෝ ගිහින් තර්ජනය කළා.  මම ඒවා නැවැත්තුවා. රාජිත සේනාරත්න ඇමතිතුමා පෑලියගොඩ අලූත් මාළු මාර්කට් එක හදපු වෙලේ එතුමා ඇවිත් කිව්වා මර්වින් සිල්වා මේකේ කප්පන් ගන්නවා ගෝලයෝ  ලව්වා. මට මේක නවත්තන්න එස්.ටී.එෆ්. එක දෙන්න කියලා. මම එස්.ටී.එෆ්. එක දාලා ඒක නැවැත්තුවා. ඒක නිසා තමයි මර්වින් සිල්වා මාත් එක්ක තරහා.  එයාගේ පුතා නයිට් ක්ලබ් ගිහින් කරපු විනාශය අපි දන්නවා.  කවුද මර්වින් සිල්වා කියන්නේ කියලත් අපි දන්නවා.  පයිෆ් රෝඞ් එකේ මර්වින් සිල්වා කොහොමද එච්චර ලොකු ගෙයක් හදන්නේ?  කෑ ගහන අය ඇයි මේවා ගැන අහන්නේ නැත්තේ. බලන්න මාසෙකට එයාගේ වත්කම. ඇයි ඒක හොයන්නේ නැත්තේ. ෆයිල් ඔනේ නම් මං කියන්නම් ෆයිල් තියෙන තැන්. මම කියන්නම් ඒවා කාගේ කාගේ ෆයිල්ද කියලත්.

අද බලය නැති ඔබට  තර්ජන නැද්ද?

තර්ජන තියෙනවා එල්.ටී.ටී.යෙන්. ඒ වගේම තවත් අය ඉන්නවා මගේ ජීවිතේ නැතිකරන්න බලාගෙන.

ඔබට ඇමෙරිකාවේ හා ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබෙනවාද?

ඔව්…

ලංකාව අත්හැර යන්න ඔබට අදහසක් තිබෙනවාද?

මට ඇමෙරිකාවේ පුරවැසිභාවය තිබෙනවා.  ඉස්සර මගේ අදහසක් තිබුණා ඇමෙරිකාවේ යන්න. ඒත් දැන් නැහැ. මම දැන් ඇමෙරිකාවේ  ගියොත් එල්.ටී.ටී.ඊ. කාරයෝ  මාව මරයි. එල්.ටී.ටී.ඊ. ය අපිව මරන්න උත්සාහා කරනවා.  නැතිනම් පිටරටදී අල්ලලා හිරේ දාන්න විදුලි පුටුවේ යවන්නත්  පුළුවන්. ඒක තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මම යුද්ධය මෙහෙයවූයේ මගේ රට හා ජනතාව වෙනුවෙන්. එහෙම කළේ ත‍්‍රස්තවාදයකට එරෙහිව. එහෙම කරපු මට අද මේ අය ලංකාවේ ඉන්න දෙන්නෙත් නෑ. ඒත් මං යුද්ධය නැති කළා. බේරගත්ත මගේ මව් රට දාලා යන්නෙ නෑ.

– දේශය පුවත්පතිනි

11,321 Viewers

4 Responses to “මළත් මේ රට දාල යන්නේ නෑ.. මගේ ජීවිතය අනතුරේ.. ජීවිත ආරක්‍ෂාව පතා දේශපාලනයට එන්න වෙනවා..”

  1. Christie Says:

    Namaste: Non Indians of the island nation has to understand what Indian Imperialists are doing in the island nation. If Avon Guard was owned and operated by Indians in the Island nation no one will open their minds or mouths. Since 1951 Indian merchants and Indian Imperialists have been giving money for the non Indian politicians and other henchmen of the island. Jai Hind

  2. Independent Says:

    සත්‍යය වසන් කිරීම සදහටම කල නොහැක​. කවදා හෝ මහජනයා සත්‍යය දැනගනු ඇත​. මෝඩ මාධ්‍ය කරුවන් සිතා ඉන්නේ පරණ ක්‍රමයටම ජනතාව මුලා කිරීම කරගෙන යාමටය​. එය සාර්ථක නොවෙනු ඇත​.

  3. Senevirath Says:

    ගො ඨ බය නොසිටින්නට සරත් නැහැ එහෙනම් පට්ටනුත් නැහැ ඇමරිකාවෙන් එයා ගෙන්වලා තැනක් දුන්නේ ගෝඨාභය .ගොතාබය නැත්නම් කොළඹ අපායක් මුඩුක්කු වලට බඩගාන උන්ට ඒවා නැතුව බැහැ මැති තුමනි එන්න දේශ පාලනයට

  4. aloy Says:

    I am writing this from outside the country. Everybody admired what you did for the country. After I returned, I wrote to you as I too wanted to do something good. You even told one of your senior officers that you wanted to meet me but never gave me an opportunity to meet you. That left me wondering whether you really wanted those who wanted to serve motherland back. Under your government it was companies like Access who had the access all the time. I am still serving others in other people’s land. You are responsible for that.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress