ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මහජන චීන සමුහාණ්ඩුවේ  සාර්ථක රාජ්‍ය සංචාරයක නියැලෙයි
Posted on March 27th, 2015

මාධ්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය

මහජන චීන සමුහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂී ජින්පින්ග් මැතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු 25 – 27 දිනවලදී මහජන චීන සමුහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නියැලිණි. මෙම සංචාරයේදී, සිරිසේන ජනාධිපතිතුමා, චීන අග්‍රාමාත්‍ය අතිගරු ලී කෙකුයෑන්ග් මැතිතුමා සහ චීනයේ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති අතිගරු ෂෑන්ග් ඩෙජිඈන්ග් මැතිතුමා හමුවිය. අතිගරු ජනාධිපතිතුමා තෝරා පත්කර ගැනීමෙන් මාස තුනක් ඇතුළත නිරතවූ මෙම සංචාරය ජනාධිපති සිරිසේන මැතිතුමගේ පළමු චීන සංචාරය විය.

මාර්තු 26 වැනි දා පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී දෙරටේ නායකයෝ, ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පිළිබඳව සහ අනෙකුත් කරුණු අතර සංවර්ධන සහයෝගිතාව ඇතුළුව ආර්ථික සහයෝගිතාව, වෙළෙඳාම, ආයෝජන හා සංචාරක කටයුතු, සංස්කෘතික සහයෝගිතාව සහ දෙරටේ ජනතාව අතර සබඳතා යන අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිදි උණුසුම් හා මිත්‍රශීලී ලෙස අදහස් හුවමාරු කර ගැනීමක නියැලුණහ.

Mangala State Visit China2a

චීනය, ශ්‍රී ලංකාවේ නව රජය සමඟ කටයුතු කිරීමට දක්වන මහත් උනන්දුව පිළිබඳව ජනාධිපති සිරිසේන මැතිතුමා සතුට පළ කළේය. නව රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව සහ යහපාලනය, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා 2015 ජනවාරි 08 වැනි දින ශ්‍රී ලාංකික ජනතාව තමා වෙත ලබාදුන් ජනවරම පිළිබඳව සහ යෝජිත ව්‍යවස්ථාමය සංශෝධන ඇතුළුව රජයේ දින 100 වැඩසටහන සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමාට කරුණු පැහැදිලි කළේය. දූෂණය මුලිනුපුටා දමන සහ යහපාලනය ප්‍රවර්ධනය කරන ෂී ජින්පින්ග් මැතිතුමාගේ ව්‍යාපාරයෙන් ජනාධිපති සිරිසේන මැතිතුමාගේ රජය ආදර්ශයක් ලබාගෙන තිබෙන බව එතුමා පැවසීය. ජාතික ප්‍රතිසන්ධානය හා රටේ සාමය හා මානව හිමිකම් තහවුරු කරන විනිවිදභාවයකින් යුතු හා අවංක ක්‍රියාදාමයක් සමඟ නව රජය ඉදිරි කටයුතු සිදුකරන බවත්, මේ සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති සිරිසේන මහතා චීන ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේය.

Mangala State Visit China

ශත වර්ෂ ගණනාවක් පුරා දිවයන හා දීර්ඝ කාලයක් පුරා යහපත් අන්දමින් සබඳතා භුක්ති විඳ තිබෙන ශ්‍රී ලංකාව හා චීනය සර්වකාලීන මිතුරන් වන බව නායක දෙපළ මෙහිදී අවධාරණය කළහ. ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වයේ දැඩි සබඳතා, අන්‍යොන්‍ය ගරුත්වය හා අවබෝධය හා පොදුවූ සංස්කෘතික සාරධර්ම මත පදනම්වී ඇති බව ඔවුහු තහවුරු කර සිටියහ.  ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අඛණ්ඩ ස්ථාවරයක්ව පවතින එක් චීන දේශයක්” යන ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවේ ඇපකැපවීම ජනාධිපති සිරිසේන මැතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ චීනය සාමකාමීව සහජීවනයෙන් ජීවත්වීමේ හා පංචශීලයේ මූලධර්ම පහ පිළිපදින රටවල් දෙකක් බවද නායක දෙපළ අවධාරණය කළහ. ත්‍රස්තවාදය පැරදවීමේදී මෙන්ම රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීමේදී චීනය විසින් ලබාදුන් ස්ථිරසාර සහාය ජනාධිපති සිරිසේන මහතාගේ දැඩි ප්‍රශංසාවට ලක්විය.

2014 සැප්තැම්බර් මසදී ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමා ශ්‍රී ලංකාවේ නිරතවූ ඓතිහාසික රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර සහයෝගිතා පාර්ශ්වකාරිත්වය තවදුරටත් තහවුරු වූ බවටත් ද්විපාර්ශ්වික සබඳතා නව විශිෂ්ටතා මට්ටමක් කරා ඉහළ නැංවීම සඳහා සහහෝගිතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්න දරන බවටත් දෙපාර්ශ්වයම එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායානුකූල නොබැඳි ප්‍රතිපත්තිය පිළිබඳව සඳහන් කරමින්, ආර්ථික සහයෝගිතාව වඩවඩාත් වර්ධනය කරගැනීම සඳහා 21 වැනි ශත වර්ෂයේ සමුද්‍රික සේද මාවත පිළිබඳව චීනය දක්වන උනන්දුවට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කළාය. සියල්ල ඇතුළත් හා අන්තර් සබඳතා ඇති නව ලොවක මිත්‍රත්වය, ආර්ථික සහයෝගිතාව සහ සංස්කෘතික හා සමාජීය හුවමාරු සඳහා ප්‍රවේශයක් ලෙස ශ්‍රී ලංකාව අදහස් දක්වන මෙම සංකල්පය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති සිරිසේන මැතිතුමා කැමැත්තෙන් පසුවන බව ප්‍රකාශ කළේය.

සාකච්ඡා මට්ටමේ පවතින යෝජිත චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු සාර්ථකව නිම කිරීම සඳහා නායක දෙපළ එකඟ වූ අතර, ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට මෙමඟින් ඉඩකඩ සලසා දෙනු ඇත. බලය, ජනගහන ප්‍රමාණය වැනි දෙරට අතර පවත්නා අසමමිතිකතා හමුවේ, සමානාත්මතාවයේ හා අන්‍යොන්‍ය ගරුත්වයේ මූලධර්ම මගින් දෙරට එක්කොට බැඳ තබා ඇති බව හඳුනාගන්නා අතර නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ අවංක ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බව ජනාධිපති සිරිසේන මැතිතුමා පැවසීය.

මෙම සංචාරයේදී, ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමාගේ ආරාධනයෙන්, ජනාධිපති සිරිසේන මැතිතුමා ලොව වෙනත් නායකයන් හා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව ඒකරාශී කරන  හයිනෑන් ප්‍රාන්තයේ බොආඕ හි මාර්තු 28 වැනි දින පවත්වන 2015 ආසියා වාර්ෂික සමුළුව සඳහා  බොආඕ සංසදයට ද සහභාගිවීමට නියමිතය. ආසියා සමුළුව සඳහා බොආඕ සංසදය මඟින් ආසියානු රටවල හා ලෝකයේ වෙනත් රටවල නායකයින් හා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව ඒකරාශී කොට ඵලදායී සංවාදයක් සඳහා වේදිකාවක් සපයා දෙයි. ජනාධිපතිතුමා, ආසියාවේ අලුත් අනාගතය : පොදු ඉරණමක් ඇති ප්‍රජාවක් උදෙසා යන තේමාව යටතේ ආසියා වාර්ෂික සමුළුව සඳහා බොආඕ සංසදය ඇමතීමට ද නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර, මුදල් අමාත්‍ය රවි කරුණානායක, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු රාවුෆ් හකීම්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, වැවිළි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ගරු ජගත් පුෂ්පකුමාර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, චිත්‍රාංගනී වාගීෂ්වර, චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ යන මහත්ම මහත්මීහු හා ජනාධිපති ලේකම් කාර්යාලයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ  හා බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ජනාධිපති සිරිසේන මැතිතුමා සමඟ මෙම සංචාරයට එක්වූහ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2015 මාර්තු 27

4 Responses to “ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මහජන චීන සමුහාණ්ඩුවේ  සාර්ථක රාජ්‍ය සංචාරයක නියැලෙයි”

  1. NeelaMahaYoda Says:

    I sincerely hope that Yahapalanya leaders will now realise that they should not upset our economic stability by drastically changing their attitude towards foreign investments in Sri Lanka which was well established by the previous government.

    You like it or not, the foreign investment is vital for development of our economy and hence living standards of the population.
    You can’t improve the cost of living by arbitrary imposing price restrictions.

    It is still not too late to normalise the situation and take necessary precautions to prevent investors leaving the country.

    I hope Sirisena should have known this while he was studying in Russia, and even in Russiaafter 1917 revolution, Lenin invited foreign investment as a first revolutionary policy.

    Unfortunately Ranil had been in the opposition too long and he hasn‘t got the knowhow required to improve our economy and most important thing is not to let Ranil to mess-up the economy with statement like cancelling the port city project and other development projects already started.

    Champika also should take this opportunity to learn about how Chinese are offering the best interest rates to Sri Lanka.

  2. Independent Says:

    NMY,
    Your sincere wish is commendable.

    My wishes are simple.

    1. Let someone (whoever it may be) never build an airport which earns $130 per month but have to pay $10000 per month interest for the loan.
    2. Let someone (whoever it may be) never build a port which attracts no vessels.
    3. Let someone (whoever it may be) never build a stadium where 1 match per year is played in addition to destroying the environment.
    4. Let us choose the correct investment for the country, make sure it creates employment, uses local resources, transfer technology and benefit our nation.

  3. Leela Says:

    This government has begun to take us along the economic down hill. From what PM RanilW told parliament on March 17, Sri Lanka’s foreign reserves were down from $9.2 billion in June 2014 to $6.17 billion by March 13 2015. And that is just 60 days of 100 day government. RW said he has send his FM Ravi to negotiate a $US4 billion loan from IMF to restructure high-interest Chinese loans. IMF has rejected PM’s request outright. IMF refused the loan not because of our ‘high’ foreign reserves a portrayed by the FM, but disagreement with the Ranil/Chandrika/Sirisena regime’s budget that increased salaries and pensions for public sector employees and welfare spending. With IMF money not coming, Ranil/Chandrika/Sirisena regime is now pushed to borrow at commercial rates from international markets. Recent Modi’s offer of 1.5 billion currency swap is peanuts.
    The IMF also has noted that current Sri Lanka’s debt was 88.9% whereas it was 78.3% in 2013 which MR had planed to bring down to 70% by 2015. The IMF says, the 7% predicted growth is mainly dependent on infrastructure projects, tourism and remittances from expatriate Sri Lankans. Now that Chinese are extremely unhappy with this government future infrastructure projects are in doubt. Will tourism and remittances keep up with the forecast? I doubt it.

  4. Christie Says:

    Namaste: According to the news item President Sirisena has thanked China for building the Hambantota harbor. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress