මොරසූරන වරුසාවක, ලක්‍ෂයක ජන ගඟක් ගිණියම් කල විමල්ගේ මිණිපුර කතාව මෙන්න.. [Video/Photo]
Posted on March 27th, 2015

lanka C news

නැවත ජාතියට පණ දීමේ අවස්ථාව මහින්ද රාජපක්‍ෂට ලබාදෙන්නයි රත්නපුරයට මේ ජන ගග ගැලූවේ – ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ

පැවැති ආණ්ඩුවේ වැරදි නිවැරදිව හඳුනා ගනිමින් වඩා නිවැරදි දේශපාලන බලවේග සමග එක්ව නැවත ජාතියට පණදීමේ අවස්ථාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීමට ජනතාව දිනෙන් දින පෙළෙගැසෙමින් සිටින බව ඉතා පැහැදිලිි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේ ‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ ඊයේ(26) වැනිදා රත්නපුර නගරයේදී පැවති ජාතික රැලිය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘මහනුවරින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 01යි. අද රත්නපුරයෙන් 28යි. ඊළගට අපි කුරුණෑගලට යන්න බලාපොරොත්තු වෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 68ක් සමග. අද සමන් දෙවිඳුන් වැඩ සිටින මේ අඩවියේ රැස්ව සිටින ජන ගග කියා සිටිනනේ පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පරාජය නොවූ බවයි. පැරදුණු අපේක්‍ෂකයන් වෙනුවෙන් මෙහෙම ජන ගග ගලන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී සිදු වූයේ පරාජයක් නොවෙයි. තිබුණු අඩුපාඩු හදාගෙන, වඩ වඩා නිවැරදිව නැවත මේ රට මෙහෙයවන්න අවස්ථාව උදාකර ගැනීමක් විතරයි

මේ වැඩපිළිවෙල ආරම්භ කරන විට ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය කියන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ 04 පමණයි හිටියේ. ලක්‍ෂ 58ක ජනතා අභිලාෂයන් පාවා නොදුන් සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය අද සිටින්නේ මෙතැන බව පැහැදිළියි. සම සමාජ පක්‍ෂය, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය හා ශ‍්‍රී ලංකා ප‍්‍රගතිශිලී පෙරමුණ යන පක්‍ෂද ඇතුළත් දැවැන්ත වේදිකාවක් අද මෙතැන නිර්මාණය වී තිබෙනවා. ඕනෙ කෙනෙකුට පක්‍ෂ නාම පුවරු තබා ගන්න පුළුවන්. නාම පුවරුවලින් කළ හැකි දෙයක් නැහැ. ඒ පක්‍ෂ සතු ජනතා බලවේගවලටයි ඉදිරියේදී ජාතියට ජයග‍්‍රහණ ලබාදීමට හැකි වෙන්නේ.

ජනවාරි 08 වැනිදායින් පස්සේ මොන වගේ තත්ත්වයක් ද මේ රටේ තිබුණේ කියලා අපට අමතක නැහැ. ඉර එළිය හරියට පෑව්වේ නැහැ. සුළග හරියට හැමුවේ නැහැ. ගස් කොළන් සෙලවුණේ නැහැ. පාරේ වාහන ගියේ නැහැ. ගෙවල්වල බතක් ඉදුණේ නැහැ. බතක් ඉදුනත් බත් කට උගුරෙන් පහළට ගියේ නැහැ. ජාතියට නිදහස දිනා දුන් නායකයා, ජනවාරි 09 වැනිදා පාන්දර අරලියගහ මන්දිරයෙන් එළියට බැහැලා යන කොට මුළුමහත් ජාතියම තුෂ්නිම්භූත වුණා. ‘‘මොකක්ද මේ සිදු වුණු අපරාදේ? කියලා, මුළුමහත් ජාතියම හ`ඩා වැලපුණා. ඒ රටට නැති වුණේ. ජනාධිපතිවරයෙක් විතරක් නොවෙයි. ඒ තමයි මේ රටේ නායකයා.

සමහරු තමන් නායකයා කියලා කියා ගන්නවා. නමුත් දැක්කාම එහෙම හිතෙන්නේ නැහැ. පෙනෙන්නේ, දැනෙන්නේ නැහැ. අද ඉන්දියා ධීවරයන්ට ලංකාවේ මුහුද පාවාදීමේ තීන්දුව ගනිමින් තිබෙනවා. එවැනි පාවාදීමේ තීන්දු ගන්නා අය නොවෙයි අපේ නායකයෝ. අපේ මාතෘභූමිය, රටේ ඒකීයභාවය, නිදහස රැකලා දුන් අයයි අපේ සැබෑ නායකයෝ.

දැන් රටට ‘අපමණ අගය’ ලැබිලා ද?

යහපාලන ආණ්ඩුව බලයට අවේ ‘මේ රටට අපමණ අගයක් දෙනවා’ කියලයි. දැන් රටට හොඳට අපමණ අගය ලැබිලාද? (නැහැ කියමින් ජනතාව ඝෝෂා නගයි) යහපාලන ආණ්ඩුවට දින 75යි, ඇමතිවරු 77යි. අනේ අපේ පවිත‍්‍රා මැතිනියත් එතැනට ගියා. ‘මහින්ද රාජපක්‍ෂගේ කැබිනට්ටුව වැඩියි. මාසෙකට නඩත්තු කරන්න මෙච්චර යනවා. අවුරුද්දකට මෙච්චර යනවා’ කියලා කෑගහපු ඈයෝ අද මොකද කරන්නේ? ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම බේරාගන්න ඇමතිධුර ලබා දෙනවා. සුමේධා ජී ජයසේන මැතිනියටත් එන්න කියලා ඇමතිකමක් ගන්න. නමුත් එතුමිය ඒක ප‍්‍රතික්ෂේප කරලා. මොලේ කලඳක් හරි තියෙනවා නම් මේ හවුල් ආණ්ඩුවෙන් කෙනෙක් ඇමති ධුරයක් ලබාගනීවිද? ඒක හරියට තමන් තමන්ටම කොඩිවිනයක් කර ගත්තා හා සමානයි. එක පැත්තකින් ඇමති මණ්ඩලය වැඞීවීම තමයි මේ කියපු ‘අපමණ අගය වැඩිවීම.’

ඉන්දියාවේ අගමැතිවරයා පසුගියදා ශ‍්‍රී ලංකාවට ඇවිල්ලා ප‍්‍රකාශ කලා ‘13 නොවෙයි, 13න් එහාට යන්න ඕනේ’ කියලා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටේ නායකයා වෙලා හිටියා නම් ඒ කතාව ලංකාව ඇතුළෙදී කියන කතාවක් නොවෙයි. ‘13 ද 13 ප්ලස්ද, 13 ඩබල් ප්ලස් ද?’ කියලා තීරණය කරන්නේ මේ රටේ ජනතාව. ඒක පිටරටක නායකයකුට තීරණය කරන්න බැහැ. ඔන්න තවත් පැත්තකින් ‘අපමණ අගය වැඩි වෙනවා,’ රටේ ස්වෛරීභාවයට හානි කරමින්.

යාපනයේ අධි ආරක්‍ෂිත කලාප, සාම්පූර් නාවික කඳවුර ඉවත් කරමින් සිටිනවා. ඉඩම් නැති දෙමළ ජනතාවට ඉඩම් දෙනවාට අපි විරුද්ධ නැහැ. මහවැලිය හදනකොට ඉඩම් අහිමි වූ ජනතාවට ඒ ප‍්‍රදේශයෙන්ම ඉඩම් දුන්නේ නැහැ. වෙනත් ප‍්‍රදේශවලින් ඉඩම් දුන්නා. ඒ ඉඩම් ඒ ජනතාව බාර ගත්තා. ජාතික ආරක්ක්‍ෂාව ගැන හිතලා වෙන් කළ භූමියේ කටුකම්බි වැටවල් ගලවලා, මෙන්න ඉඩම් බෙදනවා, උන්නැහේට උතුරේන් 75%කට වැඩියෙන් ඡන්දය ලැබුණු එකට කෘතවේදීත්වය පළ කරන්න. මේ පොළොව අපේ රණවිරුවන් ලේ හලලයි බේරා ගත්තේ. මේ අධි ආරක්ෂිත කලාපවල එක වග අඩියක් බේරා ගන්න අපේ රණවිරුවන් 10ක්වත් ජීවිත දන් දෙන්න ඇති. යහපාලන මහත්වරුනි, මේ පොළොව අපමණ අගයක් තියෙන මහ පොළොවක්. අද එයාලට අපමණ අගය වී ඇත්තේ, ජාතික ආරක්‍ෂාව බිල්ලට දීම.

අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියලා තිබෙනවා. ‘නැවත මේ රටේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ’ කියලා. නමුත් උතුරේ අධි ආරක්‍ෂිත කලාප ගලවලා ඉවත් කරනවා. මුර කපොලූ ඉවත් කළා. තහනම් භාණ්ඩ ලැයිස්තුව ඉවත් කළා. පොලිස් කොට්ඨාස පිටින් ගලවලා ඉවත් කරනවා. උතුරු මුහුදේ නාවික හමුදා ආරක්‍ෂාව ඉවත් කරලා. මොනවාද මේ රට තුළට එන්නේ?’ කියලා දැන් අපි දන්නේ නැහැ. මේ පරගැති හවුල මේ රට පාලනය කරන දවසක් දවසක් පාසා මේ රටේ ජාතික ආරක්‍ෂාව පරදුවට තියලයි ඉදිරියට යන්නේ. රණවිරුවන් දිවිපුදලා රැකගත්තු මේ රටේ ජාතික ආරක්‍ෂාව මේ යහපාලන මහත්තුරු බිලි දෙනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. මේ ඔක්කොම කරන ගමන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා, ‘නැවත එල්.ටී.ටී.ඊයට හිස ඔසවන්න දෙන්නේ නැහැ’ කීවාට වැඩක් නැහැ.

තේ දළු වලට, රබර් වලට දැන් අපමණ අගයක් ලැබිලා තියෙනවාද? ගගකට බැහැලා මැණිකක් ගරා ගන්න පුළුවන්කම තිබෙනවාද? යහපාලන නඩය මේ රත්නපුරේ ජනතාවට ජීවත් වෙන්න තියෙන අවස්ථාවන් වැඩි කළාද? පසුගිය අවුරුදු 05 තුළ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන්ට චීනයේ මැණික් වෙළඳපොළේ ඉඩකඩ විවරව තිබුණා. අද ඒ තත්ත්වය තිබෙනවාද?

(නැහැ යනුවෙන් ජනතාව මහ හඩින් පිළිතුරු දෙයි)

ඔන්න දැන් මේ යහපාලන මහත්වරු ප්ලේන්ටියටයි, ආප්පයටයි නම් අපමණ අගයක් ලබාදීලා තිබෙනවා. (ජනතා සිනා) ඒ හවුල හැදුවෙත් ආප්ප කාලා ගිහිල්ලානේ. හැබැයි මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරු 28 දෙනා ආවේ ආප්ප කාලා නම් නොවෙයි. දැන් ප්ලේන්ටියටයි, ආප්පයටයි පාලන මිලක් නියම කළ ලෝකයේ එකම රට ලෙස මේ රටට අපමණ අගයක් ලැබෙනවා. මේවා තමයි යහපාලන ආණ්ඩු කරන්න දන්නවා කියපු අයගේ වැඩ.

මේ යහපාලන මහත්වරු හොරු අල්ලනවා කියලා නේද, ආවේ. දැන් ඒගොල්ලො ‘හොරු, හොරු’ කියමින් චෝදනා කරපු අය දානවාද හිරේ? නැහැනේ. දැන් මේ හොරු කියලා චෝදනා කරපු අයව අල්ලලා දානවා කැබිනට් එකට. දැන් බලන්න එස්.බී. දිසානායක මහත්තයාට හොරා කිව්වේ අපි නොවෙයිනේ. ඒගොල්ලො හොරා කියපු එස්.බී. දිසානායක මහත්තයා දැන් අල්ලලා දාලා තියෙනවා කැබිනට් එකට. චන්ද්‍රිකා නෝනාගේ රෙදි වස්ත‍්‍ර ගලවනවා කියපු එස්.බී. දිසානායක මහත්තයා ගැන ඒ නෝනා දැන් මොකද කියන්නේ? ලැජ්ජා නැත්තේ චන්ද්‍රිකා නෝනාටද, එස්.බී. මහත්තයාටද? කියන්න අපට තේරෙන්නේ නැහැනේ. අපට තේරුම් ගන්නත් බැහැනේ. ඒකත් මේ ‘අපමණ අගයක්’ දෙන්න කරපු වැඩක්.

මහබැංකු බැඳුම්කර ‘ගේම’

කොහොමද දවස් 75ට දුන්නු මහ බැංකුවේ බැඳුම්කර ‘ගේම.’ එක දවසින්, පැයක ගනුදෙනුවකින් රුපියල් කෝටි 300කට වැඩිය කොල්ල කෑවා. බැඳුම්කර ගනුදෙනු සඳහා වන පොලී අනුපාතිකය දෙකයි දශම ගණනකින් ඉහළ දැම්මා. ඒ නිසා එදා සිට මහ බැංකුවේ සිදුවන බැඳුම්කර ගනුදෙනුවලින් මේ රටේ ජනතාවට අහිමි වූ මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 100කට(කෝටි 10,000) වැඩියි. ඔන්න අපමණ අගය වැඩි වෙලා තියෙන තවත් ආකාරයක්. මම අහන්න කැමතියි ‘ආලාපාලූ රණවකගෙන්’ ‘මේක ආලාපාලූ ආර්ථිකයේ මෙගා ඞීල් එකක් නොවෙයිද?’ කියලා. අර්ජුන මහේන්ද්‍රන් නිවාඩු ගියා කිව්වාට, අත්සන පමණක් නොගසා, මහ බැංකුව පාලනය කරනවා නිල නිවසේ ඉඳන්.

දැන් සංවර්ධන වැඩ නතර වෙලා නේද?, ඒවාට සම්බන්ධ වෙලා හිටපු අයගේ රස්සාවල් අද නැතිවෙලා නේද?, සැපයීම් සිදු කළ අයගේ වාහන ලීසිං සමාගම්වලට සින්න වෙලා නේද? මුළු රටේම ආර්ථිකය ආලාපාලූ වෙලා නැද්ද? මේ ගොල්ලොන්ට අද තමන් අහවල් වැඬේ කරනවා කියලා කියන්න බැහැ. යහපාලන මහත්තුරු තමන් ‘වැඩකාරයො’ කියලා පෙන්වන්න කියන්නේ මේ වගේ දේවල්. ‘අපි නතර කරනවා පෝට් සිටිය, අපි නතර කරනවා යුද හමුදා මූලස්ථානය හදන එක. අපි නතර කරනවා මහින්දෝදය විද්‍යාගාර හදන එක’ කියලයි කියන්නේ. ‘පෝට් සිටිය’ හදන එක නතර කළාම ලක්‍ෂ ගණනාවකට රස්සා නැතිව යනවා. අපි අහනවා රජයේ සේවකයන්ගෙන්, රුපියල් 10,000 මූලික වැටුපට එකතු වෙලා ලැබුණාද? මහින්ද රාජපක්‍ෂ කියපු විදියට අවම වැටුප රුපියල් 3500කින් වැඩිකළා නම් විශ‍්‍රාම වැටුපත් ඒ අනුව ඉහළ යනවා නේද? අද විශ‍්‍රාම වැටුප ශත පහකින්වත් වැඩි වෙනවාද? ගර්භනී මව්වරුන්ට රුපියල් 20,000ක් දෙනවා කියලා පොළොන්නරුවේ ගිහිල්ලා ‘පුස් කාපු’ බඩු මල්ලක් බෙදලා ආවා. රුපියල් දෙලක්‍ෂ පනස්දාහක බයිසිකලයට රජයේ සේවකයාට රුපියල් 50,000යි ගෙවන්න ඕනේ. ඒක ආපසු දෙනවා කීවා. දැන් ආපසු ලැබුණාද? අපමණ අගය කොහොමද?

වී වලට සහතික මිලක් ලැබුණාද? වී කිලෝව රුපියල් 50ට ගන්නවාද? නැහැ. රුපියල් 25-30ට වී මිලදී ගත්තේ. හාල් මිල කොහොමද? රුපියල් 80-100යි. බත් කන ජාතියක් පාන් කන නිවට ජාතියක් බවට පත් කිරීම තමයි අපමණ අගය. රුපියල අවප‍්‍රමාණය වීම, කොටස් වෙළඳපොළ කඩාවැටීම යන ඒවා තමයි මේ අය රටට දුන්නු අපමණ අගය.

‘ආලාපාලූ රණවක’ කිව්වා, ‘දින 100න් අලූත් රටක් හඳනවා’ කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘තරු පහේ’ ප‍්‍රතිසංස්කරණ කරනවා කියලා. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැල්ලා විධායක ජනාධිපති ක‍්‍රමය කම්මුතු කරනවා කිව්වා. යහපාලන ජනාධිපති ධුරයක් ඇතිකරලා අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලය දෙනවා කිව්වා. දැන් ඒ ප‍්‍රතිසංස්කරණ ඇතුළත් ගැසට් නිවේදනය හොරෙන් පළ කළා කියලා කැබ්නට් ඇමති චම්පික රණවක උසාවි යනවා. අඩුම තරමින් කැබිනට් මණ්ඩලයට එකගතාව හදාගන්න බැහැ. බැරිනම් ‘ආලාපාලූවනි’, කුමකටද මේ වෙනස රැගෙන ආවේ?

‘ජනාධිපතිවරු තුන් දෙනයි’

අපි ජනාධිපතිවරණ සමයේදී කිව්වා, ‘මේක අවුල් හවුලක්. ඉදිරියට ගිය රට ආපස්සට අදින අවුල් හවුලක්’ කියලා. මේ අවුල් හවුලේ ජනාධිපතිවරු තුන්දෙනක් ඉන්නවා. මෛත‍්‍රීපාල සිරිසේන, චන්ද්‍රීකා කුමාරතුංග හා රනිල් වික‍්‍රමසිංහ යන අය කටයුතු කරන්නේ තමන් ජනාධිපති කියන තැන ඉදලා. මේ එක් එක් අය, අනෙක් කෙනාට වැඩියෙන් ජනාධිපති වෙන්න හදනවා. ලී ක්වාන් යූ මැරුණාම මේ එක ජනාධිපති කෙනෙක් ශෝකය පළ කරන්න සිංගප්පුරුවට යනවා. බලකේන්ද්‍ර තුනක් තිබෙන මේක අවුල් හවුලක්.

දැන් චම්පික රණවක කියනවා, ‘ජනාධිපති පඹයෙක්. අගමැතිට බලය දෙන්න යනවා’ කියලා අපි ඒක එදා කීවානේ. හරියට කෙලින් ගියපු රට අවුල් කරපු මේක අවුල් හවුලක්. තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම හෝ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මේ අය කරන්නේ නැහැ. රට අස්ථාවර හා අරාජික කිරීමයි මේ අයගේ සැබෑ උවමනාව.

සෝභිත හිමියන්ට, රතන හිමියන්ට හා අනුර දිසානායක මහත්තයාට දැන් පුළුවන්ද, ‘අනේ අපි නම් ඕවාට නැහැ’ කියන්න. මේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා, වෛරය වපුරලා, බේගල් දෙසා බාලා, යුද්ධයෙන් පසුව මේ රට ඉදිරියට ගිය ගමන ආපස්සට හරවපු මේ අය මේ අන්තරාදායක ඉරණමකට වග කියන්න ඕනෙ.

මේක පරාජයක් ලෙස නොවෙයි, අපට නිවැරදිව යළි නැගී සිටීමට ලබාදුන් අවස්ථාවක් ලෙස සැලකිය යුතුයි. අපව හිරේ දමන්න බලයි, මරා දමන්න බලයි. නමුත් අපි මේ ගමන ජයග‍්‍රහණය තෙක් නතර කරන්නේ නැහැ කියලා මේ ජනගග ඉදිරියේ අපි සපථ කර සිටිනවා.

‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමනි, ඔබතුමාට අවස්ථාව ලැබී තිබෙනවා, තිබුණු ආණ්ඩුවේ වැරදි නිවැරදිව දැකලා, වඩා නිවැරදි බලවේග එකට එකතුකර ගෙන නැවත ජාතියට පණ දෙන්න’

රට යනකොට හිටපු ජනාධිපතිතුමා බුරුතු පිටින් ගියා කියලා යහපාලන මහත්තුරු දිගින් දිගටම චෝදනා කළා. වෙනම ගුවන් යානා භාවිතා කළා කිව්වා. අද චීනයට ගියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට තිබෙන හොඳම ගුවන් යානයෙන්. ඇතුළෙ ඉන්නවා දහම් සිරිසේන පුතා ඇතුළු 45 දෙනෙක්. අද ගුවන්තොටුපළේ ප‍්‍රභූ පර්යන්තය සම්පූර්ණයෙන් වසා තිබුණා. ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය පැරද වූ රාජ්‍ය නායකයා ලෙස විශාල ආරක්‍ෂාවක් අවශ්‍ය වූ නිසයි. මහින්ද රාජපක්‍ෂ මහතා රට යන විට විශාල ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගියේ. නමුත් ඒකට කීවේ නාස්තිය. අද මේ කරන දේවල් ‘යහපාලනය’ යටතේ සිදුවන නිසා ඒවා හොඳයි.

තමන්ටවත් රකින්න බැරි බොරු පූච්චානම් කතා කියලා රටත් ජනතාවත් බොරුවෙන් රවට්ටපු මේ නඩයට තවදුරටත් අපි කල්දිය යුතු නැහැ. නැවත අපි ජාතික කොඩිය හරියට හිටවන්න ඕනෙ. එකාපිට එකා මැරුණත් රට, ජාතිය වෙනුවෙන් අපි ඒ යුතුකම ඉටු කරන්න ඕනෙ. ඒ වෙනුවෙන් පෙරමුණ ගනිමු’

– අනුරුද්ද බණ්ඩාර

 

 

5 Responses to “මොරසූරන වරුසාවක, ලක්‍ෂයක ජන ගඟක් ගිණියම් කල විමල්ගේ මිණිපුර කතාව මෙන්න.. [Video/Photo]”

  1. mahesh fernando Says:

    Kick Ranil and Unpatriotic party out of parliament. That will be the final solution. Mahinda should be the Prime minister.
    Mahesh Fernando from CA USA

  2. Sarath W Says:

    The unholy trinity of MY3, Ranil and Chandrika must be shi.ting in their pants when they see these crows in support of Mahinda Rajapaksa. It is obvious the patriotic people of Sri Lanka have realise their mistake in trusting these three traitors now. Wimal should be careful as he will be an obvious target now.

  3. Lorenzo Says:

    Yes Wimal IS a target.

    UNP-LTTE-ISIS will certainly make an attempt on his life.

    Patali Ranapuka will also try to settle scores.

    These clowns took us for a ride. But MR also wronged. Had MR SCRAPPED 13 amendment to avenge RAW involvement against him, he should be in power still.

  4. Charles Says:

    How do you knpw this Lorenzo ? It is dangerous what you say . It is you who is trying to make them out as clowns.

    They are a force in the country accepted by the ordinary people. They may change the present situation despite your prejudiced views.

  5. ranjit Says:

    Keep it up Nugegoda Man.Citizens who loves their Motherland always remember you as the savior of this land and will back you as long as you live. We have to appreciate wimal and the foursome for their courage and organizing these meetings all over the country. We have to get rid of those three evil minds in the next general election somehow (My3, Ranil, Chandrika) People should understand what they are up to.Their bogus promises etc. They are nothing but a bunch of pretenders and crooks of crooks. We need a strong Govt with a strong leader like Mahinda to face the International western Mafia.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress