සිංහල උරුමය වැනසීම චන්ද්‍රිකාට 
Posted on March 27th, 2015

නලින් ද සිල්වා

සත්‍යය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයක් චන්ද්‍රිකා කුමාරතුංගේ නායකත්වයෙන් පිහිටුවීමට යන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. සත්‍යය යන්නට දෙන සාමාන්‍ය තේරුම අනුව ඒ හා චන්ද්‍රිකා අතර කිසිම සම්බන්ධයක් නැති වුවත් මේ සූදානම් වන්නේ කුමකට ද යන්න පිළිබඳ ව චම්පක රණවකට අමුතුවෙන් කීමට අවශ්‍ය යැයි නො සිතමි. ජාතික හෙළ උරුමය මෛත්‍රිපාලට ආධාර කළේ මේ දේ නොවන බව නොදැන නො වේ. ඒවා නැවැත්වීමට ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත.

ජාතික හෙළ උරුමය මෙයට විරුද්ධ වුවත් නැතත් ඔවුන්ට ජාතික ව්‍යාපාරයේ කිසිදු තැනක් නො දිය යුතු ය. චන්ද්‍රිකාට මෙන් ම හෙළ උරුමයට ද ඇත්තේ මහින්ද රාජපක්‍ෂ සමග වූ බද්ධ වෛරයකි. ඇතැමුනට අනුව අද රඟ දැක්වෙන්නේ ඇගේ වෛරය හා උගේ වෛරය ය. 

ඒ කුමක් වුවත් සත්‍යය හා සංහිඳියාව ගැන කොමිසම් පත් කෙරෙන්නේත් කාර්යාල ඇති කෙරෙන්නේත් එකම එක කරුණක් සඳහා ය. ඒ සිංහල උරුමය වැනසීමට ය. ඒ සඳහා චන්ද්‍රිකා තෝරා ගැනීම සිංහල විරෝධීන්ගේ පැත්තෙන් බැලූ කල රනිල් ගෙන ඇති බුද්ධිමත් තීරණයකි. රනිල් හා චන්ද්‍රිකා සිංහල විරෝධීන් අතර ඉහළ ම තැනක වැජඹෙති. ඔවුහු ආගමෙන් කවුරුන් වුවත් සංස්කෘතියෙන් යුදෙවු ක්‍රිස්තියානි වෙති. 

මේ ඊනියා සත්‍යය හා සංහිඳියා කාර්යාල කතාව මාධ්‍යයට ප්‍රකාශ කරන අතර රනිල් කියා ඇත්තේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට විරුද්ධ වීම තේරුමක් නැති දෙයක් බව ය. 2005 දී පෘතුගීසීන් මෙරටට පැමිණීමේ පන්සිය වස සැමරීමට සූදානම් වූ රනිල් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ක්‍රියා කරන බව රහසක් නො වේ. ජාතිකත්වය පසෙකට තල්ලු කර ඊනියා යහපාලනයක් පෙරට දමා මෛත්‍රිපාල ජනාධිපති කර අගමැති කම පික්පොකට් ගැසූ රනිල් සිංහලත්වය විනාශ කිරීමට සැරසෙයි. 

සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු ය, සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයිය යුතු ය අදී ඉල්ලීම්වල තේරුම මෙරට සිංහල ජාතිකත්වයට, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා දීම ය. ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලැබූ දෙමළ වෙල්ලාල ප්‍රභූහු එයට මුල සිට ම විරුද්ධ වූහ. ඉංගිරිසින් විසින් 1833 දී දේශපාලනික ව බෞතීස්ම කරනු ලැබූ දෙමළ ජාතිවාදය අදත් ඉල්ලා සිටින්නේ සිංහලට පමණක් කිසිවක් හිමි නොකළ යුතු බව ය. අවාසනාවකට ඇතැම් සිංහල ජාතිකවාදීන් ද මේ කරුණ තේරුම් ගැනීමට අපොහොසත් වී ඇත. 

මෙරට බහුතරය අදත් එදත් සිංහලයෝ වෙති. මෙරට සංස්කෘතිය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර  තුඩුව දක්වා ගොඩ නගනු ලැබුයේ සිංහලයන් විසිනි. එ ඉතිහාසය අවුරුදු දෙදහසකට වඩා පැරණි ය. ලෝකයේ අවුරුදු දෙදහසකට වැඩි අඛණ්ඩ ඉතිහාසයක් ඇත්තේ ජාතීන් දෙකකට පමණ ය.  ඒ චින හා සිංහල ය. අපි මෙහි දී බටහිර දේශපාලන විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ජාතිය පිළිබඳ නිර්වචනවලට සීමා නො වෙමු. ඒ ෆෝටෝනයේ ස්කන්ධය පිළිබඳ බටහිර භෞතික විද්‍යාවේ සංකල්පවලට සීමා නොවන ආකාරයෙනි. 

මෙරට ආක්‍රමණය කළ සියල්ලන්ට විරුද්ධ ව සටන් කළෝ සිංහලයෝ ය. විශේෂයෙන් ම මෑත ඉතිහාසය ගතහොත් 1815න් පසු ඉංගිරිසි යටත්විජිතවාදයට විරුද්ධව සටන් කර ඇත්තේ සිංහලයන් පමණ ය. ජාතික කොංග්‍රසය ඊනියා නිදහසක් වෙනුවෙන් යැවූ පෙත්සම්වල හරය වූයේ ඉංගිරිසින්ට ද වඩා ඉංගිරිසි වූ කලු සුද්දන්ට සුද්දන් වෙනුවෙන් කල්ලන් පාලනය කිරීම සඳහා සීමිත බලයක් ලබා ගැනීම ය. 

රනිල් හා චන්ද්‍රිකා නොසලකන්නේ මෙරට සිංහලයන්ට පමණක් හිමි වූ මේ සුවිශේෂත්වය ය. සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂත්වය නොසැලකීම රටේ බොහෝ ප්‍රශ්නවලට මුල ය. එංගලන්තය, ඇමරිකාව, ඕස්ටේ‍ර්ලියාව ආදී රටවල ජීවත්වන සිංහලයෝ ඒ රටවල යුදෙවු ක්‍රිස්තියාානි සංස්කෘතියේ ඇංග්ලො සැක්සන් ප්‍රභේදයෙහි ආධිපත්‍යය ඒ රටවල පන්සල්වලට යෑමේ දීත් අත්විඳිති.

ඊනියා සත්‍යය හා සංහිඳියා කාර්යාලය දකුණු අප්‍රිකානු ආකෘතියේ ආයතනයකි. එයට උපදෙස් ලැබෙනු ඇත්තේ ඩෙස්මන්ඩ් ටුටූ, රැම්පෝසා වැනි සිංහල විරෝධීන්ගෙනි. මහින්ද රාජපක්‍ෂගෙන් ද රැම්පෝසාලා යම් යම් දේ සිංහලයන්ට විරුද්ධව කිරීමට ඉල්ලා සිටි නමුත් සිංහල ජාතිකත්වයට කන්දෙන මහින්දගෙන් ඒ කරගත නොහැකි විය. රනිල් හා චන්ද්‍රිකා සිංහල ජාතික මතය සත පහකටවත් ගණන් නො ගනිති. මෛත්‍රිපාලට ඇත්තේ සර්ට හා මැඩම්ට යස් කීම පමණකි. ඊනියා යහපාලනයේ තත්ත්වය එබඳු ය. මෙය යහපාලනයක් නොව යමපාලනයක් බව අපි දින හැත්තෑපහකට පෙර ම කීවෙමු. 

ඒ කුමක් වුවත් දකුණු අප්‍රිකානු සත්‍යය හා සංහිඳියාව යනු කොළේ වසා සුළු ජාතිකයන්ට විශේෂ වරප්‍රසාද හිමි කිරීමකි. එරට සුද්දන් සුළුතරය වුවත් එහි ආර්ථිකය පාලනය කරන්නෝ සුද්දෝ ය. ඔවුන්ගේ සම්භවය කුමක් වුවත් අපි ඔවුන්ට ද සුද්දන් යැයි කියමු. සුද්දන්ගෙන් ඉගෙන ගන්නා, සුද්දන්ගේ දැනුම එක ම නිවැරදි ඊනියා විද්‍යාත්මක දැනුම යැයි සිතන, ඇතැම් සිංහල ජාතිකවාදීන් තේරුම් නොගත්තාට මැන්ඩෙලා කර ඇත්තේ දරුණුම ගණයේ පාවාදීමකි. ඔහු බහුතරයේ අයිතිවාසිකම් සුද්දන්ට ලබා දුන්නේ ය. අද මෙරට භාවිතාවන වචනයක් යොදා ගන්නේ නම් ඒ මැන්ඩෙලා හා සුද්දන් අතර ඇති වූ ඩීලයක (ගනුදෙනුවක) ප්‍රතිඵලයකි. සුද්දන් අප්‍රිකානු රටවලට යද්දී සුද්දන් අතේ බයිබලය ද අප්‍රිකානුවන් අත ඉඩම් ද විය, අද අප්‍රිකානුවන් අත බයිබලය ද සුද්දන් අත ඉඩම් ද වේ යැයි කතාවක් ඇත. සුද්දන් හා මැන්ඩෙලා අතර වූ ගනුදෙනුවෙහි ප්‍රතිඵලයක් ලෙස සුද්දන්ට ආර්ථිකය ද මැන්ඩෙලාට නොබෙල් තෑග්ග ද හිමි විය. ඒ සුළුතරයෙහි ආධිපත්‍ය ය

චන්ද්‍රිකාට හා රනිල්ට ද අනාගතයේ දී සිංහල උරුමය පාවා දීම වෙනුවෙන් නොබෙල් සාම තෑග්ග ලැබීමට ඉඩ ඇත. ඔවුන් නොබෙල් තෑග්ග දිනාගැනීම අපට ප්‍රශ්නයක් නො වේ. අපට ඒ තෑග්ග තුට්ටුවක් නො වටියි. එහෙත් අප මෛත්‍රිපාලගේ මැඩම්ට හා සර්ට සිංහල ජාතික උරුමය ඊනියා සත්‍යයක් හා සංහිඳියාවක් වෙනුවෙන් පාවා දීමට ඉඩ නොදිය යුතු ය.

නලින් ද සිල්වා

2015 මාරතු 27

2 Responses to “සිංහල උරුමය වැනසීම චන්ද්‍රිකාට ”

  1. Christie Says:

    Namaste: Nalin if you are talking about South Africa then change Sudda to Hindians. Mohandsas Karamchand Gandhi made his fortunes from black South Africa. He worked as a Sepoys (Pole bearer) for the British Army in putting down to Zulu uprising. Indians came to the island with nothing and control more than 80% of our economy. This reconciliation thing with Tutu is run by Indians in Africa. Indians in South Africa are filthy rich and live in gated communities. If this Truth and Reconciliation is what is known as Tutus Global Reconciliation then it is run with Indian money. By the way NalinSinhala history I know is much more yhan2500 years old; at least forty thousand years old. Jai Hind

  2. Senevirath Says:

    ක්‍රිස්ටි අතීත හෙළ යුගය ගැන අපට වඩා නලීන් බොහෝ දේ දනී වරිගපූ ර්නිකාව අනුව දැනටමත් ඔහු මේවා ගැන කියා ඇත . හෙළ බුදුදහම හා හෙළ සංස්කෘතිය අභිබවා පසුව සිංහල බුදුදහම හා සිංහල සංස්කෘතිය ඉස මතු විය. මේ ටිකත් නැතිකරන්නේ අම්ම තාතත් පාවා දුන් චන්ද්‍රිකාය ඇ ගේ වය් රය විශේෂයෙන් බොදුනුවන් සමගය ඒ සැමියා අනුව යාමකි රනිල්ගේ තේරීම රනිල්ට අනුව හරියටම හරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress