විග්නේස්වරන් එන්නේ මොකාට ද?
Posted on March 28th, 2015

නලින් ද සිල්වා

කොළඹ ඉගෙනගත් වෙල්ලායන් තරම් සිංහලත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය පෝ’ෂනය කරන පිරිසක් තවත් නැත. 1833 දී  මෙරට දෙමළ ජාතිවාදය නිල වශයෙන් බෞතීස්ම කිරීම සඳහා ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදාගත්හ. ඔවුන් අතර ද ප්‍රධාන වූවෝ කොළඹ උසස් යැයි සම්මත පසල්වල ඉගෙන ගත් අය ය. ඉංගිරිසින් බර්ගර්වරුන්ට පසුව රටේ නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වූයේ ඉංගිරිසි අධ්‍යාපනයක් ලත් දෙමළ වෙල්ලාලයන් ය. එකී වෙල්ලාලයෝ ද සිංහල නායකයන් පරදවා රටේ ම නායකත්වයට පත්වීමට කටයුතු කළහ.

පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාශලම්, ඔවුන්ගේ මාමා වූ කුමාරස්වාමි වෘත්තීය හා දේශපාලන නායකත්වයට ද ඔවුන්ගේ ඥාති සහෝදර ආනන්ද කුමාර්ස්වාමි ශාස්ත්‍රීය නායකත්වයට ද පත්වූයේ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ය. ඉංගිරිසි කියවන ලෝකයෙහි ශාස්ත්‍රීය නායකයෝ සිංහල ශාස්ත්‍රිය ලෝකයේ නායකත්වයට පත්කෙරී ඇති මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර ආදීහු නො වෙති. ඉංගිරිසි කතාකර්න්නන්ගේ ලෝකයෙහි පාණ්ඩිත්‍යයෙන් හෙබි භික්‍ෂූන් වහන්සේට ඇති පිළිගැනීම කුමක් ද?        

ඉංගිරිසින් ්1931 දී සර්වජන ඡන්දය වෑරදීමෙන් දුන් පසු වෙල්ලාලයන්ට දේශපාලන තලයෙහි තිබූ වැදගත්කම නැතිවන්නට පටන්ගත්තේ ය. සර්වජන  ඡන්දය නොවන්නට සිංහලයන්ට මෙරට කිසිම තැනක් නැතිවන්නට තිබිණි. දේශපාලන තලයෙහි වෙල්ලාලයන් රටෙහිම නායකත්වයට පත්වීමට නො හැකිව ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් දෙමළ බෙදුම්වාදයට යොමු වූහ. විග්නේස්වරන් ඇතුළු යාපනයේ දෙමළ වෙල්ලාලයෝ එමග තවදුරටත් ගමන් කරති. 

විග්නේස්වරන් කියා තිබුණේ ලංකාව ඒකීය රාජ්‍යයක් වීම නිසා දෙමළ ජනයා සුළුතරයක් බවට පත් වූ බව ය. මොහු මේ කියන්නේ සංඛ්‍යාත්මක සු්‍රළුතරයක් ගැන නො වේ. ඒකිය වුවත් සන්ධිය වුවත්  සංඛ්‍යාත්මක ව දෙමළ ජනයා සුළුතරය වෙයි. විග්නේස්වරන් කියන්නේ ඒකීය රාජ්‍යයක දෙමළ වෙල්ලාලයන්ට රටේ ම පාලන බලය ලබාගත නොහැකි බව ය. සුළුතරයක කතාවක් ඔහු කියන්නේ එබැවිනි. දෙමළ වෙල්ලාලයන්ට රටේ ම පාලන බලය ගැනීමට නොහැකි බැවින් විග්නේස්වරන්ලා රට බෙදා එක් කොටසක පාලන බලය ලබාගැනීමට කටයුතු කරති. 

අප අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ දෙමළ ජාතිවාදය විකාශ වී ඇති ආකාරය කියන නමුත් සිංහල ජාතිකවාදීන් ඒ කිසිවක් තුට්ටුවකටවත් මායිම් නො කරති. සමහර විට මා දක්වන ඉතිහාසය වැරදි විය හැකි ය. එහෙත් ඔවුහු ඒ බවක් ද නො කියති. දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට නම් දෙමළ ජාතිවාදය යනු කුමක් ද එහි විකාශය කෙසේ සිදුවීද යන්න තේරුම් ගත යුතු ය. ඒ සඳහා අපට ප්‍රවාදයක්, කතන්දරයක් තිබිය යුතු ය.

විග්නේස්වරන්ලා ට පැහැදිලි කතාවක් ඇත. ඔවුහු එහි දී ව්‍යාජ ඉතිහාසයක් ද ගොතා ප්‍රචාරය කරති. අපි මේ ඉතිහාස කතාවේ බොරුව ද හෙළිදරවු කළෙමු. අපට මේ සියළු කතා වඩා හොඳ සංගත කතාවකින් පරාජය කළ හැකි ය. අපට එවැනි සංගත කතාවක් ඇත. එහෙත් අවාසනාවකට ජාතික ව්‍යාපාරයේ නායකයෝ එයට සවන් නො දෙති. ඒ කතාව මදි නම් ඔවුන් කළ යුත්තේ වෙනත් වඩා සංගත කතාවක් ගෙතීම ය. 

විග්නේස්වරන්ලාට අවශ්‍ය මුල දී සන්ධීය රාජ්‍යයක් පිහිටුවා පසුව වෙන ම රාජ්‍යයක් බිහි කිරීම ය. ඔවුහු ඒ සඳහා ඔවුන්ගේ කතාව කියති. සිංහලයෝ ඒ කතාව සාවධාන ව අසා සිටිති. 

නලින් ද සිල්වා

2015 මාර්තු 28

 

3 Responses to “විග්නේස්වරන් එන්නේ මොකාට ද?”

  1. Independent Says:

    What happened to Veggi was he lost his influence with the government.
    He is now trying to create trouble with demand he never made before.

  2. Ancient Sinhalaya Says:

    They cry national question, national question to get more of the cake.
    Enjoy all the priviledges and still want more. Sinhalese don’t know how these guys are treated
    in their motherland, India. In madras, chennai etc. SL tamils are despised so much for obvious reasons.
    They are unhappy because these guys claimed bogus asylum when they were actually fleeing
    hitler mala paharan, and now living luxury lives in affluent countries. SL tamils don’t want Sri Lankans
    to know this secret. It is all lies, lies and more lies to get more of the cake.

    Ancient kingdoms when
    nobody has ever seen an ancient brick from these buildings. They exist only in books and www.
    They are mythical kingdoms indeed. Then there was influx hundred of thousands of kallathonis from tn in the 1960s.
    We gave them shelter. Now they want half the country.

    With diaspora and traitor UnPatriotic Party (UNP) supporting
    Sinhalese they push on. UnPatriotic Party is prepared to divide the country at the drop of a hat.

  3. Independent Says:

    විග්නේෂ්වරන් ගැන ඉන්දීය රජය අවධානයෙන් සිටිය යුතුයි

    ඉන්දීය මාධ්‍යවේදී නාරායන් ස්‌වාමි කියයි

    චතුර පමුණුව

    උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවේ වුවමනාකම් අනුව ක්‍රියාකරන නිසා ඉන්දීය රජය අවධානයෙන් සිටිය යුතු බව ප්‍රකට ඉන්දීය මාධ්‍යවේදී එම්. ආර්. නාරායන් ස්‌වාමි ප්‍රකාශ කර ඇත.

    විග්නේෂ්වරන් ගැන ඉන්දීය රජය උතුරු පළාතේ යළිත් වරක්‌ අන්තවාදී බලවේග වලට හිස එසවීමට ඉඩදිය යුතු නැති බවත් අගමැති නරේන්ද්‍ර මෝදි මේ ගැන අවධානයෙන් සිටිය යුතු බවත් නාරායන් ස්‌වාමි ප්‍රකාශ කර ඇත.

    දිල්ලි පාලනය සමඟ කෙළින්ම ගනුදෙනු කිරීම උතුරු පළාත් සභාවට අවශ්‍ය බව සී. වී. විග්නේෂ්වරම් මහතා අවධාරණය කිරීම බරපතළ තත්ත්වයක්‌ බවත් ස්‌වාමි ප්‍රකාශ කරයි.

    නාරායන් ස්‌වාමි මහතා උතුරේ අර්බුදය ගැන ග්‍රන්ථ රැසක්‌ රචනා කර ඇති අතර 2003 දී ප්‍රභාකරන් පිළිබඳව ෂබිසාe aබා0–ත Eකමිසඩැ ඵසරා ගැන ප්‍රකට ග්‍රන්ථයද රචනා කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress