පුරෝහිත වස්තුව හා `තද` පාක්‍ෂිකයෝ
Posted on March 30th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

 අර්ථයෙන් ධර්මයෙන් පාලනයක් තිබූ දේශයක  යහපාලනයක් ඇතිකිරීමටයයි සිතා නොදන්නා පාලනයක් බාරගත්තේ තමන්හට අනුශාසනාව සඳහා පුරෝහිත තුන්කට්ටුවක්ද පත්කරගත්තේය. තමන්කල අනුවන ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස පක්‍ෂය විපක්‍ෂවූද විපක්‍ෂය පක්‍ෂවූද ඇමතිමඩුල්ලක් හිමිවිය. කුමක්කරම්දෝයි සිතමින් කාලය ගතකරන්නේ දිනක් තමා දුටු භයානක සිහිනයක් තේරැම් ගැනීමට පඬියන් විමසන්නේ ඔවුන්ගෙන් මෙවන් ඔවදන් ලදහ. `මහරජානණි, මෙය ඉතාමත් ශුභ පෙරනිමත්තකි. එයින් පෙන්වාදෙන්නේ අප පුරෝහිත මඞුල්ලට හතරවන පුරෝහිතයෙකුද පත්වීමට නියමිත බවයි` යනුවෙන්  පවසා තුමුන්ගේ නොහැකියාව එලිදකි යනබියෙන් තම අසුන් හැරපියා වහවහා ඉවත්වුහ.

මෙයින් මහත්වු චංචල සිත්ඇත්තේ කුමක්කරම්දෝයි තැවිතැවි සිටිනාවිට  නැගීසිටි පත්කල ඇමැතියෙක් තමාද පුරෝහිත තනතුරට ඉතාමත් සුදුසු බවත්, කලින්සිටි නායකතැන ත්‍රස්තවාදින්ගෙන් රට බේරා දුන්නේ `තද ශ්‍රී ලංකා කාරයින්ට` පමනක් බවත් ඒ නිසා ඔහුට ආදරය කරන්නේ `තද ශ්‍රී ලංකා කාරයින්` පමනක් බවත් ඊලඟ මැතිවරණයෙන් ජයග්‍රහනය කිරීමටනම් හිටපු නායකතුමා චන්දයට නොආයුතු බවටත් මහා පඬි දේශනාවක් කර ඇත. 

ඒ අවස්ථාවේ `එහෙනම් `තද ශ්‍රී ලංකා කාරයිට` හැර අනිත් අයට තාමත් බෝම්බ පුපුරනවදැයි` ඇසීමට නොහැකිවීම ගැන පුවත්පත් වාර්තාකරැ කනගාටු වනවා නොඅනුමාන නමුත් අපට ඇතිවන ප්‍රශ්ණය නම් “අපේ නායකතුමා නැතිව අපි තොපි පත්කර මොන මඟුලක් කන්නද?` යන්නයි. කට නිසා සිපිරිගෙදර ලැග සිටිද්දී එයින්ද අපව ගලවා ගත්තේ අපේ හිටපු නායක උත්තමයයි. ඒ කල වරදට ඔහු නැතිවෙන්නම යමක් කලයුතුය. මීටත්වඩා බුද්ධියෙනේ අනූන පුරෝහිතයන් අපට ලැබේද? 

මුඵ රටම අපේ නායකයා වටා සිටියදී සයිබර් අවකාශයේත් මුඵ වායුගෝලයේත් බොරැ බේගල් පතුරැවාහැර රටම අදුරේ හුවාලූ ලෙස නැවතවරක් මොවුන් එම පාපකර්මයටම සැරසෙන්නේ ලඟ එන මහමැතිවණයටයි. ඉතාමත් සිහිබුද්ධියෙන් කටයුතුකල යුතු කාලය එළැබෙන්නේ දැන්ය. 

මේවනවිටත් දකුණුලක හද්දපිටිදර මැදමූලනටවු ගම්දනව්වක පින්වත් කුමරැවකුගේ පුනරැප්පත්තිය සිදුවූබව මේ පඬිවරැ නොදනී, එම පිංවත්කුමරා අත කහවර්ණයෙනේ බැබලෙන ග්‍රන්ථරත්ණයක් වැඩතිබූ බවත් එය මේ රජ්‍යයේ නව ව්‍යවස්ථාව බවත් එහි දහතුන්වන වගන්තියක් නොතිබූ බවත් එ සමඟම තිබූ තවත් සහචර ග්‍රන්ථයක රාජ්‍යපාලන තන්ත්‍රයේ සෙසුනායක කාරකාදීන්ගේ නම්ගම් සඳහන්ව තිබූ බවත් ඒ අතර කිසිම ‍යහපාලන ඇමතියෙකුගේ නමක් නොතිබූන බවත් මෙම ආශ්චර්ය්‍ය දෙනෙතින් දුටුවන් ශපඑකර ඇතිබව මේ පුරෝහිත පඬිවරැන් සතරදෙනා දැන සිටියේ නැත.

මියුලු නුවර වේදේහ නම් රජකෙනෙකුන් රාජ්‍යකරන සමයේ උනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කල සේනක, පුක්කුස, කාවින්ද හා දේවින්ද යන පඬිවරැ සතරදෙනාම තම ඥණයෙන් පරජයකොට රටින් පිටිවහල් කලේත් බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිත කේවට්ට බමුනාගේ මුහුන අල්ලා හමයනතුරැ පොලෙවේ ඉලුවේත්, දනන් සුවපත් කල සදුන් ගැටයක් අතින් ගෙන ඉපිද මෙහෟෂධ ලෙසින් බෝසත් දම්පිරෑ අප මහ තතාගතයන් වහන්සේමැයි. නුතන පඬියනටද එම ඉරණම අත්වන දිනය වැඞි ඇතක නොවේ.

 

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015  මාර්තු මස 30 දා

One Response to “පුරෝහිත වස්තුව හා `තද` පාක්‍ෂිකයෝ”

  1. Christie Says:

    Namaste: Time to stop telling stories from our Imperialists. As long as we rely on these stories we will not be able to understand what is wrong with us. Indian Imperialists and the Emperor Rajiv imposed 13A and Emperor Modi gave us Sirisena. Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress