වර්තමාන ජනාධිපතිතුමාට විවෘත ලිපියක්
Posted on April 8th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අතිගරු ජනාධිපතිතුමා

ජනාධිපති මන්දිරය

කොළඹ.

අතිගරු ජනාධිපතිතුමණි

ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්රී ලංකාද්ළුීපය

මෙරට ජනතාව පසුගිය ජනවාරි මස 8 වෙනිදා මේ රටේ පාලකයා වශයෙන් ඔබතුමාව තෝරා පත්කර ගන්නා ලදී. පාලකයා යනු පාලකයෙක් මිස පාලිතයෙක් නොවන බව දන්නා මෙරට ජනතාව, ඔබ වෙත පැවරුවේ බලයක්ය. මේ බලය ඔබතුමා වෙත පවරන ලද්දේ කුමක් සදහාද යන්න ඔබතුමා විසින් මනාව අවබෝධ කරගත යුතුව අැත. බලයක් අැවැසි වන්නේ කාර්යයක් කිරීමටය. ඒ් කිරීමට අැවැසි කාර්යය කුමක්දැයි නිවැරදිව තෝරාගෙන ඉදිරි කටයුතු, ඒ බලය උපයෝගී කරගෙන සිදු කරන මෙන් ඉල්ලා සිටීම මේ ලිපියේ මූලික අරමුණයි.

.ගරු ජනාධිපති තුමණි; ඔබතුමා හා ඔබතුමා වටා සිටි දේශපාලන දේශකයින්ගේ මූලික දේශපාලන දේශනාවලියම අඩංගුවූයේ දූෂණය සම්බන්ධවයි.වසර ගනනාවක් පුරා පැවති රජයේ සෑම ක්රියාවලියකටම ඔබතුමා මූලිකව දායක්තවය සපයන ලද පුද්ගලයෙකි. ඒ් රජය සිදුකල සෑම කාර්යකටම සම්මාදන්ව ඒහි පලයන්වූ පිං හා පව් යන දෙකෙන්ම බලවත්වූ ඔබතුමා පසුගිය ජනවාරි මස 8 වෙනිදා මෙරට පාලකයා බවට පත්විය. දැන් මෙරට ජනතාවගේ පාලකයා ඔබතුමාය. තවද රටේ පාලකයාද ඔබතුමාය. ඒ් අනුව ඔබතුමාට ඉටුකිරීමට බරපතල කරුණු කාරනා රාශියක් පැවරී තිබේ. ඒ් රට සමුර්දිමත්ව තබාගෙන, රටේ ජනතාවගේ මූලික අභිලාෂයන් සපුරාලීමයි.

මේ රටේ තිබුණ බරපතලම ගැටලුව යුද්ධයයි. මේ යුද්ධය ඉතා සූක්ෂමව නිර්මාණය කරන ලද්දකි. ඒය නවතාලීම මෙරට ජනතාව ලද විශාලම ජයග්රහණයයි. යුද්ධය නවතාලීමත් සමගම යුද්ධය නිර්මාණය කල රාජ්‍යයන් හා යුද්ධය නිමාකරලීමට දායකත්වය සැපයූ රාජ්‍යයන් අතර ගැටුම අාරම්භ විය. ඒහි අාරම්භය සුපුරුදු ලෙස ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අාරම්භ කරන ලදී.ලෝකය පුරා ඉතා සියුම්ව යුධ ගිනි අවුලුවාලමින්, අායුධ ජාවාරමට වෙළදපොල නිර්මාණයද, රෝගබීජ ව්‍යාප්ත කරමින් අවුසද සමාගම් වලට වෙළදපොල නිර්මාණයද;අැතුලුව ධනවාදයට අැවැසි ලෝක තත්වයන් ගොඩනැංවීමට සුදුසු පසුබිම නිර්මාණය කරන මේ සංවිධානය සමග යුධ වැදීම බලවත් අභියෝගයකි. නමුත් මහින්ද රාජපක්ෂ රජය ඒම කාර්යට ඔවුනට විශේෂිතවූ උපක්රම තුලින් නොබියව මුහුණ දුන් රජයක් විය.

ලෝකයේ ප්රගමණයට ඒරෙහිව කටයුතු කරන මේ සංවිධානය හා සටන් කිරීමට විශේෂිතවූ දැක්මක් අැති පුද්ගලයින්ගේ අවශ්‍යතාවයක් මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට අවශ්‍ය විය. ඒ සදහා ඒතුමාට ඉතා ඉහල අගයකින් යුතු සොහොයුරෙකු විය. ඒ් ගෝඨාභය රාජපක්ෂ මහතායි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා යනු ඒක් සුවිශේෂි පුද්ගලයකු පමණක් විය. තවද ඒවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට අමතරව ;මේ සටනේදී අවශ්‍ය දායකත්වය සැපයීමට සුදුසු බුද්ධි මණ්ඩලයක උෟණතාවය කැපීපෙනෙන අඩුපාඩුවක් විය. ඒ හේතුවෙන්; ඒම රජය අභ්‍යන්තරයට රිංගාගත් සතුරු බලවේග විසින් ඒම රජය විනාශ කර දමන ලදී. ඒහි ප්රතිපලය වූයේ ඔබතුමාට මෙරට රාජ්‍ය නායකත්වය උරුම වීමයි.

ඔබතුමා අද මෙරට අතිගරු විධායක ජනාධිපතිතුමාය.ඒ හේතුවෙන් මේ වනවිට මේ රටතුල සිදුවෙන සෑම සියලු දෙයකටම ඉතා පැහැදිලිව වගකිව යුත්තා බවට ඔබතුමා පත්ව සිටී.මේ වනවිට මේ රටතුල ඉතා සීග්රයෙන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න මෙරට ජනතාව දැඩි අවධානයකින් බලා සිටී. මේ අනුව මෙරට ජනතාව ඉතා පැහැදිලිව දකින කරුණු කාරනා වලට අනුව; ඔබතුමා මේ දක්වා ඒකද ජනතා ප්රශ්නයක්වත් විසදීමට අතගසා නැති බව කණගාටුවෙන් වුවද ප්රකාශ කිරීමට සිදුව අැත. තවද ඔබතුමා විසින් මෙතෙක් සිදුකර අැති දෑ තුලින් මේ රට විශාල අාගාධයකට තල්ලු කරමින් සිටින බවත් පසුගිය රජය විසින් විශාල පරිශ්රමයක් යොදා විසදන ලද ගැටලු රාශියකට නැවත වරක් පුණර්භවයක් ලබා දෙමින් මෙරට තුල ස්ථාපනය කරන බවත් ජනතාව අවබෝධ කරගෙන සිටී. මේ වන විට ඔබතුමාගේ රජය පැහැදිලිවම මේ රට විනාශ කිරීම තුන් අාකාරයකින් සැලසුම් සහගතව සිදු කරමින් පවතින බව මෙරට ජනතාව අවබෝධ කරගෙන අැත. ඒ

1.රාජ්‍ය පාලන යාන්ත්රණය අඩපණ කිරීම

  1. ජාතික අාරක්ෂාව විනාශ කිරීම.

3.. ජාතික අාර්ථිකය විනාශ කිරීම.

1.රාජ්‍පාලන යාන්ත්රණය අඩපණ කිරීම

ඔ්නෑම රටක රාජ්‍ය පාලනය සදහාම සබැදි අංග තුනක් තිබේ.

1අ. විව්‍යස්ථාදායකය;
2
අෘ.  විධායකය හා
3
අැ. අධිකරණය වශයෙන් නම් කෙරේ.

මේ වැදගත් අායතන තුනෙන් ඒකද අායතනයක් හෝ අඩපන වූවොත් ඒම රටේ රාජ්‍ය පාලනය අර්බූදයකට පත්වෙන බව අප මනාව දනිමු. ජනාධිපති මැතිවරණයකින් ප්රජාතන්තරවාදීව බලය ලබා ගත් ඔබතුමා විධායකය හොබවන අතර; ඉතා ගෞරවණීය අාකාරයට ඔබතුමා අතට බලය මුදා හැරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබීම ප්රසන්ෂණීය අාකාරයට සිදුවිය.

1අ. විව්‍යස්ථාදායකය;

ඔබතුමා බලයට පත්වනවිට මේ රටතුල ව්‍යවස්ථාපිතව ගොඩනංවා තිබුණු රජයක් තිබිණි. අගමැතිවරයකුද; අමාත්‍ය මණ්ඩලයක්ද මෙහි විය. ඒය ඒසේ තිබියදී ඔබතුමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් මොහොතේම; ඔබතුමා විසින් අගමැතිවරයකු නම් කර ඒතුමාටද දිවුරුම් දීමට ඉඩදීම තුලින් රටෙහි පවතින රාජ්‍යයාන්තුරණයට හා ව්‍යාවස්ථාවට ඒරෙහිව පලමු පියවර ගත් බව රට වැසියන් වන අපි දකිමු. ගෞරවණීය අාකාරයට පවතින රජයන් විසුරුවා හරින ක්රමය විනාශ කිරීම තුලින් හිටපු අගමැතිවරයාට හෝ අැමතිවරුන්ට නිසි අාකාරයට සිය ධූරයන් වලින් ඉවත්ව යෑමේ ගෞරවණීය තත්වයද ඔබතුමාගේ රජය විසින් මහා අභියෝගයකට ලක් කරන ලදී.

සුලු තරයකගේ නායකයා අගමැති බවට පත්කරලීමෙන් ලෝක පාර්ලිමේන්තු සම්ප්රදායට ඒරෙහිව සෘජුවම සිටගත් ඔබතුමා; පාර්ලිමේන්තුව යනු නොවැදගත් අායතනයක් බවට පත් කරන ලදී.අද අපට උරුමව අැත්තේ කිසිදු වැදගත් කමක් නැති; ජාතික වශයෙන් කිසිදු වැදගත් කිසිදු කටයුත්තක් පාර්ලිමේනතුවෙන් නොවිමසා කටයුතු කරන රාජ්‍ය පාලන රටාවකි. ඒ් අනුව අද ව්‍යාවස්ථාදායකය පාර්ලිමේන්තු පඩංගුවක් බවට ඔබතුමා විසින් පත්කර අැති බව මෙරට ජනතාවගේ අවබෝධයයි. අද රටේ මොනවාද වෙන්නේ යයි පාර්ලිමේනතුව නොදන්නා අතර සියලුම කාර්යයන් සිදු කරන්නේ පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව බව අපේ චෝදනාවයි.

2අෘ. විධායකය

රටක විධායක බලතල යනු ඉතාම වැදගත් දෙයකි.ඒය සතුවන්නේ ඔබතුමාට වන අතර ඒය නිසි ලෙස රැකගෙන ඒ් බලතල තුලින් විදිමත්ව රට ඉදිරියට ගෙන යාමට මෙරට ජනතාව ඔබතුමාට වරම් ලබාදී අැත.

නමුත් මේ වනවිටත් විධායක ජනාධිපතිතුමා වන ඔබ විධායකයේ බලතල කප්පාදුකරණයකට අතගසා අැතිබව ජනතාව දනී. නව ව්‍යාවස්ථා සංශෝධනයත් සමගම විධායක බලතල ශුන්‍යත්කරණීය තත්වයකට පත්කරන බව ප්රකාශිතය.

3අැ. අධිකරණය

ඔබතුමා අැතුලු පසුගිය රජය  පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඉවත් කරන ලද හිටපු අගවිනිසුරුවරියව; ඔබතුමා විසින්ම යලි මේ රටේ අගවිනිසුරුවරිය ලෙස යලි ස්ථාපනය කරන ලදී.මෙරට අගවිනිසුරුව මොහාන් පීරිස් මහතා සිටියදීම; ඔහුව පදවියෙන් ඉවත් නොකරම; ශිරාණි බණ්ඩාරනායක මහත්මියව අගවිනිසුරු වශයෙන් පත් කිරීම තුලින්; මුලු මහත් අධිකරණ පද්ධතියම හෑල්ලුවට පත්කර අැත. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අගවිනිසුරු නොවේයයි කියන තරමට ඔබතුමා සැහැසිව කටයුතු කර අැත. ඔහු අගවිනිසුරු තුමා නොවේ නම් ඒතුමාගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද සියලුම අධිකරණ කාර්යයන් නීත්‍යාණුකූල නොවේ.මේ ක්රියාවලියත් සමගම මුලු අධිකරණ පද්ධතිය හා ඒහි ක්රියාකාරිවයේ නිත්‍යාණුකූල භාවය සම්බන්ධව ගැටලුකාරී තත්වයක් නිර්මාණය කර අැත.

මෙ තුන් කාරනාවන් විනාශ කිරීමත් සමගම බිහිවන්නේ අරාජික රාජ්‍යයක් වන අතර; ඔබතුමා විසින් ඒ අරාජිකත්වය ඔබගේ නායකත්වයෙන් යුතු රජයට උරුම කිරීමට කටයුතු කිරීම තුලින් අරාජික රටක මුලාරම්භයන් ස්ථාපිතව; පැහැදිලි රාජ්‍පාලන යාන්ත්රණයක් නැති තත්වයක් ගොඩනංවා අැත.

 

  1. ජාතික අාරක්ෂාව විනාශ කිරීම

1948 පෙබරවාරි මස 4 වෙනිදා නිදහස ලබාගත් මේ රට නිදහස් රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමට බලයට පත් සෑම පාලකයකුටම අැවැසි ප්රධාන කාර්යයක්ව තිබුණි. මේ සෑම අයෙක්ම ජාතික අාරක්ෂාව ප්රමුඛස්ථානයේ ලා සලකා කටයුතු කරන ලදී. නමුත් මේ වර බලය ලබා ගත් ඔබතුමා ජනාධිපති තනතුරේ අැති බලතල මෙන්ම; ජාතික අාරක්ෂාව සදහා ගොඩනංවා අැති සියලු බල කදවුරු විනාශ කරමින් සිටීන්නේ මෙරට ජනතාව කිසි විටෙකත් අපේක්ෂා නොකල අාකාරයෙනි.

2.1 ගොඩනැංවෙමින් තිබූ හමුදා මූලස්ථානයේ ඉදිකිරී නවතාලීම තුලින් නිසි හමුදා මූලස්තානයක් නැති යුධ හමුදාවක් මේ දින 100 තුල ස්ථාපිත කිරීම.

2.2. යුධ ජයග්රහණයන් සදහා විශාල කාර්යභාරයක් සිදුකල රණ විරුවන් විදේශීය තානාපති සේවාවන් හා බද්ධ කිරීමෙන් මෙරට ජාතික අාරක්ෂාවට මහගු සේවාවක් ඉටු කරමින් සිටි ඒ් රණ විරුවන් ඒමසේවාවන් වලින් ඉවත් කිරීම.

2.3. ඉන්දියන් සාගරයේ අාරක්ෂක කටයුතු සිදුකල රණවිරුවන්ගේ දායකත්වය මත ගොඩනංවා තිබූ අාරක්ෂක සමාගම් හා ඒ්වා සිදු කරන කාර්යයන් ලොවටම හෙලි කර ඔවුන් අනාරක්ෂිත තත්වයට පහත හෙලීම.

2.4.උතුරේ අධිඅාරක්ෂිත කලාප ඉවත් කිරීම.

2.5.උතුරේ අැති අාරක්ෂක කදවුරු ඉවත් කිරීම.

2.6. ජාතික අාරක්ෂාවට තර්ජනයක් සිදුවෙන සෑම අවස්ථාවකදීම අපට සහය වන රුසියාව හා චීනය වැනි රාජ්‍යයන්ට සතුරු රාජ්‍යයන්ට වත් සිදු නොකරන අාකාරයට පහත් ලෙස සැලකීමට කටයුතු කිරීම දෙස මෙරට ජනතාව දැඩි පිලිකුලෙන් බලා සිටී.

3.. ජාතික අාර්ථිකය විනාශ කිරීම.

2015 ජනවාරි මස 8 වෙනිදා දක්වා මේ රට තුල මහා අාර්ථිකමය සංවර්ධන ක්රියාවලියක් සිදුවෙමින් පැවතිණි. ඒ් මහා අාර්ථික ක්රියාවලිය නවතා දමා. මෙතෙක් කල් සිදුකල ඒම කාර්යයන් සම්බන්ධව විමර්ශණයන් කීරීම ඔබ පාලනය විසින් අරඹා අැත. ඒ් තුලින් ඔබ රට ඉදිරියට ගමන්කරවීම නවතා ; පරීක්ෂණ කිරීමේ මුවාවෙන් යලි රට පසු පසට අැදගෙන යමින් සිටී.

මේ රටේ මනාව සුරැකිය යුතු ජාතික අාර්ථික දේහය වූ ශ්රී ලංකාවේ මහා බැංකුවේ අධිපතිත්වය විදේශිකයකුට පැවරීම හා ඒ් සමගමදින 100 තුලදී ඒ් තුල ඒ් පත් කරන ලද අධිපතිතුමාගේ මූලිකත්වයෙන් සිදුකල මහා මුල්‍ය වංචාවට මෙරට සියලුම රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද්දක් බව මෙරට ජනතාව තරයේ විශ්වාස කරන අතර, ඔබතුමන්ලාගේ රජය නිර්ලජ්ජිත ලෙස ඒම අධිපතිතුමාව සුරකිමින් තව තවත් මහා බැංකු මුල්‍ය වංචා සිදු කිරීමට සැදී පැහැදී සිටින බව ජන මනස තුල ස්ථාපිත වෙමින් පවතී.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු ගොඩනංවන ලද කිසිදු ව්‍යාපෘතියක් ජාතික වශයෙන් හිතකර නොවන බවක් ජන මනසට කාවද්දමින් සිටින අාකාරය මේ දිනවල අපි දකිමු. ඒ් තුලින් ඒ්වා යලි විකුණා දැමීමට අැවැසි සමාජ මානසික පදනම ගොඩනංවන ඔබ රජය අනිවාර්යෙන්ම යලිත් වරක් ශ්රී ලංකාවේ ගුවන් සමාගම්; ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව; මත්තල ගුවන් තොටුපල; හම්බන්තොට වරාය; ලංකා ගමනා ගමන මණ්ඩලය; අධිවේගී මාර්ග පද්ධතියන් විකුණා දැමීමේ පදනම දමන බව මෙරට ජනතාව පැහැදිලිවම දකී.

ගරු ජනාධිපතිතුමණි, මේ වනවිට මේ රාජ්‍ය; පැහැදිලි රාජ්‍ය නායකයකු නැති අසාර්ථක රාජ්‍යයක ස්වරූපය ගෙන අැත. මේ වනවිටත් ජනාධිපතිතුමා විධායක බලතල අත්හැර දමා අැති බවක් පැහැදිලිව දකින්නට අැති අතර; විධායක බලතල සහිතව කටයුතු කරන තවත් බාහිර චරිත ගනනාවක් ජනතාව දකි. මේ නිර්මාණිත තත්වය පාර්ලිමේනතුව තුලදී මුදල් පනතක් සම්මත කර ගැනීමට නොහැකි පදනමක් දක්වා වර්ධනයව අැත. 2015 ජනවාරි මස 8 වෙනිදා; රටේ නීතියත්; අාර්තිකයත් ;ජාතික අාරක්ෂාවත් පසුපසට ගෙනයාමේ කාර්යය ඒහි උපරිමයට ලගාව අැත. දැන් ඔබතුමාට තීරණාත්මක වර්තමානයකට අවතීර්ණ වීමට සිදුව තිබේ. ඔබතුමා විසින් ගනු ලබන තීරණය; ඒදා අැහැලේපොල නිලමේතුමා විසින් ගත් තීරණයට සමාන තීරණයම වූවොත්; ඵලයද අැහැලේපොලලා උරුම කරගත් ඵලයන්ට සමාන වනු අැත. මේ රටත්; ජනතාවත් උදෙසා සිදුකල යුතු වැදගත්ම කාර්යය වන්නේ රට සංවර්ධන මාවතට නැඹුරු කොට ඒ් සංවර්ධන ක්රියාවලියේ ගමන අඛණ්ඩව ගලා යෑමට සැලස්සවීමයි. ඔබතුමාගේ පැවත්ම රදා පවතින්නේද මහින්ද රාජපක්ෂ මහතා අාරම්භ කල සංවර්ධන ව්‍යාපෘතීන් මනාව විදිමත්ව සිදු කිරීමට මං විවර කිරීම තුලින් පමණි.

ඒ් සදහා ඔබතුමාට ශක්තිය ධෙෙර්ය හා අාශිර්වාදයන් ලැබේවායි පතමු.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

3 Responses to “වර්තමාන ජනාධිපතිතුමාට විවෘත ලිපියක්”

  1. Christie Says:

    Namaste: No point in writing to the Coolie. Address it to the Emperor Modi. Jai Hind

  2. sarathk Says:

    මේ පල්හෑලි ලියන්නේ නැතුව කියනවා තමුසෙගෙ ආචාර්ය අතිදක්ෂය(මර්වින් සිල්වා )උපදේශක කරගන්න කියලා.

  3. NAK Says:

    Dear Mr.Chandarasena.
    There is no point in advicing puppets. They can only move they way their strings are pulled.
    The best we can do is to get ready to chase this bunch of lieing theives and thier illegitimate government and restore a legitimate capable government.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress