සිංහල බෞද්ධ රාජ්ජය විනාශ කිරීම  5
Posted on April 10th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 ලන්දේසීහු අග්නිදිග ආසියාවේදී හොඳ පාලකයන් ලෙස නමක්  දිනා ගෙන සිටියත් ලංකාවේදී  ඒ කීර්තිය නැති කරගත්හ  ලන්දේසීන්ට අවශ්‍ය වුයේ වෙළදාම ය ආගම පැතිර වීම ට ඔවුහු ප්‍රඛත්වය දුන්නේ නැත වෙළදාමට සාමය අවශ්‍යවිය සිංහලයන් සමග වූ සුළු ගැටුම් පවා උන් ඉවසුවේ සාමය නැතිව වෙලදාම් කල නොහැකි හෙයිනි එනිසාම සිංහලයෝද  ඔවුන්ට කරදර නොකළ හ. ලන්දේසීන් බෞද්ධයන්ට එරෙහි නොවුනත් රෝමානු කතෝලිකයන්ගෙන් පළිගත්තේ  පෘතුගීසීන්ගේ කෘරත්වයෙන් පෙරදී තමන් බැටකා නිසාය . කතෝලිකයන්ට ලන්දේසීන් කල  නින්දා අපහාස හා  වද  හිංසා දෙස  සිංහලයන් බැලුවේ පුදුමයෙනි . පෘතුගීසින්ට  කල කම් පල දුන්නේය . 1658 දී ලන්දේසී  ආඥා  රෝමානු කතෝලිකයෙකු රකින  අයෙකුට මරණ දඩුවම  නියම කළහ .
                                                 එහෙත් සිංහල බෞද්ධයෝ තමන්ගේ පරම හතුරාවූ පෘතුගීසි කාරයාටද උදවු කලේ උන් විඳින වේදනා දැකීමෙනි . බෞධ්ධයන්ගේ මේ ඉවසීමේ උදාරත්වයට පොත්ගනනාවක් ලිවිය හැක  .ශිව භක්තිකයන් කල විනාශය පවා අමතක කල බෞද්ධයෝ  උන් එළවා දැමීමෙන් පසුව හෝ උන්ගේ දේවාල කෝවිල් විනාශ නොකළහ  මොඩ යින්ගෙන් බෞද්ධ ගොඩ වැඩිකර ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවීය  පෘතුගීසින් එලවූ දෙවන රාජසිංහම  අනාත අසරණවූ කතෝලික ප්රුතුගීසිකාරයාට  පසුව මයිත්‍රීය දැක්විය උන්ට මහනුවර අවට පදිංචි වීමට අවසර දුන්නේය පෘතුගීසි පවුල් 700 කට අධික පිරිසක් රුවන් වැල්ලේ පදිංචිවූ බව කියවේ   ගල්ගමුවෙත් මාතලේ කඳුකරයේ වහකොට්ටේත්  පදිචිවුහ       ක්රිස්ත්යානීන්   එකිනෙකා මරාගන්නාවිට බෞද්ධයෝ උපේක්ෂාවෙන් හා මයිත්රියෙන් යුතුව අසරණ වූ සතුරාට පවා උපකාර කල හැටි සිංහල බෞද්ධ විරෝධීහු දන ගත යුතුය . ලන්දේසී  විරෝධ නොතකා රජ තුමා කතෝලිකයන්ට මහනුවර තම ආගමික මද්යස්තානය කර ගන්නට ඉඩ දුන්නේ  බෞද්ධ හැදියාව නිසාය

                                                   මේ කරුණු වටහා ගත හොත් මේ ලිපි  නිසා ආගමික භේද ඇතිවෙයය් මැසිවිලි නගන්නට  කා ටවත් නොහැකිය

                                                     ලන්දේසීන් බෞද්ධයන්ට කෙනෙහිලි කම් නොකළේ පෘතුගීසීන් එලවන තුරු විතරය . එහෙත් පෘතුගීසින් මෙන් කුරිරි කමින් නොව  ඔවුන්කලේ රැකියා තනතුරු ආදිය  රෙපරමාදු නොවන්නන්ට තහනම් කිරීමෙනි  මේ නිසා පෘතුගීසි නම් ගම ගත සිංහලයෝද නැවත ලන්දේසි නම් ගම ගෙන රෙපරමාදු වුහ   පාසල්වලදී  බෞද්ධයන්ට තම ආගම ඉගැන්වුහ  බවුතීස්ම නොලැබූ හෙවත් බෞධ්ධයන්ගේ දේපල වලින්  තුනෙන් එකක්  රාජසන්තක කිරීම  ට නීති පනවුහ  පල්ලියට නොඑන යට ලොකු දඩ ගැසුහ  බොහෝ දකුණේ අ ය රෙපරමාදු වුයේ තාවකාලික  ප්‍රයෝජන වලට මිස හදවතින්  නොවේ . ඔවුන් රහසිගතව බෞද්ධ වන්දනා මාන වල යෙදුනහ .මේ ගැන ගාල්ලේ  පාදිලි සංගමය මෙසේ කියා ඇත .””මිනිසුන් ක්‍රිස්තියානි වී ඇතත් උන්ගේ ජීවනය   බුද්ධාගමේ සිල් හා පුහුණුව මත පවත්නේ වෙය් .දරුවා ලෙඩවූ විට බෙල්ලේ ”යන්තරයක් බ  දිති . කිත්නු නම් ඉවත දමා බත් කවන දින නැවත   මිසදිටු නම් තබති  විවාහ නැකත් අනුවය  සොහනේ   හෙවත්  බෝ ගසේ කොල එල්ලති  මිතුරන්ට ආශීර්වාද කරන්නේ ”බුදු බව ලැබේවා”’. කියාය  සල්ලාල කාමුක  යුරෝපීයයෝ සිංහලයන් දුරාචාරයට පෙළඹවීම ගැන  පැවිද්දෝ දොස් නගති .”””

                           බෞද්ධ යෝ තාඩන පීඩන මැ ද  ජීවත්වුණේ  අසීරුවෙනි . බඩ වියත රක ගැනීමට පමණක් කිතුනුවූ වෝ පසුව ඉන් ඉවත් වුවත් සමහරු  පෘතුගීසී හා ලන්දේසීන්ට සිංහලයන් පාවාදීමට වලිකෑ හ  . අදත් මුන් ඒ සෙල්ලම කරති ජනතාවගෙන් විසිතිස් වාරයක් ප්‍රතික්ෂේපවූ සමහර දේශ පාලකයෝ  උන්ගේ මේ ද්‍රෝහී  ප්‍රයත්නය  ඇත නොහැර විවිධ කුට උපක්‍රම වලින් බලය ලබා ගෙන ඒ සඳහා තවත් උත්සාහ කරමින් සිටිත් 

                                             රනිල් හා චන්ද්‍රිකා   ඉන් දෙන්නෙකි. රතන   මාදුළුවාවේ හා චම්පක  මෙන්ම සිරිසේන ද අරදෙන්නාගේ අතකොලු වී ඇත්තේ   ”’ ලන්දෙසිකාලයෙදී මෙන්  මුදලි මුහන්දිරම් පට්ටම් ගැනීමට වියහැක .රෙපරමාදු නොවුවන්ට ලන්දේසීහු පට්ටම් දුන්නේ නැත .

මුන්ගේ පට්ටම් කුඩු පට්ටම් කිරීමට සියලු බෞද්ධයෝ  සුදානම් විය යුතුය

තව පසුවට          

7 Responses to “ සිංහල බෞද්ධ රාජ්ජය විනාශ කිරීම  5”

  1. AnuD Says:

    I don’t trust Ranil and CBK.

    In politics, we need to be patient and careful. that is what TNA doing too. they are waiting for their opportunity. right now, Sinhalayas are fighting for power.

  2. Independent Says:

    “මේ කරුණු වටහා ගත හොත් මේ ලිපි නිසා ආගමික භේද ඇතිවෙයය් මැසිවිලි නගන්නට කා ටවත් නොහැකිය”

    – නිවැරදි ඉතිහාසය ප්‍රකාශ කිරීම ආගම්වාදය පැතිරීමක් නොවේ.
    බොරුකියා ජාතීන් අසමගි කිරීම ජාතිවාදයයි. ආගම්වාදයද එසේමය​.

    ඔබතුමා බුදුදහමට කැක්කුමක් තිබේ නම් නිර්වාණය = දිවිනසා ගැනීම කියා පාඨකයා නොමග අරින්න හදන බෙන් සිල්වාත් , තන්හාව ඡන් දය ලෙස ගනිමින් බුදුරජුන් මළමිනියකට සමාන කොට කොමෙන්ට්ස් ලියන ලොරෙන්සෝ නමැත්තාගේ අවමන් කිරීමත් , රාජපක්සට පක්‍ෂව කතාකරන නිසා ඉවසා වදාරන්නේ ඇයි ?

  3. Jag Says:

    When any existing government from any party is bound to protect Buddhism as per the constitution, then why governments of either party are unwilling to bring forward the ”Anti Conversion Bill”..? This is something our Buddhist Organisations should press for. Otherwise it will never happen.

  4. sarathk Says:

    මෙම ලිපියේ ඇති මෙම කරුණ ඉතා වැදගත්ය
    “බොහෝ දකුණේ අ ය රෙපරමාදු වුයේ තාවකාලික ප්‍රයෝජන වලට මිස හදවතින් නොවේ . ඔවුන් රහසිගතව බෞද්ධ වන්දනා මාන වල යෙදුනහ .මේ ගැන ගාල්ලේ පාදිලි සංගමය මෙසේ කියා ඇත .””මිනිසුන් ක්‍රිස්තියානි වී ඇතත් උන්ගේ ජීවනය බුද්ධාගමේ සිල් හා පුහුණුව මත පවත්නේ වෙය් .දරුවා ලෙඩවූ විට බෙල්ලේ ”යන්තරයක් බ දිති .. කිත්නු නම් ඉවත දමා බත් කවන දින නැවත මිසදිටු නම් තබති විවාහ නැකත් අනුවය සොහනේ හෙවත් බෝ ගසේ කොල එල්ලති මිතුරන්ට ආශීර්වාද කරන්නේ ”බුදු බව ලැබේවා”’.”.

    මගේ සමහර ක්‍රිස්තියානි මිතුරෝ මෙසේ වෙති. ඔවුන් සිංහල බෞද්ධ කොව තුල හැඩ ගැසුණු සිංහල රට වැසියෝය. ලද දෙයින් සතුටු වන ඔවුන් බටහිර ක්‍රිස්තියානිකාරයෝ නොවෙති. ලංකාවේ සිංහල බෞද්ධත්වය ගෞරවයෙන් පිළිගනිති. රනිල්, චන්ද්‍රිකා වැනි බෞද්ධ යැයි කියා ගන්නා එවුන් කරන්නේ අනික් පැත්තය. බෞද්ධ ලෙස පෙනීසිටිමින් බටහිර ක්‍රිස්තියානිත්වය අගය කරන්නෝය. සිංහල රට වැසියනි මේ නොගැලපෙන බහුබූතයන් ලංකා දේශපාලනයෙන් එලවා දැමීම අපගේ ව්‍යයමයයි.

  5. Indrajith Says:

    දඹර අමිල හිමියන් ඉල් මහා විරුවන් සමරන අතරවායේ හසලක ගාමිණි ස්මාරකය ඉවත්කරන්න කියන්නේ කුමක් නිසාදැයි හෙළ බොදු සවිය සංවිධානය ප‍්‍රශ්න කරයි.

    එහි සභාපති බුදුගල ජිනවංශ හිමියන් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් තවත් මොහොතකින් අලිමංකඩ කඳවුර සුනුවිසුනු කිරීමට ඉදිරියට ඇදෙන්නට වූයේ 1991 ජූලි 14 දිනදීය. අලිමංකඩ කඳවුරේ සිටි රණවිරුවන් ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත‍්‍රස්තවාදීන් සමඟින් ඉදිරියට එන බිහිසුණු ස්වරූපයක්ගත් අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදුනි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ යුද ටැංකියක් ක‍ඳවුර දෙසට ඇදුනේ පුපුරන ද්‍රව්‍ය ද සමගිනි. ත‍්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය. සිදුවෙන්නට යන විනාශයේ බිහිසුණු බව දැක තම සහෝදර රණවිරුවන්ගේ ජිවිත බේරාගනු වස් හසලක ගාමිණි කුලරත්න නම් අභීත රණවිරුවා බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට සිතුවේ සිදුවීමට යන මහා විනාශය වලකා ලීමටය. යුද හමුදා ඉතිහාසයට නව පිටුවක් පෙරලමින් රජයේ හමුදාවේ ද අවශ්‍ය නම් මරාගෙන මැරෙන්න වුවත් රණවිරුවන් සිටින බව සනාථ කරමින් ගාමිණි කුළරත්න සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත‍්‍රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි.

    මෙවැනි අභීත රණවිරුවන් නිසා 2009 මැයි 19 වැනි දින මෙරටින් සහමූලින්ම ඒ බිහිසුණු ත්‍රස්තවාදය මුලින්නුපුටා දැමීමට හැකිවිය. නමුත් මෑතකදී එවැනි රණවිරුවන්ගේ ධෛර්ය සම්පන්න බව විනාශ කරදැමීමට මාකස්වාදයෙන් මොළය විකෘති කරගත් දේශපාලන සංවිධාන වලට සම්බන්ධ පුජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්සේ විද්යුත් මාධ්‍යට ප්‍රකාශ කලේ අභිත ඒ රණවිරුවන්ගේ ස්මාරකය හා පිළිරුව ඉවත් කළයුතු බවත් යුද හමුදා රණවිරුවන් හමුදා බැරක්වලට පමණක් නොව හමුදා කඳවුරුවලට ගාල්කළ යුතු බවයි.

    අපේ මව්බිම ආක්‍රමණ වලට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම අපගේ වීරෝධාර විරුවන් සිය ජිවිත පරිත්‍යාගයෙන් රටත් සම්බුද්ධ ශාසනයයත්, රටේ ස්වෛරිභාවයත් ආරක්ෂා කිරීමට කැප වූහ. එසේම තිස්වසරක පැවැති ජාතිවාදි එල්.ටී.ටී.ඊ මිලේච්ඡ ත්‍රස්තවාදය නිසා සිංහල පමණක් නොව දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කිතුනු සියල්ලටම එකසේ බැටකෑවේය. සියලු ජිවිත ආරක්ෂා වූයේ රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් හා අප්‍රතිහත කැපකිරීම් නිසාය. අපේ ඉතිහාසය තුළ පැවති සියලු රණවිරුවන් එකසේ ගෞරව බහුමානයෙන් යුතුව සැමරිය යුතු බව අවිවාදිතය. එම රණවිරුවන් සියළු පුරවැසියන් ණයගැතිය. එසේ තිබිය දී ත්‍රස්තවාදය වැනසීමට තම ජිවිතය මව්බිමට පූජා කරමින් හසලක ගාමිණී කුලරත්න වැනි විරුවන් සැමදා සැමරිය යුතුය.

    එදා කොටින්ගේ ඩෝසරයට පැන සහෝදර රණවිරුවන්ගේ ජිවිත දහස් ගාණක් හා යාපනය අර්ධද්වීපය අනාරක්ෂිත කිරීමට ගත් තැත ව්‍යර්ථ වූයේ මෙම රණවිරුවාගේ ජිවිත කැපකිරීම නිසාය. විශ්ව විද්‍යාලයේ ඉතිහාසය උගන්වන ආචාර්යවරයෙක් වශයෙන් පුජ්‍ය දඹර අමිල හිමියන්ගේ අදහස හා යෝජනා අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ඒ මන්දයත් එවැනි වීරෝධාර උතුමන්ගේ ජිවිත කැපකිරීම නිසා අප සියලු දෙනාම අද නිදහස අත්විඳිති.

    අමිල හිමියන්ට අනුව උන්වහන්සේ ව්‍යංගයෙන් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහා විරු සැමරුම ද අනවශ්‍යය. එහෙත් ඒ ගැන මෙතෙක් එකදු වචනයක් හෝ ප්‍රකාශ කර ඇත්ද? මෙය ඇත්තටම දේශපාලනයේ කුහකත්වයයි. කණගාටුව නම් අපගේ අභීත ගරු කටයුතු රට සුරැකී ගරු ස්වාමීන්වහන්සේලාගේ පරපුරේ ස්වාමීන්වහන්සේ නමක් වශයෙන් සිංහල භික්ෂු වංශයට කරන මහත් නිගාව හා අගෞරවයි.

    බුදුගල ජිනවංස හිමි
    සභාපති

  6. Christie Says:

    Namaste: Is this article based on India’s Reclaim Hinduthwa Movement? Please do not divide the Sinhalese based on religion. You are playing in to the hands of Indian Imperialists. Jai Hind.

  7. Christie Says:

    Namaste: දඹර අමිල හිමියන් ඉල් මහා විරුවන් සමරන අතරවායේ හසලක ගාමිණි ස්මාරකය ඉවත්කරන්න කියන්නේ කුමක් නිසාදැයි ” I am sure these are the conditions imposed by the Indian Empire in forming the New Government of the Island.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress