අවුරුද්ද දෙමළ වූයේ කෙසේ ද?
Posted on April 17th, 2015

නලින් ද සිල්වා

එංගලන්තයේ කම්කරු පක්‍ෂයේ නායක වූ ද එලිසබෙත් වින්ඩිසර්ගේ විරුද්ධ පක්‍ෂයේ නායකයා වූ ද එඩ් මිලිබෑන්ඩ් දෙමළ ජනයාට පමණක් අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කිරීම බොහෝ සිංහල ජාතිකවාදීන්ට ප්‍රශ්නයක් වී ඇත. එහෙත් ඒ බොහෝ දෙනා සිංහල හා දෙමළ අවුරුද්දක් ගැන කතාකරති. අවුරුද්ද සිංහල හා දෙමළ වූයේ කෙසේ ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නො වේ. ඔවුහු උජාරුවෙන් සිංහල හා දෙමළ (සහ ඇතැම් විට සිංහල හා දමිළ) අවුරුද්දක් ගැන කතා කරති. 

එඩ් මිලිබෑන්ඩ් යනු ඉංගිරිසි සම්ප්‍රදායට අනුව ඔවුන්ගේ රැජනගේ විරුද්ධ පක්‍ෂයේ නායකයා ය. එංගලන්තයේ පාර්ලිමේන්තු ක්‍රමය විකාශය වී ඇති ආකාරය අනුව ආණ්ඩු පක්‍ෂය මෙන් ම විරුද්ධ පක්‍ෂය ද ඔවුන්ගේ රැජනගේ ය. ආණ්ඩු පක්‍ෂයත් විරුද්ධ පක්‍ෂයත් ඔවුන්ගේ රැජනට පක්‍ෂපාතී ය. එහි විරුද්ධ පක්‍ෂය යන්නෙන් ඔවුන්ගේ රැජනට විරුද්ධ යන්න ගම්‍ය නො වේ. විරුද්ධ පක්‍ෂය විරුද්ධ වන්නේ ආණ්ඩුව ජාතියට අයහපත් දේ ක්‍රියාත්මක කිරීමේ දී ය. එංගලන්තයේ ජාතික ප්‍රතිපත්ති ඇත. ජාතික ප්‍රතිපත්ති අවුරුදු ගණනාවක් තිස්සේ සකස් වී ඇත. 

එංගලන්තයේ ඇතැම් අවස්ථාවල ජාතික ආණ්ඩු පිහිටුවා ගනු ලැබෙයි. ඒ ජාතියට ම බලපාන ප්‍රශ්න සහයෝගයෙන් විසඳාගත යුතු අවස්ථාවල ය. අනෙක් අවස්ථාවල ඒ ඒ දේශපාලන පක්‍ෂ තම තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරයි. එංගලන්තයේ කම්කරු පක්‍ෂය කොන්සර්වෙටිව් පක්‍ෂයට වඩා දෙමළ ජනයහාට හිතවත් ය. ඒ ඡන්දය බලාගෙන ඇති වූ හිතවත් කමක් නො වේ. කම්කරු පක්‍ෂයේ රෝස පාට සමාජවාදී අදහස් ඒ පසුපස වෙයි. ඇතැම් සිංහලයන් සිතන්නේ එංගලන්තයේ දේශපාලන පක්‍ෂ දෙමළ ජනයාට පක්‍ෂපාති වන්නේ ඡන්දය බලාගෙන කියා ය. එහෙත් එය එසේ නො වේ. මෙරට ද මාක්ස්වාදී යැයි කියාගන්නා පක්‍ෂ දෙමළ හිතවාදී ය. එමෙන් ම රෝසපාට සමාජවාදී අදහස් දරණ පඬියෝ ද චන්ද්‍රිකා වැන්නෝ ද සිංහල විරෝධී වෙති.

එංගලන්තය හා අධිරාජ්‍යය පාලනය කළ සියලු ඉංගිරිසි පාලකයෝ (රජවරු ද අගමැතිවරු ද වෙනත් අය ද) ලංකාවේ දෙමළ ජාතිවාදය බෞතීස්ම කර ඒ සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. ඔවුහු සිංහලයන්ට සිංහල සංස්කෘතියට මෙරට හිමි තැන නො පිළිගත්හ. ඔවුන් සිංහලයන්ගේ උත්සවවලට දෙන නිවාඩු හා දෙමළ ජනයාගේ උත්සවවලට දෙන නිවාඩු සමාන සංඛ්‍යාවකින් පවත්වාගෙන යෑමට උත්සාහ කළහ. සිංහල හා හින්දු අලුත් අවුරුද්කට නිවාඩු නියම කෙරුණේ ඒ පදනමෙන් මිස සංස්කෘතික පදමකින් නො වේ.

රොබට් නොක්ස්ගේ කාලයේ දීත් සිංහලයෝ අවුරුදු උත්සවය පැවැත්වූහ. එය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාලයේ සිට පැවත එන නැකැත් උත්සවයකි. නැකැත යනු අපේ ම නිර්මාණයකි. අහස නැකැත්වලට බෙදනු ලැබුයේ මෙරට ය. බටහිර ආසියාවේ රාශි හෙවත් ලග්න ක්‍රමය පැවතිණි. එය භාරතයට පැමිණ පසුව සිංහලයන්ට ලැබී ඇතැයි කිව හැකි ය. සිංහලයන් ඉන්පසු නැකැත් හා රාශි එකතු කර පද්ධතියක් ගොඩ නගා ඇති බව පෙනෙයි. අවුරුද්ද ලැබීම යනු පසුකාලීනව හිරු දෙවියා රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණයවීම ලෙස සලකා ඇත. නැකැත් හා රාශි එකතු කිරීමෙන් පසු එය මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම ලෙස ද  සලකා ඇත. අවුරුද්ද යනු සිංහලයන්ගේ නිර්මාණයක් වන අතර (වැඩි විස්තර සඳහා සිංහල අවුරුද්ද පොත කියවන්න) එය ථෙරවාදය හා සමහ සම්බන්ධකම් ඇති රටවල ද විවිධාකාරයෙන් සැමරෙයි. 

අවුරුද්ද දෙමළ වීමට ඉංගිරිසින්ගේ නිවාඩු සංඛ්‍යාව සමාන කිරීම හැරෙන්නට වෙනත් පදනමක් නැත. දෙමළ ජනයා අවුරුද්ද ලබාගත්තේ කාගෙන් ද? වත්මන් තමිල්නාඩුවෙන් ද? ඊයේ පෙරේදා තමිල්නාඩුවේ පැවැත් වූ අවුරුදු උත්සවයක් ගැන අසා ඇත්තේ කවු ද? හින්දූන්ගේ අවුරුද්දක් බක් මාසයේ උදා නො වේ. ඔවුන්ට දිපවාලී තෛපොන්ගල් ආදී උත්සව ඇත. ඔවුන් හතරවැනි මාසයේ අවුරුද්දක් ගැන කියන නමුත් එය උත්සවශී්‍රයෙන් නො පැවෙත්වෙයි. අද ලංකාවේ දෙමළ ජනයා අවුරුදු උත්සවය පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි. පසුගිය දිනවල වැල්ලවත්තට හෝ යාපනයට හෝ ගියේ නම් දෙමළ ජනයා අවුරුදු උත්සවය පැවැත් වූ ආකාරය දැකගැනීමට තිබිණි. 

දෙමළ ජනයා පමණක් නොව මුස්ලිම් ජනයා ද අවුරුදු උත්සවය පැවැත්වීම ගැන අපේ විරුද්ධතාවක් නැත. එසේ පැවැත්වීම පොදු සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට ද රුකුළක් වෙයි. එහෙත් අවුරුද්ද සිංහල හා දෙමළ යනුවෙන් හැඳින්වීමෙන් අප ඉංගිරිසින්ට වුවමනා වූ පරිදි ම සිංහල සංස්කෘතියේ සුවිශේෂත්වය නැතිකරනු පමණක් නොව එඩ් මිලිබැන්ඩ් අනුව යමින් අනාගතයේ දී අවුරුද්ද සිංහලයන්ට අහිමි කිරීමට ද දායක වනු ඇත.  

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 17

6 Responses to “අවුරුද්ද දෙමළ වූයේ කෙසේ ද?”

  1. Independent Says:

    අපේ අවුරුද්දට “දෙමළ” අලුත් අවුරුද්දයයි ඉස්සර කීවේ නැත​. ” “සිංහල සහ හින් දු” අවුරුද්දයයි භාවිතයක් තිබිනි. එය කවදා සිට දෙමළ වූවා දැයි නොදනිමි.
    නිර්වානය නැති, ලෝභය කුසලයක් යයි කියන නව “දෙමළ බුද්ධාගමක් ” බිහිකිරීමට ගොන් සිල්වා සහ ලොව-රෙන​-සෝ එකතුවී දැඩි උත්සාහයක් දියත් කර ඇත​. මේ ක්‍රමයට මෙය මෑත කාලයකදී කලා විය හැක​. ලොව-රෙන​-සෝ බුදුරජුන්ට “මළ මිනියක්” යයි අපහාස කරද්දී මොඩරේටර් ඇතුලු සිංහලයෝ බකන්නිලා සිටියා පමණක් නොවෙ ඔහු සම්පූර්ණ වෙබ් නිදහස බුක්ති විඳින අතර බෞද්ධයින් කොන්වීඇත​.

    එහෙත්, තමිල්නාදුවේ පවා දෙමළ පිරිස් සංක්‍රාන්තිය අලුත් අවුරුද්ද සේ සලකති. හැබැයි අවුරුදු උත්සවයක් නැත​. ඔවුන් ගේ අවුරුද්ද තයිපොන් ගල යයි ( අස්වැන්න උත්සවය​). හින් දූන් බොහෝදෙනා උත්සව කරන්නේ දීපාවලියයි.

    තායිලන්තයේ “සොන්ක්‍රාන්” උත්සවය පවතී ( අපේ මෙන් ලොකුවට නැත​). ඔවුන් එකිනෙකාට වතුර ගසා ගනිති.

  2. Sarath W Says:

    It is time our gutless, spineless MY3 to show he has balls and summon the British high commissioner and strongly object to ED Miliban’s speech to congratulate the Tamils only on the Sinhala/tamil new year. That scum like his brother is another stupid racist and a political slut make such comments to buy Tamil votes at the forth coming election.

  3. Senevirath Says:

    ඉංග්‍රීසින්ගේ වහලුන් වශයෙන් මෙහි ආ දෙමලුන්ට අපේ ජාතික ගීයත් අපේ අවුරුද්දත් අන්තිමට අපේ රටෙන් කොටසකුත් දෙන්නේ අපේම එවුන්ය රනිල් චන්ද්‍රිකා ආදී ධනවාදී ද්‍රෝහීන් මෙන්ම වික්‍රමබාහු වාසු වැනි ද්‍රෝහීන්ද මුන්ට අහවල් එකත් දෙනු ඇත .

  4. Kumari Says:

    Sarath, don’t expect my3 to demand an apology. Did any of our leaders objected to Vigneswaran,s genocide resolution. The troika is eagerlywwaiting to hoodwink the public and handover the country to their masters.

  5. Independent Says:

    Those self-proclaimed mighty hero did not demand any apology from India. Will My3 demand from his master ? No.

  6. ranjit Says:

    Gutless,spineless,brainless MY3 do not have any balls to show because he is balls less too and do not have any backbone to say anything to that creepy young bastard Miliband or summon the British High Commissioner and object on his comments.

    These white pigs thinks that we are still under them. MR kept them in their place and because of that they were like snakes waiting to strike at the correct time and they succeeded somehow. This gutless guy cannot face these English pigs because he is afraid and do not have any knowledge to answer them in English. I think it’s best for the country if he pack up and go home to pollonnaruwa and start working on a paddy field rather than Governing the country with no knowledge of foreign policy.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress