සෝමවංශ අමරසිංහගේ කරණම 1.
Posted on April 19th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක තුමා හා පක්ෂයේ වර්තමාන විදේශ කටයුතු සම්බන්ධ ලේකම්තුමා වන සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස්වී අැත.

ඉල්ලා අස්වීමට හේතු වශයෙන් කරුණු දැක්වීමේදී;ඔහුගේ කරුණු පෙල ගැස්සවීමත් සමගම ඉදිරිපත් කරන කරුණු කාරනා මගින් මහා විශාල කථාන්දරයක් සමාජයට ඒලි දක්වයි. මේ කථාන්දරය තුල සමාජයට අැවැසි වැදගත් පණිවුඩයක් අැති බැවින් ඒ් සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් මේ ලිපිය ලිවීම අාරම්භ කලෙමු.

සෝමවංශ අමරසිංහ මහතාගේ වර්තමාන ප්රකාශයන් තුල දත්තයන් රාශියක් අන්තර්ගතය. පලමුව අප කල යුත්තේ ඒ් දත්තයන් හදූනාගෙන පෙල ගස්වා ඒ් දෙස බලා සිටීමයි. ඒසේ මනාව පෙල ගැස්සූ දත්තයන් අපට ලබා දෙන නිගමනයන් කුමක්දැයි අප විමසා බලමු. ඒ් නිසා අප ඔහු කියන කථාවට සවන් දෙමු.

https://www.youtube.com/watch?v=ouv-jTQKdjE

මොහු මෙහිදී කරුණු ඉදිරිපත් කරන්නේ මෙසේය.

1.මේ අපිට දැනුවත් කරන්න ඔ්නි කරලා තියෙනවා; මම මෙතැන් සිට ජනතා විමුක්ති පෙරමුණේ නැහැ. මම ජනතා විමුක්ති පෙරමුණේ; නායකයෙක්වත් සාමාජිකයකුවත් නොවෙයි මේ මොහොතේ සිට. ඒ් පිලිබදව ලොකු පැහැදිලි කිරීමක් නැහැ කියන්න.මට හිතුන දේවල් ටිකක් තියෙන්නේ කියන්න. මම දරණ අදහසක් තියෙන්නේ කියන්න.

  1. ජනතා විමුක්ති පෙරමුණ පිලිබදව කියන්න තියෙන්නේ; කිසිම සැකයක් නැතිව ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සමාජවාදී පක්ෂය බවයි.

3.ජනතා විමුක්ති පෙරමුණ හා වැඩ කිරීම සිදු කල කාලය සම්බන්ධව මා තුල කිසිම පසුතැවීමක් නැහැ. ඒ් වගේම කිසිම චිත්ත සන්තාපයක්වත් නැහැ.

  1. පක්ෂහේ කිසිම සහෝදරයකු පිලිබදව හෝ සහෝදරියක පිලිබදව කිසිදු සහෝදරාත්මන නොවන සිතුවිල්ලක් මා තුල නැහැ.
  2. ජනතා විමුක්ති පෙරමුණ නොවන කිසිදු පක්ෂයකට මේ රටේ සමාජවාදය ගොඩනංවන්නට බැහැ. ඒක සහතිකයි. ඒක මම අදහන දේ.

6 ඒකම ප්රශණය තියෙන්නේ.ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගන්නෙ නැති දේවල් ප්රමාණයක් තියෙනවා. ඒ් දේවල් ප්රමාණය ඉක්මනින් හදා ගත්තොත් ඉක්මනින් ජයග්රහණය කරා යන්න පුල්වන්. ඒ් වෙලා තියෙන දෙය මම තේරුම් අරන් තියෙනවා. ඒ්ක පක්ෂය දැනුවත් කරලත් තියෙනවා.

7. මම ඉන්නවා දැන් නිගමනයක පක්ෂය ඒ් ජයග්රහණය කරා තියෙන ලෙහෙසි ඒ් මාර්ගයට ඒන්නෙ නැතිව අත්හරිමින් ඉන්නවා කියල.

8.රටේ තිබුණේ මම නායකත්වය බදාගෙන ඉන්නවා කියලා නිකම් හැගීමක් තිබුණා. ඒහෙම දෙයක් වෙන්නේ නැහැ.ඉස්සරහට පැමිණිය යුතු නායකත්වය දිය යුතු අය ඉන්නවා ඒහෙම දිය යුතුයි.

9. අැත්ත වශයෙන්ම මේ සිදුවිය යුතු දේ තමයි. අැයි මේ ජනතාව අපිව පහලට ගෙන යමින් සිටින්නේ කියලා.

10. අපි පිටිපස්සේ යම්කිසි වැඩ පිලිවෙලක් දාල පොඩ්ඩක් උඩට අරගෙන තියෙනවා තමයි.

11. ඒ උනත් අපි හැම තිස්සෙම බයක ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණ මේ චන්දෙදි පහල දමයිද? ඊලග චන්දෙදි පහල දමයිද? ඊට පස්සේ උඩට ඒන්නෙ කොහොමද? ඔහොම ඒකක් තියෙනවා. අපිට ඉතින් වරින් වර ලැබෙන අවස්ථා තිබෙනවා.

12. නමුත් ඒතන නෙමෙයි ප්රශ්නය තියෙන්නේ. මං තේරුම් ගත්තු විදියට දැන් තේරුම් අරන් තියෙන්නේ මේ මොහොතේ; ඒතන නෙමෙයි ප්රශනය තියෙන්නේ; අපි දැන් මේ රටට අවශ්‍යම පක්ෂය හැටියට ඒන්න පුලුවන්කම තියාගෙන ඒ්ක අත්පත්කර ගන්නේ නැති පක්ෂයක් බවට පත්වෙලා තියෙන්නේ.

13. නිසි අාකාරයට අප මේ සංස්කෘතියත් ඒක්ක ගැටිලා නැහැ. මහජනතාවත් ඒක්ක බද්ධ වෙන්න තියෙන නොහැකියාව. ඒ්ක දේශපාලන පක්ෂයකට කිසිසේත්ම හොද නැහැ.

14. ඉදිරියට ඒන්න තියෙන අවස්ථාව පැහැර හරිමින් සිටිනවාද කියන බරපතල සැකයක් තියෙනවා. මේ පිලිබදව මා පක්ෂයට දැනුම් දුන්නේ නැහැ. මේ තීරණයට අාවට පස්සෙත් මේක දැනුම් දෙන්න ඔ්නි කියල මම හිතන්නෙත් නැහැ.

15.මේ පියවර ගන්නවා කියලා පක්ෂයේ කිසි කෙනෙක් දන්නෙත් නැහැ. මෙන අය පක්ෂයෙන් අෑත් වෙලා තියෙන්නේ විනාශයක් කර ගෙන මම ඒ්ක කරන්නේ නැහැ. මම පක්ෂයක් ගොඩනංවනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් නොවෙයි.

මේ සෝමවංශ මහතා දෙරණ රූපවාහිනී නාලිකාවට ඉදිරිපත්කරන කරුණු සම්බාරයයි.
1.ට අනුව ඔහු ඉතා සැහැල්ලුවෙන් කියා සිටින්නේ මම මේතැන් පටන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු නොවන තවද ඒසේ ඉල්ලා අස්වීමට ඉතා පැහැදිලි කරුණක් නැති බවක්ද කියා සිටියි. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම අහේතුක ඉල්ලා අස්වීමක් බවට ඉස්මතුව පෙනේ. ඔහුට අනුව; ඔහු ඉල්ලා අස්වෙන්නේ; රටේ සමාජවාදී සමාජයක් අනිවාර්යෙන්ම ගොඩනැංවීමේ ශක්තිය අැති පක්ෂයෙන් බව ඔහුම කියයි. ඒමෙන්ම තමා ඉතා කැමත්තෙන් දේශපාලන කටයුතු කල තමන්ටකිසිදා පසුතැවිල්ලක් උරුම නොකල කිසිදා චිත්ත පීඩාවක් නුදුන් පක්ෂයෙන් ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර අැත. ඒසේ කියන්නේ සෝමවංශඅමරසිංහ මහතාම. තවද ඔහු මේ ඉවත් වන්නේ තමන්ට කිසිදා වරදක් නොකල තමන් සමග සහයෝගයෙන් කටයුතු කල සහෝදර සහෝදරයින්ගෙන් බවද ඔහු පවසයි.

මුලින්ම අහේතුකව ඉල්ලා අස්වෙන බව අගවමින් සිටි ඒ් මහතා ඒකවරම සියුම් චෝදනාවක් පක්ෂය වෙත ඒල්ල කරන්නේ මේ අාකාරයෙණි.
“ඒකම ප්රශණය තියෙන්නේ.ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගන්නෙ නැති දේවල් ප්රමාණයක් තියෙනවා. ඒ් දේවල් ප්රමාණය ඉක්මනින් හදා ගත්තොත් ඉක්මනින් ජයග්රහණය කරා යන්න පුල්වන්. ඒ් වෙලා තියෙන දෙය මම තේරුම් අරන් තියෙනවා. ඒ්ක පක්ෂය දැනුවත් කරලත් තියෙනවා. මම ඉන්නවා දැන් නිගමනයක පක්ෂය ඒ් ජයග්රහණය කරා තියෙන ලෙහෙසි ඒ් මාර්ගයට ඒන්නෙ නැතිව අත්හරිමින් ඉන්නවා කියල”

මේ චෝදනාව ඒල්ල කරන්නේ පක්ෂයටය. මේ පක්ෂයට මේවා තේරෙන්නේ නැහැ. පක්ෂය මේවා ඉක්මනින් හදා ගත්තොත් ඉක්මනට ජයග්රහණයන් ලබා ගන්න පුලුවන් කියමින් පක්ෂයට චෝදනා කරන විට; අපට මතක් වන්නේ “මිලින්ද ප්රශ්නයයි” නාගසේන මහා රහතන් වහන්සේ මිලින්ද මහ රජතුමාගෙන් අසන පැනය වන්නේ

“මහ රජතුමණි රථය නම්කුමක්ද?”

ඒ් අාකාරයටම සෝමවංශ අමරසිංහ මහතාණෙනි ඔබට අනුව;

“පක්ෂය නම් කුමක්ද?”

“ජනතා විමුක්ති පෙරමුණ නම්වූ බෝඩ් ඒක පක්ෂයද?”

“ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලය පක්ෂයද?”
“ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රීවරු පක්ෂයද?” අාදී වූ ප්රශන රාශියක් ඒදා නාගසේන මහ රහතන් වහන්සේ විසින් අපට පුහුණු කල අාකාරයටම සෝමවංශ අමරසිංහ මහතාගෙන් අැසීමට සිදුවේ. ඔහු අද චෝදනා කරන පක්ෂය යනු ඔහුගෙන් වියෝව කථා කලහැකි දෙයක් නොවේ. ඔහු හා බද්ධව අැති දෙයකි.

අැත්තටම මේ පක්ෂය යනු කුමක්ද? 1964දී රෝහණ විජේවීර සහෝදරයා හා තවත් සහෝදරවරු කණ්ඩායමක් විසින් බිහි කරන ලද උදාර අරමුණින් ගොඩනංවන ලද දේශපාලන පක්ෂයකි. ඒහි නායකත්වය රෝහණ විජේවීර සහෝදරයා විසින් වසර 25ක් අඛණ්ඩව නායකත්වය දැරූ අතර; සෝමවංශ අමරසිංහ මහතා විසින්ද වසර 25ක් අඛණ්ඩව නායකත්වය දරණ ලද පක්ෂයකි. ඒබැවින් “පක්ෂයට තේරෙන්නේ නැහැ”. “පක්ෂය තේරුම් ගත යුතූයි” වැනි වචන භාවිතා කිරීමට විප්ලවවාදී දේශපාලන පක්ෂයක නායකයකු වශයෙන් කටයුතු කල සෝමවංශ අමරසිංහ මහතාට; කොහෙත්ම අයිතියක් නැත. විප්ලවවාදී පක්ෂයක නායකයා යනු ප්රභල චරිතයකි.

ඒදා 1989දී රෝහණ විජේවීර සහෝදරයා නායකත්වය දරණ අවධියේදී; සෝමවංශ අමරසිංහ මහතාට අද පහල වී අැති සිතුවිලිම පහල වූවානම් ඒ සිතුවිලි පහල වීමට සාධාරණ හේතුවක් අැත. තමන්ගේ බිරිදට දරු පැටියකු ලැබී සිටින අවස්ථාවකදී; බිරිදත් දරුවාත් විදින දුක් ගැහැට දකින පියෙකුට කුමන සිතුවිලි පහල විය හැකිද? ඔහුට පහල වූහේ කුමන සිතුවිලිද? යන්න දන්නේ ඔහු පමණි.

ඒදා ඔහු පක්ෂ නායකයා නොවීය. ඒවන් තත්වයක සිටි ඔහුට ” මම මෙතැන් සිට ජනතා විමුක්ති පෙරමුණේ නැහැ. මම ජනතා විමුක්ති පෙරමුණේ; නායකයෙක්වත් සාමාජිකයකුවත් නොවෙයි මේ මොහොතේ සිට. ඒ් පිලිබදව ලොකු පැහැදිලි කිරීමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පිලිබදව කියන්න තියෙන්නේ; කිසිම සැකයක් නැතිව ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සමාජවාදී පක්ෂය බවයි. ජනතා විමුක්ති පෙරමුණ හා වැඩ කිරීම සිදු කල කාලය සම්බන්ධව මා තුල කිසිම පසුතැවීමක් නැහැ. ඒ් වගේම කිසිම චිත්ත සන්තාපයක්වත් නැහැ. පක්ෂහේ කිසිම සහෝදරයකු පිලිබදව හෝ සහෝදරියක පිලිබදව කිසිදු සහෝදරාත්මන නොවන සිතුවිල්ලක් මා තුල නැහැ. ජනතා විමුක්ති පෙරමුණ නොවන කිසිදු පක්ෂයකට මේ රටේ සමාජවාදය ගොඩනංවන්නට බැහැ. ඒක සහතිකයි. ඒක මම අදහන දේ යයි සිතමින් ඒදා ජනතා විමුක්ති පෙරමුණෙන් පලාගියානම් ඒ ක්රියාව තුල යම් අරමුණක් අැත. ඒ් ඒදා පැවති තත්වයට සාපේක්ෂවය.

අද පවතින්නේ ඊට ප්රතිවිරුද්ධ වටාපිටාවක් වන අතර; තමන් වසර 25ක් නායකත්ව දරමින් ගොඩනැංවූ පක්ෂයේ සෑම ජයග්රහණයක පලයන් වල අයිතියත් පරාජයන් වල වගකීමත් සෝමවංශ අමරසිංහ මහතා සතුය.ඒතන දෙගිඩියාවක් හෝ කථා දෙකක් නැත. ඒහෙනම් මේ අවස්ථාවේදී සෝමවංශ අමරසිංහ මහතා මේ අාකාරයට පක්ෂය හැර යන්නේ අැයි? අප සතු දත්තයන් අපට කියාපාන්නේ මොනවාද යන්න මීලග ලිපියෙන් සාකච්ඡා කරමු.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

5 Responses to “සෝමවංශ අමරසිංහගේ කරණම 1.”

  1. Christie Says:

    Namaste: JVP the Sinhala terrorist arm funded by Indian Empire. This sucker may have been pushed out or the Third Eye has some other plan for the “Senile man”; a word from one of his former terrorist associate. Jai Hind.

  2. Hiranthe Says:

    This is a plot for which he has no answers. He is telling JVP is the best and still leaving. I can smell Dollars!!!

  3. Dr.K Says:

    මටනම් පෙනෙන්නේ JVP කියන්නේ මාර්ක්ස්වාදී රාමුවට මුවාවී සිංහල ජාතිය හා රට කාබාසිනියා කරන්න සැදී පැහැදී කටයුතු කල හා කටයුතු කරන සංවිධානයක් ලෙසය.

    ඔවුන් 1971 හා 1988 දී රටට වැඩදායි සහ පිට කොන්දක් තිබු සිංහල තරුණ පිරිස් රවටා සිහින ලෝකවලට ඔවුන් ගෙනගොස් පිලිවෙලින් SLFP හා UNP ආණ්ඩු ලවා ඔවුන් මර දැමුවේය – රටට වැඩදායි තරුණ සම්පත නැති කළේය. ඒ වැඩේ කලාට පස්සෙ ඔවුන් මේ ආණ්ඩු දෙකම සමග සුහද වී කටයුතු කළේය. අද ඔවුන් රනිල් සමග එකතුවී සිංහල බවුද්දයාට තම මව්බිමත් නැති කිරීමට කටයුතු කරන්නේය. ඔවුන් සිංහල ජාතියටම තර්ජනයකි.

  4. Dr.K Says:

    JVP කියන්නේ මාර්ක්ස්වාදී රාමුවට මුවාවී සිංහල ජාතිය හා රට කාබාසිනියා කරන්න සැදී පැහැදී කටයුතු කල හා කටයුතු කරන සංවිධානයki.

    ඔවුන් 1971 හා 1988 දී රටට වැඩදායි සහ පිට කොන්දක් තිබු සිංහල තරුණ පිරිස් රවටා සිහින ලෝකවලට ඔවුන් ගෙනගොස් පිලිවෙලින් SLFP හා UNP ආණ්ඩු ලවා ඔවුන් මර දැමුවේය – රටට වැඩදායි තරුණ සම්පත නැති කළේය. ඒ වැඩේ කලාට පස්සෙ ඔවුන් මේ ආණ්ඩු දෙකම සමග සුහද වී කටයුතු කළේය. අද ඔවුන් රනිල් සමග එකතුවී සිංහල බවුද්දයාට තම මව්බිමත් නැති කිරීමට කටයුතු කරන්නේය. ඔවුන් සිංහල ජාතියටම තර්ජනයකි.

  5. Christie Says:

    Namaste: Dr. K thanks. Socialism to the Island was brought in by Indian Colonial Parasites. Mohandas Karamchand was one of them. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress