කිරිඇල්ලගේ තවත් හෙළිදරවුවක්
Posted on April 21st, 2015

නලින් ද සිල්වා

මෛත්‍රිපාලට කෙසේ වෙතත් රනිල්ට ගෙදර යෑමට කාලය පැමිණ ඇත. ඔහු යන දිනය නිශ්චිත ව කීමට නොහැකි වුවත් බරක් ඔබාමාට, ජෝන් කෙරීට, නරේන්ද්‍රසිං මෝදිට, සෝනියා ගාන්ධිට, ඩේවිඩ් කැමරන්ට, එඩ් මිලිබෑන්ඩ්ට, විදේශීය ඔත්තු සේවාවලට හා දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය අන්දමට මෙරට පාලනය කිරීමට නොහැකි බව රනිල් මෙන් ම මෛත්‍රිපාල ද තේරුම් ගත යුතු ය.

මෛත්‍රිපාල හා රනිල් විජාතිකයන්ට බැළ මෙහෙවර කිරීමට සූදානම් වුවත් සිංහලයන්ගෙන අතිමහත් බහුතරය මහත් වූ අභිමානයකින් ඒ ප්‍රතික්‍ෂෙප කරති. මෛත්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්‍ෂ අතර සමගියක් වන්නේ නම් එහි පදනම විය යුත්තේ රටේ ස්වෛරිභාවය ය හා ඒකිය බව ය, ඔත්තු සේවාවලින් නිදහස් වීම ය. ඒ සඳහා පළමුව මෛත්‍රිපාල සිරිසේන තම බැඳි ලිහා ගත යුතු ය.

මෛත්‍රිපාල ජනාධිපති අපේක්‍ෂකයා වූයේ රනිල්ට ජනාධිපතිවරණයකින් තබා අද තත්ත්වය අනුව නම් බටහිර කොළඹ වැනි බල ප්‍රදේශයකින් හැරෙන්නට වෙනත් ප්‍රදේශයකින් ජයගත නො හැකි බැවිනි. විජාතික බලවේගවල සැලසුම වූයේ රනිල් අගමැති කර ඔහුට විධායක බලතල පැවරීම ය. 19 වැනි සංශෝධනය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා නොව රනිල්ගේ ඒකාධිපති පාලනයක් හා ඒ ආශ්‍රිත පළිගැනීම් සඳහා ය. රනිල්ගේ බලාපොරොත්තු ඉටු නොවන බැවින් අද ඔහු වියරුවෙන් මෙන් හැසිරෙයි. 

ඔහුට අවශ්‍ය වූයේ මහින්දගෙන් ද පළිගැනීමට ය. මහින්ද යුද්ධාපරාධ චෝදනාවලට වරදකරු කර ඊනියා ජාත්‍යන්තරයට භාර දීමට ය. ඒ අතර මහින්ද දූෂිතයකු ය යන්න ඊනියා ජාත්‍යන්තරය ඉදිරියේ තහවුරු කිරීම ය. රනිල්ට තමා විසින් පත්කරන ලද තම මිතුරකුගේ භාර්යාව වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය පිහිටට පැමිණියා ය. ඇය මහින්ද රාජපක්‍ෂට හා තිස්ස අත්තනායකට විරුද්ධව අල්ලස් චෝදනා ඉදිරිපත් කළා ය. වාර්තාවන අන්දමට ඒ තිස්ස අත්තනායක ඇමතිවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙනි. 

ඊනියා ස්වාධීන කොමිසම් යනු බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ හා දැනුමේ තවත් පට්ටපල් බොරුවක් පමණ ය. එය පවතින්නේ වියුක්ත සංකල්පයක් ලෙස පමණකි. ඊනියා ස්වාධීන කොමිසම් එහි නිලධාරීහු අවසානයේ දී යම් දේශපාලනඥයකු විසින් පත් කෙරෙති. අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය තම මිතුරකුගේ භාර්යාව බව රනිල් පිළිගනියි. එපමණක් නොව ඔහු පාර්ලිමේන්තුවට කියා සිටියේ අධ්‍යක්‍ෂවරිය මහින්ද කැඳවා ඇත්තේ සාක්‍ෂියක් සටහන් කර ගැනීමට බව ය. එහි ඇත්ත නැත්ත අපි නො දනිමු. එහෙත් අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියගේ අභිප්‍රාය රනිල් දැනගත්තේ කෙසේ ද? රනිල්ට දිවැස් තිබේ ද? අපට ඔහු ලවා වෙනත් දැනුම් ද ලබාගත හැකි ද? රනිල් පාර්ලිමේන්තුවේ දී පරළ වන්නේ තමා යන දවස දිවැසින් දැක ඇති බැවින් ද? අප ආසනික් පිළිබඳ දැනුම ලබාගත්තේ ඇතැම් දෙවියන් සමග සංනිවේදනය කළ හැකි කාන්තාවක මගිනි. අද එය ලෝකයේ ම කතාබහට ලක්වන දැනුමක් බවට පත් වී ඇත්තේ මෙරට හා පිටරට සිටින ඊනියා ලාංකික විද්‍යාඥයන්ගේ ගැරහුම් හා කෙණෙහිළි මැද ය.  

විජේදාස රාජපක්‍ෂ, අජිත් පෙරේරා, ල’ක්‍ෂමන් කිරිඇල්ල හා රනිල් වික්‍රමසිංහ නීතිඥයෝ වෙති. විජේදාස රාජපක්‍ෂ ජනාධිපතිවරණ නීතියට අනුව තිස්ස අත්තනායකට ඇමතිකමක් දීම අල්ලසක් ලෙස අර්ථකථනය කරයි. එහෙත් එය අල්ලසක් බව උසාවියක ඔප්පු කිරීමට ඔහුට නො හැකි ය. ඒ අල්ලසක් වීම සඳහා අවශ්‍ය නිර්ණායක සපුරා නැත. අජිත් පෙරේරා කියන්නේ ජනාධිපති ධුරය දරන කාලයේ දී යමකුට නෛතික ව මුක්තියක් ඇති නමුත්  ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමග එ මුක්තිය නැති වන බව ය. ඔහු කියන්නේ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමග ජනාධිපති ධුරය දැරූ කාලයේ දී හිමි ව තිබූ මුක්තිය ද නැති වන බව ය. එය එසේ නම් එහි ඇත්තේ මුක්තියක් නොව හිස් මුට්ටියක් පමණකි. අජිත් පෙරේරා ඒ සම්බන්ධ පුර්වාදර්ශයක් ලෙස චන්ද්‍රිකාට විරුද්ධව තිබූ නඩුවක් ගෙන හැර දක්වයි. නීතිඥයන්ට පුර්වාදර්ශ වැදගත් වන බව සැබෑ ය. එහෙත් නඩු තීන්දුවක් යනු විනිශ්චයකාරවරයකුගේ හෝ කිහිප දෙනකුගේ මතයක් පමණකි. මුක්තිය පිළිබඳ කතාව ප්‍රමූලධර්මවලින් පටන්ගෙන තර්ක කළහොත් වෙනත් නිගමනයකට පැමණීිමට හැකි බව අජිත් පෙරේරා විශ්වවිද්‍යාලයේ දී ඉගෙන ගත්තේ නැත්නම්  එය ඔහුගේ ප්‍රශ්නයකි. 

එහෙත් මේ සියල්ලට ම වඩා හොඳම කතාව කරන්නේ සුපුරුදු පරිදි ලක්‍ෂමන් කිරිඇල්ල ය. ඔහු කියා සිටින්නේ තිස්ස අත්තනායකට ඇමතිකමක් දීමේ දී මුදල් ගනුදෙනුවක් ද  වී ඇති බව ය. එය තිස්ස අත්නායකට යවන ලද චෝදනා පත්‍රයෙහි සඳහන් වන්නේ ද? කිරඇල්ල එය දැනගත්තේ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියගෙන් ද? එසේත් නැත්නම් ඔහුටත් රනිල්ට මෙන් දිවැස් පහළ වී ද? දිවැස් පහළ වූවන්ගේ සංගමයක් පිහිටුවා ගන්නේ නම් එය අපේ වැඩ කටයුතුවලට ද පහසුවක් වනු ඇත. 

ඒ එකක්වත් නොවේ නම් කිරිඇල්ල ඒ බව දැනගත්තේ ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බව දැනගත් ගොන් ක්‍රමයකට ද? එසේත් නොමැති නම් බැරි වෙලාවත් අල්ලස් කොමිසමේ කාහටවත් අල්ලසක් දී ද? අපට මේ එකක්වත් දැනට බැහැර කළ හැකි නො වේ. කිරිඇල්ල ම තමා මේ වැදගත් දැනුම ලබාගත්තේ කෙසේ දැයි රනිල් යෑමට පෙර හෙළිදරවු කරන්නේ නම් රනිල් ගිය පසු දැනුම ලබාගැනීම සම්බන්ධ කොමිසමක් පත්කිරීමට මහින්දට සිදු නොවනු ඇත.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 21

6 Responses to “කිරිඇල්ලගේ තවත් හෙළිදරවුවක්”

  1. Christie Says:

    Namaste: “ඔහුට (Ranil) අවශ්‍ය වූයේ මහින්දගෙන් ද පළිගැනීමට ය”. What we see is non Indian are fighting among them selves. Please look at the voting stats of 2005 and 2015. In 2005 Indian Empire got Indian vote to abstain from voting so Mahinda was voted in as expected by the Empire. Unfortunately for the Empire Mahinda did not follow the directions of the Empire like Bandaranayake clan or J R Jayawardane. This infuriated the Indian Empire and tried to correct its massive error by enlisting Field Marshal Fonseka in 2010. Indian Empire enlisted Sirisena, divided non Indian vote and Indian block vote that abstained in voting in 2005 voted for Sirisena. Plese non Indians unite and fight the common enemy the Indian Empire. Jai Hind

  2. Indrajith Says:

    What Saman Gamage says, “හිස්‌ ටිං එකක්‌ වාගේ අනේ මේ දින සීය මල්ලී” very accurate!

  3. S.A Says:

    MR supporters have managed to show the following facts within 100days.

    1. MR is the most popular leader in Sri Lanka, despite his defeat (actually country’s defeat) due to the political coup planned by the West and India.
    2. My3 ‘s is just a puppet and is the most incapable President/PM we had since independence.
    3. Ranil is the favourite of the West and his dictatorial behaviour overrides that of his uncle JR .His continued leadership will defiantly create something similar to CIA backed a Dinh Diem regime in Vietnam in 1960s.

    MR camp should now have the strategies to achieve the following as early as possible.
    1. To defeat 19A
    2. Replace My3 with MR as the leader of the SLFP or strengthen the UPFA with his leadership to win the next general election.

  4. Christie Says:

    Namaste: ““හිස්‌ ටිං එකක්‌ වාගේ අනේ මේ දින සීය මල්ලී” “. Ask Mahendrans about the empty Tin, looks like Saman Gamage got a penny from them. Jai Hind.

  5. Indrajith Says:

    Christie, Mahendran’s pennies, and dollars are for the Yahapalanaya gang. Not for patriots!

  6. jay-ran Says:

    My GOAD! This goat MY has messed up every thing in SIRI LANKA.This BASTERED said that HE WILL NEVER APPOINT HIS FAMIMILY MEMBERS FOR GOVT POSITIONS???
    1) This rowdy BASTERED,TRAITOR APPOINTS HIS BROTHER AS THE HEAD OF SL TELECOM!
    2) NOT ONLY THAT ,HIS BROTHER”S SALARY WAS DOUBLED ACCORDING TO NEWS REPORTS(GOOD WORK BY YAHA PALAKAYA)
    3) HIS SON OR SIL WAS APPOINTED AS A MINISTRY OFFICIAL OF DEFENCE WHO HAS NO QUALIFICATIONS AT ALL,ACCORDING TO NEWS PAPER REPORTS!!!
    Now to annalyse RANIL THE BATALANDA MINEEMARUWA WHO RESPONSIBLE FOR:
    1) 31 INNOCENT SCHOOL CHILDRENS OF A SCHHOOL IN KAMBURUPITIYA WERE “KILLED” M<ERCILESSLY IN 88/89 PERIOD OF GOVT INSURGENCY!
    2) LAWYER LIYANAAARACHCHI WAS KILLED AT BATALANDA BY INSERTING "NAILS" INTO HIS HEAD,ALIVE!!!
    3) THEN GONAWALA SUNIL,THE GANGSTER,KUDU RAJA,WOMANISER,KILLER WAS RELEASE FROM JAIL BY THESE BASTERED!!!
    Now, all those who supported MY3 the GONG RAJA and RANIL THE MINEEMARUWA WILL SEE STARS VERY SOON BY THE ACTS OF GOD!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress