උගත් කුහකයෝ
Posted on April 25th, 2015
නලින් ද සිල්වා
බුදුන් වහන්සේගේ විනය පිටකය නීතියක් ලෙස ගතහොත් ඒ හැරෙන්නට නීතිය ලෝකයේ කිසි දිනෙක කිසි තැනක සියළු දෙනාට එක ම ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇතැයි මම නො සිතමි. එයට ප්‍රධාන හේතුව නීතිය ද පෘථග්ජනයන්ගේ දැනුම් පද්ධතියක් වීම හා දැනුම් පද්ධතියක් ලෙස එය සාපේක්‍ෂ වීමත් නීතිය පෘථග්ජනයන අතින් ක්‍රියාත්මක වීමත් ය. සාපේක්‍ෂ දැනුම් ඒ ඒ අයට අවශ්‍ය අයුරින් අර්ථකථනය කෙරෙයි. එහි කුහක කමක් ද වෙයි. බටහිර පන්නයේ උගත්තු බොහෝ විට කුහකයෝ වෙති.
මෙහි දී අපි ප්‍රශ්න දෙකක් පමණක් ගැන කතාකරමු. ඒ දෙකම පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට කරන ලද උද්ඝෝෂණය හා සම්බන්ධයෙනි. පොලීසිය එය පැවැත්වීමට එරෙහිව අධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගෙන තිබිණි. එහෙත් උද්ඝෝෂකයෝ තහනම් නියෝගය නොතකා උද්ඝෝෂනයෙහි නිරත වූහ. ඒ අය සම්බන්ධයෙන් අද පොලීසිය ක්‍රියා කරයි. එහි නායකයන් යැයි කියැවෙන්නන්ට උසාවියේ පෙනී සිටීමට නියෝග නිකුත් කෙරී ඇත.
උසාවියේ තහනම් නියෝගයක් කඩ කිරීම උසාවියට කරන ලද අපහාසයක් ලෙස අර්ථකථනය කළ හැක. එහෙත් මෙහි දී ප්‍රශ්න දෙකක් පැන නගී. එකක් නම් උද්ඝෝණයක් පාසා තහනම් නියෝග නිකුත් කරවා ගැනීමෙන් පොලීසිය උසාවිය හෑල්ලුවට ලක් නොකරන්නේ ද යන්න ය. උද්ඝෝෂණයකින් මාර්ග අවහිරතා ඇතිවන බව උසාවියට කියා තහනම් නියෝගයක් ලබාගෙන ඕනෑම උද්ඝොෂණයක් නැවැත්වීමේ හැකියාව ඒ අනුව පොලීසියට ඇත. එවිට උද්ඝෝෂණය කිරීමට ඇතැයි කියන අයිතියට කුමක් සිදුවේ ද? පොලීසිය මානව අයිතිවාසිකම් කඩ නොකරන්නේ ද? පොලීසිය කළ යුතුව ඇත්තේ උද්ඝෝෂණයට ඉඩ දී මාර්ග අවහිර නොවන ආකාරයකට එය පැවැත්වීමට කටයුතු කිරීම ය.
දෙවනුව ඒ සම්බන්ධයෙන් කිව යුත්තේ අන්තර විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙවැනි තහනම් නියෝග කඩකළ අවස්ථා එමට බව ය. එහෙත් පොලීසිය ඔවුන්ට එරෙහිව කිසිවක් කර නැත. ඒ අනුර කුමාරට බියෙන් ද? එසේත් නැත්නම් කුමාර මහත්තයාට බියෙන් ද? පොලීසිය අවස්ථා දෙකක දී දෙයාකාරයකින් ක්‍රියා කරන්නේ කුහක කමට ද?
එකී උද්ඝෝෂණයෙහි දී ම තීරු නැති කොඩියක් ප්‍රදර්ශනය කෙරී ඇත. එය ජාතික කොඩිය නම් නීතියට අනුව වරදකි. ජාතික කොඩිය කුමක් දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙයි. ඒ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම සමාව අයැද ඇත. ඔහු සමාව ඉල්ලන්නේ කුමන වරදකට දැයි අපි නො දනිමු. උදය ගම්මන්පිල ද ඇඟ බේරාගන්නා වචන කියා ඇත. එහෙත් මේ කොඩිය ජාතික කොඩිය යැයි කිසිවකු කියා නැත. යම් අයකු ගැමුණු කොඩිය එතැනට රැගෙන ආවේ නම් එය ද වරදක් ද?
එය ජාතික කොඩිය ලෙස ප්‍රදර්ශනය කර නැත්නම් එහි වරදක් තිබිය හැකි නො වේ. එහෙත් එයට වඩා බරපතළ වරදක් පසුගිය දා යාපනයේ දී සිදුවිණි. එහි දී ජාතික ගීය දෙමළෙන් ගැයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය ගැයිය යුත්තේ සිංහලෙන් පමණකි. දෙමළෙන් එය ගැයීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. යාපනයේ දී ගැයුනේ වෙනත් ගීයක් නොව ජාතික ගීය බවට විවාදයක් නැත. ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් නිහඬ ය. මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් දෙමසක් පමණ ගතවන තෙක් ඩලස්ලා සොයාගැනීමටවත් නොහැකි විය. අද ඩලස් ජාතික කොඩියක් ගැන සමාව ඉල්ලන්නේ පැකේජ් පෙරහැරේ ගමන් කිරීමට ද? ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන පොලීසිය හෝ ඩලස් හෝ කියන්නේ කුමක් ද?
නලින් ද සිල්වා
2015 අප්‍රේල් 25
April 25th, 2015 at 6:18 am
මුන්ට අමු කැවිලා නලින් .ඩලස් ට පැහැදිලි චින්තනයක් නැහැ .බොහෝ ජාතික වාදීයය් කියන යටත් ඒ ගැන තර්කානුකුල පැහැදිලි අදහසක් නැහැ . ඉතින් ඔහේ දොඩවනවා පැරණි සිංහ කොඩිය හෝ නොයෙක් කොරල කොඩි හෝ ඔසවන්නට තහනම්ද . රාවනාලට රාවන කොඩියක් උස්සන තහනම්ද ඔහේ දොඩවනවා ස්තුතිය් නලින් හැමවිටම අලුත් දෙයක් කීම ගැන හිතන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඔබේ කතාවල එමටය් .
April 25th, 2015 at 7:00 am
Namaste: Who cares; Emperor Modi, Governor Chandrika, Kankani Ranil and Coolie Sirisena are not concerned. Jai Hind
April 25th, 2015 at 3:05 pm
ඔස්ට්‍රේලියාවේ ඇබොරිජිනී කොඩිය එසවීම තහනම් ද? නැත. සුද්දන් අල්ලාගත් රටේත් එහෙමනම් අපේ රටේ නිදහස තාම ලැබී නැත.