මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි
Posted on May 2nd, 2015

නලින් ද සිල්වා

අපට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ ලවා ප්‍රකාශයක් කරවීමට ය. ඔහු එක් ප්‍රකාශයක් නොව ප්‍රකාශ දෙකක් ම කළේ ය. ඒ ශ්‍රී ල නි පක්‍ෂය පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටියේ) පැවැත්වූ රැස්වීමට හා එක්සත් ජනතා නිදහස් සංධානය ලලිත් ඇතුළත්මුදලි පිටියේ පැවැත්වූ මැයි දින රැළිවලට ය. එහි ඔහුට අවශ්‍ය කුමක් ද යන්න ගැන ඉඟියක් වෙයි. එහෙත් ඒ දැනට ලැබී ඇති දත්ත අනුව ය. 

ඔහු ජනවාරි 9 වැනි දා ශ්‍රී ල නි පක්‍ෂ සභාපතිත්වය මෛත්‍රිපාල සිරිසේනට භාර දුන්නේ ය. ඉන්පසු නුගේගොඩ, මහනුවර හා රත්නපුර රැස්්වීම් තුනට සුබ පැතුම් පණිවුඩ යැවී ය. ඒ අතර රට වටා පන්සල්වලට ගියේ ය. ඔහු යන්නේ කොහේද යන්න ගැන යම් අනාවැකියක් කිව හැකි ය. 
මා බටහිර දේශපාලන විද්‍යාව හදාරා නැත. එහෙත් සමාජයීය බලවේග ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න හදාරමි. මාක්ස්වාදීන් බටහිර විද්‍යාත්මක යැයි කියන පට්ටපල් බොරු කතන්දරවල පෞද්ගලික සාධක අමතක කරන නමුත් ඒවා ද වැදගත් වෙයි. මෛත්‍රිපාලගේ ඉවත් වීමෙන් පසු ජනවාරි වන විට ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද කණ්ඩායමකට හා මෛත්‍රිපාල කණ්ඩායමකට කැඩී තිබිණි. එහෙත් පක්‍ෂයේ දේශපාලන අත්තිවාරම කැඩී නො තිබිණි. බෙදීමක් තිබුණේ ඉහළ සාමාජිකයන් අතර ය. ඔවුන් බොහෝ දෙනකුගේ දේශපාලනය අත්තිවාරමේ දේශපාලනයට වඩා වෙනස් ය. උඩ බෙදීම තීව්‍ර වේ යැයි අපි සිතුවෙමු. පෞද්ගලික හේතුවකට හෝ වෙනත් හේතුවකට හෝ මහින්ද එසේ සිතා නැත.  
ඇතැම්හු ශ්‍රී ල නි පක්‍ෂය දිය වී ගොස් ඇතැයි සිතූහ. ඔවුන්ගෙන් සමහරකුට අවශ්‍ය වූයේ ශ්‍රී ල නි පක්‍ෂයෙන් කොටසක් කඩාගෙන තම දේශපාලන පක්‍ෂය වර්ධනය කර ගැනී ම ය. අපට අවශ්‍ය වූයේ ශ්‍රි ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ශක්තිමත් කිරීම ය. අපි ඒ අනුව ලිව්වෙමු. කටයුතු කෙළෙමු. එහෙත් මහින්දට අවශ්‍ය ව තිබී ඇත්තේ කිනම් හේතුවක් නිසා වුව පක්‍ෂය එකතු කිරීම ය. 
දහනවවැනි සංශෝධනයට විරුද්ධව මහින්ද කණ්ඩායමට හා සංධානයට මන්ත්‍රීවරුන් හැත්තෑහය දෙනකු සොයා ගැනීමට නො හැකි විය. මහින්ද ඒ කණ්ඩායමට පැහැදිලි සෘජු දේශපාලන නායකත්වයක් දී නොතිබීම එයට ප්‍රධාන හේතුව විය. ඒ කණ්ඩායමට හැත්තෑහය දෙනකු සිටියේ නම් දහනවය සම්මත නොවීමට තිබුණු අතර රටේ දේශපාලනය අලුත් ම මාවතකට යොමු වීමට තිබිණි. එහෙත් ඒ එසේ නො වී ය. 
හැත්තෑහය දෙනකු  සොයා ගැනීමට නොහැකි වූ මහින්ද කණ්ඩායම (උපරිම වශයෙන් ඔවුන්ට සිටයේ හැටපස් දෙනකු පමණ ය. එහෙත් කණ්ඩායම දුර්වල යැයි නොසිතිය යුතු ය) දහනවයට සංශෝධන ගෙන ආවේ ය. රනිල් සංශෝධනවලට විරුද්ධ විය. ඔහු තම දඩබ්බර මාවතේ ඉදිරියට ගියේ නම් සමහර විට මහින්ද කණ්ඩායමට හැත්තෑහය දෙනකු සොයා ගැනීමට ඉඩ නොතිබුණා නො වේ. මෛත්‍රිපාල ඒ අනතුර දුටුවේ ය. ඔහු සාකච්ඡා කර සංශෝධනවලට එකඟ විය. දහනවයට අවසානයේ දී විරුද්ධ වූයේ සරත් වීරසේකර පමණ ය. 
තවමත් ශ්‍රී ල නි පක්‍ෂයේ නිල නොවන නායකයා මහින්ද ය. පිලිප් ගුණවර්ධන පිටියේ ද ඔහුගේ නම කියැවෙන විට ඔල්වරසන් හඬ නැඟිණි. මහින්දට අවශ්‍ය කුමන හේතුවක් නිසා වුව පක්‍ෂය එකතු කිරීම ය. ඔහු මැයි රැළි දෙකට ම සුබ පැතුවේ ය. දහනවයෙන් පසු තමා දුර්වල වී නැති බවට මහින්ද අපට සංඥාවක් දෙයි. ශ්‍රී ල නි පක්‍ෂයේ අභිවෘද්ධිය සඳහා කළ යුතුව තිබුණේ එක්කෝ මහින්ද කණ්ඩායම ශකතිමත් කිරීම ය. නැත්නම් පක්‍ෂයේ ඉහළ නායකත්වය එකතු කිරීම ය. අපි පළමු මග තෝරා ගත්තෙමු. මහින්ද දෙවැන්න තෝරා ගෙන ඇත.   
මහින්ද තෝරාගත් මගෙහි කෙතරම් දුරක් යෑමට හැකි දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඒ එකතුව රනිල් හා එ ජා පක්‍ෂය පරාජය කිරීමට බර දැමිය යුතු ය. අද (මැයි දෙවැනි දා) වෙනත් රටවලට ද යන අතරමග ලංකාවට පැමිණෙන ජෝන් කෙරී රනිල් ආරක්‍ෂා කිරීමට ක්‍රියා කරනු ඇත. මෛත්‍රිපාල ද ඒ බව දනියි. එහෙත් කෙරීට, කැමරන්ට, මිලිබෑන්ඩ්ට හා මෝදිට අවශ්‍ය රනිල් ආරක්‍ෂා කිරීම පමණක් නො වේ. ඔවුන්ට ආරක්‍ෂා කිරීමට දෙමළ ජාතිවාදය ද ඇත මහින්ද මෛත්‍රිපාල එකතුව කෙරීලාගේ දෙමළ ජාතිවාදයට මුහුණ දෙන්නේ කෙසේ ද?
නලින් ද සිල්වා
2015 මැයි 02

14 Responses to “මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි”

  1. Christie Says:

    Namaste: what we need is unity among the majority, the Sinhala majority. Policies that will improve the life of the majority. This is not forthcoming because we are a colony of Indian Empire. Jai Hind

  2. Kumari Says:

    If there is anybody to unite SLFP, that is Mahinda .
    If there is anybody to unite SL, that is Mahinda
    If there is anybody to protect SL, that is Mahinda.
    If there is anybody to develop SL, that too is Mahinda.

  3. Dilrook Says:

    Dear Prof Nalin De Silva:

    None of these can even make a dent on election fortunes without a statement on abrogating the 13A. Please stop beating about the bush and help Mahinda make a clear and unambiguous statement to the effect of abrogating 13A. Until then nationalists will not risk their voting for Mahinda. This is the only way the Mahinda camp can make political headway. Mahinda must overcome undue fears that restraint him to win elections again.

  4. cwije Says:

    Dilrook is correct. Nalin is fooling us. If he cannot realize that 13-A is the death trap and supports MR and his PC crooks, Nalin is no different from Wickramabahu or Ranil.

  5. Independent Says:

    Dilrook,Cwije,

    ඉබ්බන් ගෙන් පිහාටු ගත නොහැක​. පොරොන්දු දුන්නත් විස්වාස කල හැකි ද ?
    නලින් ලා මේ ව ලිය ලිය පන් දම් නොඅල්ලා, “පලාත් සභා නැති කරනුයි” විශාල මහජන අරගලයක් දේශ පාලුවන් ගෙන් තොරව සරත් වීරසේකරගේ නායකත්වයෙන් දියත් කළ යුතුය​.

  6. Fran Diaz Says:

    #1

    The 13-A came to life during the JRJ govt. It came via India and Lanka made to accept it under DURESS. Duress is illegal in any court of law, anywhere in the world. That ought to be reason enough to REMOVE the 13-A. Now the Parliament has more powers with the 19-A. Parliament ought to do it. Parliament ought to demand the removal of the 13-A and do it with 3/2 majority. Waiting for a MR come back to removal the 13-A is the long route.

    This is my quick view of the problem. Comments welcome.

    #2

    Apart from the 13-A, the Tamil language as a National/Official language is the other problem. Indian states are divided by language and it is likely that will happen in Lanka too. Lanka has laid a welcome mat for Tamil illegal migrants as the Tamil language is a National/Official language and with free education and free health care, are huge attractions, plus jobs in the tea estates and labor sectors looking for cheaper labor. So why complain when hoards of Tamil illegal migrants enter Lanka ??? These illegal migrants are fodder for the Separatist machine set up by the Tamil Diaspora tagged on to the political machinery of the west.

    Lankan leaders of the past have unconsciously laid down the conditions for Separatism ! Stop it now. It is not too late.

  7. Fran Diaz Says:

    read as : ” ….. for removal of the 13-A is the long route”.

  8. Fran Diaz Says:

    Meantime, we ought to congratulate Tamil Nadu for transferring their Caste/poverty wars to infighting and unconscious Sri Lanka. There are some 15 MILLION Dalit Tamils in Tamil Nadu – but the war is in UNCONSCIOUS LANKA ! TN is now occupying second place for GDP in India.

    Congratulations to Tamil Nadu for 100% success of transferring problems to Lanka and using Lanka as the battle field for Tamil folk !

  9. AnuD Says:

    It is MR who allowed to go ahead with the NPC.

  10. ranjit Says:

    Kumari, Mahinda is everything for Sri Lanka no one else. Although shameless people of this country did not appreciate this great man there are millions who love this man as a person and a politician. Thirty years of bloody war was stopped in four years after he became the President of Sri Lanka so what else we need as Sri Lankans. How many of you have lost your loved ones during those bloody years? Have you forgotten what Ranil/CBK the evil double did to our country during the war? Have you forgotten what JR & Premadasa did during the war? How much we suffered and how much we lost as a country during those bloody years. How our ungrateful citizens forgot so soon what Mahinda did to our country? I am still in shock and disbelief of his loss in the last election. People in all walks of life go in batches to see and greet him still because they knows in their hearts that this is the only man who can save our land of birth from evil forces around the world.

    Tamils & Muslims should be kept in their places without allowing them to do as they pleased in my country where Sinhalese are the majority. Every leader must see to the majority demands and well being of the Sinhala people rather than going to please the minority more than the majority. We should have one law,one flag,one national anthem not several to please everyone inside and outside the country. We are a sovereign and a free nation for all races to live happily as Sri Lankans not differently or separately.

  11. Hiranthe Says:

    MR will not do anything with 13A. We were dreaming that he will come up with the idea.. but not yet. It looks like he does not want to hurt the sentiment of India and US by removing the 13A. He did the best at that time by getting rid of killer Velu against the will of US and still paying the price for that. Kerry and US wants a big piece of him for not releasing Killer Velu into their hands..

    As most of us feel, only a man without anything to protect, who can make it his agenda can do it, and it will be Rear Admiral Sarath Weerasekara.

    But it will be a gigantic task for him without a wider political infrastructure supporting him. He will get crushed by SLFP, JVP and UNP propaganda machines. How can we support him Patriots?? One thing is sure, he is not an opportunist like Champika.. that we can see from his behaviour and attitudes. Therefore he deserves support to project Mother Lanka.

  12. Samanthi Says:

    I agree with Hiranthe. There is a Herculean task before Dr. Sarath Weerasekera. To get wider support from the patriotic forces of this country, he should team up with Gota and make a fresh start. Sarath and Gota would definitely be a very strong force against reactionary forces of Mother Lanka.

  13. Dilrook Says:

    I don’t see Sarath or Gotabaya having an influential political career under current conditions. Frankly, even Mahinda for that matter unless he takes up the challenge of abrogating 13A. As near impossible as it sounds, he must realise that without such a rallying call, his political career is over.

    Patriotism and national security have no traction in current political climate. People don’t see these as priorities unlike in 2004 when they felt the real danger of LTTE. In order to give those issues some traction and link it with corruption, wastage and supposed Indian and US conspiracy, they should take up the abrogation of 13A. It links all the evils popular among voters. It is a battle the UNP+SLFP cannot win and not even consider. It gives credibility to conspiracy allegations.

    Another crucial meeting is planned between Mahinda and Sirisena for the 6th of May. It shows indecisiveness of both. If Mahinda gets nominations from the SLFP as he expects, that will leave Weerawansa, Gammanpila, Weerasekera and others who followed Mahinda in political wilderness.

    At the very least they should get elections postponed until October.

  14. Independent Says:

    Voting in a General Election is on parties, not on individuals.
    Neither the parties not individual politicians even mention 13A. Not even Sarath is talking about it.
    Only Lankaweb fools like us.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress