දහම්සොඬ ජාතකය හා අපිට නොදැනෙන ‍’ප්‍රෙෂරේ’ එක
Posted on May 6th, 2015

තිස්ස ගුණතිලක, සිඩ්නි නුවර සිට

අපි ඇස් ඉස් මස් ලේ විතරක් නොව මුඵ ශරීරයම දන්දෙන්න පුරැදුවුන ජාතියක්. එහෙම සංස්කෘතියකට උරැමකම් තියෙන ජාතියක් මුඵ ලෝකයේම නැහැ. ඒ හින්දා වෙන්න ඇති අපි, ඒ කියන්නෙ සිංහල ජාතිය, ලෝකයෙම උතුම් ශ්‍රේෂ්ඨතම ජාතිය වෙන්නෙ. මතකයි නේද දහම්සොඬ රජ්ජුරැවො එක බණ පදයක් අහන්න තම ශරීරයම යක්‍ෂයෙකුට දන්දුන්න වග. දානය උභයපාර්ෂවික වෙන්න ඕනෙ නිසා ඒ කියන්නෙ දානය දෙන සහ ලබන දෙපිරසගේම අරමුණු ඉෂ්ඨ වෙන්න ඕනෙ නිසා බඩගින්නෙ හිටපු යක්‍ෂයාගෙ කටට ගිරිශිඛරයක සිට පනින  ගමන් තම සිත සැනහෙන්න යක්‍ෂයාගෙන් බණ පදයක් අහන්න දහම්සොඬ රජු තම ශරීරයම දන් දුන්නා. එහෙම පිංවන්තයින්ට දෙවියොත් පිහිටවෙන හින්ද  එදා බණ දේසනා කරපු යක්‍ෂයා ශක්‍රදේවේන්ද්‍රයා කියලා දහම්සොඬ රජු දැනගෙන හිටියෙ නැහැ. ඒ හින්දා බණත් අහලා ජිවියත් බේරගන්න එතුමට හැකිවුනා.

එවැනි සංස්කෘතියකට උරැමකම් ඇති අපට මේ බටහිර පීඩනයත් කජ්ජක්ද?

බටහිරයන්ගෙන් එන තද පීඩනයකට තමන් ගොදුරැවී ඇති බවත් එයින්වන හානිය අඩුකරගන්න බටහිරයින්ගේ මනදොල පිනවිම හැර තමන්ට වෙනත් දෙයක් කල නොහැකි බව ක්‍රියාවෙන්ම පෙන්වා දෙන්නේ  සිංහල සංස්කෘතිය තුල සැරිසරන්නෙකු  නම් විය නොහැකි බව අප දැන්වත් තේරැම් ගතයුතු ඉතා වැදගත් කරැනකි. මේ පොඞි පීඞනයක්වත් දරාගන්න බැරි කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නෙ කියල ජනතාවට තේරැම්ගන්න කාලය ඇවිල්ල.

මහින්ද රාජපක්‍ෂ මානුෂික ත්‍රස්තවාදි මෙහෙයුම අවසාන දිනකිහිපයේ මුඵ ලෝකයෙන්ම ආව පීඞනයට අභීතව මුහුනදීල මිලිබෑන්ඞ්වයි කෘෂ්නෙව්වයි, ඒ කියන්නෙ මහා බ්‍රිතාන්‍යයෙයි ප්‍රංශෙයි විදේශ ඇමති දෙපොල ඇබිලිපිටියටම එන්න ඇරල හිස් අතින් ආපහු ඇරපු අභීත ක්‍රියාව අපිට තවම අමතක නැහැ. නියම පිඞන කියන්නෙ බටහිරින් එන අන්න එවැනි පීඞන වලට. එදා මහින්ද ඒ බටහිර පීඩනවලට අභීතව මුහුන දුන්න නිසා තැන්තැන් වල අටවපු බෝම්බවලට ගොදුරැවෙලා අනීවාර්තයෙ ජීවිත නැතිවීම නතරකරගන්න අපිට හැකිවුනා. වැඩ ඇරිල ගෙදර එන බස් එකේ කෝච්චියේ තවදුරටත් බෝම්බ පිපිරැනානම් අම්මා නැති තාත්තා නැති දරැවන්ගෙන් පිරැනු රටක් ජාතියක් අපට උරැම වෙන්න තිබුනා. මොනතරම් බයකින්ද අපි ජීවත්වුනේ. මේ බය නැතිකරල අපිට ජීවිතදානය ලබාදුන්නෙ මහින්ද නේද කියන එක අපිට අද අමතක වෙන්න මුඵ ජාතියම මොකක්දෝ සාමූහික අකුසල කර්මයකට පෙරභවයන්හිදී සම්මාදම් වෙන්න ඇති.

දැන් බටහිරින් පීඞනයක් එන්න විදිහක් නැහැ. මුඵ බටහිරම දන්නවා දැන් ඉතින් එයාල නිකම් බලාගෙන හිටියත් ඇති ශ්‍රී ලංකාව, ඒ කියන්නෙ මුඑ සිංහල බෙෳද්ධ ජාතියම වල පල්ලට යන්න වැඞ සිද්ධ කරලයි තියෙන්නෙ කියල. එදා ඊනියා නිදහසදීල යනකොට පැලකරල ගිය කඵ සුද්දො ටික දැන් යමරෙට වැඞ. එයිනුත් හොදම කෙනාට රට බාරදීල තියෙන්නෙ. දැන් ඉතින් පිරිහීම නවතින්න විදිහක් නැහැ. සිංහල බෙෳද්ධයො වල පල්ලට යන්නෙ පහලට හරවල ඔටෝ පයිලට් දාපු ප්ලේන් එකක්වගේ. තවත් මොනවටද පීඩන දාන්නෙ? දැන් ඉතින් සිංහල බෙෳද්ධයින්ව රැක ගන්න ශක්‍රයටවත් බැහැ. අපි පත්කරපු තුන්කට්ටුව ගානට වැඩේ කරාවි. ප්‍රෙෂර්! මොන ප්‍රෙෂර්ද? දැන් බටහිරයන්ටයි ප්‍රෙෂර් එක, මේ සිංහලයො වල පල්ලටයන සීග්‍රතාවය උහුලගන්න බැරැව.

එදා මහින්දට එරෙහිව සයිබර් අවකාශයේ පට්ටපල් බොරැ (blatant lies) පතුරැවල අද ඒවා එකක්වත් ඔප්පුකරගන්න බැරැව අවසිහියෙන්වගේ ඉන්න වත්මන් පාලක රැලට රට බාරදුන්න අපේම අය අද පැත්තක අසරණ වෙලා. ගෙනාපු ලැම්බෝහියක්වත්, රත්තරං අස්සයෙක්වත්, හදපු මාලිගාවක්වත්, ගෙනාපු සුඛෝපබෝගි අහස් යානයක්වත් පෙන්නාගන්න බැරැව මේ ගොල්ලට ප්‍රෙෂර් හැදිල අසනීප වෙලා. එදා රටේ අප සතුව තිබුන විදේශ මුදල් සංචිත අද හොරැ අරන් ගිහින්, සංවර්ධන ච්‍යපෘති ඇනහිටල, දස දහස් ගනනකට රැකියා අහිමිවෙලා, සෑම ජාතික දර්ශකයක්ම පාහේ කඩා වැටිලා. ජාතික දර්ශනයක් ගැන අහලවත් නැති උදවිය අතට රාජ්‍යය පාලනය පත්වෙලා, පලිගැනීම, ඊර්ශාව, වෛරයෙන් පාලක සිත් දූෂණය වෙලා. හැම පුවත්පතකම විද්යුත් මාධ්‍යයකම තියෙන්නෙ ඇහෙන්නෙ පලිගැනීම හා වෛරය ගැන විතරයි. මේ වෛරී පරිසරයේ හැදෙන අපේ දරැවන්ගේත් මනස් දූෂණය නොවී තියේවිද? අනාගතයේ ඔවුන් මොනවිදිහේ වැඩිහිටියන් බවට පත්වේවිද?  ඉල්ලුවහම ස්මාර්ට් ෆෝන් එකක් ටැබ්ලට් එකක් නොලැබෙන, මෙවන් පරිසරයක් දයාද කරගත් දරැවා සමාජයටම වෛර නොකරාවිද?

එක් අයකුගේ ප්‍රෙෂර් එක මුඵ මහත් රටටත් අනාගත පරපුරටත් අහිතකර විපත් ගෙන දෙන අයුරැ අපූරැයි නේද.

ප්‍රෙෂර් එකට තම කොන්ද බටහිර දිසාවට නැමේනම් එවැන්නන් රාජ්‍යපාලනය සදහා නුසුදුස්සන්වන අතර පීඩනයට මුහුන දියහැකි අභීත නායකයින් සිටින රටක එවන්නන්ට රටබාරදි නිදහසේ තම සැදෑ සමය ගතකිරීම මුඵ රටටම යහපතක්ම වන්නේය.

අද අප සහ අපේ රට පත්වී ඇති භයානක අනතුර බුද්ධියෙන් විමසිය යුතු කාලය එළබී ඇති අතර රටට ආදරය කරන පීඞනයට නොහඬා අභීතව මුහුනදිය හැකි නායකයන් ව්‍යවස්ථාදායකයට පත්කිරීම අපගේ පරම යුතුකම වන්නේය.

අනාගතයේ තවතවත් මහින්දලා බිහිවනු ඇත. එතෙක් අපි අපේ මහින්ද කෙරෙහි හඳ බැදි ආදරය හා විශ්වාසය රඳවමු.

ඔබ සැමට සුභ පැතුම්
තිස්ස ගුණතිලක, සිඩ්නි නුවර සිට
2015 මැයි මස  7 වනදා

One Response to “දහම්සොඬ ජාතකය හා අපිට නොදැනෙන ‍’ප්‍රෙෂරේ’ එක”

  1. Christie Says:

    Namaste: බටහිර ඉන්දන් ඉන්දියාවට ආවඩන ඉන්දියානු ගැතියන්ට පින් ගොඩඉලු. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress