පතිරූප දේශය
Posted on May 6th, 2015

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

ලංකාව පතිරූප දේශයක්ද තව දුරටත්
නූගතුන් විසින් උගතුන්ව පාළනය කරන
මරණය සුලබ මිනිස්කම දුලබ
ජාති ආගම් භාෂා වලින් කොටු සදාගෙන
එකිනෙකා සැක කරන
එකිනෙකා මරා ගන්නා
විනාශය කරා ඇදෙන දේශය
නිශ්ශබ්ද වූ යහපත් මිනිසුන්ගේ නිසල හඞ පරයා
ඇසෙයි මහ හඞ ක්‍රියාශ්‍රීලී අතලොස්සක් වූ
සමාජයට මාරාන්තික අනර්ථකාරී අන්තවාදීන්ගේ
ඒ අතර වැදි බණ දෙසයි  යථාවාදී තථාකාරී  බවින්
බොහෝ සෙයින් ඈත් වූ  කාමාග්නියේ ගැළුණු
පරපුටු පූජක හමුදාව
ගසාකයි දේශයේ සම්පත්
මහජන මුදලින් යාන වාහන මන්දිර
පිනට ලබාගත් දේශ පාළුවන්
මිරිකා යුශ උරා බොයි වවුල් හපයක් සේ
වෛද්‍ය රුවන් එම්. ජයතුංග

2 Responses to “පතිරූප දේශය”

  1. Christie Says:

    Namaste:
    Indian parasites
    carried by Raj
    in the colonies
    of the empire
    sucks the blood
    of helpless
    victims
    in Fiji
    in Guyana
    in Ceylon
    to name some
    nonviolence
    oppression
    and aggression
    has build
    an Empire
    where
    the sun
    shines
    always.
    Jai Hind

  2. Christie Says:

    Namaste:
    ඉන්දියානු ජඩයෝ
    කොලොම්බ කඩකාරයෝ
    තමඉ බලා
    ගන්නේ
    පරපුටු ඝනයෝ දේශපාලකයෝ
    මේක තමඉ
    පනස් හයේ
    ඉන්දන්
    දෙදස්පහට
    ආයෙ ඉතින්
    පහලොවෙ සිට
    Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress