සාකච්ඡා පිටුපස සිටියේ කවු ද?
Posted on May 7th, 2015

නලින් ද සිල්වා

සිංහලයන්ට හුස්ම ගැනීමට තවත් කාලයක් ඉතිරි වී ඇත. මෛත්‍රිපාල මහින්ද හමුව සිංහල විරෝධීන්ට සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට සමත් වී නැත. මීළඟ සාකච්ඡාවක් ගැන තීරණයක් ද නැත. යම් හෙයකින් සාකච්ඡා සාර්ථක” වී නම් එය සිංහලයන්ගේ යුගයක අවසානය වීමට ඉඩ තිබිණි. එහෙත් ඒ එසේ නො වී ය. මහින්දට සුළු දෙයක්වත් දීමට මෛත්‍රිපාල සිරිසේනට නො හැකි ය. අඩුම තරමෙන් පළාත් පාලන ආයතන විසුරුවා හැරීම කල්දැමීමටවත් මෛත්‍රිපාලට නො හැකි ය. මහින්ද සංධානයේ අගමැති අපේක්‍ෂකයා බවට මෛත්‍රිපාල විසින් පත්කරනු ලැබීම කාගේ දෝ දවල් හීනයක් පමණකි.

මහින්ද සාකච්ඡා කරා ගෙන ගියේ කවු ද? අප මේ ප්‍රශ්නය අසන්නේ පසුගිය සති කිහිපයේ දේශපාලනය රටට අහිතකර දිශාවකට ගමන් කළ බැවිනි. දහනවවැනි සංශෝධනය පරාජය කිරීමට ශ්‍රී ල නි පක්‍ෂය හා සංධානය උත්සාහයක් නොගත්තේ ය. අප කිහිප වතාවක් ම පැවසුයේ ඊනියා සංශෝධනවලට මුවා වී ශ්‍රී ල නි ප හා සංධානය දහනවයට පක්‍ෂ වූ බව ය. දැන් එය රටේ ඉහළ ම නීතිය වෙයි. මහින්ද රාජපක්‍ෂ පිලිප් ගුණවර්ධන පිටියේ මෛත්‍රිපාලගේ ප්‍රධානත්වයෙන් පැවති මැයි දින රැළියට ද සුබ පැතුම් පණිවුඩයක් යැවී ය. මහින්ද කණ්ඩායම එතැනට තල්ලු කළෝ කවරහු ද? 

මහින්ද රාජපක්‍ෂ පසුගිය සති කිහිපයෙහි තමන්ට උපදෙස් දුන් අය ගැන නැවත සිතා බැලිය යුතු ය. ඒ සියළු උපදෙස් මහින්ද හා සිංහලයන් දුර්වල කිරීමට දුන් ඒවා බව පැහැදිලි ය. කෙසේ නමුත් මෛත්‍රිපාල එදාට වඩා අද ශක්තිමත් ය. රනිල් මෛත්‍රිපාලට වඩා ශක්තිමත් ය. දහනවයෙන් පසු මහින්ද රාජපක්‍ෂට නැවත වරක් ජනාධිපති විය නො හැකි ය. එසේ වීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නැවතත් සංශෝධනය කළ යුතු ය. එහෙත් නුදුරු අනාගතයේ දී එසේ සංශෝධනය කිරීමට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් කිසිවකුටවත් ලැබේ යැයි සිතිය නො හැකි ය. තවමත් විධායක බලතල රාශියක් ඇත්තේ ජනාධිපතිට වුවත් රනිල්ට මෛත්‍රිපාල මෙහෙයවිය හැක්කේ බටහිරයන් මෛත්‍රිපාලට වඩා රනිල් විශ්වාස කරන බැවිනි. බටහිරයන් එසේ විශ්වාස කරන බව මෛත්‍රිපාල ද සංධාන නායකයන් ඉදිරියේ ප්‍රකාශ කර  ඇත. 

අද හිටපු ඇමතිවරු පෝලිමේ අත් අඩංගුවට ගැනෙති. ඔවුන් අත් අඩංගුවට ගැනෙන්නේ දූෂිතයන් වීම නිසා නො වේ. ඒ පිටුපස ඇත්තේ පළිගැනීම් ය. ලංකාණ්ඩුවට වෙනත් කිසිවකු කර නැති පාඩුවක් කළ මහා බැංකු කෙරුමෝ කිසිම ප්‍රශ්නයක් නැතිව ඉහළින් වැජඹෙති. එසේ වැජඹීමට අවශ්‍ය වන්නේ නීතිඥ කමිටුවක් පමණකි. ඒ සියල්ල මැද මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ලෙස බකං නිලා ගෙන සිටියි. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂය ආරාක්‍ෂා කරගැනීමට නො හැකි ය. එවැන්නකු තවදුරටත් ශ්‍රී ල නි ප සභාපති ධුරයේ තබාගත යුතු ද? කළ යුත්තේ කුමක් ද යන්න පැහැදිලි ය. 

මහින්ද මෛත්‍රිපාල හමුව ශ්‍රී ල නි පක්‍ෂයේ යහපත සඳහා යැයි විවිධ පුද්ගලයෝ කීහ. ඒ අතර අනාගත ජනාධිපති වීමේ සිහිනය දකින චමිපක රණවක හා ඔහුගේ ගෝලයා ද න්‍යායාචාර්යවරයා ද වෙති. හමුව සාර්ථක” වී නම් ඒ ශ්‍රි ල නි පක්‍ෂයේ ද සිංහලයන්ගේ ද ගමනක කෙසේ වෙතත් යුගයක අවසානය වීමට තිබිණි. ශ්‍රී ල නි පක්‍ෂයේ කපටි ආරක්‍ෂකයන්ට අවශ්‍ය වූයේ පක්‍ෂය දියකර හැරීම ය. කපටි ආරක්‍ෂකයන්ට හා වැරදි උපදෙස් දෙන්නන්ට මින් පසු කිසිම ඉඩක් නො දිය යුතු ය. මෛත්‍රිපාල මහින්ද හමුව එවැනි හමුවල අවසානය විය යුතු ය. වහාම හමුව පිටුපස සිටියවුන් හෙළිදරවු කරගත යුතු ය. 

නලින් ද සිල්වා

2015 මැයි 07

7 Responses to “සාකච්ඡා පිටුපස සිටියේ කවු ද?”

  1. Christie Says:

    Namaste: පනස් හයේ බන්ඩ පස්සෙ හිටපු උන් හා උන්ගේ ලොක්ක තමඉ අදත් මුන් පස්සෙ ඉන්නෙ. It was the Indian Empire who backed Banda SWRD and the Colombo Indian Merchants. Things have hardly changed other than the West has joined the Indian Empire. Jai Hind

  2. Senevirath Says:

    මහින්ද සාකච්චාවට කැදෙව්වේ ඔහු දැන් අසරණවී සිටීදය් බලා සරෙන්ඩර් කර ගැනීමටය ඩිලාන් ලා මේකට මේ තරම් දැගලුවේ නැත්නම් මොන කෙහෙල්මලකටද මහින්ද පිලේ සමහරු මයිත්‍රී සමග එකත්වීම හොන්දයය් සිතන්නේ ශ්‍රීලනිප චන්ද දෙකඩවී . නැත්නම් එජාපය පැරදවීම අමාරුයය් හිතාය සමහරු පැ රදෙයය් බයය කොහොම හරි ඔවුන්ට අවශ්‍ය මන්ත්‍රී කමය

  3. Dilrook Says:

    With supression of opposition activists as today, no free and fair elections can be held. Ranil is back in his old Batalanda business of state terror against opposition activists. Sirisena regime must immediately stop harassing Mahinda’s people. It must be noted that during Mahinda’s term, parliamentarians and their wives were not jailed as it happens today. This despicable practice must end.

    I’m intrigued by the stark silence of human rights and democracy activists. Obviously their real agenda is neither human rights nor democracy.

  4. ranjit Says:

    Mahinda must stand up alone not with MY3 the traitor or any cowards in the S.L.F.P. By hook or crook he lost to that traitor MY3/RanilCBK combination so no point going behind them to save the party or any individual. Let S.L.F.P.er’s decide whether they want to go behind the traitor or supports you to form a Govt in the future. Although you lost common people come to see you in droves with sincere heart so just listen to them rather than your political crooks around you. Just think of the people who was with you from the time you lost and never left you to suffer alone.

    We need a strong leader at this very critical moment because we see a dark cloud covering our nation again. American are up to some mischief and Indians too therefore we have to have a strong movement to counter their evil plans if not the whole country will suffer same like before. This Jarapalanaya hasn’t done anything but take revenge from Rajapksa’s and his Govt members.The prices are up,No development,Economy is down,Crime & Accidents rampart,Kidnappers,Bank robbers are roaming freely, Two parties who has different views are Governing without any plan, Foreign Govts are interfering in our affairs etc. Real Achcharu Heliyak with three stooges of the west as heads Ranil/Cbk/MY3.

    I hope Mahinda will come to his senses and form his own party and come forward in the next General election to win with the support of the common man. He should give up the idea of strengthening the S.L.F.P. because as long as CBK & MY3 there they will not allow MR to come forward. They are both enemies of the land and MR. They got the positions by back stabbing the real hero of our land and from the support of our enemies LTTE, West and the Indians. Their time is short. Mahinda Tsunami will come and washed them out very soon. We will hang them like Iraqis hanged Saddam Hussain when the time comes through the ballot.

  5. Kumari Says:

    After a crook like MY3 became the Leader of SLFP, the party lost its appeal to the common man. Ordinary folks had faith in the party as a clean (compared to UNP), grass root level organisation. MY3 made that party too a party of the crooks.

    All the crooks in SLFP joined the pickpocket UNP to form the HORU wenuwen HORU cabinet. I totally agree with Ranjit, Mahinda should form a new party, contest elections and protect the country.

  6. Leela Says:

    රංජිත් සමග මමද එකඟ වෙමි. මහින්දට කොන්දක් තිබේ නම් මොනම කාරනයක් නිසා වත් සිරා පසු පස නොයා යුතුය.

  7. NAK Says:

    It is apparent now that My3 is not sincere in his claims of his commitment to the country or the SLFP. he is only pretending to be that but does exactly the opposite or simply ignore what needs to be done.
    Mahinda must not delay any futher what ever he plans to do because longer he waits for handouts from Sirisena weaker he gets and he will end up short of time to organize a seperate campaign.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress