හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා “බොදු බල සේනා දේශපාලන පෙරමුණට” සම්බන්ද වීම හා බටහිර කුමන්ත්‍රණයක් පිලිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කිරීම….Rejecting Media Reports on Former Defense Secretary Gotabhaya Rajapaksa Joining BBS Political Front and BBS _Western Conspiracy…
Posted on May 10th, 2015

සියලුම මාධ්‍ය ආයතන වෙත කරනු ලබන විශේෂ නිවේදනයයි.

“බොදු බල සේනා” පිලිබඳ අසත්‍ය ප්‍රචාර කරමින්හා කරුණු විකෘති කරමින්  සංඝ බේදය ඇති කිරීම, බෞද්ධයින් බෙදවීම , සිංහලයින් බෙදවීම යන අරමුණු තුලින් පොදුවේ බුදු දහමට හා බුද්ධ ශාසනයට හානි කරමින් සිය දේශපාලන අරමුණු හා ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමටත් මේ සඳහා වූ ජාතික හා ජාත්‍යන්තර කොන්ත්‍රාත් භාර ගත් පුද්ගගලයින් හා ආයතන ක්‍රියාත්මක වන බව පසුගිය වසර තුන තුලම අප පැහැදිලිව හඳුනාගෙන ඇත්තෙමු. එලෙසම එසේ පලකරනු ලබන අසත්‍ය ප්‍රචාර මෙම කොන්ත්‍රාත් වලට සම්බන්ද නැති අහිංසක මාධ්‍යවේදීන් හා ආයතනද රැවටෙන බවත් ඒ අනුව තමන්ගේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු කර ගන්න බවද   අප පසුගිය කාලය තුල  දුටුවෙමු .  

පසුගිය සතිය තුල විශේෂයෙන් “බොදු බල සේනා දේශපාලන පෙරමුණ” කරලියට ඒමත් සමග බොදු බල විරෝධී මාධ්‍ය හැසිරීමක් බලවත් වූ බව දක්නට ලැබුණි. 

පසුගිය සතිය තුල මුලික වශයෙන්

  1. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා බොදු බල සේනා දේශපාලන පෙරමුණ අතර නැති සම්බන්ධයක් ඇති කිරීම
  2. බටහිර කුමන්ත්‍රණයක් පිලිබඳ වැරදි ලෙස චෝදනා කිරීම 
  3. ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් “බොදු බල සේනා දේශපාලන පෙරමුණ” ට සම්බන්ද වන බවට මා කල ප්‍රකාශය නම් වූ අසත්‍ය හා එයට එරෙහි මාධ්‍ය නිවේදනය 
  4. ශ්‍රීලනිප මන්ත්‍රී වරුන් සමග සාකච්ජා කල බව හා “බොදු බල සේනා දේශපාලන පෙරමුණේ” නායකත්වයට කුරුනෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප නායකයෙක් සම්බන්ද වීම් පිලිබඳ අසත්‍ය වාර්තා 

ලෙස අසත්‍ය ප්‍රචාර හා කොලමයන් ලිවීම ( අප දකින්නේ කෝලම් ලෙසය) විවිධ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි. 

හිටපු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට බොදු බල සේනා දේශපාලන පෙරමුණ නිල වශයෙන් ආරාධනා කිරීමක් හෝ එතුමා මේ පිලිබඳ අප සමග කිසිදු එවැනි සාකච්ජාවක් නොකළ බව බොදු බල සේනා පැහැදිලිව ප්‍රකාශ කරමු. මෙය එතුමාගේ දේශපාලන අපේක්ෂාවන්ට මෙන්ම බොදු බල සේනා දේශපාලන පෙරමුණට එරෙහිව ක්‍රියාත්මක කොන්ත්‍රාත් වල කොටස් බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු. මෙසේ විකෘති මානසිකත්වයකින් යුත් මාධ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යාමට වඩා මහා පාරේ හිඟා කෑම සදාචාර සම්පන්න බව අපගේ මතයයි.

කේලම් අසා කෝලම් ලියන ඊනියා කොලම්කරුවන් විසින් බොදු බල සේනා බටහිර කුමන්ත්‍රණයක් ලෙස දක්වමින් අපගේ පුද්ගලික නම් එනම් විශේෂයෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා දිලන්ත විතානගේ යන නම්  සඳහන් කරමින් කරනු ලබන මාධ්‍ය නිසා අපට පුද්ගලිකව ජීවිත වලට ඇතිවිය හැකි තර්ජන ගැනද අපගේ අවධානය යොමු වී ඇත. මෙම බටහිර කුමන්ත්‍රණ පිලිබඳ කතාවද එක්තරා දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව ප්‍රකාශ කරන බොදු බල සේනා මෙම චෝදනාවද දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබයි.

එලෙසම අංක 3, 4 යන තොරතුරුද සාවද්‍ය බව බොදු බල සේනා පැහැදිලිව ප්‍රකාශ කර සිටී 

ඒ අනුව මෙම පහත් පෙලේ  මාධ්‍යවේදයට තිත තැබීම පිණිස ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බොදු බල සේනා සංවිධානයක් ලෙස හා පුද්ගලිකව ක්‍රියාකරන බව පැහැදිලිව හා අවවාදාත්මකව දැනුම් දෙමු.

නිවැරදි හා සදාචාර මාධ්‍යකරණයක් උදෙසා බොදු බල සේනා විමසා නිවැරදි කරුණු පමණක් වාර්තාකරණ ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර සමහරුන්ට අවවාද කරන්නේ  හුදෙක් කේලම් පමණක් අසා නොදන්නා දේ ලියන්නට ගොස් අමාරුවේ වැටෙන්නට එපා කියාය. 

මෙහිදී පසුගිය වසර තුන තුල නිවැරදි මාධ්‍ය වාර්තාකරණයක් කරමින් බොදු බල සේනා පිලිබඳ නිවැරදි චිත්‍රයක් ඉදිරිපත් කරමින් රටේ ජනතාවට සාධාරණයක් කරනු ලැබූ සියලු මාධ්‍යවේදීන්ට හා ආයතන වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.  

කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී

බොදු බල සේනා

3 Responses to “හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා “බොදු බල සේනා දේශපාලන පෙරමුණට” සම්බන්ද වීම හා බටහිර කුමන්ත්‍රණයක් පිලිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කිරීම….Rejecting Media Reports on Former Defense Secretary Gotabhaya Rajapaksa Joining BBS Political Front and BBS _Western Conspiracy…”

  1. Hiranthe Says:

    When Mahanayaka’s are sleeping in comfort with ignorance of National Security, someone has to come up to protect the interests of Mother Lanka.

    Otherwise only NGO monks who will talk about demolishing the statue of Hasalaka Gamini will shine and finally it will become the view of the Buddhist priests, which is not at all true.

  2. ranjit Says:

    We need Bodu Bals sena to stand up against all evil forces in the country including foreign Mafia groups. If not for them Tamils and Muslims will raise their own flag in this country.So better be there and help to save our Motherland as Buddhist Monks.Buddhism is a great religion and we all should respect it and the monks who are working day and night to safeguard it should be saved from harm. Malwatta Mahanayaka is a puppet same as Sira and both seems to be agents of the west because they do nothing to safeguard Buddhism but just preach nonsense to please the public.

    I hope Bodu Bala Sena will teach that Muslim traitor Rizard Baddudin a lesson for destroying the restricted lands in the sanctuaries. Go get them!

  3. Christie Says:

    Namaste: බොදු (බොරූ) බල සේනා ඉන්දියානු මුදල් වලින් ජැපෙන තවත් ආයතනයකි. මම මේ ලිපිකරුට අබියෝග කරමි. The aim of BBS is to divide the Sinhalese to more and more factions as directed by the Third Eye of Indian Empire. How much money do the Indian Merchants give these monks and dayakayas?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress