තියෙන ප්‍රශ්න, වැටෙන ප්‍රශ්න,‍ දාගන්න ප්‍රශ්න හා සෝබිතගේ යහපාලන බස්එක
Posted on May 11th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

අපිට තියන ප්‍රශ්න බොහෝවිට මේ තුන් ගණයට අයත්ය.
මුඵ බුද්ධ දේශනාව පුරාම අපට වැඞිවශයෙන් හමුවන්නේ විවිධ පුද්ගලයින් බුදුරදුන්ගෙන් විචාල ප්‍රශ්නත් ඒවාට බුදුන් වහන්සේ ලබාදුන් පිලිතුරැත්ය.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න හා ප්‍රශ්න විචාරාත්මක අතීතය සොයාබැලීමේදී අපට ප්‍රථමයෙන්ම හමුවන්නේ 250 BC. දී ධර්මාශෝක අධිරාජයා විසින් අපට තෑගිකල තෙවරක් සංගායනාවට පාත්‍රවූ බුදුදහම රැගෙන පැමිනි ඔහු පුත් මිහිඳු මහරහතන්වහන්සේ හා එවකට ලක්දිව රාජ්‍යයකලාවූ දෙවනපෑතිස් රජු අතර පැවති සංවාදයයි. මෙය ප්‍රශ්න විචාරාත්මක සංවාදයක් වූ අතර රජුගේ බුද්ධිය විමසනුවස් අඹගස් හා ඥතිවර්ගයා ගැන මිහිඳු මහ රහතුන් විචාල කරැනුයි. මෙය චතුස්කෝටීය සංවාදයක්වූ අතර එය ලොව ප්‍රථම වාර්තා ගතවූ ප්‍රබුද්ධ සංවාදය ලෙසද සැලකේ.

ඉන් අනතුරැව අපට 160BC දී පමන ඇතිවූ මිලින්ද ප්‍රශ්නය හමුවන්නේ දඹදිවෙනි.  මෙයද බුදුදහමේ හරය විමසනුවස් වයඹදිග දඹදිව පාලනයකල ග්‍රීක පාලකයෙක්වූ මෙනන්ද්‍ර (මිලින්ද) රජු හා නාගසේන මහතෙරැන්වහන්සේ අතර ඇතිවූ ප්‍රශ්න විචාරාත්මක සාකච්චාවක ප්‍රතිපලයකි. බුදුදහමේ එන චතුස්කෝටි සංකල්පය තවදුරටත් පැහැදිලිවන්නේ මේ සංවාදය තුලිනි. මරනින් මතු ප්‍රතිසංදිය ලබන්නේ මල පුද්ගලයාද නැතහොතේ වෙනත් අයෙක් දැයි මිලින්ද රජු විචාල පැනයට නාසගසේන තෙරැන් දුන් පිලිතුර වූයේ ‘මහරජ ඒ ඔහුත් නොව වෙනත් අයෙකුද නොවේ’ යනුවෙනි. මේ පිලිතුරෙන් වතුස්කෝටි මුලධර්මය අපට පැහැදිලි කරගත හැක. මෙම සංවාදයද ලොවේ වාර්තාවන දිර්ගතම ප්‍රබුද්ධ ප්‍රශ්න විචාරාත්මක සංවාදය ලෙස සැලකේ. මෙම සංවාදය සිදුවුයේ නාගර්ජුන මහතෙර විසින් ‘ශූන්‍යත්වය’ ග්‍රන්ථාරෑඪ කිරීමට වසර 300 කට පමන පෙරය.

එසේ උරැමවූ අසිරිමත්වූද, අසමසමවූද, නිර්මලවූද බුදුදහමේ අසිරිය විදිමින් සිටි අහිංසක සිංහල ජාතිය මත බටහිරයන්ගේ ආධාර හා උපකාරමත 1971 දි වඩුකොඩෙයි ප්‍රඥාප්තිය මගින් මුදාහල ත්‍රස්තවාදයෙන් ජයගන්න අපට ජීවිත  හැටදහසක් පමන පූජා කරල අවුරැදු තිහක් විතර බරපතල මානුෂික යුද්ධයක් කරන්න සිද්ධවුනා. ඒ බටහිරයින් අදත් බියවී ඇති පරිදි ඔවුන්ගේ ආධිපත්‍යයට අභියෝගකල හැකි එකම දර්ශනය සිංහල බෙෳද්ධ චින්තනය පමනක් බව ඔවුන් සිතනනිසාය. බටහිර විද්‍යවේ මහා විශාරද ඇල්බට් අයින්ස්ටයින්ද ලොව අවසානයේදි ඉතුරැවන එකම දර්ශනය බෙෳද්ධ දර්ශනය පමනක් බව ප්‍රකාශකිරීමද  ඔවුන්ගේ මේ බිය තවදුරටත් තහවුරැකිරීමට හේතුවු බව නොඅනුමානය. කෙස්වෙතත් මේ හුබස් බිය නිසා අප ශ්‍රී ලංකාවේ ඇතිවු තත්වය ඉතා බරපතල එකක් විය. මෙය අපවෙත අනවශ්‍ය ලෙස ‘වැටුනු ප්‍රශ්ණයක්’ විය. එ සමයේ අපට හිමිවූයේ මහමග තැන තැන පිපිරැනු බෝම්බ වලට හසුව අහිමිවීගිය ජීවිතවල කෑලි එකතුකරමින් ආදාහනය කරමින් සිටිය දේශයකි. ඒ නිවැරදි දේශපාලන නායකත්වයක් හෝ දර්ශනයක් අපට නොතිබුන දුර්භාග්‍ය යුගයක්වූ බැවිනි. මහින්ද රාජපක්‍ෂයන්ගේ ආගමනය එවැනි සමයක අපිට දෙවියන් දුන් ත්‍යගයක්ම විය. මානසිකව වැටී සිටි රණවිරැවන්ගේ ප්‍රබෝධයට එයම හේතුවක්විය. අප වෙත ‘වැටනු ප්‍රශ්ණයකින්’ ජයගැනීමට අපට හැකිවූයේ ඒ අයුරිනි. 2009 මැයි මස සිට අවුරැදු හයක් අපි සත්‍යවශයෙන්ම ලැබුන නිදහස බුක්ති වින්දෙමු. ආර්තික වශයෙන් නැත්තටම නැතිවීසිටි අපි ක්‍රමක්ක්‍රමයෙනේ පිබිදෙමින් සිටියෙමු. නොරොච්චෝලේ ගල් අගුරැ බලාගාරයෙන් හා කොත්මලේ ජල විදුලි බලාගාර වලින් රටේ බලශක්ති පිපාසය සංසිදුන අතර හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල හා බටහිර රටවලට නොදෙවනි මහාමාර්ග පද්ධතියක් නිසා ශ්‍රී ලංකාවේ වාස්තව දේපල අගය සිය දහස් ගුනයකින් වැඞිවිය. අපේ විදේශ විනිමය සංවිතය ඇමරිකානු ඞොලර් බිලියන දහය දක්වා වැඞිවුනේ සියඵම සංවර්ධන ව්‍යාපෘතින් ඉතාමත්ම සාර්ථකව නිමකිරීමෙන් හා තවත් ව්‍යාපෘතින් සීඝ්‍රලෙස ප්‍රගතියට පත්වෙමින් පැවති සමයකය. මේ අතර රටේ විරැකියාව බටහිර ලෝකයේත් ඊරිසියාවට පාත්‍රවු තත්වයක පැවතුනි. විවෘත ආර්තිකයක් පවතින දියුනුවන  රටක පැවතිය හැකි හොදම තත්වයන් අප ශ්‍රී ලංකාව තුල විය. අනෙකුත් සියඵම ‘තියෙන ප්‍රශ්ණ’ ක්‍රමයෙන් ලිහමින් විසදාගනිමින් අප ජයෙන් ජයටම ගමන් කරමින් සිටියෙමු.

අවාසනාවක මහත, ලස්සනට සරසපු සයිබර් බේගල් ටොන්ගානක් පටවාගත් සෝබිතගේ යහපාලන බස්එක පැමිනෙන්නේ මෙවැනි වටපිටාවකය.

එවෙලේ අප කලේ කුමක්ද? අපේ මොලේ අමාරැව සුවකල නොහැකි රෝගයක් බව සනාත කරමින් නැති ප්‍රශ්ණයක් දා ගැනීමය. යහපත් පියෙක්වැනි නායකයෙක් කිසිම ගුණසරැකමක් නොදක්වා එලවාදැමූ කෙලෙහිගුණ නොදන්නා ජාතියක් බවට අප එක රැයින් පත්වීමු.

සෝබිතගේ යහපාලන බස් එකේ නැගපු අපිව අරගෙන යන්නේ අංගොඩටය. එහි හතර වටේටම කටුකම්බිගසා යකඞ ගේට්ටු දමා මුරකාවල්ද යොදා ඇත. රට විනාශ වෙනු, බුදු දහම විනාශ කරනු, විනිමය සංචිතය සොරකම් කරනු, ඊරිසියාව, වෛරය, ක්‍රෝධය වපුරනු, අපේ ගුණ දර්ම සාර දර්ම විනාශ කරනු බලා සිටිම හැර වෙනත් කලහැකි කිසිවක් නැති තැනක අපව සිර කරනු ඇත. බටලන්ද නැවත විවෘත වනු ඇත. බටහිර සංස්කෘතිය තුල නිර්මලවු බුදුදහම පිරිහෙනු ඇත.  ත්‍රස්තවාදය අවසන්කල රණවිරැවන් හා දේශපාලන නායකකාරකාදින් දංගෙඞිවලට දක්කනු ඇත. දරැවන් දෙමාපියන් නොහඳුනන විපරීතවු සමාජයක් බිහිවනු ඇත. අප හිරවී ඇති කූඞුවේ බිත්තිවලට තඞිබානචා හැර වෙන කලහැකි දෙයක් නැතිවනු ඇත.

අප මෙතෙක්කල් අපේම ජනගීයකටත් වඩා ආදරයකල ජාතික ගීය අන්ඩර දෙමලෙන්ද ගයනු ඇත. සීගිරි කුරැටු ගී සීගිරි කැඩපත් පවුරමතම දෙමලට පරිවර්තනය වනු ඇත (පසුගියදා එහි පූර්වාදර්ශයක් රඟදැක්වින).  එහෙත් අපට කල හැකිවන්නේ අපව කොටුකර ඇති වදකාගාරයේ බිත්තිවලට තඞිබෑම පමනකි.

මේ නිසා වහ වහාම මේ ‘දාගත්ත ප්‍රශ්ණයෙනේ’ මිදී යහපාලන බස් එකෙන් බිමට පැන සිහි එලවා ගැනීමට ක්‍රියා කරමු. නැතිනම් අප තරැණ ජිවිත දසදහස් ගනනක් පූජාකර ලබාගත් මේ නිදහස යහපාලකාදින් හොරකම්කරගෙන යනදිනය වැඞි ඇතක නොවේ. මුඵ රටමත් සිංහල ජාතියත් පත්වී ඇති අවාසනාවන්ත කලදසාව වහාම තේරැම් නොගතහොත් අපට හිමි මේ පුංචි බිම්කඞ අහිමිව විලාපතියන්න වන දිනය වැඞි ඇතක නොවේ.

කිසිම දර්ශනයක් නැති මේ යහපාලන රැල ක්‍රියාත්මකවන්නේ බටහිර න්‍යයාය පත්‍රයකටය. එම න්‍යයාය පත්‍රය මොවුන් අතට බටහිරයන් ලබාදෙන්නේ පරිච්චේදයෙන් පරිච්චේදය බැගිනි. එ නම් යහපාලකයෝවත් අවසාන ජවනිකාව දැකනැත. සමහරවිට සෝබිතටවත් අවසාන ජවනිකාව දැකගතහැකි නොහේ. කෙසේ වෙතත් අවසන් පරිච්චේදයේ සිංහල ජාතියේ අවසානය තදකලු අකුරින් ලියා ‘සිංහල ජාතිය මෙතෙකින් සමාප්තයි’ යනුවෙන් සදහන් බව නම් සහතිකය.

ඔබ සැමට සුභ පැතුම්
තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට
2015 මැයි මස 11වනදා

7 Responses to “තියෙන ප්‍රශ්න, වැටෙන ප්‍රශ්න,‍ දාගන්න ප්‍රශ්න හා සෝබිතගේ යහපාලන බස්එක”

  1. jay-ran Says:

    Tissa,
    Thanks for yr contribution about SOBITHA the DIRTY RASCAL IN ROBES!!!
    This BLOODY BASTERED RASCAL WEARING ROBES HUMILIATED MR/GR/TRIFORCES WHO LIBERATED OUR SIRI LANKA FROM THE BRUTAL TAMIL TERRORISTS LTTE!Q!!
    This bloody priest,should give up the YELLOW ROBE AS HE IS NOT ELIGIBLE TO WEAR IT AS:
    1)HIS MAIN DAYAKAYA HAPPENS TO BE A GREAT CATHOLIC,
    2)Why can’t THIS BLOODY FOOL UNDERSTAND WHO LIBERATED SIRI LANKA FROM THE MURDERESR TAMIL TTERRORISTS LTTE?
    Thissa,
    I’m very greatful to you for having DISCLOSED THIS DIRTY PRIESTS WO DOES NOT DESERVE ANY RESPECT,ALTHOUGHT I’M A GOOD BUDDHIST IN ALL FORMS,unlike this DIRTY SOBITHAYA

  2. Kumari Says:

    Sobitha and Rathana, both are puppets. They both have no original thinking or love for the country. When you analyse, same apply to RW, CBK, MS, Rajitha, Anura Kumara, champika and the lot . They are merely carrying out the orders given by America, West and India.

  3. Hiranthe Says:

    Thank you Tissa for your fearless declaration.

    Most of the people who voted for Yahapalanaya have now realised their mistake. Similarly, MR has realised his mistakes for not taking actions against his wrong doing ministers. He kept quiet to Rishad Badiuddin’s thuggery and capturing Wilpatthu land for distributing to Muslims @ 80 perches each. Yesterday I saw My3 had stopped that. Few things like this will make MR realise his folly and it is good for a stong coming back. this was only a show by My3 after giving up Sampore. He is no liberator of Mother Lanka.

    Sobitha Lokka is the present day Dewadatta against the Terawada Dhamma. He is carrying out Norway orders. He follows not Lord Buddha, but Eric Solheim. So he can not be treated as a Buddhist priest. He is a mercenary and an agent of Wasawathi Maraya who’s mission is to destroy Buddhism from this world.

    Ratana Mahaththaya has also joined the band wagon with Sobitha. They are both agents of West and Maraya. Being the agents of Maraya, they have certain powers to attract people… but only temporarily. Adharma can not rule for a long time. Truth and Dhamma will come up and shine. We all should be ready when it happens.

  4. Christie Says:

    Namaste: මොඩි අදිරද තුමා අපේ රටට ආ වෙලාවෙ දානයක් දුන්නනෙ සෝබිතයට. Jai Hind

  5. Christie Says:

    https://scontent-lax.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/11052424_1620913368154567_6253642617417558904_n.jpg?oh=b63291229ae2e2c686aed2da2435bceb&oe=55C02B4F

    Namaste: Connect to photo showing Emperor Modi serving Sobithaya his lunch. Jai Hind

  6. Ratanapala Says:

    Sobhitha is an acolyte of Catholic Jayalath Jayawardana. This arch traitor to the Sinhala nation Jayalth J took Sobhitha all over the world including Norway and probably got him into many compromising situations. Then he started blackmailing him. He is currently being puppeteered by his handlers the Catholic Church. Now he has become the Maha Nayake of the Palli Nikaya!

    Ratana too has fallen to the same trap. This woeful excuse for a Buddhist Monk is a high calibre egoist who knows no end of himself. He thinks he is the current kingmaker in Sri Lanka. He even toys with the idea that one day he could be President!

    Having slandered Mahinda Rajapakse and his regime for a whole lot of untruths and helped enemy forces of the Christian West and the slimy Indians, both of them together with Cham-paka are now not seen or heard for several weeks. I sincerely hope their days in the lime light are numbered.

    They have betrayed the Sri Lankan nations lock stock and barrel!

  7. ranjit Says:

    Sobithaya will face the same fate as Jayalath Jayawardena the traitor who always ran to his masters abroad to complain about Sri Lanka and openly supported LTTE Diaspora. Sobithaya & Rathanaya two faggots in this Jarapalanaya were both disgraced to our religion and for the Sinhala race because they work as per the wishes of the Americans and the west. These two should be categorized same as LTTE terrorists for working against the majority and supporting Tamil Diaspora and Muslims who are working tirelessly to have their own kingdoms inside Sri Lanka.

    They will be gone and forgotten very soon so let’s hope a day will come again for all of us to live as one without these traitors,Gays and faggots.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress