යහපාලන ආණ්ඩුවෙනුත් උපාධිධාරීන්ට රැුකියා වෙනුවට සිරබත්
Posted on May 14th, 2015

ධම්මික මුණසිංහ

  ඉතිහාසයේ සිදු වූ පරිදිම වේ වන විටත් රැුකියා විරහිත උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් රැුකිය විරහිතව සිටිති. මේ වන විට 20000 අධික ප‍්‍රමාණයක් රට පුරා රැුකියා විරහිත උපාධිධාරීන් ඇත. මෙරට අධ්‍යාපනයෙන් එළියට පැමිණෙන උපාධිධාරීන්ට සැමදාමත් උරුම මහපාර බව අදත් ඔප්පු කර ඇත. ඉතිහාසයේ 2004 සහ 2012 උපාධිධාරීන්ට රැුකියා ලබාගැනීමට වසර ගණන් මහපාරේ කෑ ගසන්නට සිදුවිය. පාලනයට පැමිණෙන්නන් මැතිවරණ වේදිකාවල මහ හ`ඩින් කෑ ගසමින් උපාධිධාරීන් මහපාරේ රස්තියාදු නොකරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණ සිදුකරනුයේ ඔවුන්ගේ ඉල්ලීම් පවා ගණනකට නොගෙන මර්දනය කිරීමයි.
පසුගිය මාස කිහිපය තුළ රට පුරා සියලූ පළාත්වල උපාධිධාරීන් විරෝධතා ව්‍යාපාරවල යෙදිනි. ඔවුන් ඉල්ලා සිටියේ සියලූ උපාධිධාරීන්ට විධිමත්ව රැුකියා ලබාදෙන ලෙසයි. වාර්ෂිකව රැුකියා ලබාදෙන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන ලෙසයි. නමුත් වත්මන් යහපාලන ආණ්ඩුවත් සිදුකරනු ලැබුයේ සුපුරුදු පරිදි රැුකියා ඉල්ලා උද්ඝෝෂණ කළ උපාධිධාරීන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමයි.
පසුගිය කාලය තුළ නිදහස් අධ්‍යාපනය අයිතිය දිනාගැනීම වෙනුවෙන් අරගල කළ විශ්වවිද්‍යාල සිසුන් මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී. පහරදීම්ද සිදු විය. එමෙන්ම ගොවියන්ටද එයම සිදුවිය. අද උපාධිධාරීන්ට මෙය සිදුව ඇත. මෙයින් පෙනෙනුයේ වත්මන් පාලනයත් ජනතා අයිතීන් පසෙකලා ගමන් කරන බවයි. මෙය පරාජය කිරීම ස`දහා පෙරට එන මෙන් සියලූ ප‍්‍රගතිශීලි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
    මෙසේ රැුකියා ඉල්ලා කරන ලද අරගලයේදී කළ අත්අඩංගුවට ගැනීම පිළිකුලෙන් හෙළා දකිමු. වහාම සියලූ උපාධිධාරීන්ට රැුකියා ලබාදෙන මෙන් අවධාරණය කරමු. රැුකියා ලබාදෙන ජාතික ප‍්‍රතිපත්තියක් සකසනු. පළාත් සභාවලින් සිදුකරන බ`දවා ගැනීම් විධිමත් කරනු.
මෙයට
සමලේකම්
ධම්මික මුණසිංහ (077 9 663 856*
අත්අඩංගුවට ගත් සිසුන් මැයි 14 උදේ 9 යට අලූත්කඬේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ තත්වය පිළිබ`ද අවධානය යොමු කර ඔබ මාධ්‍ය ආයතනයේ ඉඩක් වෙන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress