මෛත්‍රිපාලට ප්‍රශ්න දෙකක්
Posted on May 17th, 2015

නලින් ද සිල‘්වා

අද (2015 මැයි 17) පොළොන්නරුවේ පැවති රැස්වීමක දී මෛත්‍රිපාල සිරිසේන වැදගත් ප්‍රකාශ දෙකක් කර ඇත. ඉන් එකකින් කියැවෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ශ්‍රී ල නි පක්‍ෂය අවුරුදු ගණනාවක් දෙන ලද පොරොන්දුවක් තමා විසින් ඉටු කරන ලද බව ය. එය සත්‍ය නම් මේ වන විට විධායක ජනාධිපතිවරයකු සිටිය නො හැකි ය. දැනට තිබෙන තතත්වය අනුව මීළඟ මැතිවරණයෙන් පසුව ද, මීළඟ ජනාධිපතිවරණයෙන් පසුව ද මෙරට විධායක ජනාධිපති කෙනකු සිටිනු ඇත. මෛත්‍රිපාල මීළඟ ජනාධිපති වුවත් නැතත් මීළඟ ජනාධිපතිට ද විධායක බලතල තිබෙනු ඇත. මෛත්‍රිපාල රවටන්නට සූදානම් වන්නේ කාව ද?   

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වී නැතිවා පමණක් නො වේ. ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණු සීමිත විධායක බලතල කිහිපයක් නැවතී ඇත්තේ අගමැති ධුරයෙහි ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යනු විධායක අගමැති ධුරයක් ඇති කිරීම යැයි සමහරවිට මෛත්‍රිපාලට කියන්්න ඇත්තේ රනිල් ය. කෙසේ වෙතත් දහනවවැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි වී නැත. මෛත්‍රිපාල සිතන්නේ ජනතාව මෝඩයන් බව ද? 
මෛත්‍රිපාල දෙවනුව කියන්නේ පළාත් පාලන ආයතනවල කාලය දීරඝ කෙළේ නම් එමගින් ජනතාවගේ ඡන්ද අයිතිය විධායක ජනාධිපති බලතල යොදා අහොසි කෙරෙන බව ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ බවට පුරසාරම් දොඩන මෛත්‍රිපාල මේ කියන්නේ තවමත් විධායක බලතල ඉතිරි වී තිබෙන බව ද? තර්කය එතරම් පැහැදිලි නැත. 
ඒ කුමක් වුවත් මෛත්‍රිපාල තමා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු බව ලොවට ප්‍රකාශ කරන්නේ පළාත් පාලන ආයතනවල පාලනය කොමසාරිස්වරුන්ට හෝ නිලධාරීන්ට හෝ පවරා දෙමිනි. එසේ කෙළේ කිනම් බලතල යොදාගෙන ද? පළාත් පාලන ආයතනවල පාලනය ඉබේට ම කොමාසාරිස්වරුන්ට හෝ නිලධාරීන්ට හෝ පැවරෙන්නේ ද? මෛත්‍රිපාල තමා ප්‍රජාතන්ත්‍රවාදියකු නම් කළ යුතුව තිබුණේ පළාත් පාලන ආයතනවල මැතිවරණ වහාම පැවැත්වීමට කටයුතු කිරීම ය. ඔහු එසේ නො කෙළේ ඇයි? 
මෛත්‍රිපාල තරම් විධායක බලතල වැරදියට යොදාගත් තවත් ජනාධිපතිවරයකු නැත. ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන් සැණින්  රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කෙළේ ය. ඒ අතරතුර ඔහුට දි මු ජයරත්න අස්කිරීමට තරම් කාලයක් නො තිබිණි. යම් අයුරකින් ඔහු එසේ කෙළේ නම් නිවේදක වන්දිභට්ටයන් ඒ මොහොතෙහි ම ඒ බව ලොවට හෙළිදරවු කරනු ඇත. එහෙත් කිසිම වන්දිභට්ටයෙක් ඒ බවක් නො කීවේ ය. මෛත්‍රිපාල විසින් රනිල් අගමැති ලෙස පත්කෙරුණේ දි මු අගමැති ව සිටිය දී ම ය. 
මෛත්‍රිපාල අගවිනිසුරුතුමා ගෙදර යැවුවේ කිසිදු පාර්ලිමේන්තු සම්ප්‍රදායක් අනුගමනය කරමින් නො වේ. ඒ විධායක ජනාධිපති බලතල යොදා ගනිමින් යැයි කිව නොහැක්කේ විධායක ජනාධිපතිට එසේ කළ නොහැකි බැවිනි. මෛත්‍රිපාල සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස  පෙනී සිටීමට උත්සාහ කරන්නේ එවැනි වැරදි මැද ය. 
පළාත් පාලන ආයතන විසුරුවා හැර නොමැති බව සැබෑ ය. ඒ බව මෙයට ඉහත දී ද අපි කීවෙමු. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදියකු කළ යුතුව තිබුණේ   වහාම අදාළ මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්ට උපදෙස් දීම ය ඒ වෙනුවට ඔහු ඒ ආයතන නිලධාරීන්ගේ පාලනයට යටත් කිරීමට කටයුතු කෙළේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමෙනි. ඔහු එසේ කෙළේ ඇයි ද යන්න පට්ටපල් බොරු කතන්දරවලින් වැසිය නො හැකි ය. ඒ ආයතනවල බලය තමා පක්‍ෂ සභාපතිත්වය දරන්නේ යැයි කියන ශ්‍රී ල නි පක්‍ෂයට අහිමි කිරීම ඔහුගේ අවශ්‍යතාව විය. ශ්‍රී ල නි පක්‍ෂයේ අභිවෘද්ධිය සඳහා පක්‍ෂ සභාපති ධුරයෙන් මෛත්‍රිපාල ඉවත් කළ යුතු ය.
නලින් ද සිල‘්වා
2015 මැයි 17

 

One Response to “මෛත්‍රිපාලට ප්‍රශ්න දෙකක්”

  1. ranjit Says:

    If S.L.F.P. needs to win any election all S.L.F.P. members should get together and remove MY3 from the party boss because as long as he is there they cannot be a proper Opposition party or a Govt party because this guy owes much to the UNP and other small parties who helped him to be in this position he is today. He has to please everyone more than S.L.F.P. because he came to power with their help and money and also the International community America,Europe and the Indian Parasites. This guy now trying to portray that he is a strong person but inside he is nothing but a useless,brainless,revengeful person.

    I am fully against MR joining with this traitor. A evil man with a cruel heart and a jealous one. Majority of the population does not approve his work to date although he thinks that he is more of a democrat than MR. This guy pretend to be S.L.F.P. but does all the work as per UNP,American,Indian and Tamil Diaspora. They appreciate this man very much because this guy agrees for everything they were asking for without any argument. Tamils and Muslims have more freedom than Sinhalese in this Jarapalanaya headed by three evil snakes Ranil/MY3/Choura. I am dreaming to see the day without these three poisonous snakes in the political arena.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress