විජයග්‍රහණයක සැමරැම – අසිපතකට වඞා ප්‍රබල කාහල නාදය Mightier than a sword
Posted on May 20th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

 1803 වෑගොල්ලෙ සටනින් ජය ලැබීමෙන් පසු සිංහල ජාතියට ප්‍රථම ජයග්‍රහණය ලැබිය හැකිවූයේ අවුරැදු 206 කට පසු 2009 මැයි මස 29 දා නන්දිකඩාල් කලපුවේදි ත්‍රස්තවාදය විජයග්‍රණය කල මානුෂිය මෙහෙයුම අවසන් කිරීමෙනි. අවුරැදු දෙසිය ගනනක් පුරා අපට අප රට ආක්‍රමණය කලවුන්ට එරෙහිව කල මොනම සටනකින්වත් ජයග්‍රහණයක් ලැබීමට  නොහැකිවිය. එනම් අවුරැදු දෙසිය ගනනක් අපට බටහිර ආක්‍රමණිකයින්ගේ යටහත් ජාතියක්ව ජීවත් වීමට සිදුවිය. එසේවූයේ වෙනකක් නිසා නොව  අප බටහිරයින් ඇටවූ උගුල්වල වැටී හිරවී සිටි නිසාවෙනි.  එයින් එක් උගුලක් වූයේ සිංහල ජාතිය ඉංග්‍රීසින් විසින් ක්‍රමක්‍රමයෙන් මතට`හා මත්පැනට (opium & alcohol) ඇබ්බැහි කිරීමයි. සිංහලයේ අන්තිම රජුව මත්පැනට නතුකිරීමෙන් ඔහු කෙරෙහි අදිකාරම් වරැ ඇතුඵ මුඵ රාජ්‍ය සභාවම කලකිරවා 1815 දී ශ්‍රී ලංකාද්වීපයම ලියාගත් ඉංග්‍රීසින් එතකිනිදු නොනැවතී මුඵරටම මතෙහි හා මත්පැනෙහි ගිල්ලවීමේ උත්සාහයක නිරතවිය.

මේ අභාග්‍ය සම්පන්න ඉරණමට සිංහලයින් ගොදුරැවෙනු දුටු අනගාරික ධර්මපාලතුමා (1864-1933) ඔවුන් එයින් මුදවා ගැනීමටකල සටන ඉතිහාස ගතය. ඔහු නොවන්නට අපි අද සිටිතැනක්වත් සොයාගත නොහැකි ජාතියකි. අනගාරික ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්ය්‍යය නිසා බටහිර කුමන්ත්‍රණය අඞාලවනු දටු රනිල්ගේ එනම් වත්මන් (පත්කරවාගත්ත) අගමැතිතුමාගේ මවුපස සීයාත්, රනිල්ගේ පියාත්, ඔවුන් පාලනයේ තිබූ ලේක්හවුස් පුවත්පත්වලින් අනගාරික ධර්මපාල තුමාට හැකි සෑම අයුරකින්ම පහරදෙනු ලැබින. ඔවුන් තම පුවත්පත්වලින් ජනමතය අනගාරික ධර්මපාල තුමාට එරෙහිව ඉතාමත් සූක්‍ෂමලෙස  හැසිරවිය. ඔහු ජාතිද්‍රෝහියෙකු ලෙස ජනතාවට පෙන්වාදෙනු ලැබින. ජනතාව අන්ධකාරයේ හැසිරෙන ප්‍රාණින් බවට මෙම ලේක්හවුස් මාධ්‍යය විසින් පත්කරනු ලැබින. තම සටන යම් ප්‍රමාණයකට ජය ලැබුවත් ලංකාව කෙරෙහි කලකිරවනු ලැබූ ධරමපාල තුමා ලක්දිවින් නික්මීමම සිංහලයින් ලැබූ තවත් පරාජයක්වූ අතර, එම පරාජය ලේක්හවුස් පුවත්පතේත් රනිල්ගේ පියාගේත් ජයග්‍රහණයක්ම විය. 

මෙ දවස්වල ලංකාවේ තරැණයින් අතරෙ  හුවමාරැවෙන විද්යුත් තැපෑලට අනුව ලක්දිව 1815 දි ඉංග්‍රීසින්ට පවරාදීම නිසා සිංහල සමාජය වැඞවසම් ක්‍රමයෙනුත් ඒහා බැදුනු වහල් බවෙනුත් මිදුන බවත්  ඒනිසා බටහිරයින්ට අපි ණයගැතිවිය යුතු බවත් සාකච්ඡා වෙනව. වත්මන් (පත්කරවාගත්) අගමැති රනිල් පෳතුගීසින් ලංකාවට ගොඞබැසීමේ පන්සිය වැනි සංවත්සරය සමරන්න කට ඇරගෙන බලාගෙන හිටියෙ මේ වැඞවසම් ක්‍රමයෙ වහල් බැම්මෙන් අපිව ගලවගන්න පලමු පියවර තිබ්බෙ පරංගියා කියලා හිතලවෙන්න ඇති. අපිව බටහිර මානසිකත්වයතුල හිරකරලා අබෙෳද්ධ චරියාවලට පුරැදුකරල වහලුන්කලේ මේ බටහිර අක්‍රමණිකයින් මිස වෙන කවුරැවත් නෙමේ. 

ලක්දිව කිසිම දවසක වැඞවසම් ක්‍රමයක් හෝ වැඞවසම් සමාජයක් තිබිල නැහැ. එහෙම ‍එකක් තිබුනෙ යුරෝපයේ මධ්‍යම යුගයේ. එකට කීවෙ  feudal system කියලා. එ ක්‍රමය යටතේ රටේ සියලුම ඉඞම් රජාට හෝ ඔහු පත්කරපු ප්‍රාදේශීය පාලකයෙකුට අයිති වුනා. එම ඉඞම්වල පදිංචි වෙන්නත් වගාවක් කරගෙන කුසගින්න නිවාගන්නත්  පාලකයින් ඉඞදුන්නෙ යටහත් වැසියන්ගේ ඇඟ බැඳගෙන. ඒ කියන්නෙ මේ ඉඞම්වල ජීවත්වෙන්න ඔවුන්ට ඉඞ ලැබුනේ කැදවූ වහාම හමුදා සේචයට තම පවුලේ අයෙක් බැදෙන බවට දෙන පොරොන්දුවක් මත විතරයි.  මේ ගිවිසුමට අමතරව අනිවාර්ය බදු ගෙවන්නත් ඔවුන්ට සිදුවුනා. මේ පොරොන්දු කඞකරන අයව බරපතල දඩුවම්වලට ලක්කරන්න නීතිරීති සම්මතවී තිබුනා. කොටින්ම කියනවනම් බිම්කඞක අයිතිය නිදහසේ බුක්තිවිදින්න යුරෝපයේ තිබුන වැඞ වසම් ක්‍රමය නිසා සාමාන්‍ය වැසියාට ඉඞක් ලැබුනේ නැහැ. ලක්දිව කිසිම දවසක ‍එහෙම ක්‍රමයක් තිබුනෙ නැහැ. තමතමන්ගේ ශක්ති ප්‍රමාණයට  අනුව එලිපෙහෙලිකරල ඉඞමක නිදහසේ පදිංචිවෙන්නත් එහි වගා කටයුතු කරගන්නත් ලක්වැසියන්ට හැකියාව තිබුනා. එ බිම්කඞ සදහා කිසිම ගෙවීමක් හෝ වෙනත් සේවයක් රජු හෝ රජු පත්කරන පාලකයෙක් සදහා කලයුතු වුයේ නැහැ. හැමෝම කුමන හෝ කර්මාන්තයක නියැලුනා. හැබැයි පොදුකටයුතු සදහා දැන්වගේම ‘බදු’ ගෙවීමක් කරන්න හැමෝටම සිදුවුනා. මේ බදු වලින් වැව් අමුණු හදන්නත්, විහාර දාගැබ් කරවන්නත්, රජවාසල කටයුතු ඉටුකරගන්නත් හැකිවුනා. බොහෝවිට රජවාසල අවම හමුදාවක් තමයි නඩත්තු වුනේ. රට බොහෝවිට සාමකාමිවූ අතර සතුරැ ආක්‍රමණ අවමව පැවතුන නිසා විශාල හමුදාවක් පවත්වාගන්න අවශ්‍ය වුනේ ‍නැහැ. අවශ්‍යවූවිටක විශාල හමුදාවක් අවම කාලයක් තුල රැස්කරගන්න හැකියාවක් අපට තිබුනා. අපේ ඉතිහාසයේ විශාල හමුදා ශක්තියක් ගැන සඳහන් වන්නේ කිප අවස්ථාවක පමණයි. ඒ ගැමුනු කුමරා එලාර සමග කල සටනට රැස්කල හමුදාවත්, මුගලන් තම සොහොයුරැ කාශ්‍යප සමග කල  සටනට අගම්පඞි (පඞියට) හමුදාවක් දඹදිවෙන් ගෙන්වා ගැනීමත්, ගජබා රජතුමා දකුනු දඹදිවට හමුදාවක් රැගෙන ගොස් සොලීන් විසින් පැහැරගෙන ගිය සිංහලයින් මුදවාගෙන නැවත ලක්දිවට රැගෙන ඒමත් හැරෙන්න විශාල හමුදාවක පැවැත්ම අපට ඉතිහාසයෙන් හමුවන්නේ කලතුරකිනි.

‍සතුරාගේ ආක්‍රමණයක් ඇතිවුනු විගසම රජවාසල අඬබෙර හඬට හෝ එක හූවකට මෙට්ට යට, පැඳුරැආනේ හෝ දුමේ හංගල තියෙන කඞුව අරගෙන දස දහස් ගණනින් රණබිමට දුවල රට හා බෙෳද්ධාගම බේරාගන්න සටන් කරපු ජාතියක් අපි. එහෙම කරල තමයි අපි 1803 දී ඉංග්‍රීසි සුද්දව බලන කපොල්ලෙන් පහලට වැටෙනකම් පහරදීලා උන්ව පරාජය කලේ. 

මෙසේ බදු අයකිරීමට අමතරව දළදා දමිදුන්ගේ ආවතේව කරන්න එක් එක් ගම්වලට රාජකාරි පවරලා තිබුනා. රට වැසියන් මේ රාජකාරි කලේ දේවකාරියක් ලෙස මිස වහල්කාරියක් ලෙස නොවේ. සැම ඉඞමකම අයිතිය තමතමාසතුවුන නිසාත්  හමුදා සේවය අනිවාර්ය නොවුනු නිසාත් මෙහි වැඞවසම් ක්‍රමයක් කිසිදාක ඇතිවුනේ නැහැ. 

තවද රජු විවිධ වරප්‍රසාද සඳහා පුද්ගලයින්ට ගම්වර පැවරෑ අවස්ථාවල වුනේ රජු වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවල බදු එකතුකිරීමේ අයිතිය හා දළදා සමිදුන්ගේ තේවා රාජකාරි සැලසුම් කිරීමේ අවස්ථාව එකී පුද්ගලයින්ට ලබාදීමය.

අප ලක්දිව වැඞවසම් යුගයක් තිබුනේයයි පවසන්නන් එසේ කරන්නේ එක්කෝ අපිත් සුද්දන් වගේම යයි සිතා ස්වයං වින්දනයක් ලැබීමටය, නැතහොත් වහල් මානසිකත්වයෙන් මිදුනහොත් ඔවුන් තම සිහිය විකල්වේයයි බියෙනි. මෙවැනි යහපාලකයෙක් පසුගියදා ඔහුගේ මානසිකත්වයට වැටහෙන පරිදි ඇමරිකාවේ වහලුන් අනේ අපිව ආයෙමත් වහලුන් කරන්න යයි ඉල්ලා සිටි බව පවසා ඇත. 

අපි හැමදාම දක්කාගෙන යනු ලබන ගව පට්ටියක් සේ හැසිරැනෙමු. දිගේලිකල විටත් ඔහේ උලාකමින් සිටියාමිස මේ වහල් මානසිකත්වයෙන් ගැලවෙන්නට මඟක් සොයන්නට උත්සාහ කලේ නැත. අනගාරික ධර්මපාල තුමාගෙන් පසුව අපට බටහිර වහල් මානසිකත්වයෙන් මිදෙන්නට මාර්ගෝපදේශකත්වය දෙනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ රාජපක්‍ෂවරැ විසිනි. මහින්දගේ මෙන්ම ගෝඨාභයගේත් ජාතික හැඟීම් හා ඔවුන්ගේ අභිමානවත් පෙෳරැෂයද එදා ජනතාව වැලඳගත්තේ හඳ බැදි සෙනෙහසිනි. තැන තැන පිපුරැන බෝම්බ වලට ගොදුරැවී කෑලි කෑලිවී ගිය දේහයන් ඇහිදිමින්, වලදමමින් සිටි දේශයක් යලි ජීවය ලැබී අභිමානයෙන් නැගිටීමට පටන්ගත්තේය. මෙය බලාසිටිනු නොහැකිවූ බටහිරයන්ද ඔවුන්ගේ දේශීය යහපාලන ගෝල බාලයෝද තමන් ඇතිකල ත්‍රස්තවාදය විනාශවනු දැක පශ්චාත්තාප වූහ. ‘තොප්පිගල කියන්නේ….. නිකම්ම නිකම් කැලෑවක්’ යයි කියමින්  යුද්ධෝපාය ජයග්‍රහණ (strategic victories) පිළිබඳව හිස්බස් දෙඞවුයේ අප රණවිරැවන්ගේ ජයග්‍රහණ විද දරාගන්නට ඔවුන්ට අපහසුවූ බැවිනි. මානුෂිය මෙහෙයුම දිනෙන් දින සාර්ථකව ඉදිරියට යනු දැක කිපුනු මොවුන් ‘අලිමංකඞ යනවා කියලා යන්නේ පාමංකඞ’ ආදි වශයෙන් ඉතාපහත් නොසරැප්වලින් රණවිරැ මනස බිද දැමීමට හැකි සෑම විටම දැරෑ උත්සාහය ඔබට අමතකවන දිනය සිංහල ජාතියේ අවසානයද වනු ඇත. විජයග්‍රහණයක් සනිටුහන් කරන මෙවැනි මොහොතක අතීතය තරමක් හෝ දුරට යහපාලකයින්ට මතක්කර දිය යුතුව ඇත.

එදා එක අඬබෙර හඬකට එක හූවකට මුලු ජාතියම සතුරාට එරෙහිව සංවිධානය වූවා සේ පසුගිය රණවිරැ සැමරැමේ දී ඇසුන මහින්දයන්ගේ කාහල නාදය දැයටම අඬබෙරයක්වී මේ යහපාලන කරැමය හෙල දෙරණින් තුරන් කරන දිනය ඉක්මනින් උදාවේවා.

පසුගිය ජනවාරි අටවනදා අපි සේරටම වැරදුනා. ඒ වරද ඉක්මනින් හදාගන්න අවස්ථාව ඒවි. එතකොට අපි ඔක්කොම එකතුවී සිටිමු.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 මැයි මස 21 වනදා

5 Responses to “විජයග්‍රහණයක සැමරැම – අසිපතකට වඞා ප්‍රබල කාහල නාදය Mightier than a sword”

  1. Ratanapala Says:

    Thank you Tissa for your patriotic words. I sincerely hope there are many like you. There is no alternative but to rally behind a new Mahinda Rajapakse – (a Mahinda Rajapakse who has really understood why he lost – unreliable Muslims, ever the Anti Sri Lanka racist Tamils, the Christian Sinhalese and the few traitorous Sinhala Buddhists who support the Christian West and their values) and his heroic brother Gotabhaya and bring back a Sri Lanka friendly government into power.

  2. Christie Says:

    එදා අපේ රටේ තිබුන සමාජය එන්ගලන්තේ තිබුන සමාජ ක්‍රමය එක සමානයි. යුරෝපයේ එදත් හා ඉන්දියාවේ එදත් අදත් එක සමානයි.

  3. Christie Says:

    පසුගිය ජනවාරි අටවනදා අපි සේරටම වැරදුනා.. Please see the voting pattern

  4. Christie Says:

    Tissa we drank thal raa. Opium trade was in the hands of the Indian colonial parasites.

  5. Senevirath Says:

    ක්‍රිස්ටි එදා අපේ රටේ සමාජයත් එංගලන්තයේ එදා සමාජයත් එක සමානය් යන්න පැහැදිලි කරන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress