ඕනෑ කෙනෙකුට අධිකරණ තීන්දු විවේචනය කළ හැකිද?
Posted on May 21st, 2015

 ස. අකුරුගොඩ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූළික අයිතිවාසිම් පෙත්සම විභාගකල ශේෂ්ඨාධිකරණය ඉදිරිපත්කළ කරුණු සලකාබලා ගෝඨාභය මහතා අත්අඬoගුවට ගැනීම වලක්වන ලදි. කෙසේ හෝ ගෝඨාභය මහතා අත්අඞoගුවට ගෙන හිරකූඩුවට දැමීමේ උවමනාවෙන් කටයුතුකළ අයට මෙම අධිකරණ තීන්දුව දරාගත නොහැකිවීම පුදුමයක් නොවේ.

ඒ පිලිබඳව පළමුවෙන්ම ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පික්පොකට් අගමැති රනිල් වික්‍රමසිoහ කියා සිටියේ මෙම අධිකරණ තීන්දුවට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ හා විනුසුරුවන්ගේ සoගමයෙන් (the Commonwealth Magistrates’ and Judges’ Association (CMJA) සහ වෙනත් අදාල නීතිමය උපදෙස් ලබාගතයුතු බවත් සම්පූර්ණ විනුසුරු මඬුල්ලක් (Full Bench) විසින් තීන්දුව ගතයුතුව තිබුන බවත්ය.

විනුසුරුවන් තිදෙනාගෙන් එක්අයෙක් ඉවත්වගියත් අනෙක් දෙදෙනාත් සමඟ එකඟනොවී වෙනම තීරනයක් දුන්නත් වැඩිදෙනාගේ තීන්දුව අධිකරණයේ තීන්දුව බැවින් සාමාන්‍ය පුරවැසියන් වන අපට නම් එහි කිසිවෙනසක් නොපෙනේ. අනෙක් අතට එක් විනුසුරුවෙක් ඉවත්වීම හේතුකොටගෙන අධිකරණයේ තීන්දුව කිසියම් හෙයකින් කල්තැබුයේනම්, කෙසේ හෝ ගෝඨාභය මහතා අත්අඞoගුවට ගෙන හිරකූඩුවට දැමීමේ උවමනාවෙන් කටයුතුකළ අයගේ අභිලාශයන් මුදුන් පත්විය හැකිව තිබූබවද අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ, “ඕනෑ ගොනෙකුට යුද්ද කළහැකියයි ” කී ලක්ෂමන් කිරිඇල්ල මෙවර කියා ඇත්තේ ඕනෑ කෙනෙකුට අධිකරණ තීන්දු විවේචනය කළහැකි බවයි. “ඕනෑම ආකාරයක අධිකරණ  තීන්දුවක් විවේචනය කිරීමට  ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා.  අධිකරණ තීන්දුවක් දුන්නාම රූපවාහිනියට ගිහින් ඒක විවේචනය කරන්න පුළුවන්”. 

මේ අවස්ථාවේදී මගේ මතකයට එන්නේ, 2004 වසරේදී (චන්ද්‍රිකා කුමාරතුoග යුගයේ) එවකට මන්ත්‍රීවරයෙකුව  සිටි එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමේ වරදට ශේෂ්ඨාධිකරණය ඔහුට අවුරුදු දෙකක සිරදඞුවමක් ලබාදුන් බවයි. 2005 දී  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසුව ජනාධිපති බලතල යටතේ සමාව දී නිදහස් නොකලේ නම් එස් බී දිසානායකට දේශපාලන ලෝකයේ යනඵනමo නැතිවෙනට ඉඩ තිබිණ.

‘ඕනෑ ගොනෙකුට යුද්ද කළහැකියයි’ කියූ ලක්ෂමන් කිරිඇල්ලගේ ගොන්කතා අසා හැමෝම අධිකරණ තීණ්දු විවෙචනය කලහොත් වත්මන් ගවපලනය යටතේ අධිකරණයේ අනාගතය හා විවේචකයින්ගේ අනාගතය කෙසේ වියහැකිදැයි සිතා ගැනීමටත් අපහසුය.

 ස. අකුරුගොඩ

4 Responses to “ඕනෑ කෙනෙකුට අධිකරණ තීන්දු විවේචනය කළ හැකිද?”

  1. Hiranthe Says:

    Well quoted!!

    These are all those thick skinned bulls. Even if someone urinate on them they won’t feel. How can they feel the heart beat of Mother Lanka??

    We can not expect anything good from these lot.

  2. Dr.K Says:

    මොනවද මේ බුරු කථා.

    ඔවුන්ගේ ආණ්ඩුවෙන්ම පත්කරගත් අග්‍රවිනිශ්‍යකරයෙකු ප්‍රධාන කොටගත් උසාවි පද්ධතියෙන් ගන්නා තීරණ විවේචනය කිරීමටත් එම තීරණ හෑල්ලුවට ලක්කොට පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ හා විනුසුරුවන්ගේ සoගමය මගින් එම තීරණ වෙනස්කරගනිමට උත්සාහ කිරීමෙනුත් පැහැදිලි වෙන්නේ යහපාලන නායකයන්ගේ පිළිවෙතක් නැතිබව සහ ඔවුන්ගේ නිවට නියාලු බවය. වෛරයෙන් මුසපත් වූ යහපාලන නායකයන්ට නොදුරු අනාගතයේදී ජනතාව පාඩමක් උගන්වනු ඇත.

  3. jay-ran Says:

    MY3 kiyana GONG HARAKA AMUAMUWE WERADI VIDIHATA PARLIMENTHUWE SULUTHARAYAK INNA RW KIYANA BATALANDA MINEEMARUWA AGAMETHI KALE UGE THIYANA BALU GATHIYATA,RATAK DEMALA THRASTHAYANGENG ATHI UTHUMANLAATA RIDAWANTA BATAHIRA THRASTH SUPPORTERLAAGE UPADES ANUWA!
    RAVI WENI ,SINGAPPOORU HORA GUDDA-MAHABUNKU ADHI PATHIYALA USWIYENG NIDAHAS KALAHA,EMA NADU KAARAYO HONDAI.RAVI HORAGE THEENDUWENG PASU MOKADA NADUKAARANIYAK ILLA ASUNE????

  4. Christie Says:

    Hi Ranil PM; it was an Indian Vermin in the West who was sent in as an election observer by the Commonwealth in 2005 to make sure you were not voted in. Indian Empire this time selected you by sending an Indian Colonial Parasite by the same Commonwealth get Sirisena voted in. He also came from the West but from an Indian Colony.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress