නිමල් බොරු එපා රනිල් ඉවත් කරනු
Posted on May 21st, 2015

නලින් ද සිල්වා

රනිල් වික්‍රමසිංහ යනු ඒකාධිපතියෙකි, ෆැසිස්ට්වාදියෙකි, පොලිස් රාජ්‍යයක ප්‍රධානියෙකි, ආදී වශයෙන් විවිධ මත අද සමාජයේ පැතිරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බව ය. ඔහු පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද රැස්වීම්වල හැසිරෙන්නේ ඔහු ලෝකයේ මැවුම්කරු යැයි සිතා ගනිමිනි. ඔහු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට ගරු නො කරයි. තමන්ට අවශ්‍ය පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ව්‍යාජ නීතියක පිහිට පතයි. බටහිරයන්ගේ නීතිය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ද කොහොමටත් පොන්තනෝනාගේ මොකක් ද එක මෙනි. ඒ පොන්තනෝනාට අවශ්‍ය අන්දමට ය. අප රටේ ද අද එහි වෙනසක් නැත. රනිල්ට කිව යුත්තේ පොන්තමහත්තයා කියා ද?

මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ නොපිළිගත්තත්, අද මෙරට සඵල ජනාධිපති රනිල් ය. මෛත්‍රිපාල අපල ජනාධිපති ය. මෛත්‍රිපාල අගමැතිකමට කෑදර වී පක්‍ෂය ද, රට ද පාවා දී ඇත. සබරගමුව ආණ්ඩුකාරයාගේ පුතා ඩිලාන් පෙරේරා තම නියෝජ්‍ය ඇමතිකමින් අස් වී කියා ඇත්තේ මෛත්‍රිපාලට අගමැතිකම දුන්නේ නම් මහින්ද රාජපක්‍ෂ තවමත් මෙරට ජනාධිපති බව ය. ආණ්ඩුවෙන් අස් වූ හා අස්වීමට නියමිත මැති ඇමතිවරුන්ගෙන් මහින්ද කණ්ඩායමට වද්දානොගත යුතු ප්‍රධාන ම පුද්ගලයා ඩිලාන් පෙරේරා ය. ඔහු රනිල් මෙන් ම සිංහල බෞද්ධ විරෝධියෙකි. ඔහු කරන්නේ රඟපෑමකි.  

ඩිලාන් කියන්නේ මහින්ද තම ජනාධිපතිකම රැකගැනීමට මෛත්‍රිපාලට අගමැතිකම දිය යුතුව තිබූ බව ද? අද මෛත්‍රිපාල ක්‍රියාකරන ආකාරය අනුව නම් ඔහුට අගමැතිකම නොදීමෙන් මහින්ද රටට කර ඇත්තේ යහපතකි. එහෙත් මහින්ද කළ ප්‍රධාන ම දේශපාලන වරද වූයේ මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම දීම ය. ඩිලාන් නියෝජ්‍ය ඇමතිකමෙන් අස්වූවත් මෛත්‍රිපාල කණ්ඩායමෙන් අස් වී නැත. 

නිමල් සිරිපාල, ඩිලාන් වැන්නෝ රනිල් විවේචනය කරති. එහෙත් ඔහු බලයේ රඳවාගනු ලැබ ඇත්තේ මෛත්‍රිපාලගේ කණ්ඩායම මගිනි. රනිල් පික්පොකට් අගමැති කරනු ලැබුයේ මෛත්‍රිපාල විසිනි. ඒ බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතාවට ය. මෛත්‍රිපාලට අවශ්‍ය වූයේ තමාට අගමැතිකම නොදීම හේතුවෙන් මහින්දගෙන් පළිගැනීමට ය. එහෙත් ඔහු පාවාදෙන්නේ සිංහල බෞද්ධකම ය. ඩිලාන්ලා එයට උපකාර කරති. 

රනිල් බටහිර පන්නයේ අයකු වුව ද බටහිර සම්ප්‍රදාය අනුගමනය නො කරයි. එංගලන්තයේ කම්කරු පක්‍ෂයේ නායක එඩ් මිලිබෑන්ඩ් මැතිවරණයෙන් තම පක්‍ෂය පැරදුණු විගස පක්‍ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්විය. එහෙත් රනිල් මැතිවරණ විසි ගණනකින් පරාජය වුව ද පක්‍ෂ නායකකම අත් නොහැරියේ ය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන බටහිරයෝ ද රනිල් අත් නො හැරියහ.  එ අන් කිසිවක් නිසා නොව මෙරට ඔවුන්ට සිටින හොඳ ම සිංහල බෞද්ධ විරෝධියා රනිල් වීම හේතුවෙනි. 

බටහිරයන් මෛත්‍රිපාලට ජනාධිපති අපේක්‍ෂකකම දී ඇත්තේ ඔහු ජයග්‍රහණය කළ විට රනිල්ට අගමැතිකම දීමේ පොරොන්දුව මත ය. මෛත්‍රිපාලට ඒ පොරෙන්දුව කඩකිරීමට තරම් ශක්තියක් නැත. ඔහුට කළ හැක්කේ බටහිරයන්ගේ දාසයකු වීම පමණ ය.  අද රනිල් පොන්තමහතකුගේ තත්ත්වයට පත් වී ඇත්තේ ඔහුට බටහිරයන්ගේ ආධාරය තිබෙන නිසා පමණක් නොව මෛත්‍රිපාල රටට කුමක් වුවත් රනිල් ආරක්‍ෂා කරන බැවිනි. නිමල් සිරිපාලලා ඩිලාන් පෙරේරලා මෛත්‍රි කණ්ඩායමේ බලකණු වෙති. 

නිමල්ලා රනිල්ගේ කෙරුවාවට අකමැති නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඔහු පරාජය කර මෛත්‍රිපාලට රනිල් අගමැති කමෙන් අස්කිරීමට බල කිරීම ය. එහෙත් ඔවුහු එසේ නො කරති. කමකට නැති බොරු විවේචනයක් පමණක් කර ජනතාව රවටති. රනිල් අගමැති ලෙස මහා මැතිවරණයක් පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට වුවත් හිතකර තත්ත්වයක් නො වේ. මෛත්‍රි කණ්ඩායමේ බහුතරය නිමල්ලා ඩිලාන්ලා අත්හැර රනිල්ට විරුද්ධව වහාම විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ය. 

නලින් ද සිල්වා

2015 මැයි 22

One Response to “නිමල් බොරු එපා රනිල් ඉවත් කරනු”

  1. Ancient Sinhalaya Says:

    All the UnPatriotic Party (UNP) leaders have their own secret mafia. Thambi mudiyanselage jr was an alugosuwa (to the Sinhalese youth only) while showing a dharmista face to society. Then alugosu LK premadasa (again to theSinhalese youth only) was breathing down the neck of thambi mudiyanse. He was so scared quickly gave away the reins to LK premadasa.

    Then this gb ranil (again alugosuwa to the Sinhalese youth only, Buddhists speciality) showed his colours in Batalanda. Still there are some Sinhalese idiots supporting these low lives who are hell bent in destroying the Sinhalese, Buddishm and Sri Lanka to please the west and india. Haven’t you got any shame you low lives? You are digging the graves for your future generations traitor Sinhalese by supporting these murderous gangs from the Unpatriotic Party!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress