මාධ්‍ය නිවේදනය- හරීන් ප්‍රනාන්දු
Posted on May 31st, 2015

මාධ්‍ය නිවේදනය  හරීන් ප්‍රනාන්දු  ප්‍රධාන අමාත්‍ය  ඌව පළාත් සභාව 

මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ නව වැලි තොටවල් ලබා දීම පිළිබඳව මගේ අංක UP/CM/MHA/LAD/2015 හා  2015 -02-26 වන දින ඌව පළාත් ඉඩම් කොමසාරිස්වරයා වෙත ලබා දෙන ලද ලිපියක් උපයෝගි කර ගනිමින් දේශපාලන වශයෙන්  ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින බංකොලොත් දේශපාලඥයන් විසින් දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් අදාල ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කර මාගේ කීර්තිනාමයට හානියක් කිරිමේ අසාර්ථක උත්සහයක යෙදි සිටියි.

මෙම ලිපිය සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය හෙළි කිරිම මාගේ යුතුකමක් වන අතර, විපක්ෂයේ බංකොලොත් දේශපාලනඥයන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු වලට ලබා දුන් ප්‍රසිද්ධිය සේම මාගේ මෙම මාධ්‍ය නිවේදනයට ඒ ආකාරයෙන්ම ප්‍රසිද්ධිය ලබාදෙන ලෙස ඉල්ලමි.

මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ ඉතා දීර්ඝ කාලයක සිට විපක්ෂයේ දේශපාලඥයන්ට සමීප වැලි ජාවාරම්කරුවන් පිරිසක් විසින් පරිසරයට ද හානි වන පරිදි නිළධාරීන් නොමඟ යවා සිදුකරගෙන ගිය වැලි ජාවාරම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා වර්තමාන රජයේ දේශපාලනඥයන්ගේ නම් භාවිතා කරමින් කූට උත්සහයක යෙදෙමින් මේ අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශාල පිරිසක් ද නව වැලිතොටවල් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. මේ අනූව පළාතේ පරිසරයට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් පරිසරයට හානිදායක අන්දමින් වැලි ජාවාරමේ යෙදි සිටින වැලි ජාවාරම්කරුවන්ට තවදුරටත් ඉඩදිය නොහැකි බැවින්, සුදුසු පුද්ගලයන්ට පමණක් වැලි තොටවල් ලබාදීමේ දී පරිසරයට හානියක් නොවන බවට ද පරීක්ෂා කොට අනුමැතිය ලබාදීමට ක්‍රියාකරන ලෙස අදාළ බලධාරීන්ට දන්වා යැවීමට ඒ අනූව ඉදිරිපත් කල ලිපියට වැරදි අර්ථකතන ලබාදෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් මා විසින් නිකුත් කරන ලද ලිපිය උපයෝගි කරගනිමින් මාධ්‍ය තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට දරණ නිශ්ඵල උත්සහය පිළිබඳව කණගාටුවන  අතර, මාගේ කීර්ති නාමයට එමඟින් හානියක් කිරිමට දරණ නිෂ්ඵල උත්සහයක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.

හරීන් ප්‍රනාන්දු

ප්‍රධාන අමාත්‍ය

ඌව පළාත් සභාව

Request Letter from UVA PC01

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress