දැනට රු.141 පවතින ඇමරිකානු ඩොලරය තව මාස කීපයකදී රු. 160ට නගී. රටේ ආර්ථිකය ගොඩ ගැනීමට යහපාලනය අපොහොසත් වේ.
Posted on June 4th, 2015

Courtesy Ape Rata

ශ‍්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය ඉතා සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා මේ වන විට බැංකු මගින් ඩොලරය විකුණනු ලබන්නේ රු. 137.50 ටය. පිට (කළු) වෙළදපොලේ මෙය රුපියල් 140-141 දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස රුපියලේ අගය අඩුවීමට හේතු වී ඇත්තේ ශ‍්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ශිග්‍ර ලෙස අඩු වීම නිසාය.

මෙවන් ඩොලර් අහේනියක් රටේ මතුවී තිබෙන්නේ පහත සදහන් හේතුන් නිසා බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති:

  • සිරිසේන අච්චාරු රජයේ දක්නට ලැබෙන අස්ථාවරභාවය නිසා විදේශ ආයෝජන අඩුවීම,
  • රජයේ අස්ථිරභාවය නිසා විදේශගත වී සිටින ශ‍්‍රමිකයින් ශ‍්‍රී ලංකාවට එවන මුදල් අඩුවීම.
  • ශ‍්‍රී ලංකාවෙන් පිටරට යවන තේ වැනි භාණ්ඩ වල ඉල්ලූම හා මිල අඩුවීම
  • සිරිසේන රජයේ චීන විරෝධි පිළිවෙත නිසා චීන රජයෙන් ලැබුණු ආධාර නැති වීම.

පුද්ගලික බැංකු වලට දෛනික කටයුතු වලට අවශ්‍ය ඇමරිකානු ඩොලර් අඩුවීම නිසා සමහර බැංකු මේ වන විට සිංගප්පූරුව වැනි රට වලින් ඩොලර් ලබාගෙන ඇත.

මේ ආකාරයට තවදුරටත් ආර්ථිකය බිද වැටුනොත් ඉදිරි සති කීපය තුළ ඩොලරය රු. 160 ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

තම සන්තකයේ ඇති විදේශ මුදල් වලට තව මාසයකින් ඉහළ මිලක් ලැබෙන බැවින් ඒවා රුපියල් වලට මාරු නොකර තව සති කීපයක් බලා සිටීම නුවනට හුරු ක්‍රියාවක් බවද මොවුන් තවදුරටත් පෙන්වා දෙති.

http://www.apeyrata.com/

One Response to “දැනට රු.141 පවතින ඇමරිකානු ඩොලරය තව මාස කීපයකදී රු. 160ට නගී. රටේ ආර්ථිකය ගොඩ ගැනීමට යහපාලනය අපොහොසත් වේ.”

  1. Kumari Says:

    Just thinking of an email I received a few days before Presidential elections, where a no name author circulated an email. In it the author described at a recent business forum that he/she attended where MR, GR and RW all had spoken. It praised RW’s plans for the country and rubbished MR & GR’s presentations. Now we know who need to be rubbished for ever.

    I always said RW did not grab power to make SL prosperous but to destroy it and make the majority community boat people. Now Sri Lankan airlines make only two trips a day from/to London/Colombo (one each way). That too the most unpopular on its schedule. Why, so that the airline is a loss making venture that need to be offloaded to a private investor? Same old, same old story of RW and UNP.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress