ත්‍රස්ත වියරුවෙන් රටත් දැයත් අපේ පණත් රැක දුන් විජයග්‍රණය සැමරීමේ අවුල කුමක්ද?
Posted on June 9th, 2015

කාංචනා ප්‍රියකාන්ත -යුතුකම සංවාද කවය- www.yuthukama.com

ශ්‍රී ලාංකිකයන් වූ අප මීට වසර 6ට පෙර ඉතා බියෙන් ජීවත් වූ අවදියක් විය. බෝම්බයක් කොහේ පුපුරා යාවිදොයි නොදන්නා අවදියක්ද අපට විය. උතුරු නැගෙනහිර ත්‍රස්තවාදීන් පරාජය කිරීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් කල ත්‍රිවිධ හමුදාවක් ශ්‍රී ලාංකිකයන්ට සිටියි. දේශපාලන උවමනා එපාකම් වලට ඇති වූ අමිහිරි යුද්ධයක් මීට හය වසරකට පෙර නිමා විය. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ හුදු ආත්මාර්ථකාමී අරමුණු උදෙසා සටන් වදිද්දී අපගේ උදාර රණ විරුවන් රට බේරා ගැනීම සඳහා යුධවැදුණහ . ඔවුන් ත්‍රස්තවාදය පරාජය කළ නිසා අද සාමාන්‍ය ජනතාවට ජීවත් වීමට රටක් ඉතිරි වී ඇත.

යුද්ධය ගැන අද වැඩිපුරම කතා කරන්නේ යුද්ධය සිදු වූ ප්‍රදේශවල ජීවත් වුවන් නොව යුද්ධය සිදු වූ අවදියේදී අත පය අකුලා ගෙන තමන්ගේ බඩවියත ගැන පමණක් සිතමින් යුද්ධයෙන් පටු වාසි ලබා ගත්තවුන්ය. නැති නම් යුද්ධය පිළිබඳ කිසිඳු නිවැරදි මතකයක් නැති අද ඊයේ මාතෘකාවට පිවිසි අන්ධ රූකඩ ය. අපට යුද්ධය ගැන කතා කරන්නට අයිතියක් ඇත. අපි යුද්ධය සියැසින් දුටිමු. ත්‍රස්තවාදය පරාජය වන දිනය තෙක්ම බියෙන් ජීවත් වුණෙමු . බෝම්බයක් පිපුරුණ හොත් දත කට පූට්ටු වීම වැලක්වීමට පැන්සලක් හපා ගෙන කන් දෙකේ ඇබ ගසාගෙන අපේ ගුරුවරුන් අපව මේස පුටු යට හන්ගද්දී දකුණේ උන් අපේ කුඩා සිත් වලට දැනුන ඒ බිය උතුර නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූවන් ට කෙලෙස දැනෙන්නට ඇත්දැයි අද මට සිතේ. අපේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරද්දී ත්‍රස්තවාදීන් සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව සාමාන්‍ය ජනතාව මරා දැම්මෝය. කොලොන්නාවේ තෙල් ටැංකි පිපිරෙව්වේය.මහ බැංකු බෝම්බය , අරන්තලාවේ භික්ෂු ඝාතනය , දෙහිවල දුම්රිය ස්ථානයේදී පිපිරුණු බෝම්බය, කොටුව දුම්රිය ස්ථානයේදී පිපිරුණු බෝම්බය , තොට ළඟ බෝම්බය , මරදානේ දී පිපිරුණු බෝම්බය අමතක වුණු පිරිසක් අද ත්‍රස්තවාදය පරාජය කල දිනය පිලිබඳ විවිධ විවේචන එල්ල කරමින් සිටීම හාස්‍යට කරුණකි.

අද හර්තාල් කරමින් මුහුණු පොතේ කාඩ්බෝඩ් වීරයන් වී දැඟලීම ට ඔවුන් වාසනාවන්ත වී තිබෙන්නේ යුද්ධයෙන් ඔවුන්ගේ ජීවිතයට හානි නොවුණු නිසාය.ඔවුන්ගේ පවුල්වල කිසිවෙකු යුද්ධයෙන් අහිමි නොවූ නිසාය. ඔවුන්ට යුද්ධය කිසිවක් අහිමි කර නැති නිසා ඔවුන් තමන්ට රිසි අයුරින් කෙස් පැලෙන තර්ක විතර්ක කරමින් ත්‍රස්තවාදයටම ආවඩයි. යුද්ධය නිසා උන් හිටි තැන් අහිමි වූවන් , තමන්ගේ පවුල් වල ආදරණීයයන් අහිමි වූවන් සිංහල , දෙමළ , මුස්ලිම් යන හැම ජන වර්ගයකම පවුල් වලින් සොයා ගැනීමට හැකි වනු ඇත. ආබාධිත රණවිරුවන්ගේ රණවිරු සෙවණක ගෙවෙන ජීවිතය ගැන ඔවුන් කතා කරන්නේ නැත. එය ඔවුන්ට එතරම් ජනප්‍රියත්වයක් ගෙන එන මාතෘකාවක් නොවිය හැකිය. නමුත් ඔවුන් මැයි 18 මහා ජන සංහාරයක් වූ දිනයක් ලෙස උලුප්පන්නට තැත්කරති. කනගාටුවට කරුණ නම් ඊට පෙර සාමන්‍ය වැසියන් ලක්ෂසංඛ්‍යාත ප්‍රමාණයන්ගේ බෝම්බ වලට හසු වී මිය යද්දී ඒවා මිනිස් සංහාරයන් ලෙස ඔවුන් නොදැකීමයි .කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ප්‍රභාකරන් කීවා නිවැරදිය . සිංහලයාට ඕනෑම දෙයක් මතක තිබෙන්නේ සති දෙකකි. රණවිරුවන් අපේ රට ත්‍රස්තවාදයෙන් ගලවා ගත්අතර ඔවුන්ට අපගේ උත්තමාචාරය හිමි විය යුතුය. ඔවුන් තම දිවි පුදා අපට රටක් ඉතිරි කර ඇත. ඔවුන් තම තාරුණ්‍ය අනාගත පරපුරක යහපත වෙනුවෙන් කැප කළහ. ඔවුන් බේරා ගත් රට එහි වාසය කරනා සියලුම ජනතාව වෙනුවෙනි.
එබැවින් අන්ධ ලෙස අනුකරණය නොකරන්න. අන්ධ ලෙස අනුගමනයද නොකරන්න. අද අප නිදහසේ හුස්ම ගනිමින් හිඳිමු. ඒ 2009 මැයි 18 කොටි ත්‍රස්තවාදය පරාජය කළ නිසාය.

කාංචනා ප්‍රියකාන්ත
-යුතුකම සංවාද කවය- 

www.yuthukama.com

2 Responses to “ත්‍රස්ත වියරුවෙන් රටත් දැයත් අපේ පණත් රැක දුන් විජයග්‍රණය සැමරීමේ අවුල කුමක්ද?”

  1. Dr.K Says:

    අද බලාගෙන ගියාම ප්‍රබාකරන් හා ද්‍රවිඩ ත්‍රස්ත කල්ලියටත් වඩා භයානක කල්ලියක් අප අතරේ ඉඳගෙන මේ රටේ අයිතිය සිංහලයන්ගෙන් මකා දැමීමට කටයුතුකර ඇතිබව පැහැදිලිවී හමාරය. රටේ වාසනාවකට මේ කල්ලිය ‘යහපාලන’ ලේබලය යටතේ හඳුනාගැනීමට අද හැකිවී ඇත.

    සැබෑ සිංහළයන් එකා මෙන් නැගී සිට ‘යහපාලන ‘ කල්ලිය අතුගා දමා යලිත් තම රටේ අයිතිය ස්ථාපිත කරගැනීමට කටයුතු කළයුතුව ඇත.

    තත්කාලීන ජනාධිපතිද UNP ලේබලයෙන් එන මේ දේශද්‍රෝහින්ට අවනතවී සිය පක්ෂයේ සහ සන්ධාන සාමාජිකයන් ගොනාට අන්දන්නේය. ඔහු කියන්නේ හතරබීරි කතාය. ඔහු UNP සමග කිසිම ගිවිසුමක් නැත කියන කටින්න්ම රනිල්ට එරෙහි විශ්වාස භංගය යෝජනාවට සහාය නොදෙන ලෙස සන්ධානයෙන් ඉල්ලීම් කර ඇතිබව වාර්තාවී ඇත. ඔහු හා UNP අතර ගිවිසුමක් නැතිනම් රටේ මුදල් වියදම් කර මැතිවරණයකට යනවා වේනුවට වැඩි බලය ඇති සන්ධාන එකතුවෙන් අගමැතිවරයෙකු පත්කර කටයුතුකරණ අතර මැතිවරණයට වියදම් කරන මුදල් රටේ සංවර්දනයට යෙදවිය හැකිය.

  2. ranjit Says:

    Sinhalese won the war.Tamils were the terrorists.TNA supported it and they represented the LTTE in parliament so why can’t we the Sinhalese loudly say to the world to hear that LTTE the terrorists movement killed and maimed thousands of our Sinhala heroes in cold blood and destroy the economy of my Motherland? We were the victims not them, We suffered most not them, They bombed our cities not us, They introduced suicide bombers not us, They were responsible for drugs,money laundering,Prostitution,Kidnappings etc not us so what’ the hell we are talking about that they were the victims of Genocide?

    Shameless Sinhala traitors must open their eyes and think of their Motherland without selling it piece by piece to Minority by the advise of Indian parasites and the western Mafia. We lived as proud Sinhalaya for six years but now see our position under this Jarapalanaya we have become pet dogs of the white Imperialists to say YES SIR for everything. America and India controlling our puppet Sira and Hitler Ranil for their own good. Hell with them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress