යුග ගනනාවක් අපව බියට පත් කල ඩ්රැකියුලා මිය යයි
Posted on June 13th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

ක්‍රිස්ටෝෆර් ලී අපට මුණ  ගැසෙන්නේ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවෙනි. 70 ගනන් වලදී එම්පයර් එකේ, පැරණි මැජෙස්ටික් එකේ , රීගල් එකේ අප බියෙන් ගැහෙමින් ක්‍රිස්ටෝෆර් ලී ගේ චිත්‍රපට නැරඹුවෙමු.  අප දැන් DVD You Tube  යුගයට පැමිණ සිටියත් ක්‍රිස්ටෝෆර් ලී  හ​ට අපව බිය ගැන් වීමට හැකි විය​.

ක්‍රිස්ටෝෆර් ලී ,බෙලා ලුගෝසි , ෆ්‍රෑන්ක් ලැංගිලා වැනි අති ප්‍රකට ඩ්‍රැකියුලා නළුවන්ටත් වඩා ප්‍රතිභාවක්  පෙන්විය​. ඩ්‍රැකියුලා  චරිතය පමණක් නොව මෑන් විත් ද ගෝල්ඩන් ගන් හි ෆ්‍රැන්සිස්කෝ ස්කැරමැංග ලෝඩ් ඔෆ් ද රිඞ්ස් හි   සරුමාන් වැනි චරිත මගින් ද ඔහු අමරණීය විය​.

dracula

ක්‍රිස්ටෝෆර් ලී ගේ  Dracula (1958 )  චිත්‍රපටය රූපාවාහිනිය ලංකාවට පැමිණි කාලයේ එනම් 1979 ජාතික රූපාවාහිනිය මගින් පෙන්වීය​. කළු සුදු රූපාවාහිනී බහුලව තිබූ  තාක්‍ෂණයද නොදියුණු   ඒ කාලයේ අප ඩ්‍රැකියුලා වෙනුවට දුටුවේ අඳුරු සෙවනැලිය​.

Dracula: Prince of Darkness චිත්‍රපටය දැකීමට පෙර 1975 පමණ කාලයේ එම චිත්‍රපටය ඇසුරෙන් ලියන ලද සිංහල චිත්‍ර කතාවක් කියවූවා මතකය.  ක්‍රිස්ටෝෆර් ලී රඟපෑ Scars of Dracula බැලීමට පෙර ඒ අනුසාරයෙන් ඩීමන් ආනන්ද ලියන ලද ඩ්‍රැකියුලා සිටුවරයා පොත පාසලේදී ගුරුවරුන්ට හොරෙන් කියවූයෙමි.

Dracula Has Risen from the Grave චිත්‍රපටය 1987 දී   ලන්ඩනයේ අඳුරු රාත්‍රියක ඥාතියෙකුගේ නිවසේ සිට රූපාවාහිනියෙන් තනිවම  නැරඹුවෙමි. චිත්‍රපටය අවසානයේදී මා නින්දට ගියේ ධම්මපදය පොත කොට්ටය යට තබාගෙනය​.

Dracula A.D.1972 නරඹන ලද්දේ විඩියෝ කැසට් ලංකාවට පැමිණි මුල් කාලයේදීය​. එසේම  In Search of Dracula වාර්තාමය චිත්‍රපටය (මෙහි හඞ ක්‍රිස්ටෝෆර් ලී ගේය​) ද මෙහිදී මතකයට නැගේ. Taste the Blood of Draculaචිත්‍රපටය ගැන වෛද්‍ය කීත් චැප්මන් නිතර කතා කලේය​. ඔහු කාලයක් හලාවත රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා විය​. වෛද්‍ය කීත් චැප්මන් ගේ විස්තර කතාවෙන් පසු මම එම චිත්‍රපටයද නැරඹුවෙමි .තවද The Satanic Rites of Dracula You Tube මගින්  නැරඹුවෙමි

මෙලෙස ක්‍රිස්ටෝෆර් ලී ගේ සියළුම ඩ්‍රැකියුලා චිත්‍රපට නැරඹීම පිළිබඳ අතුරු කතා තිබේ. නමුත් මේ සියළු චිත්‍රපට වලට පොදු සාධකය වූ “බිය ” නොඅඩුව අපට ලැබුණි. පසු කාලයක Friday the 13th , A Nightmare on Elm Street, Child’s Play ( Chucky), Halloween (Michael Myers) වැනි චිත්‍රපට බලන කිසිදු බියක් නොදැනුනත් ක්‍රිස්ටෝෆර් ලී දකින වාරයක් පාසා ගත සීතල වූ බව කිව යුතුය​.

අන්ධකාරයේ කුමාරයානෙනි ඔබට සුභ රාත්‍රියක්

 

 

 

One Response to “යුග ගනනාවක් අපව බියට පත් කල ඩ්රැකියුලා මිය යයි”

  1. Hiranthe Says:

    Good old memories. Thanks for the write up!! He is the real king of vampires… I can still remember they bring a coffin to the Cinema hall and keep it in the hall way to create more horror..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress