මේ ඇසෙන්නේ ඒ අභීත සිංහ නාදයයි (Roar of a Lion)
Posted on June 16th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

ප්‍රවාහයට ඉඞ සලසා ගේට්ටු සියල්ලම හැර දමා ඇත. දැන්නම් රැල්ල නවතින්න හේතුවක්ද නැත. ජය ලබන තෙක්ම මෙම ප්‍රවාහය හැසිරවිය යුතුය.

මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට පිවිසීමට ගත් තීරණයේ ජාතියේ වාසනාව රැදී ඇත. දැන් ඉතින් මේ රටට නැවතත් හොද දසාවක් ලබාවි. අපේ දරැවන්ට දෙන්න රටක් ඉතුරැ වේවි.  සිංහලය කියලා කටපුරා ආඞම්බරෙන් කියන්න පුඵවන්වන දවස නැවත උදාවේවි.

අවුරැදු තිහක් ජිවිත පූජාකර ත්‍රස්තවාදයෙන් මුදවාගත් රටේ යහපාලනයේ අනුහසින් නැවතත් භීෂණයේ අදුරැ සෙවනැලි ඇඳෙමින් පවතී. විග්නේශ්වරම් වර්ගඝාතන  (genocide) වෝදනා නගනාවිට වත්මන් යහපාලනයේ දතකට පූට්ටු වි තිබුනි. ගෝනි වෙළදාමේ ආව නාටාමියා වැලේ වනපු රෙද්ද හොරකම් කොට ගුටිකෑව සිද්ධියත් මොවුන්ට අනුව වර්ගඝාතනයකි. සිද්ධීන් පිළිබඳ ලයිස්තු සකසා ඇත්තේ එසේය. මේ රටේ වර්ගඝාතනයක් තබා සිංහලයින් දියත්කල වර්ගවාදී අරගලයක්වත් නොතිබිනි. එහෙත් යහපාලනය ගොඵවී ඇත. ජනපති හා අගමැති දෙපොලම බේත්බීපු ගොඵවන් සේ ජනතාව ඉදිරියේ රංඟනයක යෙදේ. බටහිර දීගයට අනුව යහපාලනයට අවශ්‍ය කරැන නම් වර්ගඝාතන චෝදනාව මත පදනම්වී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව එවැනි ඉරණමකට ගොදුරැවූ ජාතියකට ලැබියයුතු වෙනම  රාජ්‍යය උතුර හා නැගෙනහිර එකතුකර ලබා දීමය.  ජීවිත පූජාකර රැකගත් දේශය නැවත දනින් වැටී පූජාකිරීමට යහපාලනය සැරසෙයි.  මෙවැනි පසුබිමක මහින්දයන්ගේ දේශපාලන අවතීර්නය දෙවියන් විසින් සිංහල ද්වීපයටත් එහි  ජනතාවටත් දුන් මහත්‍පල මහානිසංසවූ ජීව වායුවක්ම වැනිය. මේ ජීවය අප සැමටම ලැබී මේ අවසනාවන්ත යහපාලනය බුදුන් තෙවරක් වැඞි දේශයෙන් තුරන් කිරීමට අප සැමට ධෛර්යය ලැබේවා.

ශ්‍රී ලාංකික සිංහල ජනතාව තරම් විනීත ගුණගරැක ජාතියක් ලෝකයම නැති අතර එවන් ජාතියකට කරන මේ පදනම් විරහිත චෝදනා පරාවලල්ලක් වී ඔවුන් වෙතම එල්ලවන දිනය වැඞි ඇතක නොවේ.

අප ආදරණීය ජන නායකයා සටනට එළැඹුන කාහල නාදයෙන් මුඑ ලක්දෙරණම ගිගුම්දෙයි. එදා ගෝඨාභය දසබතිකයින්ට  (එවකට රෝහණයේ සිටි ප්‍රාදේශීය පාලකයින් දස දෙනා) එරෙහිව කල සටන මෙන් මෙම  සටනද විවිධ උපක්‍රම උපයෝගිකරගෙන සිදුකල යුතුව ඇත.  ඒ මෙම සටන අප හිතවතුන් හා ඥාතීන්ම සමග කෙරෙන්නක් බැවිනි. මොවුන්ගේ මානසිකත්වය බටහිර උඳව් උපකාර සහිතව සයිබර් අවකාශයේ පතුරවන ලද බේගල් නිසා පසුගිය දවස තරමක් විකෘතිවී තිබුනද මොවුන් අපේම ඥාතින්ය. කරැනු කාරනා අවබොධ කරවීමෙන් ඔවුනට යතාර්තය පහදාදීමට අපට හැකිවිය යුතුය.

ලක්බිම ආක්‍රමණයකල සොලී එලාර නිසා මාගම්පුරයට පලායාමට සිදුවූ සිංහල ජනතාවට ගොඨාභය (දෙවනපෑතිස් රජුගේ සහෝදර මහානාගගේ පුතා) වටා එක්රොක්වී එලාර එලවා බුදුදහම නැවත ලක්දිව ස්ථාපනය කිරීමට අවශ්‍ය පසුබිම සකස්කිරීමේ මුල් පියවර තබන්න වුනේ එවකට මාගම පාලනයකල දස බතිකයින් පරාජය කිරීමෙනි.  මේ දස බතිකයෝ දඹදිව සම්භවයක් ඇති අපේම නෑදැයින් වුනත්  ඔවුන් තවත් පිරිසකගේ සංක්‍රමණය රිස්සුවේ නැහැ. ඒ නිසා ඔවුන් සමඟ සටන ඉතාම කල්පනකාරීව කරන්න ගෝඨාභයට සිදුවනා. දස බතිකයෝ කියන්නේ භද්‍රකච්චායනා කුමරිය පඞුවස්දෙව් රජතුමා සමග ආවාහයට දඹදිවින් පැමිනෙනවිට ඇය සමග පැමිනි ඇගේ ඥාතීන් පිරිසකගෙන් පැවත එන්නන්ය. භද්‍රකච්චායනා කියන්නේ පංඞුකාභය, ඒ කියනේනේ ලක්දිව පලමුවන සිංහල රජතුමාගේ මිත්තනියයි. ඒ විතරක් නෙමේ භද්‍රකච්චායනා තතාගතයන් වහන්සේගේ ඥාති මිනිපිරියයි. ඒ නිසා ගොඨාභයට දස බතිකයින් සමග කරන්න වුන සටන එසේ මෙසේ එකක් නෙමේ. අතකින් ඔවුන් ඥාතින් අනික් අතින් බුදුහාමුදුරැවන්ගේ පරපුරකින් අපි වගේම පැවතෙන්නන්. නමුත් ඔය දස බතිකයො අතර හිටිය කිපදෙනෙක් අද යහපාලකයො වගේ කිසිම ගුණයහපත්කමක් නැති බලයටම කෑදර අසමත්ජාති අය. ගෝඨාභය ඒ අයව තොරල බේරල අරගෙන යුද්ධකරල පරාජය කලා. ඉතිරි දස බතිකයො පාලනයට සම්බන්ධ කරගත්තා. තවත් සමහරක් සමඟ නෑදැ සම්බන්ධකම් ඇතිකරගන්න තමන්ගේ දෝණිවරැ දීගදුන්නා. දෙටු දියණියවූ සෝමාදේවියව (ගැමුණු කුමරයගේ නැන්දා, ඒ කියනේනේ කාවන්තිස්ස රජතුමාගේ සහෝදරිය) දස බතිකයෙක්වු ගිරිඅබා (අභය) ට සරණපාවාදිලා පොලොන්නරැව ට ආසන්න මහවැලි ගඟේ නැගෙනහිර ඉවුර  ප්‍රදේශයේ පදිංචි කෙරෙව්වා. පසුකලක අපමහා බෝසතානන්වහන්සේගේ දකුනු දන්ත දාතුව මිහිඳු මහරහතන් වහනසේගෙන් ලබාගෙන එය නිදන්කර සෝමාවතිය චෛතිය රාජයානන් තනන්නෙ මේ ගිරිඅබා කියන දස බතිකයා. හදල එම චෛත්‍ය රාජයා එවකටත් වැඞ හිටිය මිහිඳු මහරහතන් වහන්සේට පූජාකරනව. කෙසේ හෝ ගෝඨාභය රජතුමාගේ ප්‍රඥාව හින්දා අපි අපේම ඥාතින්ගේ සිත් නොබිදවා දස බතිකයින් පාලනයකරපු මාගම, රෝහණ පුරය දිනාගෙන දීර්ඝ සටනක් කරල දරැණු අපරාධකාරයෙක්වුනු සොලී එලාරව අනුරපුරයෙම මිහිදන් කරල ලක්දෙරණ මත නැවතත් බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන්න ගැමුණු කුමාරයට අවස්ථාව සලසල දුන්නා.

(එලාර දවස ගැන තවත් කියවනේන 2015  මාර්තු මස 26 වන දින ලංකාවෙබ් (lankaweb.com) ජාලයේ පලවූ ”චූලහත්ථිපදොපම සූත්‍රය හා එලාරගෙ යහපාලන බෙල්එක’ කියවන්න. පහත සදහන්  link එක තුලින් එම ලිපියට පිවිසිය හැක.

(http://www.lankaweb.com/news/items/2015/03/26/චූලහත්ථිපදොපම-සූත්%E2%80%8Dරය-හා/  )

යහපාලනයෙන් සිංහල අභිමානය කෙලසපු මේ දේශයට නැවත අභිමානයක් ලබා දෙන්න මහින්දම පැමිනිය යුතුයි. ඒ සදහා කෙරෙන සටන ගෝඨාභය මාගම්පුරය අත්පත්කරගන්න දසභතිකයොත් එක්ක කල සටන වගේ  ඉතාමත්  සූක්‍ෂමව කල යුතු එකකි.

මුඵ රටටම අවාසනාවත් වෛරයත් බෙදන යහපාලකයන්ගේ හෙඵව ජනතාවට පෙන්වා, අවබෝධ කරවා ඔවුන්ව දේශපාලනයෙන් විශ්‍රාම ගන්වා, සයිබර් බේගල් අසා මුසපත්වී සිටින අපේම ඥාතීන්ට  යතාර්තය පේන්න සැලැස්වීම කාලයේ අවශ්‍යතාවයයි. යහපාලකයින්ට මහින්දගේ ලැම්බෝහිනිවත්, රත්තරං අස්සයොවත්, දිවිය මාලිගාවත්, සුඛෝපභෝහි අහස්යානාවත් තාම පෙන්නා ගන්න බැරිවුන නිසා මේ කර්තව්‍ය  එතරම් අපහසු වෙන එකක් නැහැ.

සිංහලයා සෑමවිටම නැණවත්ය, ගුණවත්ය. සොබිතගේ යහපාලන තොරොම්බල් කරත්තය නොඑන්නට ඔවුන් මේ විනාශය වැලඳ නොගන්නා බව නම් සහතිකය.

‘මහින්ද එක්ක නැගිටිනව’ වගේම යහපාලන නැලේ සදහටම (දේශපාලනයෙන්) බුදිකරවන ක්‍රමයකුත් සොයාගමු.

තෙවරක් නමදින සිරිත අපට බුදුදහමෙන් උරැමවූවකි. පලමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම රැකගත්තේ මහින්දය. සමස්ත මහා ලාංකික ජනතාවම ඔබ සමඟය. විරැවානණි ඔබට ජයෙන් ජයම වේවා.

….එඞිතරකම් ගැන බියනැතිකම් ගැන කතා ඇහෙනකොට අම්මේ..
මට හරි ආසයි.. මට හරි ආසයි.. ඒ ඇයි මගෙ හොද අම්මේ..

එඞිතරකමටයි බියනැතිකමටයි පෙරදිග සුපතල හෙලයේ..
ඉපදුන ඔබතුල ඒගති නැතිනම් ඒ නොවැ පුදුමය පුතුනේ..

ඔබට සුභ පැතුම්
තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට
2015 ජූනි මස 16 වන දා

4 Responses to “මේ ඇසෙන්නේ ඒ අභීත සිංහ නාදයයි (Roar of a Lion)”

  1. mahesh fernando Says:

    “Thun Sinhalaya eka kodiyak yatata keru You brought the motherland under one flag.
    Rata reka denna oba hata atha yoda viru You have the strength to defend our country.
    Elawa dama yahapalana amana horu Chase away the evil yahapalana thieves.
    Nawathath paminenna Mahinda Mathindu garu” Please come back and take care of the country, Dear President Mahinda.

    Mahesh Fernando From CA USA

  2. mahesh fernando Says:

    “Thun Sinhalaya eka kodiyak yatata keru
    Rata reka denna oba hata atha yoda viru
    Elawa dama yahapalana amana horu
    Nawathath paminenna Mahinda Mathindu garu”

    You brought the motherland under one flag.
    You have the strength to defend our country.
    Chase away the evil yahapalana thieves.
    Please come back and take care of the country, Dear president Mahinada.

    Mahesh Fernando From CA USA

  3. Christie Says:

    Namaste: Dear Mr. Gunathilake I am happy to read your diatribe. But we live in a different environment now. There was no India or an Indian Empire those days. There were no Tamils, Keralayans, Bhoras, and other Indian colonial parasites running in to millions and breeding like flies. By the time parliament elections are held there will be more Indian colonial parasite votes. The Sinhala vote will be in pieces and the chance that Mahinda will get a majority is rare. Even if he gets the majority Sirisena is the President and it will be difficult to dislodge him. Then India will bring up the Indian and Sinhala terrorists and will keep Sirisena the coolie, Ranil or another Kankaani and Chandrikaa the governor and run the country. Jai Hind

  4. ranjit Says:

    Mr President listen and read what the nation expects from you. The whole nation want’s you back,the whole nation waiting to hear your words,the whole nation is longing for strong leadership to save our Motherland from evil coup plotters within and outside.

    You gave the leadership to our lions to free the nation which was under the most brutal blood thirsty killers for thirty long years. When all the traitors and weak leaders from 83 – 2004 failed to save our Motherland and it’s people you was the only leader who said “Yes I can and I will do it”. You have the honor of ending the blood bath and save millions of human lives to the astonishment of the whole world. Today we are suffering because of Ungrateful people of this land who forgot the noble thing you did to make us free citizens. But never mind just lead us once Mr President and make this land ” wonder of Asia” as you promised once a upon a time. May Triple Gem be upon you and the whole nation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress