ජන්දය දීමට නිර්ණායකයක්!
Posted on June 20th, 2015

ආචාර්ය චන්දන ජයලත්

පක්ෂ පාට භේදයෙන් තොරව නිදහස් හා ස්වාධීන මතධාරියෙකු ලෙස මනා සංයමයකින් යුතුව ඉදිරි මැතිවරණ වලදී ජන්දදායකයා ක‍්‍රියා කලයුතු අාකාරය පිලිබදව යම් සටහනක් තැබීම කාලෝචිත යැයි කල්පනා කළෙමි. තම මතයක් දැරීමට ඕනෑම අයෙකුට ඇති අවකාශය පිළිගත් සම්මුතියකි. උගත් ජන සමාජයක ගති ලක්ෂණයකි. මුලික මිනිස් අයිතිවාසිකමකි. ඒ බැව් මා මුලින්ම අවධාරණය කල යුතු වන්නේ එය අයිතියක් බව වටහා නොගත් ජන්දදායකයින්ද සිටිය හැකි බැවිනි. දැනට අන්තර්ජාලය හරහා කෙරෙන මඩ ගැසීම් හරහා ජනමනස අවුල් කිරීම තුල එකී අයිතිය උල්ලංගණය වන බව කිවමනාය. යමෙක හරි වැරැද්ද තේරුම් ගැනීමට නොහැකි වන පරිද්දෙන් හරි හරියට කරගෙන යන විකวතිකරණයෙන් සිදුවන්නේ දේශපාලන විඥානය මොටකිරීමකි. පෞද්ගලික ආරවුලක් මත සිදුවූ ස්ත‍්‍රී දුෂණයක් රටම හොල්ලන කතිකාවක් බවට පත්වීම තුල සැබෑ දේශපාලන විඥානය කෙබඳුද යන්න පැහැදිලිය. බහුතරයක් දෙනා ගොනාට අන්දවමින් ඉතා සුළු පිරිසක් වූ සටකපටි දේශපාලඥයින් කල දුටු කල වල ඉහ ගැනීමට මාන බැලීම මින් පැහැදිලිය. ඒ බැව් තේරුම් ගත යුත්තේ අන් කවරෙකුවත් නොව ජන්දදායකයාය.
බුද්ධිමත් ඡුන්ද දායකයා නමින් ඇමතීමම එම සටකපටි බවේ ආරම්භයයි. එක අතකට ඡුන්දදායකයා බුද්ධිමත් නම් පාතාල නායකයින්, වෙසගනන් හා කුඩු මුදලාලිලා මැති සභයට පත්කර යවන්නේ මන්දැයි සිතීම උගහටය. පවතින රාමුව තුළ ඡුන්ද දායකයාටද ඉඩක් ඇත්තේ දේශපාලන බල අධිකාරිය විසින් තෝරා දෙනු ලැබූ පිරිසගෙන් කිහිප දෙනෙකු තෝරා ගැනීමට වුවද ඡුන්දය දීමේදී හුදු පුද්ගලික කාරණාවක් පදනම් කරගැනීම බොහෝවිට දක්නට ඇත. විදේශ ප‍්‍රතිපත්තිය, මූල්‍ය ප‍්‍රතිපත්තිය හෝ නීතියේ ස්වාධිපත්‍යයට යන කලදසාව ඔවුන්ට කම් නැත. යුක්තිය පසිඳලන ආයතනවල ස්වාධීනත්වයෙනුත් කම් නැත. එ්වා හුදකලා සිදුවීම් හැටියට ලගු කරමින් ජීවත් වන්නන්ගෙන් බලාපොරොත්තු වන තේරීම බුද්ධිමත් විය නොහැක. සම්ප‍්‍රදායි නිල් පාට හෝ කොළ පාට කණ්ණාඩි පැළැදගෙන හරි දේ දකින්නට නොහැකිවන්නා සේම මැතිවරණයක් ආසන්නයේදී මොකක් හෝ බිබික්කමක් දුන් පලියට හෙට දවස අමතක කරන වුන් දෙදෙනෙක් සිටින තැන එසේ නොවන්නෙක් සිටීමෙන් පලක් නොවනු ඇත.

නවසිය හැට පහේදී පාන් ගෙඩියේ මිල ඉහළ යාමේ හේතුවෙන්ම පමණක් ආණ්ඩුවක් පෙරළුනි. නවසිය හැත්ත හතේදී ඇට රාත්තල් අටකට රැුවටුණා පමණක් නොව රුපියල් 500ක් වැනි මුදලකට තම වර්ගයා බෝ කිරීමේ හැකියාවද නැති කර ගත්තේය. ධර්මිෂ්ට සමාජයක් කෙසේ වෙතත් කුඩුවලින් ගහණ දූෂණ හා වංචාවලින් පෝෂිත රටක් ඉතිරි වූයේය. ජේ.ආර්. නතර වූයේ ‘අතිගරු උතුමාණෝ යනුවෙන් අන්තට්ටුවක්ද පැළැද ගනිමින්ය. එදා ඉතිහාසය අද වර්ථමානය වන්නේය. එහෙත් එය අමුතූම තාලයක එකක් බැව් ගරු විමල් වීරවංශ ඇමතිතූමා ද පිළිගත්තේ මෑතකදී ඔහු විසින් කළ ප‍්‍රකාශයක් සමගය. ඊට අනුව ඔහු බයියෙකි. විපක්‍ෂයේ සිටින්නේ ටොයියලාය.

අද රූපවාහිනී නාලිකාවල කෙරෙන ඇතැම් දේශපාලන ගුටිකෙලිවලින් පෙනී යන්නේ මොවුන්ගේ තුන්වෙනි පාන්තික බව නොවේද? ගැලරි ගතිය නොවේද? තානාපතිවරුන්ට පහර දෙන අධීක්‍ෂණ මන්තී‍්‍රවරු, මීනීමරන හෝ මිනිමැරුම් සම්බන්ධයෙන් වක‍්‍රව හෝ සාක්‍ෂිකරුවන් බවට පත්වුන මන්ත‍්‍රීවරු, ස්තී‍්‍ර දූෂකයින් හා වංචනිකයින්, සිසු අරගල වලට ගොස් අට්ටාල වලට ගිනිතබන මන්තී‍්‍රවරු, විදුහල්පතිවරුනට තම දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඇතුළත් කරගන්නා ලෙස බලපෑම් කරන මන්තී‍්‍රවරු, පාරේ මහ දවල් පොලිසියත් ඉස්සර කරගනිමින් සියලූම මාර්ග නීති උල්ලංඝනය කරමින් අති ධාවනයක යෙදෙන මන්තී‍්‍රවරු, සමෘද්ධි නිලධාරීන් ගස් බඳින මන්තී‍්‍රවරු, රජයේ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදින මන්ත‍්‍රීවරු යනාදී මෙකී නොකී මන්තී‍්‍රවරු 225 ක් පාර්ලිමේන්තුවේ සිටිති. 437ක් පළාත් සභාවල සිටිති. 3524 ක් ප‍්‍රාදේශීය සභාවල සිටිති. අනුපාතයක් ලෙස ගත් කළ ජනතාවගෙන් සෑම 4900 කටම එක් මන්තී‍්‍රවරයෙක් සිිටිති. මෙම සුදු අලි පරම්පරාව නඩත්තු කිරීම සඳහා වසරකට වැය කෙරෙන රුපියල් කෝටි ගණනකි. මොවුන් භුක්ති විඳින විදේශ චාරිකා බදු රහිත වාහන සහ අනිකුුත් වරප‍්‍රසාද ගත් කළ එම ගණන දෙගුන තෙගුණ වේ. උත්තරිතරයයි ඒ අය විසින්ම කියා ගන්නා පාර්ලිමේන්තුව තුල මේ වන විට පාසල් දරුවකුටවත් එහි ගැලරියට ඇතුල් වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. සැබවින්ම එය තුන්වැනි පාන්තික ගැලරියකි. එය පළමු පන්තියේ ගැලරියක් බවට පත් කල හැක්කේ ජන්දදායකයින් තම ජන්ද අයිතිය ඉතා ප‍්‍රවේශමෙන් භාවිත කළහොත් පමණි.
මහා දවල් කුණුහරුප වලින් බැණවදින අමන දේශපාලනඥයින්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් බිහිකරලුයේද ජන්දදායකයාමය. ඒ කළ ගොන්කමේ විපාක අපි අද අත්විදිමු. පාර්ලිමේන්තුවෙන් බාගෙට බාගයක් අපොස සාමාන්‍ය පෙළ අසමතුන්ය. පාර්ලිමේන්තුව තුලද කුණුහරුප කියාගන්නා වලත්තයින්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් අපට මොකටද? රටේ අවනීතිය රජ කරද්දී බහුතරයකට සිදුවී ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමටය. නැතහොත් පවතින ක‍්‍රමයට අනුගත වී තමන්ද එහි පාපතර කොටස්කරුවකු බවට පත්වීමය. රුපියල් පන්සියකින් පඩියක් වැඩි වූ විට පිල මාරු කරන්නේ එවිටය. මීට මුලිකම හේතුව වී ඇත්තේ දුර නොබලා ලඟ විතරක් බැලීමය. ඉතා කෙටි ක‍්‍රම හරහා වැඩි ඵලයක් ඉක්මනින් ලබා ගැනීමට දක්වන කැමැත්තය. කොටින්ම කියතොත් අාත්මාර්ථකාමිත්වයය. එහෙත් මේ අය නොදන්නා එකම දේ වන්නේත් තමන්ට තනිවම ගමනක් නැති බවත් තමා සිටුවා තබන රාමුව කඩා වැටෙද්දී තමාද ඊට හසු වී විනාශ වී යන බවත්ය. මෙය දේශපාලන අන්ධානුකරණය වශයෙන් අපි හඳුන්වමු.

නිල් කොළ හා රතු වශයෙන් දමාගත් කන්නාඩි හරහා අවට සමාජය දැකීමට උත්සාහ කිරීම තුල ජන්දදායකයා ඉමහත් රැවටීමකට භාජනය වූ බව මාගේ අදහසයි. මෙකී ªපත් මානසිකත්වයෙන් එලියට විත් අවට පරිසරය කෙරෙහි නිරීක්‍ෂාකාරිව සිට අනාගතය දෙස බැලීම ඉතා වැදගත්ය. එය මා ඉහතින් සදහන් කළ දේශපාලන විඥානයේ පදනමයි. ජන්දදායකෙයකු සතුව තිබිය යුතු ස්වාධීනත්වයේ ආරම්භයයි. එහෙත් කණගාටුවට කරුණ නම් අවට සාධක බොහොමයක් තම ඇසට වැලි ගසමින් ක‍්‍රියාත්මක වනු දැකීමයි. ඉන් මුල්තැන ගන්නේ කට කතා, කැලෑ පත්තර හා මඩ පත්තරයි. එය නොමිලේ ලැබෙන අන්තර්ජාල පහසුකම් හරහා මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වනු පෙනේ. මේ සියල්ල උපේක්ෂාවෙන් බැහැර හැරීමට නොහැකි වන්නේ ජන්දදායකයා ජීවත්වන විවිධ උප පද්ධතීන් හරහා කාන්දු වන තොරතුරු වල සාවද්‍යභාවය පිලිබදව පවතින අවිශ්වසනීයත්වයිි. එකම සිද්ධියක් සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර විරෝධී අදහස් දැක්වීම තුල පාඨකයාගේ මනස අවුල් ජාලාවකට පත්වීම නොවැලැක්විය හැකිය. එය මැඩ පවත්වා ගත හැක්කේ යම් සාධනීය ප‍්‍රවේශයකින් පමණි. කොටින්ම කියතොත් ජන්දෙයකට ඉදිරිපත් වන අපේක්‍ෂකයාට ලකුණු දීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමෙන්ය. එසේ නම් එය සදහා පදනම් කර ගත යුතු සාධක කවරේද? මා එකින් එක ගෙනහැර දක්වමි.
අධ්‍යාපනය තුල කියවීම, ලිවිම, ඇහුන්කම්දීම, විශ්ලේෂණය යනාදිය හමුවෙයි. යම් විෂයයක් සම්බන්ධයෙන් පුළුල් න්‍යයාත්මක පදනමක් ලැබී නොමැත්තේ නම් ඔහුට හෝ ඇයට එම විෂය තුල හට ගන්නා ප‍්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු විශ්ෙල්ෂණාත්මක ප‍්‍රවේශයකට එළඹිය නොහැකිය. යම් ප‍්‍රශ්නයක ස්වභාවය තේරුම් ගත හැක්කේ එහි අන්තර්ගත සාධක හදුනා ගැනීමෙන් පමණි. අප දන්නා ගණිතයෙහි අාරම්භයත් එතැනමය. වඩාත්ම තරඟකාරී විභාගයක් වූ අපොස උසස් පෙළ සමත්වුවා යැයි කීමෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය තම පාසල් කාලය සම්පුර්ණ කරගත් බවයි. උසස් අධ්‍යාපනයකට අවශ්‍ය අඩිතාලම දමා ගත් බවයි. අධ්‍යාපනයට වැඩි අගයක් තැබිය යුත්තේ එබැවිනි.

දෙවනුව ක‍්‍රීඩාව ගිනිය හැක්කේ ඉන් හික්මීම, විනය, පිළිවෙල ප‍්‍රගුණ වන නිසයි. ක‍්‍රීඩා නොකරන්නෝ මන්දගමියෝය. දිනුම පැරදුම සම සමව විඳිය නොහැක්කෝය. අනුන්ගේ ජයග‍්‍රහණයට අකුල් හෙලන්නෝය. අධ්‍යාපනය හා ක‍්‍රීඩාව තුලින් වඩාත් සම්මිශ‍්‍ර නායකයින් බිහි වන්නේය. කොටින්ම හැදියාව, විනය හා නායකත්වය ඇති වන්නේය. මීළඟ වැදගත්ම කාරණය වන්නේ පවුල් පසුබිමයි. තමා ජිවත් වන පරිසරය, ආශ‍්‍රය කළ හා කරන මිතුරන්, උගැන්වූ ගුරුවරු, දෙමව්පියන් ඇතුළු බොහොමයක් දෙනා කෙනෙකුගේ ජීවන දර්ශනයක පදනම බවට පත් වෙයි. නොහැදිච්චි එකා සමාජයට බොහොමයක් අහිතකර දේ ගෙන එන්නේ ඒ අනුවයි. හිරේ විලංගුවේ වැටුණ අය දේශපාලනයට නුසුදුස්සෝ වෙත්. අපරාධ චෝදනා මත දඩුවම් ලැබූ සියල්ලන්ම පක්ෂ භේදයෙන් තොරව ජනතාව විසින් ප‍්‍රතිෙක්‍ෂ්ප කළ යුතුය. ස්ත‍්‍රී දුෂකයින්, මූල්‍ය වංචනිකයින්, කුඩුකාරයින්, එතනෝල් සැපයුම්කරුවන් මෙන්ම මස් වෙළදාමේ යෙදෙන්නන්, ගැට කපන්නන් වශයෙන් සමාජයේ කුප‍්‍රකට පුද්ගලයින් සොරුන්, මංකොල්ලකරුවන්ට කිසිදා දේශපාලන ෙක්‍ෂ්ත‍්‍රයට ඒමට ඉඩ නොතැබිය යුතුය. තවද ස්වභාවික සම්පත් මත ව්‍යාපාරවල යෙදෙන අයවලුන් ද මෙම ප‍්‍රතිෙක්‍ෂ්පිත ලැයිස්තුවට අන්තර්ගත විය යුතුය. වැලි මුදලාලි ලී මුදලාලි කළුගල් මුදලාලි වශයෙන් ප‍්‍රකට අයවලුන් දේශපාලනයෙහි නිරතවීමෙන් සිදුවන්නේ පරිසර දුෂණය පිටුදැකීමේ ව්‍යාපාරයට තර්ජනයක් වීමයි. එහිදී පොලිසියට බලපෑම් කිරීම, නීතිය අතට ගැනීම මෙන්ම විවිධ සමාජ විරෝධී ක‍්‍රියාවලින්ට අනුබල දීම සිදුවෙයි.

අධ්‍යාපනය, විනය, යහපත් පවුල් පසුබිම මත පදනම් වූ නායකත්ව ගුණාංග මත යහපත් ජන්ද අපේක්‍ෂකෙයකුට මීලගට තිබිය යුතු වඩාත් වැදගත්ම සාධකය වන්නේ ඔහු හෝ ඇය සතු දේශපාලන දැක්මයි. දැක්මක් සහිත පුද්ගලයාට ඉලක්කයක් ඇත. ඒ සදහා වැඩ පිළිවෙලක් ඇත. එය විද්‍යාමාන වන්නේ එකී ජන්ද අපේක්‍ෂකයාට යම් ජාතික ගැටළුවක් හෝ ප‍්‍රතිපත්තියක් හමුවේ තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබූ විටය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, එහි සංශෝධන සහ අනුශාංගික කරුණු, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය, රටේ පොදු නීතිය, අධ්‍යාපන විෙද්ශ නිවාස සෞඛ්‍ය ජාතික ආරක්‍ෂක හා ආර්ථික ප‍්‍රතිපත්තීන් යනාදිය පිළිබඳව එම අපේක්‍ෂකයා සතු මූලික අවබෝධය වැදගත්ය. එහෙත් ඒ බව ප‍්‍රකට කෙරුණ දේශපාලඥයින් අපට හමුවන්නේ ඉතා කලාතුරකිනි. එය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බව අකැමැත්තෙන් වුවද කිව යුතුය. කෙරෙන දේශපාලන කතිකාවන් තුල දක්නට ලැබෙන්නේ එකිනෙකාට එල්ල කරගන්නා පදනම් විරහිත චෝදනා සමුච්චයකි. මඩ තලියකි. කිසිදු සාධනීය තොරතුරක අාධාරයක් නැතිව ජනතාව ඉදිරියේ මඩ නා ගන්නා මේ අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලඥයෝ නොවෙති.
රටේ බලය පවුල් හතක් අතර කේන්ද්‍ර වී තිබීම බොහෝදෙනා නොදන්නවා විය හැක. තාත්තාගෙන් පුතාට අයියගෙන් නංගිට මහත්තයාගෙන් නෝනටත් කාලයාගේ ඇවෑමෙන් ලේ නෑයින් බැණාවරුන් මෙන්ම කනවැන්දුම් බිරින්දෑවරුන්ද දේශපාලන ක්‍ෂේත‍්‍රයට ඕපපාතිකව ආනයනය කිරීම තුල දේශීය දේශපාලනය අපිරිසිදු වී ඇත. පවුල්වාදය නම්වූ පිලිකාවට වගකිව යුත්තේ ද ජන්දදායකයාමය. තාත්තා ඇමති වෙද්දී පුතා මන්ත‍්‍රීවරයාය. නැතිනම් තාත්තාගේ බලය අතට ගෙන රාත‍්‍රී සමාජ ශාලා තුල රස්තියාදු ගහන නිශාචරයන්ය. පොලිසිවල පුටු පෙරළන මොවුන් අනතුරුව පළාත් සභාවට සුදුසුකම් ලබන්නේය. පොලිසියට අවනත නැති සල්ලාලයන් අතට බලය පැවරීමෙන් සිදුවන නස්පත්තියේ තරම කොපමණදැයි කිරාමැන බැලිය හැක්කේ කර ඇති ස්ත‍්‍රී ¥ෂණ ගණනින්ය. මහමග කර ඇති චන්ඩිකම් වලින්ය. උප්පැන්න සහතිකයේ නමට අමතරව යමෙකුට නමක් පට බැදෙන්නේ නම් එය සිතා බැලිය යුතු තත්ත්වයකි. බොහෝවිට සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත් වුවන්ට කරන ලද ‘වික‍්‍රමාන්විතයන්’ සදහා සමාජය විසින් ගෞරව නාම ලබා දෙයි. රත්තරන් මල්ලි, චොකා මල්ලි, කුඩු ලන්සා, කුඩු දුමින්ද, සාරුවා සුනිල් යන වුන් ද ඒ අතර සිටියි. මේ අනුව ඡුන්ද අපේක්‍ෂකෙයකු තුල තිබිය යුතු නීති ගරුක බව ඉතාමත් වැදගත් කරුණකි.

තවත් ඉතාමත් වැදගත් සාධකයක් වන්නේ මහා පොළොවේ පය ගසා සිටීමේ මනුෂ්‍ය ගතියයි. ඉන් පිරිපුන් සුළු පිරිසක් අප අතර සිටියේය. මීගමුවේ නයිට් බසාරයට තම බිරිඳ සමඟ පන් මල්ලකුත් රැගෙන ආ එවකට මීගමුවේ මහජන මන්ත‍්‍රීව සිටි ඩෙන්සිල් ප‍්‍රනාන්දු මැතිතුමා මට මතකය. ඉඳ හිට බුලත් හපයක් වින්දනය කරමින් කැහැපොට ගසා ගත් සරමක් හැඳ උඩු කය ද නිරාවරිතව තම ගෙදර ඉස්තෝප්පුවේ සිට පැමිණෙන අමුත්තන් හට නිරහංකාර ලෙස කතා කළ දිවුලපිටියේ ලක්ෂ්මන් ජයකොඩි නම් චරිතය මට මතකය. ඇම්. ඩී බණ්ඩා, ගාමිණී ජයසුරිය වන් දේශපාලඥයින් මොන තරම් අව්‍යාජද? සුදු පිරුවට ලා ගත් පමණින් සියලු කුණු වසා ගත හැකි යැයි සිතා ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන ලද ප‍්‍රසිද්ධ ඔලමොට්ටලකම් නිසාවෙන් ජනතාව විසින් පත් කරන ලද ආණ්ඩු ඉතා කෙටි කාලයක් තුලදී ජනතාවගේ අප‍්‍රසාදයට පත් වුන සැටි අපි දනිමු. මර්වින් සිල්වා නම් කොහෙන්දෝ ආචාර්ය පට්ටමකුත් කරපින්නා ගත් ඒ වලත්තයාගේ නරුම හැසිරීමම මහින්ද රාජපක්ෂගේ පරාජයට රුකුලක් වූ බව අපි දනිමු. යු ටියුබ් ෆේස්බූක් හා අනෙකුත් සමාජ වෙබ්අඩවි හරහාත් රුපවාහිනී නාලිකා හරහාත් ප‍්‍රදර්ශනය වන්නේ මොහු අමු අමුවේ කුණුහරුප කියන විලි ලජ්ජා නැති සල්ලාලයකු බව ඔප්පු කරමින්ය. පොළොවේ පය ගසා ගෙන සිටීම නමැති කාරණාව නැවතත් පැහැදිලි කර ගත යුතුය. මින් අදහස් කරන්නේ දකින දකින හැම මල ගෙදරකටම ගොඩවීම නම් නොවන වග සිහි තබා ගත යුතුය. මිනිසුන් අතරේ ගැවසෙමින් මිනිසුන්ට ආදරය කරනවා යැයි හුවා දක්වන බොරුකාරයින් දැන්වත් හදුනා ගත යුතුය. මන්ත‍්‍රීවරුන්ට ඊට වඩා වැඩ තිබිය යුතුය. තම ප‍්‍රදේශයේ මිනිසුන්ගේ ඕනෑ එපාකම් හඳුනා ගැනීම, ඒවා ප‍්‍රමුඛතාවයකට අනුව පෙළගැස්වීම, පරිපාලනය සමග සහජීවනයෙන් වැඩ කිරීම, අවශ්‍ය භෞතික, මූල්‍ය හා මානව සම්පත් එ්ක රාශි කරගැනීම යනාදී භාරªර වගකීමක් මන්ත‍්‍රීවරයෙකුට පැවරෙන අතර තම සිමාවන් හදුනා ගෙන රටේ ප‍්‍රතිපත්ති රෙගුලාසි හා පොදු නීතියට අවනතව වැඩ කටයුතු කරන්නා මන්ත‍්‍රීවරයාය. තම තුන්ඩු කොළ කෑලි හෝ දුරකතන මගින් රජයේ නිලධාරීන්ට බලපෑම් කරමින් අත්තනෝමතික ලෙස නීතිය අතට ගන්නා කවරෙකු හෝ දේශපාලනයට සුදුසු නැත.

වෙනත් ෙක්‍ෂ්ත‍්‍රයන් හරහා වඩාත් ආකර්ශනීය චරිතයන් කරලියට ගෙන ඒමේ ප‍්‍රවණතාවයක් ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම පෙනෙන්නට තිබිණි. ඒ තත්ත්වය ද තවමත් අවසන්ව නැතැයි මම සිතමි. කොහේ හෝ ටෙලිනාටක දෙක තුනක රගපෑ පමණින් නළු නිලියන් යැයි කියාගන්නා මේ අය රූපවාහිනි සම්මුඛ සාකච්ඡුාවලදී කරන කිසි වැදගැම්මකට නැති හරසුන් ප‍්‍රකාශ දිහා අපට බලා ගෙන ඉන්නට සිදුවීම මොන තරම් පාපයක්ද? දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන අසද්දී තමාට පිළිතුරු දීමට නොහැකිව ලජ්ජාවෙන් අැඹරුණ උපේක්ෂා ස්වර්ණමාලි නම් වූ තොත්ත පබාද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් බවට පත් කලේ අප රටේ ඉහලම අධ්‍යාපන මට්ටමක් තිබෙන ගම්පහ දිස්තික්කයේ ජනතාව විසිනි.

ලිබරල්, ජාතික, ජාත්‍යන්තර, සමාජවාදී, මාක්ස්වාදී හෝ කොමියුනිස්ට්වාදී හෝ වෙනත් මොනයම් හෝ මතයක් මත පිහිටා තීන්දු ගත්තද ඒ අනුව තෝරාපත් කර ගන්නා ‘නියෝජිතයා’ නම් වූ පුද්ගල සාධකයට මුල් තැන දිය යුතුය. උදාහරණයකට ලිබරල්වාදී ස්ත‍්‍රී දුෂකයකුගෙන් පලක් නැත. සමාජවාදී හොරෙකුගෙන් ද පලක් නැත. ඒ සදහා මා කලින් සඳහන් කළ පරිදි පුද්ගලයා නම් වූ සාධකය තෝරා බේරා ගැනීමේදී පදනම් කර ගත යුතු මෙවලම් රාශියක් ඇත. අධ්‍යාපනය, ක‍්‍රීඩාව, විනය පෞර්ෂය හා දැක්ම අමතක නොකළ යුතුය. කළ කී දෑ සියල්ල නැවත නැවතත් මෙනෙහි කරමින් යමෙකුට ඔහුගේ හෝ ඇයගේ සුදුසුකම පිළිබඳව තිරණයක් ගත හැකිය.

කරුණු එසේ හෙයින්, සමස්ත දේශපාලන තන්ත‍්‍රය පිරිපහදුවකට ලක්කළ යුතුව ඇත. ඒ සඳහා කල් යල් බලමින් සිටීමේ ඵලක් නැත. කළ යුතුව ඇත්තේ ඉදිරි මැතිවරණයේදීවත් බුද්ධිමත් ලෙස තම වටිනා ජන්දය පාවිච්චි කිරීමයි. දශක ගණනාවක් පුරා කළ මෝඩකම් ඇතුන් ලවාවත් අද්දවා ගැනීමට බැරි නමුදු ඒවායින් මිදීමට බැරිකමක් තිබිය නොහැකිය. සමාජ විඥාණය යනුවෙන් හදුන්වන්නේ එයයි.

2 Responses to “ජන්දය දීමට නිර්ණායකයක්!”

  1. NeelaMahaYoda Says:

    ආචාර්ය චන්දන ජයලත් මහතානෙනි
    දේශපාලකයෙකු වීමට විශ්වවිද්යාල ඉගෙනුමක් අවශ්ය නොමෙතිබව ජාතියේ පියා වන ඩී.ඇස්. සේනානායක සහ සිරිමාවො බන්ඩාරනායක වෙනි අය අපට පෙන්වාදී ඇත. ඔබේ ලිපියේ අන්තර්ගත කාරණා පිළිබදව ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් සහ අනාගතය වෙත ප්රවේශයක් සිදුකල යුතුය. මේවාට එක්කරගත යුත්තේ අත්තෙන් අත්තට පනින බලය ඇති විට මොලය නැති මහාචාර්යවරුන් ඇතුළු සරසවි ඇදුරන් නොවේ. පොලවේ පය ගසා සිටින බුද්ධිමතුන් සහ උගතුන්ය.
    හොරු හොරු කීවාට නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත. විදුලි සංදේශ නියාමක කොමිසමේ සභාපති ලලිත් වීරතුංග එහි මුදලින් රුපියල් දශලක්ෂ 600ක සිල් රෙදි ඉකුත් ජනාධිපතිවරණයට බෙදාදීමට වැයකල බවට චෝදනා කලද දැන් හා හූවක් නැත. සංචාරක සංවර්ධන අධිකාරියේ මුදල් වලින් රුපියල් දශලක්ෂ 300ක් ජනාධිපතිවරණයේ ප්රවර්ධන කටයුතු වලට එහි සභාපති භාෂ්වර ගුණරත්න වැයකර ඇති බවට රජය මාධ්ය සංදර්ශනයක් පැවැත්වූවද දැන් නෝ කථාය. පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක චෝගම් සමුළුවේ ප්රචාරක කටයුතු සඳහා ජනමාධ්ය අමාත්යාංශය රුපියල් කෝටි 118ක් නිස්කාරණයේ වැයකල බවද එහි එවකට ජනමාධ්ය අමාතාංශයේ ලේකම් චරිත හේරත් රුපියල් 5,000 කොලවලින් කෝටි ගණනක මැල්ලුම් කෑවේදැයි ජවිපෙ නායක අනුර කුමාරගෙන් බරපතල චෝදනාවක් විය. සිදුවී ඇතැයි කියූ මෙම අවකෙළි අතේ රෝල් නොවේනම් නීතිමය ක්රියාමාර්ග මේ වන තෙක් නොගන්තේ මන්දැයි ප්රශ්නයකි.

    රටට නායකයෙකු අවශ්ය ව තිබේ. මෛත්රීපාල සිරිසේන නායකයෙකු නොවේ. ඔහු ජනාධිපතිවරයෙකු බවනම් ඇත්තකි. කෙනෙකුට නායකයෙකු නොවී ජනාධිපතිවරයෙකු බවට පත් විය හැකි බවට මෛත්රී කදිම නිදසුනකි. රටකට නායකයෙකු බිහිවන්නේ දැවැන්ත ජන අරගලයක අවසාන ඵලයක් ලෙස ය. රනිල් ද නායකයෙකු නොවේ. ඔහු නිකං ම නිකං අගමැති කෙනෙක් පමණි. අප වැනි රටවලට තාමත් අවශ්ය වන්නේ නායකයින් ය.

  2. Christie Says:

    මිතුරනි, අපි සින්හලයින් එකිනෙකා කාගන්නාතුරු ඉන්දියානු ජඩවාදයත් ඉන්දියානු පරපෝසිතයනුත් බලයෙන් බලයට පත්වන්නේය.1956 සිට සින්හලයින් කෑලි කෑලි වලට කඩාදමා පරපෝසිතයන් ඉතාම බලවත්වී ඇත. 2005හෙන් පසු මහින්ද මෙය වෙනස්කිරීමට පටන්ගතේය. 2015දී ඉන්දියානු ජඩයෝත් පරපෝසිතයෝත් එකතුව සින්හලයින් බෙදා සිරිසේන පරපෝසිත චන්දයෙන් පත්කරගෙන නව රජය ඉන්දියානු අදිරදය විසින් පත්කරන ලදී. ආන්ඩුකාරිය චන්ද්‍රිකා ඉන්දියානු ගැති පවුලකින, කන්කානියා රනිල් 2005දී ඉන්දියානු අදිරදය විසින් අහක දමන ලද එකෙකි.ඉන්දියානු අදිරදයා පරපෝසිත චන්දවලින් සිරිසේන කූලියා හයවසරකට රූකඩයෙකු ලෙස පත් කර ඇත.පර්ලිමේන්තු චන්දයෙන් සින්හල්යින්ට තුනෙන් දෙකක බලය නොලැබෙන ලෙස දැනටම ඉන්දියානු අදිරදයත් පරපෝසිතයනුත් උන්ගෙන් යැපෙන සින්හලයිනුත් එකතුව දෙසපාලන සින්හල එකතුව විනාස කරමින් සිටිති. බොදු, කිතුනු, මුස්ලිම් සින්හලයිනී ඉන්දියානු අදිරදයින් හා පරපෝසිතයින්ට විරුද්දව එකතුව නැගී සිටුමු. මෙයට මුල පලමුව බොදු සින්හලයින් එකට එකතු වීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress