විවිධ අත්දැකීම් හා දැනුම් 
Posted on June 22nd, 2015

නලින් ද සිල්වා

ඩී එස් සි උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට පිළිතුරු දීමට අද එතරම් ඉඩක් වැය නො කරමි. ඔහු ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි තවමත් පැහැදිලි ව කියා නැත. බටහිර විද්‍යාවේ ශක්තිය හා බුදුදහමෙහි ශක්තිය යනු එකක් ම ද දෙකක් ද යන්න අමරතුංග මහතා පහසු විටෙක තේරුම් කරන්නේ නම් මැනවි.  අපි අද ඒ් මහතා මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන කියන එක් කරුණක් පමණක් සලකා බලමු.  

ලීලා කෘතියෙහි සංඥාපනයෙහි මාර්ටින් වික්‍රමසිංහ මහතා සඳහන් කරන කරුණක් අමරතුංග මහතා විසින් උපුටා දැක්වෙයි. ”ආසියාතිකයන්ට එක ශාස්‌ත්රසයකුත් යුරෝපීයයන්ට එක ශාස්‌ත්රසයකුත් යනුවෙන් ශාස්‌ත්රප දෙකක්‌ තිබිය නොහැකියි. ලෝ

මෙයින් අමරතුංග මහතා කියන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාට අනුවත් ලෝකයේ ඇත්තේ එකම විද්‍යාවක්් බව ය. එහෙත් වික්‍රමසිංහ මහතා බටහිර විද්‍යාත්මක  චින්තනයක් මෙරටට හඳුන්වා දුන් බව බොහෝ උගත්තු කියති. උදාහරණයක් ලෙස කාලෝ ෆොන්සේකා මහතා වටමඬලෙහි මෙසේ කියයි. වාසනාවට වත්මන් දරු පරපුර ලෝකය දෙස බලන්නේ මාර්ටින් වික්ර්මසිංහ සූරීන් ලක්‌වැසි ජනතාව යොමු කිරීමට යත්න දැරූ විධියටය”  ඒ එසේ නම් බටහිරයන් බලන ආකාරය (මාර්ටින් වික්‍රමසිංහ බැලීමට යොමු කළ ආකාරය) යනුවෙන් වෙන ම ආකාරයක් ඇත. බලන ආකාරය අනුව අපේ දැනුම ද වෙනස් වෙයි. මෙයින් පැහැදිලි වන්නේ අමරතුංග මහතා කියන අන්දමට නොව ලෝකයේ විවිධ දැනුම් පද්ධති තිබෙන බව ය.

  දැන් අපි බෝධි ධනපාල මහතාට හැරෙමු. ඔහු ගැන මා කියා ඇත්තේ ඔහුට තමා කියවා ඇති දේ දිරවා ගත නොහැකි බව ය.  මෙහි තමා කියවා ඇති දෙය යනුවෙන් අදහස් කරන්නේ ඔහු කියවා ඇති මා ලියූ දේ පමණක් නොවන බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයකුට තේරුම් ගත හැකි ය. එහෙත්  අසාමාන්‍ය බුද්ධියක් ඇති ධනපාල මහතාට ඒ නො තේරෙයි. ඔහු ඒ මා ලියා ඇති දේට පමණක් සීමා කරයි. මා කරුණු රාශියක් අඩංගු මැල්ලුමක් ලියා ඇති බවත් එය දිරවාගත නොහැකි බවත් එයින් අරක්කැමියාගේ නොහැකියාව හෙළිදරවු වන බවත් ය. අප වාද කරමින් සිටින්නේ සරල සිංහල තේරුම් ගැනීමට නොහැකි විද්වතකු සමග ය!

මා කිසිම තැනක බාහිර ලෝකය මනසක් විසින් දකිනු (සංජානනය කෙරෙන- ධනපාල මහතා යොදා ගන්නා පර්සීව් perceive යන්න, එය නිවැරදි නො වේ, එහෙත් අපි ඒ අමතක කරමු)  තුරු නොපවතී යැයි කියා නැත. මා කියන දෙය බොහෝ දෙනාට අවබෝධ නො වේ. එය ගැඹුරු යැයි මම නො කියමි. එහෙත් ඒ බොහෝ දෙනා සාමාන්‍යයෙන් ලෝකය ගැන කියන දේ නො වේ.  මගේ දර්ශනය පිළිබඳ අනවබෝධය ගැන නම් ධනපාල මහතාට සමාව දිය හැකි ය. 

මගේ දර්ශනය ඉතා කෙටියෙන් නැවතත් පවසමි. අපේ ත්‍රිලක්‍ෂණය පිළිබඳ අනවබෝධය (අවිජ්ජාව) හේතුකොට ගෙන අපි ලෝකය නිර්මාණය කරමු. ඒ මනස විසින් කෙරෙන්නකි. ඒ නිර්මාණය යම් චින්තනයක් පදනම් කර ගනිමින් යම් සංස්කෘතියකට සාපේක්‍ෂව කෙරෙයි. අප විසින් නිර්මාණය කෙරෙන ලෝකය මුසාවකි. මනස ද එහි දී මනස විසින් නිර්මාණය කෙරෙයි. විඤ්ඤාණ, නාම රුප, සළායතන, ඵස්ස, වේදනා, භව, ජාති ජරා මරණ ආදී වශයෙන් පටිච්චසමුප්පදායෙහි කියැවෙන දේ සහ ඉහත සඳහන් දර්ශනය අතර පරස්පරයක් නැත. අවිජ්ජයා පච්චයා සංඛාරා යනාදී වශයෙන් කියවෛන විට මනස ද ඇතුලු සළායතන ද හේතු ඵල වශයෙන් ඇතිවන බව පැහැදිලි ය.  අප ත්‍රිලක්‍ෂණය අවබෝධ කරගත් දින සෝපාදිශෙෂ නිවන අවබෝධ කරන්නේ යැයි සිතමි. නිවන් අවබෝධ කරගෙ නැති මා වැනි පෘථග්ජනයකුට මෙයට වැඩි යමක් කිව නො හැකි ය. 

ඉහත සඳහන් වන්නේ ස්වසන්තානමාත්‍රවාදයක් (සොලිප්සිසම් solipsism) නො වේ. මනස විසින් දකිනු ලබන තුරු බාහිර ලෝකයක් නොපවතින බවක් හෝ බාහිර ලෝකය යනු මනසෙහි නිර්මාණයක් ය යන්න හෝ මගේ දර්ශනය නො වේ. අප බාහිර ලෝකය නිර්මාණය කරන්නේ අවිජ්ජාව නිසා බවත් ඒ නිර්මාණය මුසාවක් බවත් මම ප්‍රකාශ කරමි. එපමණක් නොව ඒ බොරුවලින් බටහිර විද්‍යාව ඇතුලු ඇතැම් බොරු පට්ටපල් බොරු බවත් මම කියමි. 

තම ප්‍රමාද තේරීම් පරී’ක්‍ෂණයට ජෝන් වීලර් පරාක්‍රිය (රෙට්රොඇක්ටිව් retroactive ) අර්ථකථනයක් දී නැති බව මම සඳහන් කෙළෙමි. ධනපාල මහතා මට කියන්නේ මා වැරදි බවත් ඒ පිළිබඳ අඩුතරමෙන් විකිපීඩියාව කියවා විදුසරට ලිවිය යුතු බව ය. මම ඒ අවවාදය පිළිගතිමි. ඒ අනුව මම වීලර් ගැන විකිපීඩියාව කියවීමි. එහි සඳහන් ඡෙදයක් මෙසේ උපුටා දක්වමි. In this thought experiment the telescopes are always present, but the experiment can start with the detection screen being present but then being removed just after the photon leaves the double-slit diaphragm, or the experiment can start with the detection screen being absent and then being inserted just after the photon leaves the diaphragm. Some theorists aver that inserting or removing the screen in the midst of the experiment can force a photon to retroactively decide to go through the double-slits as a particle when it had previously transited it as a wave, or vice versa. Wheeler does not accept this interpretation.”  අවසාන වාක්‍යයෙන් කියැවෙනුයේ වීලර් එම අර්ථකථනය නොපිළිගන්නා බව ය. ධනපාල මහතා කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගන්නෙකි.

මට මේ පරික්‍ෂණය ගැන මගේ අර්ථකථනයක් ඇත. එය කිසිසේත්ම පරාක්‍රිය අර්ථකථනයක් නො වේ. මා දැනට එය ඉදිරිපත් නොකරන්නේ ඊනියා සිංහල බෞද්ධ විද්‍යාඥයකුට තම අර්ථකථනය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට ය. අභිධර්මය ගැන උනන්දුවක් දක්වන අය ඊනියා ක්වොන්ටම් යථාර්ථය දැනගත යුතු යැයි ධර්මසිරි වීරසිංහ මහතා කියා ඇත. මා අසන්නේ එහි අනෙක් පැත්ත ය. අභිධර්ම දැනුම ඇසුරෙන් කිසිවකුට වීලර් පරීක්‍ෂණය ගැන අර්ථකථනයක් කළ හැකි ද? වෙන කවුරුන් හෝ අර්ථකථනයක් කළ පසු එය බුදුදහමට එකඟ බව පෙන්වීම කබරගොයින් තලගොයින් කරන්නන්ට නම් මනස සතුටු කරන්නක් විය හැකි ය.  

මා කිසි විටෙක සරල රේඛාවක් මනසින් මවාගන්න යැයි කියා නැත්තෙමි. ධනපාල මහතා එය ද අවුල් කරගනියි. මා කියා ඇත්තේ වියුක්ත සංකල්පයක් වූ සරල රේඛාව මනසින්වත් මවාගත නො හැකි බව ය. ධනපාල මහතා නිවී සැනසිල්ලේ පොතපත නොකියවන බව පැහැදිලි ය. චුල්ලහත්ථිපදොපම සූත්‍රය ගැන මා කියන්නේ කුමක් ද යන්න ධනපාල මහතා අවබෝධ කර නොගනියි. ඇතා දකින තුරු ඇතා ගැන නිගමනයකට නොපැමිණිය යුතු යැයි එහි දේශනා කෙරී ඇත. මෙයින් අදහස් කරන්නේ ඇත්බෙටි්, ගස්වල ඇතිල්ලීමෙන් කරන සලකුණු ආදියෙන් ඇතා ගැන නිගමනයකට නොපැමිණිය යුතු බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් බුදුන්වහන්සේ ඊනියා ප්‍රවාද (අනුමාන) ප්‍රතික්‍ෂෙප කළහ. ඇතා ඇතා ලෙස හැඳින ගැනීම ද මුසාවකි. එය ද අවිජ්ජාව නිසා මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. මෙහි වැදගත් වන්නේ අවිජ්ජාව නිසා යන්න ය. පටිච්චසමුප්පාදය වැදගත් වන්නේත් අප කියන දෙය  ස්වසන්තානමාත්‍රවාදයෙන් වෙනස් වන්නේත් ඒ ඔස්සේ ය.    

තවමත් ධනපාල මහතා, අමරතුංග මහතා, චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා යන අයගෙන් කිසිවකු නිරීක්‍ෂකයාගෙන් තොර බාහිර ලෝකයක් ඇති බවට බුදුන්වහන්සේ ඒකාන්තව දේශනා කර ඇති සූත්‍රයක් ගාථා සහිතව උපුටා දක්වා නැත. උපුටා දැක්වීමෙහි විශේෂඥයන් වූ මොවුන් එයට පසුබට වන්නේ ඇයි? බුදුන්වහන්සේ යථාර්ථවාදියකු (රියැලිස්ට් realist) යැයි ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නො වේ. ඒ සඳහා බුදුන් වහන්සේ ඒකාන්ත වශයෙන් එසේ දේශනා කර ඇති සූත්‍ර ගාථා සහිතව උපුටා දැක්විය යුතු ය. 

නාථ දෙවියන් යැයි හැඳින්වෙන ප්‍රාණියා දුටු අය වෙති. ඒ ප්‍රාණියා කී ප්‍රතිකාර අනුගමනය කර නීරෝගී වූවෝ සිටිති. ඔහුගේ උපදෙස් අනුව ක්‍රියාකර අස්වැන්න වැඩි කර ගත් ගොවීහු වෙති. ඒ අවවාද දීමට මාධ්‍යය වූ කාන්තාවට එ කිසිවක් ගැන පූර්ව දැනුමක් නො වී ය. එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචරව දැනගත් අයකු නැත. එය සූචක කියවීමකින් (පොයින්ටර් රීඩින්  pointer reading) වෙනස් ය. සූචක කියවීමකට ගුරුත්වාකර්ෂණය හසු නො වේ. වියුක්ත (ඇබ්ස්ට්‍රැක්ට් abstract)  ගුරුත්වාකර්ෂණය යොදා ගැනීමෙන් ලබාගන්නා වියුක්ත නිගමන තර්ක විරෝධී ව සංයුක්ත (කොන්ක්‍රීට් concrete) නිදර්ශන සමග සංසන්දනය කිරීම ගුරුත්වාකර්ෂණය සූචක කියවීමකට හසුකර ගැනීමක් නො වේ. නාථ දෙවියන් සූචක කියවීමකට හසු කර ගැනීමට නො හැකි ය. ගුරුත්වාකර්ෂණය, ගුරුත්වාකර්ෂණය ලෙස සූචක කියවීමකට හසු කර ගත හැකි නො වේ. වියුක්ත සංකල්පයක් සංයුක්ත  සූචක කියවීමකට හසු කර ගන්නේ කෙසේ ද? හැකි නම් ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු සූචක කියවීමකට හසු කර ගන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න.

අපි යම් යම් අත්දැකීම් ලබමු. ඒ අත්දැකීම් පංචෙන්ද්‍රිය ගෝචර හෝ මනසට පමණක් සීමාවන්නේ හෝ විය හැකි ය. පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකිම් ද මනස සමග සම්බන්ධ වෙයි. ඒ සම්බන්ධය චක්ඛු විඤ්ඤාණය ආදී වශයෙන් සිංහල බෞද්ධයෝ දනිති. බටහිර විද්‍යාවේ මනසට පමණක් සීමා වන අත්දැකීම් බැහැර කෙරෙයි. බටහිර විද්‍යාව ආනුභවික ය (එම්පිරිකල් empirical). මේ ආනුභවිකයට මනසට පමණක් ගෝචර වන අත්දැකීම් අයත් නො වේ. එහෙත් බුදුදහම එවැනි අත්දැකීම් ප්‍රතික්‍ෂෙප නො කරයි. එලෙස ගත්කල බුදුදහම ආනුභවිකය ඉක්මවා යයි. 

නිව්ටෝනීය භෞතිකය ආනුභවික විය. එහෙත් එහි පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් විස්තර කිරීම සඳහා ගුරුත්වාකර්ෂණය වැනි පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්ප යොදා ගැනිණි. එය අර්නස්ට් මාක් වැන්නන්ගේ දැඩි විවේචනයට හසු විය. අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගුරුත්වාකර්ෂණය මෙන් ම ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු (ඉනර්ෂල් ෆ්‍රේම්ස් ඔෆ් රෙෆරන්ස් inertial frames of reference) පළවා හැරියේ ය. ඔහු ද යථාර්ථවාදියකු විය. 

මේ යථාර්ථය යනු අන් කිසිවක නොව පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය ය. මේ ලෝකය නිරීක්‍ෂකයන්ගේ නිර්මාණයකි. එයට ආවේණික වූ න්‍යාය (ලොජික් logic) ද්විකෝටික (ටූ ෆෝල්ඩ් two fold) ඇරිස්ටෝටලීය න්‍යාය වෙයි. එහි කාලය හා අවකාශය වෙයි. බුදුදහමෙහි මේ ලෝකය ද මුසාවකි. ඉතා පැහැදිලිව ම බුද්ධඝෝෂ හිමියෝ කාලය යනු පඤ්ඤත්තියක් යැයි අත්ථසාලිනියෙහි පැවසූහ. කාලය පමණක් නොව න්‍යාය ද අපේ නිර්මාණ ය. ඇරිස්ටෝටලීය න්‍යාය නිර්මාණය වී ඇත්තේ ඉතා සීමිත කාර්යයන් සඳහා ය. චතුස්කෝටික (ෆෝර් ෆෝලිඩ් four fold) න්‍යාය ඒ ඉක්මවා යයි. එය ඇතැම් විට බෞද්ධ න්‍යායක් ලෙස සැලකුණ ද  එයට ප්‍රාග් බෞද්ධ ඉතිහාසයක් වෙයි. මිලින්ද ප්‍රශ්නයෙහි දී නාගසේන හිමියෝ මේ න්‍යාය යොදා ගනිමින් පරලොව යන්නේ තමාත් නො වේ ය අන් අයකුත් නො වේ යැයි කීහ.

ක්වොන්ටම් භෞතිකය තේරෙන අයකු නැතැයි රිචඩ් ෆයින්මාන් කීවේ ය. ඔහු එයින් කීවේ ක්වොන්ටම් භෞතිකයෙහි න්‍යාය බටහිරයන්ට නොතේරෙන බව ය. ඒ ප්‍රකාශය විශේෂයෙන් ම ද්විත්ව සිදුරු (ඩබල් ස්ලිට් double slit) පරීක්‍ෂණය හා සම්බන්ධ විය. මේ පරීක්‍ෂණය හා සම්බන්ධ න්‍යාය චතුස්කෝටිකය යැයි මම විශ්වාස කරමි. ධනපාල මහතා සඳහන් කරන ආකයිව් ලිපිය මා ලීවේ ඒ පදනම් කරගෙන ය. ආකයිව් වෙබ් අඩවියට ඉදිරිපත් කරන ලිපි ඊනියා සමාලෝචිත සඟරාවල පළ කළ යුතු බවට නීතියක් නැත. මම ඒ බව වෙබ් අඩවියට ලිපි පළ කිරීමේ කොන්දෙසි ගෙනහැර දක්මින් පෙන්වූයෙමි. එහෙත් ධනපාල මහතා එලෙස සමාලෝචිත සඟරාවක ලිපිය පළ නො කිරීම වරදක් ලෙස පෙන්වීමට තවමත් උත්සාහ දරයි. ධනපාල මහතාට අවශ්‍ය නම් ඒ කොන්දේසි නැවතත් ගෙනහැර දැක්විය හැකි ය.

ඒ කෙසේ වෙතත් මා කියා සිටියේ ෆෝටෝනයක් සිදුරු දෙකෙන් ම යන බව ය. එය චතුස්කොටිකයට එකඟ ය. ෆෝටෝනය එතැනත් වේය යන්න ද වෙනත් තැනක වේය යන්න ද සත්‍ය ය. එය අපේ සාමාන්‍ය අත්දැකීමෙන් හා න්‍යායෙන් වෙනස් ය. මා කී දේ වෙනත් අය ද කියා තිබෙන්නට ඇත. එය අද බටහිර භෞතික විද්‍යාඥයෝ බහුතරය පිළිගනිති. ධනපාල මහතාට අවශ්‍ය නම් මැයි 2 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාව කියවීමෙන් ද ඒ බව දැනගත හැකි ය. බහුතරයක් පිළිගත් පමණින් ඒ ඊනියා සත්‍යය යැයි මම නො කියමි. එය නොපිළිගත් බෝම් වැන්නෝ ද සිටියහ. 

චතුස්කෝටිකය ඊනියා යථාර්ථයක් නො වේ. එය ද අපේ නිර්මාණයකි. සම්භාව්‍ය (ක්ලැසිකල් classical) භෞතිකයේ න්‍යාය ද්විකෝටිකය වන්නා සේ ම ක්වොන්ටම් භෞතිකයේ න්‍යාය චතුස්කොාටිකය යැයි මම විශ්වාස කරමි. චතුස්කොාටික න්‍යාය මුළුමනින් ම ගත්කල පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එකවර සිදුරු දෙකක් තුළින් ගමන් කරන වස්තු අපේ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් වල නැත. නාථ දෙවියන ්අප බොහෝ දෙනකුට ගෝචර නො වේ. එහෙත් අප එපමණකින් ඒවාට සිනහසිය යුතු නො වේ. එහෙත් ඒ සියල්ල ද මුසා ය. අප ගොතන සියල්ල මුසා ය.  

          බුදුන් වහන්සේ මේ ලෝකයට ඔබ්බෙන් වූ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ලෝක ගැන ද දෙසූහ. ඒ ලෝක මනසට පමණක් ගෝචර වෙයි. එහෙත් අප සියළු දෙනාගේ ම මනස්වලට ඒ ගෝචර වන්නේ යැයි නො සිතිය යුතු ය. අපි ඒ සියල්ල ලෝකය ලෙස ගනිමු. එහෙත් ඒ පැනවෙන්නේ බඹයක් පමණ වූ මේ සිරුරෙහි ය. බුදුන් වහන්සේ සංයුත්ත නිකායෙහි මෙසේ දෙසූහ.  ඇවැත්නි, මේ බඹයක් පමණ වූ, සඤ්ඤාව හා මනස ද සහිත වූ ශරීරය තුළ ම මම ලෝකයත් ලෝකය හටගැනීමට හේතුවත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධයට හේතුවන ප්‍රතිපදාවත් පනවමි.”   

අපි අපට අදාළ වන ලෙස මෙසේ කියමු. මේ සඤ්ඤාව හා මනස ද සහිත වූ ශරීරය තුළ ම සම්භාව්‍ය භෞතිකය, ක්වොන්ටම් භෞතිකය, කාලය, අවකාශය, අවකාශ කාලය්, විවිධ න්‍යාය හා  වෙනත් දැනුම් පනවමු. අපේ පැනවීම් පමණක් වන ඒ සියල්ල මුසා ය. 

ෆෝටෝනවලට ස්කන්ධයක් ඇතැයි මම කිසිම  අර්ථයකින් නො කීවෙමි. මා කීවේ ෆෝටෝනවලට ස්කන්ධයක් නියම කරන බව ය. අධිශක්තියෙන් යුත් ෆෝටෝන දෙකක් අන්තර්ක්‍රියා කරයි. සාමාන්‍ය ෆෝටෝන මෙන් ඒ එකිනෙක පසාරු කර නො යයි. ඒ ෆෝටෝනය උච්ඡෙදනය වී ප්රෝටන පොසිට්‍රෝන අංශු යුගලයක් මවයි. ඒ අංශු යුගලයට ස්කන්ධ වෙයි. ඒ අනුව ද ෆෝටෝනවලට ස්කන්ධ පැනවීමට අපට හැකි වෙයි. මේ පරීක්‍ෂණය ගැන කිර්ති තෙන්නකෝන් මහතා ද ලියා ඇත. ධර්මසිරි වීරසිංහ මහතා වෙනත් සන්දර්භයක ෆෝටෝනවල ස්කන්ධ ගැන  සාකච්ඡා කර ඇත. එපමණක් නොව ධනපාල මහතාගේ ගුරු ද වෙනත් අයකු උපුටා දක්වමින් අශුද්ධ ෆෝටෝන ස්කන්ධ ඇති ලෙස හැසිරෙන බව අර සුප්‍රසිද්ධ පොතෙහි කියයි. ධනපාල මහතාට තවමත් පැනවීම යන්න නො තේරෙයි.

කාළාම ස්‍රත්‍රයෙහි බුදුන් වහන්සේ සියල්ල අප විසින් දැනගත යුතු යැයි නො දෙසූහ. උන්වහන්සේ දේශනා කර ඇත්තේ එළොවටත් මෙළොවටත් වැඩදායක යැයි සිතා විඤ්ඤූන් කරන දේ කිරීමටත් අවැඩ යැයි සිතා නොකරන දේ නො කිරීමටත් ය. එහි ඇති ඊනියා විද්‍යාත්මක  ක්‍රමය මේ යැයි ධනපාල මහතා කාලෝ ෆොන්සේකා මහතා හො ෂෙබාට්ස්කි හෝ උපුටා දක්වමින් කියන්නේ ද?  මා ෂෙබාට්ස්කි වෙළුම් දෙක කියවා අවුරුදු තිහක් පමණ වේ. ධනපාල මහතාගේ උපුටා දැක්වීම් මට මතකය අලුත් කර ගැනීමට උපකාරි වනු ඇත. 

ඔහු බැගට් ගැන බෘලී ගැන නැවත නැවත කියන දේට මම පිළීිතුරු දී ඇත්තෙමි. ඔහු එහෙත් ඒ නැවත නැවතත් කියයි. අනුකාරකයා යනු කවරකු දැයි ඔහුට නො තේරෙයි. දත්තයක් උපුටා දැක්වීම හා  තම මතයක් නෙමැතිව වෙනත් අයකුගේ මතයක් උපුටා දැක්වීම අතර ඇත්තේ අහසට පොළොව මෙන් වූ වෙනසකි.      

නලින් ද සිල්වා

2015 ජූනි 21

 

2 Responses to “විවිධ අත්දැකීම් හා දැනුම් ”

  1. Christie Says:

    Time , space and matter (is energy and matter the same? is space and matter the same?. Who cares! not me. May be when I am drunk. Thanks Mr. Obayat or some one.

  2. Senevirath Says:

    ක්‍රිස්ටි මේවා බෞද්ධයන්ට වැදගත්ය . සසර දිගුකරන නවීන බටහිර විද්‍යාව මගින් සසර කෙටිකරගන්නට වෑයම් කරන බෞද්ධයන් නොමග යැවීමට සමහර බෞද්ධ වෙස් ගත ය කටයුතු කරන විට නලින් මේ ගැන පහදා දීම වටිනා කාර්යයකි . අපිස් දිවි ගෙවන මිනිසුන් එකිනෙකා කාම ලෝකයට ඇදගෙන යාමට සමහර ධනපාලලා සුදානම්ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress