ශ්‍රී ල නි ප කැඩීම
Posted on June 22nd, 2015

නලින් ද සිල්වා

දවල්ට මෛත්‍රිපාල රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්‍ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ප්රාජිතලා ද සිටිති. දැන් ශ්‍රී ල නි පක්‍ෂයෙන් පත් කෙරුණු හය පුද්ගල කමිටුවක් සමග මහින්ද ගැන සාකච්ඡා කිරීමට සිදු වී ඇත. එබැවින් ඔහු උදේ කී දේ දවල්ට නැහැ යි කියයි. සවසට වෙනත් කතාවක් කියයි. රෑට ඔහු කියන්නේ ඒ එකක්වත් නොකී බව ය. 

එක්තරා දැන්වීමක එක් තරුණයකු අනුරාධපුරයට ගොස් තම පියාට දුරකථනයෙන් කියන්නේ මෙහෙ වැව් නැහැ, තිබුණත් නාන්නෙ නැහැ යනුවෙනි. මෛත්‍රිපාල කියන්නේ මෙහෙ රූපවාහිනි නාලිකා නැහැ, තිබුණත් කතා කරන්නෙ නැහැ යනුවෙනි. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඔහු වරක් 8 වැනි දා රෑට කටුනායක ගුවන් තොටුපොළ වසා දමන බව කීවේ ය. පසුදින ඔහු ඇසුවේ තමා එසේ කීවේ ද එසේ කීමට තමාගේ ඔළුව නරක් වී තිබේ ද යන්න ය. ඔහු එසේ කී බව නම් අපි දනිමු.

පසුගිය දිනෙක ඔහු ශ්‍රී ල නි පක්‍ෂය කැඩීම ගැන නමක් නැති අයට බැණ වැදුනේ ය. ශ්‍රී ල නි පක්‍ෂයෙන් පිටත සිට පක්‍ෂය කැඩීමට උත්සාහ කරන අය පසුපස නොගිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. ශ්‍රී ල නි පක්‍ෂය කැඩී ඇත. ඒ උඩින් ය. පහත කැඩී නැත. පහළ සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ සමග පෙළ ගැසෙති. මහින්ද දවල්ට එකක් කියා රෑට තවත් එකක් නො කියයි. පාක්‍ෂිකයන්ට ඔහු සමග වැඩ කිරීම පහසු ය.

එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය උඩින් කැඩී ඇති බව පැහැදිලි ය. ඒ උඩින් කැඩුවේ කවු ද? මම් ම නොවේදැයි මෛත්‍රිපාල කියනු ඇත. එහෙත් සිරිසේන කුමක් කියාවි ද? ඒ ප්රාජිත යැයි කියාවි ද? කුමක් කීවත් නැතත් නාලිකා තිබුණත් නැතත් ශ්‍රී ල නි පක්‍ෂයේ ලේකම් සභාපති සමග රෑට ආප්ප කා උදේට පක්‍ෂයෙන් පිට වී යෑම පක්‍ෂය උඩින් කැඩීමකි. ඔහුට එයට හවුල් වූවෝ කවරහු ද? පක්‍ෂය තුළ ම ප්රාජිත, එම් කේ ඩී එස් ගුණවර්ධන ආදීහු පක්‍ෂය උඩින් කැඩීමේ දී ඔහු සමග එකට සිට ඇත. 

ඒ පක්‍ෂය ඇතුළෙන් ඔහුට ආධාර කළ අය ය. එහෙත් එයට වඩා බලවත් කොටසක් පක්‍ෂයෙන් පිටත සිටියහ. ඒ ජාතික හෙළ උරුමයේ චම්පක නඩය නො වේ. ඔවුන් භ්‍රී ල නි පක්‍ෂය උඩින් කැඩීමට ආධාර කළ බව සෑබෑ ය. එහෙත් ඔවුහු බලවත් නො වෙති. සෝම හාමුදුරවන්ගේ මහරගම හා අවට  ඡන්ද උල්පත සිඳී බොහෝ කල් ය. කල්පයකට ඒ නැවත පණ ගැන්වීමට නො හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට පිටින් සිට උදවු දුන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ය. එහෙත් ඔවුන්ට ද පක්‍ෂය පහළ මට්ටමින් කැඩීමට නොහැකි විය.

මෛත්‍රිපාලත් සිරිසේනත් ඒ සියල්ල දනිති. එබැවින් ම පිටතින් සිට ශ්‍රී ල නි ප කැඩීමේ සිහිනය දැක ඔවුහු අවදි වෙති. අවදි වී කෑ ගසති. අපි කුමක් කරමු ද? අපට කළ හැක්කේ එවැන්නන් සිටියත් පක්‍ෂය කඩන්නේ නැහැ යි කීම පමණකි. පක්‍ෂයෙ සාමාජිකයන් කළ යුත්තේ පක්‍ෂ සම්මේලනයක් කැඳවා පක්‍ෂයට වැසී සිටින ප්‍රාණියා පළවා හැරීම ය. 

නලින් ද සිල්වා

2015 ජූනි 21

2 Responses to “ශ්‍රී ල නි ප කැඩීම”

  1. ranjit Says:

    Welcome back to the Forum Professor. Sira lied to the people from the beginning and still he repeats it. I do not think anyone believes this guy anymore because what ever he utters he denies it later on. S.L.F.P er’s mustn’t believe this guy.He will never help the party to win but lose. He is Ranil’s henchman not a S.L.F.P. man now as you can judge by his behavior these days. Forget about him and the western backed UNP just rally around MR and organize thru out the country to win the next election and make MR our next Prime Minister of Sri Lanka.

    I hope MR will decide his future soon without waiting an answer from the traitor Sira and Choura. These two wicked hyenas will never ever give a chance to MR because both of them live with hatred towards this great leader of all time.
    The best team at the moment is MR,WIMAL,VASU,DINESH,GAMAMPILA group who can give any challenge to any team in the political field. They are strong,they have experience, they have the political knowledge and they are all Sinhala Buddhists with unblemished record. Let’s support him by attending all his meetings and encouraging people to vote in the next General election.

  2. Christie Says:

    Namaste: This behavior cannot be explained within our concepts. This is the classic behavior of people under nonviolent aggression and oppression. We are a colony of the Indian Empire. Indian Colonial Parasites are or their puppets are the leaders in all spheres of the country. As they have don always the West is bad but would love to live in the West but not in India. We have to understand our plight and stand up to Indian Imperialists and Indian Colonial Parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress