මහින්ද කොහිබද?
Posted on June 23rd, 2015

-ආචාර්ය ගාමිනී සමරනායක  යුතුකම

 2015 ජනවාරි 8 වන දින පවත්වනු ලැබු ශ‍්‍රී ලංකාවේ හත්වෙනි ජනාධිපතිවරණය අවසන් වී දින 150 ක් ඉක්ම ගියද එමගින් ඇති කරනු ලැබූ දේශපාලන විශ්මය හා කුතුහලය තව දුරටත් තීව‍්‍ර වෙමින් පවති. ඇතෙමෙකු එය දේශපාලන විප්ලවයක් ලෙසට හුවා දැක්වීමට වීර්‍ය දරන අතර තවකෙකු එය මැතිවරණ කුමන්ත‍්‍රණයක් ලෙසට පෙන්වා දීමට තැත් කරති. එම පදයන්හී සැබෑ අර්ථය කුමක් ද යන්න සෙවීමට හා විස්මිත වු දේශපාලන පෙලගැසීම පිළිබඳව අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි පරමාර්ථය වේ.
පසුගිය ජනාධිපති මැතිවරණය තුලදී මහින්ද ගෙදර යැවීම පොදු අපේක්ෂකයා වටා ගොනු වු සියළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානයන් ගේ මූලික පරමාර්ථය විය. එය ඔවුහු රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමක් ලෙසට ප‍්‍රකාශ කර ඇත. එයට පෙරාතුව ශ‍්‍රී ලංකාවේ කිසිදු පාර්ලිමේන්තු හා ජනාධිපති ආණ්ඩුවකට එරෙහිව රෙජිමය යන පදය මැතිවරණ දේශපාලයේදී භාවිත කොට නැත. මලලසේකර ඉංග‍්‍රීසි සිංහල ශබ්ද කෝෂයට අනුව රෙජිම් ( Regime) යයි කීමේදී රජයනය, රාජ්‍ය පාලන ක‍්‍රමය අදහස් කර ඇත. වැඩිදුරටත් එමගින් ආණ්ඩුව යන්න අපහාසාත්මක ලෙසට හැඳින්වීම සඳහා ව්‍යවහාර කරයි.

එකල විරුද්ධ පක්ෂ විසින් රාජපක්ෂ රෙජිමය ලෙසට පසුගිය එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව හැඳින්වීම මගින් එය රාජපක්ෂ පවුලේ පාලනයක් ලෙසට හඳුන්වා දීමට උත්සාහ කොට තමන් එම පවුල් පාලන දේශපාලනයට විරුද්ධ බව පෙන්වා දීමට උත්සාහ කරන ලදි. එලෙස රාජපක්ෂ පවුලේ පාලනය යැයි කීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටීම, බැසිල් රාජපක්ෂ ඇමතිවරයෙකු ලෙස සිටීම , චමල් රාජපක්ෂ කථානායක වශයෙන් කටයුතු කිරීම, නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයෙකු ලෙසට ක‍්‍රියා කිරීම හා ගෝඨභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයෙහි ලේකම් වශයෙන් කටයුතු කිරීම අදහස් කර ඇත.
එකම පවුලේ සාමාජිකයින් දේශපාලනය කටයුතුවල නියලීම ලෝකයෙහි බොහෝ රටවලින් දක්නට ඇති දෙයකි. පවුල් දේශපාලනය හා සම්බන්ධවීම ඉන්දියාව හා පකිස්ථානය, පිලිපීනය යන ආසියාතික රටවල් වෙතින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය යන බටහිර රටවල් වෙතින් ද දක්නට ඇත. බොහෝවිට 2016 දී ඇමරිකාව එක්සත් ජනපදයෙහි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා සමුහ ආණ්ඩු පක්ෂයෙන් ඩෙප් බුෂ් ඉදිරිපත් විය හැකිය. ශ‍්‍රී ලංකාවේ පවුල් දේශපාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ යන ප‍්‍රධාන පක්ෂ දෙක වටා පැවති පාලනය ප‍්‍රභූ පැලැන්ති (la‍lan) දෙකක අරගලය ලෙස ජානිස් ජිගින්ස් තම ආචාර්ය උපාධිය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කරන ලද Caste and family in the politics of the Sinhalese, 1947 -1976 (සිංහල දේශපාලනය තුල පවුල හා කුලය 1947 -1976 ) යන නිබන්ධනය මගින් පෙන්වා දී ඇත. එය පසුව කෘතියක් ලෙසට මුද‍්‍රණය කරන ලදි.

එම කෘතියට අනුව ශ‍්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය සේනානායක, කොතලාවල, විජේවර්ධන, ජයවර්ධන, කොරයා යන ප‍්‍රභූ පවුල් කීපයක් එකතුව හා බණ්ඩාරනායක, රත්වත්ත, ඔබේසේකර හා දිවිතොටවල යන පවුල් අතර පැවතී ඇත. එම කෘතියට අනුව එම පවල් ගැටුම 1943 බලංගොඩ රාජ්‍යමංත‍්‍රණ සභා අතුරු මැතිවරණයේ දී සිට ආරම්භ වී ඇත.

1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරනයේදී බලංගොඩ ආසනය ශ‍්‍රීමත් කුඩා රත්වත්ත ජයග‍්‍රහණය කළ අතර , ඔහු 1936 දී සෞඛ්‍ය හේතූන් මත තරඟ කොට නැත.1936 දී එම ආසනය දිනූ එච්.ඒ.ගණසේකර හට අල්ලස් චෝදනා මත පසුව ආසනය අහිමිව ඇත. ඒ අනුව 1943 දී පැවැත් වූ අතුරු මැතිවරණයට සේනානායක පාර්ශවයෙන් ශ‍්‍රීමත් ප‍්‍රැන්සිස් මොලමුරේ ඉදිරිපත් වු අතර රත්වත්ත පාර්ශවයෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පියා වු ශ‍්‍රිමත් බාන්ස්් රත්වත්තේ ඉදිරිපත් වූහ. මෙකල දී ශ‍්‍රී ලංකාව තුල දේශපාලන පක්ෂ ක‍්‍රමයක් නොතිබුන අතර මැතිවරණ සටන ප‍්‍රභූ පවුල් ආශ‍්‍රයෙන් සිදුවූහ. එකල වනවිට දී බණ්ඩාරනායක – සිරිමා අතර විවාහය සිදුවීම මත බණ්ඩාරනායකගේ සහයෝගයද, රත්වත්තේ පාර්ශවයම හිමිවූහ.

එම අතුරු මැතිවරණයේදී රාජපක්ෂයන්ගේ සහයෝගය ද ශ‍්‍රීමත් බාන්ස් රත්වත්තේ වෙත හිමිව ඇත. එම අතුරු මැතිවරණය මගින් ශ‍්‍රීමත් ප‍්‍රැන්සිස් මොලමුරේ ජයග‍්‍රහණය කල අතර එමගින් සේනානායක පැලැන්තිය (la‍lan) හා රත්වත්ත – බණ්ඩාරනායක පැලැන්තිය අතර දේශපාලන බල අරගලයෙහි ආරම්භය සනිටුවහන් කර ඇත.

නිදහසින් පසුව එක්සත් ජාතික පක්ෂය සේනානායක, කොතලාවල, ජයවර්ධන, විජේවර්ධන හා කොරයා යන පවුල් සමූහයෙහි දේශපාලන සංවිධානය ලෙසට පරිවර්තනය වූහ. එකලදී එම පක්ෂය ( යූ.එන්.පී.*මාමාලාගේ සහ බෑනලාගේ (Uncle Nephew Party) ලෙසට පක්ෂය අපහාසාත්මක ලෙස හඳුන්වා ඇත. එම පදය ශ‍්‍රීමත් ජෝන් කොතලාවලට විසින් ද වරින් වර ප‍්‍රකාශ කර ඇත. එම පක්ෂය තුල නායකත්වය සහ තීන්දු ගැනීමේ කාර්ය ඉහත සඳහන් පවුල් මත තීන්දු වී ඇත. වර්තමාන එක්සත් ජාතික පක්ෂය විජේවර්ධන, වික‍්‍රමසිංහ, ජයවර්ධන හා සේනානායක යන පවුල් වෙතින් ක‍්‍රියාත්මක වේ. එහි අනාගත නායකත්වය විජේවර්ධන පවුල වෙත ලැබිය හැකිය. ඒ අනුව තවදුරටත් එජාප යනු මාමලාගේ හා බෑනලාගේ පක්ෂය ලෙසට හැඳින්විය හැකිය.

1951 දී එස්.ඩබ්ලියු.ආර්.ඞී.බණ්ඩාරනායක, ඞී.ඒ. රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වුහ. ශ‍්‍රීලනිප වෙතින් සේනානායක පැලැන්තියට විකල්පව බණ්ඩාරනායක, රත්වත්ත ඔබේසේකර පැලැන්තිය නියෝජනය වූහ. එජාප වෙතින් නාගරික ධනපති පංතිය නායෝජනය වු අතර ශ‍්‍රීලනිප වෙතින් රදල ප‍්‍රභූ පවුල් මත පදනම් ව සාමාන්‍ය ජනතාව නියෝජනය වුහ.
ශ‍්‍රී ලංකාව වැනි කලක් යටත්ව සිට පසුව නිදහස ලබාගත් රටක සර්වජන ජන්දබලය හා පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රම පැවතිය ද දේශපාලනය ප‍්‍රතිපත්ති හෝ දේශපාලන මතවාදයන්ට වඩා දේශපාලන ප‍්‍රභූ පවුල්මත ක‍්‍රියාත්මක වීම අරුමයක් නොවීය.

පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජිමය පලවා හරිමු යන සටන් පාඨය භාවිත වුව ද සේනානායක හා බණ්ඩාරනායක පවුල් හා පැලැන්ති පාලනයන් හා සංසන්දනාත්මක සැලකීමේදී එහි ප‍්‍රභූ පවුල් රෙජිමයක් නොතිබුණි. රාජපක්ෂ පවුල සේනානායක හා බණ්ඩාරනායක පැලැන්තිය සමග සංසන්දනාත්මකව සැලකීමේ දී ප‍්‍රභූ පවුල් සම්භවයක් නොමැති බව සඳහන් කල යුතුය. ආණ්ඩුව යයි සඳහන් කිරීමේදී ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ත‍්‍රිත්වය අදහස් කලද රෙජිමය යන්න ඊට වඩා පුළුල් හා සංකීර්ණ වූවකි. මේ අනුව රෙජිමය යැයි කීමේදී ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය පමණක් නොව පරිපාලනය, වානිජ්‍ය හා වෙළඳ අංශය, ආරක්ෂක අංශය හා මාධ්‍යයද අයත් කල හැකිය. මෙම අර්ථකථනයට අනුකූලව පවුල් හෙවත් පැලැන්ති රෙජිමය ඉතා පැහැදිලිව සේනානායක හා බණ්ඩාරනායක පැලැන්ති සමුහය වෙතින් මනාව පෙන්වා දී ඇත.

1947 සිට 1952 දක්වා එජාප ආණ්ඩුවෙහි නායකත්වය ඞී.එස්.සේනානායක ඉසුළු අතර ඔහුගෙන් පසු 1952 -53 දක්වාත් 1960 මාර්තු හා ජූලි දක්වාත්, 1965-1970 අතරේදීත් ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක විසින් දරා ඇත. 1953-1956 අතර කාලයෙහි එජාප ආණ්ඩුව ඞී.එස්. සේනානායකගේ බෑනා වු ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විසින් උසුලා ඇත. එලෙස පක්ෂ නායකත්වය හා ආණ්ඩුනායකත්වය පමණක් නොව අධිකරණ, පරිපාලන වානිජ්‍ය හා වෙළඳ ආරක්ෂක හා මාධ්‍ය යන අංශයන් ගේ ආධිපත්‍යය ද ඉහත කාලයන්හි දී සේනානායක පැලැන්තිය විසින් දරා ඇත. ශ‍්‍රී ලංකාවෙහි එක් විශ්ව විද්‍යාලයක්ව තිබූ සමය තුලදී ශ‍්‍රීමත් නිකුලස් ආටිගල උපකුලපති වශයෙන් පත්වීමත් සමග (1952-1965) උසස් අධ්‍යාපනය ද සේනානායක පැලැන්තිය සතු වූහ.

1956 සිට 1959 දී එස්.ඩබ්ලියු.ආර්.ඞී.බණ්ඩාරනායක ඝාතනය තෙක්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩු බලය බණ්ඩාරනායක වෙත පැවතියද ඔහු විසින් තම ආණ්ඩු බලය පවත්වා ගැනීම සඳහා තම ඥාතීන් සම්බන්ධ කර නොගනී. ඔහුට පසුව බණ්ඩාරනායක, රත්වත්ත, ඔබේසේකර පැලැන්තිය දේශපාලනයට සම්බන්ධවීම සිරිමා බණ්ඩාරනායක පාලන කාලයේදී සිදුවී ඇත. ඇය ප‍්‍රථම වරට 1960-65 දී ද පසුව 1970-77 දක්වාත් ආණ්ඩු බලය හොබවන ලදි. එම කාල සීමාව තුලදී විශේෂයෙන් 1970-77 අතරේදී බොහෝ බණ්ඩාරනායක, රත්වත්ත ඥාතීන් දේශපාලනයට හා පරිපාලන කටයුතු වල අනුයුක්තව ඇත. 1970 -77 කාලය තුලදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනයගේ ආණ්ඩුවෙහි ප‍්‍රධාන සහායකයා ලෙසම අනුර බණ්ඩාරනායක කටයුතු කල අතර සුනේත‍්‍රා බණ්ඩාරනායක හා ඇගේ සැමියා හා චන්ද‍්‍රිකා බණ්ඩාරනායක ද වගකිව යුතු තනතුරු දරන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1977 මැතිවරණයේදී එජාප විසින් රත්වත්ත බණ්ඩාරනායක”පවුල් ගස”යන පත‍්‍රිකාව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා බහුලව උපයෝගි කරගෙන ඇත.

1977 පාර්ලිමේන්තු පරාජයෙන් පසුවද 1994 දක්වා ශ‍්‍රීලනිප නායකත්වය සිරිමා බණ්ඩාරනායක මැතිනිය වෙත පැවති අතර 1994 සිට 2005 දක්වා පක්ෂයෙහි බලය චන්ද‍්‍රිකා බණ්ඩාරනායක විසින් හොබවන ලදි. 2005 ජනාධිපතිවරණය වෙතින් මහින්ද රාජපක්ෂ බලයට පත්වීම වු කලී සේනානායක – වික‍්‍රමසිංහ හා බණ්ඩාරනායක ප‍්‍රභූ පවුල් හි දේශපාලන ආධිපත්‍යයට බලගතු පහරක් වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙසට පැරණි සතුරු ප‍්‍රභූ පැලැන්ති රාජපක්ෂ ගෙදර යැවීමට පෙරමුණ ගත්හ. එම අරමුණ ඉටු කර ගත් පසු එය විප්ලවයක් ලෙසට පෙන්වා දීමට ආයාශයක් දරා ඇත. එය සත්‍ය වශයෙන්ම විප්ලවයකට වඩා අරාබි වසන්තයක දේශීය නිරූපනයකි. ඒ සඳහා ශ‍්‍රී ලංකාවෙහි බහුතරයෙහි බහුතරය නොව සුළුතරයෙහි බහුතරය කුමන්ත‍්‍රණකාරීව උපයෝගී කරගෙන ඇත. එය පැහැදිලි වශයෙන් මැතිවරණ ප‍්‍රතිඵලයට අනුව ශ‍්‍රී ලංකාවේ සිතියම සැලකීමේදී දක්නට ඇත. ඒ සම්බන්ධව සමහර බටහිර රටවල් හා ඔත්තු සේවාවන්ගේ දායකත්වය ඉහලින්ම ලැබී ඇත. එහිදී ශ‍්‍රී ලංකාවේ පදිංචි නොවු විදේශීය රටවල වාසය කරන බෙදුම්වාදී සුළු ජාතික ශ‍්‍රී ලාංකිකයන් ද දායක විය. ඔවුහු මාධ්‍ය මගින් ඩයස්පෝරාව (Diaspora) ලෙස හඳුන්වති. එය සාවද්‍ය වූවකි. එම පදය මගින් යුදෙව්වරුන්ගේ විසිරියෑම මුලිකවම අදහස් කර ඇත. එම පදයෙහි මූලාශ‍්‍රය බයිබලය වේ. එයට අනුකූලව යුදෙව්වන් හට දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වූ කිරි හා පැණියෙන් ඉතිරී ගිය දේශයක් ඇත. එය වර්තමාන ඊශ‍්‍රායලය වේ. ශ‍්‍රී ලාංකික ද‍්‍රවිඩ ජනතාව 1983 ජාතිවාදී අරගලයෙන් පසුව බටහිර රටවල සරණාගතයින් ලෙසට යෑම වූ කලී බෙදුම්වාදී අරගලයෙහි උපාය උපක‍්‍රමික සිදුවීමකි. ඔවුන් ශ‍්‍රී ලංකාවෙහි වාසය නොකරන (non residence) ශ‍්‍රී ලාංකිකයන් ලෙසට හැදින්විය යුතුය. ඉන්දියාව තම එබඳු පුද්ගලයින් එලෙස හඳුන්වනු ලැබේ.

ඉහත කී ඊනියා ශ‍්‍රී ලාංකික වසන්තය සම්බන්ධව ඉන්දියාවේ රෝ (Raw) ඔත්තු සේවාව ද මැදිහත් වී ඇත. මෙම කාරණාව මා හට පුත්‍යක්ෂ වු එක් අවස්ථාවක් ලෙසට ජනාධිපතිවරණයට පසුව මැනිලා නගරයේ දී එහි සිටින ඉන්දීය තානාපතිතුමා මැතිවරණ ප‍්‍රතිඵල සම්බන්ධව දැක්වු ප‍්‍රකාශය සඳහන් කළ හැකිය. ඔහුට අනුව මහින්ද පලවා හැරීමේ ව්‍යාපාරය මීට අවුරුදු දෙකකට ඉහත දී ආරම්භ කරන ලද අතර ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශය ඒ බව දැන ගෙන සිටියේ නැත. ඔහු විසින් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශය ඉතා දුර්වලයයි සඳහන් කළහ.
1920 සිට මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලදී ප‍්‍රබල අපේක්ෂකයන්ට එරෙහිව පුද්ගලික අපහාස, අවලාද චරිතඝාතන බෙහෙවින් භාවිත කර ඇත. එකලදී එම කාර්ය කවි කොළකාරයන් විසින් මනාව සිදුකර ඇති අතර ඊනියා අඩු කුල වල සහාය ද ඉතා සූක්ෂමව හසුරුවා ගෙන ඇත. මෙම මැතිවරණයේදී මහින්දට එරෙහිව මූණුපොත් (Facebook) බහුලව භාවිතා කරන ලද අතර සුළු ජාතික සහායද සංවිධානාත්මකව හසුරුවා ගෙන ඇත.

අද වන විටදී ශ‍්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලන ඉතිහාසයෙහි කිසිදා සිදු නොවු සිදුවීමක් සිදුවෙමින් පවතී. පොදු විපක්ෂය අද ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි ජනාධිපතිවරණයෙන් මහින්දව පරදා ගෙදර යැවීමට හැකිවී නොමැත. එයට හේතුව මැතිවරණයට පසුව ශ‍්‍රී ලාංකික මහජනතාව බුරුතු පිටින් මහින්ද ගේ ගෙදරට යාම ය. ඒ අනුව මහින්දට ගෙදර සිටීමට නොහැකි වී ඇත. එය පැහැදිලි වශයෙන්ම ”මහින්දසමග නැගිටිමු” යන තේමාව යටතේ දිනේෂ්, විමල්, වාසු හා ගම්මන්පිල විසින් නුගේගොඩින් ආරම්භ කොට මහනුවර, රත්නපුර, කුරුණෑගල, මාතර පවත්වනු ලැබූ දැවැන්ත දේශපාලන රැස්වීම් මගින් මනාව පෙන්වා දී ඇත. එමගින් පෙන්වා දෙන දේශපාලන යථාර්ථය නම් පසුගිය මැතිවරණයෙන් මෛත‍්‍රී – රනිල් ජයග‍්‍රහණය නොකළ බව පමණක් නොව මහින්ද එමගින් පරාජය වී නොමැති බවය. ඔහු ලැබූ පරාජය තාවකාලීක බව මහින්ද සමග නැගිටිමු යන වැඩසටහන් සැලකීමේදී දක්නට ඇත. එයට බහුතර ජනතාව සම්බන්ධවීමත් සමග බහුතර ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්, පළාත් සභා මන්ත‍්‍රීන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් සම්බන්ධ වෙමින් පවති.
මෙයට සමාන වු ජනතා ප‍්‍රතිචාරයක් යුඑන්පී ආණ්ඩුව විසින් සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේ ප‍්‍රජා අයිතිය නැති කිරීමත් සමග දක්නට තිබුනි. අද බොහෝ ශ‍්‍රීලනිප නායකයන්ට යුඑන්පි රජය විසින් මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීම අමතක වුවද ඇයට ආදරය කරන පාක්ෂිකයන්ට එම සිදුවීම කිසිසේත් අමතක නැත. අමතක කරන්නේ ද නැත.

මහින්ද ට ශ‍්‍රීලනිප යෙන් තරඟ කිරීමට ඉඩ නොදෙන බව වර්තමාන ශ‍්‍රීලනිප නායකත්වය විවෘතව ප‍්‍රකාශයට පත් කර ඇත. ඔහු ආවොත් සුළු ජාතික ජන්ද නොලැබෙන බව එයට හේතු වශයෙන් දක්වා ඇත. පාර්ලිමේන්තු මැතිවරණයකදී සුළු ජාතිකයන් තම වාර්ගික දේශපාලන පක්ෂවලට පමණක් තම ජන්දය පාවිච්චි කරනු ලැබේ. වර්තමානයේදී ක‍්‍රියාත්මක වන සමානුපාතික නියෝජන ක‍්‍රමය මගින් එය ඉතා පහසුවෙන් සිදුකල හඅකිව ඇත. මේ අනුව එය පිලිගත නොහැකි තර්කයකි. ශ‍්‍රීලනිප ය ට මහින්ද නොවේ නම් සුළු ජාතික ජන්ද පමණක් නොව බහුතරයෙහි බහුතර බලය ද අහිමි වනු ඇත.

මහින්ද ගෙදර ගොස් නැති අතර ඔහු මහජනතාව සමග ඇත. මහින්ද ඩාර්ලි පාරේ ද නැති අතර ඔහු ශ‍්‍රිලනිප ප‍්‍රමුඛ එජනිස පාක්ෂිකයන් සමග ඇත. ශ‍්‍රිලනිප යනු කොන්ක‍්‍රීට් ගොඩනැගිල්ලක් නොව රටට ආදරය කරන ජනසමූහයක එකතුවකි. එම ජනසමූහයෙහි ආකර්ෂණය මහින්දට මිස අන් කිසිවෙකුට නොවන බව ඉඳුරා ප‍්‍රකාශ කළහැකිය. ඒ අනුව ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංවිධානය ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහනය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතුය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

4 Responses to “මහින්ද කොහිබද?”

  1. Dr.K Says:

    ආචාර්ය සමරණායක

    අද මහින්ද වටා එක්වී ඇත්තේ ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංවිධානය පමණක් නොවන බව සදහන් කරනු කැමැත්තෙමි. අද රට නිවට පාලනයකට නතුවී අරාජිතව ඇති මොහොතක තම මව්බිමේ සිංහළ බවුද්ද උරුමය රැක ගැනීම වෙනුවෙන් සැබෑ නායකයෙකු සොයන සිංහලයින් ඔවුන්ට විස්වාසකලහැකි කිට්ටුම නායකයා ලෙස මහින්ද තෝරාගෙන ඇත. ඔවුන් දේශපාලන කණ්ඩායමකට නතුවී නැත.

  2. ranjit Says:

    I think majority of the Sinhalese now may have realized their mistake by electing Sira as President. We need a true Sinhala Buddhist patriot who loves the Motherland and do not bend like Beckham to the American or Indian pressure. The only leader in that caliber we have today is none other than Mahinda Rajapaksa who has shown the country and the world his ability and strength to Govern.

    Mahinda campaigners must fight vigorously from grassroots level attacking the opposition in every issue. Must remind the public about UNP corruption,Batalanda massacre,LTTE connection and how they helped them with money and equipment during the war, Central bank scam and many more. Their nudity must be exposed openly and their evil plans for the future in this country. S.L.F.P. party should remember clearly that most of the S.L.F.Per’s won’t give their vote unless Mahinda’s name is there in the ballot paper. He is our savior and the leader. Support his comeback.

  3. Christie Says:

    Namaste: සින්හලයො කොයිබටද? යු ඇන් පී රදලයෝ යමක් කමක් තිබුන උන්ය නමුත් සිරිලන්කා රදලයෝ ඉන්දියානු පරපෝසිතයින්ගේ මුදලින් යැපුන හිඟන්නෝය.
    Thank you a great artcle. Jai Hind

  4. charithsls Says:

    I earnestly hope MR is awaiting an opportune time to declare his PM candidacy & a new party.
    There may be many others, like Susil Prem,as he said, to climb onto his platform the day he declares himself.
    However I would also like MR camp to plan a master stroke, as UNP pulled out with MS, with an eminent figure or two or another patriotic force,declaring their support to MR following that. MR should not expect any favours from the minority but try to get the maximum Buddhist support. Sinhalese should declare him as the PM for life!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress