‘ද්විත්ව ඡන්දය‘ සහ ආසන 255 ක් සමග ඉදිරියට යාම මිස අතහැර දැමීම විසඳුමක් නොවේ
Posted on June 23rd, 2015

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් ලේඛණයෙන් යෝජනා කළ පරිදි කුඩා දේශපාලන පක්ෂවල අයිතීන් ආරක්ෂා කරමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හැර සංශෝධන අතහැර දැමීම විසදුමක් නොවන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ද්විත්ව ඡන්ද ක්‍රමය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට යහපත් අගය එකතු කිරීමක් බව පැහැදිලියි.  නමුත්, එය උපක්‍රමශීලි භාවිතයකට ඇති ඉඩ අවම කරමින් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.  20 ට විරුද්ධවන  කණ්ඩායම් ඒ විරෝධය මතු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ යෝජනාවක් අනුව කප්පාදු කරනු ලැබූ සංශෝධනයට මිස සැමගේ අයිතීන් සුරක්ෂිතවල මුල් යෝජනාවට නොවන බව අප වටහා ගත යුතුයි.  යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ  ඊයේ (22) කොළඹ පදනම් ආයතනයේ දී ‘ද්විත්ව ඡන්ද ක්‍රමය‘ පිළිබද දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවක දී ය.  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික හෙළ උරුමය, අහිල ඉලංගේ මක්කල් කොන්ග්‍රස් (ඒසීඑම්සී) ඇතුඵ ද්විත්ව ඡන්ද පත්‍රිකාව ගැන උනන්දුවක් දක්වන පක්ෂ 14 ක් සහභාගි විය.

20 වන සංශෝධයේ මුල් යෝජනාව මගින් කුඩා දේශපාලන පක්ෂ, මුස්ලිම් – දෙමළ – සිංහල ජන කොටස්වලට කිසිදු අසාධාරණයක් සිදු වන්නේ නෑ.  ඔවුන්ගේ නියෝජනය ඉහළ නැංවෙනවා.  යාපනයේ අද වන විට කප්පාදු වී ඇති මැතිවරණ කොට්ඨාශ ගණන ඉහළ නංවා ගැනීමට ඇති එකම විකල්පය ද එයයි.  බහු ආසන, නව කේවල ඡන්ද කොට්ඨාශ යටතේ උඩරට වතු කම්කරු ප්‍රජාවට සාධාරණ නියෝජනයක් එමගින් ඇතිවෙනවා.  නමුත් අද කැබිනට් මණ්ඩලය මගින් කප්පාදු කරන ලද යෝජනාව නිසා 20 වන සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු තත්වයකට පත් වෙලා තිබෙනවා.  අපි හැමෝම දන්නවා ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ යෝජනාවේ අඩුපාඩු තිබෙන බව.  එම අඩුපාඩු ඉවත් කර ගැනීමට පහසු මාර්ගයක් තමයි 20 වන සංශෝධනයේ මුල් යෝජනාව ක්‍රියාත්මක කිරීම සහ ද්විත්ව ඡන්දය හදුණාවාදීම.  ද්විත්ව ඡන්දයේ දී උපක්‍රමශීලි භාවිතයන් සිදු විය හැකියි.  ඒවා වලක්වා ගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතුයි.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2015 ජූනි මස 23 වැනිදා 

One Response to “‘ද්විත්ව ඡන්දය‘ සහ ආසන 255 ක් සමග ඉදිරියට යාම මිස අතහැර දැමීම විසඳුමක් නොවේ”

  1. AnuD Says:

    One solution will lead ten problems.

    giving more space to smaller parties means minorities will govern majority and political instability will increase.

    A Kerala in the making.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress